20 April, 2024

Blog

ශී‍්‍ර ලංකාවේ භීතියේ වටපිටාව

නිව්යෝර්ක් ටයිම්ස් කතුවැකිය

ශ‍්‍රී ලංකාවේ 2009 සිවිල් යුද්ධාවසානයේ පටන්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට බරපතල මානව හිමිකම් උල්ලංඝණ චෝදනා මාලාවක් එල්ල වී ඇතත් ඒ ගැන වගවීමක් මේ දක්වා සිදුව නැත. ගිය අගෝස්තුවේ ශ‍්‍රී ලංකාවට ගිය සංචාරයකින් පසුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය නවී පිල්ලේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන රළු නිරීක්ෂණයක් ප‍්‍රකාශයට පත්කළාය. විශේෂයෙන්, ප‍්‍රකාශනයේ නිදහසට එරෙහිව එල්ල වී ඇති ප‍්‍රහාරත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට හෙලමින් සහ නීතියේ ආධිපත්‍ය ඛාදනය කෙරෙමින් රටේ ව්‍යාප්ත වන භීතියේ වාතාවරණයත් ඈ හෙළාදැක්කාය. වාර්තාගත මානව හිමිකම් උල්ලංඝණයන් ගැන විශ්වාසනීය පරීක්ෂණ පැවැත්වීමට ලබන මාර්තු මාසය දක්වා ඈ ශ‍්‍රී ලංකා ආණ්ඩුවට කල් දී ඇත. ඇගේ විවේචන ලංකා ආණ්ඩුව නොපිළිගනී.

Mahinda R colombotelegraphරාජපක්ෂ ආණ්ඩුව යටතේ මාධ්‍යවේදීන්ව ක‍්‍රමානුකූලව තර්ජනයට ලක්කොට ඇත. පීඩාවට පත්කොට ඇත. ඝාතනයට ලක්කොට ඇත. රටින් පළා යාමට සළස්වා ඇත. එය, මාධ්‍යයට එරෙහිව දියත් කරන ලද යුද්ධයකට සමාන ය. ආණ්ඩුවේ මතවාදයට අනුගත නොවන මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ ප‍්‍රවෘත්ති ආයතන කාර්යාල කඩා බිඳ දමා, ඔවුන්ගේ ආම්පන්න විනාශ කොට, ඔවුන්ගේ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන, ඔවුන්ගේ ජීවිත තර්ජනයට පමුණුවා ඇත. ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ ආයතනයට අනුව, ප‍්‍රවෘත්ති ආයතන කෙරෙහි එල්ල වන ආණ්ඩුවේ සහ හමුදාවේ අණසක වැඩි වී ඇත. මාධ්‍යවේදීන් විශාල වශයෙන් වෘත්තිය හැර ගොස් ඇත. සේවයේ රැුඳී සිටින අයවළුන් ජීවිතාරක්ෂාව සඳහා ස්වයං=වාරණයක් පනවාගෙන ඇත.

රටේ දෙමළ ප‍්‍රජාවෙන් විශාල ප‍්‍රමාණයක් ජීවත් වන සහ සිවිල් යුද්ධයේ අධම සංහාරය දියත් වූ උතුරු පළාත සඳහා පසුගිය සැප්තැම්බරයේ පැවැත්වූ පළාත් සභා මැතිවරණයේ දී නිදහස් හා සාධාරණ ප‍්‍රතිඵලයක් නිකුත් නොවනු වස් ආණ්ඩුව තමන්ට කළ හැකි සෑම කඩාකප්පල්කාරී ක‍්‍රියාවක්ම කෙළේය. ජනප‍්‍රිය ප‍්‍රාදේශීය පුවත්පතක් වන ‘උදයන්’ එක කලාපයක් හොරට අච්චු ගැසීම දක්වා එය දිග්ගැස්සුණේය. එවැනි බාල ක‍්‍රියා ඉදිරියේ පවා එම මැතිවරණවලින් ආණ්ඩුව පරදවා දෙමළ ජාතික සන්ධානය විශිෂ්ට ජයක් අත්කර ගැනීම, දේශපාලන අයිතිවාසිකම් සඳහා ජනතාව තුළ පවතින අභිලාෂයේ ශක්තිය පෙන්නුම් කරන්නක් විය.

මේ සතියේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වර්ජනය කරන්නැ යි විවිධ මානව හිමිකම් කණ්ඩායම් ඉල්ලා ඇත. කැනඩා අගමැති ස්ටෙෆන් හාර්පර් සහ ඉන්දීය අගමැති මන්මෝහන් සිං තමන් එම සමුළුවට සහභාගී නොවන බව මේ වන විට නිවේදනය කොට තිබේ.

අනිත් අතට, එවැනි වර්ජනයක් සඳහා කෙරෙන ඉල්ලීම් බි‍්‍රතාන්‍ය අගමැති ඬේව්ඩි කැමරන් ප‍්‍රතික්ෂේප කෙළේය. ‘‘මං හිතන්නේ ඒකට සහභාගී වෙලා අපේ පැත්ත ගැන කියන එකයි වඩා හොඳ’’ යැයි මේ සතියේ ඔහු කීය. මානව හිමිකම් ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කැරැුවීමට ඒ මගින් හැකි වෙතැ යි ඔහු විශ්වාස කරයි.

රාජපක්ෂ ආණ්ඩුව මේ සමුළුව පවත්වන්නේ, තමන්ගේ කල්ක‍්‍රියාව ගැන පොදුරාජ්‍ය මණ්ඩලයට ප‍්‍රශ්නයක් නැතැ යි යනුවෙන් සාක්ෂියක් ගෙනහැර දැක්වීමට ය. සමුළුවේ සත්කාරක රට වශයෙන් ඉදිරි දෙවසරක කාලය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය හිමිවනු ඇත්තේ ශ‍්‍රී ලංකාවටයි. එය, පොදුරාජ්‍ය මණ්ඩලීය සාරධර්ම අමු අමුවේ සරදමට ලක්කිරීමකි.

මේ සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන් අඩු වශයෙන් එක දෙයක් ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතුය. එනම්, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුගතව, මානව හිමිකම් අපහරණ ගැන අර්ථවත් සොයා බැලීමක යෙදෙන ලෙසත්, ප‍්‍රකාශනයේ නිදහස ආරක්ෂා කෙරෙන ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන යළි ස්ථාපිත කරන ලෙසත් ය.

*2013 නොවැම්බර් 13 වැනි දා ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ “Sri Lanka’s Climate of Fear”නැමැති කතුවැකිය පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Taxi (Meterrr) Mudhalali will do Absolutely anything to impress the uneducated Sinhala Modayas ! In this case, venerating a tree ! No wonder SL is still in the dark ages with mostly Sinhala modayas !

    Long live the ‘Meterr’ Mudhalali…………

  • 0
    0

    කිසි ප්‍රශ්නයක් නැහැ මේ සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලුවට ශ්‍රිලංකාවේ මානව හිමිකම් රැක දෙන්න කියල .ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ රට වල මානව හිමිකම් කොයිතරන් දුරට ආරක්ෂා කරනවද කියන එක

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.