
දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 4 කොටස: සිංහල ජාතිකවාදී කතිකාව තුළ සිරවූ දෙමළාගේ ප‍්‍රශ්නය
මෙම ලිපි පෙළට ඉතා උනන්දුවෙන් ප‍්‍රතිචාර දක්වන ‘ජාතික චින්තනය’ නමින් හැඳින්වෙන ෆේස්බුක් කණ්ඩායමේ ප‍්‍රතිචාර දක්වන්නන් ඉතාම නො ඉවසිල්ලෙන් අසන ප‍්‍රශ්නයක් වන්නේ මා ප‍්‍රශ්නය වටේ කැරකෙමින් සිටියත් ප‍්‍රශ්නයට ඍජු පිළිතුරක් දෙන්නේ නැති බවයි. එසේ වීමට ප‍්‍රධාන හේතුව ලෙස ඔවුන් දක්වන්නේ දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති ප‍්‍රශ්නයක් ඇත්ත වශයෙන්ම නොමැති බැවින් එවැන්නක් ඇති බව පෙන්වා දීමද නොහැකි දෙයක් බවයි. සමහර විට ඔවුන් උපහාසයෙන් පවසන්නේ ‘විසිල් ගැසුවාට බල්ටි නැති’ බවත් ‘නටපු නැටුමකුත් නැති නමුත් බෙරේ පලූවක්ද නැති’ බවයි. ඊට අමතරව නලින් ද සිල්වා පවසන ආකාරයට අප වැන්නන් කිසිම දෙයක් තර්කානුකූලව අවබෝධ කරගැනීමට අසමත් පිරිසක් වීම ද මෙම ප‍්‍රශ්නයට ඍජු පිළිතුරක් නොසැපයීමට හේතුවක් බව ඔවුහු දක්වති.
මෙහි ගැටලූව වන්නේ මෙම විවේචකයින් බලාපොරොත්තු වන්නේ තමන් විසින්ම නිර්මාණය කරනු ලැබූ කතිකාව තුළ පිහිටුවිය හැකි පිළිතුරක් වීමයි. එවැන්නක් සැපයීම පහසු කටයුත්තක් නොවන්නේ එවැනි ප‍්‍රශ්නයක් ඇත්ත වශයෙන්ම නොපවතින නිසා නොව එම කතිකාව නිර්මාණය වී ඇත්තේම දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ප‍්‍රශ්නයක් නොමැති ය යන අදහස ස්ථාපිත කිරීමට වීම නිසායි. ඔවුන් සාමාන්‍යයෙන් සිදුකරන දෙය වන්නේ පිළිතුර කල්තියාම නිශ්චය කරනු ලැබූ ප‍්‍රශ්න තුළ සිරවී සිටීමයි. මෙය ඔවුන්ගේ ගැටලූවක් පමණක් බව මෙයින් කිසිසේත්ම අදහස් නොවේ. එය ඕනෑම විෂය කේන්ද්‍රීය නැඹුරුවක් (subjective orientation) සහිත කතිකාවක ලක්ෂණයකි. අව්‍යාජ ශාස්ත‍්‍රීය කතිකාවක මූලික ලක්ෂණයක් වන්නේ සාකච්ඡුාවට භාජනය වන වස්තුව පිළිබඳ සත්‍යය දැනගැනීමේ නැඹුරුවක් ( objective orientation) ඇතිකර ගැනීමයි. අවශ්‍ය වුවහොත් මේ පිළිබඳව වැඩි දුර විස්තර පසුව සාකච්ඡුා කළ හැක.
ඇත්ත වශයෙන්ම අදාළ ප‍්‍රශ්නයට ඍජු පිළිතුරක් අවශ්‍යනම් එය දැනටමත් සපයනු ලැබ ඇත. එම පිළිතුර නැවත ගොනු කරන්නේ නම් මෙසේය:
‘දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප‍්‍රශ්නය වන්නේ දේශපාලන අභිලාෂයක් සහිත ප‍්‍රජාවක් ලෙස තම සවෛරීභාවය ( sovereignty) සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දේශපාලන බලය නොමැති වීමයි. එලෙස සිය සවෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප‍්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප‍්‍රදේශය ( territory ) බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි.’
මෙම පැහැදිළි කිරීමට සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුරේ කිසිවෙක් එකඟ නොවන බව අමුතුවෙන් කිවයුතුද? මේ ලිපි පෙලේ විවේචකයින්ට මගේ යොජනාව වන්නේ ‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක් ද?’ යන ප‍්‍රශ්නයට මගේ පිළිතුර මෙය නිසා හැකිනම් ඊට අභියෝග කරන ලෙසයි. විශේෂයෙන්ම ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ රාජ්‍යයක් සඳහා වූ දෙමළ ජනයාගේ අභිලාෂය ප‍්‍රශ්න කිරීමට සිංහල-බෞද්ධයාට වරමක් ලැබුනේ කෙසේ ද යන්නයි. අවශ්‍යනම් අපට ප‍්‍රශ්නය මේ ආකාරයෙන් ඇසිය හැකිය. ‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක් දැ යි ඇසීමට සිංහලයාට ඇති අයිතිය කුමක් ද? දැනට ඒ සඳහා ඉදිරිපත් වී ඇති ශක්තිමත්ම පිළිතුර වන්නේ සිංහල-බෞද්ධයාට මේ දිවයිනට ඇතැයි කියන සුවිශේෂිත (ැංජකමිසඩැ* අයිතිය පිළිබඳ කියා පෑමයි. කෙසේ වෙතත් මේ තර්කය රඳා පවතින්නේ අතීශයින් දුර්වල පදනමක් මත බව මා ඉදිරියේ දී පෙන්වා දීමට අදහස් කරමි.
ෆේස්බුක් ප‍්‍රතිචාරක ශිරන්ත චාමර අසා තිබුනේ ඔහු ජීවත්වන කටුවාවල ප‍්‍රදේශයේ අයටත් රාජ්‍යයක් තනා ගැනීම සඳහා අභිලාෂයක් ඇති වුවහොත් ඊට ඉඩ දිය යුතු ද යන්නයි. ඔහු කියන්නේ ‘පොදු අභිලාෂ යනු හැමදෙනාම සතුටු කිරීම නොවන’ නොවන බවයි.
ශිරන්ත චාමර ගේ ප‍්‍රතිචාරය මෙසේය:
” දැන් අපි හිතමු අපේ ගෙවල් පැත්තේ කටුවාවල කට්ටියටත් අබිලාශයක් ඇතිවේගෙන එනවා අපටම කියල වෙනම රටක් කටුවාවල හදාගන්න. දැන් මොකෝ කරන්නේ? ඕගොල්ලන්ගේ අභිලාශය අපි මත බලෙන් පටවන එක වරදිය්නේ. ඒ නිසා මෙතනදීත් අපට ඊනියා මධ්යස්ත සම්මුතියකට එන්න වෙනවද? එනිසා කටුවවලට වෙනම ඉඩම් පොලිස් බලතල සහිත ප්රාන්ත රාජ්යයක් වත් අඩුගනනේ දෙන්න වෙනවද? ඊට පස්සේ කටුවාවල ඉන්න අපේ ගෙදර වටේ කට්ටියටත් පොඩි අවුලක් තියෙනවා කටුවාවල උන් එක්ක. ඒ කියන්නේ දැන් අපේ ගෙදර වටේ උන්ටත් අපේ ඉඩම් වල වෙනම රාජ්යයක් හදන්න හිතිලා. දැන් ඕගොල්ලන්ගේ අභිලාශ අපි මත බලෙන් පටවන එක වරදිය්නේ. ඒ නිසා මෙතනදීත් අපට සම්මුති යකට එන්න වෙනවද? මේක තමයි දර්ශන අර ක්ෂුද්ර රාජ්ය හදන්න වෙනවා කියන එකෙන් කියන්නේ මට තේරෙන විදිහට. මෙතන ප්රශ්නේ තියෙන්නේ ජාතිය කියන දේ භුමිය සම්පත් බෙදාගැනීම හා ඒ සම්බන්ධ එකඟතා ඇතිකරගනෙමත් එක්ක බැඳිලා තිබීමයි. එනිසයි අභිලාශ එකිනෙක හා ගැටෙන්නේත් ඒවා ඊනියා මධ්යස්ත විසදුම් වලින් විසදෙන්නේ නැත්තෙත්. පොදු අභිලාශය කියන්නේ හැමෝවම සතුටු කිරීම නෙමෙයිග තේරුම් ගැනීමෙන් කල්පනා කිරීමෙන් හදාගත යුතු දෙයක්”
මේ ප‍්‍රශ්නය මතු කරනු ලැබ ඇත්තේ රාජ්‍යයන් බිහිවීමේ ක‍්‍රියාවලිය සම්බන්ධව මෙන්ම නූතන රාජ්‍යය සහ පොදු ජනයාගේ සාමූහික දේශපාලන අභිලාශ අතර සම්බන්ධය අරබයා වූ නොදැනුවත්කම නිසා බව මගේ අදහසයි. වඩාත් නිවැරදිව කියනවා නම් සිංහල-බෞද්ධ දේශපාලන කතිකාව තුළ මෙවැනි ගැටලූ පිළිබඳව බැ?රුම් අවධානයක් යොමු නොකරන නිසාය.
ඒ පිළිබඳව විස්තරාත්මක සාකච්ඡුාවක් පසුව කරමි. දැනට අවශ්‍යයයි මා සිතන්නේ දෙමළාගේ ප‍්‍රශ්නය ඉහත සඳහන් ආකාරයට තේරුම් ගැනීමට බාධාකාරී වන්නා වූ නලින් ද සිල්වා ප‍්‍රමුඛ සිංහල ජාතිකවාදී දෘෂ්ටිවාදී කඳවුර විසින් ‘දෙමළාගේ ප‍්‍රශ්නය’ පිළිබඳව ගොඩනංවනු ලැබ ඇති සමස්ත කතිකාවම ප‍්‍රශ්න කිරීම යි. මා දැනට සිදු කිරීමට උත්සාහ කරමින් සිටින්නේ එම කාර්යයයි. නලින් ද සිල්වා කැමති වචන වලින් ම කියනවා නම් ඔහුගේ කතිකාවේ අසංගත බව පෙන්වා දීමයි. මා කැමැති වචන වලින් කියනවා නම් මෙම කාර්යය කළ හැකි දෙයක් වන්නේ කිසිම කතිකාවක් පරිපූර්ණ නොවන නිසාය. එය අනිවාර්යයෙන්ම කතිකාවේ සංගතබව හෝ අසංගත බව පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. ඕනෑම කතිකාවක් ගොඩනංවනු ලැබීමේ ක‍්‍රියාවලියේ දී එම කතිකාව මගින් බැහැර කෙරෙන පිටතක් ( excluded outside )නිර්මානය වේ. එය හරියට සිංහල-බෞද්ධ කතිකාව නිර්මාණය වන විට දෙමළා බැහැර කෙරෙන්නාක් මෙනි. ශිරන්ත චාමරට ප‍්‍රතිචාරයක් ද ලෙසින් කියනවා නම් ඔහු නිවැරදිව ප‍්‍රකාශ කරන ආකාරයට ‘පොදු අභිලාෂ යනු හැමදෙනාම සතුටු කිරීම නොවන’ නිසා සිංහල-බෞද්ධ ‘පොදු අභිලාෂයෙන්’ බැහැර කෙරෙන දෙමළා ‘බැහැර කෙරෙන පිටතක්’ ලෙස වෙනම සංවිධානය වන නිසා එය සිංහල-බෞද්ධයාට දේශපාලන අභියෝගයක් බවට පත්වේ. ශිරන්ත චාමරගේ කටුවාවල ජනයා එසේ ‘බැහැර කෙරෙන පිටතක්’ ලෙස වෙනම සංවිධානය නොවන නිසා දේශපාලන ගැටලූවක් මතු නොවේ. (ශිරන්ත චාමරගේ ප‍්‍රතිචාරය සම්පූර්ණයෙන් demalageprashnaya බ්ලොග් අඩවියේ පළ කරමි.*
කෙසේ වෙතත් ‘දෙමළාගේ ප‍්‍රශ්නය’ පිළිබඳ සිංහල-බෞද්ධ කතිකාව විග‍්‍රහ කිරීම ප‍්‍රවේසමෙන්, ඉවසීමෙන් සහ සෙමෙන් කළ යුතු කාර්යයකි. ඒ නිසා මේ ලිපි කියවන නලින් ද සිල්වා ගේ ෆේස්බුක් ප‍්‍රතිචාරකයින්ට මා හට උපහාස කරමින් හෝ තවත් කලක් ඉවසා සිටීමට සිදුවේ. එසේම තමා සිටින කතිකාවෙන් පිටත ද තවත් ඥානන විශ්වයන් පවතින බවත් පිළිගැනීමටත් ඔවුන්ට සිදුවේ. අවශ්‍යනම් ‘කතිකාව’ යන සංකල්පය වෙනුවට ‘චින්තනය’ (මෙම සංකල්පය ‘කතිකාව’ යන සංකල්පයට වඩා බෙහෙවින් අසංගත වුව ද) යන සංකල්පය යොදා මේ කාරණය පැහැදිළි කර ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැක.
මීට ඉහත කොටසේ පැහැදිළි කළ ආකාරයට ‘දෙමළා ගේ ප‍්‍රශ්නය’ට සම්බන්ධ නලින් ද සිල්වා ගේ ලංකා ඉතිහාස කතිකාවේ මූලික අභිප‍්‍රාය වන්නේ දෙමළාගේ ඉතිහාසය දෙමළ ජාතිකවාදී රාමුවෙන් පිටතට ගැනීමයි. ශාස්ත‍්‍රීය වශයෙන් ගත් කල්හී එය ප‍්‍රයෝජනවත් කාර්යයක් බව මගේ ද අදහසයි. නමුත් ඔහුගේ අභිප‍්‍රාය ශාස්ත‍්‍රීය එකක් නොවේ. එය දේශපාලන හා දෘෂ්ටිවාදී අරමුණක් සහිත වූවකි. එම නිසාම ඔහු දෙමළාගේ ඉතිහාසය දෙමළ ජාතිකවාදයේ රාමුවෙන් පිටතට ගෙන සිංහල ජාතිකවාදය තුළ සිර කරයි. ඊට අමතරව ඔහු දෙමළාගේ ඉතිහාසය දෙමළ ජාතිකවාදයේ රාමුවෙන් පිටතට ගැනීමට උනන්දු වුව ද සිංහලයාගේ ඉතිහාසය සිංහල ජාතිකවාදයෙන් පිටතට ගැනීමට උත්සුක නොවේ.
උත්ප‍්‍රාසජනක තත්වය වන්නේ, මීට පෙර ලිපියේ සඳහන් කළ ආකාරයට, සිංහල ජාතිකවාදී කතිකාව තුළම සම්පාදනය වී ඇති නමුදු තමන්ට අභිමත නොවන ඇතැම් ඉතිහාස අර්ථකථන විවේචනයට භාජනය කරමින්, එම කතිකාවන් පසුපස ඇති යහපත් අභිප‍්‍රය පමණක් කතිකාව මගින් ඉදිරිපත් කරන්නාවූ ප‍්‍රවාද වල වලංගුතාවය ස්ථාපිත කිරීමට ප‍්‍රමාණවත් නොවන බව නලින් ද සිල්වා විසින් ප‍්‍රකාශ කරනු ලැබුවත් තමා ඉදිරිපත් කරන ඊනියා ප‍්‍රවාද සම්බන්ධව එම තර්කය අදාළ නොකිරීමයි.
මේ තත්වය තෙරුම් ගැනීමට ස්ථිර දෙමළ ජනාවාස ඇතිවීම පිළිබඳ වූ නලින් ද සිල්වා ගේ ‘ප‍්‍රවාදය’ පරීක්ෂාවෙන් විමසා බලමු. මෙහිදී ඔහුගේ මූලික තර්කය වන්නේ උතුරේ ස්ථිර දෙමළ ජනාවාසවල ආරම්භය ලංදේසීන් විසින් දුංකොළ වැවීම සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන එනු ලැබූ ජනයා බවයි. ඊටම සම්බන්ධ වූ ඔහුගේ අනෙක් තර්කය වන්නේ එවකට උතුරේ වාසය කළ ජනයා සිංහලයින් වූ බවත් සහ පසුව එම සිංහලයින් වෙල්ලාලයින් ලෙස ලංදේසි පාලනයේ අනුග‍්‍රහය යටතේ වරප‍්‍රසාදිත තත්වයකට පත්වූ දුංකොළ වගාව සඳහා ගෙන ආ කම්කරුවන් යටතේ පහත් තත්වයකට පිරිහෙළනු ලැබූ බවයි.
මෙහි දී නලින් ද සිල්වා මෙන්ම ‘දෙමළ ජනතාවගේ සංක්ෂිප්ත ඉතිහාසය’ නමින් කෘතියක් සම්පාදනය කර ඇති, ඔහුගේ අනුගාමිකයකු වන චන්න සුදත් ජයසුමන ද විසින් සිදු කරනු ලබන්නේ තහවුරු කරනු ලැබූ මෙන්ම තහවුරු කරනු නොලැබූ තොරතුරු, තමන්ට අභිමත නිගමනය ඉදිරිපත් කිරීම සඳහා හිතුවක්කාරී ලෙස සුසම්බන්ධ ( articulation) කිරීමයි. ජයසුමන මහතා ගේ කෘතියෙන් උපුටා ගනු ලැබූ මෙම කොටස සලකා බලමු:
‘මේ ආකාරයට මලබාර් සහ කොරමැණ්ඩල් වෙරළබඩ ප‍්‍රදේශවලින් දෙමළ ජනතාව රැුගෙන ඒමට පෙර යාපනයේ සිටියේ සිංහලයන්, ආර්යචක‍්‍රවර්ති පවුලෙන් පැවත එන පිරිසක් සහ දෙමළ-කේරළ-වඩුග කුලී සේවකයන්/හමුදාවෙන් එහි පදිංචි වූ පිරිසකි. ලන්දේසීන් ගේ පූර්ණ අනුග‍්‍රහය දකුණු ඉන්දීය දෙමළ ශ‍්‍රමිකයින්ට ලැබීම නිසා මේ පිරිසට තව දුරටත් තම අනන්‍යතාවය රැුකගත නොහැකි විය. පරම්පරා දෙක තුනක් යන විට ඔවුහු ද දකුණු ඉන්දියාවේ සිට පැමිණි දෙමළ ජනතාවගේ සංස්කෘතියට අවශෝෂණය වූ හ. ඒ අවශෝෂණය සිදු වූයේ විවිධ කුල ලෙස යි.’
ජයසුමන මහතාට උපරිම වාසිය දෙමින් මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රකාශ කළ හැක්කේ මෙය උපන්‍යාසයකට, එනම් තහවුරු කරනු ලැබීම හෝ ප‍්‍රතික්ෂේප කරනු ලැබීම අපේක්ෂාවන් සිටින ප‍්‍රකාශයක් පමණක් බවයි. මෙහි බරපතලකම වන්නේ නලින් ද සිල්වා විසින් අවම ප‍්‍රාදේශීය ස්වායත්තතාවයක් සඳහා හෝ දෙමළ ජනයා ඉදිරිපත් කරන ඉල්ලීම්වල සුජාත භාවය ප‍්‍රශ්න කරනු ලබන්නේ ඉතාම දුර්වල පදනමක් මත පිහිටා ඇති මෙම ඓතිහාසික කියාපෑම මත වීමයි.
කෙසේ වෙතත් චන්න ජයසුමන ගේ මෙම උපන්‍යාසය මෙන්ම එම උපන්‍යාසයට පදනම් වී ඇතැයි පෙනෙන නලින් ද සිල්වා ද ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ දෙමළ ජනාවාස වල ආරම්භය පිළිබඳව ඉදිරිපත් කරන අදහස් අපගේ සාකච්ඡුාවට ඍජුව ම අදාළ ඉතා වැදගත් ඓතිහාසික ගැටලූවක් වෙත අපගේ අවධානය යොමු කරවයි. එම ගැටලූව නම් ලංකාවේ ජන සැකැස්මේ ඉතිහාසය පිළිබඳ ගැටලූවයි. මගේ අදහසේ හැටියට නම් මෙම ඓතිහාසික සංසිද්ධිය පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කරගැනීමට උත්සාහ කිරීමේදී දෙමළ ජාතිකවාදී ප‍්‍රවේශය මෙන්ම සිංහල-බෞද්ධ ජාතිකවාදී ප‍්‍රවේශයද මගින් අපට පනවා ඇති ඇතැම් සීමා අතික‍්‍රමණය කළ යුතුය.
*මතු සම්බන්ධයි – මෙම ලිපි පෙලේ මුල් ලිපි සහ මීට අදාල තවත් තොරතුරු සඳහා පහත බ්ලොග් අඩවියට පිවිසෙන්න ;demalageprashnaya.wordpress.com
සනත් / November 15, 2013
විෂය කේන්ද්‍රීය නැඹුරුවක් (subjective orientation) සහ සත්‍යය දැනගැනීමේ නැඹුරුවක් ( objective orientation) පිලිබඳ ද්වෛතයක් යෝජනා කිරීමෙන් නිර්මාල් තමා යථානුභූත එළඹුමක් (positivist approach ) ගන්නා බව පෙන්වා දෙයි. ඉතින් මෙය නිර්මාල් මෙහි ගම්‍යමානවීම් පිළිබඳ දැනුවත් කමකින් කියන දෙයක් ද?
නිර්මාල් සාකච්ඡාවට ලක්ව ඇති ප්‍රශ්නය එනම් ‘දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප‍්‍රශ්නය කුමක්ද?‘ යන්නට පිළිතුර වශයෙන් ඔහු ඉදිරිපත් කරන අදහස මෙසේ සූත්‍ර ගත කරයි.
“දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප‍්‍රශ්නය වන්නේ දේශපාලන අභිලාෂයක් සහිත ප‍්‍රජාවක් ලෙස තම ස්වෛරීභාවය (sovereignty) සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දේශපාලන බලය නොමැති වීමයි. එලෙස සිය සවෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප‍්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප‍්‍රදේශය ( territory ) බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි.“
මා දැනටමත් කියා ඇති පරිදි ‘දෙමලා‘ යනුවෙන් තනි කෙනෙකු ඇතැයි අභ්‍යුපගමය කිරීම ගැටලු සහගතය. දෙමළ යනුවෙන් තනි ප්‍රජාවක් ඇත්තේද නැත.
ස්වෛරීභාවය යනු රටකට තමන් ස්වාධීනව පාලනය කිරීමට ඇති බලය යි.
ස්වෛරීභාවය සාක්ෂාත් කරගැනීමට දෙමළ ප්‍රජාවන්ට දේශපාලන බලය අවශ්‍ය යැයි නිර්මාල් කියයි. එයට ප්‍රධාන බාධාව ඔවුන්ගේ භූමි ප්‍ර දේශය බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි.“ යැයි නිර්මාල් කියයි.
‘රාජ්‍යයක් සඳහා වූ දෙමළ ජනයාගේ අභිලාෂය ප‍්‍රශ්න කිරීමට සිංහල-බෞද්ධයාට වරමක් ලැබුනේ කෙසේ ද? ‘ යි නිර්මාල් පසමිතුරු පිළෙන් අසයි. නිර්මාල් එකම ප්‍රශ්නය තවත් ආකාරයකින් මෙසේ අසයි: “‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක් දැ යි ඇසීමට සිංහලයාට ඇති අයිතිය කුමක් ද?“
ඔවුන් වෙනුවෙන් පිළිතුරු දීමට මට අවශ්‍ය නොවේ.
නමුත් ‘දෙමලා‘ යනුවෙන් කෙනෙකු ඇතැයි අභ්‍යුපගමය කිරීම ගැටලු සහගත තරමටම සිංහල-බෞද්ධයා යැයි තනි කෙනෙකු ඇතැයි අභ්‍යුපගමය කිරීම ගැටලු සහගතය.
ජාතික රාජ්‍යය යනු නූතන සංකල්පය කි. දෙමළ ජන කොටස් වල ප්‍රභූන්ට ජාතික රාජ්‍යයක් ගොඩ නඟා ගැනීමට ඇති අවශ්‍යතාවට හරස් වන්නේ සිංහල සහ මුස්ලිම් ජන කොටස් වල ප්‍රභූන් ජාතික රාජ්‍යය පිළිබඳ දක්වන ආකල්පයි.
ශිරන්ත චාමර කටුවාවල වෙනම රටක් විය හැකි යැයි කීම මල් පෝච්චියකට වී කුඹුරක් විය හැකි යැයි කීම වැනි නොවේ. අපි ඒ ගැන වාද නොකරමු.
නමුත් ශිරන්ත චාමර “ජාතිය කියන දේ භුමිය සම්පත් බෙදාගැනීම හා ඒ සම්බන්ධ එකඟතා ඇතිකරගැනිමත් එක්ක බැඳිලා තිබීමයි“ යන්නෙන් ජාතික රාජ්‍යයක් සඳහා අවශ්‍ය පදනම ගැන කියන දේ ගැන අපට එකඟ විය හැකිය.
“ඕනෑම කතිකාවක් ගොඩනංවනු ලැබීමේ ක‍්‍රියාවලියේ දී එම කතිකාව මගින් බැහැර කෙරෙන පිටතක් ( excluded outside )නිර්මානය වේ. “ යැයි නිර්මාල් කියන අදහස නිවැරදිද? අනෙකා බැහැර කිරීම කතිකාවේ අත්‍යවශ්‍ය (eessential) ලක්ෂණයක් ද? අනෙකා ඇතුළු කරගන්නා පරිද්දෙන් කතිකාව ගොඩනැංවිය නොහැකිද?
මෙම විවාදයට පසුබිම් වන තර්ක ඓතිහාසික සාධක මත සනාථ කරන්නට හෝ නිෂේධ කරන්නට යාම පිළිගත හැකි සාක්ෂි වල පදනම මත කළත් තේරුමක් ඇති වැඩක් නොවේ. වර්තමාන ගැටළුවට අදාළ සියළු පාර්ශවයන්ට පිළිගත හැකි විසඳුමක් එයින් ලබාදිය නොහැකි හෙයිනි.
/