24 September, 2020

Blog

ශී‍්‍ර ලංකාව: යුද්ධය සිහිපත් කිරීම, සංහිඳියාව සහ අවිහිංසාවාදී විරෝධය

නිර්මනුසන් බාලසුන්දරම්

නිර්මනුසන් බාලසුන්දරම්

නිර්මනුසන් බාලසුන්දරම්

වර්ෂ 2014, ශ‍්‍රී ලංකාද්වීපයේ සන්නද්ධ ගැටුමේ සාහසික අවසානයෙන් පස්වැනි වසරයි. යුද්ධයේ අවසන් අදියරේ සිට දිග හැරුණු සිදුවීම් සම්බන්ධයෙන් ඊට අදාළ විවිධ පාර්ශ්වවලට – දෙමළ ජාතියට, සිංහල ජාතියට සහ ජාත්‍යන්තර ප‍්‍රජාවට – ඇත්තේ එකිනෙකින් වෙනස් අර්ථකථනයන් බව පෙනෙන්ට තිබේ.

ආණ්ඩුව උදක්ම කියා සිටින්නේ තමන් විසින් දෙමළ ජනතාව භීෂණයේ ග‍්‍රහණයෙන් ගලවා ගත් බවයි. ඒ කුරිරු යුද්ධාවසානයෙන් මේ වන විට වසර පහක් ගතව ඇතත්, දෙමළ ජනතාවට එහි ඇති අර්ථවත් භාවය සහ බිම් මට්ටමේ සැබවින් පවතින යථාර්ථය, ආණ්ඩුවේ අර්ථකථනය මුළුමණින්ම පුස්සක් බවට පත්කරයි.

ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ හිස් පොරොන්දු සහ ව්‍යාජ අපේක්ෂාවන් ගැන වැටහීමක් ඇති ජාත්‍යන්තර ප‍්‍රජාවේ කොටසක් එක දිගටම ලංකාවේ ජාතික සංහිඳියාවක් වෙනුවෙන් පෙනී සිටී. ජනතාවකට එරෙහි යුද්ධයක් තවමත් වෙනත් ආකාරයන්ගෙන් කරගෙන යන තත්වයක් තුළ, ඒ කියන සංහිඳියාව කෙසේ සිදුවන්නේ ද සහ කවදා සිදුවන්නේ ද යන්න ප‍්‍රශ්නයකි.

යුද්ධය කරගෙන යන මාර්ග, ඒ සඳහා වන මූලෝපායන් සහ පෙරමුණු, ඊට සම්බන්ධ ඒ ඒ ක‍්‍රියාකාරීකයන් අරභයා වෙනස් වී ඇත. එහෙත්, ගැටුම නොවෙනස්ව ඇත. දෙමළ ඩයස්පෝරාවට එරෙහිව ප‍්‍රධාන වශයෙන් සිදු කෙරෙන ‘තොරතුරු රණකාමය’ හරහා ශී‍්‍ර ලංකා ආණ්ඩුව ‘මානසික ක‍්‍රියාන්විතයන්’ දියත් කොට තිබේ. ඒ හා සමානවම හෝ ඊටත් වඩා භයානක අන්දමින්, දෙමළ නිජබිම තුළ දරුණු හමුදා සහ ඔත්තු සේවා ක‍්‍රියාත්මක කෙරේ.

දුක්ගැනවිලි සහ අභිලාෂයන්

යුද්ධයේ අවසාන අදියරේ දී ඝාතනය කෙරුණු සිය නෑ හිතමිතුරන් සිහිපත් කිරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ හමුදාවන් මගින් තීරණාත්මකවම පැහැර ගැනුණු අතර ආණ්ඩුවේ විජයග‍්‍රහණය පස්වැනි අවුරුද්දටත් සැමරුණි.

6‘පෙටී‍්‍ර වාර්තාව’ නමින් හැඳින්වෙන, ශ‍්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරකම් අළලා මහලේකම්වරයාගේ අභ්‍යන්තර සමීක්ෂණ කමිටු වාර්තාව, 2012 නොවැම්බර් මාසයේ දී ප‍්‍රකාශයට පත්කෙරුණි. ඒ, එක්සත් ජාතීන්ගේ විශේෂඥ වාර්තාව නිකුත් වී මාස 19 කට පසුවයි. ‘පෙටී‍්‍ර වාර්තාවේ’ මෙසේ සඳහන් විය: ‘‘අභ්‍යන්තර සමීක්ෂණ කණ්ඩායම් වාර්තාවක් මත පදනම්ව බලන විට, 70,000 කට අධික මිනිසුන් සංඛ්‍යාවක් ආගිය අතක් නැත.’’

මේ පෙටී‍්‍ර කමිටු වාර්තාවට පෙරාතුව, යුද්ධයේ අවසාන අදියරේ දී සිදුවී යැයි කියන ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝණයන් සහ මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම්වලට අදාළ වගවීමේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ට උපදෙස් දීමට ලේකම්වරයා විසින් විශේෂඥ කමිටුවක් පත්කොට තිබුණි. 2011 අපේ‍්‍රල් මාසයේ ප‍්‍රකාශයට පත් කළ එම වාර්තාව මෙසේ සඳහන් කරයි: ‘‘යුද්ධය අවසන්ව වසර දෙකක් ගතව ඇතත්, සිවිල් මරණ සම්බන්ධයෙන් විශ්වාස කටහැකි සංඛ්‍යා ලේඛන සොයා ගැනීමට නැත. එහෙත් ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර ගණනාවක් මගින් පෙන්නුම් කරන ආකාරයට, මේ වන විට, 40,000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය වී නැතැ යි කිව නොහැක. මේ වින්දිතයන් සියල්ලන්වම හඳුනා ගැනීමටත්, මියගිය සිවිල් වැසියන්ගේ මුළු ප‍්‍රමාණය නිවැරදිව ගණනය කිරීමටත් හැකි වනු ඇත්තේ, ඒ පිළිබඳව කෙරෙන නිසි පරීක්ෂණයකින් පමණි.’’

’උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ ඉදිරියේ කරුණු දක්වමින් මන්නාරමේ රදගුරු තැන්පත් ගරු ජෝෂප් රායප්පු පියතුමා පෙන්වා දුන් ආකාරයට, 2008 ඔක්තෝබර් මුල භාගයේ ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අනුව වන්නියේ පදිංචිව සිටි ජනගහනය 429,059 කි. එදා පටන් වන්නියෙන්, ආණ්ඩු බල ප‍්‍රදේශවලට පැමිණි මුළු සංඛ්‍යාව, 2009 එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 282,320 කි. ඒ අනුව, පශ්චාත් යුද කාලීන වන්නියේ ජනගහනයෙන් 146,679 ක් ආගිය අතක් නැත.

කෙසේ වෙතත් මේ සියල්ල සපුරා ප‍්‍රතික්ෂේප කරන ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව, සිදුවී යැයි කියන මහපරිමාණ අපරාධ සොයා බැලීම සඳහා වන ජාත්‍යන්තර පරීක්ෂණයකටත් එක දිගටම එරෙහි වෙමින් ‘විජයග‍්‍රාහී දිනයක්’ සාඩම්බරයෙන් සමරයි. එදාටම, තමන්ට අහිමි වූ නෑසියන් සිහිපත් කිරීමට සහ ඒ ගැන සාමූහිකව දුක් වීමට අයිතියක් දෙමළ ජනතාවට දෙනු නොලැබේ. ඒ දවසේ ශ‍්‍රී ලංකාවේ උතුරු පළාත තුළ, කිසි සැමරුම් උත්සවයක් නොපැවැත්වෙන බවට වගබලාගනු වස්, තදින්ම හමුදාකරණය කොට තිබුණි. එම ක‍්‍රියාවලිය තුළ, උතුරේ ප‍්‍රධාන ආගමික දේවස්ථාන සහ ප‍්‍රධාන ප‍්‍රාදේශීය දෙමළ පුවත්පත් කාර්යාල හමුදාව සහ හමුදා බුද්ධි අංශ මගින් වට කොට තිබුණු අතර දෙමළ දේශපාලන පක්ෂ කාර්යාලවලට ඇතුලූ වීමට අවසර නොදෙන ලදි. මළගියවුන් වෙනුවෙන් පින් දීම් නතර කෙරුණි. ලේ දන්දීම් අවහිර කෙරුණි. සිව කෝවිලේ ඝාණ්ඨාරය හැඬවීම පවා තහනම් කෙරුණි. උතුරු පළාත් සභා කාර්යාලයේ දෛනික කටයුතු නතර කෙරුණි. යාපනේ විශ්ව විද්‍යාලය වසා දැමුණි.

ගණන් බැලීම් සහ සංහිඳියාව

මළවුන් ගැන ශෝකයට පත්වීම, විප‍්‍රයෝගය සමනය කර ගැනීමේ ප‍්‍රධාන අංගයකි. විප‍්‍රයෝගයේ දුක තුනී කර ගැනීම සංහිඳියාවකට අත්‍යාවශ්‍ය ය. අහිමි වූ නෑසියන් සාමූහිකව සැමරීමට දෙමළ ජනතාවට ඉඩ නොදීමෙන් කියාපාන්නේ, ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ සැබෑ මුහුණුවරත්, සැබෑ සංහිඳියාවක් සඳහා ආණ්ඩුවට කැක්කුමක් නැති කමත් ය. දශක ගණනාවකට උඩදී මේ පාඩම දෙමළ ජනතාව උගත්හ. මෙය, සංහිඳියාව පිළිබඳ න්‍යාය පත‍්‍රයක් පෙරට දමන ක‍්‍රියාකාරිකයන් ද එම පාඩම උගෙනීමට කාලයයි.

දීර්ඝ කාලීන කෝණයකින් මේ ප‍්‍රශ්නය දෙස බැලීමේ දී, කැනඩාව කෙරෙහි ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වර්තමාන විරසකය තිබියේ වී නමුත්, කැනඩා ආණ්ඩුව මෑතක දී ගත් නිර්භය සහ සෘජු ක‍්‍රියාකළාපයන්, ශ‍්‍රී ලංකාවේ කල් පවත්නා සාමයකට තුඩුදෙනු ඇති බවත් මේ අවස්ථාවේ දී මතක් කර දිය යුතුය.

ව්‍යාප්තිය මැඩලීමේ උපායමාර්ගය

අභ්‍යන්තර අභියෝග හසුරුවා ගනිමින්, ජාත්‍යන්තර පීඩනය වෙනතක හැරවීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරන ආණ්ඩුවට, තමන්ගේම වන ‘එල්.ටී.ටී.ඊ, සංවිධානයක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව පැනනැගුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි හිස එසවීම පිළිබඳ කතාව පසුපස ඇති ආණ්ඩුවේ උපායමාර්ගය එයයි. උතුරු නැගෙනහිර ජන ව්‍යාප්තිය වෙනස් කර ගැනීමේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යනු වස්, එම ප‍්‍රබන්ධ කතාව හරහා, උතුරු නැගෙනහිර පළාත්වල හමුදාකරණ ක‍්‍රියාවලිය මේ වන විට තීව‍්‍ර කොට තිබේ. ව්‍යාප්තිය මැඩලීමේ මේ උපායමාර්ගය ක‍්‍රියාත්මක වන්නේ විවිධ මුහුණුවරිනි. යුද්ධයේ අවසාන අදියරේ සිදු වූ අපරාධවලට අදාළ තොරතුරු එම පළාතේ වෙසෙන ජනතාවගේ සහයෝගය ඇතිව ලබා ගැනෙමින් තිබෙන අවස්ථාවක, දෙමළ ඩයස්පෝරාව සහ ඔවුන්ගේ ලංකාවේ වෙසෙන නෑසියන් අතර වන බැම්ම කඩාඉහිරවීම සඳහා ආණ්ඩුව ගන්නා ප‍්‍රයත්නය එයින් එකකි. උතුරේ ජනතා බිම් මට්ටමෙන් ඩයස්පෝරාව වෙත සැපයෙන තොරතුරු හුවමාරුව වැළැක්වීමට කටයුතු කිරීම හරහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව තැත් කරන්නේ, ජාත්‍යන්තර ප‍්‍රජාව සමග දෙමළ ඩයස්පෝරාව ඇති කරගන්නා සම්බන්ධතාවන්හි ස්වභාවය දියාරු කිරීමයි.

ව්‍යාප්තිය මැඩලීමේ මේ පෘථුල උපයාමාර්ගයේ කොටසක් වශයෙන් සහ ශ‍්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන් සම්මත කරගත් යෝජනාවන්ට දක්වන ගොඩ වෙදකමක් වශයෙන්, ඩයස්පෝරා සංවිධාන 16 ක් සහ පුද්ගලයන් 424 දෙනෙකු ත‍්‍රස්තවාදී ලේබලය අලවා ආණ්ඩුව තහනමට ලක්කෙළේය. මේ කියන සංවිධානවලින් බොහොමයක් අයත් වන්නේ, දෙමළ ජනතාවට එරෙහිව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන යන අසාධාරණයට විරෝධය පාමින්, අවිහිංසාවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගවලින් සටන් කරන සංවිධාන ගනයටයි. එම සංවිධාන මේ ආකාරයෙන් තහනමට ලක්කිරීම ආණ්ඩුවේ දුෂ්ට පියවරක් වශයෙන් දකින බොහෝ දෙනා, සැබෑ සංහිඳියාවකට ඇති ඉඩකඩ එම ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ඇහිරෙති යි විශ්වාස කරත්.

දෙමළ ඩයස්පෝරාව සහ ජාත්‍යන්තර ප‍්‍රජාව අතර වන ගනුදෙනුව එසේ කඩාබිඳ දැමීමට තැත් කිරීමේ ආණ්ඩුවේ අපේක්ෂාව වන්නේ, ජාත්‍යන්තර න්‍යාය පත‍්‍රය තුළ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව එක දිගටම චූදිතයෙකු වීමෙන් නිදහස් වීමයි. විශේෂයෙන්, දෙමළ ඩයස්පෝරාව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය අතර සාධනීය සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉඩ හැරීමෙන්, ජාත්‍යන්තර අධිකරණ ක‍්‍රියාවලියක් ඉද්දරට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව යම් අවස්ථාවක සැපත් විය හැකිය යන බියෙන් ශ‍්‍රී ලංකාවේ පාලකයෝ පෙළෙති. දෙමළ ඩයස්පෝරාව ත‍්‍රස්තවාදයට සම්බන්ධ යැයි පෙන්නුම් කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව මෙතරම් වලිකන්නේ එබැවිනි.

උපායමාර්ගික අවිහිංසාව

තමන් අතරේ පවතින වෙනස්කම් මධ්‍යයේ පවා තනි ඉලක්කයක් මත පදනම්ව එක්සත් වීමට ඩයස්පෝරාව උත්සාහ ගනිමින් සිටී. ශ‍්‍රී ලංකාව ඇතුළෙන් පාලකයන්ට එරෙහි ශක්තිමත් විපක්ෂයක් නැති කම හේතුවෙන්, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට විශාල අභියෝගයක් බවට පත්ව ඇත්තේ ඩයස්පෝරාවයි. එසේ වන්නේ, ලංකාවේ වෙසෙන ඔවුන්ගේ ජනතාව සහ ජාත්‍යන්තර ප‍්‍රජාව අතර පාලමක් ඔවුන් විසින් තැනෙමින් පවතින නිසා ය.

මේ පණිවිඩකරුවාට වෙඩි තැබීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව මානබලන අතරේ දෙමළ ඩයස්පෝරාව හෙමිහිට මුත් ස්ථිරසාරවම අවිහිංසාවාදී උපායමාර්ග ගොඩනගමින් සිටී. එම ක‍්‍රියාවලිය තුළ, විටින් විට විධිමත් ප‍්‍රකාශ නිකුත් කිරීම, පුළුල් ජන කොටස් සමග සන්නිවේදන සම්බන්ධතා පැවැත්වීම, කණ්ඩායම් වශයෙන් නියෝජනය සැපයීම, සංකේතමය ප‍්‍රසිද්ධ ක‍්‍රියාකාරකම් සහ සංකේතමය වර්ජන සංවිධානය කිරීම, යුද අපරාධ චෝදනාවන්ට ලක්වන තැනැත්තන්ට සංචාරක වාරණ පැනවෙන සේ අවශ්‍ය කොටස් දැනුවත් කිරීම්වල නියැලීම, ශ‍්‍රී ලංකාවේ ආයතන සහ ක‍්‍රියාකාරකම් වර්ජනය කිරීම, ශ‍්‍රී ලංකාවේ බලාධිකාරය ප‍්‍රතික්ෂේප කිරීම සහ මළගියවුන් සාමූහිකව සැමරීම වැනි ක‍්‍රියාකාරකම් අන්තර්ගත වෙයි.

මේ අවිහිංසාවාදී උපායමාර්ගික ක‍්‍රියාවලීන් ගොඩනැගෙන්නේ, මනෝමය මැදිහත්වීම්, භෞතික මැදිහත් වීම්, සමාජ මැදිහත්වීම්, ආර්ථික මැදිහත් වීම්, සංස්කෘතික මැදිහත්වීම් සහ දේශපාලනික මැදිහත්වීම් හරහා ය. දෙමළ ඩයස්පෝරාවේ නිර්-හිංසන උපායමාර්ග මෙසේ ඉදිරියට පැමිණීම, ශ‍්‍රී ලංකා ආණ්ඩුව ගෙන යන හෙළාදැකීමේ පිළිවෙතට ප‍්‍රබල අභියෝගයකි. මේ නිසා ඩයස්පෝරා ප‍්‍රජාවේ ක‍්‍රියාකාරකම් මැඩලීමේ ආණ්ඩුවේ ප‍්‍රයත්නයන් තව තවත් සාහසික වී තිබේ. කෙසේ වෙතත්, ආණ්ඩුවේ එවැනි ක‍්‍රියාවන් නිසා සිදුව ඇත්තේ, ඩයස්පෝරා ක‍්‍රියාකාරිකයන්, නිර්-හිංසන ක‍්‍රියාකාරීත්වයන් තුළින් ආණ්ඩුවේ අභියෝගයන්ට තව තවත් දිරිමත්ව මුහුණදීමට තරම් ධෛර්ය සම්පන්න වීමයි. තම මියගිය ආදරණීයයන් සැමරීමේ දිනයේ දී ලෝකයා ඉදිරියේ ඔවුන් දුන් උත්තරීතර ප‍්‍රතිඥාව එයයි.

*2014 ජුනි 2 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ Sri Lanka: War Remembrance, Reconciliation And Nonviolent Resistance නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    Brother,thank you very much for putting your facts in Sinhalese.This is a much needed endeavor and it is very much appreciated.Our problem is a deep seated racial and a geo political issue.It has been messed up by generations of politicians and to put it on the right track we have to be brutally honest.We need intellectuals from both sides to come forward and admit their own fallacies and pit falls.That is the only way to build up a trust between the two communities.If you adopt a view that ”I am right and you are wrong” people will be skeptical about your approach,doesn’t matter whatever the language you use.
    We have to analyse this issue in detail. What went wrong with us seriously .Who deprived the rights of Tamil people in this land blessed with noble tripple gem. The ”Sinhala only”act and the discrimination Tamils faced since independence ,burning of Jaffna library,83 July riots are some of the root causes in my opinion and should be viewed again and analyze to see what went wrong and what was wrong with our mentality.Yes we fully agree the war ended in a catastrophic way and the sentiments of the Tamils about loss of their loved ones should be respected.The mafia style governance exhibited by present regime is by no means helpful in proper reconciliation.
    We Sinhalese and Tamil intellectuals like yourself should share views together to find a lasting solution to this problem and it is already too late.
    You may wonder why Sinhalese are quite ignorant towards your plight.What Tamils went through during the thirty years of war is beyond comprehension.I am sure the last phase of war would have been responsible for brutal casualties and human rights violations.But why Sinhalese are silent about that.Let me answer that question.
    This war was initiated by Tamils and not by Sinhalese.For thirty years we(Sinhales) went through horrifying experiance of bombs and massacres due to Tamil Tiger atrocities.Our border villages were brutally massacred and religious places were attacked mercilessly. Sinhalese (And as well as most of the Tamils)dont want to see those days back again.
    Most of the Tamil writers harp on war crimes committed by the regime and armed forces.They never acknowledge the crimes committed by their own Tigers and this make Sinhalese moderates extremely suspicious and skeptical.We are very clever in seeing other’s mistakes. We are never bold or strong enough in admitting crimes committed by us against the other party .True reconciliation is a by-way process and one cannot clap with a single hand.Forget about politicians ,we should come to a consensus of opinions, first admitting each others mistakes and the lessons learnt from them fro true reconciliation.
    I am Buddist but I would like to quote this from Bible.
    ”Before removing the speck of dust from the other’s eye ,we must remove the planks sitting in front of our’s eyes.Otherwise none of us can see the problem properly and in its entirety.Bless you brother.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.