24 September, 2020

Blog

ශ‍්‍රී ලංකාවේ දඩබ්බර කම

ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධ කාලයේ ඇති වී යැයි සැක කෙරෙන යුද අපරාධ ඇතුළු මානව හිමිකම් අපහරණයන් සම්බන්ධයෙන් ගිය මාසයේ ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂණයට තමන්ගේ රට සහයෝගය නොදක්වන බව, ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගිය අඟහරුවාදා (19) කීවේය. රාජපක්ෂ මහතාගේ මේ දඩබ්බර කම නිසා, උතුරු කොරියාවේ සහ සිරියාවේ තත්වයට ලංකාව වැටෙයි. මන්ද යත්, එකී රටවල් දෙක ද මෙසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පරීක්ෂණ සඳහා සිය සහයෝගය නොදක්වන බැවිනි.

Mahindaඑවැනි පරීක්ෂණයක් ශ‍්‍රී ලංකාවට තනියෙන් කළ හැකි බව රාජපක්ෂ මහතා කියයි. එය සැක සහිත ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මෙවැනි සවිස්තරාත්මක ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව මතු වුණේම, සිවිල් යුද්ධ කාලයේ ඇති වූ එකී අපහරණයන් පිළිබඳ වගකිවයුත්තන්ට නඩු පවරා නිසි දඬුවම් පැමිණවීමට පසුගිය අවුරුදු ගණනාව තිස්සේ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව අසමත් වූ නිසාම ය.

දෙමළ විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ශ‍්‍රී ලංකාවේ හමුදාව යන දෙපාර්ශ්වයම යුද අපරාධවල නියැලී ඇතැ යි විශ්වාස කෙරේ. මේ ගැටුමේ අවසාන සති කිහිපය තුළ දෙමළ ජාතිකයන් 40,000 ක් මියයන්ට ඇතැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණනය කරයි. 2009 යුද්ධය අවසානයෙන් පසුව තවත් ලක්ෂ ගණනක් දෙමළ මිනිසුන්ව හමුදා පාලනය යටතේ පවතින කඳවුරුවල අත්අඩංගුවේ තබා ගැනුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ යැයි සැක කෙරුණු පුද්ගලයන්ව වධ බන්ධනයට ලක්කෙරුණි. තව එවැනි පිරිස් දහස් ගණනක් නිකංම අතුරුදහන් වූහ.

මෙවැනි පරීක්ෂණයකට ඉදිරිපත් වන සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය ප‍්‍රධාන ගැටළුවකි. අතුරුදහන් වූවන් පිළිබඳ බලධාරීන්ගෙන් වගවීමක් ඉල්ලා සිටින අයවළුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් තර්ජන ගර්ජනවලට ලක්ව තිබේ. අත්අඩංගුවට ගන්නා අයට එරෙහිව නඩු විභාග නොපවත්වා රඳවා තබා ගැනීම සඳහා, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ‘ත‍්‍රස්තවාදය මැඩලීමේ පනත’ පාවිච්චියට ගනිමින් සිටී. ශ‍්‍රී ලංකාවේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල තරම් ‘අසීමිත වියෝ දුකක්’ තමන් වෙන කිසි තැනක දැක නැති බවත්, තමා හමු වී එසේ දුක කියා පෑ අයවළුන්ව සොයා ආණ්ඩුවේ ආරක්ෂා අංශ පසුව ගොස් ඇති බවත්, ලංකාවේ සංචාරයකින් පසු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ ප‍්‍රකාශ කළාය.

ලංකාවට පැමිණීමට තමන්ගේ නියෝජිතයන්ට රාජපක්ෂ මහතා අවසර නොදුන්නත්, එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය දිගටම කෙරීගෙන යනු ඇතැ යි නවී පිල්ලේ මහත්මිය මතක් කර දුන්නාය. රාජපක්ෂ මහතා කියන පරිදි ඔහුගේ අවංකම අරමුණ වන්නේ, සත්‍යය සොයා ගැනීම, යුක්තිය පසිඳලීම සහ ජාතීන් අතර සංහිඳියාව ස්ථාපිත කිරීම නම්, ඔහු මෙම පරීක්ෂණයට සහයෝගය දැක්විය යුතුව තිබේ. එසේ කිරීමට අසමත් වීමෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවට ඔහු ඒත්තු ගන්වන්නේ ඔහුගේ ආණ්ඩුවට සැඟවීමට බොහෝ දේවල් ඇති බවයි.

*2014 අගෝස්තු 22 වැනි දා ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ  “Sri Lanka’s Intransigence” නමින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය 
‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    ඊලම සාමකථාවෙන් නොව යුද්ධයෙන් දිනාගැනීම LTTEයේ අභිප්‍රායවිය. 2001-4 එඡාප පාලන සමයේදී LTTEය සාමකතා අතහැර දැම්මේ එනිසා බව මෙවැනි ලිපි ලියන්නන්ට වැටහෙන්නේ නැත. ඡනාධිපතිවරනයේදී ඡන්දපොලට නොයන ලෙස පිරාපකරන් උතුරේ දමිළයන්ට අන කලේත් එනිසාය. එම චන්දයේදී දමිළයන් ඡන්දය දුන්නානම් දිනන්නේ රනිල්ය.

    LTTEය විසින් රාඡපක්ෂ ඡනාධිපති කරවීය. එළඹෙන යුද්ධය මියෙම්වා රැකෙම්වා එකක්වන බව ඡනාධිපති රාඡපක්ෂ ඉවෙන්මෙන් දැන සිටියේය. එනිසා ඔහු ‘do or die’ යුද්ධයකට සූදානම්විය.

    LTTE ත්‍රස්තයන් උන්ගේ හමුදා තරකලේ ලමා සොල්දාදුවන් පමණක් නොව සහ නාකි මිනිසුනුත් ත්‍රස්ත හමුදාවට බඳවා ගෙනය. නාකි මිනිසුන්ගේ ත්‍රස්ත හමුදාව මක්කල් පඩෙයි විය. අඩුවයසේ දෙමළ ලමයින් පැහැරගෙන ත්‍රස්තයන් ලෙස පුහුනුකළේය. ලමයින් (child brigade) පෙරමුණට යැවීමේ උත්සවයේදී සයනයිඩ් කරල කරේ එල්ලුවේ උත්සවශ්‍රියෙන්ය. කිහිපවරක්ම UNHRC ලොක්කන් ලංකාවට පැමිණ ලමුන් නිදහස් කර අළුතින් ලමුන් බඳවා නොගන්නා ලෙස LTTEයට උපදෙස්දී යන්නට ගියේය. නමුත් LTTEය දිගින් දිගටම ලමා සොල්දාදුවන් බඳවා ගැනීම් කරගෙන ගියේය.

    සෙන්චෝලේ නම් මද්‍යස්තානයක බෝම්බ අැඟේ බැඳගෙන මරාගෙන මැරෙන (human bomb) හමුදාව පුහුනුකලේ න්‍යායාචාරිය බාලසිංහම් බිරිඳවන අැඩෙලාගේ ප්‍රධානත්වයෙනි. මිනිස් බෝම්බ (human bomb) විසිරයාමේ උත්සවයේදී ඔවුන්ට සයනයිඩ් කරල කරේ එල්ලුවේ අැඩෙලා බාලසිංහම්ය. පළමු මිනිස් බෝම්බය 1987 ඡූලි 5වන දින නෙල්අඩි හමුදා කඳවුරේ භටයින් 40ක් මරාදැමීය. ප්‍රසිද්ධම විනාශය 1991දී රඡීවි ගාන්ධි ඝාතනයය. අන්තිම LTTE මිනිස් බෝම්බය 2009 මාර්තු මාසයේදී පුපුරවා හැරියේ දහ දෙනෙක් මරාදමා 35ක් කැබලිකරමින්ය. එ් දෙක අතර මිනිස් බෝම්බ 384 ක් LTTEය විසින් දුම්රිය, බස් සහ ප්‍රසිද්ධ ස්තානවල පුපුරවාහැරියේ වැඩිම සංඛයාවක් මරා දැමීම හෝ කැබලිකර දැමීම ඉලක්ක කරගෙනය. තවත් දස දහස් ගනනකට අතපය අහිමිවිය. දැන් ඉතින් මිනිස් බෝම්බවලින් කී දහසක් සිවිල් වැසියන් මරුමුවට පත්වන්න අැද්දැයි පිල්ලෙලාටම ගනන්හදා ගතහැක. මේවා ගැන සෑමවිටම UNඑක සහ UNHRCඑක කලේ කනගාටුව ප්‍රකාෂකලා පමණි.

    පුදුමයක මහත! UNHRCඑක මැරෙන්නට සහ මිනි මැරීමට අනුබලදුන් අැඩෙලා බාලසිංහම් සොයන්නෙන් නැත. බිරිතානීන්ගේ අාරක්ෂාව මත ලන්ඩනයේ ඡීවත්වෙයි.

    ඉහත කීවේ LTTEයේ මිනිස් බෝම්බ වලින් කල ඝාතන ගැන පමණය. TULF නායක අමිර්තලිංගම්ට වෙඩි කබා මරා දැම්මා මෙන් තවත් කොපමන සංඛ්‍යාවක් LTTEය විසින් වෙඩි කබා මරාදමන්න අැද්ද? යටත්වවූ පොලිස් භටයින් 600ක් සමූල ඝාතනය කලා මෙන් තවත් කොපමන සංඛ්‍යාවක් අමු අමුවේ මරාදමන්න අැද්ද? එ්වායේත් ගනන පිල්ලෙලාටම ගනන්හදා ගතහැක. මුළු එකතුවත් පිල්ලෙලාටම ගනන්හදා ගතහැක.

    එ් සියල්ල පසෙක තබා මේ ලිපිකරු කියන්නේ “මේ ගැටුමේ අවසාන සති කිහිපය තුළ දෙමළ ජාතිකයන් 40,000 ක් මියයන්ට ඇතැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණනය කරයි” යන්නය. අපි දැකපු එකම ගනනය කිරීම අනුව 2009 වසරේ මුල් මාස පහේදී මියගොස් අැත්තේ 7934 කි. දැක්කේ නැහැ. එකඑක්කෙනා හිතෙන් හදාගත් ගනන් අනුව නම් මිය ගිය ගනන 40,000 සිට 150,000 දක්වා ගනන් බලා තිබුනා.

    මියගිය මොකා මක්කල් පඩෙයිද, මොකා child brigadeද, මොකා මරාගෙන මැරෙන එකා හෝ එකී දැයි දන්නේ මැරුන එකා පමණය. අපි එකඟ නොවන්නේ අවසාන සති කිහිපය තුල පමණක් මැරුනවුන් ගනනය කිරීම ගැනය. අපි අහන්නේ ඊට කලින් LTTEය විසින් මරා දැමු දසදහස් ගනන් මැරුනවුන් මනුෂ්‍යයින් නෙවෙයිද? පිල්ලෙලා ‘වෝ ක්‍රයිම්’ තීන්දුව දී අැත්තේ චෝදනා ගෙන එන්නටත් පෙර බව පැහැදිලිය. නමුත් පිල්ලේලාගේ පරීක්ෂණ ගැන ඉන්දියා රඡයේ අාකල්පය ගැනත් සුබ්‍රමනියන් සාමීගේ දේශණාවලසදී කී දේ ගැනත් මේ නම නැති ලියුම්කරු තැකීමකළහොත් ඔහුට මොලේ පාදාගත හැක.

    ඡනාධිපති රාඡපක්ෂගේ අධිෂ්ඨානය සහ කැපවීම නිසා LTTEය විනාශකර දැම්මේය. අද ශ්‍රි ලංකාවේ මිනිස් බෝම්බ පිපිරෙන්නේ නැත. පැය විසිහතරේම සාමය අැත. හදිසි නීතියද නැත. ත්‍රස්ත විරෝධි නීතිද සාමාන්‍ය ඡනයාට විරුද්ධව ක්‍රියාත්මක කරන්නේ නැත. එනිසාම සුලුදේටත් පලාත් මට්ටමේ විරෝධතාවන් දකින්නට අැත. එම විරෝධතාත් සහ එ්වාට ලැබෙන විසදුමුත් අපි TV එකේ දකින්නෙමු.

    ලිබියාවේ ගඩාෆිගේ පාලනයේත් සවුදියේ පාලකයන්ගේත් එ්කාධිපතිකමේ වෙනසක් නැත. අැත්තවශයෙන්ම ලිබියාවේ ගැහැනුන්නට නිදහස අැත. අාගමික නිදහසත් යම් පමණකට අැත. සවුදියේ එවැනි නිදහසක සේයාවක්වත් නැත. නමුත් බටහිරයන් සවුදි රඡය අාරක්ෂා කරයි, ඔවුන්ට යටහත් නැතිි ලිබියාව වැනි තෝරාගත් රටවල් විනාෂකිරීමට කුමන්ත්‍රණ කරයි. සාමකාමීව පැවති ලිබියාවට ප්‍රඡාතන්ත්‍රවාදය ගෙනඑ්මට බව කියමින් බටහිරයන් විසින් සුප්‍රසිද්ධ ත්‍රස්තවාදීන්ට අවි සැපවූයේය. ක්ලින්ටන් විදේශ ලේඛම්වරිය “I came, I saw, he’s dead” යනුවෙන් කට වාචාල කථාකියමින් ගඩාෆි මරාදැමූ ත්‍රස්තයන්ට හුරේ දැම්මේය. වැඩිකල් නොගොස්ම ත්‍රස්තයන් අැමරිකන් තානාපති මරාදමා ඉතිරි රාඡ්‍යතාන්ත්‍රිකයන්ද රටෙන් පන්නා දැම්මේය.

    ශ්‍රි ලංකාවේ සාමයක් තියෙනවා දකින්නට බටහිරයන් කැමති නැත. බටහිර එම්බසි සහ උන්ගේ එන්ඡීඔ කාරයන් කරන කියන වැඩ වලින් එ් බව පැහැදිලිවම පෙනේ. බටහිර අධිරාඡ්‍යවාදීන් වසර 500ක් පමණවූ ඔවුන්ගේ පාලන සමයේදී කෙතරම් යුද අපරාධ ඇතුළු මානව හිමිකම් අපහරණයන් මේරටට කර අැද්ද? එ්වා ගැන ඔවුන් පරීක්ෂණ තබනවා තබා කවදාවත් කනගාටුවීවත් නැත.

    1960 ගනන්වලදීත් බිරිතානි අධිරාඡ්‍යවාදීන්ගේ හමුදාව විසින් තම පැවැත්ම සදහා කෙන්යාවේ මාවෝ මාවෝ නිදහස් අරගල කල මිනිසුන්ගේ බිඡු අැට තලා පුස්සන් කලේය. ඡ්‍ාත්‍යන්තරයද පිලිගත් මරාගෙනමැරෙන සහ මිනිමරු ත්‍රස්තවාදීන් විනාස කිරීම සදහා අප කල යුද්ධයේ ‘වෝ ක්‍රයිම්’ ගැන කම්පාවන බිරිතානියන් අහිංසක මිනිසුන්ව පුස්සන්කල බව පිලිගැනීමට වසර 50ක් ගතවිය. අද නැති WMD එකක් සදහා නේටෝ හමුදා ඉරාකයේ කල සහාසික ක්‍රියා පිළිඹද චිල්කොට් රිපෝට්එක යටගහලාය. ලංකාවේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල කිසි තැනක දැක නැති ‘අසීමිත වියෝ දුක’ ගැන වැලපෙන පිල්ලේට ඉහත සඳහන් දේ පෙනෙන්නේ නැති එක පුදුමයක් නොවේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.