26 April, 2024

Blog

උද්වේගයට ඉහලින් විචාරය රඳවා ගනිමු – ජන සමාජය වෙත ආයාචනයක් 

පබාසරී ගිනිගෙ

පබාසරී ගිනිගෙ

මනෝ වෛද්‍යවරියක වන මම අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාර වල සිට ඊට නොයෙක් ආකාරයෙන් ගොදුරු වුවන්ට ප්‍රතිකාර කළෙමි. සමහරු කුඩා ළමුන්ය; සමහරු කාන්තාවන්ය; සමහරු පිරිමින්ය. සමහරු අලුතෙන්ම තමන්ගේ සහ තම ආදරණීයයන්ගේ ජීවිත ගැන බිය කලබල වුවන්ය. සමහරුන්ගේ පෙර තිබු මානසික රෝග තත්ත්ව උත්සන්න වී තිබිණි.ඔවුන් බලපෑම එල්ලවූ සියළු ජාතීන්ට සහ ආගම් වලට අයිති නමුත් ඔවුනගේ දුක් වේදනාවේ කිසිදු වෙනසක් නැත. සාලුවෙන් වැසුනද ඔසරි පොටෙන් වැසුනද මට විෂාදය විෂාදයමය. මමද මාගේ වෘත්තීය සගයන් සමග එකතුව අපගේ  සුන්දර දිවයිනේ පදනම දෙදරවූ මෙම සිද්ධි වලින් පසු ඇතිවූ කම්පනය සහ ජාතික ශෝකය බෙදා ගනිමි. ඛේදජනක සිද්ධීන්ගෙන් පසු මාස ගණන් පසුවී යතත්, සාමයට ආදරය කරන ශ්‍රී ලාංකිකයාට ඔහුගේ හෝ ඇයගේ සිත හදාගැනීමට ස්ථාවරත්වය ගැන කිසිදු සහතිකයක් නැතිව, විවිධ දේශපාලනිකව දිවෙන “නාට්‍යන් වේදිකා ගත වෙමින් පවතී”. පුරවැසියෙකු ලෙසත්, වර්තමානයේ රෝගී වන මෙන්ම අවාසනාවකට ඉදිරි වසර ගණනාවක් තුල delayed post-traumatic stress disorder ආදී වශයෙන් රෝගී විය හැකි මිනිසුන්ට ප්‍රතිකාර කරන වෘතිකයකු ලෙසත් හඬක් නැගීම සහ අවම වශයෙන් සුළුවෙන් හෝ ධනාත්මක වෙනසක් ඇතිකිරීමට දායකවීම, මාගේ සිවිල් සමාජ යුතුකමක් බව විශ්වාස කරමි. 

පළමුව, සිය වැසියන්ගේ ජිවිත පිරිවැය කල දැඩි අකාර්යක්ෂමතාව සහ නොසැලකිල්ල පිළිබඳව ශ්‍රී ලංකාවේ මගේ ආණ්ඩුව මම හෙලා දකිමි. වගකීම් නොගනිමින්, බොරු කියමින් එකිනෙකාට බැනගනිමින් පසුවිපරමේදී ආණ්ඩුව හැසිරුණු ආකාරය ඊටත් වඩා හෙලා දැකිය යුතුය. ප්‍රභූනගේ ආරක්ෂාව පිළිබඳව අවශ්‍ය තරමට අනතුරු අඟවා තිබුනද ආසන්න තර්ජනය පිළිබඳව මිනිස්සුන්ට අනතුරු නොහැඟවිම ගැන මම විපක්ෂයද වගකිවයුත්තෙකු කරමි. 

තත්ත්වය පාලනය කිරීම සඳහා නීතිය සහ පණ ඇති බලධාරීන් පිළිබඳව ජනතාවගේ විශ්වාසය නැතිවී ඇත. මේ සන්දර්භය තුළ විවිධ යටි අරමුණු සහිත දේශපාලනිකව අභිප්‍රේරණය වූ කොටස් විසින් වෛරය, බිය සහ සැකයෙන් සමන්විත මහජන හිස්ටිරියාවක් සහිත වාතාවරණයක් පතුරුවමින් සිටියි. වයඹ පළාතේ පහරදීම් ඊට හොඳම උදාහරණයකි. ජාතිය සහ ආගම පදනම් කොටගෙන ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව තෝරාගත් ජන වර්ගයක් පීඩා කිරීමට සහ වෙනස්කොට සැලකීමට ලක්වෙමින් පවතී. සමාජ මාධ්‍ය සහ අනෙකුත් ප්‍රචාරයන් සමහර චූදිත සිද්ධීන් පිළිබඳව විනිශ්චය දීමට ඉතා ඉක්මන් වන අතර බොහෝ මිනිසුන් මෙම කතා තහවුරු කරගැනීමෙන් තොරව අනුමත කිරීමට සහ පැතිරවීමට ගනිති. අපගේ ජාති සහ දේශපාලනික අනුබද්ධයන් මත පදනම්ව අප අසන හෝ කියවන ඕනෑම දෙයක් විශ්වාස කිරීමට ඇති එවන් පෙළඹවීම් සීමා කිරීමට මම ඉල්ලා සිටිමි. එම කරුණේදී වර්තමානයේ හෝ අතීතයේ ඕනෑම ආණ්ඩුවක් යටතේ නීතිය නැවිය හැකි බවටත් පර්යේෂණ නිසි පරිදි නොවෙන බවටත් ඇතැමුන්ගේ විශ්වාසය මා ද බෙදාගන්නා නමුත් චෝදනා වල සත්‍යතාව බැලීමට පර්යේෂකයන්ටම පැවරිය යුතුය. නීතිය අප අතට ගැනීම, තත්ත්වය තවත් නරක්  කරනවා පමණක් වන අතර එමඟින් අප නොදැනුවත්වම ඕනෑම පක්ෂයක අවස්ථාවාදී දේශපාලඥයන් වෙතට අප නතු වී යනු ඇති බවද මම මතක් කර දීමට කැමැත්තෙමි. එය මහත් අනතුරුදායක තත්ත්වයකි. මහජනයාගේ චිත්තවේග කළඹන හිස්ටීරියාවකදී මැර මානසික තත්ත්වය (mob mentality) සහ අවිචාරශීලි කණ්ඩායම් මානසික තත්ත්ව (groupthink) පෝෂණය වෙමින් මැර ප්‍රචණ්ඩත්වයකට යොමුවන බව සාමාන්‍ය දැනුමයි. මෙම කණ්ඩායම් හැසිරීම (herd behaviour) පිළිබඳව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ද ඇතුළුව බොහෝ විද්වතුන් ලේඛණ ගත කොට ඇත. 1983 ආණ්ඩුව අප රටට කල දේ නැවත කිරීමට වත්මන් ආණ්ඩු වලට අප ඉඩ නොදිය යුතුය. එමෙන්ම, අපගේ දැන් චර්යාව ඉදිරියට එන පරම්පරාවන්හි අනුනාද දෙනු ඇත.අපට අපගේ දරුවන් භීතිය සහ ජාතිවාදය මත පෝෂණය කරමින් අනාගත පරම්පරාව සඳහා ප්‍රචණ්ඩත්වයේ චක්‍රය පවත්වාගෙන යමින් රට විනාශ කිරීමට අවශ්‍යද ? අප දැන් බුද්ධිමත් තීරණ ගැනීමට අවශ්‍යව ඇත. විශේෂයෙන්ම බලවත් සම්බන්ධතා ඇති අන්තවාදී චූදිතයකුට එරෙහිව අඩුතරමේ නිසි පරීක්ෂණයක් සිදුවීම ගැනවත් විශ්වාසය තැබිය නොහැකි විට මෙම කණ්ඩායම් මානසික තත්ත්වයට අපගේ හොඳම තාර්කිකතාවය සහ විනිශ්චය අභිබවා යාමට ලෙහෙසි බව සිහිකටයුතුය.

ශ්‍රී ලංකාවේ බහුතර සිංහල බෞද්ධයනට – නොඉවසීමට කෙරෙන බලපෑම් මැද වුවද – ඔවුනගේ ඉවසීම පිළිබඳව සුබ​ පතන අතර, මාගේ සහෘද සිංහල බෞද්ධයනට අපගේ මෙත්තා මුදිතා කරුණා ක්‍රියාවේ යෙදවීමට කාලය මෙය බව මතක් කර දීමට කැමැත්තෙමි. තම ආගමික නායකයාගේ නායකත්වයෙන් කතෝලික ප්‍රජාව අති මහත් ලෙස ඉවසා ඔවුනගේ ආගමේ උගන්වන ආදරය සහ සමාව දීම යන්නෙහි සැබෑ අරුත පෙන්වීය. කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය අන්තවාදයක් පිළිබඳව බලධාරීන් අවදි කිරීමට උත්සහ කල සියලු සහෘද මුස්ලිම් පුරවැසියනට – බලධාරීන් ඒ සඳහා බිහිරි සහ අන්ධ ප්‍රවේශයක් ගනු ලැබුවද – සහ අන්තවාදීන්ට එරෙහි වීම නිසා සිය ආරක්ෂාවෙන් වන්දි ගෙවන ලද සාමයට ආදරය කරන මුස්ලිම්වරුනට මම ස්තුති කරමි.

අප දුක්ඛ දෝමනස්ස හමුවේ රටක් වශයෙන් ශක්තිමත් සහ තර්කානුකුල විය යුතුය. මේ මොහොතේ අවශ්‍යතාවය වනුයේ විචාරත්මකව සිටීම සහ අවස්ථාවාදී හා ජාතිවාදී දේශපාලඥයන්ගේ ඉත්තන් නොවීමයි. මාගේ දයාබර සහෘද ශ්‍රී ලංකිකයිනි, අප වඩාත්ම  මානුෂීය විය යුත්තේ අපට වඩාත්ම දුෂ්කර කාල වලදීය.

*පබාසරී ගිනිගෙ – මනෝ වෛද්‍ය විශේෂඥ

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    I’m glad you have come to your senses,. Unlike when you had the mob mentality of anthare students when boycotting exams and shouting on stage like a maniac…or the herd mentality of GMOA “harak” and cryied about SAITM and how it will create too many doctors when Sri Lankan people knew we had a lack of doctors and needed a way to fill it…. Looking forward to the day you write a letter and appologize for being caught in “group thinking” and ruined lives of 1000s of students by being a biggot yourself….

    Then we will know this article isn’t “Wadi bana”… Trying to redeem your self for the discussing way you shouted on stage with biggotry towards some groups.

    • 0
      0

      Luthor shows his stupidity

  • 1
    0

    අප වඩාත්ම මානුෂීය විය යුත්තේ අපට වඩාත්ම දුෂ්කර කාල වලදීය. very true.

  • 0
    0

    //අප වඩාත්ම මානුෂීය විය යුත්තේ අපට වඩාත්ම දුෂ්කර කාල වලදීය
    So true.
    Keep fighting the fight.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.