
ලාංකික දේශපාලන අවකාශය තුළ වම ලෙස හදුන්වන්නේ ධනපති ක්‍රමයට විරුද්ධ දේශපාලන මත දරන්නන් හා එවැනි මත දරන කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂයන් ය. වම යන්න ගොඩනැගුනේ ප්‍රංශ විප්ලවයේ දී ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම ප්‍රංශ ව්‍යවස්ථාදායකයේ වම්පසින් අසුන්ගෙන සිටි බැවිනි. ඒ අනුව වම යනු ප්‍රතිසංස්කරණවාදීන් මිස සමාජවාදීන් විය නොහැක. ලංකාවේ සමාජවාදීන් ලෙස හැසිරෙන බොහෝ කණ්ඩායම් ද තමන්ව හදුන්වා ගන්නේ වම ලෙස ය. එමගින් කියවෙන්නේ ඔවුන් ප්‍රතිසංස්කරණවාදීන් මිස සමාජවාදීන් නොවන බව ය. ඇත්තටම ඔවුන්ගේ දේශපාලනය ද සමාජවාදී, ප්‍රති ධනේශ්වර නොවේ.
ලාංකික වමේ අවකාශය සෑහෙන තරමට පුළුල් ය. එහි නාට්‍යවේදීන්, සිනමාකරුවන්, රංගන ශිල්පීන්, ලේඛකයන්, පුවත්පත්කලාවේදීන් වැනි පොදුවේ කලාකරුවන් යැයි කියන සමාජ තීරුවක් පවතී. “අපි වමේ” යැයි කියන ඔවුන් බොහෝවිට හැගවුම්කරණය කරන්නේ ද වාමාංශික අනන්‍යතාවන් ය. එනම් ප්‍රගතිශීලී යැයි කියන ඔවුන් රජයෙන් ලබාදෙන සහනාධාර වෙනුවෙන් පෙනී සිටී. රාජ්‍ය අංශයේ සුබ සාධන කටයුතු හා නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් නිතර කතා කරති. එසේම ජාතිවාදය, ආගම්වාදය, කුළවාදය ඇතුළු සියළු සමාජ බෙදීම් වලට එරෙහිව පෙනී සිටිති. තමන්ගේ කලා නිර්මාණ තුළ ප්‍රගතිශීලී යැයි කියන අදහස් උත්කර්ශයට පත් කරති.
ලංකාවේ ප්‍රසිද්ධ ගුවන්විදුලි සන්නිවේදකයකු ලෙස කටයුතු කළ අයකු තමන්ගේ විශ්‍රාම කාලය ආරම්භ කළේ රාජපක්ෂ රෙජීමයේ ඇමතිවරයකුගේ මාධ්‍ය ලේකම් ලෙස ය. ඒ කාලය තුළ නව ලිබරල්වාදී අවශ්‍යතාව මත එල්ටීටීඊ සංවිධානය සමූල ඝාතනය කරන්නට බටහිර රටවල් තීන්දුවක් ගෙන තිබුණි. ඒ අනුව රාජපක්ෂ රෙජීමය මුළු වැර යොදා යුද්දය ආරම්භ කළ අතර උතුරු නැගෙනහිරට අහසෙන් ගොස් ගුවන් බෝම්බ අත හැරියේ අහිංසක සිවිල් ජීවිත තුට්ටුවකට මායිම් නොකරමිනි. ඒ කාලය තුළ පෙර කී මාධ්‍ය ලේකම්වරයා අවිවේචනාත්මකව ඒ මර්දනීය ආණ්ඩුවට සහාය දැක්වීය.
ජන ඝාතක යුද්දය අවසන් විය. රුධිර ගංගා ගලා ගියේ ය. සාමයේ පරෙයියන් පියාඹන්නට විය. මාධ්‍ය ලේකම්වරයා කවියකු, කෙටි කතාකරුවකු බවට පරිවර්තනය විය. යුද්දය නිසා අම්මා තාත්තා සහෝදර සහෝදරියන් අහිමි වූ තංගමනීලා ගැන ගී සීපද ලියන්නට ඔහු පටන් ගත්තේ ය. ඒවා පොතකට කැටි කොට කොළඹ දී මහ උත්සවයක් පවත්වා තංගමනීලාගේ දුක බෙදුවේ ය. අවසානයේ තංගමනීලාගේ දුක නිසා ලියවුණ කවි, කෙටි කතා ඔහුට ප්‍රාග්ධනයක් නිර්මාණය කර දුන්නේ ය. ඔහු වමේ ය. යූඑන්පිය පේන්නට බැරි ය. එහෙත් ඔහුගේ ප්‍රගතිශීලීත්වය ක්‍රියාකාරී වන්නේ වම වෙළෙද පළක් ලෙස සලකමිනි.
වමේ යැයි කියා ගන්නා බොහෝ කලාකරුවන් ක්‍රියා කරන්නේ ද ඒ අන්දමින්ම ය. ඔවුන් නිර්මාණය කරන කවර හෝ කළා කෘතියක වෙළෙද පළ වන්නේ වාමාංශික අවකාශය යි. නව කතා, කෙටි කතා, කවි, වේදිකා නාට්‍ය, චිත්‍රපට ආදී වූ නොයෙකුත් කලා කෘති අළෙවි කර ප්‍රාග්ධනය උපයා ගන්නේ වාමාංශික අවකාශය නම් වෙළෙද පළ තුළිනි. ඔවුන් ආශ්‍රය කරන්නේ හැසිරෙන්නේ මේ අවකාශයේ මිතුරන් සමග ය. ඔවුන් යන්නේ එන්නේ ද වාමාංශික අවකාශයට අයත් ස්ථාන වල ය. ඒ අනුව බලන විට වාමාංශික අවකාශය යනු ඔවුන්ගේ ජීවත්වීමේ පරිසරයයි. ඒ කියන්නේ තමන් වම්මු කියන මේ ජීවී කොටස්වල වාසස්ථාන වන්නේ වාමාංශික අවකාශයයි.
රාජ්‍ය කේන්ද්‍රීය සුභ සාධනවාදී දේශපාලනය මේ වම්මුන්ගේ පරමාදර්ශයයි. කෙටියෙන් කිවහොත් ඔවුන් බලාපොරුත්තු වන්නේ 1970-77 යුගයේ පැවැති සමගි පෙරමුණු ආණ්ඩු මොඩලයයි. ජාතිකවාදී දෘෂ්ටියකින් යුතු වෙළෙද පළ රාජ්‍යය ආධිපත්‍යයට නතු වූ ඒ දේශපාලන මොඩලය ඇත්තටම ධනේශ්වර මොඩලයකි. ධනේශ්වරයේ කේන්සියානුවාදී උපක්‍රමික දේශපාලනය වූ එය ලංකාවේ දී නම් 1977 දක්වා ක්‍රියාත්මක විය. අද වනවිට මුළු ලෝකයෙන්ම අවලංගු වී ගොස් ඇත. තමන් වම්මු යැයි හදුන්වා ගන්නා ලාංකික බහුතරයේ දේශපාලන අභිලාශය වන්නේ මේ කේන්සියානුවාදී ධනේශ්වරයයි.
ජාතිකවාදී දේශපාලන අභිලාශයන් ඉක්මවා අන්තර්ජාතික දේශපාලනික අභිලාශයන් කරා පුළුල්වීමට නම් මේ වාමාංශික සංස්කෘතිය කුඩු පට්ටම් කර දැමිය යුතුය. දෘෂ්ටිමය වශයෙන් ජාතිකවාදී වූ වාමාංශිකය සේවය කරන්නේ පටු ග්‍රාම්‍යය සුබසාධනවාදයටයි. සුබසාධනවාදය ශක්තිමත් හා පුළුල් වෙළෙද පළක් නිර්මාණය කරන්නේ නැත. ඒ නිසා භාණ්ඩ හා සේවා අළෙවිය හා බෙදා හැරීම යථා පරිදි සිදු නොවේ. ජව සම්පන්නව ක්‍රියා නොකරන වෙළෙද පළක නිෂ්පාදනය ද ශක්තිමත් නොවේ. නිෂ්පාදනය ග්‍රාම්‍ය හා ප්‍රාථමික මට්ටමක පවතින රටක ආර්ථික සංවර්ධනයක් සිදුවන්නේ නැත.
පවතින වෙළෙද පළ නිදහස් යැයි කීවාට ඒ තුළ ප්‍රභූ පන්තියේ බරපතල මැදිහත්වීම් පවතී. වෙළෙද පළ මුළුමනින්ම හසුරුවන්නේ පාලක පන්තියේ පාදඩ පිරිස් වන අතර ඔවුන්ගේ මැදිහත්වීම නිසා වෙළෙද පළ අපහරණයට ලක්වෙමින් පවතී. ඒ නිසා මහජන ධනය විශාල ප්‍රමාණයක් නිල වෙළෙද පළෙන් බැහැරට ගොස් කළු සල්ලි ලෙස තැන්පත්ව පවතී. වෙළෙද පළ ක්‍රියාකාරීත්වය තුළ කළු සල්ලි වල සංසරණය 40%-50%ත් අතර පවතින බව රාජපක්ෂ රෙජීමය කාලයේ දී ප්‍රකාශ කළේ එහි කැබිනට් අමාත්‍යවරයකු වූ ඩිව් ගුණසේකරම ය. මේ තත්ත්වය නිර්මාණය වී ඇත්තේ සහචර ධනවාදය නම් අගතිගාමීත්වය වැළදී ඇති නිසා ය.
මේ තත්ත්වය වෙනස්වීමට නම් පවතින වෙළෙද පළ සාධාරණ හා තිරසාර ලෙස පරිවර්තනයකට ලක්විය යුතුය. ඒ සදහා ජාතිකවාදී රාමුවෙන් මිදී අන්තර්ජාතික ප්‍රවේශයකට ශ්‍රී ලංකාව සූදානම් විය යුතුය. ඒ පරිවර්තනයට බාධා කරන්නේ වම්මුන්ගේ වාමාංශික සංස්කෘතියයි. වාමාංශික සංස්කෘතියේ පවත්නා ප්‍රගතිශීලීත්වය යනු පවතින අසාධාරණ හා තිරසාර නොවන වෙළෙද පළ ආරක්ෂා කර ගැනීම සදහා අටවාගෙන ඇති බොරුවකි. ප්‍රගතිශීලීත්වය විසින් සිදු කරන්නේ යක්ෂයාගේ රුදුරු බැල්මට හා කුරිරු හස්තයට ප්‍රිය මනාපභාවයක් ලබාදීමය. එහෙත් සූරාකෑම පුරුදු පරිදි සිදු කෙරේ.
වාමාංශික අවකාශය වාසස්ථානය කරගෙන සිටින වම්මුන්ට වෙළෙද පළ සාධාරණ හා තිරසාර කර ගන්නා වූ අරගලයට දායකවීම උකහට ය. ඊට හේතුව ඔවුන්ගේ ආවේනිකය වන්නේ ජාතිකවාදී, ප්‍රාථමික හා රාජ්‍ය කේන්ද්‍රකරගත් සුබසාධනවාදී වෙළෙද පළක් බැවිනි. එය පටු හා බලපෑමට යටත් වෙළෙද පළකි. ඒ තුළ සමාජ සාධාරණත්වය හා තිරසාරත්වය නොපවතී. එනිසා වම්මු යනු සමාජය විප්ලවීය ලෙස වෙනසකට ලක් කරන්නට සූදානම් සමාජ තීරුවක් නොවේ.
පවතින අසාධාරණ වෙළෙද පළ වෙනස් කරමින් ප්‍රති ධනේශ්වර වෙළෙද පළක් නිර්මාණය කර ගැනීමට නම් මාක්ස්වාදී භාවිතාවෙන් යුතුව වැඩ කළ යුතු අතර ව්‍යාජ වම්මුන්ගෙන් ඒ අරගලය ආරක්ෂා කර ගත යුතුය.
leelagemalli / July 11, 2020
ඔව්, තක්කඩියාගේ අවසාන ගමනාන්තය ව්‍යාජ දේශපේ‍්‍රමයයි. අද ඔබ රාජකෂේ මිනිසුන් තුළ දකින දේ. දෙවියන්ගේ නම, සහ තරුණයින් සහ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්, ඡන්දදායකයින් ප්‍රොක්සි-රාජපක්ෂ පුරුෂයන් සඳහා ඡන්දය නාස්ති කිරීමෙන් වැළකී පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳ කරුණු හොඳින් දැන සිටිය යුතුය.
https://www.youtube.com/watch?v=3TnE66u70a0
–
https://www.youtube.com/watch?v=3TnE66u70a0
–
https://www.youtube.com/watch?v=sS2vIJTD8u8
/