5 December, 2023

Blog

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම: බලයේ සිටින පුද්ගලයින්ගේ පටු උපාය උපක්‍රම සහ උප්පරවැට්ටි දේශපාලනයේ අවියක් බවට පත් කළ යුතු නැත

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන් අවස්ථාවේ සිටම ලංකාවේ පිහිටුවා තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කළ යුතු බවට නිරන්තර ඉල්ලීමක් අප රටේ පැන නැගී තිබේමෑතදී රට පුරාම මතු වූ පුරවැසි විරෝධතා ව්‍යාපාරයේදි එම ඉල්ලීමට විශාල ජවයක් ද ලැබිණි. එමඅරගලයේඑක් ප්‍රබල ඉල්ලීමක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කිරිමයි. විධායක ජනාධිපති ක්‍රමයත්, ලංකාවේ වර්ධනය වී ඇති ආණ්ඩුකරණය, දේශපාලන වගවීම සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍ර වල බහුවිධ අර්බුදයත් අතර දැඩි සම්බන්ධයක් පවතින බව මහජනතාව තදින්ම විශ්වාස කරති.

පහත අත්සන් කරන​ අපගේ මතකයට අනුව ශ්‍රීලංකාවේ විධායකජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන ඉල්ලීමට දිගු ඉතිහාසයක් තිබේ. සමාජයේ විවිධ ජනකොටස් නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම එම අහෝසි කිරීම සිදු කළ යුතු යැයි ඉල්ලා ඇත. ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයත්, එය කේන්ද්‍ර කොට ගොඩ නගා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මාදිලියත් අහෝසි කිරීමේ ඉල්ලීම 1978 ව්‍යවස්ථාව තරම්ම පැරණි එකකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව මේ දිනවල මතුවී ඇති කතිකාව, රටේ දිගහැරෙන අර්බුදයට ප්‍රතිචාරයක් පමණක් නොවේ. එය වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවූ මොහොතේ පටන්ම රටේ පැන නැගි ඉල්ලීමක් නැවත මතු කිරීමකි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර පටන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සහ වාමාංශික පක්ෂ, විධායක ජනාධිපති ක්‍රමය පිහිටුවීමේ යෝජනාවට දැඩි විරෝධය පලකරමින් සිටියහ.

1994 ජනාධිපතිවරණයේදී පටන් ජනාධිපති අපේක්ෂකයින් නැවත නැවතත් පොරොන්දු වී ඇත්තේ තමන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවයි. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් පොරොන්දුවට 1994 සහ 1999 යන වසර දෙකෙහිදීම මහජන වරමක් ලැබිණි. 2000 වසරේදී යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතක් තුලින් කටයුතු යොදා තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ය. එහෙත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය කලේ අන්තිමේදී එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමයි. එම අවස්ථාවෙදී එක්සත් ජාතික පක්ෂයේ එල්ල වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නොව, ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු සීමිත අන්තර්වාර කාලයක් සඳහා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය තවදුරටත් එම ධූරයේ කටයුතු කරනු ඇත යන කරුණටයි.

2010 දී පැවැත්වූ පක්ෂ සම්මන්ත්‍රණයේදී එජාපය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යේජනාව අනුමත කළේය. තමන් ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවත් වරින් වර ප්‍රකාශ කළේය.

විධායකජනාධිපතිධූරයඅහෝසිකිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද 2015 දී දුන්  ප්‍රධාන පොරොන්දුවකි. විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීමට තුඩුදුන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම අරමුණු කරගෙන සිරිසේනවික්‍රමසිංහ ආණ්ඩුව ගත් පළමු පියවර ද විය.

දෙමළ, මුස්ලිම් සහ කඳුරට දෙමළ ප්‍රජාව ද ඇතුළු සියලු වාර්ගික හා ආගමික ප්‍රජාවන්ගේ දේශපාලන නියෝජිතයින් ද, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිසංස්රකණ න්‍යාය පත්‍රයට සහායදී ඇත. ඒ සමගම ඉතාම වැදගත් කරුණක් වන්නේ, 2015 සිට 2019 දක්වා සිදුවූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සෑම ජනතාවක්ම සම්බන්ධ වී සහාය දීමයි. එම ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාවක් පිහිටුවන ලද අතර, එය අවසන් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම නිර්දේශ කළ මෙහෙයුම් කමිටු අන්තර්වාර වාර්තාවක් ඉදිරිපත් කිරීමෙනි.

වඩාත් මෑතකදී වූ පරිදි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, සංශෝධන ජනතා විමුක්ති පෙරමුණ විසින් 2019 දීත්, සමගි ජන බලවේගය විසින් 2022 දීත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

එබැවින්, ඉතාම පැහැදිලිව පෙනෙන්නේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මහජන ඉල්ලීම සෑම දේශපාලන කණ්ඩායමක්ම සහ නායකයෙකුම මොන යම් හෝ අවස්ථාවක පිලිගෙන ඇති බවයි. වර්තමානයේදී එම යෝජනාවට විරුද්ධ වන බව පෙනෙන්නේ, විධායක ජනාධිපති ධූරයට පත්වීමේ තම පුද්ගලික අභිලාෂයට ප්‍රමුඛත්වය දෙන දේශපාලනඥයින් අතලොස්සක් පමණි.

පසුගිය වසර දශකහ තරහමාර තුළ දී ශ්‍රී ලංකාවේ ජනතාවද, ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් ද ලබා ඇති නිවැරදි අවබෝධය නම්, මහජනතාවට විනාශකාරී ප්‍රතිඵල ඇති කරමින්, විධායක ජනාධිපති ධූරය හා එහි බලතල එම ධූරය දැරූ පුද්ගලයින් විසින් ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති බවයි. එය අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහයේ තිබෙන ඉතාම පිලිකුල් සහගත අංගයක් ද වෙයි. මේ අතර මහජනතාව අතර තිබෙන පොදු විශ්වාසය වන්නේ තනි පුද්ගලයෙකුගේ අතට අසීමිත දේශපාලන බලයක් ලබා දෙන විධායක ජනාධිපති ක්‍රමය, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට අති විශාල දායකත්වයක් සිදු කර ඇති බවයි. එම ක්‍රමය වනාහි ශ්‍රී ලංකාවේ ජනතාව මත පටවා ඇති අත්තනෝමතික විධායක ආණ්ඩු ක්‍රමයේ මුල්ගල ද වෙයි. අපේ රට මතට දැනට ඇද වැටී තිබෙන විවිධ අර්බුද වලටත්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය දිගින් දිගටම පත් වන ඛාදනයටත් ප්‍රධාන හේතුවක් වීම අපගේ දැනට පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම නිශේධනීය ලක්ෂණයකි. එය අහෝසි කිරීම, ඕනෑවටත් වඩා ප්‍රමාද වී ඇත.

ඒ සමගම අප අවධාරණයකරන තවත් වැදගත් කරුණක් තිබේ. එය නම්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තනි දේශපාලන පක්ෂයක, සංවිධානයක හෝ පුද්ගලයෙකුගේ ඒක පාර්ශ්වික හා ක්ෂණික දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ ඉලක්කසමග සම්බන්ධ නොකර ගත යුතුය යන්නයි. එමෙන්ම මහජනතාව වෙතින් පැන නැගී ඇති මෙම අව්‍යාජ වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම, දේශපාලන උප්පරවැට්ටිවල  උපකරණයක් ලෙස යොදා නොගත යුතු බව අපි අවධාරණය කරමු. ඒ වෙනුවට සිදු විය යුත්තේ එම ප්‍රතිසංස්කරණ යෝජනාව වගවීම් සහිත ආණ්ඩුවක් ද, ලංකාවේ රාජ්‍යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආණ්ඩුව ගැඹුරු ලෙස ප්‍රජාතන්ත්‍රවාදී කිරීම ද සඳහා වූ මහජන අභිලාෂ සැබෑ ලෙසට පිළිබිඹු කරන දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක අනිවාර්ය අංගයක්  බවට පත් කිරීමයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ අර්ථවත් සහ​ අවංක ක්‍රියාවලියක්, ප්‍රජාතන්ත්‍රවාදීකරණ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක  අංගයක් ලෙස වහාම ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ද, පාර්ලමේන්තුවෙන් ද අප ඉල්ලා සිටින්නේ මෙම පසුබිම තුළ ය. එවැනි ප්‍රතිසංස්කරණ කෙටුම්පතක් ඉදිරිපත් කරන සහ එවැන්නකට පක්ෂව ඡන්දය දෙන සියලු දේශපාලන පක්ෂ වලින් ද අප ඉල්ලා සිටින්නේ, අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඇති තම න්‍යාය පත්‍රය එය ක්‍රියාත්මක කරන කාල පරාසය ද දක්වමින් මහජනතාව වෙතට ඉදිරිපත් කරන ලෙස ය. ඒ සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කරන ලෙසද අපි ඉල්ලා සිටිමු. ඇත්ත වශයෙන්ම කියන්නේ නම්, ‘ක්‍රම වෙනසක්‘ (‘සිස්ටම් චේන්ජ්එකක්) ඇති කීරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, අලුත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමත් සිදු කිරීම අත්‍යවශ්‍ය යන ශ්‍රී ලංකා ජනතාවගේ හඬ අන් කවරදාටත් වඩා අද පැහැදිලිව ඇසේ. එම අභිලාෂය ඉටු කිරීමේ දේශපාලන වගකීම බලයේ සිටින පුද්ගලයින්ගේ පටු උපාය උපක්‍රම සහ උප්පරවැට්ටි දේශපාලනයේ අවියක් බවට පත් කළ යුතු නැත.

අත්සන් කරන ලද්දේ:

  1. හිල්මි අහමඩ්
  2. සිල්මා  අහමඩ්
  3. ජෙෆ්රි අලගරත්නම්, (ජනාධිපති නීතිඥ)
  4. ආචාර්ය වින්යා ආරියරත්න
  5. ආචාර්ය ඒ. එම්. නවරත්න බණ්ඩාර, හිටපු මහාචාර්ය,  පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  6. ආචාර්ය ලයනල් බෝපගේ, ශ්‍රී ලංකාවේ  යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු  සහයෝගිතාවයෙහි සභාපති 
  7. හෑන්ස්  බිලිමෝරියා,  බිම් මට්ටමෙහි භාරකාර මණ්ඩලය
  8. කේ.ජේ. බ්‍රිටෝ   ප්‍රනාන්දු, අතුරුදහන් වූවන්ගේ පවුල්
  9. අනුෂ්‍යා  කුමාරස්වාමි
  10. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
  11. සරලා  එමානුවෙල්
  12. ගරු දුලිප් චිකේරා,  හිටපු රදගුරු, ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සභාව 
  13. ඉන්ෂිරා  ෆාලික්, (නීතිඥ)
  14. භවානි ෆොන්සේකා, (නීතිඥ)
  15. රොසානා  ෆ්ලේමර්කල්දේරා,  විධායක අධ්‍යක්ෂක, සමබිම
  16. ආචාර්ය රාජිනි ගමගේ
  17. ආචාර්ය මාරියෝ ගෝමස්, ජනවාර්ගික අධ්‍යයනය සඳහා  වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICES)
  18. ආචාර්ය සකුන්තලා කදිරගාමර්, නීතිය සහ සමාජ භාරය
  19. ෂාමේන් ගුණරත්න, (නීතිඥ)
  20. ගරු කුමාර ඉලංගසිංහ, රදගුරු
  21. ජයන්ති කුරුඋතුම්පාල, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය
  22. ආචාර්ය දේවනේසන් නේසයියා
  23. මහාචාර්ය වාසුකී නේසයියා
  24. මහාචාර්ය ගමිලා සමරසිංහ
  25. ආචාර්ය පී. සරවනමුත්තු,
  26. ආචාර්ය කලණ සේනාරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  27. එම් ඒ සුමන්දිරන්, ජනාධිපති නීතිඥ සහ පර්ලිමන්තු මන්ත්‍රී
  28. ආචාර්ය මහේන්ද්‍රන් තිරුවරන්ගන්, යාපනය විශ්වවිද්‍යාලය
  29. මහාචාර්ය දීපිකා උඩගම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  30. මහාචාර්ය ජයදේව උයන්ගොඩ
  31. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, (ජනාධිපති නීතිඥ)
  32. ලාල් විජේනායක (නීතිඥ)
Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.