24 April, 2024

Blog

දීප්තී අභියෝග කළ යුත්තේ වීරවංශට නොව මාධ්‍ය මාෆියාවටයි

ප්‍රියන්ත හේවගේ මාතලන් –

ප්‍රියන්ත හේවගේ මාතලන්

දීප්තී කුමාර ගුණරත්න මාතලන් ප්‍රිය කරන චරිතයක්. x – කන්ඩායම තුලින් ඔහු ගොඩ නගපු සමාජයේ සාමාජිකයෙක් මාතලන්. ඔහු වගේ අය තමයි මේ සමාජයට අවශ්‍ය කරන්නේ. ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය උන වැඩසටහනක ඔහු අභියෝග​ කරනවා විමල්ට. ඔහු හා සංවාදයකට එන්නෙයි කියලා. (වීඩියෝව පහළින් නරඹන්න) හේතුව ඔහු වපුරන බොරු හේතුවෙන්. එහිදි ඔහු මාධ්‍යටත් ඇඟිල්ල දිඟු කරනවා. මේ පචෝරිස්ලා වීරයෝ කරන්නේ මාධ්‍ය කියලා. ඒක සහතික ඇත්ත. මාතලන්ගේ විශ්වාසය නම්, මේ රට මේ තරම් කාළකන්නි රටක් කිරීමේ සම්පූරණ වගකීම යන්න ඕන මාධ්‍යයට කියන එක.

අද මාධ්‍ය මාෆියාව කෙතරම් බලවත්ද කියනවා නම්. සිරිසේන පඹයෙක් කරන්න කිලී මහාරාජා සමත් වෙලා තියෙනවා. රනිල්, දිලිත් ජයවීරගේ කස්ටමර් කෙනෙක් වෙලා ඉල්ලගෙනම කනවා. ඒ රනිල්ගෙ අයියට රූපවාහිනි නාලිකාවක් හා ගුවන් විදුලි සෙවයකුත් තිබියදි. එහෙම එකක් තියෙනවද කියලවත් මිනිස්සු දන්නේ නෑ. එදා “ටී ඇන් ඇල්” එකේ ගිය “ජනහඬ” වෙනුවට, අද මිනිස්සු බලන්නේ මී හරකෙක් මෙහෙයවන අළුත් පාර්ලිමේන්තුව සහ ලෝකය සහ ලෝකයෝ කරන එකාම මෙහෙයවන පෙත්තෙක්ගේ වාද බයිලා වැඩ සටහන්. කිලීගේ නාලිකා උදේ ඉඳන් මහ රෑ වෙනකන් රනිල් එලවනවා. ලෝකේ වෙච්ච ළොකුම හොරකම බැඳුම් කර වීම. මේ අම්මට සිරි ලංකාවේ වෙන මක්කත්ම වෙලා නෑ.

චන්ද වලට එන්නේ මේ නාලිකාවලින් පුම්බපු, දීප්ති කියනවා වගේම මෙලෝ දෙයක් නොදන්න මාධ්‍ය මාෆියාවේ පෙත්තප්පුලා. උනුත් පබාලා වගේම බබාලා. සිස්ටම් එකේම දිගුවක් වනවා විනා ඉන් එහා දැක්මක් නෑ. උනුත් ඇවිල්ලා, විමල්ලා, ගොම්මන්පිලලා, ඩලස්ලා, පාලිත රංගන බන්ඩාරලා, පාලිත තෙවරප්පෙරුමලා එක්ක සෙට් වේලා, අඩියක් ගහලා බඩුවක් ගහලා එපාර්මන්ට් එකට ගිහින් දොයිය ගන්නවා.

නිකමට බලන්න ඔය ආපු එක මාද්දියවේදියෙක් රටට මක්කා හෝ දෙයක් කරලා තියෙනවද කියලා. එහෙට පනිනවා මෙහෙට පනිනවා ඇර වෙන මක්කත්ම කරලා නෑ. වැදගත් මාද්දියවේදියෝ ඕවට එන්නෙත් නෑ. ඒ වගේ උන්ට ජාතික ලැයිස්තුවකින්වත් තැනක් නෑ. ඒ වෙනුවට ජනතාව පුකට පයින් ගහලා එලවපු උන් පාර්ලිමේන්තු ගෙනත් ළොකු ළොකු ඇමති කමුත් දෙනවා. උන් ඒවත් අරගෙන ආයෙත් තප්පුලනවා. ඒ තප්පුලන ඒවා ආයෙම ටී වී එකේ පෙන්නනවා.

ඉතින් බන්දු සමරසිංහලට ටෙනිසන් කුරේලට තැනක් නෑ. උන්ගේ සෝ බල්ලොත් බලන්නෙ නැතිව පාඩු පිට ගිහින් ගලවලා උසික්ක කොරලා දානවා. මිනිස්සු හැම නාලිකාවෙම් පෙන්නන අරුන්ගේ ආටක නාටක බල බලා බඩ අල්ලගෙන හිනා වෙනවා. ආන්ඩුවේ මාධ්‍ය සාකඡ්චාව, ඉස්සර ඇනස්ලි, බර්ටි, සැමුවෙල් හිටපු, විනෝද සමය වගේ. පට්ටම ආතල්. බර්ටි ගුණතිලක ලයිව් ඉන්නවා.

නමුත් අර කලින් සඳහන් කළ වැඩ සටහන් වල උනත් විපක්ෂය නියෝජනය කරන චරිත හේරත්, නාලක ගොඩ හේවා, දයාන් ජයතිලක, නිර්මාල් දේවසිරි වගේ උන් ආවම අඩුම ගානේ හරවත් සංවාදයක්කත් යනවා. කරුමයක මහත කියන්නේ, ඝෝඨා හා එක්ව සිටින මේ පිරිසට, විමල්ලා වගේ උනුත් එකතු වීම. ඒත් සතුටට කරුන කියන්නේ විමල් වගේ උන් කොන්ට්‍රෝල් කරන්න ඝෝඨා වගේ කෙනෙකුට පුළුවන් වීම.

මම නම් හිතන්නේ දීප්ති විවාදයකට එන්න කියලා අභියෝග කරන්න ඕන, ඔය දෙකයි පනහෙ හාල්පාරුවන්ට නෙමේ. මේ රටේ මාධ්‍ය මාෆියාව මෙහෙය වන උන්ට. මේ රට හදන්න නම් ඉස්සෙල්ලා ප්‍රධාන පෙලේ මාධ්‍ය වලට විනයක් ගේන්නම ඕන. නැත්නම් උන් උන්ගේ හිතලු නිව්ස් වගේ ලියලා රට ගිනි තියනවා. මෑතකම සිඳු වූ තොරණ තහනම ඊට හොඳම උදාහරණය.

මාධ්‍ය මාෆියාව බලවත් වීමට, ආන්ඩුවේ මාධ්‍යවල පවතින දුර්වලතා ප්‍රධාන වශයෙන්ම හේතුවක් වෙලා. අනික රට කරවන උන්ගේ මාධ්‍ය කන්ඩායම්. එවන් තත්වයක් යටතේ ස්වාධීන රූපවාහිනිය තරමක් හෝ ඉදිරියෙන් සිටීම හා දීප්තිලා වගේ අය සහ සමාජ මාධ්‍යවල ජනප්‍රිය අය සහභාගි කරගෙන කරනා මෙවන් වැඩ සටහන් පැසසිය යුතුමයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.