19 April, 2024

Blog

අතීසාරයට අමුඩ ගසනා නරුම පාලකයෝ

ප්‍රියන්ත හේවගේ මාතලන් –

ප්‍රියන්ත හේවගේ මාතලන්

අතීසාරය හැදුනාම බඩ යෑම නවත්තා ගන්නට බැරිය. ඒත් අමුඩ ගහලා පුරුදු උන් කරන්නේ, අමුඩේ තද කරලා ඇඳගන්නා එකය. ඒකෙන් අතිසාරය නවතින්නේ නැතිවාක් මෙන්ම, විලි වසා ගැනිමට තිබෙනා අමුඩෙත් ගූ නාගන්නවාය. අතීසාරේ හැදුනාම අමුඩ ගහලා තබා, ගුද මාරගයේ ඇබයක් ගැහුවත් වැඩක් වෙන්නේ නැතිය. කරන්න ඕනා එකම දේ අතීසාරටයට බෙහෙත් කරනා එකය.

අං පාරේ අම්බරුවන්ගේ ජෝගිය සමඟ ෆෝම් වූ තඹුත්තේගම ආන්ඩු විරෝධී කාලකන්නින්ගේ අඩව් ඇල්ලිල දුටු විගස, රට ත්රස්තවාදයකට තල්ලු වෙන බව මාතලන් කිව්වේ, පේන බලලාවත් අංජනම් බලලාවත් නෙමේය. එහෙම නැතිනම් මාතලන් ආන්ඩුවේ බුජ්ජි අන්සේ වැඩ කරන නිසාවත් නෙවේය. දේශපාලන විජ්ජාවේ මහාචාරිය පදවියක් තියෙන නිසාවත් නෙමේය. දශක පහක් තිස්සේ මේ රටේ සිඳු වූ දේවල ඇහැට දැකලා, කනෙන් අසලා, සමාජයේ සෑම මට්ටම්මේම ජහ මනයා සමඟ අද දක්වා ජීවත් වෙනා නිසාය.

මේ ආන්ඩුව කරන්න අමූලික බොරුවත් බවත්, මෙය එකම කැඳ හැලියක් බවත්, මේ ආන්ඩුවට කිසිඳු පැවත්මක් නැති බවත්, විසොන් හෝ මිසොන් නැති බවත්, ඇත්තේ බලයට පත් වූ උන්ගේ සුඛ විහරණය, මහින්ද රාජපක්ෂ ප්රමඛ පවුලේ තත්වයට ගෙන ඒම පමණක් බවත් මාතලන් කියන්නේ බොහෝ කැපවී ජීවිත පරිත්යාගයෙන් ලබා ගත් යහපාලනේට මාස කීපයක් යන්නටත් මත්තෙන් සිටය.

අප ලංකා නිව්ස් හී මාධ්යකරණය අනුමත කරන්නේ නැතිවාක් මෙන්ම, දෙරණ, හිරු හා දිවයින නම් කාළකන්නි ජඩමාද්දියවේදින්ගේ අමු තිරිසන් ජනතාව කුපිත කිරීමේ හා ජාතිවාදයෙන් ජනතාවගේ ලේ කුපිත කිරීම්ද, කිසිසේත් අනුමත කරන්නේ නැතිය. එහෙත් සඳහා විසඳුම වාරණය කිරීම නොවේ. කළ යුත්තේ, නිව්ස් ගෙන එන චෝදනාවලට ආන්ඩුව පිළිතුරු සැපයිය යුතුවාක් මෙන්ම, ජාතිවාදය පැතිරිමේ නියුතු මාධ් ආයතනවලට තද බල නීතී රීතී හඳුන්වා දෙමින් ඒවා යම් කිසි නිරීක්ෂණයකට යතත් කීරීමය.

ජාතිවාදය පතුරන්නේ මොකාද කියා ආන්ඩුවේ ගොබ්බයන්ට මෙන්ම ඒවා නියාමනය කිරීමට හා සොයාබැලීම සඳහා පත් කොට නිළධාරීන් හා සේවකයන්ට නොතේරෙනා දේ සාමාන් ජනතාවට අපූරුවට තේරෙන බව බලා ගැනීමට උවමනා නම්, මේ දෙපිරසම කළ යුත්තේ, තහනම් මැද්දේ ගොන් පෝස්ටුවක් දැමු උදේ 6:30 සිට පැයක වේලාවක් තිස්සේ රට ගිනි තැබූ, දෙරණේ, චතුර අල්විස් නම් තිරිසන් ජඩ මාජ්ජවේදියාවට දී ඇති facebook ප්රතිචාර දෙස බැලීම පමණි.

සමාජ මාජ්ජ ජාල යනු ප්රධාන පෙලේ මාජ්ජ නොවේ, එය නියෝජනය කරන්නේ සාමාන් මහජනතාවගේ වාරණයකට ලක් නොවනා අදහස් වලිනි. සමාජයේ මෙන්ම මේවායේද නරුමයන් නැතෙයි කියා කියනවා නම් එය අමූලික කෙප්පයක් වන්නේය. මෙය සමාජයේම පැති කඩකි. කාළකන්නි දේශපාලුවන් කියනවා මෙන්ම සමාජයේ කෝලාහාල කරනා පිරිස ඉතා සුළු පිරිසක් වනවා මෙන්ම, සාමයට ලැදි සාමකාමි ජනතාව අති බහුතරය වනාතර. ෆේස්බුක් වල තත්වයද එසේමය.

අද හදිසි නීතිය දමාගෙන, ස්මාජ මාජ්ජ ජාල තහනමට ලක් කරගෙන, සමාජ මාජ්ජ ජාල වලින් රට ගිනි තබන්න හැදුවා යැයි කියා අත් අඩංගුවට ගන්නා ලද උසාවියේ හඬා වැටෙනා කිරි සප්පයන්ට හා චූ කොල්ලන්ට කරන්න පුළුවන් මලදානයක් නැති බව උන්ටම තේරෙනවා ඇතිය. කළ යුතුව තිබුනේ මේ පිරිස් කව්දැයි කියා වාර්ථා කරන්නට දුරකතන අංකයක් හෝ මේල් ඇඩ්රස් එකක් ලබා දීම පමණි.

එසේ කළේ නම්, සමාජ මාජ්ජජාල තුල සිටිනා කාළකන්නින් සියල්ලම අල්ලා ගැනීමට හොඳටම ඉඩ කඩ තිබිනි. කළ යුත්තේ බහුතරයක් සාමයට ලැදි මිනිස් කමට ලැදි සාධාරන සමාජයක් වෙනුවෙන් පෙනි සිටිනා මිනිසුන්ගේ අදහස් වාරණයට ලක් කිරීම නොවේය.

රට ගිනි තැබූ උන් තාමත් එලියේය. බුකියෙන් අල්ලා ගත් කිසි දෙයක් කළ නොහැකි චූ කොල්ලෝ අතුලේය. චතුර අල්ලිස්ලා, සංඛ අමරජිත්ලා, රංගනලා මෙන්ම දිවයිනේ ජඩ්ඩ මාද්දියවේදියෝත් තාමත් එලියේය. නුවර ගොස් රට ගිනි තැබූ නානසාර, සිරිසේනගේ ගිනි නිවනා මීටිමේය. මේවාට හිනා වෙන්න වෙන්නේ හතර කොනෙන්ය. වීරවංශලා ගම්මන්පිලලා මෙන්ම ගේමම ඉල්ලන රිෂාඩ් බද්යුදීන්ලාත් තාමත් එලියේය.

රට ගිනි තැබුවේ සමාජ මාජ්ජ ජාලවලින් කියනා උන් කරන්නේ අමු බොරුවය. එක්කෝ උන්ගේ බැරි බැරියාව වසා ගැනීම සඳහා බුකිය වසා ගැනීමේ උවමනාවක් තිබෙනවා වෙන්න ඇතිය. එසේ නැත්නම් මේවා සම්පූර්ණයෙන්ම වසා දැමීමට පාරලිමේන්තුවේ සිටිනා සියල්ලම එකඟතාවකට පැමිණිලා තියෙනවා වෙන්න ඇතිය.

මේ රට ගිනි තිබ්බේ පොලීසියේ ආශීර්වාදයද ඇතුව, දේශපාලන් බැක් එකක් හිමි වෙල් ඕගනයිස් කිරිමෙනෙල් ගැන්සි බව ආන්ඩුව දන්නේ නැති උනාට, රටේ මිනිස්සු දන්නවාය. උන් කව්ද? උන් අයිති පක්ෂ මොනවාද? නියමුවන් කව්දැයි කියන්නත් ජනතාව දන්නවාය. මේවට මේ කමිටු දමා කරන්නේ අමු කොමඩි බවත් ජනතාව දන්නවාය. ජනතාවට ඕනා කමිටුවක් ඇත්තේ නැතිය. ජනතාවට අවශ් සාමයෙන් ජීවත් වීමට පමණමය. එසේ නැතුව එක එකාගේ ඇජෙන්ඩා වලට නටනා රූකඩ වීමට නොවේය.

56 බූරූ පුතුන්ටපේස් බුක්, වෙබ් සයිඩ්මැජික් වුවද, ලෝකය ගැන දන්නා මහා ලොකු ලිබරල් වාදීන් යැයි කියනා, රනිල් වික්රමසිංහලා මෙන්ම හර්ෂ සිල්වලාත් සමාජ මාජ්ජ ජාලා තහනම අගය කරමින් වැල් බයිලා ගැසීම, ලිබරල් යන නමටත් කරනා අමු නිගාවකි. අද ජාත්යන්තර වෙළදාම මෙන්ම සංචාරක ව්යාපාරය පවතින්නේදවයිබර්හාවට්ස් ඇප්අතරේ බව නොදන්නේ නම්, මුන්ගෙන් බලාපොරොත්තු වෙන ආර්ථික සංවර්ධනය එකම සිහිණයාක්ම පමණක් වන්නේයඅනෙක මේ මාධ් වාරණ එන්නේ, ගෝත්රික සමාජයකින් නවීන ලෝකයකට ගමන් කරමු යැයි කියනා ජනමාධ් ඇමතිවරයකු යටතේ වීම එයිටත් එහා ගිය එකම විහිළුවකි.

ඔවුන්ගෙන් මෙන්ම නියාමන කොමිසමේ මහත්තුරුන්ගෙන අපට අහන්නට තියෙන්නේ මේ ටිකය

  • එළාරට එදිරිව දුටුගැමුණු පිරිස් රැස් කොට එළාර මරා රජකම ගත්තේ facebook මෙහෙයුමකින්ද?
  • පරංගියා කෝට්ටේ එක්කගෙන ගියේ facebook මෙහෙයුමකින්ද?
  • පරංගියාට, ලන්දේසියාට එරෙහිව කැරළි ගැහුවේ facebook මෙහෙයුමකින්ද?
  • සිරි වික්රම රාජසිංගහේ ඔටුන්නට කෙලියේ facebook මෙහෙයුමකින්ද?
  • පර සුද්දාට එරෙහිව මාතලේ කැරළි, වෙල්ලස්සේ කැරලි කොලේ facebook මෙහෙයුම් වලින්ද?
  • අනගාරික ධර්මපාලලා ජාතිවාදය පතුරන්නේ facebook මෙහෙයුම්වලින්ද?
  • පොන්නම්බල්ම්ලා 50 50 ඉල්ලන්නේ facebook බුක් මෙහෙයුම් වලින්ද?
  • 72 විජේවීර රටේම පොලිසි වලට කෙලියේ facebook මෙහෙයුමකින්ද?
  • 83 ඇල්ලට වට දෙකෙන් පටන් ගෙන මුළු රටේම දෙමළ සංහාරයක් කළේ facebook මෙහෙයුමකින්ද?
  • ඊට පස්සෙ ප්රබාකරන් අවුරුදු තිහක් තිස්සේ වෙනම රටක් කොරගෙන ගියේ facebook  Whatsapp  Viber වලින්ද..?
  • 88/89 ජෙප්පෝ රට ගිනි තිබ්බේ facebook මෙහෙයුමකින්ද?
  • 94 රනිලලි පාටියේ අවසානය සඳහන් කළේ facebook මෙහෙයුමකින්ද?
  • 2005 මහින්ද චන්ද්රිකාගේ පුකත් නැතිවෙන්න ගහන්නේ facebook මෙහෙයුමකින්ද?
  • 2009 මහින්ද ප්රභාගේ ඔළු කට්ට කුඩු කලේ facebook මෙහෙයුමකින්ද?
  • 2012 මධු මාධවී හා නානේලා දර්ගා ටවුම ගිනි තිබ්බේ facebook මෙහෙයුමකින්ද?
  • 2015 මහින්ද ජනෙල් ගැට්ටේ එල්ලේන්නේ facebook මෙහෙයුමකින්ද?
  • අන්තරේ උන් පාරවල් වසා පොලීසියට පුක පෙන්නන්නේ facebook මෙහෙයුම්වලින්ද?
  • වඳ පෙත්තක් දමාගෙන අං පාර ගිනි තියන්නේ facebook මෙහෙයුමකින්ද?
  • තඹුත්තේගම ජනතාව පාරට බැස්සේ facebook මෙහෙයුමකින්ද?
  • ඩැයිවර් මැරුවා කියා මුලු නුවරම ගිනි තබා රට විනාශ කොට ජාතිවාදය පැතිරුවේ facebook මෙහෙයුමකින්ද?

මේවා ඇමරිකන් බයිලාය. ෆේස්බුක් යනු සමාජයේම කැඩ පතක් පමණි. facebook හෙවත් බුකියේ උන් ටිකක් එක තැනකට එක් රැස් කර ගැනීමට තිබෙනා අමාරුව දන්නේ බුකියේ කාළයක් තිස්සේ ඉන්නා එකෙක් ඉතරය. එය පුදුමයට කරුණක් නොවන්නේ, ෆේස්බුක් යනු මිනිසුන් නිදහස්න වෙලාවට විනෝදය සඳහා පැමිනෙන තැනක් වීමය. බොහෝ උන් ඉන්නේ නොරටය.

මේවා දෙස බැලූ විට ඉතාම පැහැදිලි කාරණය නම්, රට ගිනි තියන්නේත්, කැරලි කෝලාහාල කරන්නේත් වෙල් ඕගනයිස් පොලිටිකල් බැක්ග්රවුන්ඩ් එකක් ඇති අමු මදාවියෝය යන්නම පමණය. ඉදින් අතිසාරය වැළඳි මරණාසන්නව ඉන්නා මේ ගොබ්බ ආන්ඩුවට අපට කීමට ඇත්තේ, අමුඩ ගැසීම නවතා දමා දැන්වත් අතීසාරයට බෙහෙත් ගන්නාවා නම් බොහෝ හොඳයි කියනා එකය..

අවශ් බෙහෙත දඹර අමිල හිමියන් විසින් සොයාගෙන ඇත. VPN හරහා ගොස් හෝ බෙහෙත හොයා ගන්නේ නම්, මරණය සුළු කළකට හෝ පමාකර ගැනිමේ චැන්ස් එකක්ද ඇතැයි කියා, අවසාන වසයෙන් ටුවිටරේ කොල්ලෙක් දමා අදහසත් ලියා දමමින් මේ සමාජ මාජ්ජ ජාල මෙහෙයුම නවතා දමනවාය

කොලාහාල නැවැත්වීමට facebook තහනම් කලාද

Facebook තහනම් කිරීමට කෝලාහාල ඇති කලාද

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.