25 September, 2020

Blog

වාහන ගිල්ලීම, රථගාය හා රජයේ නොහැකියාව

ප්‍රියන්ත හේවගේ මාතලන් –

ප්‍රියන්ත හේවගේ මාතලන්

අපි පොඩි කාළේ ඉස්කෝලේ ගිය වෑන් එකේ අංකල් කාරයා ළඟ වෑන් කාර් එකක් තිබුනේය. ඒකට කවුරුත් කිව්වේ ජේ ආර් ගේ කාර් එක කියලාය. කවුරුත් කිව්වේ ඒක ජේ ආර් පාවිච්හි කරපු කාර් එකෙයි කියලාය. ඒක ඇත්තද කියන්න දන්නේ නැති උනත් මේ කතාව මතක් උනේ මේ මී හරක් ආන්ඩුව කාර් වගයක් හා නැවක් මූදේ ගිල්ලවපු සීන් එක දැකලාය. කාර් 25 ක් හා කේ පී ගේ නැවක් මේ ලෙස මූදූබත් කරනවා කියා නිව්ස් එකේ ගියේය. මෙසේ මූදූබත් කොරන්නේ මේ රටේ බත් කන ජනතාවගෙන් ගත්තු සල්ලිය.

පාර්ලිමේන්තුවේ ඉන්නා මී හරක් රැලට අවුරුදු පහෙන් පහට වාහනයක් ලැබෙනවාට අමතරව, ඇමති කමක් ලැබුනාම තවත් වාහන තුන හතරකුත් හම්බ වෙන්නේය. එවා මදිවාට අලි මදිවාට හරක් කියන්නැහේ, යුද්දේ ඉවර වෙලා අවුරුදු දහයක් ගත් වෙන්නත් එන වෙලේ මුන්ගේ ආරක්ෂාවට බැකප් වෙහිකලුත් හතරක් පහක් පෙරහැරේ යනවාය. මේක දැන් කල්ට් එකක් වෙලා අහවරය. අමන හිඟන්නන් ඉන්නා රටක මේවායේ යන ලැජ්ජා වෙන්න ඕනාතර. එවායෙ යන් උන්ට් ලේ බඩ ගිහින් මැරෙන්න ඕනා කියා කියන්නේ මේ රට ජනතාවය.

මන්ත්‍රිකම ආදායම් මාර්ගයක් කර ගෙන තිබෙන සිස්ටම් එක වෙනස් කරන්න කිසිම ඕනා කමක් නැති බව පේන්නේ ප්‍රාදේශිය සභාවල හිඟන්නෝත් කෝටී ගනන් වලට අලෙවි වෙනවා දකිනා විටය. මුන්ව කෝටි ගනන් අරගෙන ගම හෝ රට හදනවා නම් අවුලක් නැති මුත්, කෝටී ගනන් දීලා ගන්නේ ඒ වැඩෙ කොරන්න නොව. උන්ට කෝටී ප්‍රකෝටී ගන හම්බ කොර ගන්නා බිසිනොස් ප්‍රොජෙක්ට් එකටය.

අළුත් ඒවා ගන්නේ ඒවා ගෙන්නන උන්ට කොමිසොන් එකක් එන නිසා බව ඕන එකෙක් දන්නා කාරනවාක්ය. එහෙත්, ඔය වාහනවලට අමතරව අමාත්තියන්ස වාහන ගාල් වල දිරනා කෝටි ගනන් වටිනා වාහන අළුත්වැඩියා කර භාවිතාවට නොගන්නේ ඇයිදැයි කියනා එක නම් මහා ප්‍රශ්ණයක්ය. පරණ මොරිස් මයිනර්, ජීප් හා පුස්සගන් වාහනත් කිරි ටෝයියෝ හදා පාරේ දුවනා රටක, ඒ වාගේ බිස්නස් කරනා උන්ට අඩු මුදලකට හෝ මේ වාහන දීලා දාන්න ඕනාය. එක්කෝ මේවා කෑලී කෑලී ගලවා, ඉස්පෙයාර් පාට්ස් විකුණනා කීප දෙනෙකුට විකුනා දමන්න පුළුවන්ය. කිසිවක් නොකර වාහන අංගන වල මේවා දිරා යන්නට දමා තිබෙන්නේ ගන්නා උනටත් මුන්ගේ මී හරක් ගති බෝවේ යැයි කියා ගත් යහපත් තීරණයකට අනුව නම් අපි මේ හරකුන්ට අපේ ප්‍රණාමය පුද කරන්නත් ඕනෑය.

ඒ කෙසේ වෙතත් හිකෙන් පුනා යන්නේ, මේවා මූදූබත් කිරිමට මුන් කියනා ඇක්ස්කියුස් එක ඇහුවාමය. මුන් කියන්නේ ඒවා කාට හෝ විකුණා දැමුවොත් පාතාල සමාජිකයින් අතරට මේවා පත් වෙන්න පුළුවන් කියලාය. ඒ කියන්නේ මුන්ට පාතාලය පාලනය කර ගන්න බැරි වෙලා කියා ප්‍රසිද්ධියේ කියනා එකය. වහෙන් ඔරෝ බාසාවෙන් හෝ එහෙම පිලි ගන්නා එකම ළොකු දෙයක්ය. පාතාලයෙන් යැපෙන්නේ පොලිසීයේ බක්කෝ කියා උන්ට කින්ඩියක් දාලා ආතල් එකක් ගන්නා එක මාර පව් වැඩක්ය. උන්ට පාතාලෙට ගේම දෙන්න බැරි වෙලා තියෙන්නේ, පාතාලේ රන් කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නා උන් නිසාය. පාර්ලිමේන්තුවේ ඉතරක් නොව, මීගමු නගර සභාවේ නගරාධිපතිකමට පත් උන එකාත්, අනෙක් ඒවාට පත් වෙලා ඉන්නා උන් සභාපතිලා පත් කර ගන්නට බැරිව නටනා විගඩම් හා ගේම් ටික දිහා බැලුවාමත්, කූඹියෝ එකේ ජෙහාන් මොන පඩයෙක්ද කියා සිතෙන්නේ මට ඉතරක් නෙමේය.

තා පැත්තකින් බලනා කල මාතලන්ට හිතුනේ මෙහෙමය. ආන්ඩුව කියන්නේ මේවා පාතාල සාමාජිකයින් අතට පත් වෙන්න තිබූ ඉඩකඩ නිසා ගිල්වා දැමුවා කියලාය. ඒකේ සාධාරන පැත්තකුත් දියෙනවාය. මොකෝ මේවා භාවිතා කළේ පාතාලේ ගෝඩ් පාදර්ලා හා මදර්ලාය. ඉතින් පාතාලේ මැම්බර්ස්ලා හේවත් සාමාජිකයොත්, තමන් පාවිච්චි කරපු ඒවා වල එක එකා යනවා දැක්කොත්, ජේ ආර් ලාට, ප්‍රේමදාසලාට උනත් අවීචී මහා නරකාදියේ ඉඳගෙන උනත් මලේ හොඳම එකෙන් පනින්න පුළුවන් කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනාවාය.

*** විශේෂ – මේ ආන්ඩුව කොතරම් ගොබ්බ ආන්ඩුවක්ද කියනවා නම්, මුන්ට රදලියගොඩ කෙනෙක්කත් නැති එකෙන්ම ඒ බව පැහැදිලිව පේනවාය…

*මාතලන් අවුරුදු ගාණක් ලියපු කතා කියවන්න ඕනේ කියල හිතන අය මෙතනට අනින්න

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    That sinking is simply stupid work. they should have recycled those metal and what ever they can. Ships are broken every where and they reuse metals. Indonesia, India and china are getting ships condemend ships that way. I heard the left over ammunition from the exploded ammunition were to be sold to one country for recycling. but, the country from which we brought di dnot allow that to be carried out because, it is new business for them. Such foreign influence had been common even during the previous govt. Even in this president wanted to seell it for a small fee. but, probably Ranil wanted it sent to the OCean.

    • 0
      0

      I think Ranil has no idea about Belek Kade Junction

      :) :) :)

  • 1
    0

    In order to precent what the govt should do it remove the parts that can be used by the others, for example the powerful engine, or the tinted glasses. Another thing is many govt sell old xomputers and old ships used in naval purposes. they never sink. Instead, they remove important parts and, hard drives etc., and sell the rest. It is common those developed cpuntries force small countries to make more profits to them. but, it is the stupid politicians who are obedient poodles to them and behave that way. I heard in Sri lanka, the computer hard drive is not removed. there is suspision those hard drives are sold to foreign people or compnanies. In Sri lanka, I heard foreign companies are asking even the old movies and in turen, the foreigner wants to rebuild it & sell back to Sri lanka. Ask Ranil for more information.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.