24 April, 2024

Blog

ලෙව්කේ මැතිදු අද තනියම වෙල මැද්දේ

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

1995 වසරේ දී දිඹුලාගල හාමුදුරුවන්ව ඝාතනය වූ විට ගාල්ලේ දෙමළ කඩ වලට වර්ගවාදීහු පහර දුන්හ. අවස්ථාවේ දී දෙමළ කඩ වලින් නැගුණ ගිනිදැල් මැද ගාල්ල පොලීසියට ආවේ එවකට ගාල්ලේ ආණ්ඩු පක්ෂ දේශපාලන නායකයා වූ අමාත්‍ය රිචර්ඩ් පතිරණ . ඔහු නිෂ්ක්‍රීයතාව ගැන පොලීසියට බැන වදිමින් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිගේ පුටුවේ අසුන් ගත්තේ ඔහුටම ආවේනික ස්වරයෙන් කෑගසමිනි. අමාත්‍ය රිචර්ඩ් පතිරණ එලෙස කෑ ගසා ගාල්ලේ වර්ගවාදී ගිනිදැල් නිවීය. ඔහුගේ දේශපාලන පෞර්ෂය අභිබවා යන්නට කිසිම දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු හෝ ගාල්ලේ නොවීය. එනිසා ගාල්ලේ දෙමළ ජනතාවට එරෙහිව එල්ල වූ වර්ගවාදය ලත් තැනම ලොප් විය.

එහෙත් පසුගිය වසරේ දෙසැම්බරයේ දී ගාල්ලේ ගිංතොට වර්ග සංහාර ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවෙන විට ඊට එරෙහිව නැගී සිටින්නට පෞර්ෂයක් ඇති ආණ්ඩුවේ දේශපාලන නායකයෙක් ගාල්ලේ නොවීය. එනිසා දිගින් දිගටම ගැටුම් උත්සන්න වූ අතර ගිනි ඇවිලවූ භික්ෂූන්ගේ දෙපාමුල වැද වැටී අනුශාසනා ලබන්නට තරම් ගාල්ලේ ඇමතිවරු නිවට වූහ. ප්‍රචණ්ඩකාරීන් එළවා දමා ප්‍රදේශය සාමකාමී කර ගැනීමට ආරක්ෂක හමුදාවන්ට දේශපාලන නායකත්වය දෙනවා වෙනුවට ඔවුන් කළේ අපරාධකරුවන් සරණ යෑමය. මේ නිවට දේශපාලන නායකත්වය 2015 ජනාධිපතිවරණ මහජන අභිලාශයන්ට එල්ල කළේ පා පහරකි. එහි වගකීම යා යුත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට .

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අතිශය පෞද්ගලික කාරණා සදහන් කරමින්  ඔහුගේ ප්‍රතිවාදියෝ ඔහුට අපහාස උපහාස කළේ අදක ඊයේක පටන් නොවේ. ප්‍රතිවාදීන් අතර විරුද්ධ පාක්ෂිකයෝ පමණක් නොව තමන්ගේ පක්ෂයේ සිට ස්වාර්ථය පතා එජාප හැර ගිය පිරිස වූහ.  සියල්ලෝම ඇගිල්ල දික් කළේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ඔහු දක්වන පෞර්ෂය ආදී නායකත්වයට අදාළ ලක්ෂණ වලට නොවේ. ඇත්ත වශයෙන්ම ඔහුව විවේචනය කිරීමේ දී ඔහුගේ ප්‍රතිවාදීහු සිටියේ අශ්ලීල හා නූගත් සමාජ මට්ටමක .

රනිල් වික්‍රමසිංහ යනු නූතන ධනේශ්වරයේ දේශීය නියෝජිතයන් දෙදෙනාගෙන් කෙනෙකි. මහින්ද රාජපක්ෂ එක් ධනේෂ්වර දේශපාලන පක්ෂයකට නායකත්වය දෙන විට රනිල් වික්‍රමසිංහ අනෙත් දේශපාලන පක්ෂයට නායකත්වය දුන්නෝය. දෙදෙනාගේ පන්ති පදනම් එකම වුවත් දෙදෙනා භාවිතය එකිනෙකට වෙනස්  වූයේ හාත්පසින්ම . ධනේශ්වරයට අවශ්‍ය එකම රාජකාරිය දෙදෙනා විසින් ඉටු කිරීමේ දී මහින්ද රාජපක්ෂ දේශප්‍රේමියකු වන්නේත් රනිල් වික්‍රමසිංහ දේශද්‍රෝහියකු වන්නේත් එබැවිනි.

රනිල් වික්‍රමසිංහව ඔහුගේ පාක්ෂිකයන්, අනුගාමිකයන් පමණක් නොව කොළඹ කේන්ද්‍රීය රාජ්‍ය නොවන සංවිධාන විසින් පවා හදුනා කියවා ගත්තේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රවාදියකු වශයෙනි. එබැවින් ඔහු නායකත්වය දුන් සාම ව්‍යාපාරය ගැන පෙරකී සමාජ කොටස් වලට තදබල  විශ්වාසයක් තිබුණි. එනිසාම රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ජාතික ප්‍රශ්නයට තිරසාර විසදුමක් ලැබෙතැයි බොහෝ අය සිතූහ.

දැන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත්වී තෙවසරක් ගෙවී ගොසිනි. ඔහු නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය මූලික වෙමින් පසුගිය ජනාධිපතිවරණයේ දී මහජනතාව සමහ අත්සන් කළ දේශපාලන සම්මුතිය තවමත් කාහටත් මතක . තුළ අඩංගු වූයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණයන් දිවි පරදුවට තබමින් ක්‍රියාත්මක කරන බවට සපථ වූ පොරුන්දු නොවේ. එහෙත් දේශපාලනය සම්බන්ධයෙන් සවිඥාණික කිසිවකු එවැන්නක් සිදු වන බව නොදන්නවා නොවේ. එසේ වෙද්දීත් සමාජය බලාපොරුත්තු වූයේ රාජපක්ෂ රෙජීමය විසින් ආපිට කරකවා තිබූ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් යළි ස්ථාපිත කිරීම සදහා වූ දේශපාලන ප්‍රතිසංස්කරණයන් වහා සිදු කිරීමයි.  අර්ථයෙන් සමාජ දේශපාලනයේ ව්‍යුහමය හා ආකෘතිමය වෙනස්කමක් සිදු කර අලුත් දැක්මකින් අලුත් ආකල්පයකින් සමාජය දෙස බැලීමයි.

එහෙත් සම්මුතික ආණ්ඩුව බලයට සැනෙන් රතුපස් වල සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් නැගූන විට විෂය භාර ඇමති වූ ජෝන් අමරතුංග උත්තර දුන්නේ රාජපක්ෂ රෙජීමය සාධාරණීකරණය කරමිනි. රාජපක්ෂලා විසින් උදුරා ගත් පානම සිංහලයන්ගේ ඉඩම් යළි පවරා දෙන්නැයි උද්ඝෝෂණය කළ විට සිංහලයන්ට රාජ්‍ය බලය පෙන්වීය. කරුංකා ප්‍රති අපනයනය කරමින් දේශීය අපනයන හැකියාව රාජපක්ෂලා විනාශ කරමින් සිටි අතර සම්මුතික ආණ්ඩුව කළේ එහි වාසිය තමන්ගේ සාක්කුවට දමා ගනිමින් පෙර පරිදිම නීති විරෝධී ප්‍රති අපනයනය සිදු කරගෙන යෑමයි.

2015 මහජන සම්මුතියට අනුකූලව ආර්ථික, සමාජීය හා දේශපාලන ක්ෂේත්‍රයන්හි පොදු සමාජයට වැදගත්වන ප්‍රතිසංස්කරණයක් කිරීමට ආණ්ඩුවට හැකි නොවුණි. යමක් කළා නම් කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් මුහුණුවරකින් හෝ අනුමත කර ගැනීමත් තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගැනීමත් . මේ කාරණා දෙකම කොළඹ කේන්ද්‍රීය මධ්‍යම පාන්තික අවශ්‍යතාවන්ට සීමා විය. රටේ දැවෙන ප්‍රශ්න වූ කෘෂිකර්මාන්තය කඩා වැටීම, මගී ප්‍රවාහනයේ සීමා සහිතකම්, පානීය ජල අර්බූදය, විරැකියාව, ග්‍රාමීය ආර්ථිකයේ අඩපනවීම වැනි කාරණා සම්බන්ධයෙන් නිර්මාණාත්මකව විකල්ප දැක්මකින් පිළිතුරු සෙවීමට උනන්දු නොවීය. එක්කෝ එම ප්‍රශ්න නොදැක්කා සේ සිටියේ . නැත්නම් පානීය ජල අර්බූදයට බවුසර් මගින් ජලය සපයා තාවකාලික විසදුම්දීම වැනි සම්ප්‍රදායීක විසදුමකින් සැහීමකට පත්විය.

උඩරට අර්තාපල් අස්වැන්න වෙළෙද පළට එනවිට පුරුදු පරිදිම ආනයනික අර්තාපල් වලට බද්දක් පැනවීය. දඹුල්ලේ ලූණු වෙළෙද පළට එන විට පුරුදු පරිදිම ආනයනික ලූණු වලට බද්දක් පැනවීය.  ගම්මිරිස් මිල පහළ බැස්ස නිසා ගොවීන් මහ පාරට විට ගොවීන්ට සහනාධාරයක් දෙන බව කීය.  බුලත් මිල බැස්ස විට නොදැක්කා සේ සිටියේ . රාජපක්ෂ පාලනය විසින් පමණක් නොව නිදහසින් පසුව සියළු ආණ්ඩු ප්‍රශ්න විසදුවේ අයුරිනි. රනිල් වික්‍රමසිංහ අගමැති වූ ආණ්ඩුවෙන් ප්‍රශ්න විසදුවේ එලෙස .

බොරතෙල් මිල අඩුවීමේ වාසිය මහජනයාට ලබා දෙමින් ඛණිජ තෙල් මිල අඩු කළ බව ඇත්තකි. රජයේ සේවකයන්ගේ මාසික වැටුප රුපියල් දහදාහකින් වැඩි කර එය ක්‍රමයෙන් මූලික වැටුපට එකතු කරමින් සිටින බව ඇත්තකි. ගිලන් රථ සේවයක් ආරම්භ කළ බව ඇත්තකි. රාජ්‍ය සේවකයන්ගේ රක්ෂණ ක්‍රමය පුළුල් කර අලුත් වරප්‍රසාදයන් රැසක් ලබාදුන් බව ඇත්තකි. එහෙත් මේ සියල්ල ඕනෑම ආණ්ඩුවකින් ලබාදෙන සහන සේවාවන් . නමුත් රාජ්‍ය පාලනයේ ප්‍රතිපත්තිමය වෙනසක් සදහා ව්‍යුහාත්මක හා ආකෘතිමය වෙනස් දැක්මක් ඇති කර ගැනීමට ආණ්ඩුව මහන්සි නොවීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සමාජයේ ක්ෂුද්‍ර ප්‍රතිසංස්කරණයන් කිරීම සදහා නායකත්වය දෙන්නට නොහැකි කළ මහා ප්‍රතිසංස්කරණයන් සදහා කෙසේවත් දායක විය නොහැකිය. තත්ත්වය තුළ ජාතික ප්‍රශ්නයට විසදුමක් සදහා රාජ්‍ය ව්‍යුහයේ ප්‍රතිසංස්කරණයන් ඇතුලත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම ගැන සිතන්නටවත් නොහැකිය. 2015 ජනාධිපතිවරණයේ මහජන අභිලාශයන් තුළ අඩංගු මූලිකම කරුණ වූ ජාතික ප්‍රශ්නයට විසදුමක් සදහා වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන්න දවල් හීනයක් බවට පත්විය. දෙමළ හා මුස්ලිම් ජන ප්‍රජාවගේ මහජන අභිලාශයන් ගැන තූටුවකට මායිම් නොකරන ආණ්ඩුවකට යළි ඔවුන් සහාය දේවිය යන්න මිථ්‍යාවකි.

මහින්ද රාජපක්ෂ හොංකොං ශෙන්හැයි බැංකුවෙන් ණය මුදලක් ඉල්ලුම් කරන විට එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ කීවේ එය ලබා නොදෙන ලෙස . ජී.එස්.පී ප්ලස් සහනය සම්බන්ධ කාරණාව මතු වූ කළ ඔහු යුරෝපා සංගමයට ගතු කීවේ එය ලබා නොදෙන ලෙසය. රාජපක්ෂවරුන් අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන විට එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති පවා විවේචනය කළේ . නමුත් බලයට පත්වූ පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ගිය මගෙහිම ගියේය.  අන්තර ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත්තේ විළිලැජ්ජා නැතිවය.

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලිය කොටි සංවිධානය සමූල ඝාතනය කරලීමේ සැලස්ම රාජපක්ෂවරුන් ලවා ක්‍රියාත්මක කරලීය. එවිට අවශ්‍ය භූ දේශපාලනික ප්‍රතිපත්තිය හා උපාය උපක්‍රම ඔවුන් විසින්ම සකස් කර දෙමින් ඉන්දියාව හා මහජන චීනය සමග උපයෝගීතාව මත පදනම් වූ විදේශ ප්‍රතිපත්තියකින් ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාව තල්ලු කළේ . එය තේරුම් නොගත් රනිල් වික්‍රමසිංහ එකල මහජන චීනය දැඩි ලෙස විවේචනය කළේ . අන්තිමේ දී බලයට පත්වූ පසුව විළිලැජ්ජා රහිතව මහජන චීනයට ගොස් ආධාර ඉල්ලීය.

ග්‍රාමීය හා නාගරික පහළ අතර මැදි පන්තියේ හා ලුම්පන් සංක්‍රාන්ති පන්තියේ අවිඥාණික ආශාව වන්නේ මහින්ද රාජපක්ෂ . ඊට හේතුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ටිය නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂවීමය. ඊට වෙනස්ව ග්‍රාමීය හා නාගරික ඉහළ අතර මැදි පන්තියේ ප්‍රජාතන්ත්‍රීය ජන කොටස් දෙමළ මුස්ලිම් ජන කොටස් වික්‍රමසිංහ කෙරෙහි විශ්වාසය තැබූහ. ඊට හේතුව සමාජය සිතන ස්වරූපය වෙනස් කරමින් එම චින්තනය ඊට වඩා විදග්ධ, ශික්ෂිත, ප්‍රබුද්ධ හෝ ප්‍රජාතන්ත්‍රීය තලයට ඔසොවා තැබීමට රාජපක්ෂ විසින් දෘෂ්ටිමය උත්සාහයක් නොදරතත් වික්‍රමසිංහ සදහා මහන්සි වෙතැයි විශ්වාස කළ බැවිනි. එසේ වූයේ රනිල් වික්‍රමසිංහ විසින් සමාජයේ චින්තනමය සංස්කෘතික විඥාණය හා භාවිතාව වෙනස් කිරීමට අවශ්‍ය බවට හැගවුම්කරණය කළ නිසා විය හැකිය.

එහෙත් ඔහු බලයට පත්වූ දා සිට එවැනි විවෘත හා ලිබරල් ගති ලක්ෂණ පෙන්නුම් කළේ නැත. ඔහු පාලනයට සම්බන්ධ කර ගත්තේ ඔහුගේ අතිශය සමීප යහළුවන් පමණි. ඔවුන්ගෙන් සැදුනු මිත්‍රත්ව කවයෙන් පිට කිසිවකු සමීපයට ගැනීමට තබා ඔහුට ප්‍රිය මනාප වූයේ නැත. හතර පස් දෙනෙකුගෙන් යුත් මිත්‍රත්ව කවයක් මගින් පක්ෂය හා රට පාලනය කිරීම ඔහුගේ ප්‍රවේශය විය. නිසා දක්ෂයන්ට සුදුසු තැන අහිමි වූ අතර සාකච්ඡාව, සම්මුතිය යන්න වික්‍රමසිංහගේ කයිවාරුවක් පමණක් විය. සියල්ල සිදුවූයේ හිතුමනාපයට වූ අතර සාකච්ඡා සම්මන්ත්‍රණ ඇතිවූයේ මිත්‍ර සමාගමය තුළ පමණි.

බලයට පත්වී වසර තුනක් ගෙවී ගිහින් ඇතත් රාජපක්ෂ යුගයේ අපරාධ කළ කිසිවකුට දඩුවමක් පමුණුවා නොමැත. ඒවායේ නීතිමය ක්‍රියාමාර්ග කිහිපයකට අත ගසා ඇතත් එම නඩු කටයුතු සිදු වන්නේ ඉබි ගමනෙනි. ලංකාවේ අධිකරණමය ක්‍රියාමාර්ගයන් අතිශය ප්‍රමාද බව වික්‍රමසිංහ නොදන්නවා නොවේ. කාලය කා දැමීම ඉක්මනින් බලයට පත්වන රාජපක්ෂකාමී ආණ්ඩුවක් තුළ චූදිතයන්ට සහනයක් සලසා ගැනීමට හේතුවකි. අපරාධ විමර්ශනය කරන පොලිසීය හෝ නඩු පවරන නීතිපති දෙපාර්තමේන්තුව හෝ නඩු අසන අධිකරණය හෝ කිසිම ප්‍රතිසංස්කරණයකට ලක් නොකරන රනිල් වික්‍රමසිංහ ගෑරුප්පුවෙන් කිරි කන්නට මහත් වෙහෙසක් ගනී.

මේ සියළු ප්‍රමාද දෝෂයන් මැද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උත්සාහ ගත්තේ පාර්ලිමේන්තුවේ වීරයා වන්නට . වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ අග්‍රාමාත්‍යවරයා වගකිව යුතුව හා විනයගරුකව හැසිරිය යුතුය. එහෙත් ඔහු තමා ඇද සිටින කෝට් බෑය එහෙට මෙහෙට විසි කරමින් වරෙක විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අණ දේ. තවත් වරෙක  ඔවුන්ව උසුළු විසුළු වලට ලක් කරයි. තර්ජනය කරයි. මහ හඩින් සිනහ සෙයි.  ගැලරියේ විසිල් එකට ප්‍රතිවාදියාට පා පහරක් එල්ල කරන නළුවකු සේ රග දක්වයි. ආසන්නයේම සිදුවූයේකව්ද හොරා”  මහින්ද හොරාකියමින් තම සගයන් හා උඩ පනිමින් පාර්ලිමේන්තුව කෝළම් මඩුවක් බවට පත් කිරීමයි. මේවා දකින විදග්ධ පාර්ලිමේන්තුවාදීහු මුවින් නොබැන සිනාසුනහ.

රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ මෙන් කැරිස්මාවක් නොවේ. සියල්ලන්ට සමාජය තුළ කැරිස්මාවක් විය නොහැක. එහෙත් සියල්ලන් සමාජය තුළ ආදරය, විශ්වාසය හා ගෞරවය දිනා ගත යුතුය. රනිල් වික්‍රමසිංහට මුල් කාලයේ දී මහජන ආදරය, විශ්වාසය හා ගෞරවය තිබුණි. එහෙත් පසුකාලීනව ඔහු ක්‍රමයෙන් ඒවා අහිමි කර ගත්තේ . තම සගයන් ඉවක් බවක් නොමැතිව මහජන දේපළ කොල්ලකන විට ඒවා සැගවීමට රනිල් වික්‍රමසිංහ මහන්සි ගත්තේ . දෙමළ ජනතාවට කල්පවත්නා විසදුමක් වෙනුවට ඔවුන්ව රැවටීමට උත්සාහ ගත්තේ . ජන සමාජය ආරක්ෂා කිරීම වෙනුවට ඕන දෙයක් වෙන්නට ඉඩ හැර වන්දි ගෙවීම තම වගකීම බවට පත් කර ගත්තේ . එහෙව් ජන නායකයකුගෙන් ජනතාව ඉවත්ව යෑම අහඹුවක් නොවේ. එහෙව් ජනනායකයකුගෙන් මහජන ආදරය, විශ්වාසය හා ගෞරවය පළා යෑම අහඹුවක් නොවේ.

වර්ගවාදී භික්ෂූන්ගේ නායකත්වයෙන් ගාල්ලේ මුස්ලිම්වරුන්ට පහර දෙන විට ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට රනිල් වික්‍රමසිංහ අපොහොසත් විය. රස්තියාදුකාරයන් පිරිසක් අම්පාරේ මුස්ලිම්වරුන්ට පහර දෙන විට ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට රනිල් වික්‍රමසිංහ අපොහොසත් විය. සංවිධානාත්මක ජන සමාජයක් මහනුවර මුස්ලිම්වරුන්ට පහර දෙන විට ඔවුන්ව ආරක්ෂා කර ගැනීමටත් රනිල් වික්‍රමසිංහ අපොහොසත් විය. අනුව රනිල් වික්‍රමසිංහ යනු දේශපාලන පෞර්ෂයක් නැත්තෙකු බව සමාජගතවීම පුදුමයට කරුණක් ?

රාජපක්ෂලා විසින් නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් කොළඹ වරාය නගරය ඉදි කරන විට රනිල් වික්‍රමසිංහ කැට තබා කීවේ තමන්ට බලය ලැබුනහොත් එය ඉදිකිරීම නතර කරන බවයි. එහෙත් එය කෙතරම් විනාශකාරී ව්‍යාපෘතියක් වුවද එය ක්‍රියාත්මකව තිබූ මට්ටම අනුව ඉදිකිරීම් නතර කරන්නට නොහැකි විය. බව දැන දැනත් ඔහු බොරු පොරුන්දු දුන්නේ . පසුව බලයට පත්වූ පසුව කිසිම අදහස් හුවමාරුවකින් තොරවම සමාජයට කොලේ වසා ඉදිකිරීම් ආරම්භ කළේ . සමාජයට වගකිවයුතු අගමැතිවරයකු එලෙස හැසිරීම කනගාටුදායක . එහෙත් ඔහුට සම්බන්ධයෙන් වගේ වගක් නොමැත.

මේ සියළු සකරදම් වලට පිළිතුරක් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මහ ජනතාව විසින් ලබාදුනි. එහි විශේෂත්වය වූයේ කිසිවකුට පාවිච්චි කළ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ඉක්මවා යෑමට නොහැකිවීමය. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත්තේ මහින්ද රාජපක්ෂ විසින් 2015 ජනාධිපතිවරණයේ දී ලබා ගත් ඡන්ද සංඛ්‍යාවටත් අඩුවෙනි. එසේම 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වටා සිටි මහජන බලවේගය මෙවර පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ඉක්මවා තිබුණි. එහෙත් තනි පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ලැබුවේ ලැජ්ජාසහගත පරාජයකි.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වී මාස එකහමාරකට අධික කාලයක් ගෙවී ගියත් තවමත් එක්සත් ජාතික පක්ෂය විසින් හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් හෝ එය බරපතල ලෙස කල්පනා කර මහජනතාව සමග සුඅහ්ද සංවාදයක් ආරම්භ කළේ නැත.  එසේම සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් අලුත් දේශපාලන ගමනක් යන්නට අත් පොත් තැබුවේත් නැත. ඊට හේතුව එහි නායක රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පෞර්ෂයේ හීනකම මිස අනෙකක් නොවේ.

අනුව එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලයේ දී අවශ්‍යයෙන්ම නොතකා හරින ලද විෂයයන් බොහෝ .

(a) දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීම වඩා දියුණු ක්‍රමයක් බව,

(b) මානව හිමිකම් ඇතුළු සිවිල් පුරවැසියන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් තහවුරු කළ යුතු බව හා රුක ගත යුතු බව,

(c) ආර්ථික ප්‍රතිසංස්කරණ ජනතා හිතවාදීව ක්‍රියාත්මක කිරීම හා ආර්ථික ක්‍රියාකාරීත්වයට පොදු ජනතාවට සක්‍රීයව දායක විය හැකි ලෙස ආර්ථිකය ප්‍රජාතාන්ත්‍රිකකරණයට ලක් කළ යුතු බව,

(d) සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වයෙන් මග හැරෙන දිළිදු ජනතාව නගා සිටුවීම රජයේ අත්හල නොහැකි වගකීමක් බව,

(e) ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය වහා වෙනස් කළ යුතු බව.

පසුගිය කාල වකවානුව තුළ එක්සත් ජාතික පක්ෂය මෙවැනි කරුණු ඇතුලත් සංයුක්ත දේශපාලනයක නොයෙදුන අතර සංයුක්ත දේශපාලන කතිකාවක නොයෙදුනි. මහජනතාව හා දේශපාලන ගනුදෙනුවක යෙදෙන සෑම මාධ්‍යයකදීම ඔවුන්ගේ බුද්ධි හීන තර්ක ගොඩ නැගුනේ රාජපක්ෂ රෙජීමයේ අඩුපාඩු දුර්වලතා මත මිස න්‍යායාත්මක හා මතවාදී කරුණු මත නොවේ.

මේ අනුව මේ වැරදි දේශපාලන භාවිතයට වගකිව යුත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පමණක් නොවේ. ඔහුට ශ්‍රී ලංකාව ගැන මනා මතවාදී දැක්මක් පවතී. පවත්නා දේශපාලනඥයන් අතුරින් ධනේෂ්වර ක්‍රමය සම්බන්ධයෙන් ඔහුට ඇති අවබෝධය විද්‍යාත්මක . එහෙත් ඔහුගේ දේශපාලන සංස්කෘතිය නිර්ප්‍රජාතන්ත්‍රවාදී . ඔහුගේ ක්‍රියාකාරීත්වය වඩාත්ම සමීප වන්නේ ඒකාධිපතිත්වයටයි. එසේම ජනතාවගේ ආකර්ශනය දිනා ගත හැකි පෞර්ෂවත් චරිතයක් ඔහුට නැත. ඔහු වඩා ලොල් කරන්නේ වෙහෙස මහන්සි වී වැඩ කර අමාරුවෙන් දිනා ගන්නා ජයග්‍රහණයන්ට නොව බැලුම් බෝල චරිතයන්ට හා සබන් බෝල ජයග්‍රහණයන්ට . ඔහු බලය ලබා ගැනීමේ උපක්‍රමයන් නොදන්නවා පමණක් නොව බලය රුක ගැනීමේ උපක්‍රමයන් නොදනී.

රනිල් වික්‍රමසිංහයන්ට ආවේනික මේ දුර්වලතා ඊටත් වඩා ප්‍රබල ලෙස ඔහුගේ පක්ෂ අභ්‍යන්තර ප්‍රතිවාදීන් තුළ පවතී. විශේෂයෙන් යුද්ධය සම්බන්ධයෙන් රාජපක්ෂ රෙජීමය හා එකට සිට ගැනීමට රනිල්ට සිදුවූයේ ජනමනස හා ඒකාත්මිකවීමට තැත් කිරීමේ පක්ෂ ක්‍රියාදරයන්ගේ ප්‍රතිපත්තිය නිසා . රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට උත්සාහ ගන්නා කිසිම ක්‍රියාදරයෙක් යුද්ධයට එරෙහිව වචනයක් කතා කළේ නැත. අවම වශයෙන් දේශපාලන විසදුමක අවශ්‍යතාවක් ගැන හෝ කතා කරන්නේ රාජිත සේනාරත්න පමණි.

අර්ථයෙන් සංයුක්ත විකල්ප දේශපාලන වැඩ පිළිවෙලක් ගැන එක්සත් ජාතික පක්ෂයේ කිසිම ක්‍රියාදරයකුට අදහසක් නොපවතින බව නො අනුමානය. ඔවුන් සියල්ල රාජපක්ෂ රෙජීමය හා එක පෙලට සිට ගන්නේ කිසිම පිළිකුලකින් තොරව . ඔවුන් රනිල් එළවා දමා නව නායකත්වයකින් යුතුව සටනට බැසීමට උත්සාහ ගන්නේ රාජ්‍ය බලය ලබා ගැනීමට පමණි. අනතුරුව රාජපක්ෂ රෙජීමය මෙතෙක් කර ගෙන රාජකාරිය ඊටත් වඩා හොදින් කර ගෙන යෑමට .

රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් දීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ රනිල්ගේ ප්‍රතිවාදීන් බලාපොරුත්තු වන පරිදි හුදු රාජ්‍ය බලය ලබා ගැනීමේ උපමාරුවක් සදහා නම් නොවේ. සදහා සංයුක්ත දේශපාලන වැ පිළිවෙලක් කැරළිකරුවන් සතුවිය යුතුය. නමුත් පෙනෙන්නට ඇති පරිදි නම් ඔහුන් අත එවැන්නක් නොමැත. අර්ථයෙන් රනිල්ගේ ප්‍රතිවාදීන් උත්සාහ ගන්නේ රනිල්ටත් වඩා අසාර්ථක දේශපාලන ක්‍රියාකාරීත්වයකට . එක්සත් ජාතික පක්ෂය දිනවීම සදහා රනිල් එළවීම කැරළිකාර කණඩායමේ තනි අයිතියට පත් නොවිය යුතුවා මෙන්ම රනිල්ගේ කිරුළ බේරා ගැනීම ඔහුගේ තනි අයිතියට පත් විය යුතු නොවේ. මේ සියල්ල එක්සත් ජාතික පක්ෂයේ මහා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ අංගයන් විය යුතුය. මෙරට ධනපති පන්තියේ දේශපාලන බලයේ ප්‍රකාශකයා වන්නේ එක්සත් ජාතික පක්ෂය යි. එසේනම් එම පක්ෂය ප්‍රති සංවිධානය කිරීමේ මහා ව්‍යාපෘතිය පක්ෂ කේඩරයන්ට පමණක් සීමා කළ යුතු නොවේ. එය ධනපති සමාජයේම පුළුල් සාකච්ඡාවකින් ඇති කර ගත යුතු සම්මුතියකි.

එය සංයුක්ත විපාක්ෂික දේශපාලන වැ පිළිවෙලක් විය යුතු අතර තුළ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සදහා යුද්ධයෙන් තොර සාකච්ඡාමය දේශපාලන විසදුමක් මානව අයිතීන්ට ගරු කරන හා මානව අයිතීන් රුක දෙන ප්‍රතිපත්තියක් ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීය කරමින් බහුතර ජනතාවකට ඊට සක්‍රීව සම්බන්ධවීමේ ක්‍රමවේදයක් ආර්ථිකය හා සම්බන්ධවීමට නොහැකිව අතරමං වන සමාජයේ දිළිදු කොටස් රුක ගැනීමේ රාජ්‍ය ව්‍යාපෘතියක් අඩංගු විය යුතුය. එපමණක් නොව එම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරී සැලස්මක් (action plan) සකස් කර ගත යුතුය.

මෙරට ප්‍රධානතම ධනපති දේශපාලන පක්ෂයේ මේ අරාජිකත්වය වාසි සහගත වන්නේ පංති දේශපාලනය ගැන අවබෝධයක් නැති රාජපක්ෂ පරපුට්ටන්ට පමණි. නමුත් මෙමගින් දීර්ඝ කාලීනව ධනපති පංතියට කරන්නා වූ හානිය අති මහත් . අර්ථයෙන් ධනපති පංතිය සමාජ ප්‍රගමනයේ දී ඉටු කළ යුතු කාර්යය භාරයට බාධා ඇති කර ගනිමින් සිටිති. නිසා තම පංතියට ලැබිය යුතු දේශපාලන නායකත්වය ශක්තිමත් කර ගැනීමටත් ප්‍රබල කර ගැනීමටත් මේ රටේ ධනපති පංතිය පෙරමුණට පැමිණිය යුතු කාලය එළඹ ඇත.

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    Disgusting title. LEvke disawa died for the country against British.

    Rani is hanging because he destroyed tgge country and foreigners, MArikkars (AL NUSRA) , NGOs keep him.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.