26 April, 2024

Blog

පඹයා කුඹුරෙන් ඉවත් කිරීමේ කාළය පැමිණ ඇත

ප්‍රියන්ත හේවගේ මාතලන්

ප්‍රියන්ත හේවගේ මාතලන්

රනිල් වික්‍රමසිංහ මුලින්ම කළ යුත්තේ, මේ සති අන්තයේ දි කරනවා යැයි කියා තම පාක්ෂිකයින්ට පොරොන්දු වූ සියළුම ප්‍රතිසංස්කරණයන් සිඳු කිරීමය. එහෙත් මහා ළොකු හඬක් නැගූ, පාලිත රංගන බන්ඩාර හා වසන්ත සේනානායකද, ඩීල් රාජපක්ෂද, හීන් නූල් කාරයකු වන සජිත් ප්‍රේමදාසද, රනිල්ට පක්ෂව, විශ්වාසභංගයට විරුද්ධව මනාපය දුන්නේ, විමල් කීවාක් මෙන් මොණර කොල වලට නම්, විමල් කියනා පරිදි අනෙක් උන්ද කෝටී ගනන් වලට වෙන්දේසී වූවා නම්, වෙනස් කම් ඕනා කරන්නේද නැතිය. එසේ විකුණුනාද නැද්දයි කියා අද හෙටම අපට බලා ගන්නටත් පුළුවන්ය.

කෙසේ වෙතත්, මේ විශ්වාශභංගයෙන් මතු වූ කරුණු ගනනාවක් අතරේ, ප්‍රධාන පෙල කරුණු කීපයක් මෙසේ ගෙන හැර දැක් විය හැකිය:

ο රට විනාශ කළ මාධ්‍ය මාෆියාවට කෙල වීම

ο විශ්වාසයක් නැත්තේ රනිල් කෙරේ නොව, ගුණමකුවා කෙරෙහි බව නැවතත් සනාථ වීම

ο සුළු ජාතින්ට ඇති එකම රැකවරණය එජාපය බව තහවුරු වීම

ο සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ බව තහවුරු වීම

ο ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන ගේම් නොහැකි බව සනාත වීම

ο චීනයට වඩා ඇමරිකාව හා ඉන්දියාව ලංකාවේදී වඩාත් බලවත් වීම

ο රට විනාශ කළ මාධ්‍ය මාෆියාවට කෙල වීම

රනිල් වික්‍රමසිංහ දැන් කළ යුත්තේ සියල්ල පසෙක තබා, “ජනක් ප්‍රේමලාල්” නාට්‍ය නිර්මාණ “රාජකපුරු” නාට්ටිය නොමිළේ අම්මට සිරි ලංකාව පුරා ප්‍රදර්ශනය කිරීමය. ඇත්තටම එය අපූරූ නාට්ටියකි. රජෙක් නැති රටට අළුත් රජෙක් සොයා ගැන්මට නම් නක්ෂස්ත්‍රකාරයන් කියන්නේ, මඟුල් ඇතා පිටත් කොට, ඇතා දන නමා වඳිනා මොකා හෝ ගෙනවුත්, සිංහාසනයේ තැබිය යුතුය කියලාය. කරුමයක මහත කියන්නේ කොහේදෝ රටක වූවා වාගේ, මඟුල් ඇතා ගොස් දන ගහන්නේ කුඹුරේ ඉන්න පඹයා ළඟය. කේවට්ටයෝ කරන්නේ පඹයා ගෙනත් සිංහාසනයේ තබා, උන් රට පාලනය කරනා එකය. රජ ගෙදර ඉන්නා කවිකාරයා නොහොත් ප්‍රශති ගී කාරයාගේ දක්ෂතාවය කෙසේදැයි කියනවා නම්, ඒවා අසා පඹයාද බ්‍රේක් ඩාන්ස් දාන්නට පටන් ගන්නාතර. පඹයාගේ එකම ආතල් එක වන්නේ එයම පමණමය.

මෙවන් වන්දිභඨ්ඨයෝ මහින්ද රාජපක්ෂද මැදමුලනේ ජනෙල් ගැට්ටේ එල්ලු වේය​.. අද පල්ලෙවත්තේ ගමරාලද කාබාසීනියා කර දැම්මෙය. සිරිසේන නොදැන උන් කාරනය නම්, රජෙක් බල්ලෙක් වෙන්න යන්නේ ඉතා සුළු මොහොතක් බවය. සිරස මාධ්‍ය ජාලය හා උන්ගේ මුදලට විකුණුන සිරිසේන වල පල්ලට කැඳවාගෙන යන කේවට්ටයන් කිහිප දෙනා සහ කාළකන්නි චීවරධාරියා කුඩු පට්ටම් වීම අහිංසක කාළකන්නි සතුටක් ගෙන දෙන කාරණයක්මය.

මෙවන් තිරිසන් මාධ්‍යකරණයක් ලක් ඉතිහාසයේ තිබුනේ නැතිය එමෙන්ම බිමල් රත්නායක ඉතා පැහැදිලව කියූ ආකාරයට, මෙවන් මහා පාවාදෙන්නෙක් ලෝක ඉතිහාසයේවත් උන්නේ නැති බව සහතිකය. ජනවාරි 8 වනදා ජනතා ජයග්‍රහණයට පයින් ගසා, විරුද්ධ පාර්ෂවය හා එකට ඉඳගන්නා ගුණමකුවකු හා තව දුරටත් එකට ඉඳගන්නවාද යන්න මානුෂික ප්‍රශ්ණයක් වනාතර, රන්ජන් රාමනායකට පොරොන්දු වූ පරිදි මින් පසු සරම ගලවා පැත්තකින් තබා නිර්වස්තරයෙන් එජාපයේ උන් හා මීටින් වලට එන්නේ නම් ඉතා වැදගත් බවත් කිව යුතුමය.

විශ්වාසයක් නැත්තේ රනිල් කෙරේ නොව ගුණමකුවා කෙරෙහි බව නැවතත් සනාථ වීම

මීට පෙර මහින්ද ළඟ උන්නේ 50 ස් ගණනකි, එය ඊයේ 76 දක්වා වර්ධනය කර ගැනීමට පොහොට්ටු පාර්ෂවයට හැකි විය. ගමයාගේ ගිලෙන නැවෙන් පැන්න ප්‍රමාණය බොහෝය. ඇබ්සන්ට් උන් සියල්ලමද, එක්කෝ රනිල් සමඟය, නැතිනම් මහින්ද සමඟය. ඡන්දයකදි 4% ගත් ප්‍රතිපත්තියක් නොමැති සත පහකට විශ්වාස කළ නොහැකි අමු ගුණමකුවකු හා උන්නොත්, තමන්ටත් කවදා හෝ අත්වෙන ඉරණම වටහා ගත් සියල්ලෝ, පඹයාගේ ගිලෙනා නැවෙන් පැන අවසානය. දැන් ඉන්නේ ශිරාල් මලිත් හා කිලී මහරාජා පමණය. උන්ටත් කරන්න පුළුවන් ලබ්බක් නැති බව ඊයේ ඔප්පු කර අවසානය.

සුළු ජාතින්ට ඇති එකම රැකවරණය එජාපය බව තහවුරු වීම

සාමාන්‍යයෙන් තම්බි පක්ෂ, දෙමළ පක්ෂ හා හා විශේසයෙන් වතු දෙමළ පක්ෂ ජේ ආර් ගේ සිස්ටම් එක තුල කවදත් උන්නේ සජ්ජුරුවෝ එක්කය. මෑත ඉතිහාසයේ මෙන්ම ඈත ඉතිහාසය දෙස බැලුවද, ඇත්ත කතාව ඒකය. එහෙත් යහපාලනයක් සහජීවනයක් සංහිදියාවක් ගැන උදේ හවා පාරම් බානා මේ ගුණමකුවාගේ ඒ පොරොන්දු සියල්ල අමු බයිලා බවද, මෙ පඹයා නටන්නේ පන්සලේ ඝංඨාරේ ටියුන් එකට බවද අද ක්‍රියාවෙන්ම ඔප්පු කොට අවසානය.

දෙමළු ඉල්ලු අනෙක් සිද්ධීන් පසෙක තිබියේවා, කප්පම් ගැනීම සඳහා උස්සගෙන ගොස් කප්පම්ද ලබා ගැනීමෙන් පසු අතුරුදහන් කර දැමු දරුවන්ගේ මිනීමරුවන් අතටම අසු වී තිබියදි, උන් බෙරා ගැනීම සඳහා හාන්දුරුවන්ගෙ කිමට ක්‍රියා කරන්නෙ වෙන කිසිවකු නොව, රටේ මහ එකාම බව දන්නා කිසිම දෙමළෙක් මේ හොර රජා කෙරේ විශ්වාසයක් තබයිද? නුවර ගැටුම් පිටිපස්සේ උන් එකා ජපානේ වඩම්මාගෙන යන අමු ජාතිවාදියෙකුට එක තම්බියෙක් ආයේ ඡන්දයක් දෙයිද? සියළුම වර්ගයන්ට අයත් සුළු ජාතින් මොහු මහා බොරුකාරයකු හා අමු වංචාකාරයකු බව වටහාහෙන අවසන් අතර, සුළු ජාතිකයකු වන මහාරාජාගේ පදයට නටනා පඹයකු බවත් වටහා ගෙන අවසානය.

සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ බව තහවුරු වීම

තමන් බලයට පත් කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කල චන්ද්‍රිකාට සැලකුවේ මහින්ද සැලකුවාටත් වඩා තුඡ්ච සහගත ලෙසය. එයට චන්ද්‍රිකා ෆෝබීයාවෙන් පෙලෙන ශිරාල් ලක්තිලක කෙලින්ම බලපාන්නට ඇතිය. මහින්දටත් කළ නොහැකිව තිබු, චන්ද්‍රිකාලාගේ අත්තනගල්ල හා හොරගොල්ල වලව්ව මහ පොලොවට සමතලා කර දැමීමේ කාරිය නම් ලෙසටම කොලේය. ඒවා කරලා උපරියමෙන්ම දැඟලුවේ සිරි ලංකා නිදහස් පක්ෂයේ ලොක්කා වෙන්නටය.

ගොන්කම කෙසේදැයි කියනවා නම්, එහෙම පක්ෂයේ නායකයා වෙන්න ගියේ, පක්ෂයේ උන් පුකට පයින් ගහලා එලවා දැමූ කාලකන්නින් ඇමති වරු කරලාය. පක්ෂයේ සොලිඩ් බඩු ටික උන්නේ මහින්දගේ ගෙදරය. සමූපාකාර ඡන්ද වලින් ගේම ඇරඹු මහින්ද, අන්තීමේදී පලාත් පාලන ඡන්දය එන කොට නැවතත් රටේ නායකයාත් වෙලා අහවරය. රනිල් විපක්ෂ නායකයා උනේය. ගුණමකුවාට 62 නොව ඇට 2 ත් නැති වී කෙල උනේය.

මොහු රටේ නායකයා ලෙස පිලිගන්නේ 4% පමණ වන අමු ගොන් තකතීරුවෝ පිරිසක් පමණි. සිරිසේනගේ ඇට දෙකටත් කෙල වෙන බව දන්නා වැට උඩ උන් පිං ගොන්නු සියල්ලෝම වාගේ, ඊයේ මහින්දට එකතු වූ අතර. නොපැමිනි සියළු දෙනාද අලි පාටියට හෝ රාජපක්ෂවරුන් තුරුලට යන බවත් ඉර හඳ මෙන් විශ්වාසී අතර, උන්ටද මොහු කෙරේ තිබු අවිශ්වාසය වැඩි වී ඊයේ නැති වී පොඩි හෝ විශ්වාශයක් තිබුනේ වී නම් එයත් නැති භංගස්තාන වෙලාම ගියේය.

ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන ගේම් නොහැකි බව සනාත වීම

ජනතා විමුක්ති පෙරමුණ ලද දෙයින් සතුටු වන පක්ෂයක් බව තව දුරටත් තහවුරු වී අවසානය. උන්ට ඔනෑ විමුක්තියක්කත් විප්ලවයක්කත් නැති අතර. ඊයේ ගත් ගොන් තකතීරූ තීන්දුව මගින් සනාත කරන ලද්දේ, ඔවුන්ට කිසිඳු දැක්මක් හෝ ටාගට් එකක් නැති අපතයෝ පිරිසක් බවත් කොහේ හෝ එන සල්ලි ටිකකින් පක්ෂයේ කොම්‍රඩ් වරුන්ගේ බඩ වියත රැකගෙන තා දුරටත් බයිස්කෝප් වීරයෙකු පමණක් බවට පත්වීමය.

එහෙත් මෙය සිරිසේනගේ ගේමක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කිරීම සහ සියල්ල්නගේම රෙදි ගලාවා දැමීම, අප අගය කළ යුතුය. කෙසේ වෙතත් බඩ වියත රැක ගැනීමට පොලිටික්ස් කරනා එදා වෙල ටුවර් සෙට් එකක් වූවද, ජෙප්පෝ යනු ගවගාලේ සිටිය යුතුම ගව විශේෂයක් බවද ඊයේ දිනයේද තහවුරු කළෙය.

චීනයට වඩා ඇමරිකාව හා ඉන්දියාව, ලංකාවේදී වඩාත් බලවත් වීම

පසුගිය පලාත් පාලන ඡන්දයේ සිට එජාපයේ කෑලී හැලෙන්නට ගමරාල ගැහුවේ වෙන කිසිඳු හේතුවකටත් වඩා, ඝෝඨාභය හරහා චීනය සමඟ සෙට් වීම නිසා බව ඉතා හොඳින් පැහැදිලිය. විශ්වාශභංගය ගෙනාවේ චීනය හරහාය, සියලු කුමන්ත්‍රණ සිඳු වූයේ එහි සිටය. එහෙත් රනිල් ඇමරිකාව හා ඉන්දියාවේ සහයෝගයට අමතරව, අවසානයේදී චීනයේ සහායත් ලබා ගත් බවත් ඉතා පැහැදිදිලිය. 2020 පත් වන මොකා හෝ කළ යුත්තේ, චීනයේ උන්ගේ පදයට නටනා රූකඩ නැට්ටුවන් පිරිසක් බවට පත් නොවී, උන්ගේ ආතල් මෙගේ ගැනීමට සියයට සියයක් ඉඩ නොදි, උන්ගේද සහාය ඇතිව, ඉන්දියාව හා එක්ව රට දියුණු කිරීම බවත් ලියා තබා, විශ්වාසභංගක් ගෙනත් අමුඩෙත් රී ගත් මහ සජ්ජුරුවන්ටත්ම අබ සරණම වේවා කියමින්, මාතලන්ගේ මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

විශේෂ – දොෂාභියෝගයත් ගෙන ආ යුත්තේ, එයින් පසු ඇතිවන දේශපාලන තත්වය්න් පිලිබඳව ඇග්‍රීමන්ට් එකක් ගසා බවත් සියළුම පක්ෂ සිහියේ තබා ගත යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    ඔච්චර ලොකු කමක් ගන්න තරම් දෙයක් සිද්ධ වෙලා නැහැ. රනිල්ව අන්තිම මොහෙතේ හරි බේරුවේ මෛත්‍රී.
    මට තාමත් හිතා ගන්න බැහැ රටේ ජනාධිපති එලොවටත් මෙලොවටත් නැති ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාශ භංග උගුලට අත්සන් කරන්න පෙළඹුනේ ඇයි කියලා.
    ජිනීවා ගිවිසුම ගෙනැල්ල යුද්ධෙන් රට බේරාගත්ත හමුදාව අමු අමුවේ පාවලා දීපු, ඒකීය රට කෑලි කෑලි වලට කඩල රට විනාශ කරන්න හදපු රනිල්ට කිසි දවසක සමාව නොදෙන මමත් මෛත්‍රීට ලිව්වා විශ්වාස භංග යෝජනාවට පක්ෂ වෙලා මහින්දට කරපු දේම රනිල්ට කරන්න එපා කියල. ඒක අපේ සිංහල බෞද්ධ ගතිය නෙමෙයි. සිංහලයෝ අපි සටන් කරන්නේ එළිපිට, මුහුණට මුහුණ, තරඟ නීති වලට අනුකූලව. දේශපාලන බල ලෝභය වෙනුවෙන් රාජපක්ෂලා ගහන යටි කූට්ටු වලට අපි එකඟ නැහැ. මහින්දට ආදරේ වුනාට යටින් ගේම් ගහන බැසිල්ල ගෝඨාභයල ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසා. ඒ හින්දයි මෛත්‍රීට කිව්වේ තමන් එක්ක එකට ආපු රනිල්ව ඒකාබද්ධ විපක්ෂේ කියන විදියට පාවලා දෙන්න එපා කියලා. මෛත්‍රීව මහින්දට එරහිව යොදා ගත්ත නිසා තමයි රනිල්ට බලයට එන්න පුළුවන් වුනේ. මම චන්දෙ නොදුන්නට මිනිස්සු චන්දෙ දුන්නේ මෛත්‍රී රට පාලනය කරයි කියලා. රනිල් ඉල්ලුව නම් මිනිස්සු කවදාවත් රනිල්ට චන්දෙ දෙන්නේ නැහැ. විශ්වාස භංග යෝජනාවට මෛත්‍රීගේ අත්සන අර ගන්න බැසිල් පොරොන්දු වුනේ රනිල්ව එලවල දාන්න වගේම එහෙම කර ගන්නමෛත්‍රී පොරොන්දු වුනේ එළියේ ඉන්න, චන්දෙකින් කවදාවත් ජනාධිපති වෙන්න බැරි බැසිල්වයි ගෝඨාභයවයි පාර්ලිමේන්තුව ඇතුලට ගන්නද කියන්න මම දන්නේ නැහැ.
    එක මොකක් වුනත් පහුගිය දවසක රනිල් ඒකාබද්ධ විපක්ෂෙ එක්ක එකතු වෙලා මෛත්‍රීව දෝෂාභියෝගයකින් අයින් කරන්න හදපු එකම කරන්න, මෛත්‍රීත් ඒකාබද්ධ විපක්ෂෙ එක්ක එකතු වෙලා රනිල්ට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාව වගේ කියලයි මට පෙන්නේ. ඒ හින්ද ඒකට මේක කැපෙනවා. කලින් මොනවා කලත් අන්තිම මොහෙතේ ශ්‍රී ලංකා එකේ කොටසක් චන්දෙ දීමෙන් වලක්වලා රනිල්ව බේරා ගත්තේ මෛත්‍රී. එහෙම කරපු එකෙන් රනිලුයි මෛත්‍රීයි දෙන්නම එක්ක double deal දාල ඒ පැත්ත අවොත් ඒ පැත්ත මේ පැත්ත අවොත් මේ පැත්ත කියල ගහපු බැසිල්ගේ යටිකූටු game එක බකල් වෙච්ච එක ගැන මට සතුටයි. ඒ හින්ද “දිනුවත් අපි දිනුම් පැරදුනත් අපි දිනුම්” කියල බැසිල්ගේ පූර්ණ අනුග්‍රහයෙන් ඒකාබද්ධ විපක්ෂේ ගහපු game එක “පැරදුනේ ඔබ නොවේ අප” කියල සෝ සුසුම් මැද ඉවර කරන්න වුනා.

    • 0
      0

      This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

    • 0
      0

      ඔබේ මතය පිලිගැනීමට අපහසුයි… රනිල් අගමැති උනේ 106 ක බහුතර බලයකින්. ඔහුට සිරිසේනගේ ඉසිඳු සහයක් නොමැතිව 122 ක බලයක් තිබෙන බව දැන් ඔප්පු කලා. සිරිසේන දේශපලන අනාතයෙක්. මනුස්සකමක් නොමැති අමු කුහකයෙක්.

      • 0
        0

        ආ මාතලන් බොස්.. වෙල්කම්…. සිරිසේනව පත් කලේ ඔබතුමාලේ නොවේද?

        • 0
          0

          ඔව් පත් කළෙත් අපි… ඉවත් කරන්නෙත් අපි..

      • 0
        0

        රනිල් වැටිලා හිටපු පහුගිය දවස් ටිකේ මම රනිල්ට පහර දීල කතා කලේ නැහැ. නැගිටින්න හදන කොට ගැහැව්වෙත් නැහැ. කෙනෙක් දුර්වල වෙලාවේ මම විවේචනය කරන්නෙ නැහැ. හැබැයි දැන් කෙලින් හිට ගත්ත නිසා යථාර්තවාදීව කතා කරමු.
        .
        ඔබේ ඔහෙම කිව්වට ඇත්ත ඒක නෙමෙයි. රනිල්ට 106ක් ලැබුනේ කළුවරේනෙ. 2015 අගෝස්තු මහමැතිවරණයේ අවසාන ප්‍රතිඵල නිකුත් වෙන්න ඉස්සෙල්ල කොම්පියුටර් අක්‍රීය වුනා. ප්‍රතිඵල නිකුත් කිරීම නැවතුනා. ඊට පස්සේ එක පාරට UNP ආසන සංඛ්‍යාව වැඩි වුනා. සමහර චන්ද කොට්ඨාශ වල එක්සත් ජාතික පාක්ෂිකයන් එක පාරට විසිතිස්දහස් ගානකින් වැඩි වෙලා තිබුන. නිකුත් කරපු ප්‍රතිඵල බැලූ බැල්මටම ගණන් වැරදියි. 2015 අගෝස්තු මහමැතිවරණය දින්නේ මහින්ද. පැය 4-5ක් ප්‍රතිඵල ඇනහිටවල ප්‍රතිඵල එනකොට UPFA එකට වඩා seats UNP එකට වැඩි වෙලා.

        ඊට පස්සේ මනාප ප්‍රතිපල වලටත් වුනේ ඒකමයි. කොළොඹ රනිල්ගේ මනාප මුලින්ම දැම්මේ ලක්ෂ එකහමාර කියලා. ඊට පස්සේ ප්‍රතිපල නිකුත් කිරීම පැය 4ක් නැවතුනා. පස්සේ ආයේ මනාප ප්‍රතිඵල එනකොට රනිල්ගේ මනාප සංඛ්‍යාව ලක්ෂ 5 වෙලා තිබුන. කොළොඹ වැඩිම මනාප තිබුනේ විමල්ට. ඒක වැහැව්වා.
        2019/2020 දීත් මේකම වෙනවා. සමහරු කැමති වෙන්නත් ඉඩ තියෙනව. රනිල්ට කියන්න කොන්ද පණ තියෙනව නම් මැකෝ නැතුව චන්දෙකට ඉල්ලන්න කියලා. ඊළඟ චන්දෙ දිනන්න ලේසි නැහැ. රනිල් ජනප්‍රිය නිසා නෙමෙයි, මැකෝ අවසාන චන්ද ප්‍රතිඵල වලට ඉස්සෙල්ල කළුවරේ ඉන්න කැමැති නිසා. මිනිහ චන්ද ප්‍රතිඵල නිකුත් කරන්නේ two nights together වගේ කට්ටම කළුවරේ.
        ආණ්ඩුවේ මැකෝ මාෆියාව හෙවත් මැතිරවරණ මාෆියාව සහ තාක්ෂණ මාෆියාවට මුහුණ දෙන්න වැඩ පිළිවෙලක් රනිල්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයන්ට තියෙන්න ඕනේ. මහජන මතය ඇත්තටම පිළිඹුබු වෙන චන්දයක් අවශ්‍ය නම් මහජනතාව අතරින් ප්‍රබල හඬක් එන්න ඕනේ ඊළඟ චන්දෙට ඉස්සෙල්ල මැකෝව අයින් කරන්න කියලා. මැකෝටත් දැන් මේකෙන් ගැලවෙන්න බැහැ පෙරවැරදි තියෙන නිසා. කැමති වුනත් අකමැති වුනත් ඊළඟ චන්ද ප්‍රතිඵල නිකුත් කරන්න වෙන්නේත් කළුවරේ.
        .
        2015 යහපාලකයෝ කරපුව 2019/2020 වෙන්න ඉඩ තියන්න බැහැ. ඊළඟ චන්දෙදි රටේ නියම මහජන මතයට අනුකූලව චන්ද ප්‍රතිඵලය නිකුත් වුනේ නැත්නම්, 2015 අසාධාරණය දැක දැක මහින්දලා විමල්ල කරබාගෙන හිටියා වගේ, අනිත් හැමෝමත් කරබාගෙන ඉඳියි කියලා ආණ්ඩුව හිතනවා නම්, ඒක ලොකු වැරදීමක්.

        • 0
          0

          මේ මහතා පැවති ඡන්ද පෙතිපල විකාශයන් පිළිබඳ පිටපොට පටලවා ගෙන ඇති බව ඉතා පැහැදිලිය. හිතේ අමාරු ඇති වූ විට එවන් රෝග වැළඳිම සාමාන්නිය දෙයකි.

          අතීතය පසෙක තිබියේවා මුළු ලොවම ලයිව් බලාගෙන උන් ඡන්දයකින් රනිල්ට බහුතරයක් ඇති බව පෙන්වා අවසානය.

          • 0
            0

            ඇත්ත වහන්න බැහැ. මම කියන එක පිළිගන්න ඕනේ නැහැ. රනිල්ට කියන්නකෝ ඊළඟ චන්දෙට මැකෝ නැතුව ඉල්ලන්න කියලා.

    • 0
      0

      මට 122 කතාවට උත්තර දෙන්න බැරි වුනානේ.
      122 ලැබෙන කොට රනිල්ගේ අනිත් පැත්තේ හිටියේ ඒකාබද්ධ විපක්ෂයනේ. අනිත් පැත්තේ මෛත්‍රී හිටිය නම් සුළු ජාතික පක්ෂ එකතු වෙන්නේ රනිල්ට නෙමෙයි මෛත්‍රීට. තව 26ක්ද කොහෙද චන්දය නොදීමෙන් වැලකී හිටියනේ. ඒකයි කිව්වේ ඔය තරම් උඩ පනින්න දෙයක් නැහැ කියලා.

  • 0
    0

    MAthalan: Evangelists are ejaculating thinkign they won. Remember how LTTE was fighting for 26 years. Now, there are ISlamic Evangelists and Evagelical – buddhists. This exposed Ranil and the parliament. Even Mahinda Rajapske had to buy MPs in order to have political stability. MY3 is stupid giving more powers to Ranil. Now, We understand that how MY3 has become a chicken and his throiat is at the butcher shop. YOu Mathalan is wonderful. YOu were honest. WE know what is going on. Sri lanka should have legislation to have a powerful president but he should be accountable to the LAW – Courts within the given limits. PArliamentary power is corrupt and cannot be corrected until most of them are let go. Instead, We should have strog LAw cp=ourts that are addressing the Deep state needs. Who we need is a Fidel Castro or a Daniel duterta or Valdmier Putin here. YOU nailed it perfectly.

    • 0
      0

      Thanks Jim…. We have an option… Wait until next Presidential Election… Always hope for the “Best’…

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.