27 September, 2020

Blog

රනිල්ට එරෙහි ග්‍රාම්‍ය කුමන්ත්‍රණය

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

විශ්වාසභංගය රනිල් වික්‍රමසිංහට විශාල ජයක් උරුම කරදෙමින් අවසන් විය. නමුත් විශ්වාසභංගයට පසු උදාවන අද දින ශ්‍රී ලංකා දේශපාලනයේ අලුත් දිනකි. ඊයේ ආණ්ඩුවේ සිටි ඇමතිවරු විශාල ප්‍රමාණයක් අද ආණ්ඩුවෙන් ඉවත්විය යුතුය. මන්ද ආණ්ඩුවේ සිටිමින් එම ආණ්ඩුවට එල්ල වූ විශ්වාසභංගයකට සහය දැක්වීම හේතු කොට ගෙන ඔවුන්ට තවදුරටත් ආණ්ඩුවේ මැති ඇමතිකම් දැරීමේ සදාචාර අයිතියක් නොමැති බැවිනි. නමුත් එම ලැයිස්තුව අනුවනම් ඔවුන්ට ලැජ්ජා බය ඇති බවක් ඉතිහාසයේ පෙන්වා නැත. මෙම මුළු ක්‍රියාවලිය මගින් මෙතරම් කාලයක් ආණ්ඩුව තුල සිටිමින් ආණ්ඩුව අනතුරේ හෙලීමට කටයුතු කල සියල්ලෝම රටටත්, ආණ්ඩුවටත් හෙළිකර ගැනීමට අවස්ථාව ලැබුණි. උදාහරණයක් ලෙස පසුගිය මැතිවරණ කාලයේ දිසානායක ඇමතිවරයා ජනතාවගේ සමෘධි දීමනාව පිට පිට මාස දෙකක් ගෙවීම වැලක්වුවේය. එසේම ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර පියදර්ශන ඇමතිවරයා ආපදා කළමනාකරණ විෂයෙහි විශාල ප්‍රමාද කිරීම් හිතාමතාම සිදු කරන ලදී. අනෙකුත් මැති ඇමතිවරුන්ද අඩු වැඩි වශයෙන් ආණ්ඩුව අනතුරේ හෙලීමට ආණ්ඩුව තුල සිටිමින් කටයුතු සිදු කල අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒවා රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණ වේ. තීරණාත්මක ලෙස ආණ්ඩුව ඇතුලත සිටි ට්‍රෝජන් අශ්වයින් හෙළිකර ගැනීමට ඉඩ ලැබීම හා තව දුරටත් ඔවුන්ට ආණ්ඩුවේ ගමන් මගට බලපෑම් කිරීමට ඉඩ නොතැබීමට අවස්ථාවක් ලැබීම රටේ ඉදිරි ගමනටද විශාල සහයෝගයක් බව මගේ හැගීමයි. මෙය අගමැතිවරයා මෙම ක්‍රියාවලිය මගින් ලැබූ එක් ජයග්‍රහණයක් ලෙස අර්ථ දැක්විය හැකිය.

මෙතෙක් ආණ්ඩුවේ තිබු අර්බුදය ඒකාබද විපක්ෂයට විතැන් වෙමින් පැරණි දූෂකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොල්මංකරයින් පොහොට්ටුවට එකතු වීම මගින් එහි තිබු බැසිල් රාජපක්ෂගේ එකාධිකාරයට අභියෝගයක් එල්ලවන අතර මෙතෙක් එහි තිබු සමය වේගයෙන් බිද වැටීම ආරම්භ වන බව මාගේ හැගීමයි. විශේෂයෙන් පොහොට්ටු පක්ෂය තුල විමල් විරවංශලට ලැබී ඇති දෙවන පෙළ සැලකීම පාර්ලිමේන්තු කණ්ඩායම ශක්තිමත් වීම තුල අවලංගු වනු ඇතැයි ඔවුන්ගේ ගණන් බැලීමයි. නමුත් එය එතරම් සරල කාරණයක් නොවන්නේ එම පක්ෂය අභ්‍යන්තරයේ බැසිල් රාජපක්ෂ විශාල ගසක් ලෙස පැතිරී ඇති නිසාවෙනි. මේ සදහා හොදම උදාහරණය වන්නේ පළාත් පාලන ප්‍රධානීන් පත්කිරීමේදී ඊට බලපෑම් කිරීමට මහින්ද රාජපක්ෂ්ටවත් නොහැකි වූ අතර සම්පුර්ණයෙන්ම සියල්ල බැසිල් රාජපක්ෂ සතු විය.

මේ අනුව කිව යුත්තේ ආණ්ඩුවේ අර්බුදය නැවතත් රාජපක්ෂ වරුන්ට විතැන් වූ බවයි. නමුත් ශූර දේශපාලකයෙකු වන බැසිල් රාජපක්ෂ එය කෙසේ කළමනාකරණය කරතිදැයි දැනගැනීමට තවම කල් වැඩිය. නමුත් විමල් ඇතුළු ඒකාබද්ධ බැසිල් විරෝදී පිල රංගේ, වසන්ත වැනි පුහුණු දේශපාලකයන්ගේ ලණු කෑ ආකාරය අනුව කිව යුත්තේ අබ සරණයි කියාය. එසේම මෙම මුළු අරගලය තුලදීම ආණ්ඩුවේ නායකයාගේ ක්‍රියාකලාපය සියලුම දේශපාලන පක්ෂ වලට හොද පාඩමක් වන අතර ඉතිරි වසර එක හමාර තුල ජනාධිපතිවරයා විශ්වාස කරන දේශපාලකයෙකු හෝ නිලධාරියෙකු බෙහෙතකටවත් සොයාගත නොහැකි වනු ඇත. එතුමාගේ කුහක කුඩුකේරුකම් හොදින් හදුනාගත් තක්කඩි යටි උගුල් කරුවන් එතුමාව අගේට කඩේ යවමින් එකිනෙකාගේ පෞද්ගලික එදිරිවාදීකම් හා දේශපාලන අරමුණු ඉටු කරගනු ලැබුවේය. ආණ්ඩුවටද සැලකියයුතු හානියක් සිදු කළේය. නොබෙල් සාම තෑග්ගට උරුමකම් කියූ නායකයෙකු සහජ උරුමයන් වූ කුඩුකේඩු කම් හා ගුණමකු කම් නිසා ඉතිහාසයේ කුණු කූඩයට වැටුණි. නමුත් බලය රැදී මෝඩයා පාඩම් ඉගෙන නොගන්නා අතර සියල්ලෝම ප්‍රවේශමෙන් කටයුතු කල යුතුය. එසේම රාජපක්ෂවරු කියනා පරිදි ජනාධිපතිගේ සම්බෝලය සැදීමට තව බොහෝ කාලයක් බලා සිටීමට සිදු වනු ඇත. මන්ද එක්සත් ජාතික පක්ෂය තුලත් අගමැතිතුමා තුලත් එක්තරා ආකාරයක විශ්වාසයක්, බලාපොරෝතුවක් තවමත් රැදී ඇති බැවිනි. එසේම ලැබුණු ජනවරමට අනුව එතුමා ආරක්ෂා කිරීමේ ශිලාචාර බවක් තවමත් එලිට් අගමැති සතුව රැදී ඇති බැවිනි.

අවසානයේ රටේ මාධ්‍ය ආයතන වල ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන්ම පාහේ කටයුතු කරනුයේ ලෝකයේ ඇති සියලුම සීලාචාර මුලධර්ම වලට පටහැනිවය. නමුත් මෙවර  ඔවුන් ලංකාවේ දේශපාලනයට වඩා කුඩා බව මෙරට ජනතාවට ඔප්පු කොට සිටියේය. විශේෂයෙන් රට අස්ථාවර කිරීමේ කටයුතු වලදී මාධ්‍ය ආයතන වල හැසිරීම පුදුමාකාර අශිලාචාර බවක් ඉසිලිය. එක්තරා අවස්ථාවක රටේ නායකත්වය පවා මෙම මාධ්‍ය මෙහෙයුමට යටපත් විය. එම අශෝබන මාධ්‍ය මෙහෙයුම සම්පුර්ණයෙන්ම රටේ ජනතාව නොමග යවනසුළු වුවද තුන් වැනි ලෝකයේ රටක් ලෙස ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාවයේ ඉහල අගය ආණ්ඩුවත් රටත් ආරක්ෂා කල බව මගේ හැගීමයි.

අවසානයේ මෙම විශ්වාසභංග ක්‍රියාවලියේදී අගමැතිවරයාගේ ක්‍රියාකලාපයට විශ්වාසය පලකල කණ්ඩායම් වන්නේ ඔවුන්ගේ ජිවිත කාලයම කැපකල දේශපාලනයට  අදාල කණ්ඩායම්ය. එනම් එක්සත් ජාතික පක්ෂය, දෙමල සන්ධානය ඇතුළු අනිකුත් සුළු ජාතික පක්ෂ හා එක්සත් ජාතික පක්ෂය හා සන්ධාන ගතවන අනෙකුත් සහෝදර බලවේගය. සුපුරුදු ලෙස ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය පක්ෂ විය. අනෙකුත් කණ්ඩායම කර හැර සිටියේය. නමුත් එම පක්ෂයේද එක්තරා කණ්ඩායමක් අගමැතිවරයා සමග සිට ගැනීමට සුදානම් වුවද පසුව ආණ්ඩුවේත් ඔවුන්ගේත් පැවැත්ම උදෙසා ඔවුන්ට වෙනත් තීරණයකට බලකෙරෙනි.

අවසානයේ අගමැතිවරයාගේ පරිනත දේශපාලන ක්‍රියාකාරිත්වය නිසාවෙන් සියලුම තත්ත්වයන් සාමකාමිව විසදුනද, වැරදි දේශපාලන භාවිතාවන් නිසාවෙන් ජනධිපතිවරයාගේ දුර්වලවීම ඔහුගේත් ආණ්ඩුවේත් පැවැත්මට කෙතරම් බලපෑමක් සිදුවනු ඇත්දැයි දැනගැනීමට සති කීපයක් ගත වනු ඇත. ආණ්ඩුව අත්හැර ගිය කණ්ඩායම් වලට රාජපක්ෂ වරුන්ගේ සැලකීම කෙතරම්දැයි දැනගත හැකි වන්නේ අනාගතයේදීය. සිදුවිමට නියමිත දෙය වන්නේ ආණ්ඩුවෙන් කැඩී පැමිණි පිරිසට පර හැත්ත ලෙස සැලකීමයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    තුෂාරට උත්තරයක් ලියන්න ඉස්සෙල්ල කවදාවත් කියන්න හිතපු නැති දෙයක් මට ලියන්න සිද්ධ වෙලා තියෙනවා. ටිකක් අමාරුයි. සම්බන්ධන්, විග්නේශ්වරන්, හකීම්, බතියුදීන්, මනෝ, දිගම්බරම් තරම්ම මමත් ජාතිවාදියෙක් වුනාට, මම දේශපාලකයෙක් නොවෙන නිසාත්, ස්වාධීන comment ලියන්නෙක් නිසාත්, මටම කියලා මගේම ප්‍රතිපත්ති තියෙන නිසාත්, බනින්න විවේචනය කරන්න ඕනේ කොට කිසි අනුකම්පාවක් නැතුව එහෙම කරනව වගේම හොඳ කියන්න ඕනේ තැනදීත් ගෞරවයක් දෙන්න ඕනේ තැනදීත් කිසි ලෝබකමක් නැති නිසාත්, නොහිතපු දේ ලියන්න වෙලා තියෙනව.
    .
    විශ්වාස භංග යෝජනාව පැරදීම රනිල්ගේවත් UNP එකේවත් ජයග්‍රහණයක් නෙමෙයි. ඒක ජනතාවගේ ජයග්‍රහණයක්. අවුරුදු 5කට වතාවක් තමන් කැමති නායකයෙකුට හෝ පක්ෂෙකට චන්දෙ දීල තමන් කැමැති ආණ්ඩුවක් පිහිටුවන්න ජනතාවට තිබෙන පරම අයිතිය ආරක්ෂා වීමක්. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමක්. මහජන කැමත්තට ඉඩ දීමක්. ඒ හින්ද විශ්වාස භංග යෝජනාව පරද්දලා ජනතාවට තමන්ට කැමති ආණ්ඩුවක් චන්දයකින් තෝරා ගන්න තියෙන අයිතිය ආරක්ෂා කරලා දීපු TNA එකටත් විශේෂයෙන්ම ආර් සම්බන්ධන් විපක්ෂ නායකතුමාටත් මගේ ගෞරවය පිරිනමන්න කැමතියි. ඊළඟට SLMC නායක රාවුෆ් හකීම් ඇමැතිතුමාටත්, බතියුදීන්, මනෝ ගනේෂන්, දිගම්බරම් ඇමතිවරුන්ටත් ඒ සමාන ගෞරවයක් පිරිනමනවා. අගමැතිවරයා අයින් කලානම් ඊට පස්සේ ඊළඟට අයින් කරන්නේ ජනාධිපතිවරයාව. ඒ නිසා විශ්වාස භංග යෝජනාව පැරදුනේ රටේ වාසනාවට. ඒ හින්දා විධායක ජනාධිපතිවරයා ආරක්ෂා වුනා.
    .
    සිංහලයෝ මහත් බලාපොරොත්තු තියාගෙන හිටපු අපේම සිංහල නායකයෝ සහ සිංහල මන්ත්‍රීවරු රට ජාතිය ආගම දෙවෙනි තැනට දාලා, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බලු පොරයක් කරගෙන, බලය ඩහ ගන්න, බලය අරන් දෙන්න, ශිෂ්ඨ චන්දදායකය අනුමත නොකරන ආකාරයේ විවිධ යටිකූට්ටු වැඩ වලට අනුව, අපිටත් පිළිකුල් හිතෙන තරම් ලැජ්ජා සහගත විදියට, රටට පෙන්නන දේශපාලනයට වඩා සම්පූරණයෙන්ම වෙනස් අන්තිම ආත්මාර්ථකාමී හේතු නිසා පමණක් deal දේශපාලනය පාවිච්චි කරලා, පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කරන්න හදපු වෙලාවක, ජනතාවගේ චන්ද අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරලා දෙන්න ඉදිරිපත් වුනු, ජාතිවාදීන්, බෙදුම්වාදීන් සහ ත්‍රස්තවාදීන් කියලා මමම කියපු පාර්ලිමේන්තුවේ සුළු ජාතික පක්ෂ සහ ඒවායේ නායකත්වයට ස්තූති කරනවා.
    ඊළඟට අන්තිම මොහෙතේ හරි තමන්ට සිද්ධ වෙනදේ ගැන අවබෝධ වෙලා විධායක ජනාධිපති ධූරය ආරක්ෂා කරගෙන එක මන්ත්‍රී කණ්ඩායමක චන්ද වලක්වලා විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම ගැන ජනාධිපතිතුමාටත් ස්තූති කරනවා.

    • 0
      0

      පහුගිය අවුරුදු 2 දිහා බලපුවහම ඒකාබද්ධ විපක්ෂේ මහින්ද සහ එතන ශ්‍රීලනිප/හොටු පොහොට්ටු කණ්ඩායම රට ජාතිය හමුදාව ගැන රනිල් ගෙනාපු හැම පනතකදීම රට වෙනුවෙන් හමුදාව වෙනුවෙන් ඊට එරෙහිව චන්දෙ දෙන එක මඟ ඇරියා. කවදාවත් හමුදාව වෙනුවෙන් රනිල්ට විරුද්ධව චන්දෙ දෙන්න පාර්ලිමේන්තු ආපු නැති මහින්ද රටට වැඩක් නැති, තමන්ට පමණක් වැඩක් ඇති විශ්වාස භංග යෝජනාවට පක්ෂව චන්දෙ දෙන්න ආව. බෙදුම්වාදී ව්‍යවස්ථාව අරන් ආපු ව්‍යවස්ථා දායක සභාවෙන් අයින් වුණේවත් නැහැ. දැන් රනිල්ට විරුද්ධව දෙන චන්දෙන් ඇති වැඩේ මොකක්ද? විශ්වාස භංග යෝජනාව ගැන මුල ඉඳන්ම කිව්වේ වල්පල්. මේක යට තිබුනේ රනිල් එලවන එක නෙමෙයි, විධායක ජනාධිපතිධූරය දුර්වල කරන එක. ඇත්තටම වුනේ රනිල් හිටියටත් වඩා ශක්තිමත් වෙච්ච එක. දැන් රනිල් ආපහු තමන්ව බේරා ගත්ත හිලව්වට TNA එක ඉල්ලන බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙනාවොත් මහින්දයි ඒකාබද්ධ විපක්ෂෙයි ඒකට පක්ෂ වෙනවද විරුද්ධ වෙනවද? TNA එක කිව්වොත් රනිල්ව බේරන්න කොන්දේසි වලට යටත් කර ගත්ත කියලා, ඒකෙ වගකීමත් ගන්න ඕනේ ඒකාබද්ධ විපක්ෂේ. විශ්වාස භංග යෝජනාව නිසා රට තිබුනටත් වඩා බැරෑරුම් අඩියකට වැටුන. රනිලුයි යහපාලන ආණ්ඩුවයි කලින්ටත් වඩා සුළු ජාතිකයන් අතරට ඇදගෙන වැටුන. ඊළඟට සිද්ධ වෙන හැම දේටම මහින්දයි ඒකාබද්ධ විපක්ෂෙයි වග කියන්න ඕනේ. කිසිම ඉලක්කයක්, දෙවෙනි සැලසුමක් නැතුව කරපු වැඩෙන් අමාරුවේ වැටුනේ රට.

  • 0
    0

    විශ්වාස භාගයෙ නියම කතාව පේන්නේ ඒකාබද්ධ විපක්ෂේ අවුස්සලා තිබ්බ ඔක්කොම දූවිලි වැටිලා පින්තූරේ clear වුනාම.
    .
    පැහැදිලිවම ඒකාබද්ධ විපක්ෂේ විශ්වාසභාග යෝජනාවට ලැහැස්ති වෙලා හිටියේ නැහැ. පේන විදියට ඒකාබද්ධ විපක්ෂට ඕනේ වෙලා තිබුනේ විශ්වාසභාගෙට ඉස්සෙල්ල රනිල්ව බය කරන්න. ඇත්තටම රනිල් බයවුනා. ශ්‍රීලනිපයි ඒකාබද්ධ විපක්ෂෙයි JVPයි එක පැත්තකට ඇවිල්ල TNA එකයි SLMC එකයි පැත්තකට වුනොත් හෝ විශ්වාසභාගෙට පක්ෂ වුනොත් අනිවරයයනෙම අයින් වෙන්න වෙනවා. අනිත් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂෙ UNP මන්ත්‍රීවරු අල්ලගෙන රනිල්ට අභියෝගයක් කළා. රනිල්ව වේලාසනම බය කළා. තමන් දිනනවට වඩා පරදින තැනටම ආව වුනත් රනිල් අස් වුනේ නැහැ. දෙන්නට දෙන්න කොටෝලා මෛත්‍රී ලව්වම රනිල්ව අස් කරවලා ඊට පස්සේ මෛත්‍රීවත් එලවන්න ඒ කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නම වට්ටන්න හිතුවට ඒකාබද්ධ විපක්ෂෙ වැඩේ වැරදුන.
    .
    විශ්වාසභාග යෝජනා විවාදෙට ඒකාබද්ධ විපක්ෂේ ලෑස්ති වෙලා හිටියේ නැහැ. විවාදේ පටන් නගන්න මහින්ද එයි කියල හිතුවට මහින්ද විතරක් නෙමෙයි නාමලුත් මඟාරියා. උදේ පාන්දරම ඒකාබද්ධ විපක්ෂෙ හුලං බැස්ස. පුරුදු විදියට රාජපක්ෂ clanඑක තමන්ව ඉස්සරහට දාල ජාමේ බේරගන්න හදනවා කියලා ඒකාබද්ධ විපක්ෂෙට තේරිච්ච බව පෙනුන. මම අනිත් කතා ඇහුවේ නැහැ. මාතෘකාවෙන් පිට පැන පැන කරපු විමල්ගේ කතාවට මට හිනහත් ගියා. විමල් හරිම කපටිය. රාජපක්ෂලා එක්කම ඉඳගෙන, රණ්ඩුත් වෙවී, විමල් රාජපක්ෂලා ගහන game එකට නොදෙවෙනි game එකක් ගහනව. විවාදෙදි ඒකාබද්ධ විපක්ෂේ කලේ වෙනත් කතාවක් අල්ලාගෙන ප්‍රධාන මාතෘකාවෙන් පිට පැනපු එක. මොනරකොළ ගැන රණමොනර part දැම්ම මිසක් ඒකාබද්ධ විපක්ෂේ බැඳුම්කරේට රනිල්ගේ තියෙන සම්බන්ධෙ ගැන කතා කිරීම මඟ ඇරියා. ආරංචි විදියට විවදෙදි කතා කරපු ශ්‍රීලනිප කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂේ උගුලට අහු වෙලා රනිල්ව පට්ට ගැහුවාලු. කොහොම වුනත් මෛත්‍රීට කොහොම හරි මොලේ පහල වුනා නිසාද කොහෙද ශ්‍රීලනිප එකේ භාගයක් අයින් කරගැන ඒකාබද්ධෙ ගැටේට අහු වුනේ නැහැ කියල ඔප්පු කල. මෛත්‍රී සහ රනිල් දෙන්න කොරයි අන්ධයි වගේ. ඒ මොන වුනත් ඒකාබද්ධ විපක්ෂේ පාවලා දීලා හරි මෛත්‍රී විධායක ජනාධිපති ධූරය ආරක්ෂා කර ගත්ත එක ගැන මට සතුටුයි. ඒ මොකොද UNP එකෙන් මෙච්චර කල් හරි රට බේරාගෙන හිටියේ මෛත්‍රී මිසක් මහින්දයි ඒකාබද්ධ විපක්ෂෙයි නොවෙන නිසා.

    • 0
      0

      Hey Wimal, I said you are a කපටිය. It is a compliment.

  • 0
    0

    විශ්වාස භංගයට පක්ෂ වෙච්ච ශ්‍රීලනිපයෙ දෙමුහුන් කල්ලියටවත් ඒකාබද්ධ විපක්ෂේටවත් අයිතියක් නැහැ රනිල් TNA සහ SLMC චන්ද ගත්ත එක ගැන විවේචනය කරන්න. ඒ මොකොද කිව්වා නම් රනිල්ව ඒ තැනට තල්ලු කලේ මෛත්‍රීයි මහින්දයි නිසා.
    .
    දේශපාලන ඉව තිබ්බ නම් විශ්වාස භංගය පරදින බව දැක්කහම මහින්දට තිබ්බ චන්දෙකට යන්නේ නැතුව විශ්වාස භංගෙන් පරදින්නේ නැතුව match එක draw කරගන්න. එහෙම වුනානම් විශ්වාස භංගේ අවිනිශ්චිත බව එහෙමම තියෙනව. චන්ද්කට ගියපු එකෙන් වුනේ රනිල්ගේ දිනුම ඉතිහාස ගත වෙච්ච එක සහ වැලේ වැල් නැතුව අද වැටෙයි හෙට වැටෙයි කියලා හිතපු රනිල්ට අළුත් ජීවයක්, අළුත් පිළිගැනීමක් සහ අළුත් ගැම්මක් දීපු එක. අද ඉඳන් රනිල් ඉස්සරහට රටට එරෙහි මොනවා කරත් ඒ කරන හැමදේකම වගකීම මහින්දටයි ඒකාබද්ධ විපක්ෂේටයි වැටෙනවා. “කරපු මෝඩකම් දැන් ඇති මරියේ තවත් මෝඩකම් නොකරම් සරියේ” කියලා ඒකාබද්ධ විපක්ෂෙට කවදා හිතෙයිද මන්ද.
    .
    විශ්වාස භංගෙට දෙමල මුස්ලිම් චන්ද ගත්තට, රනිල්ට ඊට එහා යන්න බැහැ සිංහල බෞද්ධ චන්ද පදනම දෙදරන නිසා. දැන් තියෙන්නේ තමන්ව බේර ගත්ත මෛත්‍රී එක්කම ඉඳලා, අවුරුදු තුනක් තිස්සේ කරපු වැරදි හදාගෙන 2019/2020 ඊළඟ චන්දෙට යන එක. පළාත් සභා වලට මම විරුද්ධයි. මහා සල්ලි නාස්තියක්. ඒ කරන දේවලට වඩා වැඩි දේවල් පළාත් සභා වලට වියදම් කරන සල්ලි වලින් ඊට වැඩ ලාභෙට මධ්‍යම ආණ්ඩුවට කරන්න පුළුවන්.

    Contd’ 1/2

  • 0
    0

    යහපාලන ආණ්ඩුව දැති මෝරු වගේ මිනිස්සුන් මහන්සි වෙලා හම්බ කරන සල්ලි ටිකයි අමාරුවෙන් ඉතුර කරගත්ත සල්ලි ටිකයි ගිලින්න ගෙනාපු අළුත් බදු ක්‍රමය ලබන අවුරුද්දේ අප්‍රෙල වලට කල් දාල, ඒ අතරේ ඒකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන අමාරුව ඉවත් කරන්න revise ඕනේ. වක්‍ර බදු අයින් කරන්න කියලා සෘජු බදු ගැහැව්වට ඒ බදුම වක්‍රාකාරයෙන් ආපහු සාමාන්‍ය මිනිස්සුන්ගේ කරපිටට වැටෙනවා කියන එක මේ ආණ්ඩුවට ඇත්තටම තේරෙන්නේ නැත්ද?
    .
    ඒකාබද්ධ විපක්ෂේ game පිට game ගහන්නේ, වයිවාරන්න නාඩගම් රඟ දක්වන්නේ, වර්ජන කරන්නේ, මිනිස්සුන්ව අවුස්සන්නේ, ඒ ගොල්ලන්න්ට වෙන කරන්න දෙයක් නැති නිසා. කවුද කිව්වා ඒකාබද්ධ විපක්ෂෙට කියන්නේ සිකුරු තරුව කියලලු. රෑට පායනවා. උදේට බැහැල යනවලු. දවල්ට පේන්න නැහැලු. ඒ හින්දා දවල්ට තමන් ඉන්න බව පෙන්නන්න නිකම් ඉන්න ගමන් කණාෂොට් ගහනව, උගුල් අදිනවා, ලණු දෙනවා, බාල්දි පෙරලනවා, කොකු දානවා, ගොනාට අන්දවනව, ඇමවල් දෙනවා, පැල්කවි කියනව, වෙට්ටු දානවා, සාස්තර කියනව, සීනි බෝල දෙනවා, රූකඩ නටවනවා, බයිලා කියනව, පෙත්සම් ගහනව. ආණ්ඩුවකට ඒවා බල බල ඉන්න බැහැ. ආණ්ඩුව රට පාලනය කරන්න ඕනේ. ඒ හින්ද ආණ්ඩුව දැන්වත් ඒකාබද්ධ විපක්ෂය විසින් නටවන රූකඩයක් වෙන එක නවත්තලා මිනිස්සුන්ගේ ජීවන ප්‍රශ්න ටික විසඳන්න ගන්න.

  • 0
    0

    NCM was a strategic blunder. A miscalculated risk.
    .
    විශ්වාස භංගයක් ගෙනල්ල හිටපු ජනාධිපතිතුමයි ඒකාබද්ධ විපක්ෂෙයි කරපු එකම දේ අගමැතිට නැති බලයක් අරන් දීල එතෙක් අගමැති සහ UNP එක පාලනය කරන් හිටපු ජනාධිපතිවරයාව දුර්වල කරන්න හදපු එක. විශ්වාස භංග යෝජනාවට චන්දෙ දෙන්න TNA එක රනිල් එක්ක දාපු deal වලින් වැඩක් නැහැ. මීට කලිනුත් ඒවා තිබුන. මෙතෙක් හරි ඒවා පාලනය කරන්න ලැබුනේ ජනාධිපතිවරයා ඒවාට විරුද්ධ වුනු නිසා. ඒකාබද්ධ විපක්ෂේ බලය ගන්න හැදුවේ රටට ආදරේට නෙමෙයි. තමන්ට හිසරදයක් වෙලා තියෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න. ඒකාබද්ධ විපක්ෂේ අවුරුදු 2ක් තිස්සේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් නොකළ නම් මේ ආණ්ඩුවට ඉල්ලා අස් වෙන්න කියලා මිනිස්සුම පාරට බැහැල. රටට ආදරයක් තිබුනා නම් මීට කලින් රනිල් ගෙනාපු රටට ද්‍රෝහී පනත් වලට විරුද්ධව චන්දෙ දෙන්න තිබ්බනේ. විශ්වාස භංග යෝජනාවට තිබ්බ උනන්දුවයි කැපවීමයි, OMP, ICPPED එකට විරුද්ධව SLFP සහ UNP මන්ත්‍රීවරුන්ගේ චන්ද එකතු කරන්න තිබ්බේ නැත්තේ ඇයි? ICPPED එකට විරුද්ධව චන්දෙ දීලා තිබුනේ ඒකාබද්ධ විපක්ෂේ 16 දෙනයි. විශ්වාශ භංගෙට 72ක් චන්ද ගත්ත. රාජපක්ෂලාට රණවිරුවෝ මතක් වෙන්නේ චන්ද ලං වුනාම විතරයි.
    .
    දැන් ජනාධිපතිවරයාට තියෙන්නේ ආපහු ග්‍රහයෙක් මාරු වුනා කියල හිතල වෙනද වගේ වැඩ ටික කරගෙන යන්න. කලිනුත් ඔහොම වැඩක් වුනානේ, ගිය අවුරුද්දේ ජනවාරි 26 අනිවාර්යයෙන්ම මැරෙනවා කියල සාස්තර කියනව වගේ ජ්‍යොතිෂය අනාවැකියක් හදල කියල වෙන ගේමක්ද කොහෙද දෙන්න ගියා. විශ්වාස භංගේ දිනුව කියල අගමැතිට අලුත් බලතල ලැබුනේ නැහැ. ජනාධිපතිවරයාගේ බලතල අඩු වුනෙත් නැහැ. ඒ හින්දා රට දෙකඩ කරන ෆෙඩරල් ව්‍යවස්ථාව නැවත ගෙන්න උත්සාහයක් තියෙනව නම් ජනාධිපති බලතල පාවිච්චි කරල ඒක වලක්වන්න ඕනේ. අනිත් එක රනිල් අනිත් චන්දෙට ඉල්ලනවා නම් බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙනත් සිංහල චන්ද ටික නැති කරගන්න තරම් මෝඩ වෙන එකක් නැතිවෙයි.
    .
    ඊළඟ චන්දෙ තියන්න ඉස්සෙල්ල මැතිවරණ කොමිසමේ සභාපතිව බලෙන් ඉල්ලා අස් කරවන්න ඕනේ. එතනට දැනට රජයේ සේවයේ ඉන්න කෙනෙක් secondment දාන්න ඕනේ. කාන්තාවක් නම් වඩා හොඳයි.
    .

  • 1
    0

    Jeez. මම මේකට මෙච්චර comments දැම්මද? මතකත් නැහැ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.