24 April, 2024

Blog

ශ‍්‍රී ලංකාව පිළිබඳ ජනතා විනිශ්චය සභාව

ශ‍්‍රී ලංකාව පිළිබඳ ජනතා විනිශ්චය සභාව- දෙවැනි සැසිය
7-10 දෙසැම්බර්, බ්‍රෙමන්, ජර්මනිය

ජර්මනියේ බ්‍රෙමන් නගරයේ පැවැත්වූ ශී‍්‍ර ලංකාව පිළිබඳ ජනතා විනිශ්චය සභාවේ දෙවැනි සැසිය, එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් අද අවසන් විය. ඊලාම් දෙමළ ජනතාවට එරෙහි ජන සංහාරය පිළිබඳ චෝදනාවෙන් ශ‍්‍රී ලංකාව වැරදිකරු බවත්, තවමත් එම අපරාධය සිදුවෙමින් පවතින් බවත්, මේ විනිශ්චය සභාවේ විනිසුරුවරු 11 දෙනා ඒකමතිකව තීන්දු කළහ. මෙම සිද්ධියේ වින්දිතයන් වන්නේ, ජාතික කණ්ඩායමක් වශයෙන් ඊලාම් දෙමළ ජනතාව බවත්, විනිශ්චය සභාවේ නිරීක්ෂණය විය. එසේම, එම ජනතාවගේ ජාතික අනන්‍යතාව සහමුලින් විනාශ කිරීමට එම ජන සංහාරයට තවම හැකි වී නැති බවත් විනිශ්චය සභාව නිරීක්ෂණය කෙළේය. ජන සංහාරයේ ඒකාබද්ධ ක‍්‍රියාකාරී සැලැස්ම එහි කූටප‍්‍රාප්තියට පැමිණියේ 2009 මැයි මාසයේ ය. එසේ වෙතත්, ඉහත සඳහන් ක‍්‍රියාකාරකම් මගින් සනාථ කෙරෙන, ඊලාම් දෙමළ ජාතික අනන්‍යතාව මකා දැමීමේ ආණ්ඩුවේ සැලැස්ම අනුව, ජන සංහාරය යනු තනි ක‍්‍රියාවකට වඩා ක‍්‍රියාවලියක් බව පැහැදිළි ය. මෙම සැලැස්මේ නියාමකයන් විසින් එම ජනතාව වෙසෙන භූමිය අත්පත් කර ගැනීමත් සමග ජන සංහාරක උපාය මාර්ගය වෙනස් විය. මිනිස් ඝාතනයන් දැන් වෙනත් ක‍්‍රියාවන්ට පරිවර්තනය කෙරෙමින් තිබේ. එහෙත් එම ජන කණ්ඩායම සහ එහි අනන්‍යතාව විනාශ කිරීමේ අභිප‍්‍රාය එසේම පවතින අතර, ඊලාම් දෙමළ කණ්ඩායමේ සාමාජිකයන්ට කෙරෙන බරපතල කායික සහ මානසික අනර්ථයන් හරහා එය ක‍්‍රියාවේ යෙදැවේ. ශ‍්‍රී ලංකා ආණ්ඩුව පහත සඳහන් ක‍්‍රියා සිදුකොට ඇති බවට වන සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව විනිශ්චය සභාව සළකයි.

tamils(අ) එම ජන කණ්ඩායමේ සාමාජිකයන් ඝාතනය කිරීම:
සමූල ඝාතනය, වගවිභාගයකින් තොර ෂෙල් වෙඩි ප‍්‍රහාර, මහපරිමාණ ඝාතන සඳහා වන චේතනාවෙන් ‘ඊනියා වෙඩි නොතැබීමේ කලාපවලට’ මිනිසුන් ගාල් කිරීමේ මූලෝපාය, ශ‍්‍රී ලාංකීය ජන සංහාරක ව්‍යපෘතිය පිටස්තර ලෝකයාට දැනුම්දීමේ හැකියාවෙන් යුත්, නොබියව කතා කරන ඊලාම් දෙමළ සිවිල් නායකයන් ඉලක්කගත ඝාතනයන්ට ලක්කිරීම.

(ආ) එම ජන කණ්ඩායමේ සාමාජිකයන්ට ශාරීරික හෝ මානසික බරපතල අනර්ථයන් සිදුකිරීම:
වධබන්ධන, අමානුෂික හෝ නොහොබිනා සැළකිලි, ¥ෂණය ඇතුළු ලිංගික හිංසන, පහර දීම් සහ මරණ තර්ජන යටතේ කෙරෙන ප‍්‍රශ්න කිරීම්, සෞඛ්‍යයට හානිකර හෝ විරූපකරණ ක‍්‍රියා සහ තුවාල සිදුකිරීම.

(ඇ) මුළුමණින් හෝ අදියර වශයෙන් කායිකව විනාශ කිරීම අරමුණු කර ගත් ජීවන තත්වයන් එම කණ්ඩායම මත හිතමතාම පැනවීම:
වින්දිතයන්ව නිවහන්වලින් පලවා හැරීම, පුද්ගලික ඉඩම් අත්පත් කර ගැනීම, දෙමළ ජාතිකයන්ගේ ඉඩකඩම් හමුදාවට පවරා ගැනීම් පහසු කරනු වස් විශාල ප‍්‍රදේශ ‘හමුදා අධිආරක්ෂිත කලාප’ වශයෙන් ප‍්‍රකාශයට පත්කිරීම.

(ඈ) තව ද, මේ කණ්ඩායමේ ජනතාව අතර උපත් පාලනය ඉලක්ක කර ගත් බලහත්කාර වන්ධ්‍යාකරණයන් සහ ඊලාම් දෙමළ කාන්තාවන් බලෙන් ප‍්‍රතිසන්ධිරෝධනයට ලක්කිරීම ගැනට තිබෙන සාක්ෂි ද විනිශ්චය සභාව සළකා බලන ලදි. ඒවා, ජන සංහාරක ක‍්‍රියා වශයෙන් සැළකිය හැකි දැ යි නිශ්චය කිරීමට පෙරාතුව, වෙනත් පෙදෙස්වල එම ක‍්‍රියාකාරකම් භාවිත වන ප‍්‍රමාණය සොයා බැලීමේ අවශ්‍යතාව විනිශ්චය සභාවේ නිරීක්ෂණයට ලක්විය.

ඇමරිකාව සහ එක්සත් රාජධානිය, ජන සංහාරක අපරාධ සහායකත්වයේ වැරදිකරුවන් බවට තීන්දු විය: ජන ඝාතක සංහාරයට භාවිත කෙරුණු අවි ආයුධ, මෙවලම් සහ වෙනත් දේවල්, ජන සංහාරය වැනි අරමුණක් සඳහා පාවිච්චි කළ හැකි බව දැන දැනම ඒවා සැපයීමෙන් වරදසහායකයෙකු වීම.

ජනඝාතක සංහාරකයෙකුට ඒ සඳහා සැලසුම් කිරීමට සහ සැලසුම් ප‍්‍රකාර ක‍්‍රියාවන් සඳහා හැකියාව සැලසෙන ලෙසට, දැනුවත්ම ආධාර කිරීම හෝ අනුබල සැපයීමෙන් වරදසහායකයෙකු වීම.

ජනඝාතක අභිලාෂයන් තනියෙන් මුදුන්පත් කර ගැනීමේ හැකියාවක් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට නැති බව පිළිගනිමින් සහ විනිශ්චය සභාවට ඉදිරිපත් වූ සාක්ෂි ද සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව, එක්සත් රාජධානිය, ඇමරිකාව සහ ඉන්දියාව, ජන සංහාරයේ අපරාධ සහායකයන් වශයෙන් වැරදිකරුවන් වන බව විනිශ්චය සභාව විශ්වාස කරයි. කෙසේ වෙතත්, ඉන්දියාව සහ වෙනත් රටවල්, සැබවින්ම ඊලාම් දෙමළ ජන සංහාරයේ අපරාධ සහායකයන් වී දැ යි අවසාන වශයෙන් විනිශ්චය කිරීම, අමතර සාක්ෂි සළකා බැලීම සඳහා වන කාලයේ සීමාවන් තුළ, කල් තැබුණි.

ජන සංහාරක අපරාධයට අදාළව සිදුවිණැ යි කියන විවිධ අපරාධ ගැන සේම, ඒ සඳහා වන වරදසහායකත්වයේ චෝදනා ගැනත්, අදාළ නෛතික සහ ඓතිහාසික පසුබිම ගැනත්, ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ විශේෂඥයන් තිස් දෙනෙකුට වැඩි පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන්හ.

දෙවැනි සැසිවාරයේ නඩු විභාගය අන්තර් ජාලයේ සජීවව විකාශනය කෙරුණු අතර http://ptsrilanka.org වෙබ් අඩවියේ පළ කෙරෙනු ඇත.

මෙම දෙවැනි සැසිවාරය කැඳවනු ලැබුවේ, 2009 මුල් භාගයේ ශ‍්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන මාස කිහිපය තුළ දෙමළ ජනතාවට එරෙහිව යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුව ඇතැ යි, 2010 දී අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී පැවැත්වුණු පළමු සැසිවාරයේ දී තීන්දු කිරීමත්, ජන සංහාරක ප‍්‍රශ්නයට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදු කළ යුතු බවට පැමිණි තීන්දුවටත් ප‍්‍රතිචාරයක් වශයෙනි.

‘ශ‍්‍රී ලංකාව පිළිබඳ ස්ථාවර ජනතා විනිශ්චය සභාවේ’ මේ සැසිවාර දෙක ස්ථාපනය කෙරුණේ, ‘ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ බ්‍රෙමන් සංගමය’ සහ ‘ශ‍්‍රී ලංකාවේ සාමය සඳහා වන අයර්ලන්ත සංසදය’ ඉදිරිපත් කළ කරුණු දැක්වීමකට ප‍්‍රතිචාර වශයෙනි. මුල් සැසිවාරයේ මෙන්ම බ්‍රෙමන් සැසිවාරයේ ද විනිශ්චය ක‍්‍රියාවලියට සහභාගී වූයේ, ජන සංහාරක අධ්‍යයන පිළිබඳ විශේෂඥයන්, එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරීන්, ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශේෂඥයන්, සාමය සහ මානව හිමිකම් පිළිබඳ කීර්තිමත් ක‍්‍රියාධරයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකි. (නාම ලේඛනය පහත පළවේ).

2013 දෙසැම්බර් 10 වැනි දා
මානව හිමිකම් දිනය
ස්ථාවර ජනතා විනිශ්ච සභාව
ප‍්‍රධාන ලේකම්: ගියානි ටොග්නොනි (ඉතාලිය)

 

විනිශ්චය මණ්ඩලය:

සම-සභාපතිවරුන්

ඩැනියෙල් ෆෙයිර්ස්ටයින් – (‘යුනිවසිදාද් නැසියොනාල් දෙ ත්‍රේස් දෙ ෆෙබ්රෙරෝ’ සරසවියේ ජන සංහාර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, බුවෙනෝස් අයරේස් සරසවියේ ජන සංහාර අධ්‍යයන පීඨයේ මහාචාර්ය සහ ‘විද්වතුන් සඳහා වන ආර්ජන්ටීනියානු ජාතික මධ්‍යස්ථානයේ සාමාජික)

ඩෙනිස් හැලිඬේ  – (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සහකාර මහලේකම්: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් ඉරාකයට ආර්ථික සම්බාධක පැනවීමට එරෙහිව විරෝධය පාමින් ඔහු 34 වසරක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිය වෘත්තියෙන් ඉල්ලා අස් විය. ‘ජාත්‍යන්තර ගාන්ධි සාම ත්‍යාගලාභී’)
විනිසුරුවරුන් (අකාරාදී පිළිවෙලට)

ගබ්රියෙල් දෙ ලා මෝර්ත්
(පර්යේෂක සහ ‘යුනිවර්සිතා කැතොලිකා දි මිලානෝ’ සරසවියේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ මහාචාර්ය, ජාත්‍යන්තර රාජ්‍ය පද්ධතිය, ආයතන සහ නීතිරීති පිළිබඳ සහාය මහාචාර්ය, ‘ජාත්‍යන්තර මානව හිමිකම් සහ ජිනීවා මානව හිමිකම් පිළිබඳ ඇකඩමියේ අධ්‍යයන පාඨමාලා ප‍්‍රධානී (2007=2008), රුවන්ඩාවේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ උපදේශක (2003=2004), පැරණි යුගෝස්ලාවියාව පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක කාර්යාලයේ නීති අධ්‍යක්ෂ (2000), ජාත්‍යන්තර අපරාධ අධිකරණය සංස්ථාපනය කිරීම සඳහා වන ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ සාමාජික (1938).

හෝසේ එලියාස් එස්ටීව් මොල්ටෝ
(ටිබෙට් දේශය පිළිබඳ ජාත්‍යන්තර නීතිඥ සහ නීති විශේෂඥ, වැලෙන්සියා සරසවියේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ මහාචාර්ය)

සෙවාන් ගැරිබියන්
(ජන සංහාරක සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශේෂඥවරියකි. ජිනීවා සරසවියේ සහාය මහාචාර්යවරියකි. නීති දර්ශනය සහ ජාත්‍යන්තර අපරාධ නීතිය පිළිබඳ නියුෂතෙල් සරසවියේ කථිකාචාර්වරියකි).

හලූක් ගෙර්ගර්
(මැද පෙරදිග විචාරකයෙකු සහ ගෞරවනීය විද්වතෙකු වන මොහුගේ දේශපාලනික ක‍්‍රියාකාරම් හේතුවෙන් කාලයක් තුර්කියේ සිරගතව සිටියේය. කුර්දිෂ් ජනතාවගේ ස්වයං-නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටියේය)

ෂවියේ ජිරල්ඩෝ මොරිනෝ
(බොගෝටා නුවර කටයුතු කරන දේවධර්මාචාර්යවරයෙකු සහ මානව හිමිකම් ක‍්‍රියාධරයෙකි. ජන සංහාරයට බඳුන් වූ ප‍්‍රජාවන් පිළිබඳ ගැඹුරු විමර්ශන කිරීමෙහි ලා ප‍්‍රසිද්ධියක් උසුලන්නෙකි. ‘ස්ථාවර ජනතා විනිශ්චය සභාවේ’ උප සභාපතිවරයා ය).

මැන්ෆ්‍රෙඞ් ඕ. හින්ස්
(බ්‍රෙමන් සරසවියේ මහජන නීතිය, දේශපාලන සමාජ විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වන මොහු, අප‍්‍රිකාවේ විශේෂයෙන් නැමීබියාවේ සහ බටහිර සහරාවේ විමුක්ති අරගල සමග දීර්ඝ සහෝදරත්වයක් ඇත්තෙකි. වසර ගණනක් නැමීබියා සරසවියේ යුනෙස්කෝ මානව හිමිකම් අංශයේ ප‍්‍රධානියා වූ ඔහු එම සරසවියේ මහාචාර්යවරයෙකු ද විය).

හෙලන් ජාර්විස්
(1990 මැද භාගයේ සිට යේල් සරසවියේ කාම්බෝජ ජන සංහාරක අධ්‍යයන වැඩපිළිවෙලට අනුබද්ධව, කාම්බෝජ ජන සංහාරක විෂය කෙරෙහි නිරත වූවාය. කෙමර් රූජ් නඩු විභාග සඳහා කාම්බෝජ රජයේ කාර්යසාධක බලඇණියේ සාමාජිකාවකි. කාම්බෝජ අධිකරණයේ විශේෂ ඒකකයේ පොදු කටයුතු අංශයේ සහ වින්දිත ආධාර අංශයේ ප‍්‍රධාන නිලධාරිනියයි).

යිස්ටයින් ට්වෙටර්
(ජාත්‍යන්තර නීතිය පිළිබඳ නෝර්වේජියානු ශාස්ත‍්‍රඥයෙකි. පිලිපීනයේ මානව හිමිකම් උල්ලංඝනයන් සහ මිනිස් ඝාතන පිළිබඳ ‘ස්ථාවර ජනතා විනිශ්චය සභාවේ’ සාමාජිකයෙකි).

මාවුං සාර්නි
(1995 දී ‘නිදහස් බුරුම සභාගය’ ගොඩනැගූ, බුරුම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ක‍්‍රියාධරයෙකි. රෝහින්ග්‍යා මුස්ලිම් ප‍්‍රජාවට එරෙහි හිංසනයට විරුද්ධව පෙරමුණ ගත් සහ එම විෂය අරභයා අවුන් සාං සූ කී ව ප‍්‍රසිද්ධියේ විවේචනය කළ බුරුම බුද්ධිමතුන් කිහිප දෙනාගෙන් කෙනෙකි).

*සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අපට හිතාගන්නට බැහැ ඇයි සිංහල අපව දෙමල ත්‍රස්තවාදීන් විසින් මරණ කොට මුං උඩ බලාගෙන හිටියේ මොකද කියලා. We can’t imagine why those fuckers ignored when we were killed by LTTE terrorists.

    • 1
      0

      අබේ මහත්තයෝ ඔබතුම කියන්නේ කොටි මිනි මරුවෝ නිසා අපේ රජයටත් ඒ අයුරින්ම හැසිරෙන්න පුළුවන් කියලද.කොටි කියන්නේ තස්තවාදීන් .රජය පත් වෙලා ඉන්නේ හැම ජන කොටසකගේම අයිතිවසීන් එක සේ සුරකින්න පොරොන්දු වෙලා ප්‍රජතත්රික රාමුවක් යටතේ.එහෙම රජයක් යටතේ අකටයුතුකම් සිදුවී ඇත්නම් එයට නිසි පිළිතුරු ලබා දිය යුතු නොවේද.හමුදාව තිරිසන් මිනි මරුවන් ලෙස හැසිරී ඇත්නම් එයට වගකිය යුතු සියලුදෙනාතරාතිරම නොබලා නීතිය හමුවට පත්කළ යුතුය .නැතහොත් තවත් රතුපස්සල වල් බිහිවීම වැළක්විය නොහැක.මෙය නීතිගරුක ලෙස සටන් වැද රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට කළහැකි ලොකුම උපහාරයි. රටේ සියලු ජනතාවට කල හැකි ලොකුම සේවයයි .

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.