26 April, 2024

Blog

රනිල්ගේ ජංගි කතාවෙන් කිති කැවුන ලංකාව

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

අපේ රටත් හරි අමුතු තැනකි. කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එති. ඒ එක දෙයක්වත් වැඩක් ඇති දේවල් නම් නොවේ. ඒත් බොහෝ දෙනා ඒ දේවල් වලින් තරගයට චූන් වෙති. දැන් කරළියට ඇවිත් තිබෙන්නේ ජංගියකි. මේ මොහොතේ ඇත්තේ ජංගියෙන් චූන් වුන රටකි.

විලිලැජ්ජාව වසාගැනීමට ඇති ජංගියම දැන් මහා ලජ්ජාවක් වී ඇත. එවන් ගෝත්‍රික සමාජයක් ගැන දුක් වනවා විනා වෙන කරන්නට කිසිම දෙයක් නැත. ඉතා කුඩා ජංගියක් විසින් මුළුමනින්ම හිරිවට්ටනු ලැබූ රටකට තවත් බොහෝ කාලයක් ඉවසන්නට සිදුවනු ඇත. එවන් රටක අලුත් පන්නයේ මිනිසුන් වන්නට සිහින දකින අය ගැන කරන්නට දෙයක් නැත. උන් පවුය.

ජංගිය එක අතකින් අපි හිතන තරම් පොඩි නැත. ජංගිය හා බැදුනු සංස්කෘතියක්ද ඇත. නූතන හැඩයෙන් යුතු ජංගියක් මුලින්ම හමුවන්නේ ඊජිප්තුවෙනි. ඒ ක්‍රිස්තු පූර්ව ගණන් වලය. විවිද හැඩ සහිත උසට මැසූ, කොටට මැසූ ජංගි විවිධ යුග පසුකර පැමිණ ඇත.

ඉස්සර කාලයේ ගෑනුන්ද පිරිමි වාගේ අමුඩ ගැසුවේය. ඒත් ඒ මාසයකට දින කිහිපයක් පමණි. ඒකත් අවුරුදු පනහෙන් පසු අත හැර දමන්නේය. අද වන විට ජංගිය සමාජයේ ඉතා ඉහල පිළිගැනීමක් සහිත පාරිභෝගික භාණ්ඩයකි. අමරිකානු ඩොලර් මිලියන හයට හතට අලෙවි වන දියමන්ති යෙදූ ජංගි අද වෙළඳපලේ ඇත. ජංගි පිළිබඳ සාහිත්‍ය කෘතිද නිර්මාණය වී තිබේ. ජංගිය වටා ගෙතුනු රස කතාද විහිලු කතා ද එමටය. ජංගිය නිරූපණ ශිල්පයේ මහා චරිතයකි. විවිධාකාර මෝස්තර පිරුණු ජංගි වලින් සැරසී කරන නිරූපන ලොවපුරා ප්‍රචලිතය. ඒවා සල්ලි උනන උල්පත්‍ ය.

ජංගිය අදින අය වගේම ජංගිය අදින්නේ නැතිව ප්‍රසිද්දියට පත් නිරූපණ ශිල්පිනියෝද වෙති. ජංගිය නැතිව නිරූපණ ශිල්පයේ යෙදීමෙන් ඔවුන් ලෝක පූජිත වී ඇත. ජෙනිෆර්, රිහානා, කිම්, මිරැන්ඩා ඒ අතරින් කිහිප දෙනෙකි.

ශ්‍රි ලංකාවේ ජංගියේ ඉතිහාසය එතරම් දුරකට දිවෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ පිරිමින් වගේම ගෑනුන් ද පුරුදු වී සිටියේ අමුඩ ගැසීමටය. පිරිමින් කුඹුරේ හේනේ වැඩ කරන විට අමුඩ ගැසූ අතර ගැහැනුන් මාසයකට වතාවක් අමුඩ ගැසීය. ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි ආක්‍රමණ සිදු නොවුණේ නම් අදත් ලංකාවේ අපි අමුඩ ගසනු ඇත .

රජ කාලේ රජවරු හෝ බිසෝවරු ජංගි ඇඳ ඇති බවට සාක්ෂි නැත. එසේ තිබුනානම් කෞතුකාගාර වල රජවරුන්ගේ ජංගි වල නටබුන් දැකගත හැකිය .ඒ නිසා ඔවුන් ද අමුඩ ගසන්නට ඇතැයි සිතිය හැකි ය.

1960 ගණන් වල රෙදිවලට සීමා පැන වූ සිරිමාවෝ රජය ජංගියට හොඳ තැනක් උදා කළේය. මිනි ගවුම් ඇදගෙන ජංගිය නැතුව පාරේ ගිය තරුණියන්ට නොයෙක් විදියේ උසුලු විසුලු අතවරයන්ට ලක්වන්නට සිදුවිය. ඔවුන්ට මිනි ගවුම හැද සීරුවෙන් ඉන්නට සිදුවුනේය. හිදගත්තොත් හෝ නැමුනොත් වැඩ වරදින්නේය. ඒනිසා මිනි ගවුම් ඇන්ද තරුණියෝ වැඩි ආරක්ෂාව සඳහා ජංගිය අඳින්න පුරුදු වුනාය. ඒ නිසා ලංකා සමාජයේ තරුණියන්ට ජංගිය පුරුදු ඇඳුමක් විය.

දැන් ඉතින් දශක ගණනාවක් ලංකා සමාජයේ කාන්තාවෝ ජංගි අදිති. ඔවුන් ද ජංගියේ මෝස්තර ගැන පවා සැලකිලිමත් වෙති. විවිධ හැඩවලට අධික මිල ගණන්වල ජංගි ඇඳගෙන ඊට උඩින් ඇඳුම් කිහිපයක් ඇඳගෙන ජංගිය සගවාගෙන පාරේ යති. සමහරු නම් ජංගියෙ වාටිය යන්තම් පෙනෙන ආකාරයෙන් පහළට වෙන්නට සාය හෝ කලිසම ඇඳගෙන ගමන් කරති.

ඉස්සර නොසන්ඩාල කොල්ලො ගෑනු ළමයින් හිටගෙන ඉන්න තැන් වල යටින් කන්නාඩි තැබූ කතා අසන්නට ඇත. ජංගිය නිසා ඒ තක්කඩි කොල්ලන්ගේ ආශාව ඉටු උනේ නැත. ඒ නිසා ලංකා සමාජයට ජංගිය හුදු මෝස්තරයකටත් වඩා ආරක්ෂකයෙක් ද විය. එවන් ජංගියක් ඒ සමාජයටම මහා ලැජ්ජාවක් වීම පුදුමයකි.

අද කාලයේ සාප්පු සංකීර්ණයකට ගිය විට ජංගි ඉතා ප්‍රසිද්ධියේ අලෙවියට තබා ඇත. තරුණියන් ප්‍රසිද්ධියේ ගොස් මෙම ජංගි මිලදී ගනිති. ජංගි ඇඳගත් නිරූපිකාවන් පවා ඉන්න අදකාලේ ඇතැමුන්ට ජංගිය අමුතු කිතියක් වීම හරිම මහ ලැජ්ජාවකි.

ජංගියට මෙතරම් වෙනසක් කරන්නට පුලුවන් රටක් ලෝකයටම නැතුව ඇත. ලංජාවේ අභිමානවත් ජංගි නිෂ්පාදනය, එයින් උපයන විදේශ විනිමය, ලෝක පාරිභෝගික සමාජය තුල ලංකාවේ මසන ජංගි වලට ඇති පිළිගැනීම වගේ කතා ගොඩක් අගමැතිවරයා කීවේය. ජංගි අදින ජංගි නොඅදින සියලු දෙනාම ඒ කතාවෙන් කිති කැවුනේය. හේතුව උන්වත් දන්නේ නැත. අනර්ඝ තත්ත්වයේ ජංගි ඇඳීම ශරීර සෞඛ්‍යයටද හොඳය.

ජංගි අදින අය ජංගියට බය වීම හෝ ජංගිය ගැන ලැජ්ජාවක් ඇති කරගැනීම හරිම අමුතු දෙයකි. ජංගියට බය නම් හෝ ජංගිය ලැජ්ජාවකට කරුණක් නම් ජංගිය නොඇඳ සිටීමේ නිදහස ඕනෑ ම අයකුට ඇත. මොකද ජංගි ඇදීම පිලිබඳ සිවිල් නීතියක් ලංකාවේ හෝ ලෝකයේ නැත. එහෙත් පිරිමින්ට නම් සමහර අවස්ථාවන් වලට ජංගිය නැතිව යෑම තහනම් වන අවස්ථා පවතී. එහෙත් කාන්තාවන් සම්බන්ධයෙන් අදටත් ජංගි ඇඳීම හෝ නොඇදීම පිලිබඳ නීතියක් නැත. ජංගිය ඇඳ සිටීම හෝ නොඇද සිටීම ඒ ඒ අයගේ කැමැත්ත මත තීරණය වේ. ඒ නිසා ජංගිය ගැන ලොකුවට කරදර විය විය යුතු නැත.

අගමැතිවරයා පෙන්වා දුන්නේ ඒ අපේ රටේ මහන ජංගි රටට අදත් විශාල විදේශ විනිමයක් උපයා දෙන බවය. දියුණු විය හැකි හොදම විදියෙන් දියුනු වීම කාලෝචිත බවය. ඒ නිසා ඔහු ඇත්තටම ජංගියෙන් කිතිකැවෙන, හිරිවැටෙන ගොබ්බ සමාජයට වඩා ඉදිරියෙන් සිටිනවා යැයි සමහරු කියති. කෙසේ වුවද මේ රට හරි වාසනාවන්තය රටේ මිනිස්සුන්ට ආතල් එකක් දෙන්න ජංගියක් හොඳටම ප්‍රමාණවත්ය.

අයවැය කතාවේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් වැසිකිලි නැති පවුල් දස දහස් ගාණක් සිටින බවට මුදල් ඇමති මංගල ප්‍රසිද්ධියේ හෙළි කළේ ය. හම්බන්තොට ප්‍රදේශයෙන් ජනාධිපති වී හම්බන්තොටට ජාත්‍යන්තර තලයේ වරායක් ගුවන්තොටුපලක් හා සම්මන්ත්‍රණ ශාලාවක් පවා හැදූ මහින්ද ජනාධිපතිට මූලික අවශ්‍යතාවක් වන වැසිකිලි හැදීමට අමතක වී ඇත. එය හරියටම මිනි ගවුමක් ඇද ජංගියක් නැතිව ඉන්නවා වාගේය.

සජිත්ගේ ගම්මුදාවක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ විදේශ කාන්තාවක් ඔබ වැසිකිලි හදන ඇමතිදැයි ඇසූ බවට රස කතාවක් ඇත. මොකද ඒ හදන ගෙවල් වැසිකලි වාගේලු. අයවැය කතාවෙන් පසු පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී මාගේ මාධ්‍ය සගයෙක් කීවේ සජිත් හදන ගෙවල් වලටද වැසිකිලි නොමැති බවය. ඒ ගෙවල් වල පදින්චි වන අය පදුරක් හෝ මුහුදු වෙරළක් සොයාගත යුතුය.

ජංගිය ගැන ලජ්ජාවෙනවාට වඩා ජංගිය ගැන සැලකිලිමත් වීම කෝකටත් හොදය.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    1

    SHAME ON YOU as a woman trying to justify Ranil’s speech. The problem is not with the ජංගිය or how we Sir Lankans see it (culturally) or history of it or whether one wear it or not. The problem is how he used the word in the context of his speech. An educated (so-called) man like him (he is the PM for god’s sake) should know better. For you to justify this with a comment “ජංගියෙන් චූන් වුන රටකි” is just pathetic.

    So what is the problem ? the problem is how Ranil used ජංගිය in the context of his speech. After reading your article; if I call you a 3rd class journalist or a mud journalist you would be offended right? same goes to the girls who work in the garment sector and I am sure they don’t make half of what you make (probably by supporting UNP/Ranil ?). So what gives him the right to insult anyone who works in that sector.

    If you call yourself a journalist; 1st of all learn to write an article with respect. You do use a lot of colorful Sinhala words and I am sure there’s a minority who actually find this amusing but honestly; its just rubbish coming from a wannabe.

    Lastly, you say Sri Lankans still has a barbaric mentality; I completely agree and you are one of them who still haven’t seen the outside world.

    If I had Sinhala fonts I would write a much colorful reply….

  • 1
    1

    Thanks Punya, for another interesting, funny and rebellious article. You seem to be able to see a funny side of almost anything, which is great.
    :
    I am not a fan of Ranil at all, and to me he is a terrible speaker. His talk about ‘jangi’ is awkward but I think it’s more a reflection of his poor speaking skills / choice of words than any intentional insulting of women as some people are trying to make of it.
    :
    It’s amazing and saddening to see how ferociously people oppose dissenting voices in the Sri Lankan media, particularly social media.
    :
    Keep up your writing and don’t be intimidated.

  • 0
    1

    Classic example here, that Political Chauvinists try to advance on anything whether it’s right or wrong in a bid to criticize a Political opponent. The reality is that Sri Lankan Women stitch Jungies and support to earn Dollars for our sake, nonetheless, Duplicated Minds refuse to accept it. Punya is right in her writing…

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.