26 April, 2024

Blog

රන්ජන් හිරේ දැමීම හා මෝඩ රජාගේ අනින් ඇත්ත කී දරුවා අවජාතකයි කියා ගෙල සිඳීම

රාජසිංහ බණ්ඩාර

ආචාර්ය රාජසිංහ බණ්ඩාර

රන්ජන් රාමනායක අධිකරණයට​ අපහාස කළැයි වසර හතරකට බරපතල වැඩ සහිතව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හිරගතකොට ඇති අතර ඔහු විසින් ඊට විරුද්ධව කළ අභියාචනය විභාගයට ගැනීමෙන් තොරවම නිෂ්ප්‍රභා කර ඇත. එසේ හෙයින් ඔහු නිදහස පතා ජනාධිපති සමාව අයැද අභියාචනයකට අත්සන් කොට ඇතැයි වාර්තා වෙයි.

රන්ජන්ගේ හඬපට වලින් හෙලි වූ තොරතුරු අනුවත්, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ ප්‍ර​කාශ අනුවත්, මෛත්‍රීපාල​ සිරිසේන මහතා ජනාධිපති වූ පසුව ඔහු බැහැ දැකීමට පැමිණි එවකට සිටි අගවිනිසුරු මොහාන් පීරිස් තම තනතුර රැක දෙන ලෙස බැගෑපත් වෙමින් මෛත්‍රීපාල​ සිරිසේන මහතා වෙනුවෙන් (ජනාධිපති)  ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව පැවසීමෙනුත් (ජනාධිපති සිරිසේන මහතාම හෙළි කළ පරිදි) අධිකරණය හෑල්ලු කොට අපහාසයට ලක්කොට ඇත්තේ අධිකරණයේ උත්තරීතර ලෙස වැජඹුනු අයම නොවේද?

ප‍්‍ර සිද්ධ හා ජනපි‍්‍රය නළුවෙකු මෙන්මණි ජනපි‍්‍රය දේශපාලකයෙකු වූ රන්ජන් රාමනායකගේ (රන්ජන්ගේ) සියලු කල් ක‍්‍රියා මා අනුමත නොකළ ඔහු ඇතැම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයන් ඇතුළු අධිකරණයේ දූෂණයන් පිළිබද හෙළි කළ මා අසා ඇති තොරතුරු සත්‍ය බව නම් දනිමි. එසේ හෙයින් ඔහු දඟ ගෙට නියම කිරීම පිළිබද මාගේ සිහියට ආවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වශයෙන් ඉගෙන ගන්නා සමයේ මහනුවර බෝගම්බර හිරගෙදර අසළ බෝගම්බර පිටියේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ඒකාධිපති පාලනයට එරෙහිව පැවති දැවැන්ත දේශපාලන රැලියක ඇසූ කථාවකි.

මෙම රැලිය පැවැත්වූයේ 1977 පාර්ලිමේන්තුව තුළ 5⁄6 බලයක් ලබා බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධනගේ මැතිවරණ කාලයේ ඇට රාත්තල් අටක් නොමිලයේ දීමට දුන් පොරොන්දුව මත කතිර ගසා බලයට පත් කර ගත් ජේ.ආර්. ජයවර්ධන ඒකාධිපතියෙකු බවට පත්ව රට වැසියාට අත්කළ ඉරණම ගැන විරෝධය පෑමටය. මෙම රැස්වීමේ ප‍්‍රධාන තථිකයකු වූයේ ශ‍්‍රී ලංකා කොමියුනිස්ටි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභිකයකු හාඇත්තපුවත්පතෙහි කතෘ වූ එච්. ජී. එස්. රත්නවීරය. අති දක්ෂ කථිකයෙකු වූ ඔහු හාස්‍යත්පාදන කථා එකතු කරමින් ජෙ. ආර්. ජයවර්ධනගේ මැතිවරණ පොරොන්දුත් ඒකාධිපති පාලනයත් සමච්චලයට ලක් කිරීමට ගෙනහැර පෑ අතීත කථාව අපේ රෙටි මෝඩ ඡන්ද​දායකයින් සදා කාලයටම රවටන දේශපාලන නායකයින්, මැති ඇමතිවරුන් හා පාලකයින්ගේ දෙශපාලන හෙළුවේ පිළිඹිබුවකි.

(එච්. ජී. එස්. රත්නවීර මෙම රැලියේ කළ කථාව බොහෝ කලකට පෙර ඇසූ එකක් බැ වින් මා මෙහිදී ලියා තබන්නේ මතකයේ පරිදි . එබැවින් අතීත මහා භාරතයේ මෙහි සඳහන් දේශයන් හා බමුණන් ගණන මතකය අනුව වේ.)

ඔහු කළ කථාවෙ අදාල කොටස්:

‘’ලබ්බට හෙන ගහන කොට ලබු ඇටත් හොයා ගන්න නෑ කියලා කථාවක් තියෙනවා. වගේ ජේ. ආර්. ගෙ ලබ්බට හෙන ගැහැව්වහම ජේ .ආර්.ගෙ ඇට හොයා ගන්න ඡන්ද​ දීපු මිනිස්සු තටමනවා.”

ජේ. ආර්. බලයට එන්න මේ රටේ මිනිස්සුන්ට දීපු ලොකුම පොරොන්දුව තමයි බලයට ආපු ගමන් හැම දුප්පත් පවුලකටම සතියට ධාන්‍ය කිලෝ 8 නොමිලේ දෙනවා කියලා. මැතිවරණය කාලේ කිවවේ ‘’මම බලයට ආපුවහම සිරිමා බණ්ඩාරනායක මැතිනි උදුරා ගත්තු ඔක්කොම ප‍්‍රජාතන්ත‍්‍රවාදීකන් දීලා රටේ තමුන්නාන්සේලාට ධාරමිෂ්ඨ සමාජයක් ඉදි කොරලා දෙනවා. බුද්ධ ප‍්‍රතිපත්ති ඔක්කෝටම ගැලපෙන්න. බඩු මිල ගණන් ඔක්කෝම අඩු කොරනවා’’ කියලා දැන් අවුරුදු 3ක් විතර ගතවෙලා. ජේ. ආර්. උන්නැහේ ආපු ගමන් මොකද කරේ, ඒකාධිපතියෙක් වෙන්න  ඕනෑ විදියට ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා කොහෙද දෙනවා කියපු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරනවා කියපු ධාර්මිෂ්ඨ සමාජයේ රට පාලනය කරන්නේ හදිසි නීතිය යටතේ බණ පොතක් ලඟ තියා ගන්නත් කූඩුවේ දාන තත්වයක් තියන්නේ. පොලිස්කාරයින් මිනිස්සුන්ගෙ ඔලු පලන්නේ ජේ. ආර්. ගේ ධාර්මිෂ්ඨ ලාංඡනය ගහගෙන. මේවා මතක් වෙන කොටමට කාලකණ්ණි සතුටක් දැනෙනවා

ඔය වගේ පොරොන්දු දීපු හොරු රැලක් ගැන මතක් වෙනවා. කථාවෙ නමසීතාම්බර පට සේලේපුරාණ මහා භාරතයේ අවුරුදු 2000 කට විතර ඉස්සර රජ කෙනෙක් හිටියා වංග දේශයේ. මේ රජාට  ඕනෑ වුණා තමන් දසරාජ ධර්මයෙන් රට පාලනය කරනවා කියලා බොරුවට ලෝකෙට පෙන්වන්න. රජාගේ මේ ආශාව රටේ වෙනත් ප‍්‍රාන්ත රාජධානිවලටත් පැතිරිලා ගිහිල්ලා. වෙනත් ප‍්‍රාන්තයක හිටපු අං ගිලපු හොරු හතර දෙනෙක් වංග දේශයට ඇවිල්ලා, රජ්ජුරුවන්ට දැනගන්න සැලැස්සුවා, කළිඟු දේශයෙන් බමුණො හතර දෙනෙක් ඇවිල්ලා ඉන්නවා, බමුණන්්ගේ කාර්ය දශරාජ ධර්මයෙන් රට පාලනය කරණ කෙනෙකුට එම රාජ්‍යත්වය සම්පූර්ණ වීමට අවශ්‍ය අති උතුම් වූ සලුවක් වියා දීම බව.

කළිඟු දේශය කියන්නේ රජ්ජුරුවන්ට උපදෙස් දෙන බමුණන්ට ප‍්‍රසිද්ධ රටක්. ඉතින් බමුණො ලෙස රගපාපු හොරු ටික යවපු පණිව්ඩය හමිබ වුණ ගමන් දශ රාජ ධරමයේ පිස්සුවෙන් හිටපු රජ්ජුරුවො බමුණන්ව රජවාසලට කැදවා ගෙන එන ලෙස රාජ පුරුෂයන්ට නියම කරා.

රජ්ජුරුවො එන්න කියපු දවසේ ඔය කියපු රැවුල් වවාගත්තු පුන නූල් දාගත්තු හොරු ටික බමුණු සලුපිලිවලින් සැරසිලා මාලිගාවට ආවා. රජ්ජුරුවන්ට ගරු සම්මාන දීලා කථා කරපු බමුණො කියන්නේ මේ අං ගිලපු හොරු කිව්වාදේවයන් වහන්ස ඔබ වහන්සේ දශ රාජ ධර්මයෙන් කරණ පාලනය කළිඟු රට පුරාමත් වෙනත් රට රාජ්‍යන්ටත් දැනගන්න ලැබිලා ගැන ආරංචි වෙලයි අපි ආවේ. නමුත් ඔබ වහන්සේගේ දශ රාජ ධර්මය සම්පූර්ණ වීමට තවත් එක අඩුවක් තියෙනවා මහ රජතුමනි

‘’ කුමක්ද බමුණනි

‘’සීතාමබර පටසේලේ’’ මෙ ඉන්න අපි හතර දෙනාගේ රාජකාරිය වෙන්නේ ඔබ වහන්සේ වැනි රාජෝත්තමයන්ට සලුව වියා දෙන එකයි.”

සඳහා ඔබලාට කොපමණ කාලයක් අවශ්‍යද?”

මේ වෙලාවේ බමුණන් රජ්ජුරුවන්ට කියලා තියෙන්නෙ අවුරුදු හතරක් ගතවෙනවා කියලයි. මෙම සලුව රන් හුයෙන් ගෙතිය යුතු බවත්, සදහා යොදාගන්නා රන් හා වෙනත් අමු ද්‍රව්‍ය​ සොයා ගැනීම දුෂ්කර බවත්, වස් දොස් යැවීම සදහා කෙරෙන ආවතේව සදහාත් එපමණ කාලයක් ගතවෙන බව පවසා ඇත.

බමුණෝ කියපු දේවල් අහගෙන හිටපු රජ්ජුරුවෝ අමන්දානයට පත්වෙලා රජවාසල භෝජන සංග‍්‍රහයක්ද පවත්වලා ඔවුන්ට සිටුවරුන් මෙන් ජීවත් වෙමින් සලුව විවීමට අවශ්‍ය සියලු පහසුකම්, මුදල්, ගමන් බිමන් යාමට අශ්ව කරත්ත ආදියත් සපයන ලෙස රාජ පුරුෂයින්ට අණ කළා.

මෙතැනදී ඔවුන්ගේ කොන්දේසිය වුණේ සලුව වියා ඉවර වෙන තෙක් රජ්ජුරුවන්ට හෝ එම ගෙත්තම කරන රහස් ශාලාවට ඇතුළත් විය නොහැකි බවයි. එදා ඉදලා බමුණෝ විදිහට රඟපාපු මේ හොරු රැල අතට පයට දැසි දස්සන් ඇතුව රජ සැප විඳිමින්, එසේම පුරඟනන්ගේ පහස විඳිමන් අවුරුදු හතරක් ගත කළා. රජ වාසල දූතයින් බමුණන්ගේ අවශ්‍යතා සොයා බලන්න නිතිපතා යන විට ඔවුන් දැඩි මහන්සියෙන් එම කටයුත්ත කරන බවේ පණිවිඩය රජවාසලට ගෙන ආවා.

අවුරුදු 4 කාලය ඉවර වෙන තුරුත් මේ අං ගිලපු හොරු එක නූල් පොටක තරන් දෙයක් වියලා නෑ වෙනුවට කාලය ඉවර වෙන්න කිට්ටු වෙනකොට රජ්ජුරුවන්ට පණිවිඩයක් යැව්වා, සීතාමබර පට සේලෙ ව්යලා ඉවරයි. හැබැයි මේ සේලය පේන්නෙ සහජාතක අයට විතරයි. අවජාතක අයට පේන්නෙ නෑ කියලා.

ඉතිං මේ බමුණො දීපු නැකැත් වෙලාවට රථ පෙරහැරකින් මාලිගාවට ඇවිල්ලා රත්තරනින් වැඩ දාපු පෙට්ටියක් අරගෙන රජ්ජුරුවන්ට සලුව අන්දන්න කියලා මාලිගාවෙ රහස් කාමරයට ඇතුල් වුණා. අවුරුදු 4 තිස්සේ වියපු සලුවේ ලස්සන දකින්නත්, දශ රාජ ධර්මය සම්පූර්ණ කර ගැනීමටත් නොඉවසිල්ලෙන් හිටපු රජ්ජුරුවන්ට සලුව පෙන්නන්න කියලා රත්තරනින් වැඩ දාපු පෙට්ටිය ඇරියා. රජ්ජුරුවො බලන කොට පෙට්ටිය ඇතුලේ නූල් පොටක්වත් නෑ. ඒත් රජ්ජුරුවන්ට කටක් හොල්ලන්න විදියක් නෑ. අවජාතකයන්ට පෙනෙන්නේ නෑ කියපු නිසා. රජ්ජුරුවො කිව්වාවිශිෂ්ඨයි බමුණනි විශිෂ්ඨයි.”

ඉන්පස්සේ බමුණෝ රජ්ජුරුවන්ගේ ඇඟේ නූල් පොටක්වත් ඉතුරු නොවෙන්න ගලවලා, බර ගහලා පට සේලේ අන්දන විදිහට මෙහින් කකුල් උස්සන්න මේ පැත්තට හැරෙන්න කිය කියා රජ්ජුරුවන්ගේ රාජකීය අවයවත් එහෙ මෙහෙ කර කර ඇන්දීම ඉවරකරලා පුරෝහිතයන්ට පෙන්වීමට සැලැස්සුවා. ”යකෝ රජ්ජුරුවො හෙලුවෙන්නේපුරෝහිතයෝ එක එකාට කියා ගත්තා. අතරම හිතුවා පේන්නෙ නැත්තෙ අවජාතක නිසා කියලා පුරෝහිතයෝ එක හඬින් කිවවා. ”ජය ශ්‍රී මහරජ! ජය ශ්‍රී! සලුව නිසා ඔබගේ රූපශ්‍රීය​ බබළනවාකියලා පුරෝහිතයෝ යෝජනා කළා. ඉස්සරලාම ඇමති මණ්ඩලයට පෙන්නන්න කියලා පුරෝහිතයෝ කියපු දේම ඇමතිවරුන් කිව්වා. ඇමතිවරුන් යෝජනා කළා සතියක් තිස්සේ සැණකෙලි පවත්වා රජ්ජුරුවෝ සලුව පිටින් වීදි සංචාරය කරවන්න.

රජ්ජුරුවෝ වීදි සංචාරය කරන්න ඉස්සර රට පුරා අණ බෙර ගැස්සුවා රජ්ජුරුවෝ සීතාම්බර පටසේලය පළඳගෙන වීදි සංචාරය කරන බවත්, එය පෙනෙන්නේ සහජාතක අයට පමණක් බවත් කියා, නියම කරගත් දවසේ රජ්ජුරුවෝ රාජකීය බඩුත් එළියට දාගෙන වීදි සංචාරය කරන විට හෙලුව ගැන කටක් හෙල්ලීමට බය වූ යටත් වැසියන්ජය ශ්‍රී ​මහරජ! ජය ශ‍්‍රී මහරජ!’ යනුවෙන් ප‍්‍රීති ඝෝෂා කරා. තමන්ගේ ළමයි කාගෙද කියලා හොදටම දන්න අම්මලා ළමයින්ට උගන්නාගෙන ගියා කටක් හොල්ලන්න එපා කියා ඒත් අතර සිටි දරුවෙක්අන්න අමමේ රජ්ජුරුවෝ හෙලුවෙන්කියලා හයියෙන් හිනාවෙලා කියනකොට ඒක ඇහිච්ච රජ්ජුරුවෝ කුපිත වෙලා,

රාජ පුරුෂයිනි වහාම එම අවජාතකයාගේ හිස ගසා දමව්! මගේ රටේම සිට ඇත්තේ එකම අවජාතකු නොවේද ? ඇත්ත කී දරුවාට හෙලුවෙන් හිටපු රජ්ජුරුවෝ හන්වඩු ගැහුවේඅවජාතකයා කියලා (රන්ජන් රාමනායක හිරේ දැමීමේ ප‍්‍රවෘත්තියෙන් මගේ සිහියට කථාවයි.)

එදා අං ගිලපු හොරු ටික රජ්ජුරුන්ට කරපු දේ තමයි අද තමුන්නාන්සේලාට ජේ. ආර්. කරලා තියන්නේ ජේ. ආර්. ගෙ කථා අහලා තමුන්නාන්සේලා අපිට අතුගෑවිලා යන්න දන්නා. නමුත් ගැන හිතෙන කොට මට කාලකන්නි සතුටක් දැනෙනවා. ගැනත් මට තව කථාවක් මතක් වෙනවා. අපේ රටේ එක රජ කෙනෙක් හිටියා මිනිහට බොරුකාරයො පෙන්නන්න බෑ. නිසා පඬුරු පාක්කුඩම් අරගෙන නිළමෙලා ඇමතිලා එන්නේ ගම්වර ලබා ගන්න කියලා හිතලා රජමාලිගයට පඬුරු පාක්කුඩම් අරගෙන එන එක සම්පූර්ණයෙන් තහනම් කරා. ඒත් ටිකක් කල් යනකොට දීලා පුරුදු නිළමෙලා තමන්ගේ මැණිකෙලාත් එක්ක රහසෙන් කථා කරලාරජ්ජුරුවො ඔහොම කිවවට රජ්ජුරුවො අපි හොද දෙයක් අරගෙන ගියොත් අකමැති වෙන එකක් නෑඑක නිළමේ කෙනෙක් මෙහෙම හොරෙන් හිතලා රජවාසලට යනකොට මෙන්න බොලේ රජවාසලේ දිග පෝලිමක් .

දොරටුපාලයො ගිහිල්ලා රජ්ජුරුවන්ට කිව්වාදේවයන් වහන්ස නිළමෙලාගේ දිග පෝලිමක්’.

‘’මොකද එවුන් ඇවිල්ලා ඉන්නේ

‘’ඔබ වහන්සේට පඬුරු පාක්කුඩම් අරගෙන

‘’මොනවද ඉස්සරහින් ඉන්න නිළමේ ගෙනල්ලා තියන්නේ

‘’ඉදිව්ච කෝලි කුත්තු දේවයන් වහන්ස

මාලිගාව තුලට පලවෙනි නිලමේ කැඳවූ රජ්ජුරුවෝ,

‘’දාපියව් කෝලි කුත්තු  ඕකගෙ පුකෙන් ඇතුළට. මම නියෝග කරලා තිබුණා රජ වාසලට කිසි දෙයක් ගේන්න එපා කියලා.”

ඊට පස්සේ රාජපුරුෂයෝ රජ්ජුරුවෝ කියපු විදිහටම නිලමෙව ඔලුවෙන් හිටවලා ඉදිච්ච කෝලි කුත්තු දාන්න පටන් ගත්තා. මෙහෙම දාගෙන යනකොට නිලමේ බඩ අල්ලගෙන හිනාවෙනවා .

‘’ඇයි  ඕකා හිනාවෙන්නේ

රජ්ජුරුවො නිලමෙගෙන් ඇහුවා.

‘’දේවයන් වහන්ස, මට පස්සෙන් ඉන්න නිලමෙ ගෙනල්ලා තියන්නේ මල්වානෙ ලොකු පැණි රඹුටන්.”

නිලමේ ආයේ බඩ අල්ලගෙන හිනා වෙනවා. මොකද නිලමෙට මැවලා පේනවා උන්නැහෙට අරින්නේ ඉදිච්ච කෝලිකුත්තු වුණාට ළඟට නිලමෙට අරින්නේ ලෙලි ඇරපු නැති රඹුටන් කියලා.

තමුන්නාන්සේලා ජේ.ආර්. 2/3 ඡන්දයක් ඉල්ලන කොට ඊටත් වැඩිය දීලා කරගත්තේ අර දෙවෙනි නිලමෙට හපන් වැඩක්. ඒකයි මම කිවවේ අපි අතුගාවලාම ඇරපු එක ගැන කාලකණ්ණි සන්තෝෂයක් දැනෙනවා කියලා. මොකද තමුන්නාන්සේලා .. ආර්. දීලා තියෙන්නේ දූරියන්.

(මෙම අත්දැකිම් සහිතව තනි දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තුව තුළ 2/3 ඡුන්ද බලයක් ලබා දීමේ ප‍්‍රතිවිපාක කෙසේ වියහැකි දැයි මා මෙන්ම, අප රටේ දේශපාලන විද්වතුන් 2020 මහ මැතිවරණයට පෙර පෙන්වා දුන් බව මෙහිදි සිහි කරමි.)

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.