
නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ දූෂණය දේශපාලන සහ මුල්‍ය යන ක්ෂේත‍්‍රයන්හි බරපතල ලෙස පැතිර පවතී. 2015 ජනාධිපතිවරණය ආසන්න කාලසීමාවේ බලාපොරොත්තු දැල්වූ රිදී රේඛාව කෙදිනකවත් පායන බවක් පෙනෙන්නට නැත.
දේශපාලනික වශයෙන් පවතින දූෂිත තත්ත්වය මුලිනුපුටා දමන තුරු මුල්‍යමය දූෂණය අවම කිරීමට නොහැක. (දූෂණය තුරන් කිරීම සිහිනයක් පමණක්ව තිබේ)
ජනයා විසින් පත්කරනු ලබන ජනතා නියෝජිතයින් ආණ්ඩුකරණය පිළිබඳව කිසිවක් සිදුනොකරමින් ඊළඟ මැතිවරණය තෙක් කල්මරති. ඊළඟ ඡන්දයට වඩාත් හොඳින් මුහුණ දීමට සහ තම ආර්ථිකය තර කරගැනීම වෙනුවෙන් එතැන් පටන් ජාවාරම් කරන්නට පටන් ගනිති. පාර්ලිමේන්තු රැුස්වීම් සඳහා සහභාගීවීම හෝ පාර්ලිමේන්තුව තුළ දේශපාලකයෙකු වශයෙන් පෙන්වන කාර්යසාධන මට්ටම පිළිබඳව මැන බැලීම සඳහා කිසිදු මිණුම් දණ්ඩක් නොමැත.
කොලොම්බියාව යනු දකුණු ඇමෙරිකානු මහාද්වීපයේ පිහිටි රටකි. කොලොම්බියාව ශ්‍රී ලංකාවට වඩා 17 ගුණයකින් විශාල භූමියකින් මෙන්ම ශ්‍රී ලංකාවේ ජනගහණය මෙන් 2.6 ගුණයක ජනතාවක් සිටින රටකි. ශතවර්ෂ තුනකට ආසන්න කාලයක් කොලොම්බියාව ස්පාඤ්ඤ යටත් විජිතයක්ව පැවැතියේය. 1886 වර්ෂයේ යටත් විජිතභාවයෙන් නිදහස්වූ කොලොම්බියාව වත්මන් ව්‍යවස්ථාව සම්මත කරගත්තේ 1991 වර්ෂයේදීය.
කොලොම්බියාවේ ව්‍යවස්ථාදායකය එරට වඩාත්ම දූෂිත ආයතනය බවට පත්ව ඇති අතර, ශ්‍රී ලංකාවේ මැති ඇමතිවරුන්ට සමාන දේශපාලකයින්, සෙනෙට් සභිකයින් සහ කොංග‍්‍රස් මණ්ඩල සාමාජිකයින් මහජන සුභසිද්ධියට වෙන්කරනු ලබන මුදල් තම සුඛවිහරණය උදෙසා හිරිකිතයකින් තොරව භාවිතා කරමින් සිටිති.
රටේ පාලනාධිකාරියට අනුව බද්ධ පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක් වන අතර, වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය 5.3% මට්ටමේ පවතී.
ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් 5%ක් අත්සන් කළ පෙත්සමක් සමඟ ජනමත විචාරණයක් කැඳවීමට කොලොම්බියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් අවසර ලබා දී තිබේ.
හරිත සන්ධානය පක්ෂයේ සෙනෙට් සභිකයින් දෙදෙනෙකු Consulta Popular Anticorrupción නමින් ව්‍යාපෘතියක් දියත්කරමින් දූෂණ විරෝධී ජනමත විචාරණයක් ඉල්ලා සිටියහ.
2017 වර්ෂයේ ජනවාරි 24 සහ ජූලි 26 යන කාලසීමාවේදී මේ සඳහා අත්සන් 4,236,682 ක් එකතු වූ අතර එයින් 3,092,238 සඳහා ජාතික සිවිල් ලියාපදිංචිය යටතේ අනුමැතිය ලැබී තිබිණි. එරට සමස්ත ලියාපදිංචි ඡන්දදායකයින් ගණන මිලියන 36ක් වන අතර, එය 2018 අගෝස්තු 28 වැනි දින පැවැති ජනමත විචාරණය වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිශතය වන 5% (මිලියන 1.8) ට වඩා සැලකිය යුතු ඉහළ අගයක් ගනී.
1. කොංග‍්‍රස් සාමාජිකයින්ගේ සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් 40% කින් පහත දැමීම
2. දූෂණ ක‍්‍රියාවකට සම්බන්ධවූවන් සඳහා ජීවිතාන්ත සිර දඬුවම් හෝ රජය සමග කොන්ත‍්‍රාත් ගිවිසුම්වලට එළඹීම සපුරා තහනම් කිරීම
3. රාජ්‍ය කොන්ත‍්‍රාත් පිරිනැමීමේදී විනිවිදභාවය අනිවාර්ය කිරීම
4. අයවැය විවාද සඳහා පුරවැසියන්ට සහභාගිවීමේ අවස්ථාව ලබා දීම
5. ඡන්ද ප‍්‍රකාශ කිරීමේ චර්යාව හා පැමිණීම පිළිබඳව ප‍්‍රසිද්ධ පැහැදිලි කිරීම් කළ යුතුය
6. නීති සම්පාදකයින්ගේ නීති විරෝධී ආදායම් ප‍්‍රසිද්ධියට පත් කළ යුතුය
7. කොංග‍්‍රස් සභිකයින් තුන්වරකට වඩා කොංග‍්‍රසයට පත් නොවිය යුතුය
මෙම සෑම ප‍්‍රශ්නයකටම ඡන්ද දායකයින් විසින් ඔවු හෝ නැත යන පිළිතුරු ලබාදිය යුතුය. අනුමැතිය සඳහා වලංගු ඡන්ද පත‍්‍රිකාවලින් සෑම ප‍්‍රශ්නයකටම 50%කට වැඩි ප‍්‍රතිශතයක් හිමිවිය යුතුය. ජනමත විචාරණය නීත්‍යානුකූල වීම සඳහා ඡන්ද දායකයින්ගෙන් 33%අවම සහභාගීත්වයක් තිබිය යුතුය.
ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප‍්‍රතිසංස්කරණ යෝජනාවන්හි වැදගත් යෝජනා අතර නීති සම්පාදකයින්ගේ මාසික වේතන ඇමෙරිකානු ඩොලර් 10,500 සිට 6,300 දක්වා පහළ දැමීම (කොලොම්බියාවේ අවම වැටුප ඇමෙරිකානු ඩොලර් 260 කි). සිරගත කිරීමේ කාලය වෙනුවට දූෂණ ක‍්‍රියාවන් සඳහා නිවාස හිමිකම් අහිමි කිරීම. පත්කරගන්නා නිලධාරීන්ට බදු ගෙවීම් අනිවාර්ය කිරීම සහ නීති සම්පාදකයින් සඳහා වාර තුනේ පත්වීමේ සීමාව පැනවීම.
වාරික සීමාවන් නිසා ජීවිත කාලය පුරා දේශපාලකයින්ට දූෂණ ක‍්‍රියාවල නිරතවීමට තිබූ අවස්ථාව ගිලිහී යන අතර, නව දේශපාලන චරිත ඉස්මතුවීමටද අවස්ථාව ලැබේ.
මෙහිදී කොලොම්බියානුවන් මිලියන 11.6ක් සිය ඡන්දය ප‍්‍රකාශ කළ අතර, ප‍්‍රශ්න හතෙන් සෑම ප‍්‍රශ්නයකටම 99%කට වඩා ඔව් යන පිළිතුර ලබා දී තිබුණි. එසේවුවත් ජනමත විචාරණය සාර්ථක වූයේ නැත. ඒ සඳහා අවශ්‍ය මිලියන 12.1 ඡන්ද සංඛ්‍යාව නොලැබිණි.
කෙසේ වෙතත් එය සංඛේතාත්මක ජයග‍්‍රහණයක් විය. විශේෂයෙන්ම දහස් ගණන් පිරිස් මාස 6ක් තුළ මිලියන 4.2 අත්සන් ලබාගැනීම සඳහා ඉතාමත් වෙහෙසකාරී පරිශ‍්‍රමයක නිරත වූහ. අනාගතය වෙනුවෙන් නැවුම් වෙනසක් රැුගෙන ඒමට කැපවූ මෙම පිරිස තමන් පරාජය වුවද නැවුම් බලාපොරොත්තු රැුස් කරගත්හ.
ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් 33% කට අඩු සංඛ්‍යාවක් මෙම උත්සාහය වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීම යනු ශ‍්‍රී ලංකාවටද ආවේණික දූෂණය පිළිබඳ සංඥාවක් සපයයි. සිවිල් සමාජයෙහි බොහෝ දෙනා දූෂිත පද්ධතියෙහි සාමාජිකයින් වෙති. දූෂණ විරෝධී ක‍්‍රියාකාරකම් බොහෝමයක් සිදුවෙමින් පැවතියද මෙම ජනමත විචාරණ උත්සාහය සාර්ථක අවසානයකට රැුගෙන යාමට නොහැකි වුණි. දූෂණ ක‍්‍රියාවලි පද්ධතිය තුළ හැසිරෙන්නන් වශයෙන් තම අභිවෘද්ධියට හේතු වන දූෂණයන් වැළැක්වීම සඳහා ඔවුහු කටයුතු නොකරන බව එයින් පෙනී යයි.
ප‍්‍රතිසංස්කරණයන් පදනම් කරගත් ප‍්‍රශ්න සෑම රටකටම අදාළ කරගත හැකිය. තමන් පාලනය විය යුතු ආකාරය කුමක්දැයි පැවසීමට ඡන්ද දායකයින්ට ජනමත විචාරණ ක‍්‍රියාවලිය ඉතා වැදගත් වනු ඇත. මහජන ඡන්දයෙන් තේරීපත්වන්නන් වගකීම් සහගතව කටයුතු කරන තැනට රැුගෙන ඒමට එය විශාල ශක්තියක් ලබා දෙනු ඇත.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලකුව හොත් එවැනි ජනමත විචාරණයක් පවත්වන්නේ නම් පෙර දැක්වූ ප‍්‍රශ්න හතට තවත් ප‍්‍රශ්න හතරක් එක් කළ හැකිය.
8. මැතිවරණ (ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණ සහ ප‍්‍රාදේශීය සභා මැතිවරණ) සියල්ල සඳහා නියමිත දින වෙනස් කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණි
9. මැතිවරණ කාලසීමාවන්හිදී සහ පාර්ලිමේන්තු කාලසීමාවේදී මන්ත‍්‍රීවරුන් පක්ෂ මාරු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම
10. ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතු අතර, එය වෙනස් කිරීමට හැකි එකම ක‍්‍රමය ජනමත විමසුමක් හරහා පමණි
11. ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් 50%+1 ක් අත්සන් තැබූ පෙත්සමක් මගින් ඕනෑම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට විරුද්ධව ඡන්දය නැවත කැඳවීමේ හැකියාව තිබේ
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ දින පාලනය කිරීම අතිශය වැදගත්ය. වත්මන් රජය මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් දක්වන මඳ සැලකිල්ල පෙර රජයන් තුළ දක්නට නොලැබුණකි. 2015 ජනවාරි 09 වැනි දින මෙරට තුළ නැවත වරක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ බවට ජනාධිපති තුමන් පවසා සිටියද වර්ෂ තුනක් ගතවන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමක් සිදු නොවිණි. කෙසේ හෝ අවසානයේ පැවැති මැතිවරණයෙන් අනතුරුව ලැබුණු ප‍්‍රතිඵලය ඔහුට හා ඔහුගේ පක්ෂයට ඉතාමත් අවාසිසහගත වූ අතර, එයින් සිදුවූ දේ නම් තවත් මැතිවරණ පැවැත්වීම කෙරෙහි ඔවුහු පසුබැසීමයි. ‘මැතිවරණ ඉක්මනින් පවත්වනවා’ යනුවෙන් අගමැතිවරයා පැවසුවද, පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණය වාර්තාව සඳහා සිය පක්ෂයේ එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ වත් අත්සනක් ලබාගැනීමට හැකියාවක් නොමැති විය. මැතිවරණ කොමිසමේ සභාපති (මැතිවරණ කොමසාරිස් තනතුර නොවේ) ආසියානු මැතිවරණ නිරීක්ෂකයින්ගේ සමුළුවේ නියෝජිතයින් වෙත පැවසුවේ ‘මෙම සමුළුව ශ‍්‍රී ලංකාවේ මැතිවරණ පද්ධතියේ විනිවිදභාවය ලොවට කියාපායි’ යනුවෙනි. මැතිවරණ ප‍්‍රමාද කිම දැයි විමසූ විට ඔහු පවසන්නේ ‘පන්දුව ඇත්තේ මගේ දැලෙහි නොවේ’ යන්නයි.
ව්‍යවස්ථානුකූලව මැතිවරණ දින තීරණය කිරීමෙන් මෙම ගැටළු සඳහා පිළිතුරු ලැබෙනු ඇත. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් පත් කළ පාලන කමිටුව විසින් මීට අදාලව විෂය ක්ෂේත‍්‍ර 12ක් ප‍්‍රධාන වශයෙන් හඳුනාගනු ලැබීය. ඒවායින් 6ක් අනුකමිටු යටතට පත් කළ අතර ඒවාට සාමාජිකයින් 11 බැගින් පත්කරන ලදී. ඉතිරි හය යෝජනා කෙටුම්පත් සකස්කිරීම සඳහා විද්වත් කමිටුවක් යටතට පත්කරන ලදී.
යෝජනා කෙටුම්පත් සකස් කෙරෙමින් පැවතුනද කොලොම්බියාවේ මෙන් මහජන උද්යෝගයක් මෙරට ඇතිවිය හැකි බවට අපට අපේක්ෂා ඇතිකරගත නොහැකිය. ස්ථිර මැතිවරණ දින පිළිබඳව කිසිවක් එහි සඳහන් නොවන අතර පත්වන ජනතා නියෝජිතයින්ගේ වාර ගණන පිළිබඳවද කිසිදු සටහනක් නොමැත.
සම්පූර්ණ උත්සාහයේ ප‍්‍රධාන අරමුණ පළාත් වෙත බලය බෙදාහැරීමයි. රටේ ජනගහණයෙන් 16% ක් නියෝජනය කරන නිල විපක්ෂයේ තනි ඉලක්කය වන්නේද එයයි. සෑම ප‍්‍රජාවකම ජනයා දැඩිව බැට කන දූෂණය වැනි ගැටළු පිළිබඳව ඔවුන්ට කුඩා හෝ උනන්දුවක් නොමැති බව පෙනේ.
‘ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික ජනරජයේ පරමාධිපත්‍යය ඇත්තේ ජනතාව අතයි. එය කිසිවිටෙකත් අන්සතු කළ නොහැක. රාජ්‍ය බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡුන්ද බලය යනු පරමාධිපත්‍යයෙහි මූලිකාංග තුනයි. යනුවෙන් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 1.3 පරිච්ෙඡ්දයෙහි සඳහන් වේ. අනාගතයේ රැුගෙන එන ඕනෑම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකද එම තත්ත්වය එසේම පවතිනු ඇත. කිසියම් හිමිකමක් තිබුණා නම් හොඳයි යන්නට වඩා මේ තරමින්වත් සඳහන්වී තිබීම වටිනා බව කිව යුතුය.
ශ‍්‍රී ලංකාව වැනි දූෂිත රටක මැතිවරණ අතරදී මතුවන ගැටළු සඳහා විසඳුම් සෙවීමට නීති සම්පාදකයින්ගෙන් ස්වාධීනව ජනමත විචාරණ යාන්ත‍්‍රණයක් අවශ්‍යකර තිබේ.