28 March, 2024

Blog

මෝඩි ඉදිරියේ මෝඩ නොවීම

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

රාජපක්ෂවරුන්ගේ අසාර්ථක ආණ්ඩු පෙරලීමේ මහජන කැරැල්ලෙන් පසුව නාමල් රාජපක්ෂ මෙන්ම ඔහුට සහය දුන් එම කල්ලියට අයත් පිරිස සැලකිය යුතු මට්ටමේ දේශපාලන අර්බුදයකට ලක්වී සිටියේය. මුළු රටේම මාධ්‍යත්, විශේෂයෙන් එම සටනට සහයෝගය දුන් සහ රාජපක්ෂවරුන්ගේ ප්‍රචාරය වෙනුවෙන් මුදල් ලබාගත් මාධ්‍ය ආයතනත් මුහුණදී තිබු අර්බුදය ඔවුන්ගේ හැසිරීමෙන් හොදින් පෙනුනි. පසුගිය සතිය තුල එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට ආශ්වාදයක් ගෙන දී ඇති බව එම පක්ෂ වල මත දක්වන්නන්ගේ ප්‍රකාශ වලින් පිලිබිඹු විය.

තත්ත්වය මෙසේ තිබියදී මහින්ද හා නාමල් රාජපක්ෂ ඉන්දියාව බලා පිටත් වුයේ නවදිල්ලි නුවර පිහිටි සම්මන්ත්‍රණයක් ඇමතීමටය. පසුගිය පාළාත් පාලන ඡන්දයේදී සීමාන්තික ජයක් ලැබීමට පොහොට්ටු පක්ෂයට හැකි වුයේ සිංහල අධි බහුතරයක් වාසය කරන ප්‍රදේශ වලය. එසේම එම ප්‍රදේශ වල බලය පරාජය වීමෙන් වසර තුනකට පසුත් ආරක්ෂා කරගැනීමට හැකි වීම රාජපක්ෂවරුන්ගේ ජයක් වුවද එම ජය ගැනීමෙන් පසු ඔවුන් අභ්‍යන්තරයේ මෙන්ම බාහිරින්ද විශාල දුර්වල වීමක් දැකිය හැකිය. එහි ප්‍රතිඵල ලෙස ජාතික මට්ටමේ නායකයින් අතර විශාල අභ්‍යන්තර අර්බුද ඇතිවී තිබෙන අතර ගම් මට්ටමේදී පත්වූ සභිකයින්ගේ මෝඩ තකතීරු හැසිරීම් ගැමියන් තුල රාජපක්ෂ රෙජිමයට තිබූ බය පක්ෂපාතී කම සීඝ්‍රයෙන් වෙනස් වීමක් දැකිය හැකිය. එම නිසාත්, තවත් හේතු හා දුර්වලතා නිසාත් රාජපක්ෂවරුන්ගේ ඉන්දියානු සංචාරය ඔවුන්ට දේශපාලනිකව ඉතා වැදගත්ය.

රාජපක්ෂ රෙජීමය මේ රට පාලනය කරන ලද්දේ මැදමුලන බූදලය පාලනය කල ආකාරයටය. ඔවුන් රටේ නීතිය හා ආයතන පද්ධතිය පයිසෙකට මායිම් නොකලේය. රටේ ජාතික අදායමෙන් 70% ක් පාලනය කරන ලද්දේ රාජපක්ෂවරුන්ගේ ප්‍රේම සමාගමයි. රාජ්‍ය දේපල තම තමන්ගේ හිතේ හැටියට පාලනය කල අතර හැකිතාක් හොරකන් කොට විදේශ ගිණුම් පිරවූවේය. තමන්ට විරුද්ධ වන අය මරා දැම්මේය. රටේ මුලික නීතිය වන ආණ්ඩු ක්‍රමය තමන්ටත් තම පවුලටත් අභිමත පරිදි විනාශ කළේය. කිසිදු හේතුවක් නැතිව ජාත්‍යන්තරය සමග ආරවුල් හටගත් අතර ශ්‍රී ලංකාවට දීර්ඝකාලීන මිතුරාව සිටි ජාතීන් සමග විසදිය නොහැකි අවුල් ගොඩනගා ගත්තේය. මේ සදහා ප්‍රධාන ලෙසම බලපෑවේ රාජපක්ෂවරුන්ගේ අලුතින් ගොඩෙනැගුනු ඉගොව නැතහොත් උද්දච්චකමයි. අවසානයේ මිලියන 22 වන මුළු ලාංකික ජාතියම අර්බුදයට තල්ලු කරමින් එක්සත් ජාතීන්ගේ සම්බාදක දඩුවමක් මුලු රටටම ගෙන ආවේය. බුද්ධාගම දේශපාලන උපකරණයක් ලෙස පාවිචි කරමින් සංඝ සමාජයට රටේ තිබූ ගෞරවය නැත්තට නැති කොට දැමුවේය.

මෙවැනි මෙකී නොකී කාරණා ගනණාවක් නිසාවෙන් රාජපක්ෂවරු බලයෙන් ඉවත් කිරීමට බොහෝ බලවේග වලට අවශ්‍ය විය. ඉන්දියාව ඉන් ප්‍රධාන තැනක් ගත්තේය. රාජපක්ෂවරුන්ගේ චීන සබදතා ඉන්දියාව භීතියට පත්කල අතර රාජපක්ෂවරු බලයේ සිටීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට විශාල අභියෝගයක් ලෙස ඉන්දියාව සැලකුවේය. එම නිසාම මහින්ද බලයෙන් පහවී වසර තුනකට මදක් වැඩි කාලයකදී යෙදෙනු පසුගිය ඉන්දියානු සංචාරයේදී මහින්දගේ ඉන්දියානු නැමියාව ඔහුගේ දේශපාලන භූමිකාවට වැදගත් වන අතරම වෙනුවෙන් මහින්ද වෙත චීනය කෙසේ ප්‍රතිචාර දක්වයිදැයි කීමට තවමත් කල් වැඩිය.

මෙම ඉන්දියානු සංචාරයේ වැදගත්ම කාරණා අතර මහින්ද විසින් මත්තල ගුවන් තොටුපොල ඉන්දියාව ලබාගැනීමට කිසිදු විරෝදයක් නැති බව අගමැති මෝදිට ප්‍රකාශ කල බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය. එසේම ඉදිරි ජනාධිපතිවරණයකදී රාජපක්ෂවරයෙකු ඉදිරිපත් කිරීමට ඔහුගේ ඇති අභිලාෂය ඔහු ඉන්දීය අගමැතිවරයාට ප්‍රකාශ කළේය. එසේම මෙම සංචාරයට නාමල් එක්කර ගැනීම තුලින් ඔහුගේ දේශපාලන අනුපාර්තිකය ඔහු විසින් ඉන්දියාවට හදුන්වාදීමටද අමතක නොකළේය.

මේ සියලු තත්ත්වයන් හමුවේ කිවහැක්කේ මහින්ද ඉන්දියාව සමග සාමයට කැමති බව පෙන්වා දීමයි. අනුව එම කදවුරේ ඇති ඉන්දියානු විරෝදයට තවදුරටත් තාර්කික බවක් නැති අතර වෙනුවට රාජපක්ෂ විරෝදයක් ඔවුන් තුල ඇතිවෙමින් පවතී. වෙල්ගමගේ කටින් පනින්නේ එයයි.

මහින්ද රාජපක්ෂගේ ඉන්දියානු ආගමනයෙන් පසු එම බලවේගය ගොඩනැගූ එහි පදනමට විශාල ප්‍රහාරයක් එල්ල වේ. ජාතිකත්වය හා ඉන්දියානු විරෝදය රාජපක්ෂ පිලෙහි ප්‍රබලයන් වන වීරවංශ හා ගම්මන්පිලගේ මෙන්ම ගෝඨාභයගේ ප්‍රධානතම දේශපාලන වැඩපිළිවෙලයි. එසේම එම කණ්ඩායම් වලට සහය දක්වන බොහෝ මත නිපදවන්නන්ද මෙම ඉන්දියානු ගමනින් අර්බුදයට යන බව මගේ තක්සේරුවයි. අවසාන වශයෙන් කිව යුත්තේ 2020 ජනාධිපතිවරණය ජය ගැනීමටනම් රාජපක්ෂවරුන්ට අද සිදුවී ඇත්තේ මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී තත්ත්වයක්ය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයක් ජයගැනීමට රාජපක්ෂ පිලට ඇති අවසන් තුරුම්පුව වන්නේ ඔවුන්ගේ සංවිධාන යාන්ත්‍රනය වන ආණ්ඩුවේ පඩි ලබන සමෘධි දෙපාර්තමේන්තුවේ සේවක හා ප්‍රතිලාභ ලබන කණ්ඩායමයි. නමුත් ආණ්ඩුව විසින් නව වැඩපිළිවෙලක් එම දෙපාර්තමේන්තුව තුල ක්‍රියාත්මක කිරීම හේතු කොටගෙන ඔවුන්ට එම යාන්ත්‍රනය වේගයෙන් අහිමි වෙමින් පවතී. එබැවින් එම බලවේගයේ පක්ෂ යාන්ත්‍රනය සකස්කල යුතු වුවත් අභ්‍යන්තර ආරවුලක් හේතු කොටගෙන බැසිල් රාජපක්ෂ එම වැඩවලින් මිදී ඇමරිකා එක්සත් ජනපදයේ දීර්ඝ නිවාඩුවක් විදිමින් සිටි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අනේ ඔය කියන තරම් අප්සෙට් එකක් නම් නැහැ. ඉන්දියාවේදී අහපු එකකට දෙකකට වගේ off the cup උත්තර දීල තියෙනවා. මම දන්නේ නැහැ MRට ලේකම් කෙනෙක් ඉන්නවනේ. එයා දෙන්න ඇතිනේ possible questions කියලා ලිස්ට් එකක්. එතකොට කරන්නේ ඉතින් එහෙම ප්‍රශ්න ඇහැව්වොත් ඒවාට දෙන උත්තර කලින් හදාගෙන තියා ගන්න එක. TV වලට නම් දීපු උත්තර කෙටියි. ඒක හොඳයි.
    Perhaps (?) මහින්දට මෝඩි ඕනේ වෙන්නේ මේ ආණ්ඩුව හුගක් ශක්තිමත් නම්. මේ වගේ ඉතාම දුර්වල ආණ්ඩුවක් පරාජය කරන්න ඉන්දියාව ඕනේ නැහැ. මෝඩිට තමයි මහින්ද ඕනේ. එයාට ඕනේ ඉන්දියාවට සහ ලෝකෙට පෙන්නන්න එයා මහින්ද එක්ක හොඳ rapport එකක් තාම තියෙනවා කියලා තව මාස 6-7කින් චන්දෙ තියෙන නිසා. මෝඩි කලේ මහින්දට කෙලින්ම invite කරන්නේ නැතුව සුබ්‍රමනියම් ස්වාමි ලව්වා ගෙන්නව ගෙන හම්බ වෙච්ච එක. MR එච්චර බාල්දු වෙන්න වැඩක් නැහැ. නමුත් ඉතින් මෝඩි හම්බ වෙන්න ඇහැව්වට පස්සේ හිටපු ජනාධිපති විදියට diplomatically ඒක බාර ගන්නේ නැතුව ඉන්න බැහැ. අනිත් එක මහින්දව හම්බ වෙන බව මෝඩි වේලාසනම එයාගේ මහ කොමසාරිස් ලව්වා මෛත්‍රී සහ රනිල්ට දැනුම් දීල තියන්න ඇති.
    මහින්ද ගියේ නිල සංචාරයක් නෙමෙයි. ඒ හින්දා නිල මතයක් ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ.
    මත්තල ගැන කිසිදු විරෝධයක් නැති බවක් කිව්වේ නැහැ. කිව්වේ ඉන්දියාව ගැන විරෝධයක් නැහැ කියලා. එහෙම කියන එකේ වැරැද්දක් නැහැ. වැරැද්ද අපේ සම්පත් ඉන්දියාවට විකුණන එක. MR කිසි දවසක එහෙම කරන්නේ නැහැ කියලා විශ්වාසයි.
    මුලින්ම සුබ්‍රමනියම් ස්වාමි අර invitation එක අරන් ආපු එක ගැන පත්තරේ තිබුනහම මම comment එකක කිව්වා ඕක උගුලක්. ඔය එන්න කියන්නේ මහින්ද මත්තල විකුණන එකට විරුද්ධ නැති බව මහින්ද ලව්වා කියව ගන්න කියලා සහ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද, චන්ද උපක්‍රම මොනවාද වගේ දේවල් දැන ගන්න කියලා සුබ්‍රමනියම් ස්වාමි ලව්වා.
    මෝඩි කියන්නේ නැවත කිසි දවසක විශ්වාස නොකළ යුතු පුද්ගලයෙක්. මහින්ද එක්ක හොඳට ඉඳලා සිරිසේන රනිල් එක්ක යටින් කටුව ගහපු මිනිහව කිසි දවසක විශ්වාස කරන්න හොඳ නැහැ. මෝඩි මහින්ද එක්ක ආයේ හොඳ හිත තියා ගන්න හදන්නේ ඉන්දියාවේ වාසියට විතරයි.

  • 0
    0

    මුලින් කතා කරපු ඒවා නෙමෙයි අර අන්තිමට කතා කරපු එක Thanthi TV වගේ නම මතක, හාර හාර ප්‍රශ්න ඇහැව්වා. හැබැයි ඒවාට MR හොඳට උත්තර දුන්න. ව්‍යවස්ථාව ගැන කියපු කතාව වැඩක් නැහැ. ඒක stale news එකක්නේ දැන්. වැරැද්දක් පෙන්වන්න ඕනේ කමට නම් ඕක highlight කරන්න පුළුවන්.
    මහින්දගේ කතාව එක වචනෙන් වචනේ අරන් analyse කරනවා නම් මහින්ද හිතපුවත් නැති ඒවා මවල පෙන්වන්න පුළුවන්. හැබැයි කතාව ගන්න ඕනේ වචනේ වචනේ නෙමෙයි. ඒක විහිළුවක්.
    ඔතන තිබුනේ වැදගත් ප්‍රශ්න දෙකයි. පැහැදිලිවම ඉන්දියන් මාධ්‍ය වලට දැන ගන්න ඕනේ වුනේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලා නිශ්චිත නමක්. MR ඒ උගුලට අහු වුනේ නැහැ. ඊළඟට අවසාන යුද්ධයේ casualties ගාන කීයද කියන එක. 8000!
    දීපු උත්තර වලින් මම අකැමති එක රජීව්ගේ මිනීමරුවන්ට ලංකාවට එන්න පුළුවන් කියපු එක. ඔවුන් නිදහස් වෙන්නේ රජීව් ඝාතනයට නිවැරදි නිසා නමෙයි තමිල්නාඩු කැබිනට් එක කියන නිසා. එහින්ද නිදහස් වෙන ඔක්කොම LTTE කාරයො ලංකාවට එන්න ගනියි ඕක වුනොත්. අපි හරිනම් LTTE එවුන්ව ජීවිත කාලෙටම blacklist කරලා තියන්න ඕනේ. කිසි දවසක විශ්වාස කරන්න හොඳ නැහැ. තීරණය කරන්න ඕනේ ඔවුන් නිදහස් වුනාට පස්සේ කියල අන්තිමට කිව්වා. That’s good at least. He is shrewd. එවුන්ට එන්න පුළුවන් ලංකාවේ passport තියෙනව නම් කිව්වා. තිබ්බත් දැන් expire වෙලා ඇති. අළුතින් නිකුත් නොකර හිටය නම් හරි.
    සමස්තයක් විදියට ගත්තොත් කියපුවගේ අවුලක් නැහැ ඉතින්. ඉන්දියන් විරෝධයට සහ ජාතිකත්වයට කිසිම හානියක් වුනේ නැහැ කියපුවගෙන්. UNP එක හිතපු විදියේ මුකුත් මහින්දගෙන් කියවුනේ නැහැ. තුෂාරගේ ලිපිය නිකම් කෙඳිරියක් විතරයි.

  • 1
    1

    LOL! I have seen political suckers as well as losers. In Thushara D. I can see both at once.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.