
මා හිතවත් ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමාට,
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ යෝජිත “ඡන්ද සිතියම අකුළන ව්‍යවස්ථා සංශෝධන” ය හෙවත් “20 වන ව්‍යවස්ථා සංශෝධනය” ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට ඇත. අදාළ කෙටුම්පත සදහා ප්‍රමුඛ සම්පත් දායකයෙකු ලෙස ඔබ කටයුතු කර ඇත.
“සධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරය” ප්‍රමුඛ සමාජ ව්‍යාපාරය විසින් මේ රටේ ජනතාවට දුන් පොරොන්දු ඔළුවෙන් හිටවන්නට “ඡන්ද සිතියම ඇකිලීමේ ව්‍යවස්ථා සංශෝධනය” හේතු වී ඇත. සෝභිත හිමියන් ප්‍රමුඛ සමාජ ව්‍යාපාරය රටට පොරොන්දු වූයේ “ජනතා හිතවාදී මැතිවරණ සංශෝධනය”කි. ලැබී ඇත්තේ “මැතිවරණ සිතියම අකුලා දැමීමේ යෝජනාව” කි. පොරොන්දු වූයේ “13+ බලය බෙදා හැරීම” කි. ලැබී ඇත්තේ “පළාත් සභාවේ බලය පාර්ලිමේන්තුවට පවරා ගත” හැකි යෝජනාවකි. පොරොන්දුවූයේ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමකි. ලැබී ඇත්තේ මහජන නියෝජිතයින් තෝරා පත් නොවන මැතිවරණ නැති රටකි.
1987 දී බලය බෙදා හැරීම සදහා “පළාත් සභා” ක්‍රමය ස්ථාපනය විය. එය අද මුල් බැස ගත් පාලන ක්‍රමයකි. බලය බෙදීම සදහා පදනම ලෙස “පළාත් සභා පනත” සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතුය. ජනාධිපතිවරණ සමයේ දි 13 වන ව්‍යාවස්ථාව ඉක්මවන “බලය බෙදීමක් පිළිබද” සාකච්ඡාවූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ, මැතිවරණ පොරොන්දුව ද එයයි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින්,
1. පළාත් සභා සියල්ලේම ඡන්ද විමසීම එකම දිනක පැවැත්වීම සදහා පළාත් සභා විසුරුවන දිනය (නිශ්චිත දිනය) නියම කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවරා ගැනීම
2. එකම දිනක මැතිවරණ පැවැත්වීම සදහා සමහර පළාත් සභාවල කාලය දීර්ඝ කිරීමක් සිදු කිරීම
3. යම් හේතුවකින් පළාත් සභාවක් විසිරුවා හැරීමක් සිදු වූ විට එකී පළාත් සභාව පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීම සදහා යෝජිතය.
මෙහි ව්‍යාවහාරික අරුත, පළාත් සභා ක්‍රමය පාර්ලිමේන්තුව විසින් ගිල ගැනීම ය. අනෙක් අතට මේ සියළු ක්‍රියාකාරකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති “පරම අයිතිය” උල්ලංඝණය කිරීමකි.
පළාත් සභා ඡන්ද කල් දැමීමට රජයට සිදුව ඇත්තේ බැදුම්කර වංචාව නිසා මිස “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ජයග්‍රහණය උදෙසා” නොවේ. බලයේ සිටින දේශපාලන පක්ෂයේ නායකයා, උප නායකයා, හිටපු සභාපති, මහ ලේකම් “මහ බැංකු බැදුම්කර” ගනුදෙණුව සම්බන්ධයෙන් නම කියවෙන විට ඔබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දරන පක්ෂයට මැතිවරණ ව්‍යාපාරයක් සිදු කළ නොහැකි බව පැහැදිලිය.
ඒ නිසාම, එය රටේ මැතිවරණ සිතියම හකුළා දැමීමට හේතුවක් බවට පත් කර ගත යුතු නැත.
පළාත් සභා ක්‍රමය හදුණ්වාදෙන විට එයට විරුද්ධ පිරිස විසින් ඇති කළ ප්‍රචණ්ඩවත්වය මේ රටට 25,000 කට වැඩි ජීවිත සංඛ්‍යාවක් ද නොදන්නා තරම් දේපල හානියක් ද සිදු කළේය. ඔබ නියෝජනය කළ ලංකා සම සමාජ පක්ෂයේ නායකයින් 22 ක් ඝාතනය විය. ඒ ප්‍රතිපත්ති මත බෙදා හැරීම සදහා පළාත් සභා ක්‍රමය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි. මේ ව්‍යවස්ථා සංශෝධනය මගින් ඔබ ඇතුළු පිරිස ද්‍රෝහි වන්නේ අපට දේශපාලනයේ “අ” යන්න කියා දුන් ඒ “බලය බෙදීම” සදහා වන මුල් පදනමට ය.
අද, මැතිවරණයකට මුහුණදීමට ඇති නොහැකියාව නිසා “පළාත් සභා ක්‍රමයේ” මළගම ලියන්නට “මැතිවරණ සිතියම අකුලන ව්‍යවස්ථා සංශෝධනය” ඉදිරිපත් වී ඇත. ඔබත් සමග එයට දායක වී ඇති ප්‍රමුඛයින් අතර “13+ දෙන්නට උතුරේ ජනතාවගෙන් ජන වරම් ඉල්ලූ” මහජන නියෝජිතයෙකු ද, එක් වී ඇත.
නැගෙනහිර පළාත් සභා මැතිවණය කල් දැමීමට අත උසවන්නේ නම් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානය ද, එහි වත්මන් න්‍යායාචාර්යවරුන් ද උතුරු-නැගෙනහිර ද්‍රවිඩ ජනයාගේ පමණක් නොව දකුණේ ප්‍රගතිශීලි ජනතාවගේ ද්‍රෝහීන් වනු ඇති බව මම නැවත කියමි. එලෙසින්ම, ඔබ සැමදාම “බලය බෙදීම” උදෙසා පෙනී සිටි සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරයට මෙමගින් ද්‍රෝහි වන්නේය.
බලය බෙදීම පදනම් කොට ගත් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබද බලාපොරෝත්තු ජනිත කොට බලය ලබා ගැනීමෙන් පසු, පළාත් සභා මැතිවරණ නැති, පාර්ලිමේන්තුව විසින් පළාත් සභාව පාලනය කරන ක්‍රමයක් ඇති කිරීමට ඔබ අද නියෝජනය කරන දේශපාලන බල කදවුර උත්සහ දරයි. මෙරට වාමාංශික ව්‍යාපාරය ලෙයින්, කදුළෙන්, මරණයෙන් ද පෝෂණය කළ “බලය බෙදීමේ” සංකල්පය පටු දේශපාලනික අරමුණක් වෙනුවෙන් විනාශ කිරීමේ අපරාධ සැලසුමේ කොටසක් කරුවෙකු බවට ඔබ අද පත්ව තිබේ. ඔබ රට වටා යමින් ජනතාවට කියූ “බලය බෙදීම” ඔබ විසින්ම පාවා දී ඇත. ලැජ්ජා සහගත ලෙස පරාජය කිරීමට ඔබගේ දැනුම හා බුද්ධිය වෙහෙසයි.
දයානන්ද දිසානායකට එරෙහි වරුණ කරුණාතිලක නඩු තීන්දුවේ පැහැදිලි ලෙසම ප්‍රකාශ වන පරිදි පළාත් සභා ඡන්ද විමසීම “සර්වජන ඡන්ද බලය” ට අදාළ කරුණකි. ඒ සදහා, ජනමත විචාරණයක් පැවැත්විය යුතුය. ලංකා ඉතිහාසයේ පටු දේශපාලන බල ලෝභය උදෙසා සම්මත කර ගනු ලැබූ “18 වන ව්‍යවස්ථා සංශෝධනය” ආපසු හැරවූ ජනතා බලවේගය විසින්ම “මැතිවරණ සිතියම අකුලා දැමීමේ යෝජනාව” ද උපන් ගෙයි ම පරාජය කරනු ඇත. වසර දෙකකට වැඩි කලක් බලය බෙදන ව්‍යවස්ථා වේ විශ්වකර්ම මැජික්කරුවා ලෙස පෙනී සිටි ඔබ ඒ ජනතා අපේක්ෂාවට පිටුවා පාර්ලිමේන්තුවට බලය එක් රැස් කිරීමේ ව්‍යාපෘතියේ පෙරගමන්කරුවා වී සිටී. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිතව තිබුනේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් පිළිබද ජනතාව ඉල්ලා සිටි මැතිවරණ සංශෝධනය යි. ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට දමා එය විනාශ කිරීමේ මහ මොළය ද ඔබයි.
බලලෝභී දේශපාලනය විසින් මෙහෙයවන “මැතිවරණ සිතියම අකුලා දැමීමේ ව්‍යවස්ථා සංශෝධනය” පරාජය කිරීම සදහා වන සටනේ දී ඔබ අංක එකේ ප්‍රතිපත්ති පාවා දෙන්නා බවට පත්වී තිබීම පිළිබද නම් ඇත්තේ පිළිකුලක් පමණි.
*කීර්ති තෙන්නකෝන් – විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
Jayampathy Wickramaratne / August 10, 2017
I wish to categorically state that I was not involved in any manner in the preparation of the 20th Amendment Bill. I myself saw it only after downloading it from the website http://documents.gov.lk/
/
B.Perera / August 10, 2017
කරුණු සොයා බැලීමේදී මෙම 20 වන සංශෝධනය සඳහා ජයම්පති වික්‍රමරත්න ගේ සම්බන්ධයක් නොමැති බව පැහැදිලිවේ ඒ බව ඔහු විසින් ඉහත සඳහන් කර ඇති අදහස් දැක්වීමේද අවධාරණය කර ඇත .කෙසේ වුවත් යහ පාලනය ගෙන ඒම සඳහා ක්‍රියා කල ඔබලා එකිනෙකා අතර විවේචනයන් එල්ලකිරීමට පෙර ඒ පිලිබඳ කරුණු පිරිසිඳ දැනගෙන ක්‍රියා නොකර එකවර මෙවන් ප්‍රහාර එල්ලකර ගැනීම අපට සිනහ උපදවයි .1970 රජයෙන් පටන්ගෙන ජි.එල්.පීරිස් දක්වා ව්‍යවස්ථා කටයුතු සම්බන්ධ ඇමති ධුරයක් පවත්වා ගෙන ගොස් තිබිණි ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස්කිරීමට පැමිණි යහපාලකයෝ ව්‍යවස්ථා කටයුතු සම්බන්ධ ඇමති ධුරයක් ඇතිකළේ නැත ඒ අවස්ථාවේදීම ව්‍යවස්ථාව සංශෝධනය පිලිබඳ අවශ්‍යතාවක් රනිල්ට හෝ මෙත්‍රී ට නො මැති බව අප නම් වටහාගත්තෙමු. ව්‍යවස්ථාව සංශෝධනය අවශ්‍ය පුද්ගලයෝ පලමුව ව්‍යවස්ථා කටයුතු පිලිබඳ අමාත්‍යාංශය ක් ඉල්ලුම්කොට එය ලබාගැනීමට ක්‍රියාකොට එ මගින් මෙබඳු කිසිවෙකු වගකීම් භාර නොගන්නා තත්වයන් වලකා ගත යුතුව ඇතිබව අමුතුවෙන් කිවයුතු නැත. .
/
Jimsofty / August 11, 2017
Sri lanka has too many elections, too many politicians and too much of this anarchy what is called Democracy. In order to have a democratic country, why do we need this many elections and this many politicians. Why CAFFE and other people do ot read and understand, even under just one king there had been democracy. It si the same democracy that Ranil Wickramsinghe called dasa raja dharma and lichchavi -malla kingdom. Why Ranjith Thennakon think only the number of elections or elections or the number of politicians desides the type of democracy. Why don’t you believe there is anarchy and so many thieves in the country because of this so-called democracy. Democracy is very well known all over the world as funded by the west to promote anarchy and instability. Is CAFFE funded by the west ?, Mr. Thennekon, where do you get money to run your campaign ?
/
ඇලෙක්ස් ජයකොඩි පිටිපන / August 11, 2017
ජනාධිපති ලේකම් කාර්යාලය සමග ඉතාමත් සමීප සම්බන්ධතා පවත්වාගෙන යන ඔබ වැන්නෙකු මෙම සංශෝධනයේ සැබෑ නිමවුම් කරුවන් ගැන නොදන්නවා විය නොහැක.
ශ්‍රි.ල.නි.ප. ය දෙකඩ වීමේ වාසිය ලබාගැනීම ට ඉක්මන් මැතිවරණයක් රනිල්ට අවශ්‍යයවී තිබිණි .බැඳුම්කර මගඩිය හරහා අද දවසේ වාසිය ඇත්තේ ද අද මැතිවරණයක ඉක්මන් අවශ්‍යතාව ඇත්තේ ද මහින්ද ප්‍රමුඛ ඒකාබාධිතයන්ටය
මැතිවරණය මෙම වසරේ පවත්වන්නේ නම් ඔබටද ව්‍යාපෘති වාර්තාවක් සපයා සාධාරණ බව සහතික කිරිමේ වියදම්ගාස්තු ඩොලර් පවුම් ප්‍රමාණය ඔබගේ අනුග්‍රාහකයන්ගෙන්
ඉ ක්මනින් ප්‍රේෂණය කරගත හැක.
කල් දැමීමේ උපරිම ප්‍රතිඵල වාසිය ලැබෙන්නේ ශ්‍රි.ල.නි.ප. යේ රජයට සම්බන්ධ අයටය ඔබගේ මධ්‍යස්ථ භූමිකා සළු පිළි මෙහිදී ගලවාගෙන ඇතිබව අපට පෙනේ.
/
pitar / August 11, 2017
පළාත් සභා මැතිවරණය කල් දැමීමට අවශ්‍ය මෛත්‍රී හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අයටයි.. මෛත්‍රීපලගෙ රෙදි සෝදන කිර්ති තෙන්නකෝන් ඒවා දන්නේ නැතුව ඇති .අනුන්ට බුරන්නේ නැතිව 20 සංශෝදනයට කෙලින්ම වගකිවයුතු ජනාධිපතිට බුරන්නේ නැත්තේ සංග්‍රහ සැලකිලි අඩු වෙයි කියල බයටද ?
/
madu / August 11, 2017
සබරගමුව හා රජරට පළාත් සභා මැතිවරණයට බයවී ඇති මෛත්‍රිපාල සිරිසේන මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බිත්තියට හේත්තු වී ඇති රනිල් වික්‍රමසිංහ ව පාවිච්චි කොට ඡන්ද කල් දැමීමට උත්සහ කරයි .එජාපයේ මන්ත්‍රීවරුද මෙයට විරුද්ධය .මෙය ගෙනෙන්නේ මෛත්‍රිපාල ජනාධිපති වරයාගේ උවමනාවකට අනුවය
/