
ශ්‍රී ලංකාව වාර්තාගත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටී. දරාගත නොහැකි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලේ සිට ඉන්ධන හිඟය දක්වා මහජනතාව තම එදිනෙදා ජීවිතයේදී අත්විඳින ආර්ථික අර්බුදයේ විපාක, සමස්ථ ආණ්ඩුකරණයේ අර්බුදයක ප්‍රතිඵලයක් බව අවිවාදිත ය. ජනතාව තුල වැඩි වැඩියෙන් ලියලමින් පවතින අසහනය, නොයේක විද දුක්ගැනවිලි පිලිබඳ කථිකාවන් තුලින්ද, ආණ්ඩුවේ ඉල්ලා අස්වීම බලකෙරෙමින් පාර දෙපස කෙරෙන එක් ප්‍රාදේශීය විරෝධතා මගින්ද හොඳාකාරව පැහැදිලිවේ.
එවන් අර්බුදකාරී සමයක, සාමාන්‍ය නමුත් චින්තනයක් සහිත පුරවැසියාගේ සිතෙහි පැන නගින ප්‍රශ්න කිහිපයකි. පුරවැසියන් වශයෙන් අප හට සද්භාවයෙන් කළ හැක්කේ කුමක්ද? අපගේ අයිතිවාසිකම් සහ වගකීම් මොනවාද? දේශපාලන වෙනසක් සඳහා සාමූහිකව බලමුලු ගැන්වෙන්නේ කෙසේද? සත්තකින්ම ජනතා බලය මොන වගේද?
තරුණ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන අචල මැද්දේගම සහ කලණ සමරසිංහගේ සිත් තුල නැගුනු මෙවැනිම ප්‍රශ්න කිහිපයක්, ඔවුන්ගේ මෑතකාලීන සිවිල් ක්‍රියාකාරිත්වය තුලින් ආමන්ත්‍රණය කිරීමට ඔවුන් උත්සහ කරමින් සිටියි. පාපැදිය විරෝධතා වාහකයක් කර ගනිමින් ඔවුන් රට වටේ ගමන් මාලාවක් ආරම්භ කළේ තම පණිවිඩය ජනතාව අතරට ගෙන යාම සඳහාය. ප්රචාරණයේ පළමු වටය මහනුවර, දඹුල්ල සහ පොළොන්නරුව හරහා නැවතත් මහනුවරටත් (දින 3 කින් වෙහෙසකර කිලෝමීටර් 315 ක්); දෙවැන්න, වඩාත් ක්‍රියාකාරී ගමනක් වූ මාතර සිට ගාල්ල, හික්කඩුව දක්වා ආපසු මාතරටත්; තෙවැන්න 74 වැනි නිදහස් දිනයේදී (2022 පෙබරවාරි 4 වැනිදා) කොළඹදීත් පවත්වන ලදී. ප්රචාරණයේ මීළඟ වටය 2022 මාර්තු 13 වන දින මහනුවරදී සිදු කිරීමට නියමිතය.
පුරවැසියෙකුගේ දේශපාලන වගකීම ඡන්ද පොළෙන් අවසන් නොවන බව යන සිතුවිලි පොළඹවන පණිවිඩය බෙදාගනිමින්, මෙම ක්‍රියාකාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන්ට ඍජුව බලපාන දේශපාලන ක්‍රියාවලීන්හි වඩ වඩාත් ක්‍රියාකාරීව මැදිහත් වන ලෙසටයි. ප්‍රායෝගිකව ගත් කල, මෙයට උදාහරණයක් ලෙස, ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සහ මහජන බදු මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිතා කිරීමට ඇති හැකියාව ඔවුන් පෙන්වා දෙයි. තවත් උදාහරණයක් ලෙස, ප්‍රාදේශීය මට්ටමේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා මොනවාද යන්න පිළිබඳ සංවාදයක් තුළින්, සවිස්තරාත්මක ප්‍රාදේශීය සංවර්ධන සැලැස්මක් තීරණය කිරීම සඳහා, තේරී පත් වූ ජනතා නියෝජතයින් වඩාත් ප්‍රතිචාරාත්මක සහ වගවීමකට ලක් කෙරෙන වටපිටාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය තල්ලුව දිය හැකිය. එසේ කිරීමෙන් දේශපාලකයන්ට මහජනතාව කොල්ලකෑමට ඇති හැකියාව ඇහිරීමට තම හර පද්ධතීන් වෙනුවෙන් සහ අයිතීන් උදෙසා සටන් කරන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ සඳහා දේශපාලන පක්ෂ හිතවත්කම් අත්හැර රටට සහ ජනතාවට වඩාත් ඇවැසි දේ කුමක්ද යන්න සිතීම අත්‍යාවශ්‍යවේ.
වත්මන් දේශපාලන ක්‍රමය තුළ ප්‍රාදේශීය ප්‍රජාවන්ට එවැනි දේශපාලන වගවීම පිළිබඳ ප්‍රතිපාදන සීමා වී ඇතත්, ජනතාව සමඟ එවැනි සංවාදවල යෙදී ඔවුන් දැනුවත් කිරීම වැදගත් බව මෙම ක්‍රියාකාරීන්ගේ තර්කය විය.
පාපැදියෙන් දේශපාලන ක්රියාකාරීත්වයේ යෙදීම ගෙන එන්නේ සුවිශේෂී හැඩයකි. එය අවකාශය තරණය කිරීමේ මාදිලියක් මෙන්ම ඍජුවම ජනතාව අතරට යෑමේ පහසුකමද සලසයි. මෙම තරුණ පාපැදිකරුවන්ගේ ගමන තුල තිබුණු අපුර්ව මානයක් වුයේ, නැවතුමෙන් නැවතුමට ඇති වුනු මහජන සංවාද අතරතුර ඔවුන් අත් දකින ලද දීර්ග, නොබිඳුණු අති රමණීය භූ දර්ශන පෙළයි. එය ඔවුන් හට ගෙන දුන්නේ මේ නවමු පුරවැසි ක්‍රියාකාරිත්ව මාදිලියට අනන්‍ය වූ ස්වයං ආවර්ජනාත්මක සිතුවිලි දාමයකි. එය ඔවුනට පසක් කලේ මේ රටට ඇති අසීමිත විභවයයි. නමුත් ඒ සිතුවිල්ල පසුපස ඇදී ආ හැඟීම වුයේ නිදහසින් පසු මේ රටට තිබුණු අසීමිත අවස්ථා අහිමි කල දූෂිත දේශපාලනය ගැන කලකිරීමයි. එම නිසාම පුරවැසියන් ලෙස වහාම ක්‍රියාත්මක වීමට අවැසි මොහොතයි මේ.
මහජනතාව සමඟ ඔවුන්ගේ සංවාද තුලදී, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ඡන්දදායකයා ප්‍රධාන ධාරාවේ දේශපාලන කඳවුරු කෙරෙහි කලකිරී සිටින බව ද පැහැදිලි විය. සාමාන්‍ය ජනතාව අතර ගනුදෙනුවේදී ඔවුන් අත් දකින ලද මනෝභාවය වූයේ කෝපය, කලකිරීම සහ නොසන්සුන්කම කැටිවූ හැඟීමකි. එසේ වුවද, වෙනසක් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව ජනතාව තුළ ඇති බලාපොරොත්තුව ද පැහැදිලි විය. මෙම ක්‍රියාකාරීන් දෙදෙනා පාපැදි විරෝධතාව තුල ජනතාව දුටු සුබවාදීත්වය සහ බලාපොරොත්තු සහගතබව පිළිබඳව ආවර්ජනය කළ අතර, ඔවුන්ගේ පණිවිඩය කිලෝමීටර් සිය ගණනක් අඛණ්ඩව පාපැදියෙන් ගෙනයාමට එය ශක්තිය සහ ධෛර්යය සැපයූ බව එක් කළේය.
මෙම ගමන් මගෙහි ඔවුන් හට අවබෝධ වූ තවත් දෙයක් වේ නම්, ඒ සැබෑ බලය ඇත්තේ ජනතාව තුළ මිස රාජ්‍යය තුළ නොවන බවයි. අවංක චේතනාවෙන් කරන කුඩා ක්‍රියාවන්, කාලයාගේ ඇවෑමෙන් එකින් එක එකතු වී, අපට අනාගතයේ දැකීමට අවශ්‍ය සුබවාදී වෙනස ඇති කළ හැකි බව වූ ඔවුන්ගේ විශ්වාසය ද, මෙම අත්දැකීමෙන් තවත් තර වුයේය. දේශපාලන වෙනසක් සඳහා වන සටන වර්තමාන මොහොතේ අපගේ පැවැත්ම පිළිබඳ කාරණයක් මිස, තේරීමක් නොවන වගට මෙය වැදගත් මතක් කිරීමකි. සමාජ මාධ්‍ය (මුහුණුපොතේ Buildlkcom පිටුව) තුලින් සහ www.buildlk.com වෙබ් අඩවිය හරහා සහෘද, සවිඥානික, පුරවැසියන් සමගින් සම්බන්ධ වීමට ද ඔවුන් අපේක්ෂා කරයි.
leelagemalli / March 14, 2022
මෙම තරුණයන් ඉතා නිවැරදි ය. ඔවුන් ආදර්ශ සපයන අතර නිර්ලජ්ජිත, උදාසීන ජ්‍යෙෂ්ඨ පිරිමින් සහ ගැහැනුන් නායකයින්ට තණකොළවලින් පෝෂණය කිරීමට ඉඩ දෙයි.
මැරිච්ච අලියෙක් ගැන කතා කරන කරුණා ගවයින්ට වඩා වෙනසක් නැති බිහිරි අන්ධයන් මෙන් ඔවුන් නිරන්තරයෙන් රැඳී සිටිති, නමුත් මැදමූලන මැලේච්ච පවුලට දාව උපන් තක්කඩියෙකු විසින් දිගටම කරගෙන යන විශාලතම හානිය ගැන කතා නොකරති. මහින්ද රාජපක්ෂට සාමකාමීව ඇස් වසා ගැනීම පහසු නොවනු ඇති බවට සැකයක් නැත. මේවා සිම්බාබ්වේල්හි මුගාබේ සමඟ සැසඳිය හැකිය.
–
අඩුම තරමින් හෙට වන විට නිහඬ බහුතරයක් අවසානයේ දිගු නින්දෙන් අවදි වනු ඇතැයි සිතමු. අද නොවේ නම් කවදාද? මෙය ආපසු හැරී බැලීම සඳහා බොහෝ කාලයක් ගත විය. ම්ලේච්ඡ මැදමුලන සතුන්ට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරය. ඒ වන විට ඔවුන් නිහඬව සිටි අතර, ද්විත්ව පුරවැසියන් හෙවත් 10% අන්වර්ථ නාමයෙන් මුදල් ඇමති විය. උගන්ඩාවේ සහ තවත් රටවල් කිහිපයක මහින්ද රාජපක්ෂගේ ඇස්තමේන්තු කළ නොහැකි ධනය පිළිබඳ සනාථ කළ නොහැකි තොරතුරු තිබේ. කෙසේ වෙතත්, ඔවුන් සොයා ගැනීම සම්බන්ධයෙන් ජනතාව අසරණ වී ඇත. ඒවා ඔප්පු කිරීමට කිසිවකු තවමත් ප්‍රගතියක් ලබා නැත.
මේ තරුණයන් දුන් ආදර්ශය වයිරසයක් වේවා….. මිනිසුන්ගේ ඉන්ද්රිය බුද්ධිය පිබිදේවා… ඔවුන්ට ප්‍රඥාවෙන් ආශිර්වාද ලැබේවා – ඔවුන්ගේ ආත්මයන්ට හා මනසට ශක්තිය ලැබේවා….මේ සියල්ලක්ම වේවා. භාග්‍යවත්, ඔවුන් එක්ව බලවත් වී, Mlechcha Rajapakshes පලවා හැරීමට සහය වේවා
/
Jit / March 15, 2022
1 of 2….LM, මේ තරුණයන් දෙදෙනාගේ පරමාර්ථ කොපමණ හොඳ දේවල් වුවත් කනගාටුවෙන් මට කියන්න තියෙන්නේ මේක හරියට විශාල සුළි සුළඟක් තේ හැන්දකින් නවත්තන්න යනවා වගේ කියලයි. හේතුව, ප්රශ්නයේ පොත්තට බෙහෙත් කරලා වැඩක් නෑ. ඇතුලේ ඔඩු දුවන විෂ කාරක අයින් කලේ නැත්තනම් මේක හැමදාම ප්‍රශ්ණයක්, රෝගයක්, ලෙඩක් හැටියට පවතිනවාමයි. ලංකාවේ සමාජයේ මම දකින මූලිකම රෝගය නම් මිනිසුන්ගේ මොළේ විචක්ෂණ භාවය නැති කමයි. එනම්, කොතරම් උගතුන් වුවත් අසන, දකින දේවල් ගැඹුරට විශ්ලේෂණය කිරීමට අසමත් වීමයි. කවුරු හරි ජනකාන්ත හමුදුරුවෙක්, ලොක්කෙක්, ගායකයෙක්, නළුවෙක්, පූජකයෙක්, ක්‍රිකට් ගහන එකෙක් මොනවා කිව්වත් ගෙඩිය පිටින් ගිලිනවා. මම මෙහිදී සාමාන්‍ය මිනිසුන් හෝ නූගතුන් යැයි කියන කොට්ටාශය ගැන නෙවෙයි ධාරණය කරන්නේ. අඩුම ගණනේ AL වත් පාස් සහ ඉන් ඉහලට උගත් අය ගැනයි. මේ අයගෙන් කී දෙනෙක් ඥානක්කා ගේ හෝ ඒ වගේ තව දහස් ගණනක් තක්කඩි කට්ටඩියන්ගේ සාස්තර හූනියං වැඩ විශ්වාශ කරනවාද කියල තමාගේ සිතට අවංකවම කියන්න කීවොත් අනිවාර්යෙන්ම 99.9% ඔව් කියනවා ඒකාන්තයි.
/
leelagemalli / March 15, 2022
Brother Jit u are spot on/ might be possible their food intake doesn’t contain more proteins but Ruwanwelisaya sized plate of rice/ not once 3 times a day/ 😉🐃🐕😎
/
leelagemalli / March 15, 2022
Brother Jit u are spot on/ might be possible their food intake doesn’t contain more proteins but Ruwanwelisaya sized plate of rice/ not once 3 times a day/ 😉🐃🐕😎
/
leelagemalli / March 15, 2022
13:37
ඒකට වැරදි ඒ කොල්ලො නෙවෙයි උන්ගේ දෙමව්පියො මේ කොල්ලො මේ තරුණයෝ හදලා තියෙන්නේ නිකං උන්ට තනිවෙන් හිතන්න බැරි විදියට එදා සිටම 😉😉😉😉
නිදහස්ව සිතන්න කල්පනා කරන්න ඉඩ දීලා නැහැ 😉😉😉රටේ ගොඩනගා ඇති සංස්කෘතිය තුළින් 😡😡😡ඔයා හිතන්න බලන්න අවුරුදු 25 කොල්ලෙක් වුණත් ඌ හැසිරෙන්නේ අද වුනත් ලංකාවේ podi ewun wage එනmuth Europe wala අවුරුදු පහළොවේ
කොලු පැටියෙක්
හැම දෙයක්ම ගැන අවබෝධයකින් ලොව දකින්නේ /ඒක තමයි වෙනස ිත්යාව ape ewunge jeewan උපාය වෙලා ඉතින් කොහොමද ළමයි ඉගෙන ගන්නෙ මේවා ළමයින්ට තරුණයන්ට දොස් කියලා වැඩක් නැහැ ලංකාවේ ඉන්න පිංගුත්තරය කරන දේ වුණත් හරි නැහැ මිථ්‍යාවෙන් ගොදුරු වෙන්නට ඉන්න ළමයි 🤥🤥🤥🤥
ත්යාව ළිඳ ඇතුළට තල්ලු කර ධාන්‍ය ලංකාවේ ඉන්නේ සඟයෝ ටික ගොබ්බ සඟයෝ ටික 🤥🤥🤥
/
Jit / March 16, 2022
LM, මේකට ප්‍රධාන හේතුව තමයි අපිට පොඩි කාලේ ඉඳන් වඳින්ට පුරුදු කරලා තියෙන එක. දෙමාපියෝ, වැඩිහිටි නෑදෑයෝ, හාමුදුරුවෝ, ගුරුවරු, වැඩි හිටියන් කියන ඔය ඔක්කොමටම අපි වඳිනවානේ? තවත් කෙනෙකුට වඳිනවා කියන්නේ ව්‍යංගයෙන් ඔහු/ඇය ට යටහත් පහත් වෙනවා (submission) කියන එකයි. හේතුව, මේක කරන්නේ දණ ගහලා නැත්නම් කොන්ද නමලා, ඒ කියන්නේ යටහත් පහත් වෙලා! මෙය පුද්ගලයෙකුට ගරු කිරීමට (respect) වඩා විශාල වෙනසක් තියෙන එකක්. ඉතිං අපි, අපි වඳින පුද්ගලයාගේ මොන දූෂිත චරිතයක් තිබුණත් ඔය වැඳීම ජීවිත කාලයක් දිගටම කරගෙන යනවානේ? ඒකෙන් වෙන්නේ අර වැඳුම් පිදුම් ලබාගන්නා තමාගේ මොන වැරැද්දක් තිබුණත් ස්වයං අභිමානයක් ගොඩ නගා ගන්න එකයි. ඒක හරිම වැරදි වැටහීමක් වගේම නරක සමාජ දර්ශකයක්. දැන් බලන්න, බටහිර රටවල් වල ඔය කිසිම වැඳීමක් නෑ නේ? තමන්ගේ දෙමාපියන්ට පවා, හෝ වෙනත් සමීප කෙනෙකුට kiss එකක් නැත්නම් hug එකක් විතරනෙ දෙන්නේ. සම මට්ටමේ ඉඳලා කරන ඒ ක්‍රියාවෙන් කිසිම යටහත් පහත් බවක් ඇති වෙන්නේ නෑ. ඒකයි බටහිර ජාතීන් අතර සැමෝම සමානයි කියන මතය (egalitarian concept) දැඩි ලෙස සමාජගත වෙලා තියෙන්නෙත්, ඒ නිසාම ඕනෑම පුද්ගලයකු, තමන්ගේ දෙමාපියන් හෝ වේවා වැරැද්දක් කළා නම් බය නැතුව ඒක විවේචනය කරන්න පුළුවන්. ලංකාවත් හදන්න ඕනෑ නම් ඔය හැමෝටම බිම පෙරලිලා වඳින කාලකණ්නි සිරිත සමාජයෙන්ම අතු ගාල දාන්න ඕනා!
/
Jit / March 15, 2022
2 of 2…75% බෞද්ධයෝ ඉන්නවා යැයි කියන රටේ, හේතු පල වාදය පහේ පංතියේ ඉඳං ඉගෙන ගෙන ධම්ම පදය, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය කට පාඩම් කරපු එවුං ඉන්න රටේ තත්වය ඕකයි. කිසිම දෙයක් ඇයි, එහෙම කොහොමද, මොකද, එහෙම වෙන්නේ, ඇයි මෙහෙම නොවී අරහෙම වෙන්නේ කියල හිතන්නේ කීයෙන් කී දෙනාද? අඩුම ගණනේ මිහිඳු තෙරුන් ඇසු පරිදි “මේ අඹ පැලය ට අමතරව තව කොච්චර අඹ පැල තියෙන්න පුලුවන්ද” යනාදී ප්‍රශ්ණ අපේ මිනිස්සුන්ගේ ඔලු වලට එනවද? අනේ නෑ, දේශපාලකයකුගෙන් මඩිය තර කර ගන්නා සිවූරු කාරයෙක්ගෙ බණ හරි, දෙරණ නැත්නම් හිරු වාගේ ජනප්‍රිය මාධ්‍ය වලින් දෙන අමූලික පච ගෙඩිය පිටින් ගිලිනවා. ඒවා තමයි ඔය කාගේත් උත්තම සත්‍ය පණිවිඩ වෙන්නේ! ලංකාවේ මිනිස්සුන්ට ඕන තරං සහතික වල ‘උගත්’ කම් තියෙනවා IQ තමයි නැත්තේ. බටහිර රටවල් වල ඉතාම සාමාන්‍ය මිනිස්සු පවා කොච්චර ප්‍රශ්ණ දේශපාලකයන්ගෙන් අහනවද? කොච්චර විරෝධතා පල කරනවද? මාධ්‍ය වලින් ඒ ආණ්ඩුවලට කොච්චර නම් පහර ගහනවද? අපේ රටේ වගේ කඩේ යන පත්තර, මාධ්‍ය ඒවායේ නෑනේ? ඒ හින්දා තමයි ඒ වගේ රටවල ජනාධිපතිලගේ හා නෑදෑයන්ගේ එකවුන්ට් වල බිලියන ගණන් සල්ලි නැත්තේ! **********************************
/
leelagemalli / March 15, 2022
සහෝදරයා,
මම මගේ මව්බිමේ මෙතරම් කාලයක් ජීවත් වී නැත. මම කවදාවත් ශ්‍රී ලාංකිකයන් එක්ක වැඩ කරලා නැහැ. මට දැනගන්න ලැබෙන්නේ වෙබය සහ මගේ පවුල හරහා පමණයි. ඒ වගේම මම ඊයේ මාත් එක්ක කතා කළා මගේ සහෝදරයා (අවුරුදු 60 ගණන්වල මැද භාගයේ) – මට ආයෙත් දැන ගන්න ලැබුනේ එයා එතනින් එහාට පේන්න බැරිව තරමක පසුබෑමකට ලක්වෙලා කියලයි. අද ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ චින්තන රටාවේ ස්වභාවය එයයි.
මම ශ්‍රී ලංකාවට යන සෑම අවස්ථාවකම, බොහෝ දෙනෙක් කිසිම දෙයක වැදගත්කම ගැන එතරම් තැකීමක් නොකරන බව මට පෙනේ. මට කරන්න පුළුවන් එකම දේ නියපොතු සපාගෙන ඉන්න එක විතරයි. මම ඔවුන්ව විවේචනය කරනවා නම්, මට පහළ සිටින සෑම කෙනෙකුම පාහේ විවේචනය කිරීමට සිදුවේ.
මම ඔවුන්ව විවේචනය කළහොත්, ඔවුන් මට පහර දෙන්නේ NGO කාරයෙකු හෝ බටහිර වහලෙකු ලෙස ය.
අපේ රටේ ගොඩක් උන් අද දවස ගෙවන්නේ අනිත් අයව අනුකරණය කරමින්. මම විශ්වාස කරන්නේ එය සැබෑ බුදුදහම නොවන සිංහල බුද්ධාගමට ඇති බැඳීම හරහා පැමිණ ඇති බවයි. නිකමට සිතන්න, ඔවුන්ගෙන් කී දෙනෙක් වාසනාවේ ස්වරූපයෙන් ගව ගොම හෝ අසූචි කන්න යැයි ඉල්ලා සිටියත් පෝලිම් ගනියි. මම හිතන්නේ පාසල් ගුරුවරුන් පවා MBBS උපාධිධාරීන් ඇතුළු දේශීය උපාධිධාරීන් ඔවුන් සමඟ එකතු වේවි. ධම්මික පැණි සාදන්නා විසින් හඳුන්වා දුන් කෝකටත් තෛලයක් ඇසුරෙන් මා දැනගත්තේ එයයි. ඔවුන් අතර වෛද්‍යවරුන් සිටි බව සනාථ කිරීමට මා සතුව වාර්තා තිබේ. ඔයාට හිතාගන්න පුලුවන්ද ? යුරෝපයේ සිටින මගේ සගයන් මෙයට සවන් දෙනවා නම්, අපේ ජාතිය සිනහවක් බවට පත් කරයි … මේ දිනවල අපගේ ගැටළු සමඟ ඒවා බෙදා ගැනීමට මට ලැජ්ජයි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකාවට වඩා හොඳ නිවාඩුවක් ගත කිරීමට කැමති බැවින් බොහෝ දෙනෙක් මගෙන් තත්වය ගැන විමසති. මාව විශ්වාස කරන්න, මුළු ඉතාලි ජාතිකයන්, ස්පාඤ්ඤ ජාතිකයන්, බ්‍රිතාන්‍ය ජාතිකයන් ඔවුන්ගේ වාර්ෂික නිවාඩුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වෙමින් සිටිති. ඔවුන් අපේ රටේ නිවාඩුවක් ගැන සිහින දකියි. නමුත් මේ දිනවල තිරයේ දක්නට ලැබෙන දේ, ඔවුන්ගේ සියලු බලාපොරොත්තු අවහිර කරමින් සැබවින්ම පසුබෑමකි.
/
leelagemalli / March 15, 2022
It is high time to call a buffalo award ceremony to praise Gotabaya/.
.
දෙරණ නැත්නම් හිරු වාගේ ජනප්‍රිය මාධ්‍ය වලින් දෙන අමූලික පච ගෙඩිය පිටින් ගිලිනවා. ඒවා තමයි ඔය කාගේත් උත්තම සත්‍ය පණිවිඩ වෙන්නේ! ලංකාවේ මිනිස්සුන්ට ඕන තරං සහතික වල ‘උගත්’ කම් තියෙනවා IQ තමයි නැත්තේ. බටහිර රටවල් වල ඉතාම සාමාන්‍ය මිනිස්සු පවා කොච්චර ප්‍රශ්ණ දේශපාලකයන්ගෙන් අහනවද? කොච්චර විරෝධතා පල කරනවද? මාධ්‍ය වලින් ඒ ආණ්ඩුවලට කොච්චර නම් පහර ගහනවද? අපේ රටේ වගේ කඩේ යන පත්තර, මාධ්‍ය ඒවායේ නෑනේ? ඒ හින්දා තමයි ඒ වගේ රටවල ජනාධිපතිලගේ හා නෑදෑයන්ගේ එකවුන්ට් වල බිලියන ගණන් සල්ලි නැත්තේ!දෙරණ නැත්නම් හිරු වාගේ ජනප්‍රිය මාධ්‍ය වලින් දෙන අමූලික පච ගෙඩිය පිටින් ගිලිනවා. ඒවා තමයි ඔය කාගේත් උත්තම සත්‍ය පණිවිඩ වෙන්නේ! ලංකාවේ මිනිස්සුන්ට ඕන තරං සහතික වල ‘උගත්’ කම් තියෙනවා IQ තමයි නැත්තේ. බටහිර රටවල් වල ඉතාම සාමාන්‍ය මිනිස්සු පවා කොච්චර ප්‍රශ්ණ දේශපාලකයන්ගෙන් අහනවද? කොච්චර විරෝධතා පල කරනවද? මාධ්‍ය වලින් ඒ ආණ්ඩුවලට කොච්චර නම් පහර ගහනවද? අපේ රටේ වගේ කඩේ යන පත්තර, මාධ්‍ය ඒවායේ නෑනේ? ඒ හින්දා තමයි ඒ වගේ රටවල ජනාධිපතිලගේ හා නෑදෑයන්ගේ එකවුන්ට් වල බිලියන ගණන් සල්ලි නැත්තේ!දෙරණ නැත්නම් හිරු වාගේ ජනප්‍රිය මාධ්‍ය වලින් දෙන අමූලික පච ගෙඩිය පිටින් ගිලිනවා. ඒවා තමයි ඔය කාගේත් උත්තම සත්‍ය පණිවිඩ වෙන්නේ! ලංකාවේ මිනිස්සුන්ට ඕන තරං සහතික වල ‘උගත්’ කම් තියෙනවා IQ තමයි නැත්තේ. බටහිර රටවල් වල ඉතාම සාමාන්‍ය මිනිස්සු පවා කොච්චර ප්‍රශ්ණ දේශපාලකයන්ගෙන් අහනවද? කොච්චර විරෝධතා පල කරනවද? මාධ්‍ය වලින් ඒ ආණ්ඩුවලට කොච්චර නම් පහර ගහනවද? අපේ රටේ වගේ කඩේ යන පත්තර, මාධ්‍ය ඒවායේ නෑනේ? ඒ හින්දා තමයි ඒ වගේ රටවල ජනාධිපතිලගේ හා නෑදෑයන්ගේ එකවුන්ට් වල බිලියන ගණන් සල්ලි නැත්තේ!😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎✌✌✌✌✌✌✌
/
Sinhala_Man / March 15, 2022
Dear Rajni Gamage, LM and Jit,
.
It’s great that you’re posting all this here in Sinhala. I’ve been asked why I don’t join in.
.
This is my answer:
.
I don’t have many years to live; my bones ache, my capacity to learn new skills is severely limited. I can write neither an article nor type out “a Comment” in Sinhla as things stand. I can read, and I have read bits of what you’ve said. It’s all available to me in English.
.
Have you guys made a realistic assessment of many people read what you have written here in Sinhalese in Colombo Telegraph. Only a few naive idealists even come here. Our thinking is in no need of being corrected. So, we can all be happy that we are “good guys”.
.
To go beyond that, you must find ways in which you can reach out to those into whose minds awareness of facts have to be poured. Explore those possibilities, please, apart from posting ideas here. I have drawn the attention to your efforts in a comment here:
.
https://www.colombotelegraph.com/index.php/ukraine-the-last-warning/
.
Thanks for your efforts.
.
Panini Edirisinhe
/
Jit / March 15, 2022
SM, totally understand and all good!! We try whatever possible way to communicate to the masses about the burning issues that we face today. I know there is only a paltry number of people who can comment in Sinhala but that’s OK! We hope to explore in to deep Andaman sea next year to find out more about Asian and the other indigenous people. :)
/
leelagemalli / March 15, 2022
Jit/
Exactly the truth/ we dont stay only criticising/ to my knowledge more of our people wait others to do the job for them/ my late nonagenarian neighbors would never count the days about when they would kick the bucket/instead they plan to enjoy upcoming spring and summer/ nothing but the psychology changes us palpably ✌😎😶🤩🤩🤩🤩😍
/
leelagemalli / March 15, 2022
My dear Iskolemahathya/.
.
U don’t need to worry about not having made comments in sinhala. U are a great human being/ think of ur health and/if possible do some physical excercses on daily basis/ not ur own physiology but current political turmoil may be the real reason u to feel uncomfortable/ but we the good souls on CT do our best yet today to educate the average./
Perpetrators who deliberately made our motherland a laughing stock should be punished now or later✌🤥😉😶
/