
මහින්ද රාජපක්‍ෂ මැතිතුමා
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
අතිගරු ජනාධිපතිතුමෙනි,
උතුරු පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වන බව ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබිණි. මෙය, ‘සැප්තැම්බර මාසයේ උතුරු පළාත් සභා ඡන්දය පවත්වන බවට ආණ්ඩුව විසින් කළ ප‍්‍රකාශය’ පිළිබඳ සතුට පළ කරමින්, මෙය 2013 මාර්තු 21 වන දා සම්මත කෙරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සකී‍්‍රය කිරීමකි. මෙම යෝජනාව කි‍්‍රයාවට නැංවීමේදී, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තියයේ 21 වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු වෙයි. එහි මෙසේ සඳහන්ය.
‘ජනතා අභිමතය, සර්වජන සහ ඊට සමාන ඡන්ද බලය ඔස්සේ, රහස් හෝ එවැනි නිදහස් ඡන්ද ප‍්‍රකාශ කිරීමක් මගින්, වරානුකූල හා අව්‍යාජ මැතිවරණයක් හරහා පළ කිරීමට අවකාශ තිබිය යුත්තේය.’
සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ වූ ජාත්‍යන්තර සම්මුතියේ 25 වන වගන්තිය මගින්ද, මෙම අයිතිය තහවුරු කර තිබේ.
‘ජනතා අභිමතය නිදහසේ ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරමින්, වාරානුකූල මැතිවරණවලදී, රහස් ඡන්දයක් මගින්, සර්වජන සහ ඊට සමාන ඡන්ද බලය ප‍්‍රකාශ කිරීමටත්, තේරී පත්වීමටත් අවකාශ ඇත්තේය.’
විපක්‍ෂ දේශපාලන පක්‍ෂයනට සහයෝගය දක්වන්නන් බියවැද්දවීමට ආණ්ඩුවේ දේශපාලන යාන්ත‍්‍රණය භාවිතා කළ ව්‍යවස්ථාවන් ගණනාවක් පිළිබඳව, එක්සත් ජාතික පක්‍ෂයත්, විපක්‍ෂයේ අනෙකුත් පක්‍ෂත් පාර්ලිමේන්තුවේ නිරන්තර අවධානය යොමු කර ඇත. මේ තත්ත්වය තව තවත් උග‍්‍ර වී ඇත්තේ උතුරේ සමහර හමුදා අධිකාරීන් හා විපක්‍ෂයේ දේශපාලනඥයින් අතර ප‍්‍රසිද්ධියේම සිදුවන ගැටුම් හේතුවෙනි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස උතුරේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇත.
විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සහ සිවිල් සමාජය ඉල්ලා සිටිනුයේ උතුරේ මැතිවරණයට අදාළ 2013 මාර්තු 21 දින සම්මත කෙදරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා වහාම කි‍්‍රයාත්මක කරන ලෙසය. අවංක ලෙස මෙය සිදු කළහොත්, මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ආණ්ඩුවට ප‍්‍රසාදය හිමිවනු ඇත. එපමණකදු නොව, මානව හිමිකම් කොමිසමේ 25 වන සමුළුවාරයේ මතුවීමට නියමිත මතභේදාත්මක තත්ත්වයද සමනය වනු ඇත.
උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ අන්දමින් පැවැත්වීම සහතික කරනු වස්, මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙරාතුව මතු දැක්වෙන කරුණු වහාම කි‍්‍රයාත්මක කිරීම අවශ්‍ය වෙයි.
1. ව්‍යවස්ථාවට එක් කරන ලද 18 වන සංශෝධනය අහෝසි කොට 17 වන සංශෝධනය යළි කි‍්‍රයාත්මක කරලීම.
2. 17 වන සංශෝධනය යළි කි‍්‍රයාත්මක සඳහා වන සංශෝධනයේදී, උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම් නිර්දේශයන්හි සඳහන්ව ඇති ‘පොලිස් සේවය හා සියලූම පොලිස් නිලධාරීන් ස්වාධීනව කි‍්‍රයා කිරීම සහ උසස් මට්ටමේ වෘත්තීය හැසිරීමක් පවත්වාගෙන යාම සඳහා කොමිසම බලසතු කළ යුත්තේය’ යන වගන්තීන්ට අනුකූලව පොලිස් කොමිසම ශක්තිමත් කරලීම.
3. වහාම කි‍්‍රයාත්මක වන පරිදි උතුරු ආණ්ඩුකාරවරයා ඉවත් කිරීම. විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු වෙනුවට සියලූ පක්‍ෂයන්ට පිළිගත හැකි සිවිල් පුද්ගලයෙකු පත් කිරීම.
4. නාමයෝජනා දිනයේ සිට ප‍්‍රතිඵල ප‍්‍රකාශ කර සතියක කාලයක් දක්වා සියලූ මැතිවරණ කටයුතු නිරීක්‍ෂණය කරලීම උදෙසා පොදු රාජ්‍ය මණ්ඩලයීය නිරීක්‍ෂකයන් කණ්ඩායමකට ආරාධනා කිරීම.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලීම සඳහා මගේ නායකත්වයෙන් යුතු නියෝජිත පිරිසකට අවකාශ ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි.
මෙයට,
විශ්වාසී,
රනිල් වික‍්‍රමසිංහ
විපක්‍ෂ නායක.
karunarathnedissanayake / June 13, 2013
janadipati me kiyana ewa karay nam 18 sammata karaganeede.
/
sam / June 14, 2013
‘පරාජේ’ කප් එක එහෙනම් මේ පාරත් විපක්ෂෙට…..ජයග්‍රාහී ලෙස කීවෙනි වරට ද දන්නේ නැ ???
/
Hasin / June 14, 2013
meya e para mokatada me lesthi wenne,mokakda danne ne me aluth request eka.aluth drama ekakda danne ne.
/
මංගල / June 14, 2013
රනිල් අයියා 13 සංශොධන කරන්න ගිහින් ගුටි කෑවා…
18 සංශාධනය කරන්න ගිහින් ලස්සන මුනත්තහඩුව ඇද කරගනියිද දන්නැ..
මයේ..අයියා…
/
maitree / June 14, 2013
අනේ රනේ බඩගිනි ගිහින් කෑම අරගෙන එන්නකෝ ඩාලින් .මොනාද ඔය විකාර කියව කියව ඉන්නේ.ඔයාටනම් පිස්සු අනේ ගෙදර කන්නත් දෙයක් නැහැ මෙතනට වෙලා දේශපාලනය කියවනවා.හොද වෙලේට මිනිස්සු දන්නේ නැහැ මාසෙකට කලින් මෙයට පිස්සු හැදුනා කියලා.
/