26 September, 2020

Blog

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2017 දෙසැම්බර් 08 වන දා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය:

ගරු කථානායකතුමනි,

මා අද දින මේ ප්‍රකාශය කිරීමට අදහස් කලේ ජීවන වියදම පාලනය  සම්බන්ධව මෙන්ම ඒ පිළිබඳව අප රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු කිහිපයක් මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමටයි.

අපේ රටේ ආර්ථිකය මෙන්ම ආහාර සැපයුම් ජාලය ද ඉතා විශාල වශයෙන් දේශගුණික හා කාලගුණික රටාව හා රඳා පවතින්නක්. විශේෂයෙන්ම ඊසාන දිග මෝසම හා නිරිත දිග මෝසම අනුව ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය හැඩගැසී තිබෙනවා. නමුත් පසුගිය වසර කිහිපය තුළ දේශගුණික හා කාලගුණික රටාවේ වෙනසක් අපි හැමෝටම දැනිලා තිබෙනවා. සමහර විට ගංවතුර ඇති වුනා. නැතිනම් නියඟය ඇති වුනා. සමහර දිස්ත්‍රික්කවලට ගංවතුර ගලන කොට සමහර දිස්ත්‍රික්කවල බවුසර් මගින් ජානීය ජලය බෙදන්නට අපිට සිදුවුණා. පසුගිය නොවැම්බර් මාසයේ බලාපොරොත්තු වුණු මෝසම් වැසි නොලැබීම නිසා නියඟයේ බලපෑම තවදුරටත් වැඩි වුණා. පසුගිය කාලයේ පැවති කාලගුණික විපර්යාසයන් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ විට අපට පැහැදිලිව පෙනී යන කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශගුණික රටාව ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බවයි. මෙම දේශගුණික වෙනස්කම් අපේ රටේ කෘෂිකර්මයට හා ආර්ථිකයට, විශේෂයෙන්ම ගෘහස්ත ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපා තිබෙනවා.

දිගින් දිගටම පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළම ගොවීන්ට තම වගා කටයුතු වල නිරතවීමට හැකියාවක් ලැබුනේ නැහැ. සමහර පළාත්වල කන්න තුන හතරක්ම වගා පාළුවට ගියා. විශේෂයෙන්ම පසුගිය දිනවල පැවති නියං තත්ත්වය හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස පහත වැටුනා. සහල් නිෂ්පාදනය ද විශාල වශයෙන් අඩු වුනා. මෙම කාලය තුල එළවලු වගාවද 30% කින් පමණ අඩු වී තිබෙනවා. විශේෂයෙන්ම, කෘෂිකර්ම අමාත්‍යාංශය බලපොරොත්තු වුනේ උඩරට හෙක්ටයාර් 14,798 කුත් හා පහතරට හෙක්ටයාර් 32,216 කුත් එළවලු වගා කරනු ඇතැයි කියායි. නමුත් වගා කර තිබුනේ උඩරට හෙක්ටයාර් 10,712 කුත් පහතරට හෙක්ටයාර් 19,673 කුත් පමණයි. ඒ වගේම, සහල් නිෂ්පාදනය 40% කින් පහත යනු ඇතැයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එසේම 2018 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මසකට පොල් ගෙඩි මිලියන 40 ක පමණ හිඟයක් ඇති විය හැකි බව පුරෝකථනය කර තිබෙනවා. දැනට තිබෙන වාර්තා අනුව 2018 මැයි මස දක්වා පොල් ගෙඩි මිලියන 195 ක් අවශ්‍යයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා කාලගුණික අනාවැකි ලබා දුන්නත් ස්වභාවික විපත් දිගින් දිගටම සිදුවීම නිසා එය අහිතකර අන්දමින් ආහාර සැපයුම් දාමයට බලපෑවා. මේ හේතුව නිසා වෙළඳපොල තුළ ආහාර ද්‍රව්‍ය සැපයුමේ යම් හිඟයක් ඇති වුනා. අනෙක් අතට අහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහල යාමක් නිරීක්ෂණය වුනා. ආහාර නිෂ්පාදනය අඩු වන විට ආහාර ආනයනය කළ යුතුයි. පැවති පසුබිම අනුව එම තක්සේරුව නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි වුනා. මීට සමගාමීව, රටේ ජාතික ආර්ථික වර්ධන වේගය අඩු වීමක් සිදු වුනා. මේ වසරේ අපි 5.5% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළා. නමුත් නියඟය හා ගංවතුර නිසා මෙය 4.5% දක්වා අඩු වන බව මහ බැංකුව වාර්තා කරලා තිබෙනවා. අපේ රටේ කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ සියයට 1.2 ක් බවට පත්වී තිබෙනවා.

ගරු කථානායකතුමනි,

මෑතකදී නිකුත් කරන ලද දේශගුණික විපර්යාස පිළිබඳව ලෝක බැංකු වාර්තාවක මෙසේ සඳහන් වනවා;

“The impacts of climate change will be channelled primarily through the water cycle, with consequences that could be large and uneven across the globe. Water-related climate risks cascade through food, energy, urban, and environmental systems.”

එනම් මෙය සමස්ත ලෝකයටම බලපා තිබෙන කාරණයක්.

කලක් තිස්සේ පැවති දේශගුණික රටාව මෙසේ වෙනස්වීම හේතුවෙන් අපගේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටාවන් වෙනස් වීමට භාජනය වුණා. තමන්ට ගොවිතැන සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ගොවීන්ට තිබුනේ නැහැ. සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව ගොවීන් විසින් තීරණ ගන්නට පෙළඹුණා. සමහරු වගා කිරීම අතහැර දැම්මා. සමහරු වගා ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදා ගත්තා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් උඩරට ප්‍රදේශවල එළවළු වගා බිම් ප්‍රමාණය 36% කිනුත්, පහත රට එළවළු වගා බිම් ප්‍රමාණය 30% කිනුත් අඩු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විටින් විට වාර්තා කර තිබෙනවා. මේ තත්වය අනෙකුත් බෝග වගාවන්වලටත් බලපා තිබෙනවා.

ගරු කථානායකතුමනි,

මා නිදහසට කරුණු දක්වනවා නොවෙයි. අපි වගකීම භාර ගන්න ලෑස්තියි. නමුත් යතාර්ථය පැහැදිලි කළ යුතුයි. ජනතාවට වගකියන රජයක් වශයෙන් අපි මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට සුදානම්. පසුගිය අගහරුවාදා දින හා බ්‍රහස්පතින්දා දිනවල පැවති කැබිනට් මණ්ඩල රැස්වීම් වලදී ජීවන වියදම පාලනය කිරීම පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ජනාධිපතිතුමාත් කරුණු කිහිපයක් මතු කළා. එහිදී අප තීරණ රැසක් ගනු  ලැබුවා.

පෞද්ගලික අංශය හා සතොස ආයතනය සහභාගී කර ගනිමින් සහල් ආනයනය කිරීමට මහා භාණ්ඩාගාරයට අවසර ලබා දුන්නා. දැනටමත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කිරීමට කටයුතු යොදා අවසන්. මීට අමතරව තවත් අවශ්‍ය නම් සහල් ආනයනය කිරීමට කටයුතු කරනවා. ලබන මහ කන්නයේ දී සාමාන්‍ය අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. අප්‍රේල් මාසය තෙක් අපට මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් එතෙක් පවතින හිඟය පියවා ගැනීමට කටයුතු කිරීමට සිදුවෙනවා.

එසේම ජීවන වියදම පිලිබඳ කැබිනට් අනුකමිටුව හරහා කඩිනමින් රටපුරා සහල් බෙදාහැරීමේ ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කිරීමට ද තීරණය කළා. එසේම, අවශ්‍ය නම් සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව පෞද්ගලික අංශයෙන් සහල් මිල දී ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළා. එසේම, මසකට පොල් ගෙඩි මිලියන හතලිහක් පමණ වන හිඟය පියවා ගෙන දේශීය ගෘහස්ථ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් පොල් සැපයුමක් තහවුරු කිරීමට පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ට පොල් මද ආනයනය කිරීමට අවසරය ලබා දීමටත් තීරණය කළා.

මීට අමතරව, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා  කිරීමට නොහැකිව අසරණ වී සිටින ගොවි පවුල් හඳුනා ගෙන ඔවුන් හට වැඩි වශයෙන් සහන ලබා දීමට ක්‍රමවේදයක් සති 02 ක කාලයක් තුළ සැකසීමට මුදල්, ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු, කෘෂිකර්ම යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත නිලධාරී කමිටුවක්ද පත් කරනු ලැබුවා.

එසේම කාලගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මයට සිදු වී ඇති බලපෑම පිළිබඳව අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේමජයන්ත,  අනුර ප්‍රියදර්ශන යාපා හා රවුෆ් හකීම් යන අමාත්‍යතුමන්ලාගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට ද කටයුතු කළා.

ජීවන වියදම පාලනය කිරීම සඳහා තවත් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නට අප ලැහැස්තියි.

ගරු කථානායකතුමනි

මා ලබන සතියේ අදාල සියලුම පාර්ශව ඒ වගේම ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ මෙම දේශගුණික වෙනස්වීම් සැලකිල්ලට ගෙන ආර්ථිකය සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මා කල්පනා කරන විදියට අපිට දේශගුණික වෙනස්වීම්වලට මුහුණදීමට ආර්ථිකය සූදානම් කිරීමට සිදු වෙනවා. ඒ සඳහා අළුත් යාන්ත්‍රණයක් සැකසීමට සිදුවෙනවා. කෘෂි අංශයේ වර්ධනය අඩුවීමට ඉඩ තිබෙන බැවින් ආර්ථිකයේ වෙනත් අංශ හඳුනාගෙන සංවර්ධනය තවත් වේගවත් කිරීමට සිදුවෙනවා. දේශගුණික වෙනස්වීම් නිසා ආර්ථික වර්ධනය අඩාලවීමට ඉඩදීමට හැකියාවක් නැහැ.

අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ලැබුණු පසුව මේ සම්බන්ධව අප රජය විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මා මේ ගරු සභාව ඉදිරියේදී දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව අවසන් වශයෙන් කියන්න කැමතියි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    There were droughts as well as floods. But 4 main rivers in our country continuously carry water non stop to the sea from inland areas. They are hardly dry. All four estuaries are filled to the brims.
    We do not need a prime minister to tell us there were droughts and floods and the country needs so many coconuts for consumption.
    We don’t need a PM to import rice and sell. Any business-man can do it.
    We do not get any satisfaction by hearing that we had so many acres of vegetable cultivation and now we have only so much
    This is all bolder dash
    People in Israel don’t have water
    But they have home grown foods
    If there was any sense of foresight or any meaningful plan during the last 3 years the country won’t be in this situation
    Mr PM you are wise in hindsight!
    Instead of your Utopian tendencies to create megapolis cities and such plans if there was any down to earth thinking the country would not experience half of what is happening
    Your statement to parliament appears to be only a mere eyewash with no feasible action plan
    Sorry to say this but this is what we feel

  • 0
    0

    Mr. Ranil wickramsinghe: here you talked about people cultivating and lesser than the expected acreage. but, why did not you talk about the acreage that was abandoned without harvesting because production prices was too high with respect to the important product. Because your ministers allow importing everything far below the cost of production. So, do you know how many mahaweli farmers, Madakalapuwa area, Rajarata area, farmers abandoned their crops without harvesting. On the other hand, the whole sri lanka did not have dried. Some areas had land slides and floods. How do you say the whole srilanka is dried. what initiative you took in order to increase the production of coconut or to stop real estate construction of coconut lands. Rice and coconuts are two major crops at one time. We can not grow eventhose two. We know, even the bond Scandle leaving behind, you are not a CLEAN Man. and why you did not prosecute none of the previous govt people and what is going in your govt. .

  • 0
    0

    Scarcity of coconut is a problem made by Politicians. Politicians continue because that is what IMF wants. they want to increase the no of transaction using internationalized dollar. what did politicians do to increase coconut production, or long term Storage of rice. We here very often vegetables are thrown to animals because there is post harvest storage or preservation. Those did not need new research as those things very techniques in the other countries. YOu say Sri lanka income per head is going to increase to $ 5000. Farmers can not harvest their crops because of cheap imports, so who is going to get the benefit of your economic marvels which is the demands of IMF and MCC. What did you do to stop the draining of foreign exchange by stopping imports ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.