19 April, 2024

Blog

අම්පාර-දිගන ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා: රනිල් පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2018 මාර්තු 06 වන දා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ගරු කථානායකතුමනි,

අද දින මා මෙම ප්‍රකාශය සිදුකරන්නේ පසුගිය දිනවල දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හා ඊට පෙර අම්පාරේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව මෙම සභාව දැනුවත් කිරීමටයි.

පසුගිය 26 දින රාත්‍රියේ අම්පාර, ඩී.එස්.සේනානායක වීදියේ කාසිම් නම් හෝටලයක ආහාර ලබාගැනීමට පැමිණි පුද්ගලයින්ට ලබා දෙන ලද ආහාරවල යම් ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුලත්ව තිබීම පිළිබඳව ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් ගැටුම්කාරී තත්වයක් ඇති වී තිබෙනවා. ඉන් අනතුරුව කලහකාරී පිරිස් විසින් එම වෙළඳසැල ඇතුළු එම ප්‍රදේශයේ මුස්ලිම් වෙළඳසැල් හතරකට මෙන්ම මුස්ලිම් දේවස්ථානයකටද අලාභහානි සිදු කොට තිබෙනවා. මෙම සිද්ධිය වාර්තා වූ වහාම අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය විසින් කටයුතු කර තිබෙනවා. නමුත් නීතිය ක්‍රියාත්මක වීමේ යම් අඩුපාඩුවක් තිබූ බවට මා වෙත වාර්තා වුණා. එම නිසා පොලිස්පතිගේ නියෝගය මත මඩකලපුව දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය පිළිබඳව වෙනම විමර්ශණයක් සිදු කරමින් පවතිනවා.

එසේම, පසුගිය 22 වන දින අළුයම 02.00 ට පමණ තෙල්දෙණිය පොලිස් වසමේ කරලියද්ද ඉන්ධන පිරවුම්හලට ලොරි රථයකින් පැමිණි රියදුරෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි මුස්ලිම් තරුණයින් සිව් දෙනෙකු විසින් පහරදීමක් සිදුකර තිබෙනවා. ඉහත පහරදීමෙන් ඇති වූ තුවාල හේතු කොටගෙන තුවාලකරු මහනුවර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 03 වන දින අළුයම මිය ගොස් තිබෙනවා. මෙම පහරදීමේ සිද්ධියට අදාල සැකකරුවන් 04 දෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.

දෙවනුව, මෙම සිද්ධිය පාදක කරගනිමින් පසුගිය මාර්තු 04 වන දින රාත්‍රියේ අන්තවාදී පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් තෙල්දෙනිය පොලිස් වසමේ වෙළඳ සැල් දෙකකට, මුස්ලිම් වෙළඳසැලක් හා ඊට යාබද වෙළඳ සැලකට ගිනි තබා හානි කොට තිබෙනවා.

මෙම තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ඒ අවස්ථාවේදීම කටයුතු කර ඇති අතර ජංගම මුර සංචාර, පොලිස් විශේෂ කාර්ය බලකාය හා අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කොට තිබෙනවා. සිද්ධියට අදාළව සැකකරුවන් 24 දෙනෙකු එම අවස්ථාවේම තෙල්දෙනිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් 24 දෙනා අද දින තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2018.03.19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තත්වය එසේ තිබියදී නැවතත් ඊයේ දින දහවල් කාලයේදී අන්තවාදී පිරිස් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති අතර එයින් වෙළඳසැල් 04 කටද, මුස්ලිම් දෙවස්ථාන 02 කටද අලාභ හානි සිදු වී තිබෙනවා.

තත්වය තවදුරටත් ව්‍යාප්තවීම මැඩ පැවැත්වීම සඳහා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපාන ලෙස ඊයේ දහවල් සිට අද උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ද පනවනු ලැබුවා. එසේම පල්ලෙකැලේ හා තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.

එසේම දිගන කෙන්ගල්ල ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක් වූ වෙළඳ සැලක් තුළ වයස අවුරුදු 24 ක පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී අද උදෑසන හමු වී තිබෙනවා.

මේ පිළිබඳවත් විමර්ශන සිදුවන අතර වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද පිටත්කර තිබෙනවා.

ගරු කථානායකතුමනි,

ඊයේ සවස ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වුණා. මෙහිදී සාමාන්‍ය ජනජීවිතය කිසිදු බාධාවකින් තොරව ගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කරන ලෙසටත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත්, ඕනෑම ආකාරයක නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීමට සූදානම්ව සිටින ලෙසටත් එහිදී ආරක්ෂක ප්‍රධානීන්ට හා පොලිසියට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ දින රාත්‍රිය පුරා මහජන නියෝජිතයින්, ආගමික නායකයින්, පොලිස්පති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් තත්වය පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන්නා.

ගරු කථානායකතුමනි,

මෙම සියලු ජාතිවාදී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් රජයක් වශයෙන් අප තරයේ හෙලා දකිනවා. වගකිව යුතු රජයක් වශයෙන් මෙවැනි නීතිවිරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කිරීමට කිසිදු හැකියාවක් නැහැ. තිස් වසරක කුරිරු යුද්ධයකින් පීඩා විඳි රටක් වශයෙන් සාමයේ, එකමුතුකමේ හා නිදහසේ වටිනාකම අප සියලු දෙනා ඉතා හොඳින් දන්නවා.

දේශපාලන බල තණ්හාවෙන් සිටින සමහර කොටස් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමට විවිධ උපක්‍රම, විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සැලසුම් කරමින් සිටින බව පෙනෙන්ට තිබෙනවා. ඔවුන්ගේ එකම තුරුම්පුව ජාතිවාදය ඇවිස්සීමයි. රට තුළ භීෂණය ඇති කොට ජන ජීවිතය කඩාකප්පල් කොට හෝ බලය ලබාගැනීම ඔවුන්ගේ එකම අරමුණයි. ජාතීන් අතර වෛරී හැඟීම් ඇති වන ආකාරයේ නොමඟ යවන සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම, විශේෂයෙන්ම සමාජ ජාලා හරහා විකෘති තොරතුරු පතුරුවා හැරීම වැනි ක්‍රියා සංවිධානාත්මකව සිදුවන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

එක් කණ්ඩායමක් සමාජ මාධ්‍ය හරහා සැලසුම් සහගතව පසුගිය මාස 09 තුල මුස්ලිම් ජාතියෙන් සිංහල ජාතියට තර්ජනයක් සිදු වන බවට ප්‍රචාරයක් සිදු කර තිබෙනවා. ඒ සඳහා අසත්‍ය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කොට තිබෙනවා. සමහර මුස්ලිම් සංවිධාන මෙයට පිළිතුරු දී තිබෙනවා. දීර්ඝ කාලයක් තුල මේ කණ්ඩායම ජාතිවාදය පතුරා තිබෙනවා. මෙයින් උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ රටේ බහුතරය සිංහල බෞද්ධයින්. සිංහල බෞද්ධයින් ලෙස අපි ඒ උරුමය ආරක්ෂා කරනවා. ඒ උරුමයට හෝ අයිතිවාසිකම්වලට හානියක් වෙලා නැහැ. තර්ජනයක් වෙලා නැහැ. එසේ සිදු වීමට අපි ඉඩදෙන්නේ නැහැ.

ශ්‍රී ලාංකිකයින් ලෙස වෙනත් ජාතීන් හා ආගම් මේ රටේ ජීවත් වෙනවා. සියලු ජාතීන්ට හා ආගම්වලට කිසිම හිරිහැරයක් නැතිව තමන්ගේ සංස්කෘතිය භුක්ති විදීමටත්, ආගම ඇදහීමටත් අයිතියක් තිබෙනවා. මේ තමයි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සිට ශ්‍රී ලාංකික සංකල්පය. අපි එය ආරක්ෂා කරනවා. එබැවින් මුස්ලිම් දේවස්ථානවලට සිදුවූ හානිය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.

මෙම සංවිධානාත්මක හා කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිසේත් පසුබට වන්නේ නැහැ.

ගරු කථානායකතුමනි,

මෙම නොසන්සුන්කාරී තත්වයේදී ඉතා ඉවසිලිවන්තව හා බුද්ධිමත්ව කටයුතු කොට තත්වය පාලනය කිරීමට කැපවූ මහා සංඝරත්නය, මුස්ලිම් මවුලවිවරුන් ඇතුළු පූජ්‍ය පක්ෂය, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම අනෙකුත් සියලු ජන කොටස් වෙතටත් මාගේ විශේෂ ස්තුතිය පිරිනැමීමට කැමතියි.

එසේම මෙම අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් හානි වූ ජීවිත හා දේපළ වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමට ද රජය විසින් කටයුතු කරනු ලබන බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

ජාතිවාදය මතින් තම අරමුණු ඉටුකරගැනීමට මාන බලන දේශද්‍රෝහීන්ගේ ගොදුරු බවට පත් නොවී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස රටේ සියලුම ජනතාවගෙන් අවසන් වශයෙන් මා ඉල්ලා සිටිනවා.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අනේ, ඔය මෝඩ ප්‍රකාශ වලින් දැන් වැඩක් නැහැ. කඩේට ගිනි තියන්න ඉඩ දීල, එනවා මෙතන දැන් වතුර ගහන්න.
    .
    අගමැතිතුමා, කිරීඇල්ල ඇමතිතුමා කියලා තියෙනව බෞද්ධයෝ මුස්ලිම් මිනිස්සුන්ගෙන් සමාව ගන්න ඕනේ කියලා. එයාට කියන්න සන්සුන්ව පැත්තකට වෙලා ඉන්න මිනිස්සුන්වත් කලකෝලාහල වලට ඇද ගන්න විදියේ ගොන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින්න කියලා.
    .
    මම කිරිඇල්ලගේ කතාව පිළිකුලෙන් හෙලා දකිනවා. මුළු රටම දන්නවා මුස්ලිම් මිනිස්සුන්ට ගැහැව්වේ, ගෙවල් සහ කඩ වලට ගිනි තිබ්බේ සාමාන්‍ය බෞද්ධ ජනතාව නෙමෙයි කියලා. මුස්ලිම් මිනිස්සුන්ට ගැහැව්වේ සංවිධානාත්මක කල්ලියක්, දාමරිකයෝ, මැරවරයෝ, දේශපාලකයන්ගේ සහ අන්තවාදීන්ගේ හෙන්චයියෝ. ඒකට බෞද්ධයන්ගේවත් බුද්ධාගමෙවත් සම්බන්ධයක් නැහැ. අන්තිම ගොන් ප්‍රකාශයක් කරලා කිරිඇල්ල බෞද්ධයන්ට කරපු අවමානයට බෞද්ධ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ.

  • 0
    0

    අනේ, ඔය මෝඩ ප්‍රකාශ වලින් දැන් වැඩක් නැහැ. කඩේට ගිනි තියන්න ඇරල, එනවා වතුර ගහන්න.
    .
    අගමැතිතුමා, කිරීඇල්ල ඇමතිතුමා කියලා තියෙනව බෞද්ධයෝ මුස්ලිම් මිනිස්සුන්ගෙන් සමාව ගන්න ඕනේ කියලා. එයාට කියන්න සන්සුන්ව පැත්තකට වෙලා ඉන්න මිනිස්සුන්වත් කලකෝලාහල වලට ඇද ගන්න විදියේ ගොන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින්න කියලා.
    .
    මම කිරිඇල්ලගේ කතාව පිළිකුලෙන් හෙලා දකිනවා. මුළු රටම දන්නවා මුස්ලිම් මිනිස්සුන්ට ගැහැව්වේ, ගෙවල් සහ කඩ වලට ගිනි තිබ්බේ සාමාන්‍ය බෞද්ධ ජනතාව නෙමෙයි කියලා. මුස්ලිම් මිනිස්සුන්ට ගැහැව්වේ සංවිධානාත්මක කල්ලියක්, දාමරිකයෝ, මැරවරයෝ, දේශපාලකයන්ගේ සහ අන්තවාදීන්ගේ හෙන්චයියෝ. ඒකට බෞද්ධයන්ගේවත් බුද්ධාගමෙවත් සම්බන්ධයක් නැහැ. අන්තිම ගොන් ප්‍රකාශයක් කරලා කිරිඇල්ල බෞද්ධයන්ට කරපු අවමානයට බෞද්ධ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ.

  • 0
    0

    රෑට කාන්තාවන්ට පාරේ යන්න ආරක්ෂාවක් නැහැයි කියලා නීතිය සහ සාමය ඇමතිතුමාගේ වගේම ලංකාවේ අගැමතිතුමාගේ බිරිඳ සහ තව ආණ්ඩුවේ ඇමතිවරියක් වීදී බැහැළලු. ලැජ්ජයි. අගමැතිතුමා, දැන්නම් ඉල්ලලා අස්වෙන්නම වෙනවා. ඔන්න අපි නම් දන්නේ නැහැ. ඔයිට වඩා ප්‍රතිඵල දායකයිනේ ඕක උදේ කෑම මේසේදී කිව්වා නම් නේද? තාම නීතිය සහ සාමය අතට දුන්න විතරයිනේ. ඔහොම කරන්න හොඳ නෑනේ නේද? මහ පාරට ඇවිල්ල ඔහොම ඔළුවට පොලු පාරක් දෙන්නේ නැතුව චූටි කණේ පාරක් ගෙදරදීම දීල ඕක කියන්න තිබ්බනේ නේද?

  • 0
    0

    It looks Snmhala Politicians are Ponnaihas, and they all neglect Sinhala people and cater to muslims, Tamils etc., Muslim suffering was only propeety vandalizing. PM has promised to provide comphensation for thise. what about the Sinhala man who lost the life. Whose addressing the grievences of tha tsinhala man. I think these things should be political issuus when the elelction comes. Some people say both the president and the PM are eager to address minority concerns, but when invited either the PResident or the PM do not attend and do not regret or ASVP the non attendence, They both are Davil Migel re Daniel people.. Peole will keep this in mind when the election comes. Ranil is well know for using the words for the occasion but not follow the words. I heard one assisitatn lecture will help you as the financial matters.

  • 0
    0

    Chickadees tell me both the president and Ranil profitted from the Tsunami funds. Ranil is one Like the WAngeesha Brahmin during the Lord Buddha’s time. You know what I mean.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.