20 April, 2024

Blog

බයිලා ගසා සංහිදියා ඇති කළ නොහැක – Swansong of Sirisena

ප්‍රියන්ත හේවගේ මාතලන්

ප්‍රියන්ත හේවගේ මාතලන්

තඹුත්තේගම හා අම්පාරේ ඇතිවූ සිද්ධීන් අලලා මාතලන් පල කළ අනාවැකිය සපල වීම ඇත්ත වසොයෙන්ම කියනවා නම්, තනි ඇහැට කඳුළු එන තරම් දුකක්ය. ඒ අනාවැකි එසේ පලකලේ එතෙක් මෙතෙක් අම්මට සිරි ලංකාවේ පහළවූ කිසිදු දෙයක් කළ නොහැකි අසාර්ථකම රාජ්ජ නායකායාගෙන්, සංහිදියාව තබා කිසිදු දෙයක් බලාපොරොත්තු වීම එකම විකාරයක්ම පමණක්ම නිසාය. එම ළිපියේ මාතලන් මෙසේ කීවේය.

// ඊයේ තඹුත්තේගම සිඳු වූ සිඳුවීම, වඳ පෙත්තට එහා ගිය දෙයක් බව ආන්ඩුව තේරුම් නොගන්නේ නම් එය මහා විනාශයක ආරම්බය බව, අප විසින් මේ ගවපාලකයන්ට මතක් කර දිය යුතුව ඇත. අද මේ දෙපලම රටේ නායකයන් ලෙස ජනතාව පිලිගන්නේ නැත. ඔවුන්ගේ එකම නායකයා හා ගැලවුම් කරුවා මහින්ද රාජපක්ෂම වී අවසානය. 

ජනවාරි 10 වන්දා පැවති ආන්ඩුව ඉල්ලාගෙනම කෑ හුටප්පරයෙන් ලෝකටයටම දුන් පණිවිඩය එය බව තිත්ත වහ කඳුරු වුවත් පට්ට ඇත්ත ලෙස අප කවුරුත් පිලිගත යුතුය. තම පක්ෂය, ඇමති මණ්ඩලය, කැබිනෙට්ටුව පාලනය කර ගන්න බැරි උන්ට, රටක් තියා ප්‍රාදෙශීය සභාවක්කත් පාලනය කර ගන්න බැරි බව අද අපූරුවට පෙන්වමින් සිටින්නේය.

පොලිසිය, හමුදා කඳවුරු, ඇස් ටී ඇෆ් කඳවුරු සියල්ල තිබියදි, පෙත්තක් දැම්මාය කියා ක්ෂනයකින් මහා පරිමාන ප්‍රහාරයක් එල්ල කරන්නේ, හොඳ සංවිධාන ශක්තියකින් පමණක්ම නොව, අර කලින් සඳහන් කළ ඒවායේ ආශීර්වාදයද ඇතිව බව සැක කිරීමට, අප ජීවිතය තුල දෑසින්ම දැක ඇති දෑ ඕනාවටත් වඩා ඇතිය.

එය ආන්ඩුවේම ක්‍රියාදාමයක්ය කියා සැක කිරීමට නොහැක්කේ, මේ ආන්ඩුවට එවන් දෙයක් කර ගැනීමට ශක්තියක් ඇතැයි කියා කිසිවකුත් නොසිතනා නිසාය. ඒ කෙසේ වෙතත්, 83 දී මෙන් මෙය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිඳු වූ දෙයක් විය හැකි සම්භාවිතාවයක්ද පවතින්නේ, මෙතක් කිසිවකු හෝ අත් අඩංගුවට ගෙන නොතිබීමමය. 

පෙත්තේ ගිනි නිවී යාමටත් ප්‍රතම, තඹුත්තේගම ඇතිවන සිද්දිය අප සුළු කොට තැකිය යුතු නැත. යහපාලන ආන්ඩුවක් ලෙස, වතුර ඉල්ලු ජනතාවට පොලීසියේ බවුසරයෙන් වතුර බෙදීම අප අගය කළ යුතු වුවද, මෙතරම් ජනම් එකක් පොලීසියට විරුද්ධව කැරලි ගසන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුම කාරනාවක්මය. මක්කා කීවත් පොලීසිය ආන්ඩුවේය. පොලීසිය අයිති ආන්ඩුවට වූවද පොලීසියේ අති බහුතරයද මහින්දවාදින්ය. පොලීසියේ පමනක් නොව, අධිකරණයේ අති බහුතරයද මහින්දවාදීන් බව, අති ශ්‍රේෂ්ඨාධිකරනයෙන් දෙන ඉල ඇදෙනා නඩු තීන්දුවලින් මනාව දිස් වෙනවාය. 

තත්වය එසේ හෙයින් මේ ආන්ඩුව මෙන්ම, ජෝකර් කෙනෙකු යටතේ පාලනය වන විගඩම් පොලෝසියද එකෙක්කත් සත පහකට මායිම් කරන්නේ නැතිය. එය එසේ හෙයින්, ඡන්දයට කලින් 100-200 එක් වී ආන්ඩුවට එරෙහිව පාරවල් වසාගෙන කළ උග්ගෝෂණ, තඹුත්තේගමටත් වඩා දරුණු ලෙස, හෙට හෝ අනිද්දා ඇති වීම කිසිවකුටත් වැලැක්වීමට නොහැකිය. මන්ද අම්මට සිරි ලංකා නිදහස් පක්ෂයේ පෙර උන් ප්‍රාදේශීය චන්ඩීන් සියල්ලම පොහොට්ටුවෙන් ජන වරම ලබා ගෙන අවසානය. දැන් උන් කරමින් සිටින්නේ, පාලිත තෙවරප්පෙරුමගේ බජාර් එකේ චන්ඩියා සෝ එකේ සීන්ය. 

තඹුත්තේගම පොලීසිය ඉදිරිපිට විශාල ජනම් එකක් රැස්වන්නේ. බහු ජාතික සමාගමකට එරෙහිව නොව චීනාට එරෙහිවය. ඒ, ජලාශයේ ජලය, පානීය ජලය නිශ්පාදනය කරණා කර්මාන්තශාලාවකට බදු දීමට එරෙහිවය. මහින්දගේ කාළේ මේ වාගේ ඒවා අනන්තවත් සිඳු වූවද, එකෙක් පාරට බහිනවා තියා හූම් කීවේ නැතිය. ඒ පොහොර සහනාධාර මක්කා කොලත් හම්බ වූ නිසාත්. උන් ගැන බලා ගන්නා බව පෙන් වූ නිසාත්ය. //

 

 

දිගන සංවිධානාත්මක ලෙස ගිනි තබන්නේ ඇයිදෝ කියා ඔබට දැන් ඉතා හොඳින් තේරෙනවා ඇතිය. මාතලන් එම ලිපියේ හෙඩිම දැම්මේ මේසේය “තඹුත්තේගමින් ඇරබි තුන් වන කැරැල්ල – Get Ready for the next Revelation”. ජාතිවාදය හෝ ජාතිආලය, ජාතිමාමකත්වය හෝ මොන හත්තිලව්වක් යටතේ හෝ රට නැවත් ගමන් කරමින් තිබෙන්නේ ත්‍රස්තවාදි සමයකයටය. ඊට හේතුවද මාතලන් එම බ්ලොග් පල් හෑල්ලේම ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේය.

// දැන් අර සරළ ගොවි පුතාට ඕවා ගැන මතකයක් ඇත්තේ නැතිය. දැන් බලන්නේ මහින්ද හලා, ඝෝඨා සමගින් හෝ, සිරිසේන සහ සමාගමේ ග්‍රෝව්ත් එක හෙවත් අභිවෘද්ධියම පමණි. ඒ සඳහා කළ හැකි, සියලු යටි කූට්ටූ වැඩ, නූල් සූත්තර, යාග හෝම, වත් පිලිවෙත් කරනවා හැර, රටට මක්කා වූවත් උන්නැහේට පයිසෙක ගානක් නැතිය. 

මේ එන්නේ මහින්ද රාජපක්ෂටත් වඩා ජනතා අප්‍රසාදයට පත් වූ නායකයකුගේ අති භයානක එකාධිපති පාලනයක් බව නොකිව මනාය. මන්ද ඉදිරියේදි එන ජන උද්ඝෝෂණ මීට වඩා අති දරුණු ඝනයේ ඒවා වීම කිසිවකුටත් වැලැක්විය නොහැකිය. තමන්ගේ නොහැකියාව, ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස ලෙස දී විරුද්ධ පාක්ෂිකයා ශක්තිමත් කර ඇති යුගයක, විපක්ෂ බලවේග, ආන්ඩුවට වඩා අති දරුණු ලෙස ශක්තිමත් වී සංවිධානය වී අවසානය. 

මේ ආන්ඩුවට තව දුරටත් ජන බලයක් නොමැති බවත්, ජනාධිපතිවරයා අනුමත කර ඇත්තේ රටේ ජනතාවගෙන් 4% පමණ බවත් තේරුම් ගැනීමට ගවපාලනයට නොහැකි වූවද ජනතාව එය තේරුම් ගෙන අවසානය. පිඳුරු වේලා, ගොඩ ගසා අවසානය, ආන්ඩුවෙන් පැස්ටෝල් ඉහලාද අහවරය. දැන් ඇත්තේ ගිනි කූර ගසා විසි කිරීම පමණමය. 

තුන් වැනි කැරල්ල බලාපොරොත්තු වන්න….!!! ..//

බයිලා ගැසීමෙන් සංහිදියාව ඇති කරන්න පුලුවන් කියා මොකෙක් හෝ සිතන්නේ නම්, එක්කෝ ඌ උන්මතකයෙක් විය යුතුය. නැතිනම් මේ ලෝකය ගැන කිසිවක් නොදන්න, අමුම අමු ළිං මැඩියෙක්ම විය යුතුය. අද මේ 4% ජනවරමක් ඇති නායකයා රටේ ජනතාවගෙන් නොව, ලෝක නායකයන්ගෙන්ද කිච වෙලා අහවරය. මානව හිමිකම් කේස් මෙන්ම, යුරෝපා සංගමයෙන් හා කැනඩා රාජ්‍යයෙන් එන බලපෑම් රාජපක්ෂ යුගයේ ඒවටත් එහා ගිය ඒවාය. මන්ද, මේ වාහේ ලෝක නායකයන්වත් අන්දන්න ගොස් හත් පොලේ ගාගෙන නාගෙන සිටිනා නිසාය.

සංහිදියාව සිරිසේනට නොව බුදු හාන්දුරුවන්ටවත් ඇති කරන්න පුළුවන් දෙයක් නෙමේය. ඒවා ඇති කළ හැක්කේ නවීන ලෝකයට ගැලපෙන අජ්ජාපන ක්‍රමයක් තුලින් ස්වාධීන චින්තනයක් ඇති බුද්ධිමතුන් බිහි කිරීමෙන් පමණකි. අනෙකාගේ නිදහසට ගරු කරනා වචනයේ පරිසමාර්තයෙන් මිනිසකු යැයි කියා කිව හැකි ජනතාවක බිහි කිරීමෙන් පමණකි. නමුත් ඒවන් දෙයක් මේ අම්මට සිරි ලංකාවේ බලාපොරොත්තු වීම සිරිසේනගේ යහපාලනය වගේම එකම විගඩමකි.

ඒ නිසා කළ යුත්තේ තද බල නීති මගින් ජාති ආගම් බේද නොසලකා රට ගිනි තියනා උන් අල්ලා ඇප නැතිව කූඩූ කරනා ක්‍රමයක් ඇති කිරීමය. පන්සල තරහා වේයැයි කියා අම්පාරේ හාතයි බූරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඒ නීතිය උගේ අම්මාගේ නීතියකි. මේ එන්නේ ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදය ඇති කරනා හෝ ඒවාට උඩ ගෙඩි දෙන හැම එකාම අල්ලා බැඳ දැමිය යුතු කාලය පැමිණ අවසානය.

දෙරණ මාධ්‍ය ජාලය කරන්නේ තනිකර ජාතිවාදය පැතිරවීමයි. සංඛ අමරජිත් නැමැති ජඩ මාධ්‍යවේදියාගේ එකම රාජකාරිය එයම පමණකි. මේවාට ඉඩ දී පස්සේ නාහෙන් හඬලා ඇති වැඩක් නැතිය. දැන්ම මුන් පාලනය කිරීම ආරම්බ කළ යුතුය. සංහිදියාව ඇති කළ හැක්කේ එවන් දරුණු මර්ධනයන් තුලින් මිස. සංහිදියා බයිලා ගැසිමෙන් නම් නොවේ.

ජන වරම අහිමි නායකයෙක්, ජනතාව පමණක් නොව, රජයේ කිසිදු නිළධාරියකුද පයිසෙකට මායිම් කරන්නේ නැතිය. අම්පාරේ සුළු සිද්දිය මෙන්ම. දිගන සැලසුම් සහගත ප්‍රහාරයද ඇති වන්නේ, පොලීසිය නිසි ලෙස ක්‍රියාත්මක වීම වැලකුන නිසාය. පොලීසියද අද අන්ත අසරණය. වෙඩි තැබුවොත් උන්ගේ රස්සාවට කෙල වේදෝ කියනා බියක් උන්ට ඇත්තේය. එකල නීතිය ක්‍රියාතමක කළ නිලධාරින් කන පරිප්පු දකිනා එකෙක් වෙඩි තියන්න කලින් දෙසරයක් හිතනවාය. එක්කෝ උන් අල්ලා වැලිකඩ යැවිය යුතුය. නැත්නම් මේ කාළකන්නි නඩු සියල්ල, ඉල්ලා අස් කර ගත යුතුය.

දිගන ගිනිගත්ත බව පත්තරෙන් දකිනා විට වැඩේ වෙලා අහවරය. එහෙයින් ඉදිරිය ඉතා භයානකය. ආර්ථික වශයෙන් අස්තාවර රටක් පමණක් නොව නීතිය වල් වැදුනු එකිනෙකා මරා ගන්න වර්ගවාදි යුද්ධයකට පාර කපා අවසානය. මේ සියල්ලට වග කිව යුත්තේ වෙන කිසිවකුත් නොව ස්ථිර ප්‍රතිපත්තියක් දැක්මක් නැති එක එකාගේ පදයට නටනා රාජ්‍ය නායකයා මිස වෙන කිසිවකුත් නොවේය.

පක්ෂ විපක්ෂ සියල්ලම එකතු වී කළ යුත්තේ රනිල් එලවීම නොව දෝශාභියෝගයක් ගෙනවුත් මේ රූකඩ පාලකයා එලවා දමනා එකය.

ඒ වගත් මේසේය….

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.