27 April, 2024

Blog

එදා අගමැතිවරයාගේ පුතා අනුර බණ්ඩාරනායකටත් පාසලේදී දඬුවම් කළා, නමුත් අද විදුහල්පතිවරයාටත් පහර දෙනවා

රනිල් වික‍්‍රමසිංහ 

අප පාසල් ගිය කාලයේදී දවසක් අපේ විදුහල්පතිවරයා මේ රටේ අගමැතිවරයාගේ පුතාට වේවැලෙන් පහර දී දඬුවම් කළා. නමුත් වර්තමාන ඒකාධිපති රෙජිමය යටතේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පුත‍්‍රයා ඔහු යන පාසලේ විදුහල්පතිවරයාට පහර දෙනවා. මේ අනුව පැහැදිලි වන්නේ අවුරුදු 300 ක් පමණ මුළුල්ලේ මේ රටේ තිබූ සම්ප‍්‍රදාය ඒකාධිපති මහින්ද රාජපක්‍ෂ රෙජිමය යටතේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වී නීතිය සහ අධ්‍යාපනය කඩා වැටී තිබෙන බවයි.

මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ වන අතර, එවකට අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ පුත‍්‍රයා වූ අනුර බණ්ඩාරනායක මහතා ද අධ්‍යාපනය ලැබුවේ එම පාසලේම මා සමගයි.

අගමැතිවරයා සහ පුතා අනුර

කොළඹ රාජකීය විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ විදුහල්පතිවරයා එදා අපට වේවැලෙන් පහරදී දඬුවම් කර තිබෙනවා. එවකට අග‍්‍රාමාත්‍යවරයාව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා සිය පුත‍්‍රයාට විදුහල්පතිවරයා වේවැලෙන් එසේ පහරදීම ගැන කිසිවක්ම විදුහල්පතිවරයාගෙන් විමසා සිටියේ නැහැ. ඒ වෙනුවට එතුමා කළේ මගේ පියා සේම හය මසකට වරක් විදුහල්පතිවරයාට කතා කර සිය පුත‍්‍රයාගේ ප‍්‍රගතිය ගැන සහ ඔහුගේ අවශ්‍යතා ගැන කරුණු විමසා සිටීමයි.

ඇත්ත වශයෙන්ම ඒ කාලේ විදුහල්පතිවරයා හෝ යම් ගුරුවරයකු අපට වේවැලෙන් පහරදී දඬුවම් කළහොත් ඒ ගැන ගෙදරට ගොස් කියා සිටීමට අප බිය වුණා. අප එසේ කියා සිටියා නම් අපේ දෙමව්පියන් පාසලට පැමිණ අපට ද?ුවම් කිරීමට පාදක වූ හේතුව විදුහල්පතිවරයාගෙන් සහ ගුරුවරුන්ගෙන් දැන ගෙන ඒ වරද වෙනුවෙන් අපට නිවසේදී නැවතත් දඬුවම් කරනවා. එම නිසා අප කළේ විදුහල්පතිවරයා හෝ ගුරුවරුන් අපට වේවැල් පහරක් දුන්නා නම් ගෙදර අයට ඒ ගැන කිසිවක් නොකියා කිසිවක් සිදු නොවුණු ගාණට නිහඬව සිටිමින් ඒ වේවැල් පහරින් අපේ වැරැදි නිවැරැදි කර ගැනීමයි. නමුත් ඒකාධිපති රෙජිමය යටතේ නීතිය සහ පාසැල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන නිසා අනුරාධපුරය, මිහින්තලය ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාගේ පුත‍්‍රයා ඔහු ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයාට පහර දුන්නා.

ඇත්ත වශයෙන්ම විදුහල්පතිවරයකුට පහරදීම මහ විශාල අපරාධයක්…. මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා ගෙන තිබෙන පියවර කවරේද? වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා ද? පොලිස් අත්අඩංගුවට ගත්තා ද? නඩු පවරා තිබෙනවා ද?

ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණ සිය පුත‍්‍රයාව පාසැලෙන් අස් කර ගෙන තිබෙන බව කියනවා. ඇත්ත වශයෙන්ම ඔහු පාසලෙන් වහාම පහ කළ යුතුයි. විදුහල්පතිවරයාට එම ශිෂ්‍යයා වැඳ සමාව ගෙන පාසලෙන් පිටත් වුණා යැයි මේ අය කියනවා. මේ අය කියන ආකාරයට සියල්ල සිදු වුණාට පසුව වැඳ සමාව ගන්නේ නම්  ඕනෑම අයෙකුව ඝාතනය කිරීම ඇතුළු  ඕනෑම අපරාධයක් ද කිරීමේ හැකියාව තිබෙනවා.

 

රටේ උද්ගත වී තිබෙන තත්ත්වය අනුව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයකුගේ පුත‍්‍රයෙකු නම් විදුහල්පතිවරයාට පහර දිය හැකි අතර, පියා පළාත් සභා මන්ත‍්‍රීවරයකු නම් සිය ගුරුවරියට දණ ගසන ලෙසට නියෝග කළ හැකියි.

 

අනුරාධපුර මිහින්තලයේ ඇති වූ සිද්ධියට අදාළව ඊට වගකිව යුතු පුද්ගලයාට පාසැලෙන් සේම නීතියෙන් ද දඬුවම් කළ යුතුයි. පාසලෙන් දඬුවම් කිරීමට පෙර අදාළ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සිය පුත‍්‍රයාව පාසලෙන් අස් කර ගත්තා. ඔහු පාසලෙන් අස් කර ගත්තා යැයි කියා ඔහු කළ වරදට ඔහුට නීතියෙන් දඬුවම් නොදෙන්නේ ඇයි?

පුත්තලම දිස්ත‍්‍රික්කයේ වන්නි හත්පත්තුවේ නවගත්තේගම පාසලේ ගුරුවරිය දණ ගැස්සවූ සිද්ධියට අදාළ ඊට වගකිව යුතු පුද්ගලයාට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් සේම නීතියෙන් ද දඬුවම් කළ යුතු නමුත් ඔහුට එරෙහිව පක්‍ෂයෙන් ක‍්‍රියා කරනු ඇතැයි කියා නීතියෙන් දඬුවම් කිරීම මඟ හැර සිටිනවා.

ඒ කියන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ නම් ඒකාධිපති රෙජිමය නියෝජනය කරනවා නම් ඔහු යම් පුද්ගලයකුව ඝාතනය කළත් පක්‍ෂයෙන් ඒ ගැන කරුණු සොයා බලා ක‍්‍රියා කරන නිසා ඒ අපරාධකාරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම අනවශ්‍ය බවයි.

අධ්‍යාපනයට යොදවා තිබෙන මුදල් සම්පූර්ණයෙන්ම කප්පාදු කර තිබෙන අතර, පාසල් අධ්‍යාපනයේ කිසිදු විනයක් නොමැතිවීම හේතුවෙන් පාසැල් අධ්‍යාපනය මුළුමනින්ම පිරිහී ගොස් තිබෙනවා.

විනයකින් තොරව පාසල් පද්ධතියක් ගොඩනඟා හොඳ අධ්‍යාපනයක් දරු දැරියන්ට ලබා දිය නොහැකි අතර, අප සියලූ දෙනාම හොඳ ශික්‍ෂණයක් ලබා අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන ගියේ විනයකින් යුතු අපේ පාසැල් පද්ධතිය නිසයි. අප කවදා හෝ රටට සමාජයට ගෙන යන්නේ අපේ පාසැලෙන් අප ලැබූ අත්දැකීම්, අධ්‍යාපනය සහ ගුණධර්මයි. මේ පාලනය යටතේ වර්තමානය වන විට එවැනි කිසිදු ගුණධර්මයක්, අධ්‍යාපනය, අත්දැකීමක් සහ හැදියාවක් ඇත්තේ නැහැ.

අපේ පාසැල් කාලයේ දී අපේ විදුහල්පතිවරයාට කිසිදු ප‍්‍රශ්නයකින් තොරව මේ රටේ අග‍්‍රාමාත්‍යවරයාගේ පුත‍්‍රයා ඇතුළු  ඕනෑම අයෙකුට ඒ අයගේ වැරැදි වෙනුවෙන් වේවැල් පහරදී දඬුවම් කිරීමට හැකියාව සහ අවස්ථාව තිබුණා.

ඊට හේතු වූයේ කොළඹ රාජකීය ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා එදා පත් කෙරුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් වන නිසයි. ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට වගකියන අතර, ඔහු වැරැදි නම් අධ්‍යාපන අමාත්‍යංශය ඔහුට විරුද්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිලි කර අවශ්‍ය පියවර ගන්නවා. මේ තත්ත්වය යටතේ කිසිදු බියකින් සහ සැකයකින් තොරව ක‍්‍රියා කිරීමේ හැකියාව එදා එම විදුහල්පතිවරුන්ට තිබුණා.

එවකට පොලිස් නිලධාරීන් ද පත් කරනු ලැබුවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් වන අතර, පොලිස්පතිවරයා නොවේ. මේ සියලූ දෙනා සම්බන්ධයෙන්ම අවසන් තීරණය, වගකීම සහ බලය තිබුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වන නිසා සියලූ දෙනාම කිසිදු බියකින් සහ සැකයකින් තොරව සිය රාජකාරී කටයුතු කළා.

නමුත් ඒකාධිපති රෙජිමය මේ වන විට 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කර 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරමින් රටේ සෑම සියලූ අංශයක්ම දේශපාලනීකරණය කර තිබෙනවා.

මේ තත්ත්වය යටතේ යම් ශිෂ්‍යයකු පහර දුන්නොත් ඊට එරෙහිව ක‍්‍රියා කර රැකියාව අහිමි කර ගන්නවා ද නැති නම් එසේ පහර කා නිහඩව සිටිනවා ද යන්න පිළිබඳ සිතා බැලීමට ගුරුවරුන්ට සිදු වෙලා. ඒ ඒ අසාධාරණයන්ට සහ වැරැදිවලට එරෙහිව නඩු පැවරුවොත් සිය රැකියාව අහිමි කර සිරගත කරනු ඇතැයි යන බියෙන් පොලීසිය ද පෙළෙනවා.

මේ අතර, නියෝජ්‍ය පොලිස්පතිවරුන් මිනිසුන් පැහැර ගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ කෙරෙනවා. මෙසේ සිදු වුණේ ඇයි? මේ අයට මේ උසස්වීම් ලබා දුන්නේ කිනම් පදනමක් යටතේ ද? මේ අයට මෙසේ පොලිස් උසස්වීම් ලැබුණේ ස්වාධීන පොලිස් කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම අකී‍්‍රය කර ඇති නිසයි.

මේ තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය මේ රටටත්, ජනතාවටත්, කාලයටත් ගැලපෙන පරිදි අනාගතය ගැන කල්පනා කර රටට අවශ්‍ය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලියකට අදාළ මූලධර්ම ඉදිරිපත් කළා. එම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය සහ ඊට අදාළ මූලධර්ම සම්බන්ධයෙන් අප මේ වන විට රටේ දේශපාලන කතිකාවක් ඇති කර තිබෙනවා.

ස්වාධීන රාජ්‍ය සේවා, පොලිස් සේවා, අධිකරණ සේවා සහ මැතිවරණ සේවා කොමිෂන් සභා වහාම සකී‍්‍රය කළ යුතු යැයි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය මගින් එක්සත් ජාතික පක්‍ෂය පැහැදිලිව කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ස්වාධීන රාජ්‍ය සේවායක්, ස්වාධීන පොලිස් සේවයක්, ස්වාධීන අධිකරණ සේවයක් සහ ස්වාධීන මැතිවරණ සේවයක් සේම දූෂණයට එරෙහිව ක‍්‍රියා කරන ස්වාධීන කොමිෂමක් මේ රටට, ජනතාවට වහාම අවශ්‍යයයි.

මේ ස්වාධීන කොමිෂන් සභා සියල්ල සකී‍්‍රය වන්නේ නම් අධ්‍යාපන ක‍්‍රමය යළි දියුණු වන අතර, ස්වාධීන කොමිෂන්වලින් තොරව අධ්‍යාපන ක‍්‍රමය නඟා සිටුවීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මේ ස්වාධීන කොමිෂන් සභා ජනතාව ඉල්ලා සිටිනවා. කොමිෂන් සභා දේශපාලනීයකරණය කළහොත් සිදු වන්නේ ඒවා ජනතාවට නොව දේශපාලකයින්ට සේවය කිරීමයි. ඒ නිසා ජනතාවට සේවය කිරීම සඳහා එම සියලූ කොමිෂන් සභා ස්වාධීන කළ යුතුයි.

දේශපාලකයින්ගේ බලතල රටට සහ ජනතාවට සැබැවින්ම අවශ්‍ය වැඩ කටයුතු සඳහා සීමා කරමින් එම බලතලවලින් අයුතු ප‍්‍රයෝජන ගැනීමට නොහැකි වන අයුරින් නව ක‍්‍රම සකස් කිරීම කෙරෙහි ද අපේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

මේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය හරහා සියලූ දෙනා සමගම අප වැඩිපුරම කතා කරන්නේ යහපාලනය ගැන වන නමුත් මේ ඒකාධිපති රෙජිමය සමග කිසිදු යහපාලනයක් ඇත්තේ නැහැ. යහපාලනයක් මේ රටේ ඇති කිරීමට නම් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කළ යුතු අතර, එවැනි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩු මාරු කරන ජාතික මැතිවරණයක් ලබා ගෙන අප සියලූ දෙනා එකට එක්ව එම මැතිවරණය ජය ගත යුතුයි.

අපේ නව ආසන සංවිධායකවරුන්ගේ වගකීම, යුතුකම සහ කාර්ය භාරය වන්නේ මේ දේශපාලන පණිවුඩය රට පුරා ගෙන ගොස් මේ අරමුණ වෙනුවෙන් සියලූ ජනයා එකට ඒකරාශී කරවීම බව කිව යුතුයි.

*එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ  2013-06-24 දින එක්සත් ජාතික පක්‍ෂයේ නව ආසන සංවිධායකවරුන් පිරිසක් වෙනුවෙන් පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම නිමිත්තෙන් සිරිකොත මූලස්ථානයේ පැවැති උත්සවයේදී කළ කතාව.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ඒ.ජා.ප, ජනතාවගේ අනාගතය ගැන හිතන නිසා තමයි හැමදාම එකම තැන පල් වෙන්නේ.. මුන් හැමදා ම යෝජනා හද හද ඉදියි… පක්ෂේ ඇතුලේ එවුනුත් මරා ගන්නවා. තවත් කොහේ තියෙන අනාගතයක් ද මුන්ට..

  • 0
    0

    අනේ බොල කාගේද එකෙක්ගේ පුතෙක් කරපු දෙකට ජනදිපතිතුමට බනින එක හරිද?දැන් එතුමාගේ වැරදි කියනවා වගේ එතුමා කරපු හොද දේවල් වලට කොහොම කියන්න ඕනෙද?අනික රාජපක්ෂ රෙජීමය නැත්තම් අද ඔහෙලා රටෙන් බාගයක් කොටින්ට ලියල දීලා.එක කර ගන්න බැරි උන අමාරුව තමා ඔය දැන් පිට දාන්නේ.

    • 0
      0

      You people would NEVER see the truth as it is.

      Stupid majority in the country is responsible for today ^s critical situation of the country. YOU, MITHILA, would not even see even if your mother would be abducted…. you should have lowest IQ.

      Alone the comment prove everything. Kageda ekekge ? For you guys, even Mervin and any IRC ones could give a better guidance. God help us – the silent majority :(

  • 0
    0

    මෙන්න සිරිකොත සිදුවූ තවත් බිහිසුණු ඛේදවාචකයක්…..
    යටගිය දවස [Edited out] නම් අහිංසක තරුණ වයසේ ගැටිස්සියක් [Edited out]…මිට දඩුවම් පැමිණ වීමට තවමත් නොහැකි වී ඇති අතර මේ සදහා නිසි පරීක්ෂණ ඇරබිම පක්ෂ බලදරයිනී (තිස්ස සහ ගෝතයෝ රැල)ඔබේ වගකීමකි.

  • 0
    0

    රනිල් අයියා ඔයා නොටියා,ඒ දවස් වල සිරිකොතේදී ඔයා මටත් දඩුවම් දුන්නේ,මතකද හැන්දැවේ අපි දෙන්නා බට්ටෝ පැනලා අක්කට මාට්ටු උනාම ඔයා මගේ කනට ගැහැවුවා…..

    • 0
      0

      [Edited out]

  • 0
    0

    [Edited out]

  • 0
    0

    [Edited out]

  • 0
    0

    කාලේ වෙනස්…තාලේ අලුත්….

  • 0
    0

    මේ රටේ සිද්ද වෙන හැම දෙයකටම ආණ්ඩුව පලි කියලද මෙයාල හිතාගෙන ඉන්නේ .ඔය දේවල් කියන්නේ කවදාවත් බලයට එන්න විපක්ෂයට බැරි නිසා .ඒක නිසා මොනවා හරි කියල ආණ්ඩුවට මඩ ගහනවා !!ඔව් ඉතින් එයාලට කරන්න වැඩකුත් නැනේ.කරන අයගේ ඇද කුද හොයනවා ඇරෙන්න

    • 0
      0

      Who else should be responsible ?

      If Rulers can organise night races within short period of time, why cant they closely investigate any irregularities happening in the soceity today ?

      Clearly, the current regime is nothing but the words – and rhetoric. No sooner, there will be a change. Yesterday, seniors spoke out, tomorrow it iwll be not easy with blind minded hardliners to stay further under one umbrella. Weerawansa and Hela urumaya people will break away, in the next few days. … That will the the next step seen clearly.

  • 0
    0

    රනිල් අපේ රටේ හමුදා බුද්ධි අංශය පාවාදීලා ඉතිහාසයේ කල ලොකුම පාවාදීම කලා .එදා අනුර බණ්ඩාරනායක මහතා නිහතමානී ශිෂ්‍යයෙක්ව හිද පසුව නිහතමානී දේශපාලකයෙක්ව මියගිය නිසා එතුමා අදටත් අමරණීයයි.රනිල්ටනම් කවදාවත් එහෙම අමරනියවෙන්න පුලුවන්වෙයිද මන්ද කරලා තියන මෝඩකම් වල හැටිය

    • 0
      0

      Ranil will show you a the way soon, wait and see.

      THere is no other leader in the country, to compare with.. he has no corrupted issues in his long service. He has always made efforts to go through law and order. Current regime has no respect for any kind of orders, this is the reason why even their ministers like – Rajitha S has come forward and made their statements against the issues.

      Wimal weerawanse is trying to paint a picture that is far from the reality.

    • 0
      0

      මහින්ද ෆෝනිට කරපු ටික අමතක,රනිල් කරුණා අම්මාන්ව එල්,ටි,ටි,ඊ එකෙන් වෙන් කරපු බව නොදත් ඡන්ද දායකයෙක්,රනිල් ගේ මෝඩ කං ගැන කතා කරන්න තරං උගත් වෙලා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.