26 April, 2024

Blog

එක්සත් ජාතික පක්‍ෂය හොරුන්ගේ පක්‍ෂයක් නොවෙයි; හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අපි දැන් ඇමරිකාව වගේදැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්‍ෂණ කියක් තිබෙනවාදමාධ්‍යයෙන්කොංග්‍රස් සභාවෙන්විවිධ අංශවලින් පරීක්‍ෂණ කරනවාසමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරැදි කර තිබේ නම් ඉවත් කරනවාවිශේෂිත කරුණකදී පරීක්‍ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවාඇමරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයිදැන් ලංකාවේ සිදුවන්නේ එයයිමෙය අලුත් දෙයක් නොවේ.

යම් යම් දේ සිදු වුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑඒ ඇයිපසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහාගත්තාඒගොල්ලෝ ඔක්කොම කඩේ ගියාලංකාදීපේ කඩේ ගියාදිවයින කඩේ ගියාඅද පත්තරේ කඩේ ගියාලක්බිම කඩේ ගියාදිනමිණ කඩේ ගියාසිළුමිණ කඩේ ගියාදෙරණ කඩේ ගියාකඩේ ගිය නැති කෙනෙක් කියන්න මටඒ නිසා අපි කඩේ ගියාඅපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැදැන් මේවා බොරු යැයි කෑගහනවාඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.

මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළාඑක්නැලිගොඩට කළේ මොකක්දඔහුත් දූෂණවංචා හෙළි කළාඅන්තිමේදී උස්සලා මැරුවාදැන් ඔවුන් කියන්නේ මොකක්දදූෂණවංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියනවාඒ අයගේ වංචාදූෂණ වහාගන්න අපිට ගහනවාමෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැඅපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයිවෘත්තීයවේදීන්රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැඑමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැඅපට ලංකාදීපදිවයිනඅද පත්තරේලක්බිමදෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැඅප සිදු කළ යුතුදේ සියල්ල සිදු කර තිබෙනවාඒ ගැන සිකිම සැකයක් තියාගන්න එපාඅප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැඅප කළ යුතු දේ වෙලාවට කරන්නම්මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.

හැටන් ඩී.කේ. ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදී 06 දින පැවැති එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව:

මගේ දේශපාලන ජිවිතයේ 40 වන සංවත්සරය වෙනුවෙන් හැටන් මඩකලපුව බස් සේවයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මා බොහෝ සතුටට පත් වනවා. එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. දැන් මඩකලපුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ප්‍රදේශයේ සිසුන්ට ගමන් පහසුව සලසා ගත හැකියි. මේ පියවර නිසා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණුවෙනවා. මට ආශීර්වාද කරමින් මට පන්සලේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් පැවැත්වූ ආගමික උත්සව පිළිබඳව ස්තූතිවන්ත වනවා. එමෙන්ම මෙහි පැමිණි සියලූ දෙනාටම ස්තූතිවන්ත වනවා.

ඔබ සියලුම දෙනා මෙහි පැමිණ නිදහසේ සිටීම මට ප්‍රීතියක් බව කිව යුතුයි. ඔබ සියලූදෙනාටම නිදහසේ හැසිරෙන්නට අවස්ථාව අද උදාවී තිබෙනවා. අප සියලූදෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස ජයග්‍රහණය කළේ මේ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. මීට පෙර මෙවන් යුගයක් තිබුණේ නැහැ. මෙරට නිදහස ස්වල්ප දෙනෙකුට පමණක් සීමා වුණා. ඒ යුගය ගැන මා අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. දැන් බියක් සැකක් නොමැතිව ජනතාවට ජීවත්වීමට තිබෙනවා. නිදහසේ ජීවත්වෙන්න පුළුවන්. ජාතිවාදය, ආගම්වාදය නැහැ. අපේ ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. අද වන විට මෙරට සම්පූර්ණ නිදහස තහවුරු කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා බලය ලබාදී තිබෙනවා. ඕනෑම නිලධාරීයෙකු කැදවා ඕනෑම සාක්කියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ඔබේ ප්‍රශ්න ඇමැතිවරයකු විසඳන්නේ නැතිනම් පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ හැකියි. එමෙන්ම අපි තොරතුරු ලබාගැනීමේ නිදහස තහවුරු කර තිබෙනවා. මෙවැනි නිදහස් සමාජයක් මීට පෙර තිබුණා ද?

සිරස ආයතනය මට හැමදාම බනිනවා. නමුත් මා කිසිදිනක ගොස් සිරස ආයතනය ගිනිතබා නැහැ. දවසේ පැය 24 තවත් පැයකින් වැඩි කරන්නට හැකි දැයි ඔවුන් මගෙන් ලිපියක් ලියා විමසුවා. ඒ පැයත් මට බැණවැදීම සඳහායි. ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් අසා නිර්දේශයක් ගෙන ඔවුන්ට පිළිතුරුදීමට මා බලාපොරොත්තු වෙනවා. අද ඒ ආකාරයේ නිදහසක් තිබෙනවා.

එපමණක් නොව අප දැන් දූෂණ පිළිබඳව හොයාගෙන යනවා. කිසිවෙකුටත් දූෂණ සිදුකිරීමට ඉඩදීමට හැකියාවක් නැහැ. පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් ඇතැම් දූෂණවලට නඩු පවරා තිබෙනවා. අනෙක් දූෂණ පිළිබඳව පරීක්‍ෂා කරමින් සිටිනවා. ඇතැම් දූෂණ ක්‍රියා සම්බන්ධව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර තිබෙනවා. චෝදනා තිබේ නම් සොයා බැලිය යුතුයි. මහා බැංකුවේ බැඳුම්කරයක් පිළිබඳව චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව සෙවීමට අපගේ නීතිඥ මහත්වරුන් යටතේ මා පළමුවෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත් කළා. ඉන්පසුව ඒ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට භාරදුන්නා. අප මැතිවරණය ජයග්‍රහණය කළත්, පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කළේ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව කිව යුතුයි. එම කාරක සභාවත් සියලූදෙනාට විවෘත කළා. ඉන්පසුව බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තීරණය කළා. ඊට කිසිවෙකුත් විරුද්ධ වුණේ නැහැ.

අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවා ද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණාද? එකළ නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදුවෑන්වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්ඩුව හොරුන් ආරක්‍ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්‍ෂය හොරුන්ගේ පක්‍ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්‍ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.

අපි දැන් ඇමරිකාව වගේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්‍ෂණ කියක් තිබෙනවාද? මාධ්‍යයෙන්, කොංග්‍රස් සභාවෙන්, විවිධ අංශවලින් පරීක්‍ෂණ කරනවා. සමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරැදි කර තිබේ නම් ඉවත් කරනවා. විශේෂිත කරුණකදී පරීක්‍ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවා. ඇමරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයි. දැන් ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය අලූත් දෙයක් නොවේ.

යම් යම් දේ සිදු වුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ ඇයි? පසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහාගත්තා. ඒගොල්ලෝ ඔක්කොම කඩේ ගියා. ලංකාදීපේ කඩේ ගියා. දිවයින කඩේ ගියා. අද පත්තරේ කඩේ ගියා. ලක්බිම කඩේ ගියා. දිනමිණ කඩේ ගියා. සිළුමිණ කඩේ ගියා. දෙරණ කඩේ ගියා. කඩේ ගිය නැති කෙනෙක් කියන්න මට. ඒ නිසා අපි කඩේ ගියා. අපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැ. දැන් මේවා බොරු යැයි කෑගහනවා. ඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.

මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩට කළේ මොකක්ද? ඔහුත් දූෂණ, වංචා හෙළි කළා. අන්තිමේදී උස්සලා මැරුවා. දැන් ඔවුන් කියන්නේ මොකක්ද? දූෂණ, වංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියනවා. ඒ අයගේ වංචා, දූෂණ වහාගන්න අපිට ගහනවා. මෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැ. අපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයි. වෘත්තීයවේදීන්, රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්. එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැ. එමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැ. අපට ලංකාදීප, දිවයින, අද පත්තරේ, ලක්බිම, දෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැ. අප සිදු කළ යුතුදේ සියල්ල සිදු කර තිබෙනවා. ඒ ගැන සිකිම සැකයක් තියාගන්න එපා. අප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැ. අප කළ යුතු දේ වෙලාවට කරන්නම්. මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්. නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.

අප දැන් විවෘත සමාජයක් ඇති කර තිබෙනවා. හොරකම් කළොත් අහුවෙනවා. ඒනිසා සොරකම් කරන්න යන්න එපා. දැන් බලන්න ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පවුල ගැනත් හොයනවා. වැරැදි කළොත් දඬුවම් ලැබෙනවා.

එමෙන්ම අප තවත් පරීක්‍ෂණ පවත්වන්නට තීරණය කර තිබෙනවා. උමා ඔය දුෂණ, වංචා ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි වඩිවෙල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් අපෙන් ඉල්ලා තිබෙනවා. උමා ඔයෙන් හම්බ කරගත්තේ කවුද? එයින් ජනතාවට විශාල පාඩුවක් ඇතිවී තිබෙනවා.

හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46 ක පාඩුවක් රටට සිදු වුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලූම ජනතාවට නිවාස ඉදිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46 ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදුවූ පාඩුව පිළිබඳව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වනවිට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්‍ෂ රෙජිමය විසින් ඒ 332 සුඛෝපභෝගී ගුවන් 8ක් මිලදී ගෙන තිබෙනවා.  එම ගුවන් යානාවලට ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාභ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135 ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46 ක අලාභයක් රටට සිදු වුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181 ක් වනවා. මේ පාඩු සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද, දිවයින කළේ කුමක්ද, අද පත්තරේ කළේ කුමක්ද, ඩේලි මිරර් පුවත්පත කළේ කුමක්ද? මා මේදේවල් කිව්වායැයි ඩේලි මිරර් පුවත්පත මට පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?

දෙරණ කළේ කුමක්ද? බිලියන 181 ක් රටට සිදුවූ පාඩුව ගැන එක මාධ්‍යයක්වත් කියන්නේ නැහැ. රාජපක්‍ෂ සමයේ රටට මෙතරම් පාඩුවක් සිදුවී ඇතැයි හැකිනම් පළමු පිටුවේ ප්‍රධාන සිරස්ථලයේ පළ කරන්නැයි මම අභියෝග කරනවා. මම ඔට්ටුවක් අල්ලනවා. එක් කෙනෙක්වත් එය කරන්නේ නැහැ. හැකි නම් අපේ වැරැදි මෙන්ම පසුගිය කාළයේ සිදු වූ සොරකම් සහ ඒවාට වගකිව යුතු අය මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අප පළමුවෙන්ම කළේ අපේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්‍ෂණ සිදු කිරීමයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් අප පරීක්‍ෂණ පැවැත්වුවා. ඒ ආකාරයේ සිදුවීම් 2008  සිට 2015 දක්වා යුගයේදීත් සියගුණයකින් පමණ සිදුවී තිබෙනවා. ග්‍රීක් බැඳුම්කර මෙන්ම අනෙක් බැඳුම්කර සම්බන්ධයෙනුත් චෝදනා එල්ලවී තිබුණා. මේ සියලූම චෝදනා සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතුයි. එම චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යැයි මා බලාපොරොත්තු වනවා.

මෙලෙස අහිමි වූ සල්ලි කන්දරාව තිබුණා නම් රටට මොනතරම් සේවයක් කරන්නට ඉඩ තිබුණාද? මෙම මුදල් රටට අහිමිවූ නිසා දුප්පත් ජනතාවට නිවාස ඉදිකර දීමේ කටයුතු අතපසු වුණා. වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකර දීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට මා ස්තඣතිවන්ත වනවා. ඉතිරි නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මුදල් අප සොයා දෙන්නම්.

ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ද මුදල් සොයා දෙන බවට, කේ. කේ. පියදාස ඇමැතිවරයාට පොරොන්දු වුණා. ද්‍රවිඩ භාෂා පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට පන්ති අරඹන්නැයි මා වසර දෙකහමාරකට පෙර දැනුම් දුන්නා. මෙහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ප්‍රගතියක් නොතිබුණා නම් අදාළ නිලධාරීන් ඊට වගකිව යුතුයි. අපට අවශ්‍යවී ඇත්තේ මේ ප්‍රදේශය දියුණු කිරීමටයි.

හම්බන්තොට වරාය නිසා සිදු වූ පාඩුව අප විසින් අවසන් කර තිබෙනවා. දැන් එම වරායෙන් ලැබෙන මුදල් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ද යෙදවීමට හැකියාව තිබෙනවා. අපගේ තරුණ තරුණියන් සඳහා විශාල වශයෙන් රැකියා සොයා දිය යුතුයි. අලූතින් කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන හෝටල් ඉදිකරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම වැඩකටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යාහපාලන රජයට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    Talk is cheep, let’s see some action. Allegations about previous govt is cheep, let’s see some real evidence (not Rajitha talk) and conviction in a court of law. This cheep talk will go on for the rest of 2.5 years, then it is our chance. In 2020 you will not be able win with minority help.

  • 0
    0

    big talk. try to clean up your ownbackyard first. then we’ll see the next course of action to take

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.