
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම් වාර්තාවේ නිර්දේශ නිසා ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හෑල්ලුවන හේතු 5ක් සවිස්තරව මෙසේ ය:
1) දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව හරහා ආණ්ඩුවේ දේශපාලනඥයන් අපරාධ චෝදනාවලින් මුදාහැරීම
මෙම කොමිසම් වාර්තාවෙන් සහන සලසා දීමට යෝජනා කර ඇති බොහෝ දෙනා ආරක්ෂක හමුදා සාමාජිකයන්වත් රාජ්‍ය නිලධාරීන්වත් පොලිස් නිලධාරීන්වත් නොව ආණ්ඩුවේ දේශපාලනඥයන් ය. එයට හොඳ ම උදාහරණ දෙකක් වන්නේ උදය ගම්මන්පිල සහ දුමින්ද සිල්වා ය. නිදසුනක් වශයෙන් භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ට මහාධිකරණයෙන් පනවන ලද මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කළේ ය. ඒ පංච පුද්ගල විනිසුරු මඬුල්ලට අගවිනිසුරුවරයා ද ඇතුළත් විය. මෙවැනි කොමිසමක් මගින් එවැනි නඩු තීන්දුවක් ආපස්සට හැරවීමට උත්සාහ කිරීම උත්තරීතර අධිකරණයේ ස්වාධීනත්වය බරපතළ ලෙස හෑල්ලු කිරීමකි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ නීති පද්ධතියෙන් සුරක්ෂිත කොට ඇති යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය බිඳ වට්ටවන්නට උත්සාහ දැරීමකි. ඉතිහාසයේ කිසිදාක සිදු නොකරන ලද ඉතා ම නරක පූර්වාදර්ශයකි. සමස්ත අධිකරණ පද්ධතිය ම උඩු යටිකුරු කරලන්නකි.
2) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට සහ දූෂණ විරෝධී කමිටුවට එරෙහිවට අතාර්තික සහ අයුක්ති සහගත පදනමක පිහිටා නිර්දේශ ඉදිරිපත් කිරීම
දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කරන ලද්දේ 2015 ජනවාරි මාසයේ බලයට පත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසිනි. කොමිසමේ වාර්තාව පවසන අන්දමට කැබිනට් මණ්ඩලය එම කමිටුව පිහිටුවා ඇත්තේ නීති විරෝධී ආකාරයට නම් ඒ කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයන් කොමිසම හමුවට ගෙන්වා පියවර ගත යුතුව තිබිණි. ඒ කැබිනට් මණ්ඩලයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ වත්මන් රජයේ සාමාජිකයන් වන දුමින්ද දිසානායක, විජේදාස රාජපක්ෂ වැනි අය ද කටයුතු කළහ. කොටින් ම මෙම කමිටුව ගැන මුලින් ම පැමිණිල්ල යොමු කරන ලද්දේ ද එම කැබිනෙට්ටුවේ ම සිටි විජේදාස රාජපක්ෂ විසිනි! එහෙත් එවැනි කිසිම පියවරක් ගෙන නැත.
කොමිසම් වාර්තාවේ 474 වැනි පිටුවට අනුව හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවන ලද්දේ කැබිනට් තීරණයකට අනුව බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කොට තිබේ. එමෙන් ම එවකට මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීම සඳහා නීතිමය උපදෙස් ලබා දුන්නේ හිටපු නීතිපතිවරයා වූ යුවන්ජන විජේතිලක මහතාය. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවන ලද්දේ හිටපු පොලිස්පතිවරයා විසින් පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තියට අනුව ය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නීතිමය පසුබිම මීට පෙර අභියෝගයට ලක්වුණු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි බව ප්‍රසිද්ධ කරුණකි. ඒ අනුව, කොමිසම් වාර්තාව කියන පරිදි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීමේ දී නීතිය උල්ලංඝණය වී තිබුණේ නම් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතාට සහ හිටපු නීතිපති යුවන්ජන විජයතිලක මහතාට එරෙහිව කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කළ යුතුව තිබිණි. එවැන්නක් සිදු වී නැත. ඒ අනුව මෙම නිර්දේවශවල යුක්ති සහගතභාවය ගැන බරපතළ ප්‍රශ්න මතු වෙයි.
3) විපක්ෂයේ දේශපාලනඥයන් විශේෂයෙන් ම ඉලක්ක කරන අතර ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන් නිර්දේශවලින් මුදාහැරීම මුදාහැරීම
දූෂණ විරෝධී කමිටුවේ ප්‍රධානියා මෙන් ම යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූයේ ද මෛත්‍රිපාල සිරිසේන මහතා ය. ඔහු මෙම දූෂණ විරෝධී කමිටුවේ මුලසුන හෙබවූ බවට වුවමනාවටත් වඩා සාක්ෂි ඇත. එහෙත් මේ කොමිසම් වාර්තාවේ සිරිසේන මහතාට එරෙහිව කිසිදු පියවරක් නිර්දේශ කර නැත. ඔහු වත්මන් රජයේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ය. ඒ වෙනුවට මෙයින් ඉලක්ක කර ඇත්තේ මේ වන විට විපක්ෂයේ කටයුතු කරන දේශපාලනඥයන් ය. එලෙස විපක්ෂයේ දේශපාලනඥයන් විශේෂ කොට ඉලක්ක කිරීමෙන් සහ ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට යෝජනා කිරීමෙන් යම්කිසි දේශපාලන අවශ්‍යතාවක් සපුරා ගන්නට මාන බලන බව පැහැදිලි ය.
4) කොමිසමේ නිර්දේශ හරහා නීතිපති දෙපාර්තමේන්තුවේ අලුත් වියවුලක් නිර්මාණය කිරීම
මෙම කොමිසම් වාර්තාව හරහා නීතිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් දූෂණ විරෝධී කමිටුවේ කටයුතු කළ තුසිත් මුදලිගේ මහතා වරදකරුවෙක් ලෙස දක්වා ඇත. ඔහු රජයේ නිලධාරියෙකු වන අතර ඔහු සිදු කළේ ඔහුගේ රාජකාරිය ඉටු කිරීමකි. මේ හරහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර බලවත් අවුලක් නිර්මාණය වේ. මෙහිදී විමසා බැලිය යුත්තේ නීතිපති දප්පුල ද ලිවේරා තම නිලධාරියා වෙනුවෙන් ගන්නා ස්ථාවරය කුමක්ද යන්නයි. නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියෙකු වන ජනක බණ්ඩාර මහතා ද මෙම කොමිසම් වාර්තාවේ උදහසට හසු වී තිබේ. මෙබඳු වැරදි පූර්වාදර්ශ හරහා ඉදිරියේදී නීතිපති දෙපාර්තමේන්තුවේ අලුත් අර්බුද නිර්මාණය වෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. එයට වගකීම ගන්නේ කවුද? එම නිලධාරීන්ගේ වෘත්තීයමය ගෞරවය සහ සුරක්ෂිතබව තහවුරු කරන්නේ කවුද?
5) කොමිසමේ කාර්ය පටිපාටියේ බරපතළ අඩුලුහුඬුතා
හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව මෙම කොමිසම නිර්දේශ ඉදිරිපත් කොට ඇත. ඔහු ද හිටපු රාජ්‍ය නිලධාරියෙකි. එහෙත් ඔහුට එරෙහිව මෙම ජනාධිපති කොමිසම නොතීසි නිකුත් කර තිබේ ද? කොමිසම ඉදිරියේ නිසියාකාරව කරුණුදක්වන්නට අවස්ථාව නොලද පුද්ගලයෙකුට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කිරීම කෙතරම් දුරට යුක්ති සහගත ද? එමෙන් ම ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා සඳහා අදාළ පනතේ ප්‍රතිපාදන උල්ලංඝණය කරමින්, පිස්කල් නිලධාරීන් හරහා නොව ලියාපදිංචි තැපෑල සහ සාමාන්‍ය තැපෑල හරහා නොතීසි යවා ඇත්තේ කවර හේතුවක් නිසා ද? මෙම අඩුලුහුඬුතා හරහා ද පෙනී යන්නේ මෙම නිර්දේශ භාවිත කරමින් වෙනත් වුවමනාවක් සපුරා ගැනීමේ උත්සාහයක් පවතින බවයි.
Champa / February 7, 2021
මම පහුගිය ආණ්ඩුව කාලේ ඉඳන් අවුරුදු 5ක් තිස්සෙම දේශපාලන විරුද්ධවාදීන් දේශපාලන පලිගැනීම් වලට ලක් කිරීමට විරුද්ධව ලියලා තියෙනව.
මේ 6 වෙනි අවුරුද්ද. දැන් තියෙන්නේ අළුත් ආණ්ඩුවක්. නමුත් දේශපාලකයෝ තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කලාට අපි එහෙම ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැති නිසා, අදත්, මේ ආණ්ඩුව විසිනුත් දේශපාලන විරුද්ධවාදීන් දේශපාලන පලිගැනීම් වලට ලක් කිරීමට විරුද්ධව ලියනවා.
පහුගිය ආණ්ඩුවත් ජනාධිපති කොමිසම් දාල දේශපාලන විරුද්ධවාදීන් දේශපාලන පලිගැනීම් වලට ලක් කළා. ඔවුන්ට දිය යුතු දඬුවම් පත්තරෙත් දැම්ම. අදත් වෙන්නේ ඒකමයි.
1948 මුලින්ම නීතිගත වුනු විමර්ශන කොමිසම් පනතේ සිට 1950, 1953, 1955, 1978 දක්වා ආපු විමර්ශන කොමිසම් පත් කල හැකි හේතු අද දක්වාත් වෙනස් වෙලා නැහැ.
http://www.commonlii.org/lk/legis/consol_act/coi8308.pdf
.
මොන ආණ්ඩුව කලත්, උසාවියේ තියෙන නඩු ගැන විමර්ශනය කරන්න ජනාධිපති කොමිසම් දැමීම එක පැත්තකින් අධිකරණයේ ස්වාධිනත්වයට ඇඟිලි ගැසීමක් සහ උසාවියෙන් වැරදිකාරයෙකු වෙනතුරු සැකකරුවන් නිර්දෝෂියි කියන විශ්ව සම්මුතියටත් පටහැනියි සහ අනිත් පැත්තෙන් අධිකරණයට කරන බරපතල අපහාසයක්. එහෙම කරන්න පුළුවන් බලයක්, ඒ කියන්නේ උසාවියේ තියෙන නඩු තමන්ටත් අහන්න, අහලා, උසාවියට කලින් තමන්ට ඒ නඩු ගැන තීන්දු දෙන්න පුළුවන් බලයක් විධායක ජනාධිපතිවරයෙකුට තියෙනව කියලා කොතනකවත් නැහැ.
/
Champa / February 7, 2021
ජේ ආර් 1978 ව්‍යවස්ථාව හදන කොට දෙමළ දේශපාලකයන් තමන්ට වාසි ලෙස එහි වෙනස්කම් කරන්න බලපෑම් කළා කියලා මම පොතක දැක්ක. නමුත් ජේ ආර් ඇති කරපු විධායක ජනාධිපති ක්‍රමය සිංහලයන්ගේ අයිතීන් ආරක්ෂා කළා. හැබැයි එහෙම කරපු 1978 ව්‍යවස්ථාව මගින් ජේ ආර්ගේ ආණ්ඩුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා, “රාජ්‍ය නායකයෙක් විදිහට බලය අවභාවිතා කළා” කියලා.
නමුත් 2021 මේ ජනාධිපති දඩයම් කොමිසමෙන් එලියට දාපු නම් ලැයිස්තුවේ ඉන්න “වැරදිකරුවන්” පිරිසට “රාජ්‍ය නායකයෙක් සතු බලයක් තිබිලා තියෙනවා සහ එම බලය ඔවුන් අවභාවිතා කරලා තියෙනව” කියලා උපකල්පනය කරලා, දඬුවම් කරන්න නියම කරලා තියෙන එක හාස්‍යජනකයි.
උසාවියේ තියෙන කාරණා ගැන මේ දක්වා පත් කරපු ජනාධිපති විමර්ශන කොමිසම් වලින් කරලා තියෙන්නේ විමර්ශන කොමිසම් පනත අවභාවිතා කිරීමක් සහ විවිධ පාර්ශව වලට අගතියක්.
අනිත් අතට දේශපාලකයන් පත් කරන මේ විමර්ශන කොමිසම් වලට පුළුවන් සැබෑ වැරදිකාරයා සඟවලා නිවැරදි මිනිසුන් ගැන සමාජයේ වැරදි මතයක් ඇති කරලා නිවැරදි මිනිසුන් වැරදි කරුවන් කරන්න.
ඒ ගැන හොඳම උදාහරණය පාස්කු ප්‍රහාරය ගැන හොයන්න දාපු කොමිසම.
/
Champa / February 7, 2021
පාස්කු ප්‍රහාරය ගැන (පාස්කු නම දාගත්තෙත් මෙහි ඇත්තම අරමුණ හංගන්න) මිනිස්සුන්ට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි ආරක්ෂාව පිළිබඳව නවීන තාක්ෂනය ඉතාම ඉහලින් පාවිච්චි කරන කාලෙක, ෂැන්ග්‍රිලා වැනි ලෝකයේ ධනවත්ම සංචාරකයන් නවාතැන් ගන්න, කොළොම්පුරේ හදවතේ පිහිටි ජාත්‍යන්තර මට්ටමේ සංචාරක හෝටලයකට සහරාන් සහ තව ත්‍රස්තවාදියෙක් මරාගෙන මැරෙන බෝම්බ හයි කරගෙන ඇතුළු වුනේ කොහොමද කියලා. එක්කෙනෙක් නම් මිස් වුනා කියමු. දෙන්නෙක්?
ඉතින් ඕනෑම කෙනෙක් කෙලින්ම බලන්නේ ෂැන්ග්‍රිලා හෝටලයේ ආරක්ෂාව බාරව හිටියේ කවුද කියලා.
ඒ කවුද කියලා දැනගත්තහම හිනාවක් යනව, ඒ මොකොද කිව්වා නම් ආරක්ෂාව බාර වෙලා ඉඳලා තියෙන්නේ ගෝඨාභයගේ ලේ ඥාති පුත්‍රයෙක්.
ඊළඟට බලන කොට ෂැන්ග්‍රිලා හෝටලයේ ප්‍රසිද්ධ අධ්‍යක්‍ෂකවරයෙක් සහ එහි ප්‍රධාන කොටස්කරුවෙක් වෙන්නේ ගෝඨාභයගේ ගජ මිතුරෙක් සහ ඔහු වෙනුවෙන් සිංගප්පුරුවේ ඉස්පිරිතාල බිලත් ගෙවපු (සමහරවිට චන්දෙටත් වියදම් කරන්න ඇති – පලවෙනි පුවත්පත් සාකච්චාවත් තිබුනේ එතන) ලොකු මුස්ලිම් ව්‍යාපාරිකයෙක්.
දැන් මේ දෙන්නව පාස්කු කොමිසම ගෙන්නෙව්වද? ගෙන්නවලා සාක්කි ඇහැව්වද?
හැබැයි කොමිසම අවසාන වාර්තාවත් නිකුත් කරලා ඉවරයි.
ගෝඨාභය “වරදිකරුන්වට” දඬුවමුත් දෙන්නත් යනවලු.
පැහැදිලිවම පාස්කු ප්‍රහාරය කැරකෙන්නේම ගෝඨාභය වටේ.
මේ ජනාධිපති කොමිසම් තනිකරම සැබෑ වැරදිකරුවන් හංගන හොර දේශපාලන දඩයම් කොමිසම් බවට තවත් උදාහරණ ඕනෙද?
/
leelagemalli / February 8, 2021
Champa maethiniyanani.
.
ඔබ ගැන වරෙක වචන වලින් කියා ගන්නට බැරි තරම් වේදනාව දැනෙනවා..ටිකක් හැම දේම හිතල ඔබ අර සිරිසේනගේ හොර උගුල් දින 52 ආන්ඩුවේ කාලෙ හැසිරුන… එවිට අපි හිතුව, ඔබ තේරුම් අරගෙන ඇති කියල. වරෙක මම මගෙන්ම පුරස්න කරනව ඔබ වැනි ඉන්ගිරිසි උගත් වැඩිහිටි සින්හලයා මෙහෙම හැසිරෙන කොට මේ රටේ මේ පාදඩ පවුලක් නිසා ඇතිකරගත් විනාශය ඔබලා නියෝජනය කරන පාර්ශවය නිසා බලෙන් ඇති කරගත් දෙයක් කියල… අද අර අහිංසක ස්රීලන්කන් කාන්තාවන් මැදපෙරදිග පාරෙ බල්ලො බලල්ලු ගානට අරමුනක් නැතිව දුක්වින්ඩිනව….ඒ රටවල පොඩු වැසිකිලි වල බෙල්ලෙ වැල දාගෙන මැරී යනව. එතකොට අනිත කම්කරුවො ඉතාලියේ දුක් වින්දිනව… මේ ගැන රට කරනවන් තක්කඩියො අද වෙනතුරු දැඩි පියවර අරගෙන නැහැ, බොරුව් කිය කියා ගැලරිය චූන් කරනව..
–
https://www.youtube.com/watch?v=bthXkeFm1pI
–
මේ දුක කිසිවෙකු කතා කරන බවක් පේන්නෙනැහැ මට… එවුන් මැදමුලන තක්කඩියො සහෝදර බලපොරයෙන් වැජබෙනව රටේ ජනයා වින්දවනව… එවුන්ට කර්මය පලදෙන බවක් පේන තෙක් මානක නැතිබවක් මට හැන්ගෙන්නෙ. අනික මේ පිටරට යම්තාක් දුරට හොන්දින් ගතකරන අපි වැනි එවුන්ගෙන ඒ පාදඩ බල්ලන් ලක්ශ් 7 විතර මුදලක්, රටට පැමින යන්න එක සන්දහා අය කරනව.. බර්ලිනයේ තිබෙන එම්බසිය කියනව, ල්න්කාවට යන්න පෙර අපි ඉන්න හොටෙල් එක එවුන් කියල සල්ලි බනෙදල කටයුතු කල යුතුයි … රටට ගොඩ බසින්න අවසර දෙන්න කියල.. මේ ආකාරයෙන් මේ රට ගැන ඇති කැක්කුම ටිකෙන් ටිකෙන් අපෙන් බොන්දවී යනව.. පාස්කු විනාශය ඇර රට හොන්ද තත්වයට තිබුන බව දැන් අර 6.9 මිල්ලියන වල හිටපු මීහරකුත් කියනව… අනේ දෙය්යෝ සාක්කි මේවට.. ප්‍රබාකරන් රටට කරපු විනාශය වඩා වැඩි විනාශයක් මේ රටට කරේ ඔය තක්කඩි රාජපක්ශ පවුල… මිනිසුනේ එලියට වරෙවේ මේ තක්කඩියන්ගෙන මේ රට ගලවා ගන්නට…දැන් නිඩ්රාසීලිව සිටි කාලය ඇති..
/
leelagemalli / February 8, 2021
සම්ප්‍රදායික නොවන නායකයෙකුට සහාය දීමෙන් ජනතාව ශ්‍රී ලංකාවේ අනාගතය ගැන බොහෝ බලාපොරොත්තු තබා ගත්හ.
–
ඔවුන් සිරිසේන ඉහළ සිට පහළට විවේචනය කළහ. ඔවුන් බොහෝ දුරට වලංගු හේතුවක් නොමැතිව රනිල්ට පහර දුන්හ. ඔවුන්ගේ දේශපාලන නැවත පැමිණීම සඳහා ඔවුන් ඕනෑම සත්‍යයන් අසත්‍යයන් ලෙස විකෘති කළහ. ඔවුන් අද දින මායාකාරියන් මත යැපෙන ආකාරයටම අනවශ්‍ය ලෙස බෞද්ධ භික්ෂූන් මත රඳා සිටියහ.
ඔවුන්ගේ දේශපාලන පෙරහැරවල ඔවුන් ඉහළින් තැබූහ. ඔවුන් නැවත නැවතත් කියා සිටියේ මේ රට සිංහල බෞද්ධයන්ගෙන් බවයි. මේ රටේ සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ගැන ඔවුන් තැකීමක් කළේ නැත. කෙසේ වෙතත් රජය විදේශ ආයෝජන ඉල්ලා සිටීමට අදහස් කරන්නේ නම්, රටවල් දෙකක් හෝ වැඩි ගණනක් අතර ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමට එකඟ වීමේ අවශ්‍යතාව සියලු දෙනා දැන සිටිය යුතුය. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව පුරා බොහෝ රටවලට ද පොදු ය. වියට්නාමය සහ ඉතියෝපියාව අද ආයෝජකයින්ගේ ප්‍රියතම රටවල් වේ.
:
ව්‍යාජ අත්තිවාරම් මත පදනම් වූ ඕනෑම දෙයක් වෙරළේ වැලි වලින් සාදන ලද නිවසේ ඉරණම දක්වාම නිෂ් ain ල වනු ඇත.
කිසියම් හේතුවක් නිසා, ගෝතබයා පුනරුච්චාරණය කරන්නේ යමෙකු එකඟ නොවුවද, ඔහු තමාගේම ක්‍රමවේදයන්ට අනුකූලව ජාතිය පාලනය කරනු ඇත. ජනතාවගේ දුක්ගැනවිලි පිළිබඳ ඔහුගේ සම්පූර්ණ නොදැනුවත්කම දෙස බලන විට ඔහුගේ ඡන්දදායකයින් අද කුමක් කියනු ඇත්ද? එම ජනතාව එතරම් මෝඩයන් නොවේ නම්, ඔවුන්ට කවදා හෝ සහාය දිය හැකිද? අද ඔවුන් හොඳින් පිළිගත් අපරාධ පරීක්ෂණ පවා හරවන නමුත් වින්දිත පාර්ශවයන්ට රිදවීමෙන් අපරාධකරුවන් නිදහස් කිරීමට පක්ෂව ය. මම හිතන්නේ නැහැ මියන්මාරය හෝ ඒ හා සමාන රටවල් පවා වින්දිත පාර්ශවයන්ට පක්ෂව ප්‍රතිචාර දක්වනු ඇතැයි කියා.
/
leelagemalli / February 9, 2021
වඩා ඉහළ සාපරාධී චෝදනාවලට හසු වූ ඔවුන්ගේ හෙංචයියන් නිදොස් කොට නිදහස් කිරීම සඳහා ඔවුහු ජනාධිපති කොමිෂන් සභා පිහිටුවා ගත්හ. නෛතික නඩු පිළිබඳ යම් විශේෂ ise තාවයක් ඇති පුද්ගලයින් දැනට සිදුවන්නේ කුමක්ද යන්න නොදකින ලෙස රැඳී සිටිති. යහපාලන රජය අපරාධ විමර්ශන සිදුකරන ආකාරය මුළු ලෝකයම හොඳින් දැන සිටියේය. මුළු ලෝකයම ඔවුන්ට ප්‍රශංසා කළහ. කෙසේ වෙතත් ඔවුන් විමර්ශනය කරනු ලැබුවේ අඩක් පමණි. ඔවුන් විමර්ශන සඳහා විශාල මුදලක් වැය කර ඇත. රාජ්‍ය අරමුදල්වලින් මිලියන ගණනක් වියදම් කිරීමෙන් එකතු කරන ලද සියලු සාක්ෂි දැන් අහෝසි වී ඇත. පැහැරගැනීම් හෝ ders ාතන හේතුවෙන් තම පුතුන් අහිමි වූ මව්වරුන් නිසි යුක්තිය බලාපොරොත්තුවෙන් දිනපතා උදේ සිට සවස් වන තුරුම වැලපෙති. පාලකයන් හැසිරෙන්නේ දේශපාලන පැවැත්ම මත පදනම් වූ ඔවුන්ගේම පවුල් ප්‍රශ්න මිස අන් කිසිවක් නොවේ.
/
leelagemalli / February 7, 2021
අද වෙන විට අලුගෝසුවෙකු වන නන්දසේන… ජනපති විදියට පත්කරගෙන, රටේ කාඅලිනව කල්යුතු දේවල් නොකර සිටීම නිසා දුප්පත් රටවැසියන්මැද පැරදිග වැනි මූලීය මානුසික අයිතිවාසිකම් වත් නැති රටවල – ගනිකාවන් බවට පත්වීම මේ රටේ මේ මොහොතේ ඇති විශාලතම, ශෝචනීය ප්රශනය බවට පත්වී ඇත.
–
https://www.youtube.com/watch?v=PYY8bnwZnfw
එනමුත් පවතින රජයේ ඇති දූශිත වැඩපිලිවෙල නිසා ඒ අහින්සක කාන්තාවන්ට මෙරටට පැමීනිම කෙසේ වෙතත් ජීවිත ඉරනමට ලක්වී ඇති බව පෙනේ.. ඔයට රටවල ගෘහස්ථ සේවිකාවන් විදියට ගොස් ඇත්තේ ඉතාමත්ම දුප්පත් ග්රාමීය ජීවත්වී ඇති කාන්තාවන් නිසා.. මේ ප්රශනය දෙස ඔවුන්ට තනිවම තීරන ගන්න තරම් බුද්ධි මට්ටම් වල ඇති අය නොවන බව ඕනැම සන්වේදී කෙනෙකුට වැටහෙනු ඇත.
.මේ වාගෙම රට තුල හැම අස්සක් මුල්ලකම කෝවිඩ් නිසා ප්රශන උග්රවීඇති බව පැහැදිලි යි…
/