25 July, 2021

Blog

භාෂාධ්‍යයන විෂයයෙහි මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සූරීන්ගේ දායකත්වය

මහාචාර්ය රත්නසිරි අරංගල

මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සූරීන් අද්‍යතන ශ්‍රී ලාංකේය භාෂා ශාස්ත්‍ර​ ක්‍ෂේත්‍රයෙහි ධරමාන ජ්‍යේෂ්ඨතම පඬිවරයා බව තත් ක්‍ෂේත්‍රීය​ විද්වතුන්ගේ අවිවාදාත්මක පිළිගැනීම වෙයි. එතුමන් අයත් වන්නේ ජේම්ස් අල්විස් පඬිවරයාගෙන් ඇරඹෙන, හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ශ්‍රී ධර්මාරාම, වැලිවිටියේ ශ්‍රී සෝරත, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම​, කලූකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර​ හා කෝදාගොඩ ශ්‍රී ඥානාලෝක යන ප්‍රවෘජිත​ විද්වතුන් ඩබ්ලියු. ඇෆ්. ගුණවර්ධන, කුමාරතුංග මුනිදාස, සෙනරත් පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ​ හා ඩී. . හෙට්ටිආරච්චි ආදි ගෘහස්ථ විද්වතුන් කිහිප පළක් පමණක් අයත් වන අතිදුර්ලභ ශාස්ත්‍ර​ඥ පරපුරකට . ඉහතින් දක්වන ලද නාමාවලියෙහි අවසනට සඳහන් වුණු හෙට්ටිආරච්චි මහාචාර්යතුමා හැරුණු කල සෙසු සියලු දෙනාගේ එක් විශේෂ ලක්ෂණයක් වන්නේ නූතන ශාස්ත්‍රාලයීය​ සම්ප්‍රදායෙන් ලැබූ විධිමත් ශික්ෂණයෙන් තොර වීම යි. එසේ වුව ශාස්ත්‍රීය​ දායකත්වය අතින් මෙන් විද්වජ්ජන සංසදයන්හි පිළිගැනීමට ලක් වීම අතින් එය මේ විද්වතුන්ගේ ඌනිත ලක්ෂණයක් සේ කිසි සේත් නො සැලකුණු බව කිව මනා . හෙට්ටිආරච්චි සූරීන් නූතන ශාස්ත්‍රාලයීය සම්ප්‍රදාය විසින් බිහි කරන ලද විද්වතකු වූ අතර බලගල්ලේ සූරීහු සාම්ප‍්‍රදායික ශික්ෂණ සම්ප‍්‍රදාය හා නූතන ශාස්ත්‍රාලයීය සම්ප්‍රදාය යන උභය මාර්ගයෙහි විධිමත් ශික්ෂණය මෙන් අඛණ්ඩාභාසය ලබා ශාස්ත්‍රීය​ ලෝකය උද්දීප්තියට පත් කිරීමෙහි සමත් වූ සුදුර්ලභ පඬිරුවනකි.

මහාචාර්ය විමල් ජී. බලගල්ලේ

සමකාලීන විද්වතුන් විසින් මේ සුදුර්ලභ පාණ්ඩිත්‍යය සම්මානබහුමානනයට ලක් කළ ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් මෙහි ලා අපට සිහිපත් කළ හැකි . පළමු වැන්න අටතිස් වසරකට පෙර වියෝ වූ මහගම සේකර පිළිබඳ මතක සටහනක් ලියමින් මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් දක්වන ලද තමාත් මහගම සේකරත් අතර සිදු වූ කෙටි පිළිසඳරකිනි:

‘‘දවසක උදය වරුවේ ඔහු (මහගම සේකර) මා නැවතී සිටි විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ධර්මපාල ශාලාවේ මගේ කාමරයට ආවේ . මගේ පරණ සරම් කබලක් ඉණ වට දවටා ගෙන කාමරයේ පිටුපස බරාඳයට ගිය ඔහු  මගෙන්,

‘‘මගේ පුංචි වැඩක් තියෙනවා. කියවමු ?’’ යි ඇසී .

‘‘කියවමු.’’

‘‘හැබැයි රජෝ පොතක් නෙවෙයිපොතක් වේවි පස්සේ. මේක සැකිල්ලක්.’’


යම්තම් තැනක් දෙපළක් කපා කොටා අපි ඔහුගේ ආචාර්ය උපාධි සැකිල්ල පිටපත් තුනකින් සකස් කර ගත්තෙමු.

‘‘ඕක සුරවීර මහත්තයට යි බලගල්ලෙ මහත්තයට යි පෙන්නන්න, දෙන්න ඉස්සර වෙලා.’’

(මහගම සේකර හා කලා නිර්මාණ, සංස්. එච්. එම් මොරටුවගම, 1978, කොළඹ,  130-131 පිටු.)

‘‘පාරිභාෂික වචන මෙන් විෂය කරුණු සම්බන්ධයෙන් ගැටලු මතු වී මා පැකිළෙන අවස්ථාවල ඒවා නිරාකරණය කර ගැනීමට…”,  වචනයක නිශ්චිතාර්ථයක් හෝ පාරිභාෂික පදයක් හෝ පිළිබඳ ගැටලුවක් මතු වූ කල්හි සාකච්ඡා කරමින් ප‍්‍රශ්න නිරාකරණයට…’’ යනුවෙන් මහාචාර්ය . වී. සුරවීර ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත‍්‍රය, (1984, කොළඹ, v පිටුව) හා ලියෙප් තොල්ස්තෝයි, කලාව යනු කුමක් ? (1987, කොළඹ, v පිටුව) යන කෘතීන්හි දී මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සතු භාෂා වෛශාරද්‍යය අගය කර ඇත.

මේ අන්දමට සමකාලීන උගතුන්ගේ ප‍්‍රශංසාත්මක සඳහන් කිරීමට ලක් වූ විමල් බලගල්ලේ සූරීන්ගේ භාෂා ශාස්ත‍්‍රඥානයේ විශේෂත්වය වන්නේ එය සාම්ප‍්‍රදායික භාෂාධ්‍යයන ශික්ෂණ මාර්ගයේ කූටප‍්‍රාප්ත වීමෙන් අත්පත් කර ගත් හා නූතන භාෂාධ්‍යයන සම්ප‍්‍රදායන් මාර්ගයෙන් සුපෝෂිත වීම යි.

බලගල්ලේ මහාචාර්යතුමා ග‍්‍රන්ථකරණයට ප‍්‍රවිෂ්ට වන්නේ 1950 තරම් අතීතයක . එතුමාගේ පළමු කෘතිය පඤ්චතන්ත‍්‍රයේ අනුවාදයක් වන අතර 1958 දී ප‍්‍රකාශිත දෙවැන්න  ෆාහියන් තෙරුන් වහන්සේගේ දේශාටන වාර්තාවේ අනුවාදයකි. මේ දෙක භාෂාධ්‍යයන ක්ෂේත‍්‍රයට සම්බන්ධ නුවූව භාෂාන්තර පරිවර්තන කාර්යයෙහි ආවශ්‍යක ප‍්‍රභව භාෂා හා ලක්ෂ්‍යය භාෂා ප‍්‍රාගුණ්‍යය භාෂාන්තර ඥානය හෙළි කර සිටී. පසු එතුමන් විසින් සිංහල භාෂාවේ ඉතිහාසය සම්බන්ධයෙන් මෙන් ඓතිහාසික වාග්විද්‍යාව, ශබ්දයෝගවිචාරය හා ශබ්දවිචාරය යන වාග්විද්‍යා විෂය ප‍්‍රදේශ අළලා ශාස්ත්‍රීය​ ලිපි හා ග‍්‍රන්ථ කිහිපයක් සම්පාදනය කරන ලදි.

භාෂාධ්‍යයනය සම්බන්ධ ග‍්‍රන්ථ හා ලේඛන සම්පාදනයට බලගල්ලේ මහතා පිවිස ඇත්තේ 1964 දී ‘‘කුරුණෑගල යුගයේ සිංහල භාෂාව’’ මැයෙන් කොළඹ ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්තී‍්‍රය සංග‍්‍රහයට (1964, සංස්. දෙගම්මැද සුමනජෝති හා තවත් අය, කොළඹ, ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම, බු. . 2509/1965, 52-69 පිටු.) සපයන ලද ලිපියකිනි. මෙය ඍජු වාග්විද්‍යාත්මක විමර්ශනයක් නො සාහිත්‍ය කෘතීන්හි භාෂා ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරමින් සම්පාදනය කරන ලද්දකි.  

1975 දී මාර්ටින් වික‍්‍රමසිංහ: කොග්ගල මහා ප‍්‍රාඥයා ලිපි සංහිතාව සඳහා සම්පාදිතමාර්ටින් වික‍්‍රමසිංහගේ වශ්‍යවචෝභාවය හා බස පිළිබඳ ඔහුගේ සංකල්ප’, (දෙහිවල, සීමාසහිත තිසර ප‍්‍රකාශකයෝ, 1975, 198-211 පිටු.) නම් ලිපියත්ලක්දිව ප‍්‍රචලිත වූ සාහිත්‍ය ශාස්ත‍්‍රය හා අර්ථ විචාරය පිළිබඳ අදහස්මැයෙන් 1978 දී විද්‍යෝදය විද්‍යා කලා භාෂා ශාස්ත්‍රීය සංග‍්‍රහය: ශ්‍රී  සෝරත විශේෂ අනුස්මරණ අංකය. සඳහා සම්පාදිත ලිපිය හා  (සංස්. ගතාරේ ධම්මපාල, නුගේගොඩ, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය, විද්‍යෝදය මණ්ඩපය, 1978, 25-50 පිටු) ‘නූතන අර්ථවිචාරය හා පුරාතන භාරතීය අර්ථවිචාරවාදමැයෙන් 1985 දී  ජී. බී. සේනානායක ප‍්‍රහාෂණය (සංස්. රංජිත් අමරකීර්ති පලිහපිටිය සහ තවත් අය, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1985, 17-33 පිටු) සඳහා සම්පාදිත ලිපියත් අර්ථවිචාරය හා වාක් සංහිතා අධ්‍යයනය යන ක්ෂේත‍්‍ර නියෝජනය කරයි.

සිංහල භාෂාව අළලා ශබ්දවිචාරාත්මක, ශබ්දයෝගවිචාරාත්මක හා පදකයෝග විචාරාත්මක අධ්‍යයනයන්හි නිරත වූ මහාචාර්ය බලගල්ලේ සූරීහු 1976 දීසිංහලයෙහි කාරයේ සංවෘත විවෘත භේදය’ (හේන්පිටගෙදර ඥානසීහ මාහිමියන් වහන්සේට පිරිනැමෙන අභිස්තව සංග‍්‍රහය, සංස්. හේන්පිටගෙදර ඤාණාවාස හා කෝන්ගස්තැන්නේ ආනන්ද, කොළඹ, සීමාසහිත ගුණරත්න සහ සමාගම, 1976, 80-116 පිටු.) ලිපියත් 1983 දීසිංහලයේ සඤ්ඤක අකුරු’ (සංස්කෘති ත්‍රෛමාසික සඟරාවහෙට්ටිආරච්චි විශේෂ අංකය, 17 කලා., 4 සඟ., 1983 ඔක්.-දෙසැ., සංස්. ඇස්. ජී. සමරසිංහ හා තවත් අය, කොළඹ, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, 43-68 පිටු.) නම් ලිපිය හා  1989දී  ‘වාග් විද්‍යාවේපදිමසංකල්පය පිළිබඳ විමර්ශනයක් හා සිංහලයේ පදිම පිළිබඳ වර්ගීකරණයක්’ (විද්‍යෝදය සමාජීය විද්‍යා සංග‍්‍රහය: මහාචාර්ය විමල් ජී. බලගල්ලේ උපහාර කලාපය, 3/1 හා 2, ජනවාරිජුලි 1989, සංස්. රත්න විජේතුංග සහ තවත් අය, නුගේගොඩ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, 1992, 7-37 පිටු) මැයෙන් වන ලිපියත් පළ කරමින් එතෙක් සිංහල භාෂීය වාග්විද්‍යාත්මක අධ්‍යයනයන්හි සන්ධිස්ථානයක් සලකුණු කරති.  මේ අධ්‍යයන ත‍්‍රයයෙහි ප‍්‍රකට ලක්ෂණයක් වන්නේ තත් ක්ෂේත‍්‍රීය නූතන වාග්විද්‍යාත්මක සිද්ධාන්ත හා න්‍යාය සමඟින් චිරන්තන භාරතීය ශාබ්දික මත තුලනාත්මක විමසමින් සිදු කරන ලද විමර්ශන යි.

මෙයින්, ‘සිංහලයෙහි අකාරයේ සංවෘත විවෘත භේදයඅළලා සම්පාදිත නිබන්ධය එම ශබ්ද ද්වයේ උච්චාරණය සම්බන්ධ සාම්ප‍්‍රදායික/ ස්වදේශික ආචාර්යවාද මෙන් වාග්විද්‍යාවෙහි ප‍්‍රචලිතශබ්දිමහාඋපශබ්දසංකල්ප පළමු වරට සිංහලයෙන් විස්තෘත සාකච්ඡා කරමින් තදාශ‍්‍රිත න්‍යාය මාර්ගයෙන් තත් ශබ්ද සම්බන්ධ විවරණයක් ඉදිරිපත් කරන්නකි. මෙහි ලා තවත් විශේෂත්වයක් වන්නේ සිංහලයේ මූලික ස්වර පිළිබඳ ප‍්‍රභාවලීලේඛ අධ්‍යයනයක් පදනම් කොට ගනිමින් සාධක දැක්වීම යි. මෙය සිංහලය සම්බන්ධයෙන් සිදු කරන ලද ප‍්‍රථම ප‍්‍රභාවලීලේඛ අධ්‍යයනය බව සඳහන් කළ යුතු . මේ අධ්‍යයනයෙන් සිංහලයේ අකාරයේ සංවෘත හා විවෘත උච්චාරණ උපශබ්ද දෙකක් බව තහවුරු කෙරෙන අතර සාම්ප‍්‍රදායික අක්ෂරමාලාවේ එකී ශබ්ද නියෝජක සංකේත නොමැති වීමේ නිරවද්‍යතාව තහවුරු කරමින් නූතන අවශ්‍යතා සඳහා මේ ශබ්දයන්හි වෛශේෂිකත්වය දැක්වීමට  නව සංකේත අක්ෂරමාලාවට එක් කිරීමෙන් වැලකී යථායෝග්‍ය පරිදි විශේෂතා දර්ශක සංකේත භාවිතයේ වැදගත්කම අවධාරණය කෙරේ.

සිංහලයේ සඤ්ඤක අකුරුසම්බන්ධ අධ්‍යයනය සාම්ප‍්‍රදායික/ දේශීය ආචාර්යවාද තුලනයෙන් අනතුරු ශබ්දයෝගවිචාර න්‍යාය හා ප‍්‍රභාවලීලේඛ උපයෝගි කර ගනිමින් සිදු කරන ලද්දකි. මෙහි ලා ඓතිහාසික පරිණාමීය සාධක හා තුලනාත්මක සාධක ගෙන හැර දක්වමින් සඤ්ඤක අකුරු සිංහලයේ  වෛශේෂික ශබ්ද ගණයක් සේ හැඳින ගන්නා අතර ඒවා නියෝජනය සඳහා වන සංකේත සිංහල අක්ෂරමාලාවට ඇතුළත් කිරීමේ යුක්තියුක්තභාවය පෙන්වා දෙයි.

මේ ශාස්ත‍්‍රීය ලිපි මාර්ගයෙන් විදාරණය කරන ලද නව දැනුමෙහි පදනම වූ වාග්විද්‍යා න්‍යාය හා සිද්ධාන්ත පිළිබඳ ඒකභාෂක විද්‍යාර්ථීන්ට මඟ පෙන්වමින් 1995 දී සම්පාදිත භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය (කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝත ද්විතීය සංස්කරණය, 2001. තෘතීය සංස්කරණය, 2008, චතුර්ථ සංස්කරණය, 2012) කෘතියෙන් වාග්විද්‍යා හා සිංහල භාෂාධ්‍යයන ක්ෂේත‍්‍රයන්හි හා න්‍යාය හා මූලධර්ම පිළිබඳ පළමු වරට සිංහල භාෂාවෙන් ප‍්‍රාමාණික විවරණ ඉදිරිපත් කෙරෙයි. ‘සිංහල සාහිත්‍ය ඉතිහාසය හා අන්තරාලීන ශිලා ලිපි’ (සංස්කෘති ත්‍රෛමාසික සඟරාව, 17 කලා., 3 සඟ., 1983 ජුලිසැප්., සංස්. ඇස්. ජී. සමරසිංහ සහ තවත් අය, කොළඹ, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, 9-28 පිටු) ලිපිය ඍජු භාෂා අධ්‍යයන විෂයයක් හා සම්බන්ධ නුවූව ශ්‍රී ලාංකේය විද්වතුන් අතර කුතූහලාත්මක මත විවරණයකට හේතු වී ඇතිඅන්තරාලීන අභිලේඛනසම්බන්ධයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් දක්වන ලද මත සිංහල භාෂාවේ ඉතිහාසය සම්බන්ධ අධ්‍යයනයන්හි දී වැදගත් වන ආකාරය විමසුමට ලක් කරන්නකි.  

සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනයත් ලෝක භාෂා අතර සිංහලය ස්ථාපනය කිරීමත් සම්බන්ධ විද්වත් සාකච්ඡාව සියවස් එකහමාරකට වඩා පැරණි වන අතර දේශීය හා විදේශීය විද්වතුන් රාශියකගේ අවධානය යොමු වූවක් වෙයි. තත් විෂය අළලා වරින් වර ශාස්ත‍්‍රීය ලිපි කිහිපයක් මඟින් මතවාද ඉදිරිපත් කළ මහාචාර්ය බලගල්ලේ සූරීන් මේ සම්බන්ධයෙන් ප‍්‍රධාන ග‍්‍රන්ථ දෙකක් පළ කොට ඇති අතර (සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය (කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1992, පිටු x + 76; ද්විතීය මුද්‍රණය, 1998, ප‍්‍ර. එම, පිටු x + 76; සංවර්ධිත නව සංස්කරණය, 2006, ප‍්‍ර. එම, පිටු xiv + 160) හා සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනය (සංස්කෘතික පුස්තිකා මාලා-5, සංස්. රත්නසිරි අරංගල හා උදේනි පද්මනන්ද දිසානායක, බත්තරමුල්ල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 1996, පිටු iv + 76)  විද්වතුන්ගේ ප‍්‍රමාණවත් අවධානයෙන් ගිළිහී ගිය, එහෙත් තත් විෂය සම්බන්ධ ප‍්‍රාමාණික ලේඛනයක් වන මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්ගේ ‘The Linguistic Character of Sinhalese’ නම් නිබන්ධයෙහි සිංහල පරිවර්තනය පළමු වරට සිංහල භාෂාධ්‍යයන විද්‍යාර්ථියා වෙත පිරිනමයි. ගයිගර්ගේ කෘතිය සඳහා සම්පාදිත සවිස්තර සංඥාපනයෙහි ලා ගයිගර්ගේ අධ්‍යයන හා ලේඛන කටයුතුත් සිංහල භාෂාව සම්බන්ධයෙන් මේ නිබන්ධනයෙහි ගයිගර් දක්වන අදහස් පිළිබඳ වත් සාකච්ඡා කෙරේ.

සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය හා සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනය යන කෘති දෙකෙහි දී සිංහල භාෂා ප‍්‍රචලිත භාෂා කලාපයේ භාෂා පවුල්වල විස්තෘතිය හා ව්‍යාප්තිය සම්බන්ධ ඓතිහාසික හා වාග්විද්‍යාත්මක සාධක විමර්ශනයෙන් අනතුරු සිංහලයේ භාෂාමය ඥාති සම්බන්ධතා පිළිබඳ විවාදය  විධිමත් විවරණය කිරීමෙන් ඉක්බිති සිංහල භාෂවේ ඉතිහාසය යුගවලට බෙදීම සම්බන්ධයෙන් ප‍්‍රචලිත, ගයිගර් පඬිවරයා විසින් පළමු වරට යෝජනා කරන ලද යුග බෙදීම හා දෙවනු ගයිගර් විසින් සංශෝධිත, එහෙත් විද්වතුන්ගේ අවධානයට යොමු නො වූ යුග බෙදීම අධ්‍යයනය කරමින් සිංහල භාෂාවේ එක් එක් අවධියේ සුවිශේෂතා හා ප‍්‍රවණතා කෙරෙහි අවධානය යොමු කරමින් පළමු වරට සිංහල භාෂාව සඳහා විධිමත් යුග බෙදීමක් හඳුන්වා දෙයිසිංහල භාෂාව හා ඓතිහාසික වාග්විද්‍යා සිද්ධාන්ත සම්බන්ධයෙන් බලගල්ලේ මහාචාර්යතුමාගේ විදග්ධභාවය හා බුද්ධිපාටවය මෙමඟින්  අනාවරණය වෙයි.

මෙහි ලා දෙවනුව සඳහන් කරන ලද කෘතියෙහි තවත් විශේෂතාවක් වන්නේ භාෂා පරිණාමයෙහි ලා වෙනත් සංස්කෘතික පසුබිමක් සහිත භාෂාවන්හි ආශ‍්‍රයය හා බලපෑම සම්බන්ධ  වාග්විද්‍යාත්මක න්‍යාය පදනම් කොට ගනිමින් සිංහලයේ ප‍්‍රවර්ධනය කෙරෙහි සංස්කෘතික සංස්පර්ශය මාර්ගයෙන් සිදු වූ භාෂාමය සංස්පර්ශය විග‍්‍රහයට ලක් කිරීම යි. සිංහලය හා සංස්පර්ශයට පැමිණි එක් එක් භාෂාවෙහි හා තදීය සංස්කෘතියෙහි විශේෂතා විග‍්‍රහ කරමින් එක් එක් භාෂාව සිංහලයේ ශබ්දයෝග, පදකයෝග, වාක්‍යවින්‍යාස හා අර්ථවිචාර යන පද්ධතීන්හි පරිණාමයට දායක වූ ආකාරය එහි ලා විවරණය කෙරේ. තදනන්තර නිදර්ශන වචන මාලාවක් ඉදිරිපත් කිරීමත් සංස්කෘතික සංස්පර්ශය හේතුවෙන් එක් වූ ඍණිත වචන සිංහල භාෂාවේ ප‍්‍රවර්ධනයට හා අර්ථව්‍යක්තියට හේතු වෙමින් භාෂා පරිණාමය සිදු වූ ආකාරය මෙයින් පළමු වරට සිංහල පාඨකයා අවබෝධ කර ගනී.

අනූ වන විය ගෙවෙද්දීත් අඛණ්ඩ පර්යේෂණ හා ලේඛන කාර්යයෙහි නිරත වීම බලගල්ලේ මහාචාර්යතුමන්ගේ විශේෂත්වය විය. එහි ප‍්‍රතිඵලය වූයේ අර්ථවිචාරය (Semantics) හා උපයෝගිතාවිචාරය (Pragmatics) සම්බන්ධ පළමු සිංහල ග‍්‍රන්ථය එතුමන් අතින් සම්පාදනය වීම යි. භාෂී  සන්නිවේදනය, අර්ථවිචාරය හා උපයෝගිතාවිචාරය මැයෙන් වන මේ කෘතිය වාග්විද්‍යාව නම් නූතන ඥානයෙහි මෙන් සාම්ප‍්‍රදායික භාෂාධ්‍යයන ශික්ෂණයෙහි   සංකලනයෙහි ප‍්‍රතිඵලයකි. සමකාලීන භාෂාඥයන් සමඟින් සිංහලයේ සම්මත හා නිරවද්‍ය ව්‍යවහාරය අළලා අත්පොත් දෙකක් සම්පාදනයට අනූ වියැති මේ පඬිවරයා දායක වූයේ . ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප්‍රකාශිත සිංහල ලේඛන රීතිය (නව සංස්කරණය) හා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත සිංහල ලේඛන ව්‍යවහාරයඋපදේශ සංග්‍රශය පළ වන්නේ දායකත්වයේ ප්‍රතිඵල වසයෙනි. ජාතික අධ්‍යාපන කොමිශන් සභාව වෙනුවෙන් සිංහල භාෂා ව්‍යවහාරය සම්බන්ධ අත් පොතක් සම්පාදනයට එතුමා  පසුගිය වසර කිහිපයෙහි සිය බුද්ධිමය ශ්‍රමය හා වෛශාරද්‍යය ලබා දුන් බව මෙහි ලා සඳහන් කළ යුතු වෙයි.

වාග්විද්‍යාව තව මත් මෙරට සාම්ප‍්‍රදායික භාෂාඥයන් විසින් ආගන්තුක නැත හොත්හානිකරශික්ෂන මාර්ගයක් සේ සලකන බව ඇතැම් විට විවිධ මාධ්‍ය ඔස්සේ පළ වන අදහස්වලින් පෙනී යයි. මේ විද්‍යාත්මක ශික්ෂණයෙහි විපුල පල ලද හැක්කේ නූතන භාෂාධ්‍යයන ඥානය සමඟ සාම්ප‍්‍රදායික භාෂාධ්‍යයන ශික්ෂණය සමවාය සම්බන්ධයකට පැමිණවීමෙන් පමණක් බව බලගල්ලේ මහාචාර්යතුමන්ගේ භාෂාධ්‍යයන ග‍්‍රන්ථ අපට හෙළි කර සිටී. මාර්ගයෙහි ගමන් කළ එක විද්වතා වසයෙන් එතුමන් හැඳින්වීම පරම සත්‍යයකි.

දැනට අනූ හත් වන විය සපුරමින් සිටින බලගල්ලේ මහාචාර්යතුමා ප්‍රචීන භාෂා ශාස්ත්‍ර සම්ප්‍රදායයේ හා නූතන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ශ්‍රී ලාංකේය ප්‍රදීපස්තම්භය සේ හැඳින්වීම නිවැරදි . 2019 වසරේ දී රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ මුද්‍රිකාව එතුමන් වෙත හරසරින් යුක්ත පිරිනමනු ලැබුයේ විශිෂ්ට ශාස්ත්‍රවන්තභාවයට උපහාරයක් වසයෙනි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.