25 April, 2024

Blog

ආනයනික පාවහන් මත අසීමිත බදු පැනවූ “වෙළඳ ආරක්ෂණ” පිටුපස ඇති පාරිහෝගිකයන්ගේ කඳුළු කථාව

රවී රත්නසභාපති

රවී රත්නසභාපති

ශ්‍රී ලංකා පාවහන් කර්මාන්තකරුවන් රේගු ජෙනරාල්වරායගෙන් ආනයනික පාවහන් සීමා කරන ලෙසත් දැඩි ආනයනික සීමාවන් පනවන ලෙසත් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

පාවහන් කර්මාන්තකරුවන් පවසන අන්දමට ඉන්දියාවෙන් සහ චීනයෙන් වෙළඳ පොළට පැමිණෙන මිල අඩු පාවහන් නිසා ඇමරිකානු ඩොලර් මිලියන  $ 112.5  විදේශ විනිමය රටට අහිමි වන බව ඔවුන් පවසන්වා.

දේශීය පාවහන් නිෂ්පාද​කයන් ඇස්ත්මේන්තු කරන පරිදි පාවහන් සඳහා නිසි පරිදි ආනයනික සීමා පැනවුවහොත් රුපියල් බිලියන 9 ක් පමණ බදු ආදායමක් රජයට උපයා ගැනීමට හැකියි. ඔවුන් පවසන පරිදි දේශීය පාවහන් කර්මාන්තය ඉදිරියට ගෙනයාම දැන් ඉතා අපහසු තත්ත්වයක පවතින්නේ පිටරටින් පමිණෙන පාවහන් සමඟ තරඟ කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති වීම නිසයි.

2011 වර්ෂයේ  පාවහන් සඳහා බදු අඩු කළ පසු වතාවන් ගණනාවක්ම දේශීය පාවහන් කර්මාන්ත කරුවන් ආනයනික සීමා සඳහා ඉල්ලීම් කර තිබුණා.

2002 වර්ෂයේ සිට බලයට පත්වූ සෑම රජයක්ම විටින් විට දේශීය පාවහන් කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් විවිධ බදු වර්ග පැනවූ අතර 2011 වර්ෂයේ පාවහන් සඳහා පනවා තිබූ බදු වර්ග කිහිපයක් පමණක් ඉවත් කරණු ලැබුවා.

දේශීය පාවහන් නිෂ්පාදකයන් පවසන පරිදි ආනයනික පාවහන් යනු පිටරට කර්මාන්තශාල වලින් ඉවතලන අමතර තොග වන අතර ඔවුන්ට අනුව ඒවායේ තත්ත්වය හා ගුණාත්මකභාවය ඉතා අවම මට්ටමක පවතී. විමතියට කරුණ නම් සියලු බදු වර්ග වලට යටත්ව එනම් රු.600 ක සෙස් බද්ද, එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩ නැගීමේ බද්ද සහ වරාය හා නාවික බද්ද අතුලත්ව මෙම පාවහන් යුවලක වෙළදපොල මිල සටහන්වන්නේ රු. 750 ක මිලකි. ශ්‍රී ලංකාව තුල මෙතරම් පාවහන් මිල ගණන් වැඩි කුමන හේතුව නිසාදැයි දැන් පාරිභෝගිකයන්ට සම්පූර්ණ අදහසක් ලබා ගැනීමට හැක.

පසුගිය මාසයේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පාවහන් හා සම් කර්මාන්ත​ ප්‍රදර්ශණයකදී සඳහන් කලේ පාවහන් අපනයන 28% කින් 2016 වසරේ ඉහළ ගිය බවයි. “අපේ පාවහන් සහ සම් අපනයන 2015 වර්ෂයට සාපේක්ෂව 28% ඉහළ ගොස් තිබෙනවා. එමඟින් අමරිකානු ඩොලර් මිලියන 127ක අදායමක් ලබා ගැනීමට අපට හැකිවී තිබෙනවා,” අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම ප්‍රකාශයත් සමඟම ඉතා පැහැදිලිව වැටෙහෙන කාරණය නම් අපගේ පාවහන් කර්මාන්තය ගෝලීය වෙළඳපොළ තුල කරට කර තරඟ කිරීමට හැකියාව ප්‍රමාණවත් තරම් ඇති බවයි. එසේ නොවනේ නම් වසරකට 28%ක අපනයන වර්ධනයක් ලබා ගනීමට හැකියාවක් නොලබෙන බව රහසක් නොවේ.

දේශීය පාවහන් කර්මාන්තය විදේශීය වෙළඳ පොළ තුළ තරඟ කරන්නේ නම් දේශීය වෙළඳපොළ තුළ තරඟ කිරීමට නොහැකිවීමට කිසිසේත් හැකියාවක් නැත.

අප දේශීය පාවහන් කර්මාන්තය ආරක්ෂා කිරීමේ තේමාව ඇතිව සිදු කරන තීරු බදු වැඩි කිරීම පිළිබඳව සාපේක්ෂ වාසි අවාසි පිළිබඳ සාධාරණ ලෙස අවධානය යොමු කර බලමු.

දේශීය පාවහන් නිෂ්පාද​කයන්ගේ අදහස වන්නේ මිල අඩු ආනයනික පාවහන් දේශීය පාරිභෝගිකයන් මිලඳී ගැනීමෙන් දිවයින පුරා 40,000 ක පමණ සේවකයන්ගේ රැකියා අවධානමට පත්වන බවයි. ඔවුන්ගේ යෝජනාව වන්නේ 2011 පෙර පැවති බඳු ක්‍රමවේදය නැවත ක්‍රියාවට නැංවිය යුතු බවයි.

පාවහන් යුහලයක් මත දැනට 30% බද්දක් පනවා ඇත. එම බද්ද මඟින් සාමාන්‍ය පාවහන් යුගලයක මිල රු. 1000 දක්වා නිරායාසයෙන් ඉහල යයි. අප භාවිතා කරන පාවහන් යුගල හා සැසඳීමෙදී සහ ලෝක වෙළඳළෙහි පාවහන් මිල හා සංසන්දනය​ කිරීමේඳී සාමාන්‍ය මට්ටමේ පාවහන් යුහලයක් රු. 1000 මුදලක් යනු ඉතා ඉහල මිලක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඊට අමතරව රු. 500ක සෙස් බද්දක් පාවහන් ආනයනය මත පනවා තිබීම අප වැනි රටක පාරිභෝගියන්ට කිසිසෙත් සාධාරණ නැත. ආනයනික පාවහන් මත පනවා ඇති අමතර බදු තදිනම බලපානේ වෙන කිසිවෙකුටත් නොව ශ්‍රී ලංකවේ සිටින මිලියන 4ක් වන අහිංසක පාසල් සිසුන්ටය. වැඩිපුරම පාවහන් භාවිතා කරණු ලබන්නේ පාසල් සිසු සිසුවියන් වන අතර ඔවුන්ට වසරකට පාවහන් කට්ටල අවම වශයෙන් එකක්වත් මිළඳී ගැනීමට සිඳුවනවා. ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරම් වල යෙදුන​ සිසු සිසුවියන් සඳහා පාවහන් කට්ටට එකකට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍යවනවා. ගෝලීය වෙළඳපොළ තුල පැහැදිලිව තරඟ කිරීමට හැකියාව තිබියඳී පාවහන් කර්මාන්ත කරුවන් රජයේ බදු මගින් ආරක්ශාවීමෙන් සිදුවන්නේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යන වියදම දෙමව්පියන්ට දරාගත නොහැකි තත්ත්වයකට පත්විම පමණයි. පනවා ඇති අසීමිත ආනයනික බදු විදේශීය පාවහන් මෙන්ම දේශීය පාවහන් වල මිල අසීම්ත ලෙස ඉහළ යාමට මූලිකම හේතුවයි.

40,000 සේවකයන්ගේ රැකියා ආරක්ෂා කිරීම යන ව්‍යාජ තේමාවෙන් සිඳුවන ඒක පාර්ශවික තීන්දු නිසා සමස්ථ පාරිභෝගික ජනතාවට ඇතිවන්නේ අසාධාරණ තත්වයක්. අප රටට වාර්ෂිකව මිලියන 40 ක පමණ පාවහන් ඉල්ලුමක් පවතිනවා. ඉතා සීමිත පිරිසකගේ ව්‍යාජ රැකියා ආරක්ශාව සඳහා බහුතර පාරිභෝගිකයන් හා පාසල් සිසු සිසුවියන් බිල්ලට තැබීම අසාධාරණ නොවේද?

පනවා ඇති මෙම බදු රාමුව පාරිභෝගිකයන් විසින් පැහැදිලිව තේරුම් ගත යුත්තකි. මෙම බදු රාමුවේ අපේක්ෂාව විදේශීය පාවහන් මිලදී ගැනීමට දේශීය පාරිභෝගිකයා අධෛර්‍යයට පත් කිරීම නොවේ. දේශීය නිශ්පාදිත පාවහන් සීමිත නිෂ්පාධකයන් කිහිප දෙනකුගේ ලාභය සඳහා පාරිභෝකිකයගෙන් බදු මුදල් අය කිරීමයි.

ආර්ථික විද්‍යා කෝනයකින් බැලීමෙඳී පාවහන් සම්බන්ධ​ මෙම බදු ආරක්ෂණ පිලිවෙත තවත් කරුණු ගණාවක් සමඟ සම්ම්බන්ඩ වී පවතී. එක් භාන්ඩයක් වෙනුවෙන් මුදලට සරිලන වටිනාකමට වඩා වැඩි මිලක් ගෙවීම පාරිභෝගිකයන්ට අවෂ්‍ය තවත් භාණ්ඩ මිලඳී ගැනීමේ අවස්ථාව  අඩු කරයි. පාවහන් මිළ වැඩිවීම සිසුන් වැඩි කලක් එක් පාවහන් යුගලයක් ගුණාත්මක බව අඩු තත්වයක් යටතේ භාවිතයට යොමු කරවයි. පාවහන් ආනයන කරුවන්, ආනයන පාවහන් වෙළඳාම කරණ ස්වයං රැකියා කරුවන්, වෙළඳපොළ විකුණුම් කරුවන් ආදී බොහෝ පාර්ශව මෙම අදූරදර්ෂී බදු නිසා පීඩාවට පත්වීම වැළක්විය නොහැකිය.

මෙවැනි බදු ප්‍රතිපති සඳහා ආර්ථික විද්‍යවේ  ප්‍රකාෂ වන්නේ “වෙළඳ ආරක්ෂනය” යන්නයි. මෙවැනි වෙළඳ ආරක්ෂණ සඳහා විවිධ හේතු රජය සහ ආරක්ෂණ මගින් යැපෙන පාර්ෂව ඉදිරිපත් කරයි.ඉන් එකක් වන්නේ නැගී එන මූලික අවදියේ පවතින ව්‍යාපාර නගා සිටුවීමයි. තවත් තර්කයක් වන්නේ වැසීයමේ අවධානමට ලක්ව ඇති ව්‍යාපාර නගා සිටුවීමයි. එම තර්ක දෙකටම හසු නොවන්නේ නම් ගෙන එන තවත් හේතුවක් වන්නේ “ක්‍රම උපායික” කර්මාන්ත ආරක්ශාව යන්නයි. එම කිසිවක් සමඟ නොගලපේනම් පවසන්නේ ජනතාවගේ රැකියා අහිමි වන බවට හෝ සාධාරණ තරඟකාරී බව යන අසත්‍ය තර්කයයි. නමුත් සැබවින්ම සිදුවවන්නේ අහිංසක පාරිභෝගිකියන් හිංසාවට පත් වීමයි. අප පිළිගත යුතු යතාර්ථය නම් පාරිහෝගිකයන්ගේ ප්‍රමණාය සෑමවිටම/බොහෝ විට නිෂ්පාධකයන්ගේ ප්‍රමණායට වඩා වැඩි බවයි. සුලු වෙළඳ පොළ කර්මාන්ත කරුවන්ගේ ව්‍යාජ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට බොහෝ දෙනා වෙළඳ සංගම් ලෙස ඉදිරිපත් වූවද පාරිභෝගික අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වන්නට සංවිධාන නොමැත.

මෙවන් තත්ත්වයක් තුළ නිෂ්පාධකයක් ආරක්ෂා කිරීම මුවාවෙන් ඉදිරිපත් කරණ වෙලඳ ආරක්ශණ පාරිභෝගිකයාත්, සමස්ථ ආර්ථිකයත් අර්බුදයකට​ පත් කරයි.

පාවහන් සඳහා බදු අවම කිරීමෙන් රැකියා සඳහා බලපෑමක් ඇතිවවන බව යථාර්ථයක් වුවත් එමඟින් ජනතව අතර ඉතිරිවන මුදල් ප්‍රමාණය, එම මුදල් වල වියදම් කිරීමේ හැකියාව මත ඇතිවිය හැකි රැකියා සහ කර්මාන්ත පිලිබඳ හඬක් නැගීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකි. වෙළඳ ආරක්ෂණ ඉවත් කිරීමෙන් ජනතාවගේ සැබෑ අවශ්‍යතා සඳහා මුදල් හා ආයෝජන සංසරණය සිඳු වන්නාසේම සමාජය දියුණු වීමට ඉතා තියුණු බලපෑමක් ඇති වේ .

අනෙක් අතින් හාස්‍යට කරුණ වන්නේ ලෝක වෙළඳ පොළ දේශීය ව්‍යාපාරිකයන්ට විවෘත කරන ලෙස ඉල්ලා සිටිමින් දේශීය වෙළඳ පොළ ආරක්ශණයට බදු පැනවීමයි. අපගේ වාසනාවට ශ්‍රී ලංකාවෙන් පාවහන් මිළඳී ගන්නා රටවල් අප රට තරම් ආරක්ෂණවාදීන් නොවේ. “අපනයන හොඳයි ආනයන නරකයි” යන මිථ්‍යාව සාමාන්‍ය ජනතාව අතර දේශපාලනඥයින් තහවුරු කරනු ලැබුවේ සුලු පිරිසකගේ වාසි සඳහා මිස සැබෑ පාරිභෝගික අයිතීන් වෙනුවෙන් නම් නොවේ.

ඕනෑම සරළ බුද්ධියක් ඇති අයෙකුට වුවද බදු පැනවීමේ මුලිකාංග වැටහේ. එනම් රටක් නිෂ්පාධනය කිරීමට කාර්‍යක්ෂමතාව අවම භාණ්ඩ බදු අවම කිරීමෙන් හෝ බදු ඉවත් කිරීමෙන් දිරිගන්වයි. එලෙසම රටක් නිශ්පාදන​ හැකියාව සඳහා උපරිම කාර්‍යක්ෂමතාවක් හා සාපේක්ෂ නිශ්පාදන වාසියක් (Comparative advantage) ඇති භාණ්ඩ රටට ඇතුළු වීම අධෛර්යමත් කිරීමයි. බදු අඩු කිරීමෙන් එක් රටකට කාර්ය්‍යක්ෂමව නිශ්පාදන​ය කල හැකි භාණ්ඩ එම රට තුළ නිශ්පාධනය කරන අතර කාර්ය්‍යක්ෂමව නිශ්පාදන​ය කල නොහැකි භාණ්ඩ ආනයනය කරනු ලබයි.

1950 දී මහා බ්‍රිතාන්‍ය ඔවුන්ගේ සුප්‍රසිද්ධ ලැන්කෂෙයාර් රෙදි පිළි කර්මන්තය වෙළඳ ආරක්ෂණ මඟින් ආර්ක්ෂා කිරීමට අසාර්ථක උත්සහයක් දරණ ලදි. ඔවුන්ගේ බදු ආරක්ෂන මඟින් සිඳුවූ එකම දෙයනම් රෙදිපිළි කර්මාන්තය බිඳ වැටීම පමා වීම පමණි. ගුණාත්මකභාවයෙන් වැඩි විදේශ රටවල නිශ්පාදිත මිල අඩු රෙදි පිළි පාරිභෝගික ජනතාවගේ ආකර්ෂණය දිනා ගන්නා ලදි. පසුව මහා බ්‍රිතාන්‍ය අනුගමනය කළ ක්‍රම උපාය වූයේ මිළ අධික සුපෝකඛභෝගී රෙදිපිළි සහ රෙදි පිළි නිර්මාණකරණයට යොමු වීමයි. එමඟින් ඔවුන් දේශීය වෙළඳ පොළ මෙන්ම විදේශීය වෙළඳපොළ තුලද ඔවුන්ගේ අණසක පැතිරවීමට සමත්වුනි. කිසිදු බඳු ආරක්ෂණයක්, රැකියා ආරක්ෂණයක් හෝ රාජ්‍ය ආරක්ෂණයක් ඔවුන්ගේ රෙදිපිළි නිර්මාණ කර්මාන්තය සඳහා අවශ්‍ය නොවීය.

දැනටමත් සාර්ථක ලෙස ගෝලීය වෙළඳපොළෙහි තරඟ කරන ශ්‍රී ලාංකීය පාවහන් සඳහා කිසිසේත්ම අහිංසක බදු ගෙවන ජනතාවගෙ මුදලින් වෙළඳ ආර්ක්ෂණ අවශ්‍ය නැත.

පාවහන් සඳහා ආනයනික බඳු අඩු කිරීමෙන් දේශීය පාවහන් කර්මාන්තය තවදුරත් වැඩි දියුණු වන අතර අපගේ කර්මාන්තයේ කාර්යක්ෂමතාව වැඩිවේ. එමෙන්ම නවෝත්පාදන නිශ්පාදන​ අවස්ථා අතිවන අතර දීර්ඝ කාලීන ආර්ථික වාසි රැසක් එමඟින් සැලසේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.