26 April, 2024

Blog

මා වෙනුවෙන් කාන්තා සංවිධාන කරන ආයාචනා නිරර්ථකයි

රෝසි සේනානායක

බොහෝ කාන්තා සංවිධාන ප්‍රධාන සමාජ සමූහ රාශියක් මා නැවතත් පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් පක්‍ෂ නායකත්වය වෙත ආයාචනයක් කිරීම සඳහා හෙට දවසේ (25) එක්රැස්වීමට සූදානමක් ඇති බව දැනගන්නට ලැබී ඇත.

අප පක්‍ෂය ශ්‍රේෂ්ඨ උරුමයක් ඇති විනයගරුක පක්‍ෂයකි. පරාජිත අපේක්‍ෂකයින් ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් කර නොගැනීම අපගේ පක්‍ෂ ප්‍රතිපත්තියයි. ඒ ප්‍රතිපත්තිය රැකීමට අපි සියල්ල බැඳී සිටින්නෙමු.

එහෙයින් එවැනි එක් රැස්වීම් හෝ නිරර්ථක ආයාචනා හෝ සිදු නොකරන ලෙස මම ඉතා කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

rosyමේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ගත හැකි පියවරක් ඇත. ඒ මනාප නැවත ගණන් කරන මෙන් ඉල්ලා සිටීමයි. මම පක්‍ෂ නායකතුමාගේ ද අවසරය ඇතිව ඒ ඉල්ලීම කිරීමට කටයුතු කරන්නෙමි.

එහි ප්‍රතිඵලය අනුව සමහර විටෙක මට නැවත පාර්ලිමේන්තුවට යෑමට අවස්ථාව ලැබෙනු ඇත. සමහර විටෙක නොලැබෙන්නටද පිළිවන. ඒ කුමක් වුව ද, පක්‍ෂය සහ මගේ ආදරණීය ඡන්ද දායකයින් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බව ද, රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන බව ද අවධාරණය කර සිටින්නෙමි.

*හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක නිකුත් කළ නිවේදනය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.