27 April, 2024

Blog

අසමගි නොවීමට එකඟ වීම

රුසිරිපාල තෙන්නකෝන්

සමගිය යනු එක්වීමයි. එක්වීම යනු වෙන්වීමට පාර කපා ගැනීමක් නොවිය යුතුය. එබඳු එක්වීමකට පූට්ටුවීම හෝ ඇලවීම වැනි වදනක් වඩාත් සුදුසුය. ඒකාබද්ධ විපක්ෂය විවිධ දේශපාලන කණ්ඩායම් කීපයකින් සෑදුන එකකි. පුටුව, බුලත්කොලය යටතේ කීප වතාවකදීම මෙම කණ්ඩායම් එක්ව තරඟ වැදී ඇත. ඒවා තාවකාලික සමගවීම් හැටියට ජනතාව අතර පිළිගැනීමක් විය. දැනට රජය හැටියට පවතින්නේ යට දැක්වෙන සංයුතියට අනුව සැකසුණු පාර්ලිමේන්තුවකි.

ඉහතින් රජය හැටියට පෙන්වා දී ඇත්තේ වරින් වර ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් හරහා විපක්ෂයෙන් රජයට එක් වූ මන්ත්‍රීවරු අනුව සැකසුන සංයුතියයි. ආණ්ඩු බලය සඳහා එක්ව සිටින්නේ එ.ජා.ප. ය සහ ශ‍්‍රී ලං.නිප.ප.යයි.

අද තත්ත්වය

අවසාන මැතිවරණයේදී යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ තරඟ වැදුනේ යට දැක්වෙන සියලුම පක්ෂවල එකමුතුවක් ලෙසින්ය.

සමස්ත ලංකා මක්කල් කොන්ග‍්‍රස් (ACMC)

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය (DNM)

ජාතික හෙළ උරුමය (JHU)

මුස්ලිම් – දෙමළ ජාතික සහයෝගිතාව (MTNA)

යහපාලනය සඳහා ජාතික පෙරමුණ (NFGO)

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් (SLMC)

දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානය (TPA)

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ (DPF)

ජාතික කම්කරු සංගමය (NUW)

කඳුරට ජනතා පෙරමුණ (UPE)

එක්සත් වාමාංශික පෙරමුණ (ULF)

එක්සත් ජාතික පක්ෂය (UNP)

මේ දේශපාලන කණ්ඩායම් එකතුව ආසන 93 ක්ද, මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 45.66% ක් වන 5098916 ඡන්ද සංඛ්‍යාවක් ද දිනා ගැනීමට සමත් විය. ජාතික ලැයිස්තුවෙන් ඔවුනට හිමි වූ ආසන 13 ත් සමඟ මුළු ආසන සංඛ්‍යාව 106 ක් විය.
එක්සත් ජනතා නිදහස් සංධානය එම මැතිවරණයේදී තරඟ වැදුනේ යට දැක්වෙන පක්ෂ හා කණ්ඩායම් සමගය.

සිලෝන් වර්කර්ස් කොන්ග‍්‍රස් (CWC)

පුරවැසි පෙරමුණ (CF)

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ (DNF)

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා කොන්ග‍්‍රසය (DPC)

ලිබරල් පක්ෂය (LP)

මහජන එක්සත් පෙරමුණ (MEP)

නැෂනල් කොන්ග‍්‍රස් (NC)

ජාතික නිදහස් පෙරමුණ (NFF)

පිවිතුරු හෙළ උරුමය

සමාජවාදී පෙරමුණ

ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (CP)

ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාම පෙරමුණ (DLF)

ලංකා සමසමාජ පක්ෂය (LSSP)

නැෂනල් ලිබරේෂන් ජනතා පක්ෂය (NLPP)

ශ‍්‍රී ලංකා මහජන පක්ෂය (SLMP)

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP)

තමිල් මක්කල් විදුතලෙයි පුලිකාල්

එක්සත් පුරවැසි පෙරමුණ

මෙම දේශපාලන හා කණ්ඩායම් එකතුව සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 42.38% ක්ද ආසන 83 ක් මුළු ඡන්ද 4,732,664 ක්ද ලබා ගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 12 ක් ද සහිතව සමස්ත ආසන සංඛ්‍යාව වශයෙන් 95ක් ජයග‍්‍රහණය කළේ ය.

දෙමළ ජාතික සන්ධනය (TNA) ආසන 14 ක්ද, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2 ක්ද සහිතව මුළු සංඛ්‍යාව වශයෙන් ආසන 16 ක්ද දිනා ගන්නා ලදි. සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඔවුන් ලැබූ ප‍්‍රතිශතය 4.62% ක් වූ අතර ලැබුන මුළු ඡන්ද සංඛ්‍යාව 515,963 කි.

ජනතා විමුක්ති පෙරමුණ එම මැතිවරණයේ දී ආසන 4 ක් දිනාගත් අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2ක් සමග මුළු ආසන 6ක්ද සමස්ත ඡන්ද 543944 ක්ද ලබා ගත්තේය.

පිල් මාරු

2015 සැප්. 3 – එ.ජ.නි. සන්ධාන මන්ත්‍රීන් 41 ක්ද, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් මන්ත්‍රීවරයාද ජාතික රජයට එක් විය.

2015 සැප්. 9 – එ.ජ.නි. සන්ධාන මන්ත්‍රීන් 3 දෙනෙක් (ඉන්දික බණ්ඩාරනායක, සුමේධා ජයසේන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා) ජාතික රජයට එක් වී නියෝජ්‍ය අමාත්‍යවරු බවට පත් වූහ.

2015 සැප්. 10 – එ.ජ.නි. සන්ධාන මන්ත්‍රීන් දෙදෙනෙක් (අනුරාධ ජයරත්න හා ඞී. මිත‍්‍රපාල) ජාතික රජයට එක් වෙමින් නියෝජ්‍ය ඇමතිවරු බවට පත් වූහ.

2015 ඔක්. 23 – එ.ජ.නි. සන්ධාන මන්ත්‍රී සරත් අමුණුගම ජාතික රජයට එක් වෙමින් කැබිනට් අමාත්‍ය ධුරයට පත් විය.

2016 අපේ‍්‍රල් 6 – එ.ජ.නි. සන්ධානයේ මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න ජාතික රජයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ධුරයකට පත් විය.

2016 ජුනි 30 – ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයට එක් විය.

දැනට ඒකාබද්ධ විපක්ෂය වශයෙන් එක්ව සිටින්නේ ශ‍්‍රීලනිප යේ මහින්ද පාක්ෂිකයින්, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාම පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ හා කණ්ඩායම්වල එකතුවයි.

මෙරව පළාත් පාලන මැතිවරණයට පෙර පක්ෂ අතර නැවතත් කිසියම් ආකාරයක සම්මුතියක් හෝ එකඟතාවයක් පිළිබඳව කථාබහක් රට තුළ මෙන්ම පක්ෂ අතරද ඇති විය. එහෙත් එක් එක් පක්ෂයෙන් කෙරෙන පිල් මාරු වශයෙන් හැරෙන්නට වෙනත් සැලකිය යුතු සන්ධාන ගතවීමක් හෝ එක්වීමක් සිදුවන බවක් පෙනෙන්නට නැත. රටේ ජනතාවගේ පැත්තෙන් මෙම තත්ත්වය දකින්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය.

01. දැනට ජාතික රජයක් වශයෙන් හඳුන්වමින් පවත්වාගෙන යන හවුල ප‍්‍රධාන වශයෙන් එ.ජා.ප. ය සහ ශ‍්‍රී ලං.නි.ප. අතර ඇති කරගත් සම්මුතියක් යටතේ බිහි වූවකි. එය ජාතික රජයක් කෙසේ වෙතත් මොකක් හෝ ආණ්ඩුවක් ගෙනයාම සඳහාම ඇතිකරගත් එක්වීමක් බව ඉතා පැහැදිලිය. කලින් කල වරින් වර විවිධ කාරණා සම්බන්ධයෙන් උද්ගත වන ප‍්‍රතිපත්තිමය විරෝධී තත්ත්වයක් හා මතගැටුම් වලින් පෙනී යන්නේ එම හවුල ප‍්‍රතිපත්තිමය කරුණු මත ගොඩ නැගුණු එකක් නොවන බවය. වමට – දකුණට – යලට – මහට මෙන්ම එළ හරක් – මී හරක් සංයෝගයක ලකුණු එම සන්ධානය තුළ දිගටම පෙන්නුම් කෙරේ. එම හවුලද වසර දෙකක ආණ්ඩු කාලයක් සඳහා ඇතිකරගත් එකකි. එම කාලය පසුගිය අගෝස්තුවෙන් අවසන් වීමෙන් පසුව දැන් ගතවන්නේ නැවතත් හවුල මුට්ටු කරගන්නා තෙක් පවතින සංක‍්‍රාන්ති කාල සීමාවකි. නැවත හවුල අළුත්කර ගැනීමේදී එය පිළිගත් ප‍්‍රතිපත්තිමය රාමුවක් තුළ රජයක් ගෙනයාම සඳහා ඇතිකර ගන්නා එකක් වේද යන්නද සැක සහිතය. මක් නිසාද එබඳු කථිකාවතක් දැනට ආරම්භ වී නොමැති බැවිනි. නියම කරගත් කාල සීමාව අවසන් වීමට දින කීපයකට කලින් කුමන හෝ ආකාරයේ අටවා ගැනීමක් සිදුවීමට වඩා යමක් ජනතාවට අපේක්ෂා කළ හැකිද?

02. රජයක් තනිව පිහිටුවා ගැනීමට ජන වරමක් එකම පක්ෂයකට වත් ලබාදී නොතිබියදී, හිටි අඩියේ ඇතිකරගන්නා සම්මුතීන් යටතේ ආණ්ඩු බලය පවත්වාගෙන යාමට ගිවිසුම් වලට එළඹීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එකඟ ද? එය ජනතා මතයට පිටුපෑමක් නොවන්නේ ද?

03. රජයක් පවත්වාගෙන යාම සඳහා එළඹෙන කිසියම් හෝ සම්මුතියක් හා එයට අදාලව ඔවුනොවුන් පනවා ගන්නා කොන්දේසි ජනතාව හා එම දේශපාලන පක්ෂවල සාමාජිකයින්ද දැනගත යුතු නොවන්නේ ද?

04. රටේ ජනතාව පෙලන ප‍්‍රශ්න සම්බන්ධයෙන් එබඳු රජයක් පවත්වාගෙන යාමේ සම්මුතියකදී ලබා දෙන ප‍්‍රමුඛත්වයන් රටට හෙළිදරව් කළ යුතු නොවන්නේ ද?

05. වෙන වෙනම මැතිවරණ ප‍්‍රකාශන සහ ඡන්ද පොරොන්දු යටතේ තරඟ වැදුන පක්ෂ දෙකක් එකතු වීමේදී එම පොරොන්දු වලින් කීපයක් හෝ යටපත් වීමක් හෝ අතහැර දැමීමක් සිදු වන්නේද? එසේ නම් ඒවා මොනවාද?

06. ප‍්‍රධාන පක්ෂ දෙක වෙන්වීමේ තර්ජනයක්ද නැතුවා නොවන බවට ජනතාව අතරේ කසු කුසුවක් පවතී. සිදුවේගෙන යන ඇතැම් සිද්ධීන් වලට අනුව එය බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇති බවත්, රටේ යහපත පිණිස එය සිදුවිය යුතුව ඇති බවත් බොහෝ දෙනෙක්ම විශ්වාස කරති. නව යහපාලන රාජ්‍ය කාලයේ ආරම්භයේ සිටම සිදු වී ඇති බවට හෙළිදරව් වී තිබෙන මහා පරිමාණ වංචා හා දූෂණ වලට එ.ජා. පක්ෂයට සම්බන්ධ බලධාරීන් සම්බන්ධ වීම රටතුල මහත් ආන්දෝලයක් ඇතිකර තිබේ. ඒවා අතරින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සැලසුම් සහගත ලෙසින් එම දූෂිත කටයුත්ත නිර්මාණය කිරීමේ වගකීමද රටවැසියන් දැනටමත් එ.ජා.පක්ෂයට පවරා අවසානය. කොමිෂන් සභා වලදී සහ පාර්ලිමේන්තු සොයා බැලීමේ කාරක සභා වලදී ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව එ.ජා.ප.ය නියෝජනය කරන රජයේ ඉහලම බලධාරීන් පිළිබඳව බරපතල ලෙසින් සැක උපදවන තත්ත්වයන් මතු වී තිබීම නිසා යහපාලන රජයේ හවුල්කාර ශී‍්‍ර ලං.නි.ප. සාමාජිකයින්ට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුව ඇත. එක්ව තවදුරටත් ඉදිරියට යමින් ජනතාවගෙන් එල්ල වන දැඩි විවේචන හා අපහාස, අපවාද වලට තමනුත් මුහුණ දිය යුතුද යන ප‍්‍රශ්නය ඔවුන් ඉදිරියේ ඇත.

ඒ හැරෙන්නට රටේ ආර්ථිකය සැලසුම් කිරීමේ දී සහ මෙහෙයවීමේ දී අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය පිළිබඳව ද ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂික රාජ්‍ය කොටස්කරුවන්ට බලවත් ගැටළු උද්ගත වී ඇත. රාජ්‍ය දේපොල හා සම්පත් විකිණීම, ලාභදායී ලෙසින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන වල අයිතිය පවා පුද්ගලයින් සතු කිරීම, සමහර රාජ්‍ය ආයතන වල පරිපාලනය දූෂිත ක‍්‍රියාවලින් පිරිහීමට පත් කරමින් ඒවාද විකිණීමට පිඹුරුපත් සැකසීම, ස්ථාවර ආර්ථික පිළිවෙත් වෙනුවට ජාත්‍යන්තර බලපෑමට යටත් පිළියම් යෙදීමේ ක‍්‍රියාවලට යොමුවීම, දූෂිතයන් හා සැක කටයුතු ගණුදෙනුවල නිරත වූ බවට ඔප්පු වූවන් තවදුරටත් නිලතල වල තබා ගනිමින් ඔවුනට රිසි සේ එම අකටයුතුකම් කරගෙන යාමට ඉඩ දීම, බලතල ඉක්මවමින් හා යටපත් කරමින් හා නොතකමින් කටයුතු කිරීම, දූෂිතයන් ලවා ශ‍්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ට අපවාද, අපහාස හා උපහාස කරවීම, කීප වරක් දේශපාලන ලෝකයේ පරාජිතයන් බවට පත්වීමට හේතු වූ ළාමක න්‍යායන් යහපාලන රජය තුළ සිටින අතරතුරදී ද ක‍්‍රියාවට නැංවීමට නැඹුරු වීම නිසා ඒවාට කලින් විරුද්ධ වී තදබල විවේචන පවා එල්ල කළ ශ‍්‍රී.ලං.නි.ප. පාක්ෂිකයන් හෑල්ලූවට ලක්වීම වැනි විවිධ විෂම නොගැලපීම් හා මතභේදකාරී තත්ත්වයන් නිසා දෙපාර්ශවය වෙන්වීම වඩා සුදුසු බවට මතයක්ද රට තුල ගොඩ නැගෙමින් පවතී. සමස්ත ආර්ථික ක‍්‍රියාවලිය පුද්ගලික අංශයට භාර කරමින් ආණ්ඩුව නියාමක ඒජ​න්සියක් පමණක් බවට පත් කිරීමේ නරුම ආර්ථික න්‍යායක් සිය දර්ශනය කරගත් නායකත්වයක් සහිත පක්ෂයක් සමග ශ‍්‍රී.ලං.නි. පක්ෂය වැනි ජනතාවාදී පොදුජන පක්ෂයක් කෙසේ ඉදිරියට යා හැකි ද යන්න අද තිබෙන බලවත් ප‍්‍රශ්නයකි.

බෙදුන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටද නැවත එක්වීමට තිබෙන ඉඩකඩ කීප දෙනෙකුගේ පුද්ගලික න්‍යායපත‍්‍ර හේතුවෙන් මඟහැරී යන බවක්ද පෙනෙන්නට තිබේ. ප‍්‍රධාන පක්ෂය වටා ගොඩ නැගෙන සන්ධානයකට අනුගත වීම වෙනුවට පොදු විපක්ෂය බවට පත්ව ඇති කොටසේ සිටින ‘‘ත‍්‍රිරෝද පක්ෂ’’ තෝරාගත් බල ප‍්‍රදේශ සඳහා තම තමාගේ පක්ෂ මගින් තනිකර අපේක්ෂකයින් ඉදිරිපත් කරවීමට උත්සාහයක් දරා ඇත. මෙය එක්වීමක් සඳහා පිරිසිදු චේතනාවකින් කටයුතු කිරීමක් නොවන බව එක එල්ලේම පෙනීයන කාරණයකි. කාගේ හෝ ප‍්‍රධාන පක්ෂයක එල්ලී කීප දෙනෙක් කිසියම් තැනකට පත්කර ගැනීම වෙනුවට කල්ලි කණ්ඩායම් පිටින් පාලනය භාර ගැනීමට මොවුන් දරණ උත්සාහය පුදුම සහගත එකකි. ප‍්‍රධාන පක්ෂයේ වල්ගය අතහැරුන ගමන් බිමට ඇද වැටෙන බව ප‍්‍රසිද්ධියේ නොකීවද මොවුන් හොඳින්ම දනිති. මෙබඳු අවස්ථාවාදීන් නිසා රටේ ගොඩනැගිය යුතු නියම දේශපාලන බලවේග ඇති වීමට බාධා වීම කණගාටුවට කාරණයකි. ඒකාබද්ධ විපක්ෂය පිටස්තරව සිට මෙහෙයවන තවත් කණ්ඩායමක් ද ඇත. බැසිල්කරණය යනුවෙන් ජනතාව හඳුනාගෙන ඇති මෙම ව්‍යාපාරයද රටටම ශාපයක් වී ඇත. මහින්ද රාජපක්ෂ පාලනයේ දූෂිත ක‍්‍රියාවලට මුළුමනින්ම වගකිව යුතු මෙම කුඩා කණ්ඩායම රටම ප‍්‍රතික්ෂේප කළ දූෂණය, වංචාව, පවුල්වාදය සහ බලකාමී පාලනය නැවත ස්ථාපිත කර ගැනීමේ වෑයමක නිරත වී සිටින පිරිසකි. මොවුන්ගේ වැඩ කටයුතු නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු සැලකිය යුතු පිරිසකට බලවත් ප‍්‍රශ්න සහගත තත්ත්වයක් උදා වී ඇත.

මෙම සංදර්භය තුළ අද රටට ඉතාම තදින් අවශ්‍ය වී ඇති ජනතා හිතවාදී ජාතික රජයක් පිහිටුවා ගැනීමේ කාර්යයට බාධා පැමිණ ඇත. සෙසු සියලූ කාරණා අවශේෂ දෙවෙැනි තැනක ලා රට ගොඩ නැංවීමට කැපවූ පාලනයක් ඉතා ඉක්මනින් බිහිකර ගත යුතුය. එයට පක්ෂය හෝ පාට වැදගත් නොවන බැවින්, වංචා දූෂණ වලට පටලැවුණු කීප දෙනාව රවී කේ ගිය පාරේම යවමින් එජාපයේ ඉතිරිවන හොඳ යැයි පිළිගත හැකි කොටස් ද සමග ශ‍්‍රී.ලං.නි.ප ඒකාබද්ධව ජාතික රජයක් පිහිටුවා ගැනීම ගැන කල්පනා කිරීමට මෙය හොඳ අවස්ථාවකි. මැතිවරණ ගණනාවකදී ම පරාජය අත්කර දුන් නායකයින් වෙනුවට මනා පෞරුෂයක් හා ජනතාව අතර පිළිගැනීමක් සහිත මහ පොළොවේ ගමන් කරන නව නායකත්වයක් බිහිකර ගැනීමට ප‍්‍රධාන පක්ෂ උත්සුක විය යුතුය. එබඳු අවස්ථාවකදී දැනට සිටින ඉවත යන නායකයින් පක්ෂයේ ‘‘දැනමුත්තන්’’ හැටියට පත්කර ගැනීමෙන් ඔවුන්ගේ ද කිසියම් සහයක් දිගටම ලබාගත හැකි වනු ඇත. මෛත‍්‍රීපාල ජනාධිපති යුගය ඒ සඳහා පවතින හොඳම පසුතලය වන්නේ ය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    UNP, SLFP, SLPP දේශපාලකයෝ ඔක්කොම හොරකම්, මැරකම්, ජඩකම්, තක්කඩිකම් වලට සම්බන්ධයි. ආයේ ආවත් කරන්නේ ඒකමයි. මොලේ තියෙනවා නම් සිංහලයෝ මේ වෙසිගේ පුතාලගෙ පක්ෂ තුනෙන් එල්ලන එකෙකුටවත් චන්දෙ දෙන්න එපා. විමල්ගේ පක්ෂෙ – ජාතික නිදහස් පෙරමුණේ මිනිස්සුන්ට චන්දෙ දෙන්න.
    ඒගොල්ලෝ (NFF) හැම තැනටම ඉල්ලන්නේ නැති නිසා, නැති තැන්වල, එක්කෝ ස්වාධීන මිනිස්සුන්ට චන්දෙ දෙන්න, නැත්නම් විමල්ගේ මිනිස්සු නැති තැන්වල “විතරක්” (මම වැඩිය කැමති නැති වුණත්) JVP එකට චන්දෙ දෙන්න.
    ඒකත් බැරිනම් එක්කෝ නෑවිත් ඉන්න නැත්නම්, චන්ද පත්‍රිකාව කුරුටු ගාල ආණ්ඩුවට විරෝධය පෙන්නන්න.
    අලුතින් දේශපාලකයො 8000ස් ගානකට කන්න දෙන්න වියදම් කරන්නේ මහජනතාව. ඒ හින්දා අයිතියක් තියෙනවා මුන්ව ප්‍රතික්ෂේප කරන්න.
    .
    JVP එක තනියම ඉල්ලනවා. විමල්ටත් මම කිව්වේ තනියම හෝ SLFP, SLPP, (UNP never) නොවෙන like-minded මිනිස්සු එක්ක එකතු වෙලා පොඩි සන්ධානයක් හදාගෙන ඉල්ලන්න කියලා. මුරණ්ඩු කෙක්ක. කිව්වට අහන්නේ නැහැ. විමල් ඉල්ලන්නෙ මොකෙන්ද මම දන්නේ නැහැ. විමල්ව පැත්තකට කරලා හොටු පොහොට්ටුව මංකොල්ල කන්න හදන්නේ විමල් ගොඩනගපු ජනපවුර.
    .
    විමල් 2015 පෙබරවාරි 18 ගොඩ නඟපු ජන පවුර, එදා පටන් දිවා රෑ නොබලා දුක් මහන්සි වෙලා, දාඩිය පෙරාගෙන වැඩ කරලා, වේදිකාවල උගුර ලේ රහ වෙනතුරු කෑගහල, ආණ්ඩුවේ සහ රාජපක්ෂලාගේ මර්දන වලට ලක් වෙලා, සිය සැරයක් විතර උසාවිත් ගිහිල්ල, මම දැක්ක මේ දවස් දෙකට තව නඩු දෙකක් එලියට අරන්, තව මාස් ගානක් හිරෙත් දුක් විඳලා, තමන්ගේ ජාතිකවාදී ප්‍රතිපත්ති මොහොතකටවත්, අඩු ගානේ තමන්ගෙ ජීවිතේ වෙනුවෙන්වත් පාවා නොදී, තමන්ගෙ තනි මහන්සියෙන් 2015 ඉඳන් 2017 මේ වෙනතුරු රැකගෙන ආපු ජනපවුර, ඒ දවස් වල පැත්ත පළාතක නොයිඳ පැනල ගිහින් පස්සේ ආපු වෙසිගේ පුතාල වෙන නම් දාල අයිති කරගෙන මදිවට, විමල්ට වට්ටන්න පුළුවන් තරම් බලු වැඩ, මගඩිකම් කරනවා, නඩු හබ දානවා. ගිය පාර රාජපක්ෂලා විමල්ව හිරේ දැම්ම. ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනය පටන් ගත්ත විමල්ව එක එක වෙසිගෙ පුතාලට හිතෙන විදියට වට්ටන්න බැහැ. විමල්ට එහෙම වැටෙන්න දෙන්නෙත් නැහැ. එහෙම බැරි වුනහම ඊළඟට විමල්ගේ ජීවිතේට හානියක් කරන්න හදන්න පුළුවන්. මම විමල්ට ඒ ගැන අනතුරුක් ඇඟේව්ව පරිස්සම් වෙන හැටි කියලා. මුරණ්ඩු කෙක්ක. ඒකවත් අහයිද දන්නේ නැහැ.

    • 0
      0

      Jeez….. my apologies to readers.
      I should have used the word sob not the direct. If I had read again before posting, I would have described the anger in symbols such as #%@X&%@.
      Anyways, this is the common words Rajapaksas have used when they talked about others or sometimes even directly addressing people and Ministers when they were in power. Therefore, they shouldn’t be shy when somebody else used the same words for them.
      .
      මං පාවිච්චි කරල තියෙන නරක වචන දෙකට (විතරක්) සමාව ඉල්ලනවා කියවන කොට අපහසුතාවයක් ඇති වුනානම්. දෙපාරක් කියවන පුරුද්ද හරිම අඩුයි, කම්මැලි නිසා. දෙවෙනි පාර කියැව්වා නම් වෙනස් කරලා ලියයි.
      ඒ වුනාට රාජපක්ෂ clan එකට නම් මේ වචන අමුතු දේවල් නෙමෙයි. මිනිස්සු කියනව ඒගොල්ලෝ බලයේ ඉන්න කාලේ කටේ තිබුනෙම මේ වචන කියලා. මිනිස්සුන්ට ඇමතිවරුන්ට address කරලා තියෙන්නේ මෙහෙම. ඒ හින්දා මේ වචන ඒ ගොල්ලන්ට ගැලපෙනවා. තමන් අනුන් වෙනුවෙන් කියපු වචන අනුන් තමන්ට කියන කොට කොහොමද කියල ඒ ගොල්ලන්ටත් රස දැනෙන්න ඕනේ.

  • 0
    0

    විමල් 2015 පෙබරවාරි 18 ජනපවුරක් ගොඩ නොනඟන්න රාජපක්ෂලා හිරේ යන්නේ 2015 දීමයි. කිසි කෙලෙහිගුණයක් නැති කාලකන්නි. ඒකාබද්ධ විපක්ෂයක් හැදුනෙත් විමල් නිසා. මහා මැතිවරණෙ පැරදුනාම මහින්ද බයේ පැත්තකට වුන. එක දවසයි පාර්ලිමේන්තු ආවේ. මාස ගානක් ආයේ ආවේ නැහැ.ඒ වෙලාවේ UPFA කණ්ඩායමට හයියට හිට්යේ විමල්. විමල් නොහිට්න්න ඔයිට වඩා කඩාගෙන යනවා මෛත්‍රීගේ පැත්තට. මහින්ද ඇවිල්ල කලේ විමල් හදපු ඒකාබද්ධ විපක්ෂෙ බැසිල් එක්ක එකතු වෙලා රනිල්ට පාවා දුන්න එක. විමල් ඒකාබද්ධ විපක්ෂයක් නොහදන්න කවදාවත් හොටු පොහොට්ටුවක් හැදෙන්නේ නැහැ. කෙනෙක් fb එකට විමල් ගැන ලියලා තිබුණු විදියට “ඒකාබද්ධ විපක්ෂය කියන ගහේ මුදුන් මුල වුනේ විමල්. ගහ අතු පතර දාගෙන එනකොට මුදුන් මුල අමතක කළා. අපිට පොහොට්ටු සන්ධාන වැඩක් නැහැ ………..”
    අමතක කළා විතරක් නෙමෙයි දැන් මුදුන් මුල මරන්නත් හදනවා, උන්ගෙ පැලේ හදා ගන්න. (I added last part.)
    .
    කිසි පැහැදිලි හේතුවක් නැතුව ගයන්ත වගේ මිනිහෙකුත් විමල් ගැන කතා කළා කියන්නේ, SLPP, SLFP, UNP තුනම එකතු වෙලා විමල්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කරල තියෙනව කියන එක.
    .
    විමල් නිසා තමයි රට මුන්ට බෙදන්න බැරි වෙලා තියෙන්නේ, 2015 ඉඳන් විමල් රණවිරුවන්ව යුධ අධිකරණ ගෙනියන එකට විරුද්ධව කතා කරනවා. අනිත්‍ හැමෝම කතා කලේ විමල්ට පස්සේ. රටට විරුද්ධ හැම පනතක්ම රටට එලි කලේ විමල්. රනිල් බැඳුම්කර වලින් මහ බැංකුව මංකොල්ල කාපු හැටි ගැන සාමාන්‍ය මිනිස්සුන්ට කියලා දුන්නේ විමල්. හාමුදුරුවරු වෙනුවෙන් කතා කළා . ෆෙඩරල් ව්‍යවස්ථාවට ඇත්තටම විරුද්ධ වුනේ විමල් විතරයි. විමල්ගේ හයිය තමයි මුළු රටටම තිබ්බේ. තියෙන්නේ. දැන් කම්බ හොර පට්ට වෙසිගෙ පුතාල හිතනවා රට වෙනුවෙන් ඉන්න විමල් තමයි උන්ට ඉන්න ලොකුම හතුරා කියල. එකපාරට විමල්ට විරුද්ධව විතරක් නඩු එලියට එනවා. සල්ලි තනතුරු වීසි කරලා විමල්ගේ පක්ෂේ කඩනවා. තොපි ඔක්කොම විඳවනවා දවසක විමල්ට කරන හතුරුකම් වලට.

  • 0
    1

    UNP, SLFP, SLPP ඔක්කොම වෙනම හිටියට රට කන්නේ එකට. ලජ්ජා නැතුව තව එනවනේ මිනිස්සු ඉස්සරහට චන්දෙ ඉල්ලගෙන. හොරු හොරුන්ව ආරක්ෂා කරනවා
    .
    කිසි පැහැදිලි හේතුවක් නැතුව ගයන්ත වගේ මිනිහෙකුත් විමල් ගැන කතා කළා කියන්නේ, SLPP, SLFP, UNP තුනම එකතු වෙලා විමල්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කරල තියෙනව කියන එක.
    .
    විමල්ට නිසා තමයි රට මුන්ට බෙදන්න බැරි වෙලා තියෙන්නේ, 2015 ඉඳන් විමල් රණවිරුවන්ව යුධ අධිකරණ ගෙනියන එකට විරුද්ධව කතා කරනවා. අනිත්‍ හැමෝම කතා කලේ විමල්ට පස්සේ. රටට විරුද්ධ හැම පනතක්ම රටට එලි කලේ විමල්. රනිල් බැඳුම්කර වලින් මහ බැංකුව මංකොල්ල කාපු හැටි ගැන සාමාන්‍ය මිනිස්සුන්ට කියලා දුන්නේ විමල්. ෆෙඩරල් ව්‍යවස්ථාවට ඇත්තටම විරුද්ධ වුනේ විමල් විතරයි. විමල්ගේ හයිය තමයි මුළු රටටම තිබ්බේ. දැන් කම්බ හොර පට්ට වෙසිගෙ පුතාල හිතනවා රට වෙනුවෙන් ඉන්න විමල් තමයි උන්ට ඉන්න ලොකුම හතුරා කියල. එකපාරට විමල්ට විරුද්ධව විතරක් නඩු එලියට එනවා. සල්ලි තනතුරු වීසි කරලා විමල්ගේ පක්ෂේ කඩනවා. තොපි ඔක්කොම විඳවනවා දවසක විමල්ට කරන හතුරුකම් වලට.

  • 1
    1

    This article is very disappointing to read becuase it is written by a former MANAGer of a SL’s leading bank (I think I am correct). There are so many political parties means, Sri lanka is politically unstable. Political dissent is not something new. None of the leaders has been able to unite that dissent either by changing their policies I have seen that happens in the west. Political parties move their direction either to left or right etc., to accommodate the dissension. In Sri lanka, they buy politicians with money or minister posts. Because of that so much threatening every five years. Politicians say, if I were removed come with a new three wheeler party or I join the opposing party. That is political bankruptcy.
    Secondly you say take back well known corrupt politicians. As a manager (if you were) how are you going to make your institution successful by keeping incompetent cheaters who do not have any desire to work for the organization). Why there is no party-constitutional approach to develop new blood except it is my family, or my relatives etc.,
    CHAMPA: WIMAL is a proven CHEATER and a THIEF. He had been caught only with respect to a very little of what he did.
    Simply Sri lanka need a complete restructuring. If you know GOSL, without doing any major projects, is bankrupt. YOu should have written about why they increased the debt with the modification of the Appropriation Act. Ranil said he is getting 1,1 billion but he got less than 300 billion. world bank said pay the debt with the money you are getting now because you do not major debt payments right now. IMF said, put what you are getting into a foreign money reserve. Ranil is doing exactly what IMF said. Who would save money when you are in debt ? YOu put money into reserve menas you import more.
    givt some Moral strength to MY3 to do some thing useful and not to apppoint former cheaters and gevalayas.

    • 0
      0

      Jims
      “give some moral strength to MY3 to do something useful and not to appoint former cheaters and gevalayas.”
      He is already on the way to do that. If he wants to go the political dustbin why should I care?

  • 0
    0

    Mr. Tennekon: Now everybody knows that Arjun Aloesius was working for the Central Bank even during the Mahinda Rajapakse govt, and even at that time cheating was continuing. I think, Bank managers at that time, bank governors at that time knew their employees and colleagues very well. You know what I mean. So, they support the continued destruction

  • 0
    1

    ඒකාබද්ධ විපක්ෂේ රටට ආදරෙයිලු. එතැන විමලුයි ජාතික නිදහස් පෙරමුණයි විතරයි රට වෙනුවෙන් ඇත්තටම පෙනී හිටියෙ. මහින්ද කවදාවත් UNP එකේ රට බෙදන, රටේ සම්පත් විකුනන පනත් වලට විරුද්ධව චන්දෙ දීලා නැහැ. රනිල්ගේ ව්‍යවස්ථාදායක සභාවේ ඉඳගෙන ෆෙඩරල් ව්‍යවස්ථාවටයි කෙටුම්පතටයි තල්ලුවක් දුන්න දෙමල මුස්ලිම් චන්ද බලාගෙන. විමල් නැත්නම් ඒකත් 2/3න් සම්මත කරගන්න ඉඩ දෙනව. හම්බන්තොට වරාය දීලම දැම්ම. ඒවාට වචනයක් කතා නොකර දැන් කියනවා එගොල්ලොලු රටට ආදරේ. අනිත් උන් රට පාවලා දෙනවලු. හොටු පොහොට්ටුවේ බැසිල් උතුරට ගිහින් කිව්වා රණවිරුවෝ යුධ අපරාධ කළා කියලා. ඊට පස්සේ දැන් උතුරට අපේක්ෂකයෝ දාලා, කොටි. හමුදාව පාවා දෙන ඕන සිංහලයෙක්ට උන් කැමතියි. උතුරට ගිහින් හමුදාව පාවා දීපු රාජපක්ෂලා දකුණට ඇවිල්ල කියනවා රටට ආදරේ තමන්ලු.. ඒකාබද්ධ විපක්ෂේ (විමල් අර) අවුරුදු දෙකක්ම කලේ රනිල්ගේ රට පාවා දීමට හවුල් වුනු එක. රනිල්ට රට පාවලා දෙන්න පුළුවන් වුනේ ඊට ඉස්සෙල්ල ඒකාබද්ධ විපක්ෂේ 2015 අගෝස්තු දීපු ජන වරම පාවලා දීපු නිසා (විමල් ඇර). මේ දක්වා රනිල් කරපු එක අලුගුත්තේරු වැඩක් නැවැත්තුවේ නැහැ රනිල් එක්ක deal එකක් දාල නිසා. දැන් තව tune එකක් ගහනව. දැන්ම ආණ්ඩුව පෙරලන්නේ නැහැලු. මේ චන්දෙ එහෙම එකක් නෙමේලු. එහෙම නම් මිනිස්සු කොහොමටවත් ඒකාබද්ධෙටයි හොටු පොහොට්ටුවටයි චන්දෙ දීල වැඩක් නැහැ. ආණ්ඩුවටයි ශ්‍රී ලංකා එකටයි චන්දෙ දීල වැඩකුත් නැහැ. විමල්ටයි විමල්ගේ පක්ෂේ මිනිස්සුන්ට විතරයි හරියට මිනිස්සු ඉස්සරහට ගිහින් චන්දෙ ඉල්ලන්න පුළුවන්.

    .

  • 0
    0

    CHAMPA: Wimal is one who hid behind Nationalism was cheating the public. Bond Scam Ranil was corrupt, so he is using WIMAL to his advantage. FCI”D did not expose much about wimal Weerawansha. Besides, who killed that boy. He became rich hiding behinds Natonalism. Do, promote him. Instead promote a smaller parliament with hard working and honest individuals who are not cheating the public.
    rusirupala Has proven that he was not a good manager and he did a very poor job as the chairman of the BOC. Otherwise,how he can write an article, a experienced manager of a bank.

    • 0
      0

      Jim Softy
      Stop writing crap man. I don’t understand why do people so envy of WW. Putting him down and hurling unsubstantiated accusations don’t take you anywhere. I told you before too, go to the nearest police station and submit your evidence. End of the story.
      I am not writing anything nationalism as your comment proves that you know nothing about it.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.