25 June, 2021

Blog

බැඳුම්කර කොමිසන් වාර්තාව එළිදක්වා ඇත​;​ කළ යුත්තේ කුමක් ද​?

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාල අක්‍ර​මිකතා සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන තත්ත්වය විභාග කොට වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍ර​සිද්ධියට පත්වී තිබේ. ජාතික වැදගත්කමක් සහිත කාරණයක් වශයෙන් මුළු රටේම අවධානය මෙම වාර්තාව වෙත යොමු වී පවතී.

රාජ්‍ය හා ස්ථාපිත ආයතනවලටද ශ්‍රී ලංකා මහ බැංකුවටද සිදු වී ඇති බරපතල අලාභය නිසාත්, මූල්‍ය ක්ෂේත‍්‍රයේ මහා දෙදරීමක් ඇති කිරීමට හේතු වූ කාරණයක් නිසාත්, රජයේ සහ මහ බැංකුවේ ඉහල බලධාරීන්ගේ මෙහෙයවීම්, මැදිහත්වීම් සහ නොසැලකිලිමත්කම් හේතුවෙන් සිදුව ඇති අක‍්‍රමිකතාවයක් නිසාත්, මෙම කාරණය පිළිබඳව දක්වන සැලකිල්ල බොහෝ දුරකට වැඩි වී ඇත. ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව මගින් විමර්ශන අවස්ථාවේදී ඉදිරිපත් වූ සාක්ෂි සටහන්ද, පුද්ගලයින් විසින් ලබා දෙන ලද ප‍්‍රකාශනද සාක්ෂි වශයෙන් සැලකිල්ලට ගන්නා ලද වෙනත් ලිපි ලේඛන පිටපත්ද ඉදිරිපත් කර ඇති අතර කාරක සම්පිණ්ඩන වාර්තාවක්ද කොමිසමේ නිර්දේශද එයට ඇතුලත් කර ඇත. එම සම්පිණ්ඩනයේ සහ නිර්දේශ වල ජනතා අවධානය යොමු විය යුතු වැදගත් කාරණා කීපයක් මෙහි ඇතුලත් වේ.

*ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්‍ය​ පටිපාටිය, මූල්‍ය පනතේ ප‍්‍රතිපාදන, මහ බැංකු මූල්‍ය මණ්ඩලය සහ අධිපති පත්කිරීම යන කාරණා සමාලෝචනයකට භාජනය කරමින් අවශ්‍ය සංශෝධන කළ යුතු බවත්, ඒ යටතේ ස්කන්ධ හා සුරැුකුම් ආඥ පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් පනත සංශෝධනය, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාකාරකම් පිළිබඳව ක‍්‍රමවේද හා පිළිවෙත් හඳුන්වා දීම. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පාලනය වන සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ද එපරිද්දෙන්ම අවශ්‍ය සංශෝධන හා නව පිළිවෙත් හඳුන්වා දීම.

*2015 ට පෙරද සෘජු බැඳුම්කර නිකුත් කිරීමේ ක‍්‍රියා පිළිවෙත යටතේ කිසියම් ප‍්‍රමාණයකට හෝ අක‍්‍රමිකතා සිදුව තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහා 2008 – 2014 කාල පරිච්ඡේදය​ ආවරණය වන පරිදි වෝහාරික පරික්ෂණයක් පැවැත්වීම.
2015 පෙබරවාරි 27 වෙනි දින පවත්වන ලද ප‍්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ මැදිහත්වීම් නිසා එක එල්ලේම ඇති වූ ප‍්‍රතිවිපාකයක් ලෙසින් ශ‍්‍රී ලංකා රජයට පහසුවෙන් මඟ හැරීමට ඉඩ තිබුණ රු. 688,762,100/- ක අලාභයක් සිදුවී ඇති බව කොමිසම නිගමනය කර ඇති අතර, එම අලාභයට අර්ජුන මහේන්ද්‍රන් මහතා වගකීමෙන් බැඳෙන බවත් නිගමනය කර ඇත. එනිසා පාඩුව අයකර ගැනීමට මහේන්ද්‍රන් මහතාට එරෙහිව නියමිත නීති ක‍්‍රියමාර්ග ගත යුතු බවත් නිර්දේශ වී ඇත.

*පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමට අඩුමිලකට හා ඉහල ඵලදායිතා අනුපාතයකට විශාල වටිනාකමකින් යුත් බැඳුම්කර ප‍්‍රමාණයක් ලබා ගැනීමට ඉඩ සැලසෙන ආකාරයට අර්ජුන මහේන්ද්‍රන් මහතා අවිධිමත් ලෙසින්ද, අසද්භාවයෙන්ද, සාවද්‍ය ලෙසින්ද කටයුතු කරමින් එම සමාගමට සුවිශේෂ වාසි සලස්වා දීම සඳහා සංවේදී අභ්‍යන්තර තොරතුරු ලබා දෙමින් කුමන්ත‍්‍රණකාරීව කටයුතු කර තිබෙන බව.

*මෙම අයථා කටයුතු සම්බන්ධයෙන් ස්කන්ධ හා සුරැුකුම් ආඥ පනතේ අදාල වගන්ති යටතේ පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමෙන් එම අලාභය වන රු.688,762,100/- ක් ආපසු අයකර ගැනීමට නීතිමය පියවර ගත යුතු බව.

*ඊට අමතරව සංවේදී තොරතුරු මගින් අයුතු ලාභ ඉපැයීම සම්බන්ධයෙන් පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමට මහේස්ත‍්‍රාත් අධිකරණයක නඩුවක් පැවරීමට නීතිපතිවරයා විසින් කටයුතු කළ යුතු බවත්, දණ්ඩනයක් වශයෙන් උපයාගෙන ඇති ලාභය වන රු. 688,762,100/- ක මුදල් මෙන් දෙගුණයක් හෝ අධිකරණය සුදුසු යැයි තීරණය කරනු ලබන ප‍්‍රමාණයක් ඔවුන්ගෙන් අයකර ගත යුතු යයිද නිර්දේශ කර ඇත.

*ඉහතින් දක්වා ඇති නිගමනයන් පරිදි මහේන්ද්‍රන් මහතාගේ ක‍්‍රියා කලාපය අල්ලස් පනතේ වගන්ති අංක 70 යටතට ගැනෙන දූෂණ ක‍්‍රියාවක් වශයෙන් අදාල බලධාරීන් විසින් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව.

*සංවේදී තොරතුරු ලබා ගැනීම මගින් පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගම 2016 මාර්තු 29 වන දින බැඳුම්කර නිකුතුවේදී අයුතු ලෙස උපයාගෙන ඇති ලාභය වොහාරික පරික්ෂණයක් මගින් සනාථ කර ගැනීමටත්, ඒ අනුව ස්කන්ධ හා සුරැුකුම් ආඥ පනතේ වගන්ති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයක නඩු පැවරීමට කටයුතු කළ යුතු බවටත් අර්ජුන ඇලෝසියස් හා කසුන් පලිසේන යන අයවළුන් ද එම සාවද්‍ය ක‍්‍රියාවට සම්බන්ධ වන්නේ දැයි තහවුරු කරගෙන ඔවුනට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසට නීතිපති වරයාට නිර්දේශ කර ඇත.

*අභ්‍යන්තර සංවේදී තොරතුරු හා වෙළඳ පොළ හැසිරවීම් මගින් සේවක අර්ථ සාධක අරමුදලට සහ රාජ්‍ය ආයතනවලට බැඳුම්කර විකිණීමෙන් පර්පෙචුවෙල් ටෙ‍්‍රසරීස් සමාගම උපයාගෙන ඇති ලාභය රු. 8,529,964,495.61 ක් බව කොමිසම නිගමනය කර ඇත. මේ අනුව නීතිපති වරයා සුරැුකුම් ආඥ පනතේ 56(A)1 වගන්තිය යටතේ නඩු පැවරීමට පියවර ගත යුතු බවටත්, මහෙස්ත‍්‍රාත්වරයෙකු විසින් පවත්වන නඩු විභාගයකදී වැරදිකරුවන් බවට පත්කළහොත් පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගම මෙම මුදල මෙන් දෙගුණයක හෝ නියම කරනු ලබන වෙනත් දඩ මුදලකට යටත් කළ යුතු බවත් නිර්දේශ කරයි. ඒ යටතේම අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන දෙපොලට එරෙහිවද නීතිපති වරයා විසින් සුදුසු නීති පියවර ගතයුතු බව කොමිසම නිර්දේශ කරයි. මොවුන් දෙදෙනාට එරෙහිව අල්ලස් හා දූෂණ චෝදනා යටතේද නඩු පැවරීම පිළිබඳව සොයා බලන ලෙසට අල්ලස් කොමිසම නිර්දේශ කෙරේ.

*කලින් ඔවුන් විසින් ලබා දුන් ප‍්‍රකාශයන් අනුව, අර්ජුන මහේන්ද්‍රන් සහ කසුන් පලිසේන කොමිසම ඉදිරියේ ලබාදුන් සාක්ෂි සත්‍යයෙන් තොර බවට පෙන්වා දී ඇති බැවින් මේ දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 179 හා 188 වන වගන්ති යටතේද 1948 අංක 17 දරණ කොමිසන් සභා පරීක්ෂණ පණත යටතේද නඩු පැවරීම.

*පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ සහෝදර සමාගමක් වන වෝල්ට් සහ රෝ සමාගම වෙතින් කල්බදු කුලිය වශයෙන් සැලකිය යුතු වාසියක් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් සිය පවුල සමග වාසය කළ මහල් නිවාසය සඳහා ලබාගෙන ඇති බැවින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මගින් ඔහුට එරෙහිව අල්ලස් පණත යටතේ නඩු පැවරීමට කටයුතු කළ යුතු බව.

*පා.ම. රවී කරුණානායක විසින් කොමිසම ඉදිරියේ සාක්ෂි දීමේදී ලබා දී ඇති සාවද්‍ය තොරතුරු පදනම් කරගෙන දණ්ඩ නීති සංග‍්‍රහයේ 179 සහ 188 වන වගන්ති යටතේ ඔශුට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බව.

පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගම සිය දුරකථන වාර්තා සාවද්‍ය ලෙසත් වංචනික ලෙසත් මකා දැමීම සම්බන්ධයෙන් හා එමගින් සාක්ෂි යටපත් කිරීමට දරා ඇති උත්සාහයන්ද පදනම් කරගෙන අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අයට එරෙහිව එල්ල කරන ලද සාපරාධී චෝදනා යටතේ දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 175, 189, 193, 198 සහ 201 යන වගන්ති අනුව නඩු පැවරීමට නීතිපතිවරයා විසින් කටයුතු කළ යුතු බව. ඒ යටතේම නුවන් සල්ගාදු සහ සචින් දේවතන්ත‍්‍රී යන අයට එරෙහිවද නීති ක‍්‍රියා මාර්ග ගත යුතු බව, අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පලිසේන මහතාට එරෙහිවද දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පැවරිය යුතු බව.

ඉහතින් දක්වා ඇති නීති ක‍්‍රියාමාර්ග සලකා බලනතුරු පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ සහ එහි හිමිකරුවන් වූ අර්ජුන ඇලෝසියස්, ගොප‍්‍රි ඇලෝසියස්, කසුන් පලිසේන යන අයගේ සියලූම බැංකු ගිණුම්වල පවතින මුදල්ද ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම්වල පවත්නා ශේෂයන්ද ජාතික සංවර්ධන බැංකුවේ කොටස් මුදල්ද එහි ලාභාංශ වශයෙන් හිමිකම ඇති රු. 641,556,000/- ක වටිනාකමද ඇතුළු වත්කම් සියල්ල පැවරිය නොහැකි ආකාරයට බැඳ තබා තහනම් කිරීමට පියවර ගත යුතු යයිද කොමිසම නිර්දේශ කර ඇත.

රටටත්, ජාතියටත් යට කියන ලද අවිධිමත් ක‍්‍රියා මගින් සිදුකර ඇති සම්පූර්ණ අලාභයන් ආපසු අයකර ගැනීම සඳහා පාර්ලිමේන්තුව මගින් බලය පැවරෙන නීති සකස් කිරීම පිළිබඳව සලකා බැලිය යුතු බව නිර්දේශ කරයි.

විධායක සම්පිණ්ඩන වාර්තාවේ මෙසේ සඳහන් වේ:

01. මහේන්ද්‍රන් මහතා 2015 පෙබරවාරි 27 බැඳුම්කර නිකුතුවේදී දැනුවත්වම අවිධිමත් සහ සාවද්‍ය ලෙසින් රාජ්‍ය ණය දෙපාර්තමේනත්ුවේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට මැදිහත් වී ඇති බවත් රු. බිලියන 10.058 ක් වටිනා බැඳුම්කර මිලදී ගැනීමට ටෙන්ඩර් මණ්ඩලය පෙළෙඹවීමට කටයුතුකර ඇති බව.

02. රජයේ අතිරේක මුදල් අවශ්‍යතාවය පියවා ගැනීම සඳහා රු. බිලියන 10 ක් සොයාගත යුතු බවට අසත්‍ය ලෙසින් ප‍්‍රකාශයක් කර ඇති බව.

03. ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය අධිපති සමරසිරි මහතාගේ ක‍්‍රියා කලාපය බරපතල නොසැලකිලිමත් හා ඔහුගේ රාජකාරි වගකීම් උල්ලංඝනය වන්නක් බව.

04. බිලියන 1 ක් ඉල්ලා තිබියදී අභ්‍යන්තර සංවේදී තොරතුරු පර්පෙචුවල් ටෙ‍්‍රසරිස් සමාගමට ලබා දෙමින් බිලියන 10.058 ක් වටිනා බැඳුම්කර භාර ගැනීමට උපදෙස් දීමෙන් එම සමාගමට අඩු මිලකට සහ වැඩි ඵලදායිතා අනුපාතයකට බැඳුම්කර වැඩි ප‍්‍රමාණයක් ලබා ගැනීමට ඉඩ සැලැස්වීමෙන් මහේන්ද්‍රන් මහතා සාවද්‍ය ලෙසින්ද, අවිධිමත් ලෙසින්ද, අසද්භාවයෙන්ද, වචනික ලෙසින්ද, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට නොගැළපෙන ආකාරයේ රාජකාරි උල්ලංඝනයක යෙදී ඇති බව කොමිසම තීරණය කර ඇත. පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගම සමග වංක සහයෝගයෙන් කටයුතු කර ඇති බවද නිගමනය කර තිබේ.

05. 2015 පෙබරවාරි 27 වන දින බැඳුම්කර නිකුතුවේදී සෘජු බැඳුම්කර නිකුත් කිරීමේ පිළිවෙත මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව නතර කිරීමට උපදෙස් දීමෙන් අවිධිමත් ලෙසින් සිය වගකීම් ඉක්මවමින් සහ එ්කපාක්ෂික ලෙසින් කටයුතු කර ඇති බව.

06. සෘජු බැඳුම්කර නිකුතුව වහාම නතර කිරීමට උපදෙස් ලබා දීමෙන් මහේන්ද්‍රන් මහතා රජයටත් මහ බැංකුවටත් වඩා ලාභදායි ලෙසින් ණය ලබා ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට තිබූ අවස්ථා අහිමිකර ඇති බව.

07. මෙම තත්ත්වයන් යටතේ හදිසි උපදෙස් දෙමින් මහේන්ද්‍රන් මහතා ගෙන ඇති පියවර මගින් නිවැරදිව ගණන් බලා නිම කළ නොහැකි තරමේ අවාසිදායක තත්ත්වයක් රජයටත් මහ බැංකුවටත් උදාකර දී ඇති බව.

08. මහේන්ද්‍රන් සහ සමරසිරි දෙපොල කරුණු වසන් කරමින්ද වැරදි වාර්තා ඉදිරිපත් කරමින්ද සිතා මතාම අග‍්‍රාමාත්‍යවරයා නොමග යැවීමට අසද්භාවයෙන් කටයුතු කර ඇති බව.

09. මහේන්ද්‍රන් සහ සමරසිරි දෙපොල විසින් ලබාදෙන විස්තර මත පමණක් විශ්වාසය නොතබමින්, ස්වාධීන තොරතුරු විමසීමකින් පසුව අගමැතිවරයා ප‍්‍රකාශයක් නිකුත් කළේ නම් එය වඩාත් ප‍්‍රඥගෝචර විය හැකිව තිබුණු බව.

10. අර්ජුන මහේන්ද්‍රන් මහතාට එ්කපාක්ෂික ලෙසින් කටයුතු කරමින් වහාම සෘජු බැඳුම්කර නිකුත් කිරීම නතර කළ යුතු බවට අගමැතිවරයා විසින් උපදෙස් දුන් බවට සාක්ෂියක් නැති බව.

11. 2015 පෙබරවාරි මස 27 වන දින බැඳුම්කර නිකුතුව හේතුවෙන් වෙළඳපොලටත්, මහ බැංකුවේ රාජ්‍ය නය දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයටත් විශාල හානියක් සිදුවී ඇති බව සහ එය ප‍්‍රමාණාත්මකව සඳහන් කළ නොහැකි බව.

12. පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමත් අර්ජුන මහේන්ද්‍රන් මහතාත් වෙන් වශයෙන් වගකීමට බැඳෙන බවට නිගමනය කර ඇති පාඩුව වන රු. 688,762,100/- ක මුදල ඒ දෙදෙනාගෙන්ම ආපසු අයකර ගත යුතු බව.

13. 2016 මාර්තු 29 සහ 31 වැනි දින වලදී පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් ගන්නා ලද රාජකාරි තීරණ හේතුවෙන් පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමට ඉතා ඉහල ඵලදායිතා අනුපාතයකට බැඳුම්කර ලබා ගැනීමට ඉඩ සලස්වා දී ඇති බව.

14. 2016 මාර්තු 29 වන දින බැඳුම්කර නිකුතුවේදී සේවක අර්ථ සාධක අරමුදලට ඉතා අඩු වටිනාකමකට ඉල්ලූම් කිරීමට සැලැස්වීම මගින් පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමට ඉතා අධික ඵලදායිතා අනුපාතයකට බැඳුම්කර ලබා ගැනීමට ඉඩ සලස්වා ඇති බව විශ්වාස කිරීමට පදනමක් ඇති බව.

15. සබඳතා පිළිබඳ ගැටුමක් නොපවතින බවට අර්ජුන මහේන්ද්‍රන් දැක්වූ කරුණු මත පමණක් විශ්වාසය තබා ගනිමින් අගමැතිවරයා කටයුතු කර ඇති බව. අගමැතිවරයා එසේ කටයුතු කිරීම පිළිබඳව කොමිසම සිය සංවේගය සනිටුහන් කර ඇත.

16. පිටිපන කොමිටි වාර්තාව ලැබීමෙන් පසුව අගමැතිවරයා පියවරක් නොගත්තේ එම කාරණය ඒ වන විට පාර්ලිමේන්තුවේ විභාගයට භාජනය වී පැවති නිසා බව අගමැතිවරයා සඳහන් කර ඇති බව.

ඉහතින් දැක්වෙන නිර්දේශ හා නිරීක්ෂණ අනුව

*නීතිපතිවරයා විසින් සාපරාධී ක‍්‍රියා සම්බන්ධයෙන් නීති පියවර ගැනීම ආරම්භ කළ යුතුව ඇත.

*අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ඒ යටතට වැටෙන අල්ලස් හා දූෂණ ක‍්‍රියා වශයෙන් හඳුනාගත් ක‍්‍රියා සම්බන්ධයෙන් පියවර ගත යුතුව ඇත.

*අවිධිමත් කටයුතු පිළිබඳව හෙළිදරව් වීමෙන් පසුව ඇමති මණ්ඩලයෙන් ඉල්ලා අස්වූ රවී කරුණානාරයක මහතා විසින් ඔහුගේ බලතල යටතේ නිර්දේශ කරමින් රාජ්‍ය සංස්ථා සහ දෙපාර්තමේන්තු වලට පත්කරන ලද සියලූම දේශපාලන පත්වීම් වහාම අවලංගු කළ යුතුය. ඔහු විසින් රාජ්‍ය බැංකුවල සභාපති තනතුරු වලට පත්කළ අයද වහාම ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගත යුතුය.

*වංචනික කටයුතු සිදුවූ අවධියේදී ශ‍්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ සියලු දෙනාම ඉවත් කොට නව මුල්‍ය මණ්ඩලයක් පත්කළ යුතුය.

*අයථා ලෙසින් උපයාගත් මුදල්ද, වංචනික ගණුදෙණුවලට සම්බන්ධ වූ සියලූම සමාගම්වල අයථා ලාභ උපයා ගැනීම්ද ආපසු අයකර ගැනීම සඳහා බල ගැන්විය හැකි නීති හා අණපනත් කෙටුම්පත් කරවා අනුමත කිරීම පාර්ලිමේන්තුව විසින් වහාම ආරම්භ කළ යුතුය.

*මෙම සියලු කටයුතු සිදුවී ඇත්තේ වර්තමාන අගමැතිවරයා ශ‍්‍රී ලංකා මහ බැංකුව භාර අමාත්‍යවරයා හැටියට ඔහු විසින් විශේෂ නිර්දේශයකින් පත්කර ගත් අර්ජුන මහේන්ද්‍රන් අධිපතිවරයාට ලබා දුන් අවිධිමත් නියෝගයක් නිසා බව පැහැදිලිව ඔප්පු වී ඇත. එනිසා ඉදිරි පරීක්ෂණ කටයුතු බාධාවකින් තොරව සිදුවීම සඳහා

a) වහාම බල පැවැත්වෙන පරිදි ශ‍්‍රී ලංකා මහ බැංකුව ආපසු මුදල් අමාත්‍යංශය යටතට ගැණෙන විෂයයක් ලෙසට මාරු කළ යුතුය

b) අගමැතිවරයා සිය අමාත්‍ය ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතුය.

අගමැතිවරයා ජාතිය අමතා කරන ද විශේෂ ප‍්‍රකාශය මගින් වහා ක‍්‍රියාත්මක කළ යුතු ඉහතින් දැක්වෙන පියවර පිළිබඳව කිසිම සෘජු සඳහනක් නොකර පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගම වෙනුවෙන් මහ බැංකුවේ රඳවාගෙන ඇති බිලියන 12 ක මුදලක් ගැන පමණක් සඳහන් කිරීම පුදුම සහගතය. කොමිසම නිර්දේශ කර තිබෙන ආකාරයට අයකර ගත යුතු මුදල හා දණ්ඩනය ඊට වඩා බෙහෙවින් වැඩිය.

උදා : අයුතු ලාභය (රාජ්‍ය ආයතනවලට සිදුකළ පාඩුව) හැටියට රු. 8,529,964,495.61 × 2 = රු. 17,059,928,991.22

දණ්ඩනයද සහිතව 2015.02.27 වන දින අවිධිමත් බැඳුම්කර නිකුතුව නිසා ඇති වූ ක්ෂණික පාඩුව රු. 688,762,100.00 × 2 = රු. 1,377,524,200.00

මේ අනුව පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමෙන් පමණක් අය විය යුතු අවම මුදල  = බිලියන 18.437 කි.

මේ හැරෙන්නට අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන්ද රු. මිලියන 688,762,100.00 ක් අයකර ගැනීමට නිර්දේශ වී ඇත.

වොහාරික පරීක්ෂණයකදී හෙළිදරව් වන වෙනත් අයථා ලාභ මුදල්ද, අර්ථසාධක වැනි රාජ්‍ය අරමුදල්වලට සිදුකරන ලද පාඩුවද අනුව අති විශාල මුදල් සම්භාරයක් දූෂිතයන්ගෙන් අයකරගත යුතු වේ.

කොමිෂන් සභාවේ විෂය නිර්දේශය සඳහා වූ කාල පරිච්ඡේදය 2015.02.01 සිට 2016 මාර්තු 31 සීමා වී ඇත. එසේ වුවද 2016 ජුනි මාසය දක්වා අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිපති වශයෙන්ද සමරසිරි මහතා නියෝජ්‍ය අධිපති හා මහ බැංකු ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති වශයෙන්ද රාජකාරි සිදුකර ඇත.

මේ දෙදෙනාම අක‍්‍රමික ලෙසත් අවිධිමත් ලෙසත් සිය බලතල වලට හා වගකීම්වලට නොගැළපෙන ලෙසින් කටයුතු කළ බව කොමිෂන් සභා වාර්තාවේ දක්වා ඇත. එනිසා මාර්තු 31 වැනිදා සිට අර්ජුන මහේන්ද්‍රන් රාජකාරිවලින් ඉවත්වූ දිනය දක්වා කාලයද වහාම සියුම් පරීක්ෂණයකට භාජනය විය යුතුව ඇත. විශේෂයෙන් ඒ කාලය තුලදී නිකුත් කරන ද බැඳුම්කර පිළිබඳව ද සොයා බැලීමක් සිදුවිය යුතුය.

මේ සියලූ කාරණා අනුව ඇතැම් විට අවසාන ගණන් බැලීමේදී අයවිය යුතු මුදල් ප‍්‍රමාණය ඉතා අධික විය හැකිය. එනිසා එම මුදල් රජයට ආපසු ගෙවීම පිළිබඳව විත්තිකරුවන්ට තීරණය කිරීමට ඉඩ දීම, දැනටමත් රජය භාරයේ තිබෙන මුදල් අයකර ගැනීම ගැන කථාකිරීමට වඩා වැදගත් වනු ඇත. ඒවා අගමැතිවරයා සඳහන් නොකළද තවදුරටත් මහ බැංකුව භාරයේ රඳවා ගැනීමට ප‍්‍රමාණවත් බලතල මහ බැංකුව සතුව පවතින බව එතුමාට පෙන්වා දෙමු.

‘‘දී කිරට බළලූන් සාක්ෂි දීම’’ එතරම් වැදගත් නොවන්නේය.

කොමිෂන් සභාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම ජනාධිපති බලතල යටතේ පත්කරන විශේෂ මණ්ඩලයක අධීක්ෂණය යටතේ පමණක් සිදුවිය යුත්තකි. එයට විෂයයනට සම්බන්ධව සිටි දේශපාලකයින්ද මැති ඇමතිවරුන්ද සම්බන්ධ කර ගැනීම උචිත ක‍්‍රියාවක් නොවන්නේය.

වෙබ් අඩවියක සියලු විස්තර දැන් අඩංගුව තිබෙන නිසා ඒවා කියවා තේරුම් ගැනීමට හැකියාව තිබෙන, ජාත්‍යන්තර ප‍්‍රජාවට නිවැරදි දත්ත හා තොරතුරු ලබා ගැනීමට දැන් අපහසුවක් නැත. එම වාර්තාව බලන ලෙසට ශ‍්‍රී ලාංකීය සාධාරණ සමාජ බලවේග වෙනුවෙන් සියලුම රටවල රාජ්‍ය නායකයින්ටද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුළු සියලු ආයතනවලට දැන්වීමට ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇත.

සීඝ‍්‍රයෙන් බිඳ වැටෙමින් පවතින පුද්ගල ප‍්‍රතිරූප ආරක්ෂා කර ගැනීම සඳහා මාරාන්තික වෑයමක යෙදෙමින්, ජාතිය ඇමතීම් වෙනුවට වරද කළවුන්ට දඬුවම් පැමිණවීම සහ තම තමාගේ වගකීම භාර ගැනීම ලෝක ප‍්‍රජාවගේ ගෞරවයට හේතුවනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Arjun Mahendren said ask Ranil. Ranil says it is all Arjun Mahendran. Do you think, Letting Arjun Mahdneran leave from the airport is just negligence. IT is all dishonesty. Ranil is fighting for his political life.
    See RAvi Karunanayake is not arrested instead he was given a copy to do hiw own home work.
    the trade mark of Sri lankan political establishment is NO SELF RESPECT and they do not know that word. See how Namal Rajapakse sold his building. Udayangan weeratunga could nto do that. What happened to Basil Rajapaksse’s building.
    both the POHOTTUWA and UNP don’t know what self respect is.
    that is why UNP MPs are also angry with President. Everyone is a thief why only the new MPs are sacrificed.
    Amazing law enforcement of Sri lanka. AG was there to listen to investigation. AG needs more time to study it. What a corrupt establishment.
    Sri lankan LAw books looks useless.

  • 0
    0

    IT had Been chamal Rajapakse, speaker of the previous govt that had asked for a COPE investigation. Ranil wickramsinge had changed the Speaker and had to appoint another COPE committee and they were given extra rewards which is car permits. why those are neglected. In a decent govt, these all are corruptions. IT looks PReisdent is also supporting and is a part of the cheating game of public.
    Politically, President has said that both the UNP and SLPP are thieves.

  • 0
    0

    Ranil Says, that PTL’s money Rs 12 billion is with the govt. How can he say that when that money is govt money which is ill gotten by PTL. PTL’s net worth was bout Rs 300 million before that. Why these wrong calculations. It looks even the settlement PTL will have a good capital accumulation to continue their business. Will be there any fines and any investigations without the influence of the Prime minister and the influence of Other officials (PArathasarahi) to find what really lost by the people. It looks even now Ranil is out of Track. Either he doe snot know what he isdoing if not he is a major thief who is trying to escape with the loot.

  • 0
    0

    What is the situation with present Bank governor. Did he become a Sri lankan citizen and did he give oath to work only for the country and not for something else.
    I always think Ranil is a Psychopath and is mentally abnormal. Otherwise, why he he this unique ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.