19 April, 2024

Blog

දින​ සියයේ ජංජාලය

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

‘”පොදු අපේක්ෂකයෙක් යොදාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරියට ආ මාදුළුවාවේ සෝභිත හිමියන් එ් පොදු අපේක්ෂකයාට මහ බැංකුව කඩන්න යයි කීවේ නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී 30 දා පැවසීය…’’

මේ මැයි 31 වැනිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ප‍්‍රධාන ප‍්‍රවෘත්ති වාර්තාවේ ඇතුළත් වූ කොටසකි.

ජනාධිපතිවරයා ප‍්‍රමාද වී හෝ දේශපාලන කරලිය පිටුපසින් ක‍්‍රියාත්මක වූ අතිශයින් වැදගත් තොරතුරු රැුසක් අති පූජ්‍ය සෝභිත හිමිපාණන්ගේ 76 වන ජන්ම දින උත්සවයේ දී හෙළිදරව් කිරීම වැදගත් කාරණයකි.

අප රටේ බොහොමයක් ජනතා ව්‍යාපාරවලට අයත්වන ඉරණම සෝභිත හිමිපාණන්ගේ සිහිනයක් ලෙසින් ගොඩ නැඟුන ‘‘සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයට’’ ද අත් වී තිබේ.

විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශිෂ්‍ය සංගමය

සිංහල බල මණ්ඩලය

මව්බිම සුරැුකීමේ ජාතික ව්‍යාපාරය

ජාතික සංඝ සභාව

අමද්‍යප මහසභාව හා අමද්‍යප තරුණ සංවිධානය

වීරපදනම වැනි පොදු ව්‍යාපාර හරහා සමාජ සාධාරණය, සමානාත්මතාවය, දේශපාලන නිදහස, දේශීයත්වය පෙරදැරි කරගත් ආර්ථික සංවර්ධනය තුළින් නිවහල් ජාතියක් ගොඩ නැංවීම මුල් කරගෙන ක‍්‍රමයෙන් සමාජ ගත වූ දැක්මක් උන්වහන්සේගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයට පදනම් විය. පසු කාලීනව එම ව්‍යාපාරයට එක් වූ විවිධ පුද්ගල චරිත හා සංවිධානවල නියම ස්වරූපය උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව එළි දකිමින් පවතින ආකාරය අද අපට පෙනෙන්නට පටන් ගෙන ඇත. එදා ආහාරය රසවත් කර ගැනීමට ව්‍යංජනයට යොදා ගත් රම්පේ, කරපිංචා, ගොරකා සහ සේර අද තනි තනි ව්‍යංජන බවට පත්වීමට දරණ වෑයම හාස්‍යජනක ලෙසින් සමාජයට දැනෙන්නට පටන් ගෙන ඇත. මුදල් බලය දේශපාලන බලය යටපත් කරගෙන සමාජ ක‍්‍රියාකාරීන් හැටියට පෙනී සිටින අය ග‍්‍රහණයට නතුකර ගැනීම සිදුවෙමින් පවතින කාලයක අවසන් ගුණ සමරු උත්සවයේ දී ද ඉස්මතු වූයේ එම හාස්‍යජනක මෙන්ම පිළිකුල් සහගත

තත්වයේ තවත් අදියරකි. ජනාධිපතිවරයා නිර්දය ලෙසින් අදාල කරුණු කීපයක් හෙළිදරව් කිරීමට අවස්ථාව කරගත්තේ මෙවන් පසුබිමක් බවද පැහැදිලි ය.

සෝභිත හිමිපාණන් ජීවිත පරිත්‍යාගයෙන් රටේ අනාගතය පිළිබඳව සිතමින් යුග පෙරළියකට ආරම්භයක් ලබා දුන්නේ පෞද්ගලික අභිලාෂයන්ගෙන් තොරවය. එහෙත් එම තවලමට එක් වූ සියල්ලෝ ම එසේ නොවූහ. බොහෝ දෙනෙකුට එය පුද්ගලික න්‍යායපත‍්‍ර මාර්ග සිතියම් හරහා සිය අරමුණුවලට ලඟා වීමේ ක‍්‍රමවේදයක් විය. එනිසා සාධාරණ සමාජය හරහා කදමළු පුරවා ගැනීම්ද එමට සිදුවෙමින් පවතී. යන්නේ කොහේද නොදන්නා පිරිසක් ද එම තවලමේ යති. කීප දෙනෙක් පැහැදිලිවම යහපාලන ආණ්ඩුවේ ගඳ සුවඳ දෙකම සමාන ලෙසින් සතුටින් විඳ දරාගෙන සිටින බවද රහසක් නොවන්නේ ය. විවිධාකාර ගුඞ්ඩයන්, අමනයන් හා අවස්ථාවාදීන් ද සාධාරණ සමාජ තවලමට එක් වී සිටින බවද සත්‍යයකි. එදා එම ව්‍යාපාරය හරහා ජනාධිපති සිහින සැබෑකර ගැනීමට ද කීප දෙනෙක් ම වලිකෑ බවද ඇත්තකි.

රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කරවීමට දැරූ උත්සාහය වලක්වා ගත හැකි වූයේ සෝභිත හිමියන් එයට තරයේම විරුද්ධ වූ නිසාය. පසුව සියලූ දෙනාටම එකඟ විය හැකි අපේක්ෂකයෙකු සොයා බැලීමට සිදු විය. නිර්දේශිත විවිධ නම් අතරේ එකම පිළිගැනීම වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා එයට එකම සුදුස්සා බවය. ඕනෑ කෙනෙක් එම තරඟයෙන් ජයග‍්‍රහණය කරවා ගැනීමට තිබුණ බවට දැන් දැන් ඇතැම් අය නන් ෙදාඩවන නමුත් එ්වා අරුත් සුන් බහුබූත ස්ත‍්‍රී වාක්‍ය පමණක් බව තේරුම් ගැනීම අපහසු නොවන්නේය.

කෙසේ වුවද විචක්ෂණශීලී ලෙසින් ආපසු හැරී බැලීමේ දී පැහැදිලිවම පෙනීයන කාරණයක් වන්නේ සද් චේතනාවෙන් හා පරිත්‍යාගශීලී ලෙසින් එයට ඉදිරිපත් වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවංක භාවයත්, යහපත් ආකල්පයත් ඉක්මවා යන ආකාරයේ විෂම සැලසුම් රාශියක් පැවතී ඇති බවයි. හදිසියේම ඡුන්ද සටනට යොමුකර ගත් අපේකෂකයාට එම සැලසුම් වලට දායක වීමට කාල වේලාවක් තිබුණේද යන්න සැක සහිතය.
දින 100යේ විජ්ජාව…

ආවර්ජනාත්මක අවලෝඛනයකදී 2015 ජනවාරි 08 ජයග‍්‍රහණය පිටුපස එදා රටට පැහැදිලි නොවූ අද්භූත සංසිද්ධීන් ගණනාවක් ම තිබී ඇති බව ඉතා හොඳින් පෙනී යයි.

කරුණු කීපයක් පමණක් අරමුණු කරගත් ඊනියා ව්‍යවස්ථා සංශෝධනයක්

ඊළඟ මහ මැතිවරණය පැරණි මනාප ක‍්‍රමයටම පැවැත්වීමේ කුමන්ත‍්‍රණකාරී සැලැස්මක්

එම මැතිවරණ ජයග‍්‍රහණය අරමුණු කරගත් අය වැයක්

ආර්ථිකයේ මර්මස්ථාන එක්සත් ජාතික පක්ෂය සතුකර ගැනීමේ වැඩපිළිවෙලක්

අවිධිමත් හා විෂම ක‍්‍රියා රැුසකට ඉඩ සැලසෙන ආකාරයට අමාත්‍ය විෂයයන් බෙදා ගැනීමක්

කල් වේලා ඇතිව සැලසුම් කරගෙන තිබුණ දූෂිත කටයුතුවලට (මහ බැංකු කොල්ලය වැනි) ගැළපෙන තෝරාගත් අසම්මත පත් කිරීම්.

ඇතුළු සැලසුම් සහගත වැඩ පිළිවෙලක් එම යුග පෙරළිය පිටුපසින් පැවති බව කිසිවෙකුටත් ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. මේවා කොයි තරම් සියුම් හා තීක්ෂණ ලෙසින් ගැටගසා තිබුණේදැයි පැහැදිලි වන්නේ පසු කාලීනව සිදු වූ සිද්ධීන් හා හෙළිදරව් වීම් වලින් පසුවය.

රටේ ජනතාව ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට ඡුන්දය පාවිච්චි කළේ එවකට රටේ බල පැවැත්වූ ව්‍යවස්ථාව හා ඡුන්ද නීතිය යටතේ ය. වසර 06 ක ධුර කාලයක් සඳහා ජනතාව සිය පරමාධිපත්‍ය බලය වූ ඡුන්ද බලය පාවිච්චි කළහ. එසේ වුවද අතිශයින් සුක්ෂම ලෙස දින 100 යේ 19 වන ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍යය වසර 5 කට අපූරු ලෙසින් අඩුකර තිබෙන බව පෙනී ගියේ යහපාලනයට වසර දෙක හමාරක් ගතවීමෙන් පසුවය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයක්ද නොමැතිව ජනතා පරමාධිපත්‍ය අභිබවා ගොස් ඇත. හය වසරකට ජනතා ඡුන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා පස් අවුරුද්දකින් නිල කාලය අවසන් වන කෙනෙක් බවට පත්කර ඇත. අදාල වගන්ති කොයිතරම් සුක්ෂමද පහසුවෙන් නිර්වචනය කර ගැනීමට අපහසු තත්ත්වයක තිබේදැයි යන්න පැහැදිලි වන්නේ සිය ධුර කාලය පිළිබදව ව්‍යවස්ථාව කියවා බැලීමෙන් පමණක් තීරණයක් ගැනීම ජනාධිපතිවරයාට ද අපහසු කරවමින් එ් සඳහා ශේ්‍්‍රෂ්ඨාධිකරණ නිගමනයක් ලබා ගත යුතු තත්ත්වයකට පත්වීම තුළින්ය.

ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරුන් පත්කළ හැක්කේ අගමැතිගේ උපදෙස් අනුව පමණකි. අමාත්‍යංශවලට අයත් විෂය නිර්දේශය ජනාධිපතිවරයා සතු බලතලයක් බවට සඳහන් වී ඇත.

48 (1) වගන්තිය ඉංග‍්‍රීසි හා සිංහල වගන්ති එකිනෙකට වෙනස් ආකාරයට සඳහන් ව තිබීම නිසා ව්‍යාකූලත්වයක් පැන නැඟී ඇත.

ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් හා සංයුතිය කවර අවස්ථාවකදී හෝ වෙනස් කළ හැකිය.

49 (1) අ සහ ආ යටතේ ඇති අන්තර්කාලීන විධිවිධාන මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සීමාකර ඇත. මෙය කළ හැකිව තිබෙන්නේ ජනමත විචාරණයකින් පමණකි. එසේ වුවද මෙම අන්තරකාලීන විධිවිධාන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත්ව තිබීම ජනතා පරමාධිපත්‍යය ඉක්මවා යාමක් ද යන්න සොයා බැලිය යුතුය.

පැරණි ඡන්ද ක‍්‍රමය අහෝසි කිරීම පූජ්‍ය සෝභිත හිමි පාණන්ගේ මූලික අපේක්ෂාවක් විය. දූෂිත මනාප ක‍්‍රමය වෙනුවට තමන්ව නියෝජනය කිරීමට බුද්ධිමත් නියෝජිතයෙක් තෝරා ගැනීමට ඉඩ සැලසෙන මැතිවරණ ක‍්‍රමයක් නීතිගත කරවා ගැනීමට නොහැකි වීම නිසා උන්වහන්සේ ප‍්‍රබල ලෙසින් අපහසුතාවයට පත්ව සිටි බව කෙළින්ම එම කාරණය සම්බන්ධයෙන් උන්වහන්සේ සමග කථාබහ කළ අයට පෙනීගිය කාරණයකි. ¥ෂිතයන්, නුදුසුස්සන් පාර්ලිමේන්තුවට පත්වීම වැලැක්වීමට සෝභිත හිමිපාණන් තුළ පැවති අපේක්ෂාව සිඳී ගියේ එ් අයුරින්ය. අපවත් වන විට උන්වහන්සේ බලවත් ලෙස කලකිරීමට පත්ව සිටි බව රහසක් නොවන්නේ ය. මේ කාරණා අතරතුරදී සාධාරණ සමාජ තවලම නිහඬය.

එහි වන්දිභට්ටයන් සාධාරණ සමාජයේ පිහිටෙන් විවිධ තැන්වල බවුතීස්ම ලබා සිටි බැවින්, හොඳ මැතිවරණ ක‍්‍රමයක් ඇතිකර නොගැනීම ඔවුන්ගේ කලකිරීමකට හේතුවක් නොවීය.

මන්ත‍්‍රී ආසන 47 ක් පමණක් තිබුණ එ.ජා.ප.යට අගමැතිකම සහ අතිශයින් වැදගත් කැබිනට් අමාත්‍ය ධුර සියල්ලමත් ලබා ගැනීමට මාර්ගය සලස්වාගෙන තිබුණි. හදිසි ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමටත්, පාර්ලිමේන්තු මැතිවරණය පරණ ක‍්‍රමයටම පැවැත්වීමටත් අරමුණු කර තිබිණ. ජනාධිපතිවරයාගේ බලතල හා ධුර කාලය සීමා කිරීමටත් සැලසුම් තිබී ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ වසර ගණනාවක් තිස්සේ පැති ක‍්‍රමවේදය මහ බැංකු මුදල් මණ්ඩලයටද පිටින් වෙනස්කර, සිය බෑණාගේ සමාගමට අනිසි හා අවිධිමත් ලෙසින් ලාභයක් උපයාදීමට බැංකු අධිපති වශයෙන් මාමා කෙනෙක් විදේශ රටකින් ගෙන්වා පත් කිරීමේ සැලසුමක් ද තිබී ඇත. බෑණාගේ සමාගම උපයා ගන්නා අනිසි ලාභය තෝරාගත් මන්ත‍්‍රීවරුන් හා හිතුවතුන් අතරේ බෙදා ගැනීමේ සැලැස්මක් ද තිබී ඇත. අක‍්‍රමවත් හා වංචනික පියවර අනුගමනය කරමින් දෙවන හා තුන්වන වරටත් බැඳුම්කර මගින් වංචනික ලෙසින් විශාල මුදල් සම්භාරයක් උපයා ගැනීමට සැලසුම් තිබී ඇත. ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව හා මහජන බැංකුවල අරමුදල් බැඳුම්කර මිලදී ගැනීම සඳහා යෙදවීම අනිසි ලෙසින් අමාත්‍ය බලපෑම් හරහා වැලැක්වීමේ සැලසුම් ද තිබී ඇත. පරීක්ෂණ සඳහා තෝරාගත් දේශපාලන හිතවතුන් පත්කරමින් නොමඟ යැවෙන සුළු තීරණ ක‍්‍රියාත්මක කිරීමට කුමන්ත‍්‍රණ තිබී ඇත. පාර්ලිමේන්තු ජදචැ කාරක සභා මගින් තොරතුරු නිරාවරණය කර ගැනීමට අවහිර බාධා පැමිණවීමටත්, වාර්තා නිකුත් කිරීමට එරෙහිව උසාවි නියෝග ලබා ගැනීමට උත්සාහ දැරීමටත් සැලසුම් තිබී ඇත.

දින 100 රජය සිය නිල කාලය සැලසුම් කරගෙන තිබුණේ මෙම ප‍්‍රමුඛතාවයන් සඳහා ය. සේවක අර්ථසාධක අරමුදල රාජ්‍ය බැංකු යනාදියේ උපරිම සහාය හා දායකත්වය වංචනික අරමුණු දෙසට යොමු වී පැවතුනි.

සෝභිත හිමි පාණන්ගේ 76 වන ජන්ම දින සැමරුම් උත්සවයේදී ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් ජනාධිපතිවරයා අතින් සිදුවූයේ මෙබඳු පසුබිමක් තුළය. ජනාධිපතිතුමා සඳහන් කළ විවිධ කාරණා අතරේ ඉතා බරපතල කාරණයක් වූයේ රාජ්‍ය බැංකුවල ක‍්‍රියාකාරීත්වය පෞද්ගලික අංශයේ බැංකුවලට පවරා දීම සඳහා කැබිනට් පත‍්‍රිකා ඉදිරිපත් කිරීමක් පිළිබඳ තොරතුරයි.

ප‍්‍රශ්නයක් ව පවතින්නේ එම කැබිනට් පත‍්‍රිකා ඉදිරිපත් වූ වකවානුව පිළිබඳවය. එය සිදුවන්නට ගියේ දින 100යේ රජයේ කාලයෙදීනම් සිදුවී ඇති අනෙකුත් කුමන්ත‍්‍රණකාරී සහ අවිධිමත් කටයුතුවලට අනුව රාජ්‍ය බැංකු දියකර හැරීමත් එම වැඩ පිළිවලටම අයත් වූ කොටසක් හැටියට සැක කිරීමට අපට සිදු වේ. රාජ්‍ය බැංකු දිය කිරීමේ උත්සාහයන් දැරූ මීට කලින් අවස්ථාවක් පිළිබඳව අපගේ සිහියට නැගේ. 1990 දශකයේ දී ජාත්‍යන්තර විගණක සමාගම් දෙකක වාර්තා පදනම් කර ගනිමින් ලංකා බැංකුවත් මහජන බැංකුවත් බංකොලොත් භාවයට පත්ව තිබෙන බව එවකට බලයේ සිටි එ.ජා. පක්ෂ රජය නිල වශයෙන් ප‍්‍රකාශ කළේය. එනිසාම එම බැංකු දෙක පුද්ගලික අංශයට පැවරීමේ කුමන්ත‍්‍රණයක් එ් අවස්ථාවේදී දියත් විය. එසේ වුවද උද්ගත වූ විරෝධතා මධ්‍යයේ එම යෝජනාව හකුලා ගැනීමට එ.ජා. පයට සිදු විය. එදා එම යෝජනාව පිටුපස ඉතා ප‍්‍රබල චරිතයක්ව සිටියේ වත්මන් අගමැති වරයාමය. මෙවර ජනාධිපතිවරයා විසින් ඉඩ නොදීම නිසා ඉවත්කර ගන්නා ලද කැබිනට් පත‍්‍රිකාද යටපත් වූ එම උත්සාහය යළි පණ ගැන්වීමේ අරමුණින් ඉදිරිපත් කළ වැඩපිළිවෙලක් විය හැකිය. මෙය අතිශයින් භයානක කාරණයකි. එ.ජා.ප.ය වරෙක ජනතාව ප‍්‍රතික්ෂේප කළ දේ නැවත හොර පාරෙන් ගෙන එ්මට උත්සාහ දැරීම කිසිසේත්ම යහපාලන පියවරක් විය නොහැකිය. එසේනම් ජනතාව නොමඟ යැවෙන සුළු ව්‍යාජ නාම පුවරුවකට මුවා වී ජනයා ප‍්‍රතික්ෂේප කළ දේ වංචනික ලෙසින් ක‍්‍රියාවට නංවා ගැනීමට කිසියම් හෝ පිරිසක් වලි කන්නේද යන්න පිළිබඳව ජනතාව විමසිලිමත්ව සිටිය යුතුය. ප‍්‍රතිවිරෝධතා රාශියක් මැද එක්ව ආණ්ඩුවක රැුඳී සිටීම ප‍්‍රධාන පක්ෂ දෙකටම අද මුහුණ දීමට සිදුවී ඇති බරපතල ප‍්‍රශ්නයක් වී තිබේ.
සෙක්කුවෙන් ඉවත් විය යුතු කාලය පැමිණ ඇත. ඉදිරි කෙටි කාලය දැඩි පරිශ‍්‍රමයක් යටතේ සංවිධානාත්මක සැලසුමකට යටත් වූ යුගයක් කරගත යුතුය. දැනට ස්ථාපිතව පවතින සමාජ කණ්ඩායම් හා ස්ථරයන් පදනම් කරගත් සංවිධාන වැඩ පිළිවෙලක් තිබිය යුතුය. එය හුදෙක්ම දේශපාලන බලය සඳහාම වුවක් නොවිය යුතු අතර, රටේ අනාගතය හා පොදුජන යහපත සඳහා වූවක් විය යුතුය.

රාජ්‍ය ආයතන සූරා කමින් එහි සාරය බලවතුන්ට ද ලබා දෙමින් විවිධ පත්වීම් ලබා දූෂිත කටයුතුවල නිර්දය ලෙස යෙදී සිටින වුන් ඉක්මනින් වෙනස් කොට පලවා හැරිය යුතුය. ගත වූ දූෂිත යුගයේ තානාන්තරවල වැජඹෙමින්, අධ්‍යක්ෂ ධුර දරමින් සිටි දැනටත් එවැනිම තනතුරු දරන වෙස් වලාගත් ද්‍රෝහීන් තෝරා බෙර්රා ගෙන විශ‍්‍රාම ගැන්විය යුතුය. නූල් අදිමින් නැටවිය හැකි පඹයන් වැදගත් ස්ථානවලට පත් කරමින් තම පුද්ගලික අභිලාෂයන් ඉටුකර ගැනීමේ යෙදී සිටින යහපාලන බාහිර බලවතුන් හා බලවතියන්ගේ බලපෑම් නතර කළ යුතුය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් සඳහා අගමැතිවරයෙකු නම් කරමින්, දුෂ්ට හා අමන, අසම්මත කටයුතුවල යෙදෙන චරිත වල බලපෑම හේතුවෙන් කලකිරී සිටින වෙනත් පක්ෂවල කොටස් එම රාජ්‍ය පාලනයට වැද්ද ගැනීමට කටයුතු කළ යුතුය. එබඳු පැහැදිලි හා ධෛය ර්‍්‍ය සම්පන්න පියවරක් අද ඉතා තදින්ම අවශ්‍ය වී ඇත. රට ප‍්‍රපාතයට වැටීම සහ නපුංසක ලෙසින් අගතියට යාමෙන් වලක්වා ගත හැක්කේ එබඳු සෘජු නිර්භීත පියවරක් මගින් පමණක් ය යන හැඟීම රට වැසියන් තුළ තදින්ම පවතී.

පැරණි දූෂණයට හා බලතල අවභාවිතයට ඉඩක් නැති දැනට අරඹා ඇති අතිශයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා මානව හිතවාදී පාලනය වංචනිකයන්ගෙන් බේරාගෙන ඉදිරියටම ගෙන යාමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති. චරිත ඝාතන, මඩ ව්‍යාපාර හරහා එතුමා දුර්වල කිරීමට සුළු කොටසක් ගෙනයමින් සිටින ව්‍යාපාර වලින් තවමත් ජනතාව නොමඟ ගොස් නැති බව අවධාරණය කළ යුතු වන්නේ ය.

හොඳ ආරම්භයක් දිය යුතුය. එය අභියෝගාත්මක ආරම්භයක් ද වනු ඇත. දැනටමත් ගොඩනැගී ඇති යහපත් ජාත්‍යන්තර ප‍්‍රතිරූපයද, වංචා හෙළිදරව්වීම තුළින් ජනතාව තුළ ගොඩනැගී පවතින අප‍්‍රසාදයද, සුදුසු අය පිටු දකිමින් අසම්මතයන්ට තැන ලබාදීම නිසා එ.ජා.ප. ය තුළ ගොඩ නැගී ඇති කලකීමද, රටේ අනාගතය ගැන බලවත් ලෙස අවධානය යොමු කරමින් සිටින ප‍්‍රබුද්ධ කණ්ඩායම් වල ප‍්‍රගමනයද මෙම වෙනස ඇතිකර ගැනීම සඳහා ඵලදායි පසුබිමක් වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    rd Bhikkus view is lately he comes to temples with the MAl Wattiya and give promises but nothing happened. BHikkus say “ANE Puthe Kiwwata kaari neha. Mage name ehema liyanda epa”.

  • 0
    0

    Mr.Tennekon: I heard Bank managers know that 3 out of 3 (3/3) share money is from Bond scam because world markets are bankrupt.

  • 0
    0

    Mr. Tennekon: When the 100 day program was brought, Maithripala Srisiena was the president. The UPFA govt and UNP opposition were out going politicians. Why did Maithripala Sirisena did not stop it over looked the program to see what is happening there. HE had been already selected. Then why di dhe dissolve the incumbant govt without letting COPE committee submit their report. Now the most important thing is IF Maithripala sirisena is hoenst why he Send PCOLI report to the archive instead of releasign to the public. IT was released to the parliament. But, no one wants to talk about as every one is in it. I heard Even Geetha Kumarasinghe, Sarath Amunagama, Nimal Siripala names and UNP says almost the whole parliament got money one time or the other.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.