20 April, 2024

Blog

මඩකලපු (මැයි දින) පණිවිඩය

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

දේශපාලන පක්ෂ විවිධ හේතු කාරණා ඉදිරිපත් කරමින් මැයි දින රැුළියද රටේ නොයෙකුත් ප‍්‍රදේශ කේන්ද්‍ර කරගෙන පැවැත්වීම අරඹා ඇත. පෙරදී කොළඹට සහ සංවිධානය වූ කම්කරු පන්තිවලට පමණක් සීමා වූ මැයි දින සැමරුම් දේශපාලන පක්ෂ අනුග‍්‍රහයෙන් සමාජයේ අසංවිධානාත්මක වැඩ කරන පන්තිය වෙතට ද දැන් දිගු වී ඇත. විවිධ අරමුණු හා දැකුම් දෙසට යොමු වී කණ්ඩායම්වාදී ස්වරූපයකට නැඹුරු වෙමින් පවත්වාගෙන යනු ලබන රටේ වෘත්තීය සංගම් ව්‍යාපාරයෙන් ඔබ්බට යමින් ශ‍්‍රමයෙන් ජීවත්වන සාමාන්‍ය ජනතාව අතරට ද කම්කරු පන්ති විඥනය ගෙන යාම හොඳ දෙයකි. මැයි දින සැමරුම් දේශපාලන පාට පක්ෂ යටතේ වුවද ඈත එපිට ජනතාව දෙසට ගෙන යාම තුළ පවතින යහපත් පැත්ත එසේ අපි දකිමු.

මෙවර එ.ජා.ප. ය සිය මැයි දිනය පෙළපාලි වලින් තොර ගෘහස්ථ රැුස්වීමක් ලෙසින් පැවැත් විය. එයට හේතු ගණනාවක්ම විය. ප‍්‍රාදේශිකව විසිරී සිටින සිය පාක්ෂිකයින් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වය පෙර පරිදි ප‍්‍රදර්ශනය කිරීමේ නොහැකියාවක් පවතින බව පක්ෂ නායකත්වය පිළිගැනීම එක් හේතුවකි. පක්ෂය තුළ පවතින කාටත් රහසක් නොවන නායකත්ව අර්බුදය දෙවන කාරණය බවද පැහැදිලිය. විවිධ උප්පරවැට්ටි මඟින් තාවකාලිකව යටත් කරගෙන සිටියද එ.ජා.ප. අර්බුදය ප‍්‍රබල ලෙසින් මෝරා ගොස් තිබෙන බව නොරහසකි. එනිසා සීමිත ආකාරයෙන් ගෘහස්ථ ක‍්‍රියාකාරකමක් හැටියට එම මැයි දින සැමරුව පරිවර්ථනය විය.

ජනතා විමුක්ති පෙරමුණ සුපුරුදු ලෙසින් සිය සංතෘප්ත වූ සාමාජික සංඛ්‍යාව සමග නගරයේ පවත්වන මැයි දිනය මෙවර ද ඉහළින්ම පැවැත් විය.

පොහොට්ටු කණ්ඩායමද දකුණු පළාත්බදව වැඩියෙන් පවතින ජන පදනම මුල්කර ගනිමින් ගාල්ල නගරයේ සාර්ථක රැුළියක් පැවැත් වූ බව වාර්තා වී ඇත. එය රජය පෙරලා දැමීම සහ රාජ්‍ය බලය නැවතත් ඉක්මනින් ලබා ගැනීම දෙසට යොමුව පවතින ක‍්‍රියාවලියක තවත් එක් පියවරක් බවද තහවුරු විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එයට අනුබද්ධිත එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ගොනු වී සිටින සෙසු පක්ෂවල පිරිස් ද මෙවර නැගෙනහිර පළාතේ මඩකලපුවට ආසන්න ස්ථානයක දී සිය මැයි දින සැමරුම පවත්වන ලදි. එය ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පැවැත්වුනි.

මඩකලපුව රටේ ඉතා දුර බැහැර කෙළවරක පිහිටි තැනකි. යුද්ධයෙන් පසුව මහා මාර්ග ප‍්‍රතිසංස්කරණය ඇතුළුව විවිධ පොදු යටිතල පහසුකම් රැුසක්ම නැගෙනහිර පළාත ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක විය. පාසිකුඩා සංචාරක පුරවරය සම්බන්ධ සංවර්ධනය හරහා ප‍්‍රදේශයේ බොහෝ දෙනෙකුට රැුකියා අවස්ථා බිහි විය. නැගෙනහිර විශ්වවිද්‍යාලය පිහිටුවීම සහ ප‍්‍රධාන මහා මාර්ගයේ විශාල පාලම් කීපයක් ඉදිවීමද සිදුව ඇත. සංචාරක ව්‍යාපාරය තුළින් එරාවුර් චෙන්කලාඩි සහ මඩකලපුව යන නාගරික ප‍්‍රදේශ දියුණුවට පත් වී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ දී නැගෙනහිර පළාතේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්ද 233,000 ක් සහ 66% ක ප‍්‍රතිශතයක් ලැබුණු. එය අති විශාල බහුතරයක්විය. මෙම ඡන්ද සංඛ්‍යාව ලැබුණේ කලින් සඳහන් කළ පොදු යටිතල පසුකම් හා සංවර්ධන කටයුතු සිදු වී තිබියදීමය. ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයේ පාලනයට දැනට වසර 3 ක් ගෙවී ගොස් ඇත. ආර්ථික අපහසුතාවයන්ද නියඟයේ අහිතකර බලපෑමද ඉතා බරපතල ලෙසින් ජනතාවට දැනෙන කාලයක් වී ඇත. ජනතා ඡුන්දයෙන් පිහිටුවා ගත් රජය තුළ මෙන්ම ජනාධිපතිවරයා නායකත්වය දරණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් විවිධ කලකොලොප්පම් හටගෙන ඇත. අමාත්‍ය ධුර දැරූ 6 දෙනෙක්ම විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇත. පාලනයේ සිටි රජයෙන් නැගෙනහිර පළාතේ ඈත එපිට ගම්මාන හා ප‍්‍රදේශවලට දැනෙන දියුණුවක් හෝ සහනයක් සැලැස්වූ බවට ද සාක්ෂියක් හෝ සාධකයක් නැත.

මෙවන් වාතාවරණයක් හා පසුබිමක් තුළ එම ප‍්‍රදේශයේ දේශපාලන පක්ෂ සංවිධානයෙන් පැවැත්වෙන මැයි දින සැමරුමක සහභාගීත්වය එතරම් සාර්ථක නොවුනහොත් එ් ගැන පුදුම වීමට දෙයක් නැත. එසේ වුවද මඩකලපුව මැයි රැුළිය පෙන්නුම් කළේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් වීම පුදුම සහගතය. ප‍්‍රදේශවාසීන් අති විශාල සංඛ්‍යාවක් එම මැයි රැුළියට සහභාගී වීම විශේෂයකි. එතරම් විශාල නොවුව ද පළාතේ විශාල සෙනඟක් රැුස්කිරීමට ප‍්‍රමාණවත් වූ රැුස්වීම් පිට්ටනිය සවස 2 වන විට අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබුණේ පළාතේ ජනයාගෙනි. පිට පළාත් වලින් ආසන සංවිධාන වශයෙන් ද, විශේෂයෙන්ම උතුරු මැද හා වයඹ පළාත් වලින් ද බස් රථ වලින් විශාල සංඛ්‍යාවක් මඩකලපු රැුළියට පැමිණි බව පෙනී ගිය අතර ඔවුනට රැුස්වීම් භූමියට ඇතුළු වීමට ඉඩක් නොමැති වීම නිසා මහා මාර්ගයේ අති විශාල පිරිසකට රැුඳී සිටීමට සිදු විය. මඩකලපුව හා රැුස්වීම් භූමිය අතර ද, රැුස්වීම් භූමියේ සිට කොළඹ දිසාවට කිලෝමීටර් 3ක් පමණ දුරකටද මෙම පිරිස් විසිරී සිටිනු දක්නට ලැබුණි. පිටියේ රැුස් වූ පිරිස මෙන් තුන් හතර ගුණයක සංඛ්‍යාවක් එසේ මහා මාර්ගයේ සිටිය දී සවස 4.30 පමණ වනතෙක් දුර පළාත් වලින් බස්රථ වලින් පැමිණි පිරිස් ප‍්‍රදේශයට ලඟා වෙමින් සිටි බවද පෙනී ගියේ ය.

නිසැකයෙන්ම පවතින දේශපාලන තත්ත්වයන් තුළ මෙම ජනතා සහභාගීත්වය එම මැයි දිනය සංවිධානය කළ අයගේ අමන්දානන්දයට හේතු වූ බවට සැකයක් තිබිය නොහැක. එම ප‍්‍රබෝධය ඉතා පැහැදිලිව ප‍්‍රදර්ශනය වූ අතර ජනාධිපතිවරයාගේ කථාවේ දී 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමාජය තුළ පැවති දුර්මතය ඉවත් කරමින් ප‍්‍රකාශයක් කිරීමට ජනාධිපතිවරයා එය අවස්ථාවක් කරගත් බව පෙනී ගියේ ය. රැුස්වීම ඇමතූ අය අතර වෘත්තීය සංගම් නියෝජිතයින් කීප දෙනෙක් ද ප‍්‍රාදේශීය දේශපාලකයින් රැුසක්ම වීමද වැදගත් කාරණයක් විය. එම නායකයින් විවිධ ජාතීන්ට අයත් වූවන් වීමද වැදගත් කාරණයකි. සමහර දේශපාලකයින් සිය කථාවලදී අනවශ්‍ය ලෙසින් ප‍්‍රතිරූප හුවා දැක්වීමට ප‍්‍රයත්න දැරීම ගැනද සඳහනක් කළ යුතු වේ. වේදිකාවේ සිට සිය නායකයින් පුම්බා දැක්වීම එතරම් දක්ෂ දේශපාලන උපක‍්‍රමයක් වශයෙන් පිළිගත නොහැක. එ් වෙනුවට ප‍්‍රතිපත්ති දෙසට නැඹුරු වූ, ජනතා සිතුම් පැතුම් වලට සමීප වූ අදහස්වලට මුල් තැනක් දීම වඩා ප‍්‍රඥගෝචර ක‍්‍රියාවක් බව සඳහන් කළ යුතුය. ලකුණු දමා ගැනීමට කථා කිරීමත් ජනතා මතයක් ඇති කිරීමට කථා කිරීමත් අතර පවතින වෙනස අඩු වශයෙන් පක්ෂවල නිලධාරී තනතුරු දරණ කථිකයන් වත් තේරුම් ගත යුතුව ඇත.

වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත්ව පැවතීම අවශ්‍ය කාරණයකි. එමෙන්ම පක්ෂයක් වශයෙන් එම ව්‍යාපාරය හැකි තාක් දුරට පක්ෂයට හිතවත්ව පවත්වා ගැනීමත් වැදගත් ය. එසේ වුවද සංවිධානය නොවූ, එහෙත් කම්කරුවන් හැටියට ම සිටින සමාජ කොටස්ද ශක්තිමත් ලෙසින් ගොනුකර තබා ගැනීම අතිශයින් වැදගත් අවශ්‍යතාවක් වන්නේ ය. වෘත්තීය සමිතිවලින් අභියෝගාත්මක ලෙසින් එල්ල විය හැකි පීඩනයක් වෙතොත් එය උදාසීන හෝ නිෂ්ප‍්‍රභා කර ගැනීමට යට කියන ලද අසංවිධානාත්මක කොටස්වලින් සෑදෙන ගොනුවීම උපයෝගී කරගත හැකි වනු ඇත.

මඩකලපු රැුළිය පණිවිඩ කීපයක්ම ලබා දී ඇත. සාමාන්‍ය ජනතාව තමන් මුහුණ දෙන විවිධාකාර ගැටළු හා දුෂ්කරතා හමුවේ එ්වා ඉවසා දරා ගැනීමටත් බලාපොරොත්තු සහිතව රැුඳී සිටීමත්, යකඩ සපත්තු පාලන බල පීඩනයකට යට නොවුන නිදහස් පුරවැසියන් හැටියට දුෂ්කරතා විඳ දරා ගැනීමට සූදානම් බවත් එක් පණිවිඩයකි.

අවසන් වරට පාලන ක‍්‍රමය වෙනස් කිරීමේදී පෙන්නුම් කළ අභිලාෂයන්හි තවදුරටත් නොවෙනස්ව සිටින බව තවත් පණිවිඩයකි.

ඉටුකර දීමට අපොහොසත් වූ පොරොන්දු හා කාර්ය භාරයන් ඉදිරියේදී හෝ ඉටුකර දීමට කැපවෙන විශ්වාසයක් තැබිය හැකි නායකත්වයක් සිටින බව අනිත් පණිවිඩයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ගමන් මඟක් තුළ ජනතාවට ඇති එකම අස්වැසිල්ලද එයම වේ. එසේ වුවද එම ජනතා අපේක්ෂාවන්හි ප‍්‍රතිඵල නෙලා ගැනීමටත්, ජනතාව අපේක්ෂා කරන සහන ඔවුනට ලබා දීමටත්, ඇඟට දැනෙන, ඇහැට පෙනෙන වෙනස්කමක් ඇතිවිය යුතුමය. වෙනසකට බියෙන් පැලැස්තර න්‍යාය පමණක් අනුගමනය කරමින් සිටීම ඉවත් කරනු ලැබූ බලවේග යළි කැඳවා ගැනීමට පාර කපා ගැනීමකි. මිනිසුන්ගේ සිත් සතන් බලාපොරොතුවේ සීමාව ඉක්මවා එකතැන පල්වීමට ඉඩ හැරීම අතීතය අමතක කිරීමට ඔවුන් පොළඹවන ක‍්‍රියාවකි. එනිසා ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රාජ්‍ය බලයේ සිටින කණ්ඩායම දුෂ්කර ප‍්‍රදේශ ඇතුළුව බොහෝ දුර බැහැර ජීවත්වන කුඩා හෝ සහනයක් ජීවන පහසුව සඳහා නොලද ජනයාට සමීපවන වැඩ පිළිවෙලක් වහාම ක‍්‍රියාවට නැංවීමටත්,

සුඛෝපභෝගී සංචාරයකට එක් කරගෙන ඇති මගීන් වෙනුවට ක‍්‍රියාකාරී දායකත්වයක් ලබාදිය හැකි පිරිස් ලංකර ගැනීමටත්,

පුටු රත් කරමින් තනතුරු තානාත්තර වල රැුඳී සිටින නාමිකයන් වෙනුවට දුව පනිමින්රට සහ තම තමා නියෝජනය කරන ක්ෂේත‍්‍රයට යමක් කළ හැකි අය පත්කර ගැනීමටත්, හෙළිදරව් වී ඇති දූෂණ ක‍්‍රියාවලින් ලැබෙන අත්දැකීම් අනුව, මොනම හෝ දූෂණ ක‍්‍රියාවකට හෝ නිරාවරණය වූ කිසිවෙක් ඉහළ කාය ර්‍්‍ය මණ්ඩලවලට සම්බන්ධ කර නොගැනීමටත්, ජනතාව අගය කරන පියවර මෙන්ම ජනතාවට වෙනසක් ඇති කිරීමේ ආරම්භයක් ද වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    Recently, it reported that the Sampath Bank lost Rs 6.75 billion, the Boss of that was S.B. dissanayake. S.B. Dissanayake is moving around with a group of other 15 MPs. I think, as he is a national list MP, As he has so many proven corrution (Ill gotten money) charges, he is preparing for making a case to represent as a group. I think that is parliamentary corruption that corrupt MPs can monoever and stay in the parliament.

  • 0
    0

    MAy day is for workers. Inthe USA it is a September first holiday so the workers after the summer vacations, can start hard working months ahead and before that they party on that day. In russia it was a VICTORY day (why we can not have forces -Veterans day or Keppitipola day on that day)., Why in Srilanka workers celebrate political parties. Even JVP is politically lost. LSSP has so many different views or in other words, so many three wheeler parties. Even Philip gunawardane ws said to be a Aristocrat who collected wealth for the fmaily. Why do we need more manipulations and exploitation of the public ? IT is mass manipulations by political parties for their ends. Some one had proposed that should be the day that Trade unions paint it their Head quarters by white washing every thing.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.