23 October, 2020

Blog

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා කළ විශේෂ දේශනය

මේ සම්භාවනීය අමුත්තන් මා ආමන්ත්‍රණය කරනු ලබන්නේ ගෞරව සම්ප්‍රයුක්තව සහ වරප්‍රසාදලාභී අගමැතිවරයෙකු ලෙස දින තුනක් පමණ ඔබේ රටේ රැඳී සිටයි. හෙට (07) දින මා ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තු වනවා.

ජපානයේ ජනතාව තුළ නිරන්තරයෙන්ම දක්න ලැබෙන ආචාරශීලී සුහදත්වය, සහෝදරත්වය, අවංක සහ උණුසුම් ආගන්තුක සත්කාරය නිසා මාගේ නියෝජිත පිරිසත්, මගේ බිරිඳත්, මමත් අතිශයින්ම සතුටට පත් වුණා. ජපාන රජය සහ ජපාන ජනතාව අප වෙත දක්වන ලද උණුසුම් සුහදතාවයෙන් යුත් පිළිගැනීම ගැන මා සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ප්‍රසාදයට පත්වී සිටින බව ප්‍රකාශ කරන්න කැමතියි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් අවංක ගෞරව බහුමානයෙන් යුතු අපගේ සුභ පැතුම් ජපාන අධිරාජ්‍යෝත්තමයාණන් වෙතත්, ජපාන අග්‍රාමාත්‍යතුමා, ජපාන රජය, ජපාන පාර්ලිමේන්තුව සහ ජපානයේ ජනතාව වෙත පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

Speech of Prime Minister in Sri Lanka @ Japan Parliament - October 06th_2015නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ජපාන සාම ගිවිසුම අත්සන් කළ 1952 පෙබරවාරි මස 29 වැනි දින පහත සඳහන් ප්‍රකාශය කළා.

“මේ සාම ගිවිසුමේ පාර්ශ්වකරුවෙකු වීමෙන් අපගෙන් ඉටු වූ සේවයට අපට පැසසුම් කළ යුතුය. ජපානයට රටක් වශයෙන් නැගී සිටීමටත්, ස්ථාවර වීමටත් ලැබෙන ප්‍රථම අවස්ථාව මෙයයි. ක්‍රෝධය අප සිත් තුළ තබා ගෙන ජපාන ජනතාව යටපත් කිරීමට අප කිසිවිටෙකත් උත්සාහ කළ යුතු නොවේ.”

මේ ප්‍රකාශයෙන් දින 22 කට පසු එතුමා හදිසියේ අභාවප්‍රාප්ත වූවා. එතුමාගේ අභාවයෙන් මසකට පසු එතුමාගේ ප්‍රතිපත්ති සාක්‍ෂාත් කරමින් අප දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගැනීමට දෙරටට හැකියාව ලැබුණා.

ඩී.එස්. සේනානායක මහතාගේ දර්ශනය වූයේ පශ්චාත් යුද සමයෙන් පසු එළැඹෙන ලෝකය බටහිර බලවතුන් හෝ සෝවියට් සමාජවාදී ජනරජයේ හෝ බලපෑම් සහ පාලනයෙන් තොර වීම සුදුසු බවයි. එසේ හෙයින් ජපානයේ ආර්ථික සංවර්ධනය නැවත පණ ගැන්වීම සඳහා සියලූ ධෛර්යන්ම දිය යුතු බව එතුමා තදබල ලෙස විශ්වාස කළා.

එතුමාගේ මේ සංකල්පනාවන් එවකට සිටි ජපාන අග්‍රාමාත්‍ය ශිගුරු යොෂිඩාගේ අදහස් හා සමාන වූ අතර අපගේ අගමැතිතුමාගේ තදබල විශ්වාසය හා ඉදිරි දැක්ම නිසා ජපානයට යුද හානි වීම තවදුරටත් අනවශ්‍ය බව ප්‍රකාශ කෙරුණා.

මෙම ක්‍රමෝපායේ කොටසක් වශයෙන් අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් එවකට මුදල් අමාත්‍යව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා සැන් ප්‍රැන්සිස්කෝ නගරයේ තිබූ සාම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකයා ලෙස පත් කර යැව්වා. මා දේශපාලනයට පිවිසෙන ඒ අවධියේ දී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට යන අතර තුර නැවතී සිටි ඉම්පීරියල් හෝටලයේ දී දුටු යුද්ධයෙන් විනාශ වූ ජපානයේ තත්ත්වය පිළිබඳව අපට පැහැදිලි කළා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට ඒ අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය යොෂිඩා මහතා හමුවීමට ද අවස්ථාවක් ලැබුණා. ආසියාවේ රටවල් සාම ගිවිසුම සම්බන්ධව නිශ්චිත තීරණයක් ගැනීමට පසුබට වෙද්දී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සාම ගිවිසුම සඳහා පූර්ණ සහයෝගය දීමට කටයුතු කළා.

අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා පාර්ලිමේන්තුවේ දී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ක්‍රියා කලාපය ප්‍රශංසාවට ලක් කරමින් මෙසේ සඳහන් කළා.

පිට කොන්දක් සහිත අපගේ නියෝජිතවරයා ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කරන ලද්දේ සෝවියට් දේශය විසින් කරනු ලබන උපක්‍රමශීලී වැඩ කටයුතු සඳහා අපගේ සහයෝගයක් නොලැබෙන බවයි.

මේ කාල පරාසය ඇතුළත ශ්‍රී ලංකාව සහ ජපානය අතර සම්බන්ධතා ක්‍රමයෙන් වර්ධනය වූ අතර දෙරටම ස්වාධීන ජාතීන් ලෙස ස්ථාවර වීමට සමත් වූවා.

සිද්ධියෙන් වසර 25 කට පසු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුරට තේරී පත් වුණා. තවත් අවුරුද්දකට පසුව එතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වූවා. ඒ කාලය වන විට ජපානය ආසියාවේ ආර්ථික ආශ්චර්යය බවට පත්ව සිටියා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පාලන කාලය තුළ අපගේ රටවල් අතර සම්බන්ධතා ඉතාමත් සවිමත් හා ශක්තිමත් භාවයට පත් වුණා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ රජයේ පළමු විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා පත් කෙරුණා. අගමැති ෆුකෝඩා මහතා නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි ජපාන නියෝජ්‍ය ඇමැතිතුමා මා හමු වූ පළමු වැනි විදේශ දූත කණ්ඩායමට ද ඇතුළත්ව සිටියා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අගමැති ෆුකුඩා මහතාගේ සංකල්පනාවන්ට අනුව ශ්‍රී ලංකාවේ අති විශාල සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමටත්, වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති කිරීමටත් ජපාන රජයේ සහයෝගය අපේක්‍ෂා කළා.

දෙරටේ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස අප වෙත අත්‍යවශ්‍ය සහයෝගයන් රාශියක් ලැබුණා. ශ්‍රී ලංකාවේ නව අගනුවර වූ ශ්‍රී ජයවර්ධනපුරය සඳහා ඇඳන් 1001 සහිත රෝහලක් ජපාන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලැබුණා.

වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ පියා වූ එවකට ජාත්‍යන්තර වෙළෙදාම හා කර්මාන්ත පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශිනම්රො අබේ මහතා අප රටේ ආර්ථික සංවර්ධන සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ, ජපාන රජයේ නියෝජිතයෙකු වූ බව මතක් කිරීමට කැමැතියි.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයේ සහ වාර්ගික කැළඹිලි සහිත කාලයේ දී එවකට සිටි විදේශ ඇමැති අබේ මහතාත්, අග්‍රමාත්‍ය තසෙනො මහතාත් අප වෙත දැක්වූ සහාය සිහිගැන්වීමට කැමතියි. ශ්‍රී ලංකාවේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ සමයේ දී කුවේට් රට ආක්‍රමණය කිරීමේ සිද්ධියට අනුගතව අපේ රටේ ඇති වූ ආර්ථික අර්බුදය සඳහා ආධාර ගැනීම පිණිස ජපානයට පැමිණීමට මට අවස්ථාව ලැබුණා.

ජපාන අග්‍රාමාත්‍ය කයිජු මහතා මේ සම්බන්ධව මා වෙත දැක්වූ සහයෝගය අතිශය පරිත්‍යාගශීලී බව මතක් කරන්න කැමතියි. ශ්‍රී ලංකාවේ විද්‍යාව, තාක්‍ෂණය පිළිබඳ ඇමැතිවරයා ලෙස ම කටයුතු කරන අවස්ථාවේ දී ක්‍යුඹු චකිමා මහතාගෙන් ලැබුණු උපදෙස් බොහෝ වැදගත් වූවා.

වර්ෂ 2001 මා අගමැති වූ පසු කොටි සංවිධානය සමග සාම සාකච්ඡා පැවැත්වීමට මට සිදු වුණා. අග්‍රමාත්‍ය කයිෂුමී මහතා ටෝකියෝ ආධාර සමුළුවේ සාකච්ඡා සංවිධානය කිරීමෙන් සහ සාම ක්‍රියාවලියේ සම සභාපති ලෙස කටයුතු කරලීමෙන් ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සිහිගැන්වීමට මා කැමතයි.

ජනාධිපති ජයවර්ධන මහතා සහ නකසෝමි මහතාගේ කාලයේ සිට අද දක්වා ලෝකයේ දේශපාලන ක්‍රමවල ද, ආර්ථික සහ තාක්‍ෂණයේ ද අති විශාල වෙනස්කම් ඇති වී තිබෙන බව රහසක් නොවෙයි. එසේ හෙයින් ජපානයේ විදේශ ආර්ථික සහයෝගිතා ප්‍රඥප්තියේ අංක 15 සහ ගෝලීයභාවයේ ඇති වෙනස්කම් අපගේ රටවල් දෙක අතර අනාගත දිශනතිය පිළිබිඹු වීමට අත්‍යවශ්‍ය බව සඳහන් කරනවා.

මගේ මෙවර ජපාන සංචාරයේ දී දෙරට අතර පරිපූර්ණ සහයෝගිතා ප්‍රකාශයක් කිරීමට අපේක්‍ෂිතයි. මේ ප්‍රකාශනය පහත සඳහන් ක්ෂේත්‍රයන්ගෙන් සහයෝගිතාවයක් ඇති කිරීමේ ආකෘතිය සපයයනු ඇතැයි මා විශ්වාස කරනවා.

දේශපාලන, ආර්ථික, තාක්ෂණික සහ සංස්කෘතික සහයෝගිතාවය අප රටවල් දෙක අතර සම්බන්ධතාවයන්ගේ අනාගත දිශානතිය මේ ප්‍රකාශනවලින් පැහැදිලි කළ හැකියි. 2008 ඇති වූ මූල්‍ය අර්බුදයෙන් ක්‍රමයෙන් ලෝක ආර්ථිකය මිදෙමින් පවතින අවස්ථාවේ ලෝකයේ මධ්‍යකාලීන ආර්ථික වර්ධනය කරුණු 2 ක් මත රදා පැවතුණා. පළමු වැන්න ඇමරිකානු එක්සත් ජනපදයේ මූල්‍ය ප්‍රතිපත්තිය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වීමයි.

දෙවැන්න නම් පරිභෝජනය මත පදනම් වූ චීන ආර්ථිකයේ සෙමෙන් සහ තිරසරව ඇති වන වර්ධනයයි. මේ පසුබිම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්‍ෂක කිස්මීන් ලගාඩ් මහත්මිය සඳහන් කරන්නේ මධ්‍ය කාලීන ලෝක වර්ධනය “නව මන්දගාමී” වර්ධනයක් ලෙසයි.

මගේ විශ්වාසය නම් දැනට පූර්ව කථනය කර ඇති පහළ ලෝක ආර්ථික වර්ධනයට මුහුණ දිය යුත්තේ ආසියානු කලාපයේ වේගවත් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමෙන් බවයි. අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ආර්ථිකයන් සක්‍රීයව දැනට ක්‍රියාකාරී වන අතර යුරෝපා සංගමය සහ ජපානය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටිනවා.

ඉන්දියාව තමන්ගේ වර්ධනය පවත්වාගෙන යාමට හැකියාවක් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාවේ නව ජාතික ආණ්ඩුව වේගවත් සංවර්ධනයක් උදෙසා අවශ්‍ය ආර්ථික ස්ථායිතාව සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු කරනවා.

දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට දකුණු ආසියානු රටවල ආර්ථික ප්‍රගමනයට ජපානයේ සහභාගීත්වය අතිශයින්ම වැදගත් වනවා. මේ සඳහා බහුවිද ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට අවශ්‍ය වන අතර ශ්‍රී ලංකාව හරහා ඉන්දියාව වෙත ජපානයේ සම්බන්ධකම් වර්ධනය කිරීම අත්‍යවශ්‍යයි.

කියතෝ නගරයේ පැවැති විද්‍යා හා තාක්‍ෂණික සම්මන්ත්‍රණයේ දී දකුණු ආසියානු රටවල කලාපීය වර්ධනය සඳහා ජපානය විද්‍යා හා තාක්‍ෂණික ඥාණය යොදා ගැනීම ගැන මා සඳහන් කළා. මෙය නියත වශයෙන්ම සිදු කළ යුත්තක් වන්නේ මෙමගින් ජපානයට දකුණු ආසියානු රටවල ආර්ථිකයන් වර්ධනය කිරීමේ ප්‍රධාන දායකත්වයක් දීම මගින් ජපානයට ද යහපතක් වන හෙයිනුයි.

අද දකුණු ආසියාවේ ජනගහනය බිලියන 1.6 ක් වන අතර දළ ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.6 ක් වනවා. වර්ෂ 2050 වන වට මෙම කලාපයේ ජනගහනය බිලියන 2 දක්වා ඉහළ යන අතර ඒ අනුව නැගෙනහිර ආසියාවේ ජනගහනය ද ඉක්මවා යාමට නියමිතය.

ශ්‍රී ලංකාවට අලූත් ජනාධිපතිවරයෙකු මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ද, අලූත් රජයක් මෙම වසරේ අගෝස්තු මාසයේ ද මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත්තා.

අද ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් වන යහපාලනය, විනිවිඳභාවය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය ආදී මූලධර්ම රාජ්‍ය පාලනයේ දී අනිවාර්ය අංග ලෙස භාවිතයේ යොදවනවා. 2015 ඔක්තෝබර් 01 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ සංහි¼දියාව වර්ධනය කිරීම සහ මානව අයිතිවාසිකම් යෝජනාව මගින් නව රාජ්‍යයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ප්‍රශංසාවට භාජනය කෙරුණා.

වත්මන් රජය සමන්විත වන්නේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක වන එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මගිනුයි. ශ්‍රී ලංකාවේ පවතින විශාලතම දේශපාලන පක්‍ෂ දෙක පාරම්පරික දේශපාලන විරුද්ධ මත ඉවත දමා ජර්මනියේ දැනට පවතින ආකාරයේ සම්මුතිවාදී එකමුතුවකට නැඹුරු වී නව යුගයක් බිහි කරමින් සිටිනවා.

නව ක්‍රමය නිසා දේශපාලන ස්ථාවර භාවයත්, විනිවිඳ භාවයත්, රටේ ස්ථාපිත වුණා. සියලූම කොටස්වල අදහස් ඇතුළත්ව සාමකාමී දේශපාලන සමාජයක් නැවත බිහි කිරීමටත් අපට අවස්ථාව එමගින් ලැබුණා.

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සඳහන් කළ පරිදි “ඡන්ද පත්‍රිකා වෙඩි උණ්ඩවලට වඩා සාමකාමී සහ නීත්‍යානුකඣල අනුප්‍රාප්තිකයෙකි” යන ප්‍රකාශය මා සිහිපත් කරනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම, මානව අයිතිවාසිකම් ස්ථාවර කිරීම, ආයතනික සංවිධානයන් තවදුරටත් ශක්තිමත් කිරීම අපගේ දේශපාලන පරමාර්ථවල ප්‍රමුඛ කාර්යයක් වනවා. කෙසේ වෙතත් අපගේ අතිශයින්ම වැදගත් පරමාර්ථ වන්නේ ජාතික එකමුතුව, ආගමික, ජනවාර්ගික ප්‍රශ්න සම්බන්ධයෙන් පවතින ගැටලූවලට දේශපාලන විසඳුම් සෙවීමයි.

දෙමළ ජාතික සන්ධානය සහ අනෙකුත් පක්‍ෂ සමග දේශපාලන විසඳුමක් සදහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. පසුගිය දශක 5 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ භාෂාව සහ ජනවාර්ගික ප්‍රශ්න ප්‍රමුඛස්ථානයක් ගත් අතර ආගමික ප්‍රශ්න පසුගිය දශකයේ දී ඉදිරියට ඒමේ ප්‍රවණතාවය ද පෙන්නුම් කෙරුණා.

සියලූ ප්‍රශ්නවලට විසඳුම් ශක්තිමත් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක්, සියලූ දෙනාට එක හා සමානව සැලකීමේ ප්‍රතිපත්තියක් සියලූම ජන සමාජයන්ට එකඟ විය හැකි සියලූම දෙනාගේම සහභාගීත්වයෙන් කළ යුතුය යන්න මගේ විශ්වාසයයි.

ජාතික සංහිදියාව සහ සාමය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයට ජපානයේ සහයෝගය අප හුදෙක්ම බලාපොරොත්තු වනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවවේ අර්බුදකාරී තත්ත්වයන් පවතින ප්‍රදේශවල සමාජ හා ආර්ථික තත්ත්වය ගොඩනැංවීම පිණිස ආධාර සමුළුවක් කැඳවීම සඳහා ජපාන රජයේ සහයෝගය මා බලාපොරොත්තු වෙනවා.

සමාජයට නොගැලපෙන ආකාරයට කාන්තාවන්ට සැලකීම වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මූලධර්මයන් ඇතුළත් කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ පනත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවේ මැතිවරණවල දී කාන්තා නියෝජනය පවතින්නේ 10% ට අඩු මට්ටමකයි. එසේ හෙයින් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණවල දී කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කිරීමට නීති සම්පාදනය කිරීමට අපේක්‍ෂිතයි.
කාන්තාව ගෘහ මූලිකත්වය දරණ පවුල්වල සුභසාධනය සඳහා ජාතික මධ්‍යස්ථානයක් උතුරේ පිහිටුවීමට කටයුතු කරගෙන යනවා.

පරිසරය සුරැකීම සඳහා රජය ප්‍රමුඛතාවයක් දෙනවා. ශ්‍රී ලංකාවේ පවතින ජෛව විවිධත්වය ආරක්‍ෂා කළ යුතුයි. දේශගුණික විපර්යාස ප්‍රශ්නය විසඳීම ද අපගේ ප්‍රතිපත්තිවල අවධාරණය කෙරෙනවා. පාර්ලිමේන්තු නීතියක් මගින් තිරසාර සංවර්ධන මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරනවා.

විධායක ජනාධිපතිවරයාට පවරා ඇති බලතල 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සීමා කෙරුණා. පාර්ලිමේන්තුවේ ශක්තිමත් කිරීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරමින් සිටිනවා.

යුරෝපා පාර්ලිමේන්තුව, ඇමරිකානු කොන්ග්‍රසය, ජපාන මන්ත්‍රණ සභාවට සමානව පාර්ලිමේන්තු කාරක සභා හඳුන්වාදීමට කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් කාර්යාලයක් පිහිටු වනවා.

ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පුහුණු කිරීමේ සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙසට පුළුල් කිරීමට කටයුතු යොදනවා.

පාර්ලිමේන්තුවේ දැනට තුන් වැනි විශාලම පක්‍ෂය වන දෙමළ ජාතික සන්ධානය විපක්‍ෂ නායක ධූරය දරණ අතර ජනතා විමුක්ති පෙරමුණට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය හිමි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සියලූම ප්‍රධාන පක්‍ෂ රජයේ හෝ පාර්ලිමේන්තුවේ හෝ නිල කාර්ය භාරයක් කරමින් පාර්ලිමේන්තුව ජාතික සාකච්ඡා මණ්ඩපයක් බවට පත් කිරීමට අද දායක වී සිටිනවා.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අනුව ගංගා නම් නදිය අසබඩ රැස් වූ ලිච්ඡවී රජ දරුවන්ගේ සමගිව සාකච්ඡාවෙන්, සංවාදයෙන් කටයුතු කළ ආකාරය ආදර්ශයට ගනිමින් සියලූම පාර්ලිමේන්තු විවාද රූපවාහිනියෙන් සජීවීව විකාශය කිරීමට නියමිතයි.

සමගියෙන් හමුවී, සමගියෙන් සාකච්ඡා කර, සමගියෙන් විසිර යාම සම්බන්ධයෙන් ලිච්ඡවී රජ දරුවන් එදා ලොවටම ආදර්ශයක් දන්නා.

සංහිදියාව, වගවීම වැනි ජාතික ක්‍රියාවලියට සම්බන්ධව ළඟ දී ඇති වූ වර්ධනයන් පිළිබඳ වචන කිහිපයක් කතා කිරීමට කැමතියි.

මෙහිදී සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ දී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් බුදුරජාණන් වහන්සේගේ දහමින් උපුටා ගත් වචනවලින් මගේ අදහස් දැක්වීම කරනවා. ර්‍ණවෛරය සංසිඳෙනුයේ මෛත්‍රියෙන් පමණයි. ඒ වෙනුවෙන් බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් සාම උපදේශක සභාවක්, සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීම සම්බන්ධව අප දැනටමත් දකුණු අප්‍රිකාව සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා. මේ සමගම මානව අයිතිවාසිකම් උල්ලංඝණය සම්බන්ධව පරීක්‍ෂා කිරීමට අධිකරණ යාන්ත්‍රණයක් සකස් කිරීමට ද කටයුතු යෙදෙනවා.

දකුණු ආසියාවේ ඉතාම තරගකාරී ආර්ථිකය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අරමුණ ඇතිව රජය මගින් නව ආර්ථික ප්‍රතිසංස්කරණයන් ඇති කරනවා. අග්නි දිග ආසියාව සමාන වන පරිදි සංවර්ධන උපාය මාර්ග සහ අන්තර් ජාතික වෙළෙඳ අමාත්‍යාංශය රටේ සියලූම ආයෝජන සහ ආර්ථික සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීමට නියමිතයි.

ඍජු විදේශ ආයෝජන සම්බන්ධව දැනට ඇති බාධක ඉවත් කරනවා. විශේෂයෙන්ම ව්‍යාපාර පමා වීමට ඇති බාධක ඉවත් කරනවාමයි. රජයේ මූල්‍ය ෙක්‍ෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීමටත්, රාජ්‍ය අය-වැය පාලනය විධිමත් කිරීමටත් කටයුතු කරනවා. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා අලූත් අමාත්‍යාංශයක් ඇති කළා.

සියලූ දෙනාටම අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් දීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයනවා. රටේ සමාජ සුභ සාධන කටයුතු ද වර්ධනය කිරීමට ද අපේක්‍ෂිතයි. දූෂණය නැති කිරීම සඳහා නව නීති ගේනවා.

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ විශේෂයෙන්ම බෙංගාල බොක්කේ වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස නම් දරනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගිතාව ඇති කිරීම මගින් දෙරටටම ප්‍රතිලාභ රැසක් හිමි වනවා.
පකිස්ථානය, බංග්ලාදේශය වැනි ඉන්දියානු කලාපයේ රටවල් ද, බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ රටවල් වන මියන්මාර, තායිලන්තය, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව රටවල් ද සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට පියවර ගැනෙනවා. අන්තර් පැසිෆික් කලාප රටවල සහයෝගීතාවය පදනම් කර ආසියා පැසිෆික් කලාපයත් දියුණු කිරීම පිණිස කටයුතු සම්පාදනය වනවා.

ශ්‍රී ලංකාව යුරෝපා සංගමයෙන් ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ගැනීමට සාකච්ඡා කරන අතර චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ද පියවර ගන්නවා.

ශ්‍රී ලංකාවේ සහ අග්නිදිග ආසියාවේ ආර්ථික කටයුතු වර්ධනය කිරීම සඳහා ජපානය නායකත්වය ගනු ඇතැයි අපේක්‍ෂා කරනවා. මෙමගින් දකුණු ආසියානු කලාපයේ ආර්ථික ශක්‍යතාවන් සාක්‍ෂාත් කර ගැනීමටත්, ජීවන තත්ත්වය උසස් කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා.

ඉහත පියවර මගින් ගෝලීය ආර්ථික සංවර්ධනය සඳහා කෙටි කාලීන වශයෙන් යහපත් බලපෑමක් ඇති කරනු ඇතැයි ද අපේක්‍ෂා කළ හැකියි. ජපානය සමග සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා කරනු ලබන්නේ මේ පදනම මතයි. නව මාර්ගයේ ගමන් කිරීම පිණිස ජපාන විද්‍යා හා තාක්‍ෂණ සහයෝගිතා ඇති කර ගැනීම යෝග්‍ය බව යෝජනා කරනවා. මේ සඳහා බහුවිධ ක්‍රියාමාර්ගයන් මගින් ජපානය ලබා ඇති අත්දැකීම් භාවිතයට ගත හැකියි.

1. දැනට පවතින ආයතන අතර සහයෝගීතාව වර්ධනය.
2. විද්‍යාව සහ තාක්‍ෂණය නවීකරණය සඳහා විශිෂ්ඨතා මධ්‍යස්ථාන ගොඩනැගීම.
3. ජපාන මූලධර්මයන්ට අනුව තාක්‍ෂණික විද්‍යායතනයක් පිහිටුවීම මගින් විද්‍යා හා තාක්‍ෂණ අංශය ශක්තිමත් කිරීම.
4. මානව සුරක්‍ෂිතතාවය ස්ථාවර කිරීම සහ දේශගුණ විපර්යාසයන්ට පිළියම් පිණිස සහයෝගය ගැනීම.
5. ජපානයේ පෞද්ගලික අංශයේ ආයෝජන ලබා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය ආයෝජන වාතාවරණයක් සැකසීමත් අත්‍යවශ්‍ය වේ.

යෝජනා කරන ද සහයෝගිතා ක්‍රියාවලිය දැනට පවතින යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සහ මූල්‍ය ආධාර වැඩසටහන්වලට සමානුපාතිකව එකිනෙකට සම්බන්ධ විය යුතුයි. ඒවා ජපානය මගින් ක්‍රියාත්මක කිරීම යෙහෙකැයි කල්පනා කරනවා.

ද්වි පාර්ශ්වික වෙළෙදාම වර්ධනය, ජපානයේ ඍජු පුද්ගලික ආයෝජනය වර්ධනය සහ පුද්ගලයන් අතර සම්බන්ධතා වර්ධනය කිරීම පිණිසත් ජපාන සංචාරකයන් ආකර්ශණයටත් සහ දැනට ඇති සියලූ ගැටලූ විසඳීමටත් ශ්‍රී ලංකා රජය කටයුතු කරනවා.
දෙරට අතර සම්බන්ධතාව තවදුරටත් වර්ධනය කිරීමට ආර්ථික සහයෝගීතාවය මෙන්ම දේශපාලන සහයෝගීතාවය ද වැදගත් වනවා.

ඉන්දියානු සාගර කලාපයේ නාවික සුරක්‍ෂිතතාවය සම්බන්ධව අප දෙරටම උනන්දුවක් දක්වනවා. නීතියේ ආධිපත්‍ය යටතේ ක්‍රියාත්මක වන නිදහස්, ස්ථාවර සමුද්‍ර පදනම සහ සාගර ප්‍රවාහනය වර්ධනය කිරීම අත්‍යවශ්‍යය. එක්සත් ජාතීන්ගේ සාගර ආරක්‍ෂක නීතිරීති අනුව ආසියානු කලාපයේ ගැටුම් ලිහිල් කිරීම අපගේ පොදු අරමුණයි.

අවසාන වශයෙන් පසුගිය ශත වර්ෂ කිහිපය තුළ ශ්‍රී ලංකාවට දක්වන ලද සහයෝගය සහ ආධාර සම්බන්ධයෙන් ජපාන රජයටත්, ජපාන ජනතාවටත්, ශ්‍රී ලංකා රජය, ජනතාව සහ මගේ ප්‍රශංසාව සහ කෘතඥතාවය පිළිගැන්වීමට මා කැමතියි.

ජපාන මන්ත්‍රණ සභාව ආමන්ත්‍රණය කිරීමට මට අවස්ථාව දීම ගැන මමත්, මාගේ දූත කණ්ඩායමත් ජපාන මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් වෙත ප්‍රශංසාව සහ ගෞරවය පුද කරනවා. සංචාරය සාර්ථක කර ගැනීම සඳහා කෙරෙහි ඔමී මහතා දැක්වූ බලවත් උත්සාහය සම්බන්ධව මතක් කිරීමට ද මා කැමතියි.

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධනයටත්, ප්‍රගතියටත් ජපන් රජය සහ ජනතාව නිර්ලෝභීව දක්වන ලද සහයෝගය සිහිපත් කිරීමට ද කැමතියි. පරිත්‍යාගශීලීව සහ අභිලාෂවලින් තොරව ලංකාව ඇතුලූ දියුණු වන රටවලට ජපානය සහයෝගය දක්වනවා ඇත. මේ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගේ ඉතාමත් අර්ථවත් වූ වචන කිහිපයක් උපුටා දැක්වීමට මා කැමතියි.

එක පහන් වැටියකින් දහස් ගණනක් පහන් වැටි දැල්විය හැකිය. එමගින් පහන් වැටියක ජීවිත කාලය අඩු වන්නේ නැත. බෙදා හදා ගැනීමෙන් කිසි දිනෙක සතුට අඩු වන්නේ ද නැත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.