30 September, 2020

Blog

පොදු අපේක්ෂකයා සහ වාර්ගික ගැටුම

එස්. වී. කිරුබාහරන්

එස්. වී. කිරුබාහරන්

එස්. වී. කිරුබාහරන්

මේ දිනවල ගුවන් විදුලියට සවන්දුන්නත්, රූපවාහිනිය නැරඹුවත්, ලංකාවේ පත්තරයක් හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යයක් කියෙව්වත්, පාරතොටේ කතාබහකට සවන්දුන්නත් අසන්ට ලැබෙන්නේ ‘පොදු අපේක්ෂකයා’ පිළිබඳවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජා පීඩනයෙන් ජනතාව හෙම්බත්ව සිටිති. ඔහුව පරාජය කළ හැක්කේ පොදු අපේක්ෂකයෙකු හරහා පමණකි යි විපක්ෂය සිතයි.

රාජපක්ෂට තුන්වැනි වාරයකුත් තරග කළ හැකි ද යන්න වෙනම ප‍්‍රශ්නයකි. කෙසේ වෙතත්, විපක්ෂයේ ප‍්‍රබල බලවේග සියල්ල එකතු වී රාජපක්ෂව පැන්නිය යුතු බව විපක්ෂයේ මතයයි. එය හොඳ ය.

අවංකවම කිවහොත් මගේ විග‍්‍රහය පදනම් වන්නේ, ඉංග‍්‍රීසි සහ දෙමළ භාෂා මාධ්‍යවලින් සැපයුණු තොරතුරු මතයි. පොදු ජනාධිපති අපේක්ෂකයෙකු ගැන කතා කරන විට, වාර්ගික ගැටුමට සහ ජාතීන් අතර සහයෝගයට මුල් තැනක් මා දෙන්නේ මන්දැ යි, දෙමළ ජාතිකයෙකු වන මා අමුතුවෙන් විස්තර කළ යුතු නැත. වාර්ගික ප‍්‍රශ්නය සහ සහජීවනය ගැන මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිපත්තිය කවුරුත් දනිති. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින් ක‍්‍රියාත්මක කොට ඇති බව ඔහු ප‍්‍රසිද්ධියේම කියයි. එහෙත් එය ක‍්‍රියාත්මක කරන්නැ යි ඉන්දියාව තවමත් ඉල්ලා සිටී. ජේ. ආර්. ජයවර්ධනගේ සිට සෑම ශ‍්‍රී ලාංකීය නායකයෙකුම ඉන්දියානු නායකයන්ව රැුවැට්ටීමට වගබලාගෙන ඇත.

ඉහත කී ප‍්‍රශ්න දෙක සම්බන්ධයෙන් සළකා බලන විට, පොදු අපේක්ෂකත්වය සඳහා දැනට කියැවෙන කිසි පුද්ගලයෙකුට, එම ප‍්‍රශ්න විසඳීමටවත්, රාජපක්ෂව පරාජය කිරීමටවත් හැකි වන්නේ නැත. විශේෂයෙන් මහින්ද රාජපක්ෂට එරෙහිව ජයග‍්‍රහණයක් අත් කර ගැනීමට චන්ද්‍රිකා කුමාරණතුංග හැරුණු විට වෙන කිසිවෙකුට හැකියාවක් නැති බව බොහෝ කාලයක් තිස්සේ මගේ ලියවිලි හරහා මා පෙන්වා දී තිබේ. චන්ද්‍රිකා මිස වෙන කවුරු තරගයට ඉදිරිපත් වුවත්, රාජපක්ෂ ඉතා පහසුවෙන් එම ජනාධිපතිවරණය ජයගන්නවා ඇත. දකුණේ ජනතාව අතර මහින්ද රාජපක්ෂට ඇති ජනප‍්‍රියත්වය කිසිවෙකුට නිෂ්ප‍්‍රභා කළ හැක්කක් නොවේ. ඔවුන් ඔහුව සළකන්නේ, ලංකා මාතාවගේ විමුක්තිදායකයා වශයෙනි.

චන්ද්‍රිකාගේ ජයග‍්‍රහණය

ඒ නිසා, ජයග‍්‍රාහී අපේක්ෂකයෙකු ගැන සිතන්නේ නම්, කෙනෙකු සිතිය යුත්තේ චන්ද්‍රිකා ගැන ය. විවිධ සාධක ගැන සළකා බැලීමේ දී ඇයට සහතික වශයෙන්ම එම මැතිවරණය ජයග‍්‍රහණය කළ හැකි වනු ඇත. තුන්වැනි වරටත් ඇයට ජනාධිපති විය හැකි වන්නේය. ඇය තරගයට පිවිසියොත්, මුලින්ම, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් ඇති වනු ඇත. ඒ ගැන දැනටමත් යම් මාධ්‍ය ආවරණයක් ලැබී ඇත. ඒවාට අනුව, ඇයව නිතර මුණගැසෙන ඇමතිවරු පිරිසක් වෙති. පුදුමය වන්නේ, රාජපක්ෂගේ ඉතා විස්වාසවන්ත කැබිනට් සගයෙකු ද ඒ අතර වීමයි.

Mahinda-and-Chandrikaදෙවැනුව, බොහෝ ඇමතිවරු සහ ඉතා වැදගත් තනතුරු හොබවන පුද්ගලයන්, එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය කාලයේ ආණ්ඩු පක්ෂයට ගිය අයවළුන් ය. එයින් ඇතැමෙකු ආණ්ඩුවට එකතු වුණේ, දූෂණ වංචා චෝදනා පිළිබඳ පරීක්ෂණවලින් ගැලවීමටයි. එනිසා, චන්ද්‍රිකා සිය අපේක්ෂකත්වය ප‍්‍රකාශයට පත්කරන දවසට, එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට ගිය එවැනි පිරිස් ඇගේ පැත්තට එනු ඇත.

තෙවනුව, ‘නැවත වතාවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විඳීම’ සඳහා රාජ්‍ය වෙනසක් අපේක්ෂා කරන පිරිසක් ද සිටිති. එහෙත් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යනු කුමක් ද? ඔවුන් විස්තර කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය වන්නේ, ප‍්‍රකාශනයේ නිදහස ඇති, දූෂණය සහ ඥාති සංග‍්‍රහයෙන් නිදහස් වන රටකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අර්ථකථනය ලංකාවේ දී වරදින්නේ එතැනදී ය.

චින්තනයේ, හදවත්වල සහ සිත්සතන්වල වෙනස

වාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් රාජ්‍ය වෙනසකින් ඇති වෙතැ යි කිසි දෙමළ ජාතිකයෙකු සිතීම මුළාවකි. චන්ද්‍රිකා ගැන පමණක් නොව, ශ‍්‍රී ලංකාවේ නායකත්වය හෙබැවූ ඇගේ දෙමාපියන්ගේ ඉතිහාසය ද එහි දී සැළකිල්ලට ගැනීම වටී. ඔවුන් ජාතික ප‍්‍රශ්නය සමබන්ධයෙන් කෙළේ කුමක්ද? ඩඞ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. පේ‍්‍රමදාස වැනි වෙනත් එක්සත් ජාතික පක්ෂ නායකයන් ගැනත් එහි දී සිතා බැලීම වටී. ඊට අමතරව, ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා සහ පීටර් කේනමන් ආදීන් ගැනත් සළකා බැලිය හැකිය.

ඒ නිසා, ලංකාවේ පාලකයන්ගේ චින්තනය, හදවත් සහ සන්තානයන් ගැන වෙනසක්, රාජ්‍ය වෙනසකට වඩා වැදගත් වන්නේය. නිදහසේ පටන් ලංකාව මුහුණදුන් ජාතික ප‍්‍රශ්නය විසඳීමකින් තොරව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති කරගත හැකි නොවේ. සිංහල පාලකයන්ගේ හැංගිමුත්තන් සෙල්ලමෙන් තවදුරටත් රටට සුගතියක් අත්වන්නේ නැත.

සංගීත පුටු තරගයක් මෙන්, සෑම අවුරුදු හතරකට හෝ පහකට වරක් ආණ්ඩු මාරු වීමෙන්, උතුරු සහ නැගෙනහිර ජනතාවට මෙතෙක් අත්කර දුන් සෙතක් නැත. රාජපක්ෂ කතා කරන සංවර්ධනය, සිංහලයන්ගේ සංවර්ධනයකි.

වාර්ගික ගැටුම සහ සංහිඳියාව

ඒ නිසා, පොදු අපේක්ෂකයෙකු, සමහර විට ඒ චන්ද්‍රිකා නම්, මුලින්ම කළ යුත්තේ, වාර්ගික ප‍්‍රශ්නය සහ සංහිඳියාව ගැන සිය ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශයට පත්කිරීමයි. දෙවැනුව, එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය ගැන ඇය/ඔවුන් දරණ මතය ප‍්‍රකාශයට පත්කළ යුතුය. මෙය ජනාධිපතිවරණයට කලින් කළ යුත්තකි. එසේ වන්නේ නම්, ඇගේ එම ස්ථාවරයට සහයෝගය දැක්විය යුතුද නැද්ද යන්න දකුණේ ජනතාව තීරණය කරනු ඇත. නැතහොත්, ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වැනි වාරයටත් ජනාධිපති පදවියට පත්වීමට ඉඩ දී ජාත්‍යන්තර ප‍්‍රජාවට ශ‍්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණය කරගෙන යාමට ඉඩ හැරිය හැකිය. වාර්ගික ප‍්‍රශ්නය, සංහිඳියාව සහ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය පිළිබඳ ඉදිරිය එයාකාර ය.

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය ඇරැුඹෙන්නේ 2002 සිට බවත්, ඊට තමන් බලයේ සිටි කාලයත් අයත් වන බවත් චන්ද්‍රිකා සහ රනිල් අමතක නොකළ යුතුය. එසේම, යුද්ධය අවසන් වූ ආකාරයෙන් එය අවසන් කිරීමට තමන්ගේ හැකි හැම සහයෝගයක්ම තමන් දුන් බව රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කොට ඇති බවත් අපට අමතක කළ නොහේ. එසේම අද එක්සත් ජාතික පක්ෂයේ සිටින පුරෝගාමී මංගල සමරවීර යුද්ධ කාලය තුළ කළ කී දෑ ද අපට මතක ය.

අහිංසක මිනිසුන්ගේ දුක තේරුම් ගන්නා සෑම දෙමළ ජාතිකයෙකුම ළඟ එන ජනාධිපතිවරණය බරසාරව ගත යුතුව තිබේ. විවෘතව, අවංකව සහ පාරදෘෂ්‍ය භාවයකින් ඒ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයාට ඔවුන් සිය ඡන්දය පාවිච්චි කළ යුතුව ඇත. ඊළඟ ප‍්‍රශ්නය වන්නේ, අළුතෙන් පත්වන ජනාධිපතිවරයා/වරියගෙන් දෙමළ ජනයාට සෙතක් සැලසෙන්නේ කෙසේද යන්නයි.

2013 පෙබරවාරි මාසයේ මා ලියූ, ‘‘ජනාධිපතිතුමනි, ඔබව ද දෝෂාභියෝගයට ලක්කෙරෙනු ඇත’’ නැමැති ලිපියේ මෙසේ සඳහන් කොට ඇත: ‘‘ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා රනිල් වික‍්‍රමසිංහට හෝ සරත් ෆොන්සේකාට බොහෝ බාධක තිබේ. එහෙත් ඔවුන් මැතිණියට (චන්ද්‍රිකාට) සහයෝගය දක්වන අතර ඇයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසකගේ සහයෝගය ද ලැබෙනු ඇත. හැම විටකම, තීරණාත්මක ඡුන්දය ලැබෙනු ඇත්තේ උතුරු සහ නැගෙනහිරිනි. එම ඡුන්දය පාවිච්චි වන්නේ මැතිණියගේ වාසියටයි. උතුරු නැගෙනහිර ජනතාව දැනටමත්, වරක් තමන්ගේ ජීවිත විනාශ කළ හමුදාපතිවරයා වෙනුවෙන් තම ඡන්දය පාවිච්චි කොට තිබේ. රාජපක්ෂ හෝ මැතිණිය ශුද්ධවන්තයන් වන බවක් මෙයින් අදහස් නොවේ. ඔවුන් ද, දේශපාලනික, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතිකමය වශයෙන්, විශාල හානියක් උතුරු නැගෙනහිර ජනතාවට කර තිබේ.’’

*2014 සැප්තැම්බර් 11 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Common Presidential Candidate & Ethnic Conflict නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.