28 March, 2024

Blog

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්ගෙන් නීති විරෝධී චක්‍රලේඛයක්

සජීව චාමිකර

සජීව චාමිකර

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. . . කේ. රණවක මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා සියලූ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතරජයේ ඉඩම් මැන වෙන් කිරීමසඳහා වන චක්‍රලේකයක් 2021 අගෝස්තු මස 6 වන දින අංක 02/2021 යටතේ නිකුත් කර තිබේ. මෙම චක්‍රලේකය මගින් අවධානය යොමු කර ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥාපනතේ 8 වන වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය හා විශේෂ විධිවිධානවලට යටත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට රජයේ ඉඩම් විවිධ කාර්යන් සඳහා මැන වෙන් කරනු ලැබිය හැකි බැවින් විවිධ සංවර්ධන කටයුතු, ගම් පුළුල් කිරීම හා අනාගත සංවර්ධන කටයුතු සඳහා ආරක්ෂා කිරීමට ඉඩම් මැනීම් කර හඳුනා ගැනීමට කටයුතු කරන ලෙස .

එම චක්‍රලේඛයේ විශේෂයෙන් සඳහන් කර ඇත්තේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ, ලේකම් විසින් නිකුත් කළ 2020 නොවැම්බර් මස 04 වන දින අංක MWFC/01/2020 දරන චක්‍රලේඛයේ සඳහන් පරිදි මීට ප්‍රථම ප්‍රකාශිත 1998.07.01 දින අංක 05/98 දරන, 2001.08.10 වන දින අංක 5/2001 දරන හා 2006.05.17 වන දින අංක 02/2006 දරන චක්‍රලේඛ ත්‍රිත්වය අවලංගු කර ඇති බැවින් වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් හා වනජීවී සංරක්ෂණ ජනරාල් විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති වනජීවී ප්‍රදේශ හැර අනෙක් රජයේ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් භාරයේ තබා ගන්නා ලෙස .

සාවද්‍ය චක්‍රලේඛයක්

මෙම චක්‍රලේඛය අධ්‍යයනය කර බැලීමේ දී පෙනී යන්නේ එහි සාවද්‍ය කරුණු ගණනාවක් අන්තර්ගත වන බව . වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලබන්නේ 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥාපනතට අනුව හා 2009 අංක 22 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව . එම රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කරනු ලබන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් . මෙම චක්‍රලේඛයේ සඳහන් පරිදි වන සංරක්ෂණ ජනරාල් හෝ වනජීවී සංරක්ෂණ ජනරාල් (අධ්‍යක්ෂ ජනරාල්) විසින් ප්‍රකාශිත කිසිදු රක්ෂිත ප්‍රදේශයක් නොමැත. අනුව මෙය ඉතා දෝෂ සහිත චක්‍රලේඛයක් බව පෙනී යයි.

02/2021 චක්‍රලේඛය

වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම

මෙම චක්‍රලේඛයේ ප්‍රධාන නීති විරෝධී තත්ත්වය වන්නේ වන රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රදේශ හැර ඉතිරි ඉඩම් සංවර්ධන කටයුතු සඳහා, ගම් පුළුල් කිරීම සඳහා සහ අනාගත සංවර්ධන කටයුතු සඳහා මැනීම් කර ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් භාරයේ තබා ගැනීමට නියෝග නිකුත් කිරීම . මෙය වන සංරක්ෂණ ආඥාපනත සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමකි. වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තියට අනුව සංරක්ෂණ වනාන්තර, වන රක්ෂිත හා ගම්බද වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කළ වනාන්තර හැර රජයට අයත් සියලූ වනාන්තර මෙම වගන්තිය යටතේ පාලනය වේ. එම වනාන්තර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නොමැති අතර රජයේ ඉඩම්වල පිහිටි සියලූ වනාන්තර මෙම වගන්තියට යටත් වේ.

පනතේ 20(1) වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක ගස් කැපීම, කැනීම් කටයුතු සිදු කිරීම, ගිනි තැබීම, වනාන්තර එළි කර වගා කිරීම, ස්ථිර හෝ තාවකාලික ඉදිකිරීම් සිදු කිරීම, පාරවල් සකස් කිරීම, මායිම් සලකුණු වෙනස් කිරීම යන සියලු ක්‍රියා නීති විරෝධී වේ. මෙවන් නීති විරෝධී ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයකු රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට යටත් කළ හැකි . ඊට අමතර වනාන්තරයට සිදු කරන ලද හානියට වන්දියක් ලෙස අධිකරණය විසින් නියම කරන දඩයකට යටත් විය යුතු . 20(2)(1) වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක යම් වරදක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු වරදකරුවකු වන අතර එම දඩුවමට යටත් කළ හැකි .

05/98 හා 05/2001 අංක දරන චක්‍රලේක, අංක MWFC/01/2020 දරන චක්‍රලේඛය මගින් අහෝසි කරනු ලැබූව 2009 අංක 65 දරන පනතින් වන සංරක්ෂණ ආඥාපනත අවසන් වශයෙන් සංශෝධනය කිරීමේ දී මෙම චක්‍රලේඛ මගින් නෛතික ආවරණය ලබා දුන් සියලූ වනාන්තරවල ආරක්ෂාව පාර්ලිමේන්තුවෙන් සම්මත වූ මෙම පනතේ 20 වන වගන්තියට යටත් කර තිබිය දී චක්‍රලේඛයක් මගින් එම වනාන්තර වෙනත් ආයතනයකට පැවරීමේ කිසිදු නෛතික හැකියාවක් නොමැත. එමගින් සිදු කරන්නේ වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම පමණක් නොව රජයට අයත් වනාන්තර විනාශ කිරීමට ආධාර හා අනුබල ලබා දීමකි. මේ නිසා මෙම චක්‍රලේඛය නීති විරෝධී වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම

නීති විරෝධී ලෙස මෙම චක්‍රලේඛය ප්‍රකාශයට පත් කිරීමෙන් ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා සිදු කර ඇත්තේ නීතිය අතික්‍රමණය කිරීමකි. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවේ දැක්වෙන ලෙස ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු . වෙනුවට ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය මගින් සිදු කර ඇත්තේ වනාන්තර විනාශ කොට ජනතාවගේ යහපැවැත්ම සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කිරීම .

රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර නොමැති රජයට අයත් බොහෝ වනාන්තර ප්‍රදේශ වැව් හා ජලාශවල ජල පෝෂක ප්‍රදේශ වේ. එපමණක් නොව මෙම වනාන්තර රක්ෂිත ප්‍රදේශ අතර සම්බන්ධතාවය ඇති කරන අලිඇතුන්ගේ ප්‍රධාන වාසස්ථාන වේ. මීට අමතර තෙත් කලාපයේ පිහිටි බොහෝ රජයට අයත් වනාන්තර ප්‍රදේශ තුළ මෙරටට ආවේණික හා වඳවීමේ තර්ජනයට දරුණු ලෙස මුහුණපා ඇති විශේෂ ජීවත් වේ. මෙම වනාන්තර සංවර්ධන කාර්යන් සඳහා භාවිතා කිරීමෙන් සිදු වන්නේ පානීය ජල අර්බුධ හා කෘෂිකාර්මික වාරි ජල අර්බුධ ඇති වීමෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවන පැවැත්ම බිඳ වැටීමයි. එපමණක් නොව අලිමිනිස් ගැටුම වර්ධනය වීම හා තෙත් කලාපයේ ස්ථානීය ආවේණික ජීවී විශේෂ බොහොමයක් වඳ වී යාම මෙමගින් සිදු වනු ඇත. රජයට අයත් වනාන්තර ඉඩම් ලෙස රක්ෂිත වනාන්තර වලින් පරිභාහිරව ප්‍රතිශතයක් ලෙස වැඩි භූමි ප්‍රමාණයක පැතිර ඇත්තේ කඩොලාන වනාන්තර යි. මෙම වනාන්තර තුළ නොගැඹුරු මුහුදේ මත්ස්‍ය විශේෂ, ඉස්සසන් හා කකුළුවන් විශේෂ බෝවීම සිදු වේ. මීට අමතර කලපු ආශ්‍රිත සත්ත්ව විශේෂ සියල්ලේ බෝවීම සිදු වන්නේ කඩොලාන වනාන්තර තුළ . මේ නිසා මෙම චක්‍රලේඛයෙන් වැඩි හානිය කඩොලාන වනාන්තරවලට සිදු වීමට නියමිත අතර හේතුවෙන් කලපු හා සාගර ජීවීන්ගේ පැවැත්මට හා දීවර කර්මාන්තයේ පැවැත්මට දරුණු බලපෑම් එල්ල වනු ඇත.

සෞභාග්‍යයේ දැක්ම උල්ලංඝනය කිරීම

මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අට වන පරිච්ඡේදයේ දැක්වෙන තිරසර පරිසර ප්‍රතිපත්තියක් කොටසෙහි සඳහන් කර ඇත්තේ ජාතික වන වැස්ම 30% ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කරන අතර හානියට ලක් වූ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කරන බවත්, මිනිසා මෙන් අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කරන බවත් . නමුත් මෙම චක්‍රලේඛයෙන් සියල්ල බිඳ දමා ඇත

ඉතිරි වී ඇති වනාන්තර වලින් 12% ක් විනාශ කිරීම

වර්ෂ 2010 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ අවසන් වනාන්තර සංගණනයට අනුව මෙරට සමස්ත වනාන්තර ආවරණය හෙක්ටයාර 19,51,473 කි. එය මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් 29.7% කි. මෙම වනාන්තර ආවරණයට තෙත්, අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවල පිහිටි ඝන වනාන්තර, විවෘත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ, කඩොලාන වනාන්තර හා තෘණ භූමි අයත් වේ. මේ අතුරෙන් පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ සියයට 1.9 ප්‍රතිශතයකි. එනම් හෙක්ටයාර 1,23,302 කකි. ඉහළ කඳුකර වනාන්තර ප්‍රතිශතය සියයට 0.7 කි. එහි ප්‍රමාණය හෙක්ටයාර 44,758 කි. උප කඳුකර වනාන්තර ප්‍රතිශතය සියයට 0.4 කි. එහි ප්‍රමාණය හෙක්ටයාර 28,513 කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හෙක්ටයාර 11,21,392 ක් නැතහොත් සියයට 17.1 කක ප්‍රතිශතයක් පවතී. කඩොලාන වනාන්තර 0.2% ක් නැතහොත් හෙක්ටයාර 15,670 ක් පමණ වෙයි.

වර්ෂ 2014 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ යුතු යෝජිත රක්ෂිත හා රජයට අයත් වෙනත් කැලෑ ලෙස හඳුන්වන වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන වනාන්තර 103 ක් ඇති අතර ඒවායෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 2,24,564 ක් නැතහොත් අක්කර 5,79,608 ක් පමණ වේ. එම සියලු වනාන්තර මෙම චක්‍රලේඛය මගින් අහිමි කිරීමට නියමිත අතර එය වර්තමානයේ ලංකාවේ ඉතිරි වී ඇති වනාන්තර ප්‍රමාණයෙන් 12% ක් තරම් ඉහළ ප්‍රතිශතයකි.

වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රක්ෂිත ප්‍රදේශවල පිහිටීම. (තද කොළ පැහැයෙන් 02/2021 චක්‍රලේඛයට අනුව සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට යෝජිත වනාන්තර දක්වා ඇත)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේ අධ්‍යයනයට අනුව වනාන්තර ආවරණය.

අලිමිනිස් ගැටුම වර්ධනය කිරීම

අලිඇතුන් ඇතුළු බොහෝ වන සතුන්ගේ වාසස්ථාන මහා පරිමාණ සංවර්ධනයේ නාමයෙන් අහිමි කිරීම හේතුවෙන් අලිමිනිස් ගැටුම හා වන සතුන් හා මිනිසුන් අතර ගැටුම් වර්ධනය වී ඇත. මේ නිසා සුළු පරිමාණ ගොවීන් වගා බිම් වලින් ඉවත් වී එම වගා බිම් මහා පරිමාණ වාණිජ වගාවන් සඳහා විවිධ සමාගම් වලට ලබා දෙමින් තිබේ. 1990 වසරේ සිට 2000 වසර දක්වා කාලය තුළ දී වසරකට අලිමිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික අලින් 150 ක් හා මිනිසුන් 40 ක් පමණ මරණයට පත් තිබේ. 2010 සිට 2018 දක්වා කාලය තුළ අලිමිනිස් ගැටුම නිසා වසරකට මිය යන මිනිසුන්ගේ ප්‍රමාණය 80 දක්වා ත් අලි ඇතුන්ගේ ප්‍රමාණය 275 දක්වා මෙතෙක් ඉතිහාසයේ වර්ධනීය තත්ත්වයට පත් විය. තත්ත්වය ඉතා උග්‍ර මට්ටමකට පත් කරමින් පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලිමිනිස් ගැටුමේ වර්ධනීය තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් විය. එම වසරේ දී හානි කර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 406 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 122 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. 2020 වසරේ දී අලි මරණ 317 ක් හා අලින්ගේ පහරදීම් නිසා සිදු වූ මිනිස් මරණ 112 ක් වාර්තා වී විය. මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතූන් වී ඇත්තේ අලිඇතුන්ගේ වාසස්ථාන වන වනාන්තර හා තෘණ භූමි ශීඝ්‍රයෙන් විනාශ කිරීම, එම වාසස්ථාන කොටස් වලට බෙදී වෙන් වන පරිදි හානි කර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යි. මෙම චක්‍රලේඛයත් සමඟ රක්ෂිත වනාන්තර වලින් පරිබාහිර වියළි කලාපීය වනාන්තර සංවර්ධන ව්‍යාපෘති සඳහා මහ පරිමාණයෙන් භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ පවතින අලිමිනිස් ගැටුම තවත් උග්‍ර මට්ටමකට පරිවර්ථනය වනු ඇත.

චක්‍රලේඛය අහෝසි කර ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටුවීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කරමින් රටට දැවැන්ත විනාශයක් ඇති කිරීමට හේතු වන 02/2021 චක්‍රලේඛය අවලංගු කර ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයාට හෝ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට හෝ අවශ්‍ය පරිදි ඉඩම් පිළිබඳ තීන්දු තීරණ ගැනීම වෙනුවට 1987 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් නීති ගත කරන ලද 9 වන උපලේඛනයේ පළාත් සභා ලැයිස්තුවේ දෙවන පරිශිෂ්ටයේ සඳහන් පරිදිජාතික ඉඩම් කොමිෂන් සභාවක්පිහිටු විය යුතු . මෙම ජාතික ඉඩම් කොමිෂන් සභාවේ මූලික වගකීමක් ලෙස දක්වා ඇත්තේ රජයේ ඉඩම් පරිහරණය හා සම්බන්ධජාතික ඉඩම් ප්‍රතිපත්තියක්සකස් කිරීමයි. මත පදනම් ඉඩම් භාවිතා පිළිබඳ තීන්දු තීරණ ගත යුතු .

දෙවන පරිශිෂ්ටයේ 3 වන වගන්තියේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටු වීම, එම කොම්ෂන් සභාව රජයේ ඉඩම් භාවිතා හා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ වගකීම, මෙම කොමිෂන් සභාවට දිවයිනේ සියලූ පළාත් සභා වල නියෝජිතයන් ඇතුළත් වීම, ජාතික ඉඩම් කොමිෂන් සභාවට ස්වාභාවික සම්පත් කළමනාකරණයට අදාළ සමාජ ආර්ථික සාධක මෙන්ම, භෞතික සාධක ඇඟයීම සඳහා අවශ්‍ය අදාළ සියලු විෂයයන් නියෝජනය වන තාක්ෂණික ලේකම් කාර්යාලයක් ඇතුළත් වීම, ඉඩම් භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය දේශපාලනික වශයෙන් හෝ ජනවාර්ගික වශයෛන් නොව තාක්ෂණික සාධක මත පදනම් වීම, ඉඩම් කොමිෂන් සභාව විසින් පස, දේශගුණය, වර්ෂාපතනය, පස සේදීයාම, වන ආවරණය, පාරිසරික සාධක, ආර්ථික යෝග්‍යතාව ආදී කරුණු කෙරෙහි සැලැකිලිමත් ඉඩම් භාවිතා හා සම්බන්ධ පොදු න්‍යාය නියම කිරීම, පළාත් සභා වෙත පැවරෙන බලතල ක්‍රියාත්මක කිරීමේ දී පළාත් සභා විසින් ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කෙරෙහි නිසි පරිදි සැලැකිලිමත් තම බලබල ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු බව . නමුත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව අද වන විට වසර 34 ක් ගත වී ඇතත් මෙතෙක් බලයට පත් වූ සියළු රජයන් ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටු වීම හා මත පදනම් ඉඩම් භාවිතා තීරණය කිරීම හිතාමතා මඟ හැර ඇත. මේ නිසා මෙම චක්‍රලේඛ අහෝසි කර වහා ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටු වීමට කටයුතු කරන ලෙස අවධාරණය කර සිටිමු.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0

    සජීව චාමිකර මහත්මයා, ඔබට ස්තුතියි මේ දැනුවත් කිරීමට.
    ඔබ කියන කතාව සම්පූරණ ඇත්ත. පාර්ලිමේන්තුවේ සම්මත වුනු පනතක සඳහන් විධිවිධාන, නියෝග, රෙගුලාසි අමාත්‍යංශ ලේකම්වරයෙකුට නෙමෙයි ජනාධිපතිටවත් බැහැ චක්‍රලේඛනයකින් වෙනස් කරන්න. එහෙම කරන්න නම් ඒ පනතට සංශෝධනයක් ගෙනල්ල, ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත වුනාට පස්සේ තමයි ඒ සම්බන්ධව ජනාධිපති ලේකම් විසින් අදාල අමාත්‍යංශ, දෙපාර්තුමේන්තු වලට චක්‍රලේඛනයක් මගින් දැනුම් දෙන්නේ.
    ගෝඨාභය, වන සංරක්ෂණ ආඥා පනතින් වන රක්ෂණ දෙපාර්තුමේන්තුවට පවරා තිබූ අවශේෂ වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරමින් නිකුත් කල 01/2020 චක්‍රලේඛනය ගැන මීට කලින් ලියලා තියෙනව. ජනාධිපති කිව්වා කියලා වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්වරයාට බැහැ තමන්ගේ දෙපාර්තුමේන්තුවට වන රක්ෂණ ආඥා පනතින් පවරා දීපු වනාන්තර, චක්‍රලේඛනයකින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරන්න. කොහේ තියෙන බලයක්ද? ඒ චක්‍රලේඛනය සම්පූරණයෙන්ම නීති විරෝධියි. ඒ හින්ද, ඒ නීති විරෝධී චක්‍රලේඛනය යටතේ දේශීය හෝ විදේශීය කාටහරි ඉඩම් පවරලා තියෙනවා නම්, ඒ සියලු ඉඩම් රාජසන්තක කරන්න පුළුවන් කිසි වන්දියක් නැතුව.

    • 4
      0

      අනික තමයි ගෝඨාභයට ඕනේ විදිහට චක්‍රලේඛන අහෝසි කරන්නත් බැහැ. අමාත්‍යාංශ වල පරිපාලන නීති, එහෙම නැත්නම් රජයේ විවිධ සේවා වල නීති සම්මුති (Service Minute) වලට අලුත් නීති එකතු කලොත් ඔන්න ඒවා ගැන චක්‍රලේඛ නිකුත් කරන්න පුළුවන්.
      ගෝඨාභය හිතනවා එයා විධායක ජනාධිපති හින්ද පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන පනත් වලට උඩින් ගිහින් එයාට ඕනේ ඕනේ විදහට චක්‍රලේඛන නිකුත් කරලා නීති වෙනස් කරන්න පුළුවන් කියලා.
      ජනාධිපතිට විධායක බලය තිබුනට, එයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ සම්මත සියලු පනත් වලට යටත් බව කවුරුහරි අනේ කියලා දීපල්ලා.
      අනිත් එක චක්‍රලේඛනයක් කියන්නේ අභ්‍යන්තර ලියවිල්ලක්. ඒකෙන් බැහැ අමාත්‍යංශ දෙකක විෂය පථ ඕනේ ඕනේ විදහට මාරු කරගන්න ඒ මොකොද කිව්වා නම් හැම අමාත්‍යාංශයකටම, හැම දෙපර්තුමේන්තුවකටම බලපාන වෙනම පනත් තියෙනව. අමාත්‍යාංශ විෂය පථ මාරු කරගන්න ඕනේ නම්, අදාල පනත් දෙකටම සංශෝධන ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න ඕනේ.

      • 4
        0

        දැන් මේ ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කරලා තියෙන චක්‍රලේඛනයේ කියන විදිහට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිත/අවශේෂ වනාන්තරවල හෝ ඉඩම් වල කිසිම සංවර්ධන කටයුත්තක් කිරීම නීති විරෝධියි. හේතුව, ඒ වනාන්තර හෝ ඉඩම් වල නීත්‍යනුකූල අයිතිය තියෙන්නේ වන රක්ෂණ දෙපාර්තුමේන්තුවට නිසා.
        ඒ විතරක් නෙමෙයි වන ජීවී දෙපාර්තුමේන්තුවට හෝ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට අයත් කිසිම ඉඩමක, අභය භූමියක හෝ වනයක සංවර්ධන කටයුතු කිරීමත් නීති විරෝධියි. උදා: යාල. යාල කියන්නේ අභයභූමියකට වඩා මහා ඓතිහාසික වටිනාකමක් තියෙන පුණ්‍ය භූමියක්. මේ දක්වා ඒ පින්බිම ආරක්ෂා කරගෙන හිටියේ කැලේ සත්තු. රටක ඉතිහාසයක්, වටිනාකමක් නොදන්නා දෙපා සත්තුන්ගෙන් යාල පින්බිම ආරක්ෂා කරගන්න බැරි අපෙන් ඇති වැඩේ මොකක්ද?
        .
        වන සංරක්ෂණ ආඥා පනත, වනජීවී ආරක්ෂණ ආඥා පනත, පුරාවිද්‍යා සංරක්ෂණ පනත, පරිසර පනත වැනි සියලු පනත් හදලා තියෙන්නෙම වනාන්තර, අභය භූමි, පුරාවිද්‍යා බිම්, පුරාවිද්‍යා ස්මාරක, පුරාවිද්‍යා ගොඩනැගිලි, වාරිමාර්ග සහ ස්වභාවික පරිසරය, වානිජමය අපයෝජනයෙන් හෝ උපයෝජනයෙන් ආරක්ෂා කරගන්න (to be protected from commercial exploitation or utilization). එතකොට මේ චක්‍රලේඛන නිකුත් කරලා තියෙන්නේ එහෙම වානිජමය කටයුතු වලට පාවිච්චි කරන්න කියල. එහෙම කොහොමද කරන්නේ? ඒක නීති විරෝධියි.

        • 4
          0

          මේ අමාත්‍යංශ ලේකම්වරු, දෙපාර්තුමේන්තු ප්‍රධානින් රාජ්‍ය පරිපාලන සේවයේද? එහෙනම් කොහොමද මෙහෙම වැරදි කරන්නේ? අද වෙනකොට නම් රාජ්‍ය පරිපාලන සේවය බිඳ වැටිලා හොඳටම. කොන්දක් නැහැ. මේ නිලධාරීන්ට තියෙන ප්‍රශේනේ ඔවුන් රටේ ඉතිහාසය දන්නේ නැතිකම. අපේ සිංහල මුතුන්මිත්තෝ රාජ්‍ය පරිපාලනය ඉගෙන ගත්තේ සුද්දන්ගෙන් නෙමෙයි. සුද්දෝ එනකොටත් අපේ රටේ ඉතා විධිමත් ක්‍රමවත් රාජ්‍ය පරිපාලනයක් තිබුණු බව ඉස්කෝලේ යන ළමයිනුත් දන්නවා.
          පෘතුග්‍රීසීන් ඉඩම් මනින්න එන්න කිව්වහම අපේ සිංහල විදානෙලා ගිහින් තියෙන්නේ ලේකම් මිටි අරගෙන. සියලු ඉඩකඩම්, ඒවායේ මායිම්, ප්‍රමාණයන් සියල්ල ඉතාම ක්‍රමවත්ව පුස්කොල පොත් වල ලියලා මිටි බැඳලා තිබුනලු. අඩු ගානේ රාජ්‍ය පරිපාලන නිලධාරීන් අපේ රජවරු පෘතුග්‍රීසීන් සහ ලන්දේසින් එක්ක අත්සන් කරපු ගිවිසුම්වත් බලන්න එපෑය. මොන තරම් ක්‍රමනුකූලද? පුදුම හිතෙනවා කියෙව්වහම.

        • 1
          1

          මී හරක් බහුතරයක් සිටින තැන, සිංහයින් එම කාර්යය නිසි ලෙස ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නේ කෙසේද? එය හරියට pigරන් කෙදිනක පියාඹයිද කියා බලා සිටීම හා සමානයි. අද වන විට ගෝඨාභය හිස් භාජනයක් වී ඇත. ඔහුගේ මැදිහත් වීමෙන් එක දෙයක්වත් හොඳින් කළමනාකරණය කළ බවක් නොපෙනේ. මට අපේ මෙහෙකාර කාන්තාව රටේ ජනාධිපති ලෙස පත් කළ හැකි නමුත් අපි එය පැහැදිලිව දනිමු, එම රැකියාව කිරීමට ඇයට දැනුමක් නැති බව. නමුත් මෝඩ පිරිමින් සහ ගැහැනුන් ආධිපත්‍යය දරන ජාතියක මෙවැනි වර්ධනයක් ඇති විය හැකිය.

      • 2
        1

        මිථ්‍යා විශ්වාස වලින් මේ රට මුළුමනින්ම නොමඟ යවා ඇත. මේ සියල්ලටම අර්ථයක් තිබේ නම්, එන්නත් පසුපස යාම වෙනුවට, කොවිඩ් රෝගීන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා පිරිත් සජ්tedායනය කළ නූලක් ප්‍රමාණවත් වනු ඇත. ලොකුම මෘගයාගේ නිදහස ලබා ගැනීම හැර මෙම ව්‍යාජ භික්ෂූන් වහන්සේලාට කරන්නට වඩා හොඳ දෙයක් නැත. සත්වයාට භාෂාවක් කථා කිරීමට හැකි නම්, “මගේ නිදහස නැති කර ගන්න එපා” යනුවෙන් ඔහු ප්‍රකාශ කරනු ඇත:
        https://www.youtube.com/watch?v=wjsXmcllBw8

    • 2
      1

      අද රටට වෙලා තිබෙන්නෙ, වත්තකර හොරු රැලක් පැනල වත්තෙ කන බොන හැමදෙයක්ම හොරු අරගෙන එනමුත් අසල්වාසීන්ගේ උදව සමග එවුන් සුදනන් විතියට කාලය ගත කරන වාගෙ දෙයක්. රටේ මිනිසුන් මැරෙන්න ඉඩ දීල මේ පාහර බල්ලන් මේ රටට මේ කරගෙන යන විනාශය අපිට නැවත නැති කරගන්න්නට බැහැ.. කෝවිඩ් මරන එන්න එන්නම වැඩි වෙනව.. රටේ ජනපති කමට තේරි පත් වෙල ඉන්න සුනකය… කියනව… මම ඔය කියන දොස්තරල කියන දේවල් ගනන් ගන්නෙ නැහැ, මේ රට ලොක් ඩෞන් එකකට යන්නෙ නැහැ කියල උගේ අම්මගේ බලයක් මේක.. මේ රටේ පින්ග්න්නු වාගේ ජනතාවට මේව පාඩම් වේ විද යන්න තව දුරටත් පුරශන්යක්.
      .
      මේ රට එවුන්ගේ පිදගලික ඉඩමක් බවට පත්වෙලා මේ වෙන විට… මේක ඉතාම දරුනු තත්වයක්. . මම නම් ඔය බල්ලන්ට ගරු කරන්නෙ නැහැ රටේ නායකයො කියල මන්ද අහින්සක මිනිසුන් අද වින්දින දුක නිසාම මහින්ඩ රාජපකශ් කියන පාහර බල්ලහ් මැරිල වැටිය යුතුයි එන දවස් වල වත්.. ඒකගේ බල ලෝබි කම නිසා රස්තියා කිසිම දැනුමක් නැති ගෝටබය මේ රටේ ජනප්ති උනේ. එවුන්ට ඕන වෙලා තිබුනේ එවුන්ට විරුද්දව දමල තිබුන නදු හබ හැම එකක්ම ඉවත් කරගැනීම…

    • 1
      1

      චම්පා, ඔබ වැනි මිනිසුන් අද අපේ නිරයේ දුර්ලභ ය. මගේ කුඩා අවධියේදී, එනම් 70 දශකයේ, බුද්ධගම භික්ෂුවක් යමක් ප්‍රකාශ කර ඇත්නම් එය කරුණු සහ සංඛ්‍යා වලින් සමන්විත ය. අද අන්තර්ජාලය ලෝකය තුළ විප්ලවීය වෙනසක් සිදු කළත් අපේ භික්ෂූන් වහන්සේ යම් යම් හේතූන් මත අසරණ ජනතාව නොමඟ යවන සුළුයි. ඒ දවස්වල මේ රට හොඳ ආදර්ශමත් ස්ත්‍රීන් හා පුරුෂයන්ගෙන් පිරී තිබුනත්. එපමණක් නොව, අපේ ඊනියා “අබ්බගාතයන්” සහ “වත්කම්” යැයි කියමින් යන්න, නමුත් වංචනිකභාවය වටරවුමක ධාවනය කිරීමට සමාන නොවන බැවින් පසුගිය දශක 7 තුළ රට සංවර්ධනය කිරීම සඳහා සුළු දෙයක් නොකළේය. අපි නැවත නැවතත් එකම තැන පල්වෙමින් සිටින්නෙමු.
      අපේ ඊනියා හපන්කම් ගැන ඔබ ආඩම්බර වන නමුත් පාලකයන් තේරී පත්වන්නේ එකම ඡන්දදායකයින් විසින් ය, නැවත නැවතත් නොමඟ යැවීම නිසා මේ රට ආපසු හැරවීමට කිසිවකට නොහැකි ය. රාජපක්ෂලා කවුරු යැයි ඔවුන් සිතන්නේද, තම තරුණයන් සඳහා කොල්ලය මත යහපත් අනාගතයක් ගොඩනඟා ගැනීම සඳහා සාක්කු පුරවා ගැනීමේ උපක්‍රම දිගටම කරගෙන යාමට හැකි වූ නිසා ඉඩම විකිණීම යැයි ඔවුන් සිතන්නේ කවුරුන්ද යන්නයි. රාජපක්ෂලා මේ දක්වා රැස් කර ඇති වත්කම් ගැන සාධාරණව කරුණු කාරණා අපට කරුණු පහදා දීමට කරුණාකර ඔබට හැකි නම් මම ඔබට අභියෝග කරමි. බැලූනයක් පුපුරවා ප්‍රහේලිකාවක් ඉතිරි කරනවාක් මෙන්, රාජපක්ෂවරුන් වටා ඇති සෑම දෙයක්ම පාහේ ඉක්මනින් පහව යනු ඇත. අතීතයේ අන් කවරදාටත් වඩා මිනිසුන්ගේ වෛරය අද වේගයෙන් ඉහළ යමින් පවතී.

  • 2
    0

    මේ ඉතුරු ටික ලියන්න හිතුවේ ලංකාවේ පුරාවිද්‍යා මහාචාර්යවරයෙක් මරක්කලයන්ට ඉතිහාසයක් හදලා දෙන්න උත්සහ කරනවා වගේ දැක්ක නිසා. හරියට ලන්දේසින් සහ ඉංග්‍රීසින්, දෙමළුන්ට නැති ඉතිහාසයක් හදලා දුන්න වගේ, මරක්කලයනුත් අනාගතයේ කියන්න පටන් ගනියි අපේ සිංහල රට ඔවුන්ගේත් නිජබිම කියලා. මේ තිර පිටපත් හදන්නේ කවුද කියලා පැහැදිලියි.
    .
    ක්‍රිස්තු වර්ෂ 1505 නොවැම්බර් ලොරෙන්සෝ ද අල්මේදා එක්ක නමවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ හෙවත් ධර්ම පරාක්‍රමබාහු රජ්ජුරුවෝ කෝට්ටේදී අත්සන් කරලා තියෙන්නේ ආරක්ෂක ගිවිසුමක්. ඒ ගිවිසුමට අනුව, රජ්ජුරුවෝ පෘතුග්‍රීසීන්ව කුලියට අරන් තියෙනව අවුරුද්දකට කුරුඳු මිටි 400කට, ලංකාවේ සියලු වරායවල් ආරක්ෂා කරන්න. මිටි කිව්වට එක මිටියක් හොන්ඩර 1ක්, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 100ක් බරයි. වඩාත්ම වැදගත් කාරණය, ධර්ම පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට කාගෙන්ද වරායවල් ආරක්ෂා කරගන්න ඕනේ වෙලා තිබුනේ? මුවර් නමින් හඳුන්වපු, වෙළෙඳුන් වේශයෙන් ආපු, අරාබි මුහුදු මංකොල්ලකාරයන්ගෙන් සහ මලබාරයෙන් හෙවත් දකුණු ඉන්දියාවෙන් ආපු මලබාරි මුහුදු මංකොල්ලකාරයින්ගෙන්. ලොරෙන්සෝ ද අල්මේදාගේ නැව අපේ රටට ගසාගෙන එනකොට කොළොම්තොට තිබිලා තියෙන්නේ අරාබි මුහුදු මංකොල්ලකාරයන් අතේ. තව විස්තර තියෙනව.
    ලන්දේසින් එක්කත් දෙවෙනි රාජසිංහ රජ්ජුරුවෝ අත්සන් කරල තියෙන්නේ පෘතුග්‍රීසීන් එලවන්න ලන්දේසි හමුදාව කුලියට ගත්ත ආරක්ෂක ගිවිසුමක්. නමුත් ලන්දේසින් ගිවිසුම කැඩුවා. උඩරට ඉංග්‍රීසි ගිවිසුම වෙනස්. තනිකරම පාවා දීමක්.
    දැන් මේවා අපිට ඉස්කොළවල ඉගැන්නුවේ නැහැනේ. අපි අපේ නිවැරදි ඉතිහාසය පුළුවන් ඉක්මනට ලියන්නම ඕනේ. නැත්නම් හරියන්නේ නැහැ.

    • 2
      0

      අනිත් කාරණාව, සෙනරත් රජ්ජුරුවෝ මලබාරින්ට ඉඩම් දෙනකොට, ඒ ලියවිලි වල ලියලා තියෙන්නේ “පරදේශී” කියලා. එහෙම ලියලා තියෙන්නේ ස්වදේශීන්ගෙන් වෙන් කරලා හඳුනා ගන්න සහ ස්වදෙශීන්ට හා සමාන අයිතිවාසිකම් පරදේශීන්ට නැති බව පෙන්වන්න. ඒ වගේම ඒ ලියවිලි වල ලියලා තියෙනව, අදාල ඉඩම දුන්නු පරදේශීයා මැරුණට පස්සේ ඒ ඉඩම නැවත රජ්ජුරුවන්ට අයිති වෙනවා කියල.
      ඒ හින්ද ඔවුන් රටේ නීතියට අනුව ජීවත් වෙන්නේ නැතුව අපේ ඉතිහාසය මකන්න හදනවා නම්, අපේ විහාර දේවාලගම් පාලනය ඔවුන් අතට ගන්න හදනවා නම්, අපේ භාෂාව මරන්න හදනව නම්, අපේ පෞරාණික නටබුන් විනාශ කරලා ඒ මත පල්ලි කෝවිල් හදන්න හදනවා නම්, අපේ පන්සල් ඉඩම් නීති විරෝධිව අල්ල ගන්න හදනව නම්, අපිට ඕනේ තරම් සාක්කි තියෙනව ඔවුන්ට මේ සිංහල රටේ එවන් දේ කරන්න කිසිම අයිතිවාසිකමක් නැති බව පෙන්වන්න.
      මොකෙක් හරි කියන්න එනවා නම් අපේ සිංහල රට ඔවුන්ගේ නිජභූමි කියලා, අපිට ඕනේ තරම් සාක්කි තියෙනව එහෙම අයිතියක් නැති බව පෙන්වන්න.
      දැනුත් සිංහල අපේ රට අල්ලන් ඉන්නේ හෝ නොදැන මිනිස්සු බාර දුන්නේ පරදේශින්ට. ඉතිහාසය බලන්නේ නැතුව වුනත්, වර්තමානයේ වැඩ කරන විදිහෙන් තේරෙනවා පරදේශීන් බව. පුළුවන් තරම් ඉක්මණට අපේ රට නැවත ස්වදේශීන් අතට අරගෙන, සිංහල අපේ නිවැරදි ප්‍රෞඩ ඉතිහාසය අනාගත පරම්පරාවට ලියලා තියන්න ඕනේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.