28 March, 2024

Blog

මනෝමය රාජ්‍ය හා හිතුවක්කාර ආණ්ඩුක්‍රමය

බැසිල් ප්‍රනාන්දු

බැසිල් ප්‍රනාන්දු

මේ දිනවල ප්‍රසිද්ධ සාකච්ඡාවේ මූලිකම තේමාවක් බවට පත්වී තිබෙන්නේ ප්‍රසිද්ධ ආයතන භාරව කටයුතු කරන නිළධාරීන්ගේ ස්වාධීනතාවය පිළිබදව ප්‍රශ්ණයය. උදාහරණයක් වශයෙන් රටේ උද්ධමනය පිළිබදව කතා කිරිමේදී උද්ධමන පාලනය පිළිබදව මධ්‍යම රාජ්‍ය බැංකුවේ අදාල නිළධාරීන් මෙම උද්ධමනය පාලනය කිරීමේ වගකීම් භාරය දරන්නෝ වෙති. කොරෝනාව මර්ධනය කිරීමේදී එය පාලනය කිරීමේ වගකීම පැවරෙන්නේ වෘතීමය වශයෙන් සුදුසුකම් ඇති වෛද්‍ය විශේෂඥයන්ටය. මේ ආකාරයට රටේ සියලුම කර්තය්‍යන්හිදී ඒ ඒ කටයුතු භාරව කටයුතු කරන ප්‍රසිද්ධ නිළධාරීන්ට ස්වාධීනව ඔවුන්ගේ කටයුතු කිරීමට ඉඩදීම පමණකින් මිස වෙන ආකාරයකින් රජ්‍යයකට තමන් විසින් ඉටු කල යුතු යුතුකම් ඉටු කිරීමට හැකියාවක් නැත.

එහෙත් ඇත්තටම සිදුවන්නේ මේ සියලුම අංශයන්හි සේවය කරන වෘතීමය නිළධාරීන්ට ඔවුන්ගෙන් ඉටුවිය යුතු කාර්ය සිදු කිරීම සදහා අවශ්‍ය වන ස්වාධීනත්වය යටපත් කර ඇති බවය. විවිධ මාර්ග වලින් ආණ්ඩුව පාලනය කරන්නන් විසින් කෙලින්මමේ සියලුම කටයුතු වලට මැදිහත් වන අතර විවිධ බලපෑම් මාර්ගයෙන් අදාල ස්වාධීනත්වයෙන් යුතුවමේ කටයුතු කිරීමට බැරි තත්වයක් නිර්මාණය කොට ඇත. එනම් ආණ්ඩුව ගෙනයනු ලබන්නේ හිතුවක්කාර ආකාරයෙනි.

මෙම දෙබඩි තත්වය නිසා අදාල වෘතීය කටයුතු කරන නිළධාරීන් තුලද විශාල ව්‍යාකූලත්වයක් මෙන්ම තමන්ට අවශ්‍ය ස්වාධීනත්වය නැති බව පිළිබදව ගැඹුරු හැගීමක්ද වර්ධනය වී පවතී. එම ගැඹුරු හැගීම මගින් ඔවුන්ගේ හැසිරීම් රටාවද බොහෝ දුරට නිර්මාණය වී ඇත.

මේ නිසා ප්‍රසිද්ධ ආයතන වල නායකත්වයන්ට ඔවුන්ගේ වැඩ කටයුතු කිරීමට ස්වාධීනත්වය දිය යුතු බව පිළිබදව ඉතා ප්‍රභල ප්‍රකාශනයන් මේ කාලයේදී නැවත නැවත ප්‍රකාශයට පත් වේ. සමාජයේ ප්‍රධාන ඉල්ලීමක් වශයෙන් ගොඩනැගී ඇත්තේ රජ්‍යතන්ත්‍රයේ ප්‍රසිද්ධ ආයතනවල නායකත්වය දරන නිළධාරීන්ට ඔවුන්ගේ රජකාරීය වෘතීය වශයෙන් බලාපොරොත්තු වන ආකාරයට කල හැකි නිදහස ඔවුන්ට භාරදෙන ලෙසය. මෙයින් කෙලින්ම කියවෙන්නේ මෙවනිදේ පිළිබදව ආණ්ඩුව කෙලින් හෝ වක්‍රව මෙම නිළධාරීන්ගේ නිදහසට බාධාවන ආකාරයෙන් කටයුතු නොකල යුතු බවයි.

මේ තත්වය තුල රටේ ඇති ගැටලුවක් ඉස්මතු කරන නමුත් එය විසදිය යුතු ආකාරය පිළිබදව සාකච්ඡාවක් තවමත් පැන නැගී නැත. සැබෑ තත්වය නම් මේ ආණ්ඩුව තුලදී පමණක් නොව පසුගිය දශක ගනනාවකදී පැවති සියලුම ආණ්ඩු ප්‍රසිද්ධ ආයතනවල නායකත්වය දරණ නිළධාරීන්ගේ ස්වාධීනත්වය නැති කිරීම සදහා ඉතා ප්‍රභලව කටයුතු කොට ඇත. මේ නිසා රට පුරා පවතින සැබෑ සම්ප්‍රධාය නම් ප්‍රසිද්ධ ආයතන වල නායකත්වයන්ට තිබිය යුතු ස්වාධීනත්වය යටපත් වීමට ඉඩහැර තිබීමය. එය පවතින සැබෑ තත්වයයි.

මෙම සැබෑ තත්වය රටේ පවතින සෑම ප්‍රශ්ණයක්ම විසදීමට පවතින විශාලම බාධකය බවට පත්වී ඇත. මහ බැංකුවට අදාල නිළධාරීන්ට උද්ධමනය පාලනය කිරීම සදහා ගත යුතු පියවර ගැනීමට ස්වාධීනත්වය නැති කමින් උද්ධමනය හා එයින් පැන නගින බඩුමිල ඉහල යෑම් නොකඩවාම එසේම කෙරීගෙන යයි. කොවිඩ් මර්ධනය පිළිබදවද පවතින්නේ එම තත්වයමය. වෛද්‍ය වෘතිකයන් මෙන්ම රටේ බුද්ධිමත් සියලු දෙනා මෙම ප්‍රශ්ණය පාලනය කිරීමේ වගකීම අදාල වෛද්‍ය විශේෂඥයන්ට බාරදී ඔවුන්ට ඒමත ස්වාධීන තීරණයක් ගැනීමට ඉඩ තිබුනත් එය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් රට තුල දැන් පවතින මෙම සම්ප්‍රධායික තත්වය නිසා ඉටුකර ගත නොහැකි අරමුණක් බවට පත්වී ඇත.

මෙම වෘතීමය නිදහස දෙන ලෙස ඉල්ලීම ප්‍රභල වූවත් ඒ ඉල්ලීම ඉටු කර ගැනීම සදහා සිදුවිය යුතු පරිවර්තනය කුමක්ද යන්න පිළිබදව කිසිවෙකුත් සාකච්ඡා නොකරයි. හිතුවක්කාර ආකාරයකට නිර්මාණය වී ඇති ආණ්ඩුවක ගති පැවතුම් වලට කොපමණ විරුද්ධ වූවත් එම විරුද්ධත්වය නිසාම තත්වය වෙනස් නොවේ. සමාජයෙන් පැන නගින විරෝධතාවය පවා නොතකා හිතුවක්කාර බාවය උඩ පදනම් වී ඇති සම්ප්‍රධායික ක්‍රමය හොද අතකට වෙනස් නොවනවා පමණක් නොව වඩාත් නරක අතටම පත් වේ.

එම නිසා මෙම සාකච්ඡාවේ ඊළග අවධිය යුතු වන්නේ රාජ්‍ය ආයතනවල නිළධාරීන්ට තිබිය යුතු ස්වාධීනත්වය ඇති කර ගැනීම සදහා පසුගිය දශකයන් තුල වර්ධනය වූ සම්ප්‍රධායික හිතුවක්කාර පාලනය නැතිකර ගත යුත්තේ කෙසේද යන්න පිළිබදව ඉතා ගැඹුරින් හා දීර්ඝව සාකච්ඡා කිරීමය. එම ප්‍රශ්ණය නොවිසදනතාක් දුරට වෘතීකයන්ට වෘතීය නිදහස නැතිකම නිසා ඔවුන්ගේ කාර්යභාරයන් ඉටු කිරීමට ඇති හැකියාව නොපවතිනු ඇත. මෙහි ප්‍රතිඵලය දැන් පැහැළිවම පෙනෙන ආකාරයට, වඩ වඩාත් උද්ධමනය හා එයින් වැඩි වන බඩු මිළ පාලනය කල නොහැකි වීමත්, කොවිඩ් මර්ධනය වැනි ඉතා දරුණු ප්‍රශ්ණයක් පවා වඩ වඩා වැඩෙන්නට ඉඩ දීමෙන් එය විසදා ගැනීමට හැකි වෙනත් මාවතක් නැතිකර දැමීමත්ය.

හුදෙක් වෘතීකයන්ගේ ස්වාධීනත්වය නැතිවීම පිළිබදව විවේචනය කිරීම පමණක් නොසෑහේ. එම ස්වාධීනත්වය ඇති කර ගැනීම සදහා රජ්‍යතන්ත්‍රය තුල ඇතිවිය යුතු වෙනස ඇතිකර ගැනීම සදහා අධාරකාරී වන තැනට දැන් පවතින සාකච්ඡාව වැඩි දියුණු කර ගත යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    1

    රජය මළ සිරුරු මත බලයට පත් වූයේ අමු අමූලික බොරු පතුරුවමින් සහ අද අප එය අත්විඳින විට, ඔවුන්ගේ පාලනය අද දින වැඩි වෙමින් පවතින මරණ සමඟ වැඩි වෙමින් පැයෙන් පැය වැඩි වෙමින් පවතී.

    ඔවුහු සිංහල ජාතිවාදය පුනර්ජීවනය කරමින් ගීත පෙළ කියවූහ.

    දේශපාලන පෙළපාළි වල නායකත්වය ගත්තේ සිවුරු පොරවාගත් භික්ෂූන් වහන්සේලා ය.

    ඔවුන් හිතාමතාම මුස්ලිම් වෛද්‍යවරුන්ට සහ ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ට එරෙහිව මැලච්චා පදනම් කරගත් කතන්දර පින්තාරු කළහ. සියළුම සහජීවන බලවේග සහ ක්‍රියාකාරකම් විවිධාකාර අපරාධකරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ඉහළ චෝදනා ලැබිය හැකි අපරාධකරුවන්ගෙන් පිරී සිය ජාතිකවාදී බලවේගයන් බවට පත් විය.

    2019 පාස්කු ඉරිදා සිදු වූ කුරිරු ඛේදවාචකයෙන් දහසකට හෝ වැඩි පිරිසකට තුවාල සිදු කරමින් 300 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූවන්ට යුක්තිය ඉටු කිරීම සඳහා තවමත් කිසිවක් පුරවා නැත.

    https://www.youtube.com/watch?v=w5qL0enVdt0

    • 1
      0

      https://www.youtube.com/watch?v=vrpQOxv14-0

      ජනතාවම මුලා කිරීම, දැඩි ලෙස අවදානමට ලක්විය හැකි කොටස් වංචනික දේශපාලනඥයින්ට සහ මාධ්‍ය මාෆියා ජාල වැඩ සඳහා ලාභ ව්‍යාපාරයක් වී ඇත. රෝගයක් වුවද, COVID කෙරෙහි අවධානය යොමු කරමු, එය අනෙක් ඒවාට වඩා සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සමාජ කණ්ඩායම් සහ පහසු ඉලක්ක වලට පහර දෙනු ඇත. දේශපාලනඥයින් විසින් අතහැර දැමූ බොරු පොරොන්දු වලින් පිරුණු වාචික අදහස් සමාජයක වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් වලට බෙහෙවින් බලපායි.

      රාජපක්‍ෂ දේශපාලනයේ මූලික ස්වභාවය මෙයයි. ලාංකේය දේශපාලනය තුළ කුණු වී ඇති, මහින්ද රාජපක්‍ෂ සහ දුප්පත් රටවල සමාන නායකයින් හොඳින් දනිති, මිනිසුන් තම දේශපාලන පැවැත්ම සඳහා මෝඩයන් විය යුතු බව. මිනිසුන් වහලුන් මෙන් රැඳී සිටින තාක් කල් රාජපක්ෂලා හෝ ඒ හා සමාන කුරිරු දේශපාලනඥයින් විසින් මෙහෙයවනු ලබන පක්ෂග්‍රාහී මාධ්‍ය ජාල හරහා ඔවුන්ගේ දැනුම හුවමාරු වනු ඇත. වර්තමාන විප්ලවීය තොරතුරු තාක්‍ෂණ විද්‍යාවේදී මාධ්‍යයන් සඳහා මහජනයා වෙනුවෙන් තම රාජකාරිය කළ හැකි නමුත් ඔවුන් ඔවුන්ගේ ආත්මාර්ථකාමී වාණිජමය වාසි කෙරෙහි දැඩි ඇල්මක් දක්වති.

      යහපාලන පාලනය ඉදිරියට යමින් සිටියදී හූසානා වාදනය කරන මාධ්‍ය විසින්ම රාජපක්ෂවරුන්ට ක්‍රියාශීලීව සහ සහයෝගය දැක්වූහ. එය ජනප්‍රිය නොවන බවට පත් වූයේ එලෙස ය. නමුත් අද සත්‍යයන් හෙළිදරව් කරන්නේ, පොහොට්ටුව සදහටම වියැලී යනු දැකිය හැකි සේ සියළුම විකාර ක්‍රියා සහ පොරොන්දු අද මිය යන විටය.

      ගෞරවනීය නීතීඥ කොඩිතුවක්කු මහතා ඉතා පැහැදිලිව කියන පරිදි, අපරාධකරුවෙකු ලෙස පත් කිරීමෙන් පසු එහි ප්‍රතිවිපාක අද ජාතිය ඉදිරියේ තිබේ. ඔවුන්ගේ සාර්ව කතා නොමග යවා හෝ කොක්කෙන් හෝ ඇදගෙන බලය ඇදගෙන යාමට මඟ පෑදුවද වත්මන් රජය විසින් කුඩා ගැටළුවක් වත් ඔප්පු කළ නොහැක. මැරයන්/චෝදනා ලත් ඉහළ අපරාධකරුවන් සමූහය මත තබා තිබූ විශ්වාසය ජනතාවට මුළුමනින්ම අහිමි වී ඇත.

      මෙය ඉහත කී වංචනික කණ්ඩායම් වල දීර්ඝ කාලීන සහජීවනයක් විය. එහි තේරුම නම්, ඔවුන් එකිනෙකා ආපසු ගැනීම සඳහා වූ ගනුදෙනුවක පැටලී ඇති බවයි. මාධ්‍ය මහජනතාවගේ පැත්ත ගත යුතුයි. මේ රටේ ජනතාව හොඳින් දැන සිටිය යුතු දේ මෙය විය යුතුය.

      එය සිංහල බෞද්ධ මත පදනම් වූ නූගත් හා උගත් ජනතාවගේ මානසික වහල් භාවය හා සැසඳිය හැකිය (එය බුදුන් වහන්සේ විසින් උගන්වන ලද නියම බුදුදහම නොවේ).

      contd

    • 1
      0

      හදවතක් නැති මිනිසෙකු වැනි සත්වයෙක් වැනි පුද්ගලයෙක් ජනාධිපති වී ඇත. ඉහළ අපරාධකරුවෙකු දයාව නොදක්වන හෙයින් ගෝඨාභය කිසි දිනෙක දයානුකම්පිතව හා හෘදයාංගමව ප්‍රතික්‍රියා නොකරනු ඇත. ඔහු හෘදයාංගම පුද්ගලයෙක් වනු ඇතැයි යමෙක් බලා සිටී නම්, එය “සූකරයා පියාඹයි” යැයි බලාපොරොත්තු වනවා වැනිය:

      https://www.youtube.com/watch?v=3nMpUjLxxs4

      කෙසේ වෙතත්, අද වන විට නව ජනතාව බේරා ගැනීම සම්බන්ධයෙන් රජය වඩාත් නිවැරදි ක්‍රියාමාර්ග ගන්නා බවට ලකුණක් නොමැත.
      සමහරු හොඳ විකාරයක් කියති, නමුත් නවීන මෝඩ මිනිසුන් ගැන අපට කණගාටුයි. සැකයක් නැත, පසුගිය රජය බලයේ සිටියේ නම්, මහජනතාවගේ යහපත සඳහා හොඳින් වැඩ කළ හැකි වනු ඇත, ඇත්ත වශයෙන්ම සොරිසෙනා පිස්සු නොවී සිටියා නම්.

      මැර කණ්ඩායමට ඡන්දය දීමට මිනිසුන් සිහිසුන්ව සිටිය යුතුව තිබුණි. උසස් අපරාධකරුවන් නායකයන් ලෙස තෝරා ගැනීමේ මෝඩ ඡන්දයෙන් මිනිසුන් ඉතා මෝඩයන් ලෙස ඉපදුණු බව ඉතා පැහැදිලිව පෙනුණි.
      ජනමාධ්‍ය උපක්‍රම මඟින් මිනිසුන් ක misර ලෙස නොමඟ යවන ලදි, එනම් ඝාතනයට ලක් වූ කාන්තාවන් දූෂණයට ලක් කිරීම හා සමාන ය. නමුත් මේ සියල්ල රාජපක්ෂ හා 2015 දක්වා සිදු වූ අපරාධ ගැන සුළු දැනුමක් ඇති ඕනෑම අයෙකුට පුරෝකථනය කළ හැකි ඒවා ය.

    • 0
      0

      පාක්ෂිකවාදය ඒකාධිපති පාලකයෙකුගේ සටන් පාඨය යැයි කියමනක් තිබේ. ඔවුන්ව නැවත බලයට ගෙන ඒමට ඉවහල් නොවූ දෙය කුමක්ද? වර්තමාන නායකයින් ජාතික ආරක්ෂාව සහ ආර්ථික පුනර්ජීවනය ගැන බොහෝ බලාපොරොත්තු තබා තිබූ හෙයින්, ඊස්ටර් ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීයවාදීන් මත පැවති අන්ත ජාතිවාදය එම ලැයිස්තුවේ ඉහළින්ම තිබුණි. නියම පද්ධතිය වෙනස් කිරීමට ඉඩ හැර ඔවුන් වෙනත් විවිධ පොරොන්දු ද දුන්හ. අද වන විට, නායකත්වයේ සිටි ඉතා උසස්, ව්‍යාජ වීරයෝ, කොවිඩ් සංඛ්‍යා බේරා ගැනීමට සහ රට පුරා මරණ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට සුළු විසඳුමක්වත් ලබා ගැනීමට නොහැකිව ඇද වැටී ඇත. කිසිවෙකුට ආපසු හැරවිය නොහැකි බැවින් ඔවුන් ඒ තරම් ගැඹුරට වැටී ඇත. අනාගතය සඳහා වූ ඔවුන්ගේ එකම බලාපොරොත්තු චීන ණය මත තබා ගත් හෙයින් ඔවුන් ලොව පුරා නව විරුද්ධවාදීන් ඇති කර තිබේ. එසේම සාපේක්ෂව ඉහළ මිලකට එන්නත් මිලදී ගැනීම කෙසේ වෙතත් ටෙන්ඩර්පත් චීනයට ලබා දී ඇත. කෙසේ වෙතත්, අඩු මිලට එන්නත් මිලදී ගැනීම් මත විශ්වාසය තැබීමට ප්‍රමාණවත් අවස්ථා ඇත, කෙසේ වෙතත්, දූෂණයට ලක් වූ කාන්තාවන් පිළිබඳ කරුණු මෙන්ම දූෂකයන් ගැන ආඩම්බර වන අතර චීන අවස්ථාවාදීන් සමඟ එකඟ නොවන්නේ නම් වත්මන් රජය දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව පෙනේ.

      එමඟින් අද වන විට ලාංකිකයින්ට අඩු වීමක් ඉගැන්වී ඇත. ප්‍රථම වරට ඡන්දය භාවිතා කරන්නන් ඇතුළුව සියලුම වයස් මට්ටම්වල ඡන්ද දායකයින් මිලියන 6.9 ක්. කෙසේ වෙතත්, සාම්ප්‍රදායික නොවන ලාංකේය දේශපාලනයේ පසුබිමකින් පැමිණි මිනිසෙකු කෙරෙහි තබා තිබූ ඔවුන්ගේ බලාපොරොත්තු සහ බලාපොරොත්තු බොහෝමයක් බොඳ වෙමින් පවතී. සියල්ලටත් වඩා, දැනුවත්ව සිටින සෞඛ්‍ය විශේෂඥයින්ට ගරු නොකිරීම සහ ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යසනයේ මෙම තීරණාත්මක අවධියේදී ඔවුන් උපදෙස් දෙන හා අනාවැකි පළ කරන දේ ගැන යම් විඥානයක් ඇති කිසිවෙකුට තේරුම් ගත නොහැකිය.

  • 0
    0

    continuing
    .
    මිථ්‍යාවන් හා මිථ්‍යා විශ්වාසයන්ගෙන් පිරි සමාජයකට සුරංගනා කතා කියන නිසා, වහල්භාවයේ සිටින අලියෙකු ජනතාවගේ පෙනුම සමඟ ප්‍රතික්‍රියා කරයි. ඇතා මුදා හැරීම මඟින් සංචාරක කර්මාන්තයට විශාල හානියක් සිදු විය හැකි බව සංචාරක කර්මාන්තය වන ප්‍රෝමොටර්ස් විශ්වාස කරයි. නමුත් සත්‍යය කෙසේ වෙතත්, ඊනියා සිංහල බෞද්ධ ආගමේ වේශයෙන් එවැනි සතුන්ට සිදුවන හානිය සංචාරකයින් පිළිගන්නේ නැත. මම මෙය දන්නේ මම පසුගිය දශක 3 තුළ බටහිර යුරෝපයේ ජීවත් වන බැවිනි. අපේ රට ගැන යුරෝපීයයන් කතා කරන්නේ කුමක්දැයි මම දනිමි. අසත්‍ය හා මිථ්‍යා විශ්වාස වලින් පිරී ඇති තවත් දුප්පත් දූපතකි. යුරෝපීයයන් සොයන බුදු දහම පදනම් වී ඇත්තේ දර්ශනයේ භාවනාව මත පමණි. ඒක තමයි මමත් විශ්වාස කරන්නේ. ජාතක කතාව පදනම් කරගත් සංස්කෘතිය සමාජයේ දියුණුවට වැඩි යමක් ගෙන එන්නේ නැත.
    .
    එය නිවැරදිව දැක ගැනීමට සාමාන්‍ය මානසිකත්වය තවමත් පරිණත වී නැත. ඔවුන්ගේ අඳුරු වලවල් වලින් එළියට ඒම සඳහා දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට මාධ්‍ය දැවැන්තයින් සහ මාෆියා ජාල ඔවුන්ට උදව් නොකරනු ඇත. සත්‍ය පදනම් කරගත් ජීවිතය ගැන මිනිසුන් හොඳින් දැන සිටිය හොත් දුෂ්ඨ දේශපාලනඥයින්ට අනාගතයක් නැති නිසා මෙය සිදු වේ.
    .
    විශාල සත්වයා පාලනය කරන මිනිසාගේ දුර්වල පෙනුම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සිංහල බෞද්ධ ආගමෙන් මත් වූ මිනිසුන්ම farත් නොවන්නේ ඇයි? දුප්පත් මිනිසා එලෙසම සිටීමට හේතු වූයේ කුමක්ද? දුප්පත්කම සහ හිස ඔසවා තැබීමට ඔහුට ඇති බාධාවන් නොවේද?

    එම අලි රියැදුරු/පාලකයා “පෝෂණයෙන් තොර පුද්ගලයෙක්” ලෙස පෙනුනද, වීදියක හිඟන්නෙකු මෙන් නමස්කාර කිරීමට ඇද වැටුණු ආදරණීය මත් මිනිසා අමතක නොකළේය.

  • 0
    0

    හැමෝම ලංකාවේ කොරෝනා මරණ ගැන විතරක් කතා කරන නිසා, මම හිතුව ඊට වඩා මහා පරිමාණයෙන් මිනිස්සු මැරෙන අනිත් රෝග ගැන දත්ත පෙන්වන්න.
    මම මේ සංසන්දනය කලේ, 2021 අගෝස්තු 14 වෙනකම් ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාවට වැඩිම හේතුවූ අනුපිළිවෙල, 2020 මුළු අවුරුද්ද පුරාම සිදුවූ මරණ සංඛ්‍යාව එක්ක.
    මේ පහත දත්ත ලබා ගත්තේ WORLDHEALTHRANKINGS වෙබ් අඩවියෙන්. ලංකාවේ මේ දත්ත එක තැනක නැහැ.
    1/3

    • 0
      0

      2/3
      .
      1) 2021 අගෝස්තු මැද වෙනකොට, එනම්, මාස 7½ට, ලංකාවේ හෘදරෝග වලින් මියගිය සංඛ්‍යාව – 46,595ක්.
      නමුත් 2020 මුළු අවුරුද්දටම, එම සංඛ්‍යාව 28,777ක් පමණයි. (දැනටම වැඩි වූ මරණ සංඛ්‍යාව, 17,818ක්.)
      .
      2) 2021 මාස 7½ට, ආඝාතයෙන් මියගිය සංඛ්‍යාව – 20,355ක්.
      නමුත් 2020 – 12,571ක් පමණයි. (දැනටම වැඩි වූ මරණ සංඛ්‍යාව, 7,784ක්.)
      .
      3) 2021 මාස 7½ට, දියවැඩියාවෙන් මියගිය සංඛ්‍යාව – 20,076ක්.
      නමුත් 2020 – 12,398ක් පමණයි. (දැනටම වැඩි වූ මරණ සංඛ්‍යාව, 7,678ක්.)
      .
      4) 2021 මාස 7½ට, ස්නායු රෝග වලින් මියගිය සංඛ්‍යාව – 12,802ක්.
      නමුත්, 2020 – 7,906ක් පමණයි. (දැනටම වැඩි වූ මරණ සංඛ්‍යාව, 4,896ක්.)
      .
      5) 2021 මාස 7½ට, අක්මා රෝග වලින් මියගිය සංඛ්‍යාව – 8,993ක්.
      නමුත්, 2020 – 5,554ක් පමණයි. (දැනටම වැඩි වූ මරණ සංඛ්‍යාව, 3,439ක්.)
      .
      6) 2021 මාස 7½ට, පෙනහළු රෝග වලින් මියගිය සංඛ්‍යාව – 8,534ක්.
      නමුත් 2020 – 5,270ක් පමණයි. (දැනටම වැඩි වූ මරණ සංඛ්‍යාව, 3,264ක්.)
      .
      7) 2021 මාස 7½ට, වකුගඩු රෝග වලින් මියගිය සංඛ්‍යාව – 8,505ක්.
      නමුත්, 2020 – 5,253ක් පමණයි. (දැනටම වැඩි වූ මරණ සංඛ්‍යාව, 3,252ක්.)
      .
      8) 2021 මාස 7½ට සෙම්ප්‍රතිශ්‍යා/නිව්මෝනියා වලින් මියගිය සංඛ්‍යාව – 7,874ක්.
      නමුත් 2020 – 4,863ක් පමණයි. (දැනටම වැඩි වූ මරණ සංඛ්‍යාව, 3,011ක්.)
      .
      9) 2021, ලංකාවේ මරණ සිද්ධ වෙන 9වෙනි හේතුව තමයි කොවිඩ්-19.
      නමුත්, 2020, කොවිඩ්-19, 26වෙනි හේතුව.
      ඒ කියන්නේ ආණ්ඩුව මේ අවුරුද්දේ කොවිඩ්-19 ලංකාවට ඉල්ලලා අරගෙන තියෙනව.

      • 0
        0

        3/3
        .
        මේක ලියන්න හේතුව, ඉහත දෙවෙනි කොමෙන්ටුවේ 1 සිට 8 දක්වා වූ රෝග වලින් සිදුවූ මරණ සංඛ්‍යාව, 2020ට වඩා, 2021 දෙගුණයක් වෙන්න පුළුවන් හින්ද.
        එහෙම දෙගුණයක් වෙන්න හේතුව, පැහැදිලිවම බෙහෙත් හිඟකම සහ රෝහල් වලට රෝගීන් රැගෙන යාමට කොරෝනා නීති නිසා සිද්ධ වුනු බාධා.
        මම කියන්නේ, එක පාරට කොරෝනා වැඩිවුනා කියන්නේ දැන්. නමුත් මේ අවුරුද්දේ මාස 7ක්ම රෝහල් පිරිලා තිබුනේ නැහැ.
        පහුගිය ආණ්ඩුව කාලේ රෝහල් වල බෙහෙත් හිඟකම ගැන තිබ්බ මහා ඝෝෂාව, අද කොරෝනා වලින් වහලා. ඒ කුමන්ත්‍රණයට, රාජපක්ෂ ආණ්ඩුව, GMOA ඇතුළු බොහෝ දෙනෙක් සම්බන්ධයි.
        දැන් අලුත්ම එක, පිටරට වලින් බෙහෙත් ගන්න තිබ්බ රහස් ඔක්කොම මැකිලලු. බැක්අප් නැහැලු. ඒවා හොඳයි ඉතින්, ළිං මැඩියන්ට. බෙහෙත් නොගෙන්වන්නම හදපු හේතුවක්. මිනිස්සු මතක තියා ගතයුතු එකම දේ, හදවත් නැති රාජපක්ෂ ආණ්ඩුව සහ GMOA එකට එකතු වෙලා, පහුගිය වහල් ආණ්ඩුව තිබ්බ කාලේ වගේම අහිංසක රෝගීන් මරා දමනවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.