20 September, 2021

Blog

එනසාල් වගා කර ලෝක උරුම දුම්බර අඩවිය වැනසීමට රජය තීරණය කරයි

සජීව චාමිකර

සජීව චාමිකර

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතාගේ උපදෙස් මත වැවිලි භෝග හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් මීමුරේ සිදු කරන ලද සංචාරයකින් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ යටි වනාන්තරය ඉවත් කර එනසාල් වගා බිම් ව්‍යාප්ත කිරීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ. ලංකාවේ සුවිශේෂී ජෛව කලාපයක් සහ මහවැලි ග‍ෙඟ් මෙන්ම මොරගහනක්ඳ හා කළු ගඟ ජලාශවල ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර පද්ධතියක් වන දුම්බර අඩවිය නැතහොත් නකල්ස් කඳුකරයේ වනාන්තර මේ ආකාරයෙන් විනාශ කිරීමට තීන්දු තීරණ ගැනීම දැවැන්ත විනාශයකට මඟ පෑදීමකි.

මීට වසර හයකට පමණ ප‍්‍රථම ද මේ ආකාරයට ම අනවසර එනසාල් වගාකරුවන් ඉවත් කිරීමේ දී ද ඊට එරෙහිව දේශපාලන බලපෑම් එල්ල විය. නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ අනවසර එනසාල් වගාකරුවන් ඉවත් කිරීම සඳහා අධිකරණයෙන් ලබා දුන් නියෝග ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව හිටපු කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මාතලේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කපිල බණ්ඩාර හේන්දෙනිය හා හිටපු මාතලේ දිස්ත‍්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල යන මහත්ම මහත්මීන් කටයුතු කිරීම හේතුවෙන් දුම්බර අඩවිය ආරක්ෂා කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීතිය ක‍්‍රියාත්මක කිරීමේ දී දැඩි ගැටලුකාරී තත්ත්වයන් මතු විය.

2014 අප්‍රේල් මස 25 වන දින මාතලේ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ නීති විරෝධි ලෙස හා හානි කර අන්දමින් පවත්වා ගෙන යන එනසාල් වගා බිම් ඉවත් කිරීමට වන සංරක්ෂණ නිලධාරින් ගන්නා ක‍්‍රියාමාර්ග විවේචනය කරමින් එම ක‍්‍රියාවලිය නතර කිරීමට මේ පිරිස විසින් දැඩි බලපැම් එල්ල කෙරින. එපමණක් නොව මාතලේ ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කර තිබුණේ එනසාල් වගා කරුවන්ට නකල්ස් සංරක්ෂිත වනාන්තර තුළ නීති විරෝධී ලෙස එනසාල් වගාබිම් පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන්නේ නම් එම නිලධාරීන්ට දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට සහභාගී වීමට අවස්ථාව ලබා නොදී පහර දී පන්නා දමන බව ය. මේ තත්ත්වය නැවතත් ඇති වීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් ගන්නා ලද මෙම තීරණය හේතු වනු ඇත.

එනසාල් වගා බිම් පවත්වාගෙන යෑම සඳහා පසුගිය කාලයේ දුම්බර කඳුකරයේ බොහෝ ප‍්‍රදේශවල වනාන්තර යටි වගාව සම්පූර්ණයෙන් ම ඉවත් කර තිබේ. මේ හේතුවෙන් සිදුවන පාංශු ඛාදනය හා එසේ සේදී යන රොන්මඩ මහවැලි ගඟ ඔස්සේ ගලා ගොස් ජලාශවල තැන්පත් වීමෙන් ඇති වන විනාශය අති මහත් ය. එපමණන් නොව එනසාල් වියළීම සඳහා නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ දැවමය ශාක බහුල ව කැපීම සිදු කරයි. එම දැව යොදා ගනිමින් එනසාල් වාඩිවල එනසාල් වේලීම සිදු කෙරේ. මේ හේතුවෙන් සංරක්ෂිත වනාන්තරයේ පැවැත්මට සිදුවන බලපෑම ද ඉතා විශාල ය. 

දුම්බර අඩවියට ලබා දී ඇති නීතිමය ආරක්ෂාව

සමස්ත දුම්බර කඳුකරය ම ලංකාවේ දිග ම ගංඟාව වන මහවැලි ගෙඟ් ප‍්‍රධානතම ජල පෝෂක ප‍්‍රදේශය යි. මහවැලි ජල පෝෂක ප‍්‍රදේශ අතුරින් 30% ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. හෙක්ටයාර 21,000 ක් පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍% ක් පමණ ආවරණය වී ඇත. දුම්බර කඳුකරයේ වනාන්තරවලට පළමු ව ආරක්ෂාව ලබා දෙන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. එ් 1873 දී දුම්බර කඳුකරයේ මීටර 1500 ට වඩා ඉහළ (අඩි 5000 ට වඩා ඉහළ) වළාකුළු වනාන්තර ප‍්‍රදේශ දේශගුණික රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කරමිනි. ඉන් වසර 127ක ට පසුව 2000 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරින. පසුව 2007 වසරේ දී ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් 2008 වසරේ දී පස සංරක්ෂණ පනත යටතේ පස සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙවන් වූ නීතිමය ආවරණයන් ගණනාවක් දුම්බර අඩවියට ලබා දී ඇත්තේ එහි ඇති මිල කළ නොහැකි භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප‍්‍රදායික ජන උරුමයේ වටිනාකම නිසා ය. ඒ හේතුවෙන් ම 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප‍්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය (UNESCO- United Nations Educational, Scientific and Cultural Organization) මඟින් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. 

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ දුම්බර කඳුකරය ව්‍යාප්ත ව තිබේ. 2009 අංක 65 දරන පනතින් සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3අ(1) වැනි උප වගන්තිය යටතේ 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර 17825 ක භූමි ප‍්‍රමාණයක් ලංකාවේ ප‍්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. 

පනතේ 6 වන වගන්තියට අනුව සංරක්ෂණ වනාන්තරයක ගස් කපා ඉවත් කිරීම, වගා කිරීම, ඉඩම් එළි කිරීම යන සියලූ ම ක්‍රියා තහනම් වේ. එවන් වරදකට යම් පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට අවුරුදු 7 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 20000 ත් රුපියල් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. එම දඩුවම් වලට අමතර ව සංරක්ෂිත වනාන්තරයට කරන ලද හානියට අධිකරණය විසින් නියම කරන දඩයකට යටත් කළ හැකි ය. එම වරදක් සිදු කරන පුද්ගලයකු පමණක් නොව එම වරද කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තකු ද වරදකරුවකු වන අතර එම දඩුවමට ම යටත් කළ හැකි ය.

නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ පිහිටි රජයට අයත් නොවන වනාන්තර ඉඩම් 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24ඇ සහ 24ඈ වගන්ති වලට අනුව 2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම ප‍්‍රදේශය කළමනාකරණය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශ කළමනාකරණ කමිටුවක් පිහිටුවා තිබේ. එම කමිටු නිර්දේශ වලින් පරිබාහිර ව කිසිදු සංවර්ධන කාර්යයක් මෙම කලාපය තුළ සිදු කළ නොහැකි ය. 

ජාතික පාරිසරික පනතේ 24ඇ හා 24 ඈ වගන්තිවලට අනුව ප‍්‍රකාශයට පත් කර ඇති පාරිසරික ආරක්ෂක කලාපයක් තුළ පනතේ 24ඈ(4) උප වගන්තියට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමකින් තොරව කිසිදු පුද්ගලයකු විසින් සංවර්ධන සැලැසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම නොකළ යුතු වේ. එවන් ක්‍රියාවක යෙදෙන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.

සමස්ත දුම්බර අඩවිය ආවරණය වන භූමි ප‍්‍රදේශය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ද ප‍්‍රකාශයට පත් කර තිබේ. 

ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. එපමණක් නොව එම ගැසට් නිවේදනයේ ම දැක්වෙන ලෙස සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප‍්‍රකාශිත භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශයට පත් කළ යම් ප‍්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය.

අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලූ ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මෙවන් වූ සුවිශේෂී නීතිමය ආවරණයක් සහිත වනාන්තර පද්ධතියක් එනසාල් වගාව සඳහා ලබා දීමේ කිසිදු නීතිමය හැකියාවක් නොමැත. මේ සියලූ නීති රීති උල්ලංඝනය කරමින් නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ එනසාල් වගාවට ලබා දීමෙන් නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇත. එපමණක් නොව ජනතාවට නීතිය කෙරෙහි ඇති විශ්වාසය අහිමි වීම මෙන් ම වැරදි පූර්වාදර්ශ ලබා දීමක් ද මෙමගින් සිදු වනු ඇත.  

දුම්බර අඩවියේ සුවිශේෂී ජෛව උරුමය

දුම්බර අඩවිය ආරක්ෂා කර ගැනීමට හා එය අවභාවිතය වැළැක්වීමට පියවර ගත යුතු වන්නේ ඊට ලබා දී ඇති නීතිමය ආවරණය නිසා පමණක් ම නොවේ. එහි පවතින අමිල වටිනාකම නිසා ය. මීටර් 760 සිට මීටර් 1900 දක්වා උච්චත්ව පරාසය ඇසුරේ පිහිටි කඳුවැටිවලින් සමන්විත දුම්බර කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධතීන් හි අධික විවිධත්වයක් දැකගත හැකි වේ. තෙත් කඳුකර වනාන්තර (වළාකුළු වනාන්තර), කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගංඟාශ්‍රිත වනාන්තර, තෙත් පතන තෘණ බිම්, වියළි පතන තෘණ බිම්, ළඳු කැලෑ බිම් දුම්බර කඳුකරයේ ව්‍යාප්ත ව ඇත.

දුම්බර අඩවියේ විවිධ වූ පරිසර පද්ධතීන්හි ශාක විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් මේ වන විට සිදු කර නොමැති වුව ද ලෝක සංරක්ෂණ සංගමය මඟින් සිදු කැරුණු අධ්‍යයනයට අනුව කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් මේ ප‍්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. එ් අතුරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ. මේ අතර ශාක විශේෂ 225 ක් දැවමය විශේෂ වන අතර, ඉතිරිය පඳුරු හෝ පැළෑටි වෙයි. ලංකාවේ වාර්තා වී ඇති සමස්ත ශාක විශේෂ අතුරින් 27.4‍% ක් පමණ සහ, ලංකාවට ආවේණික ශාක විශේෂ අතුරින් 17.3‍% ක් පමණ දුම්බර කඳුකරයෙන් වාර්තා වීම මේ වන අඩවියේ සුවිශේෂත්වය යි. මුළු ලොවින් ම දුම්බර අඩවියට පමණක් සීමා වූ ශාක විශේෂ හයක් වෙයි. කීන විශේෂයක් වන Calophyllum cuneifolium, දඹ විශේෂ වන Syzygium congylos, Syzygium madugodensis හා Eugenia apica යන ශාක විශේෂ හතර සහ මෑතක දී සොයා ගත් Ilex knucalensis ශාකය දුම්බර අඩවියට ආවේණික ශාක වෙයි. දුම්බර අඩවියේ පිටවල පතන වැනි පතන් බිම්වල දක්නට ලැබෙන පතන් අල (Brachystelma lankana) ශාකය ද දුම්බර අඩවියට ආවේණික ශාක අතර වෙයි. 

විශේෂයෙන් කඳුකර තෙත් වනාන්තර, උප කඳුකර තෙත් වනාන්තර හා ගංගාශී‍්‍රත වනාන්තරයන්හි උඩවැඩියා හා මීවන ශාක බහුල ව දැකගත හැකි වේ. දුම්බර කඳුකරයේ දැක ගත හැකි උඩවැඩියා ශාක විශේෂ අතර Adrorhizon purnuracens, Eria bicolor, Podochilus falcatus, Malaxis purpurea, Pholidota imbricata හා රාස්සන ^Vanda tesserllata& වැනි ශාක වෙයි. 

මෙහි මීවන ශාක විශේෂ 42 ක් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 06 ක් ලංකාවට ආවේණික වෙයි. දුර්ලභ මීවන ශාක විශේෂ වන Elaphoglossum spathulatum, Botrychium daucifolium, Huperzia phyllantha හා Psilotum nudum දුම්බර අඩවියෙන් වාර්තා වේ.

දුම්බර කඳුකරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව සැලැකීමේ දී පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ පහ පිළිබඳ ව හා අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ වන සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් ගේ විවිධත්වය පිළිබඳ ව සැලැකිය යුතු අධ්‍යයනයන් සිදු කර තිබේ. ලෝක සංරක්ෂණ සංගමය, විවිධ පර්යේෂකයන් සහ මේ ලියුම්කරු විසින් ඉහත සත්ත්ව කාණ්ඩ හත පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයන් ගේ දත්ත සම්පිණ්ඩනය කැරුණු විට මෙහි සත්ත්ව විවිධත්වය පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැකි වේ.

උභයජීවීන්, උරගයන්, මත්ස්‍යයන්, පක්ෂීන්, ක්ෂීරපායින්, සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් යන සත්ත්ව කාණ්ඩ හතට අයත් විශේෂ 479 ක් දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. එය ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයෙන් වාර්තා වන මේ කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 1294 ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 37‍% ක් තරම් ඉතා ඉහළ අගයක් ගනී. ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍% ක් පමණ වන දුම්බර කඳුකරයේ මේ තරම් විශාල සත්ත්ව ප‍්‍රජාවක් ජීවත්වීම මේ ප‍්‍රදේශයේ සංරක්ෂණ අවශ්‍යතාව විධිමත් කිරීමට ප‍්‍රධාන හේතුවක් වේ. 

ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ වාර්තා වන පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 813 අතුරින් විශේෂ 272 ක් දුම්බර අඩවියෙන් වාර්තා වී තිබේ. එය 33% ක ඉහළ ප‍්‍රතිශතයකි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 16 ක් ජීවත්වන්නේ දුම්බර කඳුකරයේ පමණකි. නැතහොත් ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ අතුරින් 5‍% ක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙනි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 93 ක් නකල්ස් කඳුකරයෙන් වාර්තා වන අතර එය 29‍% ක ඉතා ඉහළ ප‍්‍රතිශතයකි. දුම්බර කඳුකරයේ සුවිශේෂත්වය වන්නේ එහි වාර්තා වන ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 93 අතුරින් විශේෂ 16 ක් නැතහොත් 18‍% ක් දුම්බර කඳුකරයට ආවේණික පෘෂ්ඨවංශීන් වීම ය.

දුම්බර කඳුකරයේ වාර්තා වන උභයජීවීන් අතුරින් විශේෂ අටක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙන් පමණි. ඒ විශේෂ රැකොෆොරිඩේ ^Rhacophoridae& කුලයට අයත් විශේෂ හතක් සහ ඩික්රොග්ලොසිඬේ ^Dicroglossidae& කුලයට අයත් එක් විශේෂයක් වශයෙන් වර්ග කළ හැකි ය. රැකොෆොරිඩේ කුලයට අයත් දුම්බර පඳුරු මැඬියා ^Pseudophilautus fulvus&” හොෆ්මාන් ගේ පඳුරු මැඬියා ^Pseudophilautus hoffmanni&” විශාල පාදැති පඳුරු මැඬියා ^Pseudophilautus macropus&” මුරි ගේ පඳුරු මැඬියා ^Pseudophilautus mooreorus&” ස්ටෙයිනර් ගේ පඳුරු මැඬියා ^Pseudophilautus steineri&” ස්ටුවර්ට් ගේ පඳුරු මැඬියා ^Pseudophilautus stuarti& හා හැන්කනයිගේ පඳුරු මැඬියා ^Pseudophilautus hankeni& සහ ඩික්රොග්ලොසිඬේ කුලයට අයත් දුම්බර ගල්පර මැඬියා ^Nannophys marmorata& යන විශේෂ අට දුම්බර කඳුවැටියට ආවේණික වෙයි. 

දුම්බර කඳුවැටියෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ අතුරින් එක් විශේෂයක් දුම්බර කඳුවැටියට ආවේණික වන අතර තවත් විශේෂ දෙකක් වන ගඩයා ^Labeo fisheri& හා දුම්බර පෙතියා ^Systomus martenstyni& දුම්බර කඳුකරයට හා ඒ අවටින් පිහිටි මහවැලි ගෙඟ් ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වේ. දුම්බර කඳුකරයට ම පමණක්  ආවේණික මත්ස්‍ය විශේෂය නම් මල් පෙතියා හෙවත් දන්කුඩු පෙතියා ^Dawkinsia srilankensis& ය. බොහෝ විට දුම්බර පෙතියා දුම්බර කඳුකරයට ආවේණික විශේෂයක් ලෙස විස්තර කළ ද ඒ විශේෂය මහවැලි ගෙඟ් දෙකේ ඇළ දක්වා ම වාර්තා වන බව පර්යේෂණයන් ගෙන් තහවුරු වී තිබේ. මීට අමතර ව තවත් මත්ස්‍ය විශේෂ කිහිපයක් දුම්බර කඳුකරයට ආවේණික විශේෂ බවට ඉදිරියේ දී පත් විය හැකි බව එ් පිළිබඳ ව පර්යේෂණ සිදු කරන විද්වතුන් ගේ විශ්වාසය යි. 

සිවුපා උරගුන් අතුරින් විශේෂ හතරක් හා සර්ප විශේෂ තුනක් දුම්බර අඩවියට ආවේණික වේ. එනම් ඇගමිඬේ ^Agamidae& කුලයට අයත් කටුසු විශේෂ දෙකක් වන දුම්බර අඟ කටුස්සා හෙවත් පත‍්‍ර අඟ කටුස්සා ^Ceratophora tennentii&” දුම්බර කුරු බෝදිලිමා හෙවත් දුම්බර කුරු කටුස්සා ^Cophotis dumbara&” ගෙකොනිඩේ ^Gekkonidae& කුලයට අයත් දුම්බර මහ කැලෑ හූනා ^Cyrtodactylus soba&” සින්සිඬේ ^Scincidae& කුලයට අයත් චතුරාංගලී සර්ප හිකනලා ^Chalcidoseps thwaitesi&” පාංශුවාසී සර්ප විශේෂයක් වන යුරෝපෙල්ටිඩේ ^Uropeltidae& කුලයට අයත් ඉරිවකටුල්ලා ^Uropeltis phillipsi&” කොලූබ්රිඬේ ^Colubridae& කුලයට අයත් භෞමික සර්පයින් වන දසිල්වාගේ මැඩිල්ලා ^Aspidura desilvai& හා කළු මැඩිල්ලා ^Aspidura copei& ඒ අතර වේ. 

මීට අමතර ව ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 අතුරින් 30 ක් ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. දුම්බර කඳුකරයේ වාර්තා නොවන්නේ සබරගමු කඳුවැටියෙන් පමණක් වාර්තා වන ආවේණික පක්ෂි විශේෂ තුන පමණකි. ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ වන මයිලගොයා ^Sri Lanka Woodpigeon&” ගුරුකොණ්ඩයා ^Yellow – eared Bulbul&” ලංකා අරංගයා ^Sri Lanka Whistling Thrush&” ලංකා හම්බු කුරුල්ලා ^Sri Lanka Warbler&” අඳුරු නිල් මැසිමාරා හෙවත් කොපි කුරුල්ලා ^Dusky – blue Flycatcher&” කඳුකර මල් කුරුල්ලා ^Hill White – eye&” කැහිබෙල්ලා ^Sri Lanka Blue Magpie& වැනි පක්ෂීහු රැසක් දුම්බර කඳුකරයේ විවිධ පරිසර පද්ධතීන්හි ජීවත් වෙති. 

දුම්බර අඩවියේ වාර්තාවන මකුළුවන් පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් සිදු කර නොමැති වුව ද 2000 වසරේ දී S.P. Benjamin සහ R.Jocque යන විද්‍යාඥයන් විද්‍යා ලොවට හඳුන්වාදුන් Suffasia mahasumana නම් ලංකාවට ආවේණික මකුළු විශේෂය වාර්තාවන්නේ දුම්බර අඩවියෙන් පමණි.

මීට අමතර ව දුම්බර අඩවියේ පමණක් ජීවත් වන ලංකාවට ආවේණික මිරිදිය කකුළු විශේෂ හතරක් ද වේ. එනම්, Ceylonthelphusa sanguinea, Ceylonthelphusa callista, Ceylonthelphusa cavatrix හා Perbrinkia fido ය. මේ ජීවී විශේෂ සියල්ල දුම්බර අඩවියේ අද්විතීය ජෛව උරුමයේ මහා සාධකයන් වේ. මෙවන් වූ සුවිශේෂී ජෛව පද්ධතියක් නැතහොත් ලෝක උරුම වන භූමියක් සංරක්ෂණය කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වෙනුවට එනසාල් වගා කර මුළු ලොවට ම අහිමි කිරීමට රජයකට කිසිදු අයිතියක් නැත. ඒ තුළින් සිදු වන්නේ රජයේ වැරදි තීන්දු තීරණ හේතුවෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ අප රට අපකීර්තියට පත් වීම ය. මේ තත්ත්වයට අප රට පත් කිරීමට රජයට ඉඩ දිය යුතු නැත. 

සෞභාග්‍යයේ දැක්මෙන් දුම්බර අඩවිය ආරක්ෂා නොවීම

මෙවර ජනාධිපතිවරණයේ දී ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘‘තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්” කොටසෙහි සඳහන් වන්නේ ‘‘මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය කි‍්‍රයා කළ යුතු බව ය.’’ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිරසර පරිසර ප‍්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ ‘‘වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල බව ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ” යනුවෙනි. එපමණක් නොව එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ භූමි භාවිතා ව පිළිබඳ ව සඳහන් කර ඇත්තේ ‘‘ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු ය” යනුවෙන් පමණක් නොව ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ද සඳහන් කර ඇත.

නමුත් අද වන විට මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් සියල්ල උල්ලංඝනය කරමින් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවන් සඳහා රජය විසින් ලංකාවේ සුවිශේෂීම ජෛව කලාපය වැනසීමට තීන්දු තීරණ ගෙන තිබේ. මේ තීරණය වහාම නතර කර දුම්බර අඩවියේ පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් සියලූ වනාන්තර සංරක්ෂණ වනාන්තරයට එක් කර නීතිමය ආරක්ෂාව ශක්තිමත් කළ යුතු ය. ස්වාභාවික වනාන්තරයේ එනසාල් වගාව සිදු කිරීම වෙනුවට දුම්බර අඩවියේ පිහිටි පයිනස් හා යුකැලිප්ටස් වන වගාවල යටි ස්ථරයේ එනසාල් වගාව ව්‍යාප්ත කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු ය. ඊට අමතර ව පියවරෙන් පියවර පයිනස් හා යුකැලිප්ටස් වන වගාවන් ඉවත් කර ඒ වෙනුවට දේශීය ශාක ස්ථාපිත කිරීමට පියවර ගත යුතු වේ. එපමණක් නොව එනසාල් වියලීම සඳහා ස්වාභාවික වනාන්තරයේ දැවමය ශාක කපා ඉවත් කිරීම වෙනුවට පයිනස් හා යුකැලිප්ටස් දැවමය ශාක හා වෙනත් යෝග්‍ය තාක්ෂණයන් හඳුන්වා දීමට ක්‍රියාමාර්ග ගත යුතු ය. මෙවන් තිරසර ක්‍රියාමාර්ග වලට යොමු වීම වෙනුවට ජාවාරම්කරුවන්ගේ යෝජනා ක්‍රියාවේ යෙදවීම තුළින් රටේ ස්වාභාවික සම්පත් වැනසීමට අඛණ්ඩ ව ගනු ලබන තීන්දු තීරණ අතිගරු ජනාධිපතිතුමන් විසින් දැන්වත් නතර කිරීම කළ යුතු ව ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    අතිගරු හොරා තමයි මේ මහා වන විනාශය කරන්නේ.
    නෙද්දකින් මේ කාලකන්ණින්ට රටේ පාලනය බාර දෙන්න ඉස්සෙල්ල මුන් භූගෝලය කියල විෂයයක් ගැන අහලවත් තියෙනවද කියලා හොයලා බලන්න එපැයි.
    ඉතිහාසයේ පළමු වතාවට වැදි ජනතාවටත් උසාවි යන විදිහට වැඩ කරන පාලකයන් ගෙනාපු හාමුදුරුවරුන්ට කොන්දක් නැහැ මේවට විරුද්ධව කතා කරන්න.

    • 3
      0

      තිරිසන්නු වගේ වාර්තා ගත රට වින කරපු එවුන් රජ කරන්න ගත්තම් මේ රට යන්නෙ ඉතා වේගයෙන් ආපස්ස්ට… මෙ දෙය අර තරුන පාසැල් සිසු වියට වැටහෙන කම්.. මේ රටේ ඔය කියන පාහර බල්ලන් මිනිසුන්ගේ ජන්දයෙන් පත්වෞනත මොනවද කලෙ… එවුන්ගේ ප්රාදේසිය නිලදාරීන් කියන්නෙ, අවසර දුන්නෙ, ගෙවල් 2 ක් ගොඩ නගන්න, එනමු බැල්ලිගෙ පුතාල කරල තිබෙන්නෙ, හොටෙල් ගොඩ නැගීම, මේව මුන්ගේ අම්මගෙ අප්පගෙ දේපලද යන්න මිනිසුන්ට වැටහෙන්න පුලුවන්ද කියන තරම, මිනිසුන් වහල් කරල… මේ තරම්, බය වෙල ජීවත් වෙන්නෙ ඇයි.. පට්ට පල් හොරු රජ කරන රාජපක්ෂ යුගය මේ රට කබලෙන් ලිපට ඇදල දැමීම තමයි මේ වැටහෙන්නෙ.. මේක ශාපයක්… මෙවුන්ට සර්වබලදාරී දෙවියන්ගෙන් දන්ඩුවම ලැබෙනවා, මිනිසුන්ට පන නැතිනම්… ගෝට හරියට මීයෙක් වගේ හැන්ගිලා කට යුතු කරන බවක් පේන්නෙ.. මිනිහෙකුට ගිය කල… මට හිතෙනව… මීහරකෙක් ඔය තනතුරට පත්කලා නම්, හිත හදා ගන්නට තිබුන.. එහෙම නේද මෝඩ සින්හල්ලුනෙ ????

    • 3
      0

      චම්පා මැතිනියනි, අපි ඔබගේ මුඛය ට රත්තරන් දමන්න්ට වටිනව මේ කියමන්ට. පට්ට පල් හොරු .. හොරු බව තිරිසන්නු බව තේරුම් ගන්න මිනිසුන්ට කල්යන්නෙ ඇයි ? මුන්ගේ ප්රදාන ආහරය පුන්නක්කු ද ?

      දැන් සැපද .. බැල්ලිගෙ පුතාල රජකරන කොට මේ රටට වෙනවිපැත්තිය අපි මුලදීම කිව්ව. අද මිනිසුන්ට කට උත්තර නැහැ, අර කොලොපුරේ රාජකීය කොලෙගියට ගියා නමුත බැල්ලියෙක් වාගෙ එකෙක් ඉන්නව පැස්කුවල් කියල ඒකා වාගෙ එවුන් මිසක්, බොහොදුරට හැම දෙනාම පේලි ගැසෙනව, රාජපක්ශ වරුන්ට හෙන ඉල්ලන්ට… මේ කාල්ය එනව කියල රටේ උගතුන් දැන සිටිය.. එනමුත් මාර කියන මේ රට කන්න ඉපදුන මහින්ද… මේ විපැත්තියට වග කිව යුතුයි. රටේ මිනිසුන්ට වතුර වත් බොන්න ඉතිරි කරපන් පාහර සුනකයනි.. රටේ ගස් කපනවා කියන්නෙ, රටේ වතුර උල්පත් නැති බන්ග වෙනව… දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?දැන් සැපද ?

    • 3
      0

      ශ්‍රී ලංකාව මෙහෙයවනු ලබන්නේ සොරුන් සමූහයක් විසිනි. වහාම ඔවුන් බලය අල්ලා ගත් අතර, ඔවුන් කළ දේ සියලු ඉහළ අපරාධ විමර්ශනවලින් නිදොස් වීමට දැඩි වෙහෙසක් දැරූ අතර ඔවුන් සියල්ලන්ම නිදහස් කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් වැනි යහපත් හදවත් ඇති මිනිසුන් ඔහුගේ බලවත් හ. නිහ to කිරීම සඳහා සිරගත කරන ලදී. අද අප නොදන්නා හා ජනප්‍රිය නොවන ග්‍රාමීය ප්‍රදේශ දකින අතර, ඔවුන් තරුණයින් හෝ වැඩිහිටියන් නොතකා සෙමෙන් නැඟී පාලකයන් විසින් හඳුන්වා දෙන ක්‍රමානුකූල මර්දනයට එරෙහිව පෙළ ගැසෙති. මා දකින පරිදි මෙය සමාජයේ ධනාත්මක ලකුණකි. පාලක දේශපාලන politicians යන් වැසි වනාන්තරයට සිදුකරන විනාශය නොඉවසන නිසා රූපවාහිනී තිරය ඉදිරිපිට සිය කඳුළු සලන තරුණියට සහයෝගය දැක්වීමට ජනතාව පෙළ ගැසී සිටින ආකාරය අද මම ඉතා සතුටට පත්වීමි. තම රට භීෂණයෙන් ගලවා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කළ ඊනියා දේශප්‍රේමීන් ලෙස තම පුද්ගලයින් පින්තාරු කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා නිසා රජ සොරුන් හඳුනා ගැනීමට ජනතාව යම් කාලයක් ගතවනු ඇත. කෙසේවෙතත්, හොඳම කොණ්ඩා කැපීම ලෙස නගරයට හඳුන්වනු ලබන බාබර් කෙනෙක්, කෙසේ වෙතත්, ඔහු සිය රෝගීන්ට ව්‍යාජ බලාපොරොත්තුවක් ලබා දෙමින් හෘද සැත්කම් සිදුකිරීමට පටන් ගන්නේ නම්, එය නිෂ් .ල වනු ඇත. එලෙසම, අද අපේ මව් රටේ තත්වය වන රාජපක්ෂයන් ජාතිය පාලනය කිරීමට හැකියාව ඇති අයට බලය අත්හැරිය යුතුය.

  • 2
    0

    දේශද්‍රෝහී රාජපක්ෂලා කඳුවැටී වල එනසාල් වගා කරන්න ඉඩ දීමත් අනාගතයේ බරපතල පාරිසරික ඛේදවාචකයකට මුල පිරීමක්.
    1985 ඉඳන් මොන්ටේන් වැසි වනාන්තරවල එනසාල් හෙවත් කරාබුනැටි වගා කිරීම තහනම් කරලා තියෙනව. එනසාල් වැවීම නිසා වන ව්‍යුහයේ සිද්ධ වෙන වෙනස්කම නැවත හරි ගස්ස ගන්න බැරි තරමට විනාශකාරීයි.
    සජීව චාමිකර මහත්මයා, ඔබට නැවතත් ස්තුතියි මේ ලිපියට. තවම ලිපිය මුළුමනින් කියැව්වේ නැහැ. රටට කරන මේ විනාශේ දකින කොට අහන කොට මට හිටගෙන ඉන්නත් බැහැ. ඉඳගෙන ඉන්නත් බැහැ. කන්නත් බැහැ. නින්ද යන්නෙත් නැහැ. ඉවසන් ඉන්න බැරි තරම් තද කේන්තියක් එන්නේ. තමන්ගේ කියලා කිසි දෙයක් මේ රටට අරන් ආපු නැති, හිස් අතින් ආපු අතිගරු රාජපක්ෂ හොරු මේ මහා වන විනාශය කරන්නේ තනිකරම සිංහල ජන සංහාරයක් කිරීමේ මුල් පියවරවල් විදිහට.

    • 2
      0

      Ms champa , fInally u got it. But most would not. Now u attack ur beloved Rajapakse criminals, Gata s capabilities are not it s all cracked up to be. He became a leader through sowing blatant lies, then . Now with daily needs becoming 300% expensive, people cant afford the life at all so what more talks about uneducated batards. ? Good riddance to srilanken s 😎😎😎😎😎😎😎😎😎

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.