19 March, 2024

Blog

මහවැලි අධිකාරියේ යැපීමට හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍ර​කාශයට පත් නොකරයි

සජීව චාමිකර

සජීව චාමිකර

හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍ර​ධාන ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට යැපීම් දීමනා ලබා දෙන මහ පරිමාණ ව්‍යාපාරිකයන් අනවසර වගා බිම් පවත්වාගෙන යාම හේතුවෙන් 2011 වසරේ දී යෝජනා කළ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය වසර 10 ක් ගත වී ඇතත් තව ප්‍ර​කාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදෙයි. පසුගිය පෙබරවාරි මස 22 වන දින කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් ඉඩම් හෙක්ටයාර 23,747 ක් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍ර​කාශයට පත් කිරීමට .

දැනට වසර ගණනාවකට ප්‍ර​ථම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට අදාළ ගැසට් පත‍්‍රය සකස් කර අවසන් කර තිබිය දී එය ප්‍ර​කාශයට පත් කිරීම ප්‍ර​මාද කිරීම `දහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම හා රෙගුලාසි ගැසට් කිරීමට අවශ්‍යය යැයි පවසමින් කල් වරමින් ජනතාව මුලා කිරීම මේ වන විට විෂය භාර අමාත්‍යවරුන් විසින් සිදු කරමින් තිබේ.

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සිතියම

නමුත් යථාර්තය නම් මෙම යෝජිත රක්ෂිතය තුළ මහ පරිමාණ අනවසර වගා බිම් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් මහවැලි අධිකාරියේ නිලධාරීන්ට මුදල් ලබා දීම හා මහවැලි අධිකාරියේ විවිධ උත්සව `දහා මූල්‍යමය දායකත්වය ලබා දීම සිදු කරන බැවින් එම අධිකාරිය මඟින් රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට විවිධ බාධාවන් එල්ල කරයි. මීට අමතර අනවසර වගා බිම් ඇතුළු විශාල වනාන්තර කොටසක් ඉවත් කර මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට මහවැලි අධිකාරිය උත්සාහ දැරීම මෙය ප‍්‍රකාශයට පත් කිරීම ප‍්‍රමාද වීමට ඇති ප‍්‍රධාන බාධකයන් වේ.

අනවසරයෙන් පවත්වාගෙන යන වගා බිම් වලට වැව් හා ඇළ මාර්ග වලින් නීති විරෝධී ජලය පොම්ප මඟින් ලබා ගෙන යෙදීම සිදු කරන අතර මේ හේතුවෙන් වලව වම් ඉවුර යටතේ වගා කරන සුළු පරිමාණ ගොවි ජනතාව උග‍්‍ර ජල හිඟයකට මුහුණ දෙමින් සිටී. නමුත් අනවසර මහ පරිමාණ වගාකරුවන් විසින් මහවැලි අධිකාරියට අල්ලස් ලබා දීම හේතුවෙන් මෙම සියලූ අනවසර වගා බිම් පවත්වාගෙන යාමට හා අනවසර ජලය ලබා ගැනීමට එරෙහි නීතිය කි‍්‍රයාත්මක නොකරන අතර අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදෙයි.

වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ දැඩි විරෝධතාවය හමුවේ මෙම රක්ෂිතය කෙසේ හෝ ප‍්‍රකාශයට පත් කිරීමට එකඟ විය යුතු තත්ත්වයකට මහවැලි අධිකාරිය මේ වන විට පත් වී ඇත. නමුත් මහවැලි අධිකාරියේ වලව විශේෂ නේවාසික ව්‍යාපාර කළමනාකරු ඔස්මන් ලියනගේ මහතා `දහන් කරන්නේ යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් හෙක්ටයාර 2300 ක් නැතහොත් අක්කර 5750 ක් පමණ ඉවත් කර මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට එකඟ වන බව .

එසේ ඉවත් කිරීමට සැලැසුම් කර ඇත්තේ සුවිශේෂී වනාන්තර පද්ධතියක් හා ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශයක් වන අන්දරවැව, උස්ගල කොටසයි. මෙය රක්ෂිතයෙන් ඉවත් කළහොත් නියං සමයේ දී අලිඇතුන්ට අන්දරවැවට පිවිසීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී යයි. මේ හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ අලිමිනිස් ගැටුම උග‍්‍ර මට්ටමකට පත් වීමට මෙය තවත් හේතුවක් වනු ඇත. මේ වන විට මෙම වනාන්තර ප‍්‍රදේශය ඉවත් කර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් ලැබෙන මූල්‍යමය ප‍්‍රතිපාදන යටතේ විදුලි වැටක් ඉදි කිරීමට සූදානම් වේ.

මහවැලි විෂය භාර අමාත්‍යවරයා පමණක් නොව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු බී. . සුනිල් එස්. පෙරේරා ඇතුළු කණ්ඩායම විසින් යෝජිත අලි කළමනානරණ රක්ෂිතයේ ඉඩම් සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම මේ වන විට අඛණ්ඩව සිදු කෙරේ. මේ නිසා අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට දැඩි බාධා එල්ල වෙමින් පවතී.

මේ අතරතුර හම්බන්තොට උග‍්‍ර පානීය ජල අර්බුදයක් ඇති බව `දහන් කරමින් ඊට පිළියමක් ලෙස ගිං හා නිල්වලා ගංගාවල ජලය හම්බන්තොටට ලබා ගැනීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වේ. `දහා දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් වැය කිරීමට හා විශාල ජනතාවක් අවතැන් කිරීමට නියමිත ඇත. මෙම ව්‍යාපෘතිය වෙනුවට හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කර තුළ පිහිටි වැව් පද්ධතියේ ජල සුරක්ෂිතතාව ඇති කිරීම හා අනවසර වගා බිම් ඉවත් කිරීම මෙන් වනාන්තර විනාශ කර සිදු කරන පස් කැනීම් හා කළු ගල් වලවල් පවත්වාගෙන යාම පාලනය කිරීම තුළින් හම්බන්තොට ජල සුරක්ෂිතතාව ඇති කළ හැකි .

මේ අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අලිමිනිස් ගැටුම පාලනය කිරීම පමණක් නොව හම්බන්තොට ජනතාවගේ පානීය හා වාරි ජල සුරක්ෂිතතාවය තහවුරු කළ හැකි . මේ නිසා පටු පරමාර්ථ මත මහවැලි අධිකාරිය මඟින් මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදීමට එරෙහි දැඩි බලපෑමක් සිදු කළ යුතු .

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    චාමිකර මහත්මයා ඔබට හුඟක් ස්තුතියි හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් (නො)කිරීම ගැන කරලා තියෙන පැහැදිලි කිරීමට.
    ඉඩම් හෙක්ටයාර 23,747 ක් වැනි ඇති විශාල ප්‍රදේශයක් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍ර​කාශයට කරනවා නම් විදුලි වැටක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ජාතික වනෝද්‍යාන තුනක් සහ අලි මංකඩවල තුනක් මායිම් වෙන මේ ප්‍රදේශය අලි කළමනාකරණ රක්ෂිතයක් විදිහට ගැසට් නොකරන්නේ පැහැදිලිවම මේ රක්ෂිතය ඇතුලේ සිදු කරන අනවසර වගාවන්, වැලි ගොඩ දැමීම්, කළුගල් කැඩීම් කරන ව්‍යාපාරිකයන්ට දේශපාලන රැකවරණය ලැබෙන නිසා බව ඕනේ කෙනෙකුට තේරෙනවා.
    ඔබේ ලිපියේ අවසානයේ කරලා යෝජනා වලට අනුව හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමෙන් ප්‍රදේශයේ ගොවි ජනතාවට තියෙන බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනවා.
    ඒ වගේම යෝජිත රක්ෂිතය ඒ විදිහටම ගැසට් කරන්න බල කරන්න ඕනේ. දූෂිත නිලධාරීන් යෝජිත රක්ෂිතයෙන් හෙක්ටයාර 2300 ක් ඉවත් කරන්න හදන එකට ඉඩ දෙන්නම හොඳ නැහැ.
    වාරිමාර්ග ඇමතිකම දීල තියෙන්නේ හම්බන්තොට නියෝජනය කරන චමල් රාජපක්ෂට වුනාට ඔහු අඩු ගානේ තමන්ගේ ප්‍රදේශයේ තියෙන වාරි කටයුතු ගැනවත් අවබෝධයක් නැති හිස් පුද්ගලයෙක් බවයි පෙනෙන්නේ. තමන්ගේ ප්‍රදේශයේ ප්‍රශ්න විසඳන්න බැරි ඇමතියෙක් කොහොමද රටේම වාරිමාර්ග ගැන කටයුතු කරන්නේ?
    හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට කරන ඉල්ලීම කලාතුරකින්වත් දකින්න නොලැබෙන සංවේදී මානුෂිය ඉල්ලීමක්.
    ලංකාවේ දේශපාලකයන්ට තියෙන ප්‍රශ්නේ ඔවුන්ට හදවත් නැතිවීම.
    වාරිමාර්ග, වන රක්ෂණ සහ වනජීවීන් වැනි සංවේදී විෂයයන් බාර දීල තියෙන්නේ හදවතක් නැති පුද්ගලයන්ට නිසා තමයි මේ ඉල්ලීම වෙනුවෙන් මාස තුනකට කිට්ටු කාලයක සත්‍යග්‍රහයක් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.

  • 0
    0

    සජීව චාමිකර මහත්මයා – අන්න ලංකාදීප පත්තරේ තිබ්බ හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධ ගැසට්ටුව මුද්‍රණයට යැව්වා කියල.
    ඒ වුනාට ඒකේ හරියට බලන්න ඕනේ නේද අර ඔබට කිව්ව විදිහට හෙක්ටයාර් 2300ක් අයින් කරලද කියල.
    වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම ඇතුළු විශාල පිරිසක් ආරම්භ කල සත්‍යග්‍රහයට ලංකාවේ ගොවි සංවිධාන විශාල ප්‍රමාණයක් සහයෝගය දුන්න. වල්සපුගලට ඇවිල්ල සහ තම තමන්ගේ ප්‍රදේශ වල ඉඳනුත් සහයෝගය දුන්න. තව නාමල් කරුණාරත්න ඇතුළු තව බොහෝ පිරිසක් ඒ ගැන හුඟක් මහන්සි වුනා. හොඳ ධෛර්යවන්ත සටනක්.
    ඒ වගේම වැදි ජනතාවගේ පාරම්පරික ඉඩම් අහිමි කිරීමට එරෙහිව රඹකැන්ඔය ඇතුළු රටේ අනිත් පළාත්වලත් රක්ෂිත විනාශ කරමින්, ඝන වනාන්තර ගංගා වැව් ඉවුරු විනාශ කරමින් වංචාවෙන් ඉඩම් අයිති කරගැනීමට විරුද්ධව කරන සියලු සටනුත් ජයග්‍රහණයෙන්ම අවසන් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    සජීව චාමිකර මහත්මයා, ඔබ කරන උදාර කාර්යය දිගටම කරගෙන යන්න. අනික මේ ලිපියේ විදිහටම සිතියමක් සහ පින්තූරත් පල කරන්න හැමෝගෙම දැනුවත් වීමට.
    තව එක සහ පහක් ණය ගන්නේ නැතුව මේ රට ගොඩ ගන්න පුළුවන් ක්‍රම ඕනේ තරම් තියෙනව. ලංකාවට ඕනේ තරම් සල්ලිත් තියෙනවා. නැත්නම් මේ තරම් විශාල දේශපාලකයන් ගොඩක් නඩත්තු කරන්නේ කොහොමද? තව පළාත් දේශපාලකයන් විශාල ප්‍රමාණයක් නඩත්තු කරන්නත් සල්ලි තියෙන බව පළාත් සභා චන්දයක් ඉල්ලීමෙන් පේනවා.

    • 0
      0

      මෙතන දෙවෙනි ඡේදය ආපහු ලිව්වා.
      ඒ වුනාට ඒ ගැසට්ටුවේ හරියට බලන්න ඕනේ නේද අර ඔබ මේ ලිපියේ කිව්ව විදිහට හෙක්ටයාර් 2300ක් අයින් කරලද නැත්නම් සම්පූරණ හෙක්ටයාර් 23,747ම ඇතුලත් කරලා ගැසට්ටුව නිකුත් කරලද කියල.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.