27 April, 2024

Blog

අයවැයේ සැඟවු​ණු කතාව කුමක්ද?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද අයවැය විවාදයට එක්වෙමින් කරන ලද සම්පූර්ණ කතාව!

සජිත් ප්‍රේමදාස

සංශෝධන එකතු කිරීමේ අවස්ථාවේ අතුරු අයවැය සාකච්ඡාවට භාජනය වන මොහොතේ මං කැමතියි මේ අවස්ථාවේ කරුණු කිහිපයක් කිහිපයක් ඉදිරිපත් කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අඟහරුවාදා දවසේ ගරු ජනාධිපති තුමා අයවැය අතුරු අයවැය අය වැය අයවැය 2022 ඉදිරිපත් කරා. ඊයේ දවසේ current economic situation in sri lanka in the way forward කියලා වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ගමන පිළිබඳව ආචාර්ය නන්දලාල් වීරසේකර මැතිතුමා මහ බැංකුවේ අධිපතිතුමා හොඳ ඉදිරිපත් කිරීමක් කලා. ඇත්තම කතා කරනවා නම් රටේ ඇත්ත තත්ත්වය තියෙන්නේ නන්දලාල් වීරසේකර මැතිතුමා ඉදිරිපත් කරපු අදහස් වල. අපි දකිනවා අතුරු අයවැය කතාවේ දෝෂ රැසක් තිබෙනවා. දැන් ගරු ජනාධිපතිතුමා පටන් අරගෙන තියෙන්නේ මෙන්න මෙහෙම. තුන්වෙනි පිටුවෙ ද කොහෙද තිබෙනවා ගින්දර රත්වෙන තුරු හැළියේ සතුටින් දිය කෙළින කකුළුවෝ… දැන් අපි බලමු කවුද මේ ගින්දර නිර්මාණය කලේ. ගින්දර රත්වෙන රාජපක්ෂ ඇතුළු පොහොට්ටුව ආණ්ඩුව. ඉතින් මන් දන්නෑ කවුද මේ කතාව ලියලා දුන්නේ කියලා ජනාධිපතිතුමාට. ගින්දර රත්වෙන , රත්වෙන ගෙදරක් මේ රටේ මහා ගිනි ජාලාවක් මහා ආර්ථික සමාජීය දේශපාලනික ගිනිකන්ද නිර්මාණය කලේ කවුද? රාජපක්ෂ පවුල ඇතුළු පොහොට්ටු ආණ්ඩුව. ගොවියා, ධීවරයා, කම්කරුවා දුප්පතා, කුඩා හා මධ්‍ය පරිමාණයේ පරිමාණ ව්‍යාපාරිකයා, ව්‍යවසායකත්වය, සංචාරක ක්ෂේත්‍රය, ඉදිකිරීම් කර්මාන්තය, අම්මලා, දරුවො, රාජ්‍ය සේවය මේ ගිනිකන්ද මේ ගින්දර රත් කලේ මේ වසර දෙක හමාරක තුනක දූෂිත පාලනය. එතුමා ඒ වගේම කියනවා සතුටින් දිය කෙළින කකුළුවෝ. කවුද සතුටෙන් දිය කෙළින කකුළුවෝ. මැයි නම වෙනිදා සාමකාමීව ක්‍රියාත්මක වුණු වුණු ප්‍රජාත්‍රන්ත්‍රවාදී පොදුජන ව්‍යාපාරයට අරලියගහ මන්දිරයේ ඉඳලා මිලේච්ඡත්වය, ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරපු රාජපක්ෂ හොර හවුල ඇයි සතුටින් දිය කෙළින කකුළුවෝ කියන්නේ? දැන් ඊයෙත් මම දැක්කා හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒ පොහොට්ටුවේ සාමාජිකයෝ පොදුජන එක්සත් පෙරමුණේ පෙරමුණේ කාර්යාලයේ ඉඳගෙන හිනහ වෙවී බොහොම සතුටින් ඉන්නවා. මුළු රටම වැලපෙනවා. ඒක ඇස් පෙනෙන බොහෝ දෙනෙක් ඒක ඊයෙ ප්‍රවෘත්ති දැක්කහම ඇති ඇස් පේනවා නම්, කන් ඇහෙනවනම් ඒවා අපිට ඇස්වලින් දැක්කා. කන් වලිනුත් ඇහුණා. ඒ වගේම මේ සතුටින් දිය කෙළින කකුළුවෝ සුදුළූණු වංචා කරලා, පොල්තෙල් වංචා කරලා, සීනි වංචා කරලා, පැන්ඩෝරා පත්‍රිකාවලින් අපි හැමෝම දන්නවා කරපු දූෂණය. new forest ආයතනයත් එක්ක ඒ ගහපු විදුලිබල ගැහිල්ල. හුලං බලාගාරය ගැහිල්ල. ඔන්න සතුටින් දිය කෙළින කකුළුවෝ. ඉතින් මන් දන්නෑ ඇත්ත වශයෙන්ම කවුද ජනාධිපතිතුමාට මේ කතාව ලියලා දුන්නේ. දැන් මේ ගෙදර රත් වෙන අවස්ථාවේ හැළියේ සතුටින් දිය කෙළින කකුළුවෝ ටිකට රැකවරණය දෙන්නේ කවුද? වර්තමාන ජනාධිපතිවරයා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේක අපි දකින්නේ, රටත් ජනතාවත් නොමඟ යවන මායාවක් හැටියට. මේක හරියට අර පහුගිය කාලයේ ක්‍රියාත්මක වුණු ඇන්දවීම. නාගරාජ ඇන්දවීමක්. නාග මාණික්‍යය ඇන්දවීමක්. මේක සුරංගනා කතාවක්. මොලේ ස්ථාවරත්වය හා ඒකාබද්ධ කරණය ගැන ,මේකේ කිසිම වැඩපිළිවෙළක් නැහැ. අධි උද්ධමනයට මූණ දෙන එක ගැන විසඳුමක් නැහැ.

අපේ රටේ තියෙන අසාධාරණ බදු ක්‍රමය 80% ක් ප්‍රතිගාමී, 20%ක් ප්‍රගතිශීලී ක්‍රමවේදය වෙනස් කරන්නට කටයුතු කරලා නැහැ. ශ්‍රමික ප්‍රේෂණ අහිමි වෙලා තිබෙනවා ඩොලර් බිලියන හතරකට වැඩි ප්‍රමාණයක්. ඒවා ආපහු ලබාගන්නෙ කොහොමද කියන එක සඳහන් වෙලා නැහැ. අපි නම් හිතුවේ බලය ලබාගත්තේ ඩොලර් බිලියන හතරක් අතේ තියාගෙන කියලා. ඒකත් කෙරේ ඇන්දවීමක්. මේ අතුරු අය කථාව තුළ තියෙන්නේ මොනවාද? ඛණ්ඩනය වූ යෝජනා. ඒ වගේම මේ තුළ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිව්‍යුහගත කිරීම් අනුගමනය කරලා නැහැ. මං කැමතියි මේ අවස්ථාවේ පොඩ්ඩක් පැහැදිලි කරන්න සමගි ජන බලවේගය අනුගමනය කරන වැඩපිළිවෙල. අපි අන්ත දක්ෂිණාංශික නව ලිබරල් වාදය විශ්වාස කරන්නේ නැහැ. අපි ධනවාදී අන්තවාදය, අන්තවාදී ධනවාදය විශ්වාස කරන්නේ නැහැ. ලොකුම tricle down එක ක්‍රියාත්මක කෙරේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා. බිලියන හය සීයයක් අපේ රටේ මහජන සල්ලි සුපිරි කෝටිපතියන්ට, පෝසතුන්ට ලබාදීම තුළ තමයි මේ මූල්‍ය අර්බුදයේ නිර්මාණය වුණේ. කිසිසේත්ම නව ලිබරල් වාදය අපි පිළිගන්නේ නැහැ. ඒ වගේම අපි විශ්වාස කරන්නෙ නෑ කරන්නේ නෑ අන්ත සමාජවාදී ක්‍රමවේද තුළ ගමන් command controll economic system තුළ socialism තුළ අපේ රට ගොඩනගන්නට ප්‍රශ්න විසඳන්නට හැකියාවක් නැහැ. අපි විශ්වාස කරනවා ව්‍යවසායකත්වය, වෙලදපොල බලවේගය, ඉල්ලුම සැපයුම තුළ ක්‍රියාත්මක වුණු මානුෂීය ධනවාදයක්. capitalism with the humanface. ඒක නිසා අපි අනුගමනය කරන්නේ තුන්වෙනි මාවත. නිවැරදි මාවත. there is a third way. ඒ නිවැරදි මාවත, ඒ හරි මාවත සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. සමාජ වෙළඳපොළ ආර්ථිකයයි. ඒ සමාජ වෙළඳපොල ආර්ථිකය තුළ , ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒ තුන්වෙනි නිවැරදි මාවත තුළ අපේ සමානාත්මතාවය සහ සාධාරණත්වය මත පදනම් වුණු සංවර්ධනය. inclusive development. සර්වභාගි සංවර්ධනය, sustainable development තිරසර සංවර්ධනය, මෙන්න මේ ක්‍රමවේද තමයි අපි අනුගමනය කරන්නේ. අද අතුරු අයවැය සාකච්ඡාවට භාජනය වෙන මේ මොහොතේ අපිට පේනවා දස ලක්ෂ ගණනින් අතරමං වුන ජනතාවක් ඉන්නවා. millions are left behind. ඒ අයගේ ප්‍රශ්න වලට විසඳුම් නැහැ. අතරමං වූ දස ලක්ෂ සංඛ්‍යාත පරපුරක් ඉන්නවා. දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කතාවේ කියනවා පවුල හැටඑකදාහකට මාස හතරක් යන තෙක් දහදාහ ගානේ සහන ලබා දෙන්න ඕනේ කියලා. ඉතාමත්ම හොඳ දෙයක්. කතාවේ කියන්නේ සහන ලැබිය යුතුම කොට්ඨාසය මේ කොට්ඨාසය කියලා. ඒ කියන්නේ අපේ රටේ පවුල් ලක්ෂ පනස් හතක් ඉන්නවයි කියන එක ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අවසාන වාර්තාවෙන් අපි හොයා ගත්තා. මේ රටේ 1.07% ක ට තමයි මේ සහනය ලබා දෙන්නෙ. ඔබතුමාට හරි විශ්වාස කරන්න පුලුවන්ද මේ රටේ ජනගහනයෙන් මේ මහා ආර්ථික පීඩනය අසහනය තුල අසහනයට දැඩි අසහනයට පත් වෙලා සිටින්නේ සියයට 1.07 ක ප්‍රතිශතයක් කියලා. ඒක විශ්වාස කරන්න පුලුවන්ද? මම යෝජනා කරනවා මේ අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මැතිතුමා උද්ධමනය පිළිබඳව කරලා තිබෙන ඒ වැදගත් සමීක්ෂණය හොඳට කියවලා බලන්න. මේ වාර්තාවේ පැහැදිලිවම තිබෙනවා මේ රටේ ජනගහනයෙන් ලක්ෂ කීයකට මේ මහා හානිය සිදු වුණාද කියලා. දස ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ හානිය සිදු වෙනකොට වෙනකොට මේ අයවැය කතාවේ කියන්නේ 61000 ට තමයි හොඳටම අමාරු කියලා. යුනිසෙෆ් වාර්තාව, යුනිසෙෆ් ප්‍රධානියා මේ ආසියාතික කලාපයේ ප්‍රකාශ කරනවා පවුල් දහයක් ගන්න කොට, පවුල් දහයෙන් පවුල් හතක් තුන්වේල කාපු අය දෙවේලයි කන්නේ. දෙවේල ආහාර ගත්තු කට්ටිය එක වේලයි ගන්නේ. පවුල් 10න් හතක් සියයට හැත්තෑවක් යුනිසෙෆ් එකේ කලාපීය ප්‍රධානියා කියනවා සියයට හැත්තෑවක් කියලා. අපේ ජනාධිපතිතුමා කියනවා අමාරුම කොට්ඨාසය සීයට සීයට 1.07 කියලා. මම එතුමාට කියන්න කැමති ඔය ජන සංඛ්‍යා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා වූ ජන සංඛ්‍යා ලේඛන පිළිබඳව මීට වැඩිය හොයලා බැලුවොත් හොඳයි කියන කාරණාව. වසන්ත අතුකෝරාල මහාචාර්යතුමාගේ මේ වාර්තාව මම හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා ඔබතුමන්ලා ට කියවලා බලන්න. මේකෙන් බලාගන්න පුළුවන් මේ රටේ විපතට පත් වුණු දසලක්ෂ ප්‍රමාණයක් අපේ රටේ ජනතාව.

දැන් සමාජ සුරක්ෂිත භාවය ගැන කතා කරනකොට බලන්න මේ ඇති කරලා තිබෙන ප්‍රමාණාත්මක වැඩිවීම්. ඉතාමත්ම සොච්චමක් තමයි මේ ජන ප්‍රජාව ගේ අසරණභාවයට, අනාථභාවයට අනතුරුදායක, අන්තරාදායක තත්ත්වයට, මුහුණ දුන්නු අයට ඒ සහනය ලබා දීලා තියෙන්නේ. කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. දැන් ගර්භනී මව්වරුන්ට විසිදාහට අමතරව දෙදහස් පන්සියයක් ලබා දෙනවයි කිව්ව. ඉතාමත්ම ප්‍රශංසනීයයි. නමුත් ගරු අග්‍රාමාත්‍ය තුමනි ඔබතුමාවත් දන්නවද අද විසිදාහ ලබා දෙනවයි කියලා. අද විසි දහ ලබා දෙන්නේ නැහැ. ලබා දෙන්නේ නැති එහෙකට දෙදහස් පන්සියයක් එකතු කරලා මෙහෙම බොරු කියන එක හරිද කියන එක මම අහන්න කැමතියි.

එතකොට මම මේ අවස්ථාවේ අහන්න කැමතියි වගා හානියට ලක් උන ගොවීන්ට වගාවට වන්දි ලබා දීම ගැන මේකෙ සඳහන් නෑ. ධීවර ජනතාවට, වතු ජනතාවට, නගරබද ජනතාව ට භූමිතෙල් මිල වැඩි කිරීම තුළ සහන ලබා දෙනවයි කියල කිව්වට දෙන මුදල සඳහන් වෙලත් නැහැ. එයින් විපතට පත් වුණු ගාන ආණ්ඩුව දන්නෙත් නැහැ. ඉතින් මං අහන්න කැමතියි දත්ත දන්නෙ නැතුව, කොහොමද සාක්ෂි මත කේන්ද්‍රගත වුණු ප්‍රතිපත්තිමය රාමුවක් නිර්මාණය කරන්නේ? evidence-based policies වලට කොහොමද ප්‍රවේශ වන්නේ කියන එක මම අහන්න කැමතියි.

එතකොට මේ කතාවේ කියනවා ලක්ෂ තිස් දෙකකට කඩිනමින් සහන සැලසිය යුතුයි කියලා. ගානක් නැහැ, මිම්මක් නැහැ, කාලවකවානුවක් නැහැ, කියන්නන් වාලේ ඔහේ කියලා තියෙනවා. ඒ වගේම හදිසි ආධාර හැටියට මේ මැයි, ජුනි ,ජුලි බිලියන තිස් එකක්, මිලියන තිස් එක් දාහක් වන්දි ලබා දුන්නයි කියලා මේ කතාවේ කියනවා. ඒ කියන්නේ රැකියා අහිමි වනු අයට කෘෂි කර්මාන්ත නිෂ්පාදන අඩුවුණු අයට. මම අහන්නෙ ඔබතුමා ඉන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ වත් වන්දි ගෙවලා තියෙනවද? මොන බොරුවක්ද? රැකියා අහිමි වුණයි කියලා වන්දි ගෙවෙලා තියනවද? අමූලික පට්ටපල් බොරුවක්. ඒකයි මං මේ කියන්නේ මේක නාගරාජ ඇන්දවීමක්. ඒ වගේම මම සතුටු වෙනවා දහ නමයයි පොයින්ට් එක යටතේ ජනාධිපතිතුමා කියනවා 2002 welfare benefits act එක ක්‍රියාත්මක කරනවයි කියලා. ඉතාමත්ම හොඳ දෙයක්. මෙතන පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය නැහැ. තමුන්නාන්සේලාට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ ජනාධිපති කාලවකවානුව ඇතුළත කැබිනට්ටුවේ සාකච්ඡා වුන වැදගත්ම දෙයක් තමයි සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා දන්නේ නැතිව ඇති. ඔබතුමා කැබිනට් එකේ හිටියෙ නැහැ. ඒ කාලයේ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය තරයේ ප්‍රතික්ෂේප කරා. යෝජනාවකුත් ගෙනාවා. 2001 welfare benefit act එක ක්‍රියාත්මක කිරීම නතර කරන්න කියලා. ඒ පනත ඉවත් කරන්න කියලා. දැන් ඉවත් කරන්නේ කියපු හාදයන්ට සිද්ධවෙලා තිබෙනවා අත උස්සන්න මේ දේට අත උස්සන්න. මේක හොඳම හොඳ දෙයක්. ඒ කියන්නේ සහනාධාර , සහන ලබාදීම දේශපාලනීයකරණයකින් තොරව ක්‍රියාත්මක කරනවයි කියන එක අපි ඒකට අපේ සහයෝගය ලබා දෙනවා.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි විදුලි බිල වැඩි කිරීම. දැන් තව සති කීපයක් යන කොට මුළු රටටම කරන්ට් එක වැදෙනවා. සියයට 75ක් සාමාන්‍ය වැඩි කිරීම. මං අහන්නේ මේ අතුරු අයවැයේ ඒකට මොනම සහනයක් වත් නැහැනේ. විදුලි බිල වැඩි කිරීම පෝසතුන්ට කරාට කමක් නැහැ. ඇති හැකි අයට කරාට කමක් නැහැ. නමුත් මේකේ වැඩියෙන්ම වැදිලා තියෙන්නේ පොඩි මනුස්සයාගේ බඩට. සාමාන්‍යයෙන් මනුස්සයාට. ස්වයං රැකියා ලාභියාට. බේකරිය කරන මනුස්සයට. කඩයක්පන් හදන මනුස්සයාට. පුංචි මිනිස්සුන්ට තමයි මේකෙන් වැඩිම වැදිල්ල වැදිලා තියෙන්නේ. මේකේ කිසිම සහනයක් නෑ මේ ඉලක්කගත කණ්ඩායම් වලට. කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන්ට කිසිම සහනයක් නෑ. සංචාරක ක්ෂේත්‍රයට කිසිම සහනයක් නෑ. මේ ජනාධිපතිතුමා ම අගමැති වෙලා ඉන්න කාලයේ යහපාලන රජයේ පාස්කු ප්‍රහාරය තුළ අපි සංචාරක ක්ෂේත්‍රය ට පුදුම ශක්තියක් ලබා දුන්නේ, පොලී රහිත ණය දුන්නා සංචාරක පොඩ්ඩොන්ට. සංචාරක ක්ෂේත්‍රයේ හැම තැනකටම අපි සහන ලබා දුන්නා. නමුත් කණගාටුවට කාරණාව අගමැති වෙලා ඉන්නකොට කරපු දේ අතුරු අයවැය හරහා ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරලා නැහැ. ස්වයං රැකියා ලාභීන්ට කිසිම සහනයක් නෑ. ත්‍රීරෝද රථ රියැදුරන්ට කිසිම සහනයක් නෑ. දෛනික වේතන ලබාගන්න අයට කිසිම සහනයක් නෑ. ඒ නිසා විශේෂයෙන්ම ජන සමාජයේ අසරණව කොට්ඨාස වලට, ඒ වගේම මැද පංතියට ඒ වගේම රාජ්‍ය සේවකයින්ට ඒ ලබාදිය යුතු ශක්තිය මේ කතාවේ නැහැ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි බලන්න අපි අපේ විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අවුල් කරගෙන නේ. දැන් බලන්න ඉන්දියාව තරහා වෙලා ඉන්නවා නැව එන්න දුන්නට. චීනය තරහා වෙලා තියෙනවා නැවට එන්න කියලා මැදක් හරියේ එන්න එපා කිව්වට. මොන වගේ මෝඩ ප්‍රතිපත්තිද? ඊට පස්සේ කියනවා මන් දන්නෑ writers ද කොහෙද වාර්තා කරලා තියෙනවා. ජපාන රට කේන්ද්‍රගතව ආධාරක සමලුවක් හා ණය ප්රතිව්යුහගත කරන ක්‍රමවේදයකට ප්‍රවේශ වෙනවයි කියලා. නමුත් ජපන් විදේශ ඇමැති තුමා කියනවා එහෙම දෙයක් ගැන සාකච්ඡා වෙලා නැහැයි කියලා. මේ කාවද අන්දවන්න හදන්නේ. මේ කාවද රවට්ටන්න හදන්නේ. ඒ වගේම අද මය මිලේච්ඡත්වය සමාජ මාධ්‍ය ජාලා මර්දනය කිරීම, රාජ්‍යය මිලෙච්ඡත්වය, සමාජ මාධ්‍ය ජාලා මර්දනය කිරීම , තර්ජන එල්ල කිරීම, මාධ්‍ය ආයතන ආයතන වලට හානි කිරීම. දැන් බලන්න අපි හැමෝම දන්නවා අපේ කෙහෙලිය මැතිතුමා මාධ්‍ය ඇමතිතුමා වෙලා ඉන්න කාලේ මම ප්‍රකාශයක් කරා කරුණාකරලා ඔබතුමන්ලා පිඹුරුපත් සකස් කරනවා සිරස මර්දනය කරන්න.

හෙම කරන්න එපා කියලා. කොහොමහරි එක නතර වුණා. මේ මොහොතේ හදන්නෙත් සිරස මර්දනය කරන්න. මේ මොහොතේ හදන්නෙත් මේ රටේ පොඩි මනුස්සයොන්ට ගම්මැද්ද වැනි දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක කරලා ආණ්ඩුවෙන් මිනිස්සුන්ට පෙනෙන්නේ නැති දේශපාලනඥයාට පේන්නෙ නැති මේ රටේ අසරණ ජනතාවට ශක්තියක් ලබාදෙන සිරස මාධ්‍ය ජාලයත් මර්දනය කරන්නට උත්සාහ කරනවා. මම පැහැදිලිවම ජනාධිපතිතුමාට කියන්න කැමතියි එතුමා අග්‍රාමාත්‍යවරයාව සිටින කාලයේ සාපරාධී අපහාස නීතිය 2002 ජුලි මාසයේ ඉවත් කරා. ඒක එතුමා කරපු ඉතාමත්ම ප්‍රශස්ත ක්‍රියාවක්. මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ සිරස මර්දනය නතර කරන්න. මේ සිරස ලයිසන් එක කැන්සල් කරන්නට අවශ්‍ය ඒ පිඹුරුපත් සකස් කිරීම වහා නතර කරන්න. මොකද මේ වගේ ක්‍රියාදාමයන් තුළින් නරක පණිවිඩයක් වැරදි පණිවිඩයක් ජිනීවා වලට සැප්තැම්බර් මාසයේ ලබාදෙන්නේ. ප්‍රචණ්ඩත්වය තුළ මිනිස්සුන්ට උද්ඝෝෂකයින්ට පහර එල්ල කිරීම තුළ, ත්‍රස්තවාදය එල්ල කිරීමේ පනත පාවිච්චි කිරීම තුළ ජිනීවා වල දී රට අන්තරාදායක තත්ත්වයකට පත් කරන්නේ, සිරස මර්දනය කිරීම තුළිනුත් ඒ වගේ ක්‍රියාවක් තමයි ක්‍රියාත්මක කරන්නේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් බලන්න අර සිරස මාධ්‍යවේදීන් හත්අට දෙනෙකුට බිම දාගෙන ගැහුවා. බිම දාගෙන මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. ඒවාට මොනවත් investigations නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ගරු ජනාධිපතිතුමාගෙන් කරුණාකරලා මං හිතන්නේ යම්කිසි කාල වකවානුවක් තුළ එතුමාව, එතුමාගේ දේශපාලන ගමනට හයිය ලබාදුන්නු ආයතනයක් මේ සිරස ආයතනය. ඒ නිසා සිරස මර්දනය වහා නතර කරන්න. සමාජ මාධ්‍ය ජාල මර්දනය මහා නතර කරන්න. මාධ්‍යවේදීන් ව මර්දනය වහා නතර කරන්න. නිදහස් මාධ්‍යයට ඉඩ ලබා දෙන්නේ කියන එක මම ඉල්ලීමක් කරනවා.

එතුමාගේ කතාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරා. ගරු මොනා මූලාසනාරූඪ නියෝජ්‍ය කතානායකතුමනි, අග්‍රාමාත්‍යතුමාගේ කතාවෙත් එකට එකතුවෙලා වැඩ කරමු යි කියන එක, එකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවමු ඒ කියන එක යෝජනාව ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරා. අගමැතිතුමාට මේවා ඇහෙනවද නැද්ද දන්නේ නැහැ. එතුමා ගමනේ සිටින නිසා. මම ප්‍රාර්ථනා කරනවා ඉදිරි සති කිහිපය තුළත් එතුමා ගමන යන්නේ නැතුව ඔය පුටුවේ ම සිටින්නට ධෛර්යය ශක්තිය ලැබෙන්න ට කියලා. මම එතුමාට කියන්න කැමතියි. ධම්මපදය ගාථාවක් තියෙනවා අත්තානමේ පඨමං පතිරූපයේ නිවෙසේ අතඤ්ඤ මනුසාසෙය්ය, නොකිලිස්සේය පණ්ඩිතෝ. අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණයෙහි පිහිටා සිටින්න ගරු අග්‍රාමාත්‍ය තුමනි. කෝප් එකේ කෝපා එකේ සභාපතිකම් දීගන්න බැරුව විපක්ෂයට මොන සර්ව සර්වපාක්ෂික ආණ්ඩු ද? මොන එකතුවෙලා වැඩ කිරීම්ද? අධීක්ෂණ ආංශික කාරක සභාවල සභාපතිකම් විපක්ෂයට දෙන්නේ නැතුව මොන විහිළුද මේ රටට සපයන්නේ? ඒ නිසා අර ධම්මපදය ගාථාව අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණයෙහි පිහිටා සිටින්න කියලා මම ඉල්ලීමක් කරනවා. දැන් මොකද්ද මේ සර්ව සර්වපාක්ෂික ආණ්ඩුව. මේ සර්ව පාක්ෂික සර්වපාක්ෂික ආණ්ඩුව ඇත්ත වශයෙන්ම මම දකින්නේ කැඳහැළියක් හැටියට. රටට අවශ්පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරලා දැන් ළඟදීම පාර්ලිමේන්තුවට එන්න ඉන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි, මහින්ද රාජපක්ෂ මැතිතුමායි, බැසිල් රාජපක්ෂ මැතිතුමායි, පොහොට්ටු බහුතරයයි එක්ක අපිට එකට වාඩි වෙන්න කියලද කියන්නේ? එහෙම අපිට හැකියාවක් නැහැ. නමුත් රට වැටී තිබෙන මේ ප්‍රපාතයෙන් ගොඩ එන්නට පාර්ලිමේන්තු කමිටු හරහා රටට බරක් නොවී සාධනීයව උදව් කරන්නට අපි සූදානම්. දැන් අපෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා විදේශ ඇමතිතුමා ජිනීවා ප්‍රතිපත්තිය පිළිබඳව, ජිනීවා වැඩසටහන ගැන විපක්ෂයත් එක්ක කතා කරන්න ඕනේ කියලා. විජේදාස රාජපක්ෂ මැතිතුමා හිතනවද අපි සූට්කේස් උස්සගෙන බෑග් උස්සගෙන ජිනීවා ගිහිල්ලා රටට විරුද්ධව අහවලාට විරුද්ධව අපි කේලාම් කියයි කියලා හිතනවද? අර 88 89 කාලය වගේ වගේ අර හාදයෝ දෙන්නෙක් තුන්දෙනෙක් ගියානේ මානව අයිතිවාසිකම් නාමයෙන්. අපි එහෙම කරන්න යන්නේ නැහැ. හැබැයි එකක් තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ තර්ජනය, මේ මර්දනය, මේ මිලෙච්ඡත්වය, මේ රාජ්‍ය ත්‍රස්තවාදය හිංසනය ක්‍රියාත්මක උනොත් අපිටත් සිද්ධ වෙනවා යම් යම් පියවර වලට ප්‍රවේශ වෙන්න. අපි හැම විටම උත්සාහ දරන්නේ රටේ ප්‍රශ්න ඇතුළෙ විසඳ ගන්න. අභ්‍යන්තරව විසඳ ගන්න. හැබැයි මේවට සමන් දෙන්නේ නැත්නම් සිදුවෙනවා අපට ජාත්‍යන්තරයට කතා කරන්න. කරුණාකරලා එතනට අපිව ගෙනියන්න එපා. මේ මර්දනය මිලේච්ඡත්වය වහාම නතර කරන්නේ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශකර සිටිනවා.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමා කතාව අවසන් කරන කරනකොට මන් දන්නෑ කවුරු මේ කතාව ලියලා දුන්න ද කියලා. මේකේ එතුමා කියනවා ආජි තපර ලාහිලා. එක තැන කැරකීම. අපි තනිකර ලෝකය දිව යන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මොකක්ද මේ වෙලා තියෙන්නෙ. මොකක්ද මේ එක තැන කැරකැවීම කියන්නේ? පොහොට්ටුව ජනාධිපති තුමාව එකතැන කරකෝනවා. ඒකයි මේ කියන්නේ. ඇයි? පොහොට්ටුවේ එවන නම් ලයිස්තුවට ඇමතිකම් නෑ.පොහොට්ටුවේ අසූවක් අත්සන් කරලා එවලා තියනවා අවුරුදු දෙකහමාර බෑ හතරහමාර කරන්න ඕනේ කියලා. ඉතිං ජනාධිපතිතුමාව පොහොට්ටුව එකතැන කරකනවා. ඊට පස්සේ එතුමා කියනවා අප තනිකර ලෝකය දිව යන්නේ. මම ජනාධිපතිතුමාට පුංචි අනතුරු ඇඟවීමක් කරන්න කැමතියි. අපි තනිකර නෙමෙයි. ජනාධිපතිතුමාව තනි කරලා තමයි පොහොට්ටුව ඉදිරියට දිව යන්නේ. මෙන්න ඇත්ත කතාව. ඒ නිසා විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමා ප්‍රමුඛ එතුමාගේ කණ්ඩායම මේ තුමාගේ ගජමිතුරු ගජ මිතුරෙකුත් ඉන්නවා මං ඉස්සරහ. කරුණාකරලා මේ මුදලට, වරදාන වලට, වරප්‍රසාද වලට මන්ත්‍රීවරු බාගන්න ව්‍යාපෘති දියත් කරලා සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි බෙදන්න කඩන්න උත්සාහ දරන්න එපා. දැන් ඔබතුමාම දැක්කනෙ ඔබතුමා ඊයේ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. කොහෙන්ද කොහාටද ආවෙ කියන එක ඔබතුමාම ඇස් දෙකෙන් දැක්කා නේ. ඒ නිසා මතක තියාගන්න මේ මුදලට, වරදාන වලට, වරප්‍රසාද වලට විකිණෙන කණ්ඩායම් මෙහෙ නැහැ. මට ආරංචියි, මේ විජයදාස මැතිතුමා විස්සක් බොහොම කණගාටුවෙන් ඉන්නවලු මොකද පහුගිය දවස් වල දවස් වල part payment එක කරලා තියෙන්නේ අර දෙවෙනි වාරිකය විස්සකට ගෙව්වේ නැහැල්ලු. ඒක හින්දලු ඒ 20 අපිට දුන්නෙ නැත්තේ. කරුණාකරලා ඒ part payment එක දීලා ඒ මිනිස්සුන්ව පොඩ්ඩක් සතුටු කරන්න. නැත්තං බොහොම දුකෙන් කනගාටුවෙන් ඉන්නේ. ඒක වගකීමෙන් මම කියන්නේ. ඒක නිසා මම පැහැදිලිවම කියන්න කැමතියි නුවර මැලේසියා හරහා මේ සමගි ජන බලවේගය කුඩුපට්ටම් කරන්නට කටයුතු කරන MK කුමන්ත්‍රණ වලට අපි අහුවෙන්නෙ නැහැ. ඒ MK කුමන්ත්‍රණ මොනවද කියලා මං ඉස්සරහට විග්‍රහ කරන්නම්. මේ නුවර මැලේසියානු කුමන්ත්‍රණ හරහා තමයි සමගි ජන බලවේගය දෙකඩ කරන්නට පහුගිය දවස්වල උත්සාහ දැරුවේ. නමුත් ඒවා නිශ්ඵල වුණා. ඒවගේම මම කියන්න කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයේ, උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය එක එක ප්‍රවෘත්ති plant කරනවා. සජබෙන් පහක් එනවලු. පහළවක් යනවලු. විස්සක් යනවා ලු. එක්කෙනෙක් දුකෙන් ලු ඉන්නේ දෙනවයි කියපු ඇමතිකම නොලැබුණු නිසා. මොන බොරුද? මොන පච ද? මොන විහිළුද? උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයේ, උන්ගේ නෑදෑයින් ගේ මාධ්‍යයේම මේවා කියනවා. මම ඒ පත්තර වල නම් ගම් කියන්න යන්නේ නෑ මොකද මට යම්කිසි සදාචාරාත්මක භාවයක් තිබෙන නිසා. නමුත් ලඟදිම ඒවත් කියන්න සිද්දවෙයි. එහෙම කියලා ඊළඟ දවසේ නාග මාණිකය මාධ්‍ය වලට කියනවා අනේ කොහොමහරි අර පත්තර පිටුවට පත්තරේ කියවනකොට ඔන්න ඕක කියවලා දාපන්. මුළු රටම ඇවිස්සිල අපෙන් අහනව පස් දෙනාද යන්නේ, පහළොස් දෙනා ද යන්නේ, දහදෙනද යන්නේ, හැබැයි රටටත් මම කියනවා ඔය බොරුවට ඔය බොරු ප්‍රචාර වලට ඔය ඇත්ත වශයෙන්ම 99.9% ක් ඉන්නේ හොඳ මාධ්‍ය. සියයට 0001 ඉන්න ජඩමාධ්‍ය වලට රැවටෙන්න එපා. ඔය බොරුවට උදේට කියලා පත්තර පිටු වල බොරු පච ටොම් පච සිරස්තල වලට රැවටෙන්න එපා. ඊයේ දවසේ අපි දැක්කා කොහෙන් කොහාට ආවාද කියන එක ඊයෙ අපි දැක්කා. ඒ නිසා විජයදාස රාජපක්ෂ මැතිතුමනි අර යාළුවාට කියන්න අර ඉතුරු 50% ක් ගෙවලා දාන්නේ කියලා. විස්සක් ඉන්නවා දැන් මෙහාට ඉන්න ඕනේ කියලා බලාගෙන. එකක් මම කියන්නම් මේ දේශපාලන ඉතිහාසයේ කවුරු තියාගන්න වත්, අපි සල්ලි දෙන්නේ නැහැ. කවුරුන්ව ගන්නවත් අපි සල්ලි දෙන්නේ නැහැ. කප්පන් දෙන්නෙ නැහැ. අපිට යම්කිසි සම්පතක් තිබෙනවා නම් අපි ඒවා කැප කරන්නේ හුස්මක් මේ සටහන හරහා සක්වල වැඩසටහන හරහා වර්තමාන ජනාධිපතිතුමා ඉල්ලුම් කරලා තිබෙන ආකාරයට රටේ ජනතාවටත් රටටත් උදව් කරන්නේ කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් ගරු නියෝජ්‍ය නියෝජ්‍ය කතානායකතුමනි අවසාන වශයෙන් මම කැමතියි අපේ ජනාධිපතිතුමා නම් කතාව අවසන් කලේ ආචි තපර ලාහිලා කියලා. මම කැමතියි ධම්මපදයෙන් මගේ කතාව අවසන් කරන්න.

ධම්මපදය ගාථාව……………..

පවට ලැජ්ජාවක් නැති, කපුටෙකු මෙන් අනුන්ව සූරා කන ගුණමකු හිතුවක්කාර කෙනෙක් ජීවිතයක් ගෙවන කෙනෙකුට ලාභ සත්කාර මැද්දේ පහසුවෙන් ජීවත් වෙන්නට පුළුවන. දැන් අපේ රටේ කවුද කපුටො මෙන් ගසා කන්නේ, කවුද අනුන්ව සූරා කාලා ගුණමකු හැටියට කටයුතු කරන්නේ, කවුද සන්තෝසම් ලබාදීලා මේ 225 මුදලට ගන්නට කටයුතු කරන මහා හොර කප්පිත්තෝ ටික. ලාභ සත්කාර මධ්‍යයේ පහසුවෙන් ජීවත් වන්නේ කවුද? ඒවා පිළිබඳව පිළිතුරු සැපයීමට මේ රටේ ලක්ෂ 220 මං බාර දෙනවා. ස්තුතියි.

දිය රත්වෙන තුරු හැලියේ සිටින්නේ කවුද?. අයවැයේ සැගවුණු කතාව කුමක්ද?
විපක්ෂ නායක සජිත් ලෝවැඩ සගරාවෙන් පටන්ගෙන ධම්මපදයෙන් අවසන් කරයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.