21 June, 2026

Blog

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවාදය හා සාකච්ඡාවට බඳුන් නොවූ කරුණු

ශනිකා සෝමතිලක​ –

ශනිකා සෝමතිලක​

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඇති වූ විවාදයේදී වැඩියෙන්ම සාකච්ඡාවට බඳුන්වූයේ දරුවන් ඉඟෙන ගතයුතු දේ නොව, වෙනත් අසම්බන්ධ දේවල් ගැනය.

6 වසරේ දී මූලික තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික දැනුම සහ මුදල් කළමනාකරණය (මූල්‍ය දැනුම) ඉගැන්වීමට යෝජනා කර තිබුණ ද ඒවා අමුතු හෝ අනර්ඝ විෂයයන් නොව, අද ලෝකයේ ජීවත්වීමට අවශ්‍ය මූලික දැනුම වේ. එහෙත්, යෝජිත ප්‍රතිසංස්කරණ කෙරෙහි විරුද්ධ වූ අය මේ විෂයයන් හොඳ හෝ නරකද යන්න සාකච්ඡාවට බඳුන් නොකර, ඒ වෙනුවට කරන ලද්දේ, අභ්‍යාස පොතක පිට කවරයක් සඳහා යොදා තිබුණ වර්ණ රටාවන් හෝ අභ්‍යාසයක තිබූ අහම්බෙන් ඇතුලත් වී තිබුණ දරුවන්ට අයෝග්‍ය වැරදි වෙබ් අඩවියක නමක් වැනි දේවල් ලොකු ගැටලු ලෙස පෙන්වා, සමස්ථ අවධානය ඒ වෙත යොමු කිරීමය. එමගින් සිදුවූයේ සත්‍ය වශයෙන්ම සාකච්ඡා විය යුතුව තිබුණු විෂය කරුණු පිළිබඳ සංවාදය මගහැරී යාමය.

අධ්‍යාපනයේ තේරුම නම් තොරතුරු මතක තබාගැනීම පමණක් නොවෙ, දරුවන්ට තමන්ම සිතීමට, තීරණ ගැනීමට, ලෝකය තේරුම් ගැනීමට හැකියාව ලබාදීමය. තාක්ෂණය ඉගෙන ගතහොත් දේවල් වැඩ කරන්නේ කෙසේද යන්න දැනගැනීමට හැකියාව ලැබෙනු ඇත. මුදල් ගැන ඉගෙන ගතහොත්, වියදම්, ඉතිරි කිරීම, අවදානම් වගේ දේවල් තේරෙන්න පටන් ගනී.

මේ දැනුමෙන් සන්නද්ධ ජනතාව බය කර හෝ අසත්‍ය කතා කියා පාලනය කිරීමට දුෂ්කර වේ. නොදැනුවත් ජනතාව පාලනය කරන්න ලේසිය. එනිසාම, යම් යම් සමාජ ස්ථරයන් මෙවැනි අධ්‍යාපනයට අකමැති වේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධ වීමේදී, ඇත්ත විෂයයන් ගැන කතා කිරීමෙන් වැළකී, රූප, සංකේත, හෝ අහම්බ දේවල් ඉදිරියට ගෙන එන්නේ එනිසාවෙනි. එයින් සිදුවන්නේ දරුවන්ට මේ දැනුම අවශ්‍යද යන්න සකාච්ඡාවීම මගහැරී යාමය.

රටකට නිතර ආර්ථික ගැටලු, ස්වාභාවික විපත් ඇති වෙද්දී, ජනතාවට මුදල් සහ පද්ධති ගැන දැනුම තිබුණොත් තමන්ව ආරක්ෂා කරගන්න පුළුවන. නමුත් ඒ ගැන මහජන සංවාදයක් සිදු වූයේ නැත.

අධ්‍යාපනයෙන් තීරණය වන්නේ අනාගතයේ ජනතාව නීති, දත්ත සහ වගකීම ඉල්ලා සිටීද, නොඑසේ නම් ඕන වෙලාවක වෙනස් වෙන තීරණ පිළිගනීද යන්නය.

තමන් ගැන විශ්වාසයක් ඇති සමාජයක් උගත් දරුවන් නිසා බිය වන්නේ නැත. ඒ සමාජය දරුවන්ට කලින්ම හොඳම අධ්‍යාපනය දීමට ආයෝජනය කරනු ලබයි.

විවාදය ඇත්ත දේවල් වෙනුවට කවර, රූප සහ අහම්බ දේවල්වලට සීමා වුණා නම්, ඒ දරුවන්ගේ ආරක්ෂා කිරීම උදෙසා නොව, ඒ උගත්, සිතන පුරවැසියන් නිසා අභියෝගයට ලක්වෙන බල පද්ධතියක් ආරක්ෂා කිරීම උදෙසා වෙනි.

අධ්‍යාපනය මගින් රටක් විනාශ නොවන අතර නොදැනුවත්භාවය මත රඳා පවතින පද්ධති පමණක් එයින් අස්ථාවර වේ.

Latest comments

  • 1
    4

    ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඩෙන්මාර්කය, ජර්මනිය, ස්පාඤ්ඤය සහ චීනය යන රටවල් අවුරුදු 16ට අඩු පාසල් දරුවන්ට අන්තර්ජාලය සහ සමාජජාලා තහනම් කරන්න නීති ගෙනැල්ල තියෙනව. නෝර්වේ, මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය, ග්‍රීසිය, නෙදර්ලන්තය සහ ඇමරිකාව වගේ රටවලුත් ඒ හා සමාන නීති සකස් කරගෙන යනවා. ඉතාලිය, හංගේරියාව, බල්ගේරියාව, රොමේනියාව වගේ රටවලුත් පාසල් වල සමලිංගික මාතෘකා කතා කිරීම තහනම් කරලා තියෙනව, මූලික විෂයයන් වලට වැඩි අවධානය යොමු කිරීමේ අරමුණින්
    සුද්දොත් දැන් තහනම් කරන දේවල් අපේ දරුවන්ගේ පෙළ පොත් වලට දැම්මොත්, ඊළඟට දරුවන්ගේ සෙල්ලම් බඩුත් දේදුන්නේ පාටට සහ වෙන වෙන විදි වලට හදලා ලංකාවට එවයි. එහෙම සෙල්ලම් බඩු (rainbow toys) වෙන රටවලට එවලා, ඒවා අත් අඩංගුවට අරන් තියෙනවා.
    ලෝක බොහෝ රටවල් අන්තර්ජාලයෙන් සහ සමාජජාලා වලින් තමන්ගේ දරුවන් ආරක්ෂා කරන්න යත්දී, වෙරි වෙච්ච ලංකාණ්ඩුව ඒවා අනිවාර්ය පාසැල් විෂයයන් විදිහට දරුවන්ට බලෙන් පටවන්න හදනවා. හේතුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදලා තියෙන්නේ වෙන අරමුණකින්, කාලෙකට ඉස්සෙල්ල. ළිං මැඩියන් රැල ලිඳෙන් එලියට වරෙල්ල ඉස්සෙල්ල. ලෝකය වෙනස් වෙලා. සමාජජාලා වලින් සහ සමලිංගික මාතෘකා වලින් දරුවන්ට වෙන හානිය ඒ පස්සේ ගිය හැම රටටම අද අවබෝධ වෙලා.
    ලංකාව “සමලිංගිකයන්ට පාරාදීසයක්” කියල සංචාරක ව්‍යාපාරය “ප්‍රවර්ධනය” කරන්න උත්සාහ කිරීමයි, අවුරුදු දහයේ දරුවන්ට සමලිංගික වෙබ් අඩවි බලන්න සැලැස්වීමයි අතරේ සම්බන්ධයක් තියෙනවා.
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ සිංහල සංස්කෘතිය, සාරධර්ම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් සහ ඈත සිංහල බෞද්ධ ගම්වල දරුවන් ඉගෙන ගන්න පාසැල් වසා දැමීමේ කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ හින්දා අවදියෙන් ඉන්න.

  • 1
    1

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් බුදු දහමට, ඉතිහාසයට පහර ගහන්න හැදුවා වගේම, වෙරි වෙච්ච ආණ්ඩුව උතුරේ ජාතිවාදය අවුස්සන්නත් පටන් අරන්

    ජනාධිපති අනුර කුමාර යාපනේට ගිහින් ජාතිවාදය අවුස්සන්න අන්තවාදී මුග්ධ කතාවක් කරලා ඇවිල්ල. බැලූ බැල්මට නම් පොහොට්ටුවෙන් ලියලා දීපු කතාවක් වගේ

    ත්‍රිකුණාමලයේ බෞද්ධ හාමුදුරුවරු සම්බන්ධ සිද්ධියත් ජාතිවාදය අවුස්සන්න කරපු වැඩක්. ඒ වෙලාවේ දුරදිග යන්න තිබුණු දේ ඩ්ට්වා කුණාටුව ඇවිල්ල නැවතුනා.
    දැන් ඒ සිද්ධියට හාමුදුරුවරු හතර නමක් සිරගත කරලා තියෙනවා. කාරණා දෙකක් තියෙනවා මෙතන. එකක් තමයි, ලංකාව පුරා මුහුදු වෙරළ අල්ලගෙන 2,500කට වැඩි නීත්‍යානුකූල නොවෙන ඉඳිකිරීම් තියෙනවා. ඒවා කරපු මිනිස්සුත් හිරේ දැම්මද? ගංගා ඇළ දොළට අයත් භූමිය අල්ලගෙන හෝටල්, ගෙවල් දොරවල්, ආපනශාලා ඉඳි කරලා තියෙනවා. ඒවායේ අයිතිකරුවොත් හිරේ දැම්මද? ඊළඟට බෞද්ධ හාමුදුරුවරුන්ට පහර දුන්නු, බුදු පිළිමය පැහැර ගත්තු පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගත්ත පියවර මොකක්ද?
    1/2

  • 1
    1

    ත්‍රිකුණාමලයේ බෞද්ධ හාමුදුරුවරු සම්බන්ධ සිද්ධිය ගැන හැම පුවත්පතකම තිබුනේ මුහුදු වෙරළේ ඉඳිකිරීමක් කරලා බුදු පිළිමයක් තැන්පත් කළා කියලා. මම එතන පින්තූර හෙව්වා. එකම එක තැනක හම්බ වුනා. ඒක මෙතන පහල තියෙනවා.
    .
    https://www.examiner.media/authorities-try-to-demolish-unauthorised-trinco-cafe-monks-livid-at-police-upholding-the-law/
    .
    මේ පින්තූර වලින් පැහැදිලිවම පෙන්නුම් කරනවා බුදු පිළිමය සහ එතැන ඉඳිකිරීම් කරලා තියෙන්නේ මුහුදු වෙරළේ නෙමෙයි, මුහුදු වෙරළින් ඈත පෞද්ගලික ඉඩමක කියල. පෞද්ගලික ඉඩම් වලට බලාත්කාරයෙන් ඇතුල් වෙලා තර්ජනය කරන්න පොලිසියටවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ටවත් බලයක් නැහැ..
    ඒ ඉඩමේ කස ගස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මුහුදු වෙරළේ තියෙන්නේ වැලි. කස ගස් වැවෙනවද මුහුදු වෙරළේ? ඒ ඉඩම සම්බුද්ධ විහාරයට අයත් පෞද්ගලික ඉඩමක්.
    ඒ ඉඩම ත්‍රිකුණාමලේ සම්බුද්ධ බෞද්ධ විහාරයට අයත් පූජා භූමි ඉඩමක්. විහාරයේ නායක හාමුදුරුවන්ට ඒ ඉඩමේ කරන දේ ගැන තියෙන අයිතිය වෙරි වෙච්ච ආණ්ඩුවට නවත්තන්න කිසිම බලයක් නැහැ. ඒ හින්ද බෞද්ධ හාමුදුරුවරු කිසිම විදිහකින් නීතිය කඩලා නැහැ.
    පරණ පන්සල් වලට ඔප්පු දීල තියෙන්නේ ඉර හඳ පවතිනතුරු. රනිල් සිරිසේන වහල් ආණ්ඩුව කාලේ මෙහෙම පන්සල් ඉඩමකට නඩුවක් දාල තිබුනා. පන්සලේ හාමුදුරුවෝ ඉඩමේ ඔප්පුව පෙන්නුවා. විනිශ්චයකාරවරයා කිව්වා ඉඩම පන්සලට දීල තියෙන්නේ ඉර හඳ පවතින තුරු කියලා නඩුව ඉවත දැම්ම. ඒ තීන්දුව හොයල බලන්න. අවුරුදු 10ක් තිස්සේ මමත් ලියනවා අපිටත් වාරයක් එනවා එතකම් ඉවසන්න කියලා. බුදු දහම ආරක්ෂා කරන නොපෙනන බලවේග තියෙනවා. ඒ හින්ද බුදු දහමට එරෙහිව කරන සියලු දේ තාවකාලිකයි.
    2/2

  • 0
    0

    ඇතැම් යුරෝපීය රටවල, ප්‍රසිද්ධියේ අන් අය ගැන අවමන් සහගත ප්‍රකාශ කිරීම බරපතල වරදකි. ශ්‍රී ලංකාවේ මෙන් නොව, යුරෝපයේ මිනිසුන්ගේ ඡායාරූප ගැනීමට තම ජංගම දුරකථන අනිසි ලෙස භාවිතා කිරීම ද නීති විරෝධී ය. ජර්මනියේ සහ එක්සත් රාජධානියේ ගුවන්තොටුපළවල් සඳහා පනවා ඇති යම් සීමාවන් මම නිරීක්ෂණය කර ඇත්තෙමි. ඕනෑම දෙයක් සහ සෑම දෙයක්ම ඡායාරූප ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් ජංගම දුරකථන භාවිතය පිස්සෙකුට බාබර් පිහියක් ලබා දීම හා සමාන වේ.
    ඒ හා සමානව, අපයෝජනයට ලක් කරන යූ ටියුබ්කරුවන්ට සහ අසභ්‍ය මුඛයක් ඇති ඕනෑම කෙනෙකුට අපිරිසිදු භාෂාව භාවිතා කිරීම නතර කරන ලෙස අපි බල කළ යුතුය. අප කවුරුත් දන්නා පරිදි, කතන්දර සහ කටකතා තොරතුරු දුප්පත් මුඛයක් පිළිබඳ “උත්කර්ෂවත් ප්‍රවෘත්ති” ලෙස නොසැලකිය යුතුය. බොහෝ පුද්ගලයින් බොරු සහ සත්‍ය අතර වෙනස හඳුනා ගන්නේ කෙසේදැයි නොදනිති.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.