
“අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝටාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී
“අපි මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියා කළ යුතුයි. දෙමළ තරුණයින් වන අප සිතා මතා කටයුතු කළ යුතුයි” – පොදු ජන පෙරමුණු කිරන් තරුණ පෙරමුණේ පත්‍රිකාවකිනි
“පුත්තලමේ වෙසෙන මන්නාරමේ ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කුලියට ගත් පෞද්ගලික බස්රථවලින් පැමිණීම තහනම් කර ඇත” – සහකාර මැතිවරණ කොමසාරිස් – මන්නාරම.
“මුස්ලිම්වරු ගෝටාට ඡන්දය නොදුනහොත් ඔවුන්ට එහි පලවිපාක විදීමට සිදුවෙනු ඇත“ – ජනාධිපති නීතිඥ අලි සබ්රි
හේතුව කුමක් වුවත්, 2005 දී උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සහ කොළඹ ප්‍රදේශයේ පවා ජීවත් වූ දෙමළ ජනයාගෙන් ද බහුතරයක් තම ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගියේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් පවසන පරිදි ඉතිහාසයේ සිදු වූ දේවල් ය. එහෙත් එම ඉතිහාසය ඔවුන් මේ මොහොතේ බැරෑරුම් ලෙස ආවර්ජනය කිරීම අත්‍යවශ්‍ය වේ. තමන් ඡන්දය පාවිච්චි නොකිරීමට දෙමළ ජනතාව ගත් තීරණය නිසා අඩ වශයෙන්
තේරී පත් වූ ජනාධිපතිවරයා සැමට බරපතල බලපෑම් ඇති කරමින් වසර 10 කාලයක් මුළු රටම පාලනය කළේය. අප දැන් සිටින්නේ තවත් ජනාධිපතිවරණයක් ආසන්නයේය සමහරු ඡන්දය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටින විට හෝ ප්‍රධාන තරගකරුවන්ගෙන් ඡන්ද කැඩීම(අඩු කිරීම) සඳහා හිතාමතාම වෙනත් අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති අවස්ථාවක 2005 දී ඡන්දය වර්ජනය කිරීම නිසා ඉගෙන ගත් පාඩම් පිළිබඳ සලකා බැලීම විශේෂයෙන් වටී.
මේ රටේ සුළු ජාතීන්ට අත් වන ඉරණම කුමක්දැයි දැන ගැනීමට අපට ඇත්තේ තව දින පහක් පමණි. උතුරු හා නැගෙනහිර සෑම ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරක වේදිකාවකම, මා දකින්නේ සුළුතරයන් කේන්ද්‍ර කර ගත් වර්ගවාදය සහ වෛරය පැතිරවීමයි. නිදහස ලැබීමෙන් පසු ජනතාව අතර බෙදීම් ඇති කිරීම තුළින් ඔවුන් පාලනය කිරීම (Divide and Rule) සිංහල රජයයන්ගේ සම්මතයක් වී ඇති නමුත්, මෙම මැතිවරණයේ දී එය පෙර නොවූ විරූ මට්ටමකට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි පෙළ ආධාරකරුවන්, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දී ඔවුන්ගේ අපේක්ෂකයා වූ, ගෝටා සඳහා ඡන්දදායකයින් එකතු කරන්නේ දැඩි වෛරී කතා පැතිරවීම ඔස්සේ ය. මුස්ලිම් ජනයා සජිත් සමග සිටින නිසා ඔහුට සහාය නොදක්වන ලෙස දෙමළ ජනයාගෙන් ඉල්ලා සිටීම හෝ ඔවුන්ගේ තැනට ගෝටා මුස්ලිම් අය දමන නිසා ඔහුට සහාය දෙන ලෙස ඉල්ලා සිටීම ඔවුන්ගේ ක්‍රමවේදය වී ඇත. කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ වෙනත් අය ඡන්ද ප්‍රචාරක වැඩ කරන ප්‍රදේශවල මුස්ලිම් ජනයාට එරෙහිව විෂ විසුරුවා හරිමින් සිටිති. මුස්ලිම් ජනයා පාලනය කර ගැනීමට අවශ්‍ය නම් ගෝටාට ඡන්දය දෙන ලෙස දෙමළ ජනයාට ඔවුහු ආයාචනා කරති. වඩාත් උත්ප්‍රාසාත්මක කාරණය නම්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිස්බුල්ලා ද තමන් වෙත නැඹුරු කර ගෙන සාර්ථක ලෙස ඔහු ලවා ද එම භාෂාවම භාවිතා කරමින් දෙමළ සහ සිංහල ජනයාට පවා එරෙහිව අන්තවාදී මුස්ලිම් ජනයා පොලඹවා ගෙන සිටීම ය.
මෙවැනි උපක්‍රම විශාල වශයෙන් කළ හැකි වන්නේ “යහපාලන” රජය පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ ලබා දීමට අපොහොසත් වූ නිසාත්, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනා මංමුළා සහගත තත්වයට පත්ව සිටීම නිසාත්ය. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගෙන් සජිත්ට හෝ ගෝටාට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිටින්නේ මේ කවුරුන් පත් වූවත් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට ඉදිරිපත් වන්නේ නැති බව කීමෙනි. එහෙත් දෙමළ ජාතික සංවිධානය දීර්ඝ නිශ්ශබ්දතාවයකින් පසු, වවුනියාවේ පැවති ඔවුන්ගේ අවසන් පක්ෂ රැස්වීමේ දී සජිත්ට සහාය දීමට තීරණය කළ විට, අතුරුදහන් වූවන්ගේ පවුල්වල මවක්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්තන්ට සෙරෙප්පුවකින් පහර දීමට උත්සාහ කළාය. මීට දින කිහිපයකට පෙර 6000ක් පමණ දෙනා එම නගරයේදීම ගෝටා සඳහා සහාය දැක්වීමට එක් රැස් වූ විට, කිසිදු අතුරුදහන් වූවන්ගේ පවුලක් ඔවුන්ට එරෙහිව තමන්ගේ සෙරෙප්පු රැගෙන එනු අපි දුටුවේ නැත.
තවත් පැත්තකින්, සජිත්ට සහ එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දීමෙන් ඇති වන අහිතකර ප්‍රතිවිපාක ගැන මුස්ලිම් ජනයා ඔවුන්ගේම ප්‍රජාවේ සිටින භීතිය පතුරවන්නන් විසින් සමච්චලයට හෝ තර්ජනයට ලක් කරනු ලැබේ. මුස්ලිම් ඡන්දදායකයින් ඡන්දය දීමෙන් ඈත් කර තැබීම සඳහා දැනට භාවිතා කරන බිය උපදවන උපක්‍රමවලින් එකක් වන්නේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් පැලඳුම් පිළිබඳ ව ඇති වියවුලයි. බුර්කාව සහ නිකාබ් පැළඳ සිටින මුස්ලිම් කාන්තාවන් ඡන්ද මධ්‍යස්ථාන තුළට පැමිණීමෙන් භීතියක් ඇති කළ හැකි බවත්, සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා එම ඇඳුම් තහනම් කළ යුතු යැයි ද ඉල්ලීමක් පෙනෙන හැටියට පොලිසිය විසින් සිදු කර ඇත. පාස්කු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පෙර මුස්ලිම් කාන්තාවන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස්, ඡන්ද පෝලිමේ සිට, ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර තමන්ගේ මුහුණු ආවරණය ඉවත් කර අනන්‍යතාවය තහවුරු කළහ. කිසිදු ප්‍රශ්නයක් නැතිව ඔවුන් පෙර පැවැති සෑම ඡන්දයක දීම එසේ කළහ. එසේ නම් මෙය නැවත මේ වෙලාවේ කරළියට එන්නේ මන්දැයි කෙනෙකුට ප්‍රශ්නයක් නැගේ. රජයේ ගොඩනැගිලි සහ පොදු ප්‍රවාහනය වැනි ස්ථානවල සිය ඇඳුම් පැලඳුම් නිසා ඔවුන් මෑතක දී මුහුණ දුන් හිරිහැර සැලකිල්ලට ගත් විට, විශේෂයෙන් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු මැරයන් විසින් පහර දෙන ලද ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් කාන්තාවන් සැබවින්ම භීතියට පත් වී සිටින අතර, එය ඔවුන්ගේ ඡන්ද පෙර මෙන් ප්‍රකාශ වීම අඩු වීමට හේතුවක් විය හැකිය.
2018 ඔක්තෝබර් 26 දින සිදු වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කළ කුමන්ත්‍රණයකි. විශේෂයෙන්ම එය මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළ 6,217,162 ක (ලක්ෂ හැට දෙකකට වැඩි) ඡන්දදායකයින්ට ප්‍රබල කම්පනයක් ඇති කළ එකක් විය. රාජපක්ෂවරු 2015 දී අනපේක්ෂිත ලෙස තමන්ට අහිමි වූ බලය නැවත ලබා ගැනීම සඳහා අපගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පවා බුල්ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර දැමීමට සූදානම් බව පෙනුනි. මහින්ද රාජපක්ෂ පිටුපස දොරටුවෙන් බලය ලබා ගැනීමට ගනු ලැබූ උත්සාහය පරාජය කිරීමට හැකි වූයේ දෙමළ ජාතික සංධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, සහ ප්‍රගතශීලී දෙමළ සංධානය ඇතුළු දෙමළ සහ මුස්ලිම් සුළු ජාතික පක්ෂ එකට එක් වී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළ නිසා ය .
මුස්ලිම් ජනයාට එරෙහිව කටයුතු කිරීමට දෙමළ ජනයා පොලඹවමින් සුළු ජාතීන් කණ්ඩායම් ගත වීම කල් තියාම බිඳ දැමීම තුළින් සජිත් තේරී පත්වීමට ඇති අවස්ථාව වැළැක්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ උත්සාහ කරමින් සිටියි. යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් සුළුතරයෙන් තමන් විඳ දරා ගත් මහා පරිමාණ අපරාධයන්ට වග කිය යුතු කෙනෙකු ලෙස ඔවුන් වඩාත්ම දොස් පවරන කෙනෙකු බලයට ගෙන ඒමට කිසි විටෙකත් හිතාමතාම කැමති නොවන බව හොඳින් දන්නා ඔවුන්ගේ උපක්‍රමය වන්නේ සිංහල නායකයකු ඡන්දයෙන් තෝරා ගැනීමෙන් ඔවුන්ට ප්‍රයෝජනයක් වන්නේ නැතැයි කියමින් ගෝටා විරෝධී ඡන්දදායකයින් ඡන්ද පොළට යාම වැළැක්වීමයි.
තෙවන උපක්‍රමය නම් ගෝටා වෙත කිසි විටෙකත් 1 හෝ X ලකුණු නොකරන ඡන්දදායකයින් මුලා කරමින් ඔවුන්ගේ ඡන්දය නරක කරවා ගැනීමයි. මඩකලපුවේ ගෝටාභයගේ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ එක් කණ්ඩායමක් විසින් දෙමළ කාන්තාවන් පිරිසකට ඔවුන්ගේ මනාප ඡන්දය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කතිර තුනක් සලකුණු කරන ලෙස පවසා ඇත්තේ කිසි විටෙකත් ඔවුන් තමන්ගේ අපේක්ෂකයාට ඡන්දය නොදෙන බව දන්නා නිසාය. අඩි 2 කට ආසන්න දිග ඡන්ද පත්‍රිකාවක අපේක්ෂකයින් 35 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබීම ව්‍යාකූලත්වයක් ඇති කරන අතර, ඒ අතර 1 සිට 3 දක්වා මනාප ඡන්දය ලකුණු කිරීමේ සහ X හෝ 1 සිට 3 දක්වා භාවිතා කිරීමේ විකල්පය ව්‍යාකූලත්වය තවත් උග්‍ර කරයි.
සුළුතරයන්, එනම් දෙමළ සහ මුස්ලිම් ජනතාව හට ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් විසින් ලබා දෙන පොරොන්දු ඉටු කරනු ඇතැයි එතරම් විශ්වාසයක් නැති අතර, ඔවුන්ගේ ප්‍රතිපත්ති හෝ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ගෙන් ආකර්ෂණයට පත් වීම නිසා ඡන්ද මධ්‍යස්ථානයට යාමට එතරම් උනන්දුවක් ඇත්තේ ද නැත. කෙසේ වෙතත්, ඔවුන් තමන්ව නොවැම්බර් 16 වන දින ඡන්ද මධ්‍යස්ථාන වෙත ඇද ගෙන යා යුත්තේ තමන්ගේ ඡන්ද බලය භාවිතා කිරීමෙන් එක් අයෙකු තෝරා පත් කර ගැනීමට හෝ තවත් කෙනෙකු පරාජය කිරීමට මේ රටේ පුරවැසියන් ලෙස ඔවුන්ට ඇති අයිතිය භාවිතා කිරීමට වන අතර, පත් වෙන පුද්ගලයා නපුරෙන් වැඩි කෙනෙක්ද අඩු කෙනෙක්ද යන්න තීරණය කිරීමට ඔවුන්ගේ ඡන්දය ගණන් කළ යුතු වන්නේය.
* ශ්‍රීන් අබ්දුල් සරූර් මානව හිමිකම් ක්‍රියාකාරිනියක් සහ කාන්තා ක්‍රියාකාරී ජාලයේ (WAN) ආරම්භක සාමාජිකාවකි
(සිංහලට පරිවර්තනය කලේ ; අරුණ ශාන්ත නෝනිස් )
හරිස් දුල්මුරේ / November 19, 2019
මහින්ද රාජපක්ෂ පිටුපස දොරටුවෙන් බලය ලබා ගැනීමට ගනු ලැබූ උත්සාහය පරාජය කිරීමට හැකි වූයේ දෙමළ ජාතික සංධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, සහ ප්‍රගතශීලී දෙමළ සංධානය ඇතුළු දෙමළ සහ මුස්ලිම් සුළු ජාතික පක්ෂ එකට එක් වී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළ නිසා ය .
මෙය ඇත්තමද. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා මූලිකම හා බලවත්ම වැඩ කොටස කරන ලද්දේ ජවිපෙ විසින් නොවේද ? කුහක නොවී බලන්න .
/
Sunil / November 20, 2019
In a nut shell,
I would like say, so called mis-trust
Superiority complex , dis-like(hatred),
All emanate from one thing,
Comes from not understanding
the two communities have a huge
language or communication
barrier,
This is the root cause of the problem
whether we like it not, unless
we clear this barrier , we will
continue to be divided for ever
not being able to live under
One umbrella??
So what can we do??
Majority Sinhala must start learning
Tamil language(Tamil must be compulsory for OL Sinhala students
as a second language) vise versa
(Sinhala must be compulsary for OL Tamil students as a second language).
For some,this may look stupid!!
But,If this point is not addressed soon
We all may enjoy anarchy! to
Come for ever.
I hope the newly appointed Hon.President GR will understand & solve this important & national issue.
A few months back,I was in Jaffna
for 4 days visiting various places,
and at times I felt, I was in India.
I had to communicate in broken
Tamil and they looked me down. Had I known Tamil I would have
definitely understood their feelings.
/