
‘ආදරණීය නායකයා’ වශයෙන් තමන්ව හඳුන්වා ගන්නා උතුරු කොරියානු ජනාධිපති (ඒකාධිපති) කිම් ජොන්-අන්, ගත වූ වසරේ දෙසැම්බර් 13 වැනි දා, ඔහුගේ මාමා වන ජොන් සොන් තඑක්ව, ‘ද්‍රෝහී වීමේ’ චෝදනාව මත ජීවිතක්ෂයට පත්කෙළේය. මාමා සමග මාමාගේ සහායකයන් ගණනාවක් ද එහි දී ජීවිතක්ෂයට පත්කෙරුණි. මේ ගැන ‘ස්ටේ‍්‍රට්ස් ටයිම්ස්’ පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්තියකින් කොටසක් පහත පළ කෙරේ. ජීවිතක්ෂයට පත්කිරීම ගැන ලූහුඩු හැඳින්වීමක් එහි අන්තර්ගතයි. ඒ මගින් සෑම ඒකාධිපතියෙකුගේම චරිත ස්වභාවය සහ කල්ක‍්‍රියාව ගැන යම් එළියක් විහිදුවන නිසා, ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ පාඨකයන්ගේ ප‍්‍රයෝජනය පිණිස කෙටි අදහස් දැක්වීමක් ද සමග එම කතාව මෙහි ලියා දැක්වීමට මම සිතුවෙමි. ඔහුගේ පියාගේ මරණයෙන් පසුව රටේ අනුප‍්‍රාප්තික නායකත්වයට මේ තරුණ මුරුගයාව පත්කැරැුවීමට මාමා උදව් උපකාර විය. කෙසේ වෙතත්, අවසානයේ දී යම් හේතුවක් මත මාමා සහ බෑනා නොහොඳ නොරොක් විය. එහි කූටප‍්‍රාප්තිය වුණේ, බලගතු ඒකාධිපති බෑනා විසින් මාමාව ප‍්‍රසිද්ධියේ ජීවිතක්ෂයට පත්කිරීමයි.
එම වාර්තාව මෙසේය:
‘‘උතුරු කොරියානු ඒකාධිපතියා සිය මාමාව ‘තුච්ඡු මිනිස් ජරාවක්’ වශයෙන් හැඳින්වීමෙන් පසු, ඔහුව ප‍්‍රසිද්ධියේ මරණයට පත් කෙළේය. ඒ ගැන නිකුත් කෙරුණු වාර්තාවක අදාළ සිද්ධිය පිළිබඳ තොරතුරු සඳහන් වෙයි. ඊට අනුව, ස්වයංක‍්‍රීය වෙඩි මුරයකින් දේශපාලන සිරකරුවන්ව ඝාතනය කිරීමේ සාමාන්‍ය සම්ප‍්‍රදායට වෙනස්ව, ජොන් සොන් තඑක් සහ ඔහුගේ සමීපතම ආධාරකරුවන් පස් දෙනෙකුව නිරුවත් කොට කූඩුවකට දමන ලදි.
‘‘ඊළඟට, දවස් තුනක් තිස්සේ හාමතේ තබාගත් දඩයම් බල්ලන් 120 දෙනෙකු එම කූඩුවට ලිහා හැර සිරකරුවන් මරණයට පත්වන තෙක් උන් ලවා කා දැමීමට සලස්වන ලදි. එය ‘කුවන් ජු’ හෙවත් බල්ලන් ලවා මරණයට පත්කිරීම වශයෙන් හැඳින්වේ.’’
‘‘තව ද, මේ සමස්ත ක‍්‍රියාවලිය පැයක් දිග් ගැස්සුණු බව වාර්තාව සඳහන් කරයි. එම දර්ශනය, කිම් ජොන්-අන්, පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් 300 දෙනෙකු සමග එකට සිට නැරඹුවේය.’’
මේ රුදුරු සිද්ධියෙන් සහ ඊට පාදක වූ කතාවෙන් උගත හැකි පාඩම් කිහිපයක් සටහන් කිරීම අපට ප‍්‍රයෝජනවත් ය.
1. සකල සියල්ල සිය ග‍්‍රහණයට ගැනීම සඳහා ඒකාධිපතියන් පෙලෙන රුදුරු ලාලසාව තුළ ඔවුන් ගිලී යන්නේ කෙසේ ද යන්න මේ සිද්ධියෙන් පෙන්නුම් කෙරේ. කිම් ජොන්=අන් ඉතා සීග‍්‍රයෙන් ඊට ගොදුරු විය. ඒකාධිපති මාර්ගය අහුරන සියලූ බාධක, හිතක් පපුවක් නැතිව විනාශ කර දැමීම ඒකාධිපතියාගේ ස්වභාවයයි. තමාගේ උන්නතිකාමයට තම මාමා සහ ඔහුගේ ආධාරකරුවන් බාධකයක් වෙතැ යි ඔහුට පෙනුණි. තම ‘හතුරන්ට’ එරෙහිව ඒකාධිපතියන් තුළ ලියලන වෛරය සහ පළිගැනීමේ ආශාව කොතරම් දැ යි එයින් පෙන්නුම් කෙරේ.
2. මාමාගේ නඩුව විභාග කළ විනිශ්චයකරුවා, පැහැදිළිවම, කිම් ජොන්-අන් විසින් පත්කරන ලද්දෙකි. ඉතිං, ඒකාධිපතියාට අවශ්‍ය තීන්දුව ඔහු ලබා දුනි. එයින් පෙන්නුම් කරන්නේ පරාධීන අධිකරණයක ඇති අවදානමයි. ඕනෑම රටක අධිකරණයක් තිබෙන්නේ, විධායකයේ අත්තනෝමතිකත්වයෙන් ආරක්ෂාව සහ සහනය පතා එන පුරවැසියාට රැුකවරණය සැපයීමටයි.
3. කිම් ජොන්-අන් දිගින් දිගටම බොරු කීවේය. තර්ජන ගර්ජන පෑවේය. ඒකාධිපතියෝ තමන්ට ගැලපෙන පරිදි සියල්ල කපා සකස් කර ගනිති. එහි දී තමන්ගේ ආරයට ගැලපෙන පරිදි පහසුවෙන්ම ඔහුට කපා සකස් කර ගැනීමට හැකි වන්නේ, සත්‍යයයි.
4. තමන්ගේ ලොකුකම, කයිවාරුව සහ විභූතිය ජනතාවට සහ ලෝකයාට පෙන්නීමට ඒකාධිපතියන් දක්වන්නේ මහත් අභීරුචියකි. උතුරු කොරියානු ජාතිකයන්ට එදා වේල ගැටගසා ගැනීමත පහසු නැත. එහෙත්, කිම් සහ ඔහුට කලින් බලයේ සිටි ඔහුගේ පියාත් රටේ සම්පත් යෙදෙව්වේ න්‍යෂ්ටික බලයක් ගොඩනගා ගැනීමටයි. ලෝකයේ දිළිඳුම රටවල්වලින් එකක් වන උතුරු කොරියාව න්‍යෂ්ටික බලවතෙකු වුණේ එපරිද්දෙනි.
*2013 ජනවාරි 4 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ North Korean Dictator Teaches Us A Few Handy Lessons නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’