19 April, 2024

Blog

චණ්ඩි කතාවලින් මහින්දට සුදනෙකු විය නොහැක

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසු ගිය දා පැවැත්වුණි. දැන ගැනීමට ඇති තොරතුරුවලට අනුව, එම හමුව අසාර්ථක වී ඇති බව පැහැදිළියි. එක් පුවත්පත් වාර්තාවක් සඳහන් කරන පරිදි, මේ සාකච්ඡුාවේ යම් අවස්ථාවකදී හිටපු ජනාධිපතිවරයා සාකච්ඡුාවෙන් නැගිට යන බවට තර්ජනය කළ අවස්ථාවේ, අවශ්‍ය නම් එසේ කළ හැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඔහුට දන්වා තිබේ. මහින්ද රාජපක්ෂ මෙහිදී හැසිරී ඇත්තේ, ජනාධිපතිවරයා වෙත අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් චන්ඩි පාට් දැමීමේ ස්වරූපයකින් බව කෙනෙකුට පෙනේ. ඉදිරි මැතිවරණයේදී තමාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළ යුතු බව ඔහුගේ එක ඉල්ලීමක් විය. එය ප‍්‍රතික්ෂේප විය. ඊළඟට, ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඈත් විය යුතු බවට යෝජනා වී ඇත. එයද ප‍්‍රතික්ෂේප විය. අනතුරුව, දැන් ක‍්‍රියාත්මක වන ‘මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් ඒකකය’ අහෝසි කළ යුතු බවට ඉල්ලා තිබේ. එයද ප‍්‍රතික්ෂේප විය. ඇත්ත වශයෙන්ම, මහින්ද රාජපක්ෂ එම සාකච්ඡුාවෙන් නැගිට යා යුතුව තිබුණි. එහෙත් ඔහු එසේ කෙළේද නැත.වාර්තාගත එකී ඉල්ලීම්, ඇත්තෙන්ම විලිලැජ්ජා නැති, අවිනීත ඉල්ලීම් බව මට එකපැහැර හැඟුණි. එය, චන්ඩියෙකුගේ සුපුරුදු චර්යාව කියාපායි. මේ සිද්ධිය තුළ නිරූපණය වන්නේ, සිදාදියේ හැඩිදැඩි බාහු බලය සහ සරළ ගැමි ගොවියෙකුගේ සංවර බුද්ධිය එකිනෙකට අභිමුඛ වූ අවස්ථාවකි. මෛත‍්‍රිපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂට ආප්ප පිළිගන්වමින්, ‘ගන්නකෝ’ යැයි කියනු එක් පුවත්පත් කාටුනයක ඇඳ තිබුණි.

mahinda2015තමාට අත්වූ නොසිතූ විරූ මැතිවරණ පරාජය තුළින් මහින්ද රාජපක්ෂ කිසි පාඩමක් උගෙන නැත. මැතිවරණයෙන් පසු ඔහුගේ හැසිරීම දෙස බලන විට එය ඉතා පැහැදිළිව පෙනේ. මහින්ද රාජපක්ෂ දැන් තල්ලූවක් ගන්නේ, ඔහු වටා තවමත් රංචු ගැසෙන, එදා ඔහුගේ පරාජයත් සමග විවිධ වරප‍්‍රසාද සහ වරදානත්, නීති විරෝධී අනේක ලාභ ප‍්‍රයෝජනත් අහිමි කරගත් පුද්ගලයන්ගේ අනලස් ප‍්‍රයත්නයන්ගෙනි. ඒ ආශ‍්‍රයෙන්, වරක් නුගේගොඩ ආවේය. ඊළඟට නුවර ආවේය. අනතුරුව, රත්නපුර ආවේය. අවසානයේ කුරුණෑගල ආවේය. මහින්ද රාජපක්ෂව යළි බලයට ගෙන ඒම සඳහා සංවිධාන කළ මෙකී මහජන රැුළිවල ජනතා සහභාගීත්වය, හීන වන ඵල න්‍යායට යට වෙමින් පැවතියත්, එය තම ජීවිත හා මරණ අතර සටනක් වශයෙන් ගෙන සිටින රාජපක්ෂවාදී හෙංචයියෝ ඉන් අධෛර්මත් නොවෙති. ඒ තරමට, එදා ඔවුන් අත්විඳි සැප සම්පත් අසීමිත ය. ඒ තරමට, එදා ඔවුන් අභ්‍යාස කළ බලපුලූවන්කාර හයිය අධික ය. ඒ තරමට, එදා ඔවුන් වෙත ගලා ආ ධනස්කන්ධය අතිමහත් ය. ඉතිං, ඒ සා අතීතයක් අහිමි කර ගැනීමට දැන් කෙසේ නම් හිත් හදාගන්නද?

මා ජීවත් වන ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල, පරාජය වන දේශපාලඥයන්ට පය ගැසිය හැකි පහසු මාර්ග පෞද්ගලික අංශයේ අනන්තවත් තිබේ. එහෙත් අදක්ෂ සහ අකාර්යක්ෂම හෙංචයියන් පමණක් වන ලංකාවේ පරාජිත දේශපාලඥයන්ට එවැනි විකල්ප අවස්ථා කොහෙන් නම් සොයාගන්නද? ඔවුන්ට ඇති එකම හැකියාව වන්නේ, සමාජය උලාකන පරපුටු ජීවිකාවක රස බැලීම මිස, තමන්ගෙන් සමාජයට සෙත සලසන ජීවිකාවකට අනුගත වීම නොවේ. ඒ සියල්ල අස්සේ දැන්, ‘මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් ඒකකයත්’ කොයි වේලේ තමන්ගේ දොරට තට්ටු කරත්දැයි ඇති බිය නිසා හරිහමන් නින්දක්ද ඔවුන්ට නැතුව ඇති.

තමා බලා සිටියදී රට පුරා ව්‍යාප්තව පැවති දූෂණයේ තරම මහින්ද රාජපක්ෂට තවම වැටහී නැති සෙයකි. සිය සහචර කල්ලියේ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ඔහුගේ අනුදැනුමක් නොවිණැයි සිතීම උගහට ය. යුද්ධයකදී තුවාල ලත් සගයන් බැලීමට යන බලඇණි නායකයෙකු සේ, අද හිරේ වැටී ඇති දූෂණයේ චූදිතයන් බැලීමට පවා, ඔහු යයි. මෑතකදී ඔහු එසේ බැලීමට ගිය කෙනෙකු වන්නේ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ය. අපරාධකරුවෙකු වශයෙන් වැරදිකරු වී හිරේට ගිය පුද්ගලයෙකු පවා බැලීමට, මීට මාස කිහිපයකට කලින් ඔහු ගියේය. ‘‘අති උතුම්’’ පදවි නාමයක් දැරූ පුද්ගලයෙකු මෙසේ හැසිරීම, පක්ෂ විපක්ෂ කාගේත් සිත් තුළ ප‍්‍රශ්නකාරී කණස්සල්ලක් මතු කරවයි.

දූෂණය යන්න, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කිසි විටෙක ප‍්‍රශ්නයක් වුණේ නැත. අඩු ගානේ මූනිච්චාවටවත් දූෂණයට එරෙහිව කවදාවත් ඔහු ප‍්‍රසිද්ධියේ කතා කොට නැත. සිම්බාබ්වේ අගමැති මුගාබේ පවා ඉඳහිට තම දූෂිත හෙංචයියන්ට එරෙහිව එහෙන් මෙහෙන් යමක් කියයි. එහෙත් මහින්ද රාජපක්ෂගේ පාලනය තුළ එවැනි දූෂිතයන්ගේ ‘ෆයිල්’ ඔහු විසින්ම ආරක්ෂාකාරීව රැුකබලා ගන්නා ලදි. එයම, තමන් වටේ සිටින හෙංචයියන්ව තොණ්ඩුවකින් පාලනය කර ගැනීමටත් ඔහුට මහෝපකාරී විය. පසු ගිය මැතිවරණ කාලයේදී තමන් හැර යන අයවළුන් අධෛර්යමත් කිරීම සඳහා එවැනි ‘ෆයිල්’ තමන් සන්තකයේ ඇති බවට ඔහු තර්ජනය කෙළේද ඒ නිසා ය. කොටින්ම, මහින්ද රාජපක්ෂ යනු, ශීලාචාරයේ හෝ සදාචාරයේ ආශ‍්‍රය ලැබූවෙකු නොවේ. කළ කී හැම දෙයකදීම ඔහු, අශීලාචාර නිරාචාරියෙකුම විය. එය, රටක පාලකයෙකු සම්බන්ධයෙන් ගත් විට, ඉතා භයානක ලක්ෂණයකි.

ඉතිං, රාජපක්ෂ පාලනය යටතේ සිදු වී යැයි කියන මහපරිමාණ දූෂිත ගනුදෙනු ගැන තොරතුරු දැන් දිනපතා ගලා එමින් තිබේ. එතරම් විශාල සංඛ්‍යාවක් විමර්ශනය කිරීමේ යාන්ත‍්‍රණයක් ලංකාවට නැත. මේ විමර්ශන සියල්ල අවසන් වන විට, සමහර විට, විශේෂ හිරගෙයක්ද අපට අවශ්‍ය විය හැකිය. මහින්ද රාජපක්ෂගේ එකල බලගතු සහෝදරයෙකු වූ බැසිල් රාජපක්ෂ දැන් සිටින්නේ අත්අඩංගුවේ ය. ජොන්ස්ටන් ප‍්‍රනාන්දුත් දැන් ‘ඇතුළේ’ ය. ඊළඟට තව කවුරුන් ‘ඇතුළට’ යයි දැයි ජනතාව බලා සිටිති. එය හරියට, තරගයක ලකුණු පුවරුවක් දෙස සෝදිසියෙන් සිටින්නා සේ ය. මහින්දගේ බිරිඳ, සහෝදරයන් සහ දරුවන්ද ඒ පෝලිමේ සිටිනු පෙනේ.

මේ කියන තත්වය වඩාත් හොඳින් පැහැදිළි කිරීම සඳහා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ පළවූ වාර්තාවක් මෙහි සඳහන් කරමි:

‘‘කෙරවලපිටිය තාප බලාගාරය ඉදි කිරීමේදී ආණ්ඩුවට ඇමරිකානු ඩොලර් මිලියන 112 ක පාඩුවක් ගෙන දුන් බවට සැක කෙරෙන දූෂිත මූල්‍ය වංචාවක් ගැන පරීක්ෂා කර බලන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් ‘මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් ඒකකයට’ නියෝග කෙළේය.

ලංකා විදුලිබල මණ්ඩලයට ඇමරිකානු ඩොලර් මිලියන 210 ක වියදමින් මේ තාප බලාගාරය ගොඩනැගිය හැකිව තිබුණත්, එය ප‍්‍රතික්ෂේප විණැයි ‘දූෂණ-විරෝධී ලේකම් කාර්යාංශය’ අධිකරණයට දන්වා සිටියේය. අනතුරුව ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඩොලර් මිලියන 332 ක් වැය කෙළේය. ඒ අනුව ආණ්ඩුවට සිදුවූ පාඩුව ඩොලර් මිලියන 122 කි. ඒ පිළිබඳ පරීක්ෂණයට අදාළව, බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කේ. එල්. කේ. චන්දන විජේසිංහගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත් බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මේ තාප බලාගාරය ඩොලර් මිලියන 210 ක වියදමින් ගොඩනැගීම ආණ්ඩුව විසින් කළ යුතු බවට මුලින් සැලසුම් කොට තිබුණත්, පසුව එය ඩොලර් මිලියන 332 ක වියදමින් ගොඩනැගීම සඳහා ආණ්ඩුවේ අනුබද්ධ සමාගමක් වන ‘වෙස්කෝ කොම්පැනියට’ භාර දී තිබේ. එසේම එය ගොඩනැගීමෙන් පසු එම සමාගමෙන් විදුලිය මිළදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය බැඳී සිටි බවත්, පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙගා වොට්ස් 300 ක ධාරිතාවෙන් යුත් මේ කෙරවලපිටිය තාප බලාගාරය ‘වෙස්කෝ කොම්පැනිය’ මගින් ගොඩනගා අවසන් කළ බවත්, කලින් එකඟ වූ පරිදි ලංකා විදුලිබල මණ්ඩලය එම සමාගමෙන් දැන් විදුලිය මිළදී ගනිමින් සිටින බවත් පොලීසිය තව දුරටත් අධිකරණයට දන්වා සිටියේය. තනා නිම කිරීමෙන් වසර 25 ක් ගතවීමෙන් පසු එය ආණ්ඩුවේ අයිතියට පැවරෙන බව ගිවිසුමේ සඳහන් ය.’’

රාජපක්ෂ පාලනය පිළිබඳව දිග හැරෙන කතාන්තරය එයාකාර ය. ‘යහපාලනය’ තුළ නව අධිකරණය අළුත් ජවයකින් අපක්ෂපාතීව කටයුතු කරන බවට මහජනයා තුළ විශ්වාසයක් දැන් ජනිත කොට ඇති නිසා, තමන්ගේ හෙංචයියන්ටත් එම අධිකරණයෙන් අසාධාරණයක් සිදුවීමේ හැකියාවක් නැති බව රාජපක්ෂ තේරුම්ගත යුතුව තිබේ. එබැවින් මෙකී විමර්ශන කටයුතු අවසන් වන තෙක්, වගකීමකින් යුතුව කටයුතු කිරීමේ යුතුකමක් හිටපු රාජ්‍ය නායකයෙකු වශයෙන් මහින්ද රාජපක්ෂට තිබේ. එසේ නොමැතිව, දැනට කෙරීගෙන යන පොලිස් පරීක්ෂණ නතර කරන්නැයි ඉල්ලා සිටීමෙන් ඔහුගේ නමට මොන විදිහකින්වත් හොඳ එළියක් ගෙන දෙන්නේ නැත. අවුරුදු දහයක් තිස්සේ තමාගේ පාලනය යටතේ මේ සියලූ දූෂණ සහ වංචා සිදුවීමට සහ වර්ධනය වීමට ඉඩ හැර ඔහු බලා සිටියේය. එබැවින්, ඒවායේ ප‍්‍රතිවිපාක හරහා දැන් ඇති කොට තිබෙන සාධාරණ මහජන කෝපය ඔහු භාරගත යුතුය. දැන් ඔහුට, යම් හොඳ නාමයක් හෝ වෙතොත් එය ආරක්ෂා කර ගත හැක්කේ, මෙකී පරීක්ෂණවලට හැකි හැම සහයෝගයක්ම දීමෙනි. එයාකාරයෙන් දේශපාලනයේ අළුත් පිටුවක් පෙරැුලීමෙනි. දිනෙන් දින නැගෙන අපමණ චෝදනාවන් ඉදිරියේ ලොකුකම් කීම හෝ චණ්ඩි පාට් දැමීම නිදහසට මාවතක් නොවන බව ඔහු තේරුම්ගත යුතුව තිබේ.

මාංචු දැමූ දෑත් කැමරාව ඉදිරියේ ඔසවමින් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ‘‘මේකද යහපාලනය?’’ යැයි පසුගිය දවසක අවඥාවෙන් යුතුව ප‍්‍රශ්න කෙළේය. ඔව්, සත්තකින්ම එයම තමා!

2015 මැයි 9 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Rallies & Bravado Talk Cannot Hold Mahinda’s Defences නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    [Edited out] can’t write anything better

  • 1
    3

    eke parshika lipiyak,Lanka deshapalanaye hora,mera kam wala atheethaya MR te pamanakma yane akay loku prashnayak atha,ethakote Chandrika,Ravi,Rajitha saha anith aya karapu horakam prashnayak nedda,MT te wagema anith ayatath chodana karanna EKE PARSHIKA NOWENNE NEETHIYA SAMATE EKEYA !!!

  • 1
    0

    If anybody has any quarries re what MR has done or not done pl forward same with resources so that public will come to know the truth only then

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.