20 April, 2024

Blog

එදා පටන් තවත් බුදුවරයෙකු හෝ යේසුස් කෙනෙකු හෝ වෙනත් හාස්කමක් අප දැක නැත්තේ ඇයි?

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

ඔව්, බුදුවරයෙකු අවසාන වරට දැකීමෙන් පසු වසර 2500 ක් ගතව තිබේ. යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ කෙනෙකු අවසාන වරට දැක ඊට ටිකක් අඩු කාලයක් ගතව තිබේ. ඒ මහා පුරුෂයන් ජීවත්ව සිටියේ සිද්ධි ලේඛනගත කිරීමට කලිනි. ඔවුන් ජීවත් වූ බව අපි දනිමු. ඔවුන් ඇත්තෙන්ම නිශ්චිතව කීවේ කුමක්ද යන්න ගැන එතරම් සහතිකයක් අපට නැත. මන්ද යත්, ඔවුන්ගේ දේශනා ඔවුන්ගේ අභාවයෙන් අවුරුදු පන් සීයකට අධික කාලයක් තිස්සේ පැවත විත් ඇත්තේ මුඛ පරම්පරාවෙන් වන බැවිනි. ඔවුන්ගේ අනුගාමිකයන් අවසානයේ දී ඔවුන් දේශනා කළ දේවල් සටහන් කරන්නේ එවැනි දීර්ඝ කාලයකින් පසුවයි. අද අප සතුව ඇති ඒ වාර්තාගත දේශනා දීර්ඝ කාලයක මුඛ පරම්පරාගත සම්ප‍්‍රදායක් මත පදනම්ව ඇති නිසා බොහෝ විට නිරවද්‍ය නොවෙන්නට පුලූවන.

බුද්ධාගම ගැන සම්භාව්‍ය පෙන්ග්වින් කෘතියක් සම්පාදනය කළ ක‍්‍රිස්ට්මස් හම්ෆ‍්‍රීස් කියන පරිදි, ‘‘යේසුස් වහන්සේ කීවේ කුමක්දැ යි අප නොදන්නවා සේම, බුදුන් වහන්සේ කීවේ කුමක්ද යන්නත් අපි නොදනිමු.’’

කෙසේ වෙතත්, මට වැදගත් වන්නේ, සත්‍යාසත්‍ය භාවය පිළිබඳ කාරණය නොවේ. මේ මහා ආගමික ශාස්තෘවරුන් ගැන ඔවුන්ගේ අනුගාමික ආගමික ශාස්ත‍්‍රඥයන් විසින් පසු කලෙක ලියන ලද දේවල් යම් තාක් දුරකට විශ්වාසවන්ත කරුණු සේ භාර ගැනීමට බැරි කමක් නැත. එහෙත් මා තුළ නිතර කුකුස දනවන කාරණය වන්නේ, ඔවුන්ට සමාන හෝ කිට්ටුවෙන්වත් තැබිය හැකි තරමේ මහා පුරුෂයන් ඉන් පසු කිසි දවසක බිහි නොවූයේ මන්ද යන්නයි. ක‍්‍රිස්තියානි ආගම, යුදෙව් ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම සහ බුද්ධාගම යන ආගම්වලින් පසු කිසි ආගමක් අලූතෙන් බිහි වී නැත. මේ ආගම්වල අනු-නිකායන් බොහොමයක් ඇතත් ඒවා වෙනම ආගම් නොවේ. ආගමික ශාස්තෘන්ගේ යුගය, නොපෙනී ගොස් ඇතිවා නොව, පහව ගොසිනි. එසේම, මේ ආගම් පමණක්ම මෙලොව බිහි වූයේ මන්ද යන්නත්, ඒ සියලූ ආගම් ඒ කාලයේ මිස ඊට කලින් හෝ ඉන් පසුව බිහි නොවූයේ මන්ද යන්නත් මා තුළ කුකුස දනවයි. මිනිසාට මග පෙන්වීම සඳහා ශාස්තෘවරයෙකු ඊට පෙර බිහි නොවුයේ ඇයි? ඉන් පසුව බිහි නොවූයේ ඇයි? වෙනත් වචනවලින් කිවහොත්, මේ නිශ්චිත කාලය පිළිබඳ මතුවන ප‍්‍රශ්න බොහොමයකි. මේ කියන කාලයේම තවත් ආගමික විශ්වාසයන් පැවති බව මම දනිමි. එහෙත් ඒවා තීරණාත්මක වීමට තරම් වැදගත් නොවුණි. ‘ජෙහෝවා සාක්ෂිකරුවෝ’ තවමත් අපේ ගෙවල්වලට තට්ටු කරති. එහෙත් එය නිශ්චිත වැදගත්කමක් සහිත ආගමක් නොවේ.

එසේම යේසුස් වහන්සේගේ අභාවයෙන් පසු උන්වහන්සේ සහ ඒ කාලයේ සිටි උන්වහන්සේගේ ධර්මදූතයන් අරභයා අද සාකච්ඡුාවට ගැනෙන හාස්කම් එදායින් පසු නැවත ඇති වීමක් ගැන වාර්තා නොවන්නේ මන්ද යන්නත් මට ප‍්‍රශ්නයකි. බෞද්ධයන් විශ්වාස කරන එර්දි බලයෙන් වැඩම කිරීම්වලට සමාන සිදුවීම් ගැන අනතුරුව අසන්ට නැත්තේ ඇයි? අවුරුදු දහස් ගණනක් තිස්සේ බරසාර හාස්කමක් ගැන අපට අසන්නට ලැබී නැත. උදාහරණයක් වශයෙන්, වතුර වයින් බවට පරිවර්තනය කිරීමක් ගැන? පාන් මවා දීමක් ගැන, මළගියවුන් අපේ ඇස් ඉදිරියේ උත්ථානය වීමක් ගැන? මගේ සදාදරණීය නෑසියන් නැවත උපදවා ගත හැකි නම් එය මට මොන තරම් සොම්නසක් ද/ මියගිය දරුවෙකු නැවත උපද්දා ගැනීමට දෙමාපියෙකුට හැකි වෙතොත් ඒ වෙනුවෙන් මොන දෙයක් පරිත්‍යාග කිරීමට එම දෙමාපියන් පසුබට වේද? එවිට අසාධාරණ විඳවිල්ලෙන් ලෝකය බොහෝ දුරට නිදහස් වනු ඇත. ප‍්‍රාතිහාර්යයකින් පාන් මැවිය හැකි නම්, අපට නැතත්, අඩු වශයෙන් සොමාලියාවේ නිරාහාරත්වයෙන් මියෙන අසරණුන්ට මොන තරම් නම් සහනයක් වෙනු ඇත්ද/ පාන් කෑල්ලක් නැතුව නිරාහාරව මියයන දරුවන් පිළිබඳ දර්ශන රූපවාහිනියෙන් දකින අපි මහත් සේ කම්පාවට පත්වෙමු. ජීවිතය සහ මරණය සමග සෙල්ලම් කරන පිළිකා රෝගීන් දකින අපි මහතේ සේ ශෝකයට පත්වෙමු.

මේ දේවල්වලට කෙනෙකුට දේව බලයෙන් පිළිසරණක් විය නොහැක්කේ ඇයි? මැවුම්කරුවෙකු සහ අධි බලැති අධීක්ෂයෙකු වශයෙන් දෙවියන් වහන්සේ කෙනෙක් පවතීද යන්න ගැන අපි කල්ලි ගැසී වාද විවාද කර ගනිමින් සිටිමු. ඒ අරභයා දෙපැත්තෙන්ම තර්ක විතර්ක සහ වාගාලංකාර ගලා එයි. මධ්‍යකාලීන යුගයේ සිටි ක‍්‍රිස්තියානි ශාස්ත‍්‍රඥයෙකු වන තෝමස් ඇක්වයිනාස් ‘දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි’ ඉදිරිපත් කෙළේය. එතැන් පටන් එම තර්ක තවත් පිරිපහදු කොට තිබේ. විද්‍යාවේ දියුණුවත් සමග බොහෝ විද්‍යාඥයෝ ඇක්වයිනාස්ගේ තර්ක බිඳ හෙලූහ. අපේ ලෝකය දෙවියන් වහන්සේගේ නිර්මාණයක් ය යන මතයෙන් කුළුගැන්වුණු සමස්ත සම්ප‍්‍රදායික විශ්වාස පද්ධතිය, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ඉදිරියේ දුබල විය. ඒබ‍්‍රහමික ආගම්වලට- ක‍්‍රිස්තියානිය, යුදෙව් ආගම සහ ඉස්ලාම් ආගමට – එල්ල වූ මාරාන්තික ප‍්‍රහාරය එල්ල වුණේ එකී විද්‍යාත්මක සොයා ගැනීමෙනි. ඩාවින් විසින් සොයා ගත් කරුණු, අනතුරුව ජාන විද්‍යාවේ සොයා ගැනීම් විසින් සනාථ කොට තිබේ. එසේ වෙතත් මේ විද්‍යාත්මක ආස්ථානය මැවුම්වාදීහූ නිරන්තරවම ප‍්‍රතිකේෂේප කරති. ඥාන විභාගාත්මක බොහෝ ක්ෂේත‍්‍රවල අද බොහෝ සෙයින් අපට දක්නට ලැබෙන්නේ විද්‍යාව සමග කරන යුද්ධයකි.

මෙවැනි හබයක් ගැන අප ගහමරා ගත යුතු නැති බව මගේ අදහසයි. මේ කියන දෙවියන් වහන්සේට ලෝකයා ඉදිරියේ ප‍්‍රාදුර්භූත වී තමන්ගේ ප‍්‍රාතිහාර්ය බලය සහ ශක්තිය මුළු ලෝකයාටම දැකගත හැකි වන සේ ප‍්‍රදර්ශනය කළ හැකි නම්, එවැනි හබයක් ගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇත. ලෝකයා ජය ගත හැකි ඒකායන මාර්ගය එයයි. එහෙත් එවැන්නක් සිදු නොවේ.

විද්‍යාවේ ආස්ථානය වෙත නැවත යාම වඩාත් ප‍්‍රයෝජනවත් විය හැකිය: ස්වභාව ධර්මයේ මූලික නියාමයන්ම ප‍්‍රාතිහාර්යයන් මගින් උල්ලංඝණය කෙරෙන බැවින් එම ස්වභාව ධර්මයා තුළ ප‍්‍රාතිහාර්යයන් සිදුවිය නොහැක්කේම ය. අද වන විට ප‍්‍රාතිහාර්යයන් පිළිබඳ වැඩිමනත් කතාවක් නැත්තේ, විද්‍යාත්මකව සිතන නූතන මිනිසුන් ඇස් ඇරගෙන ප‍්‍රශ්න කිරීමට පේවී සිටින නිසාවෙනි. ඕනෑම ප‍්‍රාතිහාර්යයක් පිරිසිඳ පරීක්ෂාවට ලක් කිරීමට සූදානම්ව සිටින බැවිනි. ප‍්‍රාතිහාර්ය කතා නැතිවා නොවේ. එහෙත් ඒවා සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි නැත. ඒවා පෞද්ගලික අත්දැකීම් මත පමණක් රඳා පැවතීම අනිත් කාරණයයි. යම් හාස්කමක් පිළිගැනීමට නම්, විකල්ප විද්‍යාත්මක මතයටත් වඩා විශ්වසනීය වන තරමේ සාක්ෂි, විශ්වයේ ස්වභාව නියාම ධර්මයන් තුළ ඔප්පු කොට පෙන්විය හැකි විය යුතු බව ඬේවිඞ් හියුම් කියා තිබේ. අභූත කතාන්තර යනු, ආශ්චර්ය සන්තානයේ නිර්මාණයන් ය. විමතිය සහ විශ්මය පිළිබඳ හැඟීම මගින් අතාර්කික විශ්වාසයන් කරා අපව දක්කනු ලැබේ. මේවා විශ්වාස කරන්නන්ගේ නරකට, සමාජ මාධ්‍ය ජාලයත් පෙර නොවූ විරූ තරමේ පිමි පනිමින් සිටී. ඕනෑම දේව ප‍්‍රාතිහාර්යයක් කුඩා ජංගම දුරකථනයකට හසු කර ගත හැකි විය යුතු අතර ආලෝක වර්ෂ වේගයෙන් ලෝකය පුරා පතල කර හැරීමටත් හැකියාව තිබේ. එහෙත් අධිතාත්විකවාදීන් පරිස්සම් විය යුතුව තිබේ. මුළු ලෝකයම ඇස ගසාගෙන සිටින බැවිනි. අධි-තාත්වික විශ්වාසයන් නඩත්තු කළ නොහැකි තරමට ලෝකය සීග‍්‍රයෙන් දියුණු වෙමින් තිබේ. අතීත ආගමික යුගය අයත් වන්නේ, විද්‍යාවට පෙර යුගයටයි. ඒවා වැඩුණේ බොහෝ කොට නොදියුණු සහ නොදැනුවත් මිනිසුන් අතරේ ය.

මේ දේවල් පිළිබඳව ඉදිරිපත් කෙරෙන ආගමික පැහැදිළි කිරීම්වල ඇති ආකර්ශණය කෙමෙන් වියැකී යද්දී, ආගමික නායකයෙකුට දේව වරම් ඇතැයි කීම දුෂ්කර කාර්යයක් වී තිබේ. දෙවි කෙනෙකුගේ පැවැත්ම, හාස්කම් සහ ආගම් පිළිබඳ පිළිගත හැකි සනාථ කිරීම් නොමැති තත්වයක් තුළ දෙවියන්ගේ පුත‍්‍රයෙකු වශයෙන් තවත් යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ කෙනෙකු නිර්මාණය කර ගැනීම පහසු කාර්යයක් නොවේ. අනිත් අතට, යේසුන් ක‍්‍රිස්තුස් වහන්සේගේ චරිතයෙන් විද්‍යමාන වන දිව්‍යමය නොවන ලක්ෂණ මගේ සිත් ගනී. උන්වහන්සේ දුප්පතුන්ට කතා කළ සේක. සමාජ අසාධාරණයට එරෙහිව කතා කළ සේක. ඇදහිය නොහැකි තරමේ ස්වයං පරිත්‍යාගයකට උන්වහන්සේ සමත් වූ සේක. මා දන්නා පරිදි උන්වහන්සේ වඩාත් කාරුණික, වඩාත් ආනුභාව සම්පන්න මනුෂ්‍යයෙකි. දිව්‍යමය යේසුස් කෙනෙකු වෙනුවට එවැනි අසාමාන්‍ය මිනිසුන් තව තවත් ලබා ගැනීමේ හැකියාව අපට තිබේ. ලෝකයට අවශ්‍ය වන පරිද්දෙන් එවැනි මිනිසුන් ඇති කර ගැනීමට අපට හැකි වෙතැයි අපට අපේක්ෂා කළ හැක.

එතකොට බුදුන් වහන්සේ? ජනපි‍්‍රය බුද්ධාගමට අනුව තව බුදුවරු බිහි වීමට සිටිති. එහෙත් ඒ පිළිබඳ කිසි සළකුණක් අප දැක නැති අතර අනාගතයේ දකින්ට ලැබේ යැයි විශ්වාස කිරීමටත් බැරි ය. අනාගතේ බිහි වීමට නියමිත බුදුවරුන් පිළිබඳ න්‍යාය වටා ඇති අධිතාත්වක කල්පිතයන් සනාථ කෙරෙන සාක්ෂි සොයා ගැනීමට නැත. සමහර විට අනාගත බුදුවරුන් ගැන කල්පනාවත් මිනිසා සතුව පවතින ඉහතින් සඳහන් කළ අසිරිමත් පරිකල්පන ශක්තියේ ප‍්‍රතිඵලයක් පමණක් විය හැකිය. අලෞකික ආශ්චර්ය පිළිබඳ විශ්වාසය සීග‍්‍රයෙන් වියැකෙමින් පවතින තත්වය තුළ එවැනි බුදුවරයෙකු නැවත බිහි වෙතැයි සිතිය නොහේ.

අනිත් අතට, බුදුන් වහන්සේගේ මෙන්ම අන්තර්ඥානයක් සහ ප‍්‍රඥාවක් සහිත ශ්‍රේෂ්ඨ ගැහැනුන් සහ මිනිසුන් දැනටමත් අප දැක තිබේ. අනාගතයේදීත් එවැනි මිනිසුන් දැක ගැනීමට ඉඩ තිබේ. එහෙත් ඒ, පෙළහර පාන, එර්දියෙන් යනෙන, උපන් සැණින් නෙළුම් මල් මත ඇවිදින ජනශ‍්‍රැතියේ එන බුදුවරුන් නොවේ. ක‍්‍රිස්ට්මස් හම්ෆී‍්‍රස්ව නැවත උපුටා දක්වතොත්, ‘‘බුද්ධාගම යනු, ජීවිතය දෙස හෙලන ආකල්පය, නූතන විද්‍යාඥයෙකුගේ ආකල්පය තරමටම උපේක්ෂා සහගත, විෂයමූලික ආකල්පයකින් සැදුම්ලත් ආධ්‍යාත්මික දර්ශනයකි.’’ බුද්ධ ධර්මය යන දර්ශනවාදය අනාගතයේදීත් නව සංවාද සහ නැවුම් ශාස්ත‍්‍රඥයන් බිහි කරනු ඇත. එහෙත් බුද්ධාගම වශයෙන් අප දන්නා ආගම නමට පමණක් පවතිනු ඇත. ක‍්‍රිස්ත‍්‍රියානි ආගමත් එසේමයි. නාමමාත‍්‍රික වීමට ඉස්ලාම් ආගමට ඊට වඩා දීර්ඝ කාලයක් ගත වෙනු ඇත.

විද්‍යාව සමග කරන යුද්ධයේදී ආගම පරදිනු ඇත. එය කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණි.

*2017 අපේ‍්‍රල් 30 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Why We Haven’t Seen Another Buddha, A Christ, Or A Miracle Since? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    3

    Miracle still happens and Jesus is alive. You need research at places where it has manifested. I am one of the testimonies.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.