20 April, 2024

Blog

පොදු රද රාජ්‍ය නායක හමුව ජනතා ප‍්‍රශ්න විසඳීමට නොවේ

සිරිතුංග ජයසුරිය –

සිරිතුංග ජයසුරිය

සිරිතුංග ජයසුරිය

නොවැම්බර් 15දා සිට 17 දක්වා කොළඹදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවෙන් ශ‍්‍රී ලංකාවේ හෝ එහි සාමාජිකත්වය දරන අනෙක් රටවල් 53 හි වැඩ කරන ජනයා ඇතලූ දිළිඳු සහ අනෙක් පීඩිත ජන කොටස් වලට කිසිදු සහනයක් අත් වන්නේ නැත. මෙයට අයත් රටවල අති බහුතර ජනතාවක් දිළිදු බවේ පසුවෙති. චෝගම් යනු අවශ්‍යයෙන්ම ධනකුවේරයන්ගේ සමාජයකි. ( Club)  බි‍්‍රතාන්‍ය රජය විසින් නායකත්වය දෙනු ලබන එය එහි පැරනි යටත් විජිතවල ජනයා තම ධනේෂ්වර පංතියේ අවශ්‍යතා පිරිමැසීම සඳහා යොදා ගන්නකි.

පොදු රාජ්‍ය මණ්ඩලය මේ වසරේදී සිය මූලික හරයන් සහ ගුණාංග ගොනු කොට විධිමත් ප‍්‍රඥප්තියක් ප‍්‍රකාශයට පත් කලේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම්, සාමය සහ ආරඏාව, දරාගැනීම සහ අන්‍ය මත ඉවසීම, අදහස් ප‍්‍රකාශනයේ නිදහස එවැනිම වෙනත් වැදගත් අරමුණු රැුසක් එහි අඩංගුවේ.

මේ මූලික හරයන් සහ ගුණාංග රැුක ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලය අවංකවම කැප වන්නේ නම් මෙහි සාමාජික රටවල් බහුතරයක් මෙහි සාමාජිකත්වයෙන් ඉවත් කෙරෙනු ඇත. එ් අනුව මෙවර නායක සමුළුවේ සත්කාරකත්වය දෙන ශ‍්‍රී ලංකාව මුලින්ම නෙරපිය යුතු රටවල් ගනයට අනිවාර්්‍යයෙන්ම වැටෙන රටකි.

සීඝ‍්‍රයෙන් ඒකාධිපතීත්වය කරා ගමන් කරමින් සිටින ශ‍්‍රී ලංකා රජය මේ ,මංගල්‍යයෙන්, පසුව ඉදිරි වසර දෙක සඳහා පොදු රාජ්‍ය මන්ඩලයේ නායකත්වයට පත්වනු ඇත. මේ සමුළුව ශ‍්‍රී ලංකා ආණ්ඩුව මගින් අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම ඇතුළු ජනතා විරෝධී නව ලිබරල්වාදී ප‍්‍රහාර කි‍්‍රයාවට නැංවීමට සහාය දැක්වීම සඳහා උපයෝගී කරගන්නා සැණකෙලියන් බවට පත්වී ඇත. මීටත් අමතරව මේ මහා සන්දර්ශනය සදහා යන වියදම් දරා ගැනීමටත් මේ නිසා උද්ගතවන සියලූ බාධක අවහිරයන්ට මුහුණදීමටත් අපේ රටේ වැඩ කරන ජනයා ඇතුලූ සමස්ථ ජනතාවටම සිදුවනු ඇත.

මෙවර සමුළුව වර්ජනය කිරීමට කැනඩාව ගත් තීරණයන් සමග මානව හිමිකම් පිළිබද ප‍්‍රශ්නය සහ රාජපඏ රෙජිමය එහිලා වගකීමට යටත් කල යුතු වීමේ අවශ්‍යතාවය නැවත ඉස්මත්තට පැමිණ තිබේ. එසේ වුවද මේ පිළිබද කර්තව්‍යය ප‍්‍රධාන වශයෙන්ම පදනම්ව තිබෙන්නේ විදේශගත දෙමළ ජන කණ්ඩායම් වල කම්කරුවන් සහ තරුණයන්, වෘත්තීය සමිති සහ මානව හිමිකම් සංවිධාන වෙත පැවරී තිබේ. ඉන්දීය කොන්ග‍්‍රස් පඏය මේ සමුළුවට සහභාගිවීම සම්බන්ධයෙන් දක්වන උදාසීන පිළිවෙත උද්ගතවී ඇත්තේ ළඟ එන මහ මැතිවරණයේදී තමිල්නාඩු ඡුන්ද අහිමිවී යතැයි යන බිය නිසාය. අවසානයේදී ඉන්දීය දකුණුදිග ප‍්‍රාන්තවල මෙන්ම කොන්ග‍්‍රස් පඏය තුළින්ම මතුවූ බලපැම නිසා කොළඹ සමුළුවට නොපැමිනෙන බවට තීන්දු කිරීමට අගමැති මන්මෝහන් සිංට සිදුවිය. එසේ වුවද එසේ පැමිණීමට නොහැකිවීම පීළීබඳව සිය කණගාටුව පළ කරමින් ඔහු විසින් ජනාධිපති රාජපඏ වෙත ලිපියක් එවීමෙන් පෙන්නුම් කරනුයේද මේ කාරණය සම්බන්ධයෙන් සිං අනුගමනය කරන දෙබිඩි පිළීවෙතයි. බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරුන්ගේ නන් දෙඩවීම් වලින් පේනුම් කරනුයේ තමා සමුළුවට සහභාගිවීම නිවැරදි බවට බි‍්‍රතාන්‍යයේ වැඩ කරන ජනයාට එ්ත්තුගැන්වීමට ඔහුට ඇති නොහැකියාවයි.

චැනල් 4 නාලිකාව විසින් 2009 වසරේදී මෙරට සිදුවූ අතිමහත් මානව හිමිකම් කඩ කිරීම් සහ එ් හා බැඳුනු ජන සන්තාපය සිත් කම්පා කරන අයුරින් නිර්මාණය කර ඇති ,නෝ ෆයර් සෝන්, චිත‍්‍රපටය තුළින් පාලකයින්ගේ කුහකත්වය වඩාත් හෙළිදරව් කෙරේ. එසේ වුවද මේ ගැන විරෝධය දක්වන කිසිදු රාජ්‍යයන් වල ප‍්‍රකාශයන්, වලින් හෝ වර්ජනය කිරීම් වලින් හෝ රාජපඏ රෙජිමය පිළිබඳ වෙනත් විරෝධතා අදහස් පළ කිරීම් වලින් අප රටේ පීඩිත ජනයා මුහුණ දෙන සැබෑ ප‍්‍රශ්න පිළිබඳ සඳහනක් වන්නේ නැත.

අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩල රටවල කම්කරු සහ පීඩිත ජනයාට මෙන්ම ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයාටත් මේ චෝගම් සමුළුව තම ජාතියේ අභිමානය ලෙස සැලකීමට හෝ එ් තුළින් ඵලදායක යමක් සිදුවනු ඇතැයි පිළිගැනීමට කිසිදු සාධාරණ හේතුවක් ඇත්තේ නැත. සියයට 1%ක් වන ධනකුවේරයින් සුළුතරයකගේ අවශ්‍යතා පිනවීම සහ ඔවුන් තවත් තර කිරීම සඳහා පවත්වන මේ සැණ කෙළිය අපි ප‍්‍රතිෂේප කරනුයේ එම නිසාය.

සාමාන්‍ය ජනතාව මුහුණදෙන ප‍්‍රශ්නවලට සැබෑ විසඳුම් සපයාදීමට මෙවැනි නායක සමුළුවලින් හැකි වනු ඇතැයි කිසිසේත් විශ්වාස නොකරන ලෙස අපි කම්කරු පන්තිය ඇතුළු සියලූ පීඩිත ජනයාගෙන් ඉල්ලා සිටිමු. මෙම චෝගම් සමුළුව පිටුදැක එය ප‍්‍රතිෙඏ්ක කරන ලෙසත් ශ‍්‍රී ලංකා රජයට සහ එහි වරප‍්‍රසාදිත හිතෛශීන්ට එරෙහිව තවදුරටත් පෙළ ගැසෙන ලෙසත් අපි කම්කරු පන්තියේ සියලූ කොටස්වලින් වෘත්තීය සමිතිවලින් සහ වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන සහ කණ්ඩායම් වලින් ඉල්ලා සිටිමු. අපේ රටෙත් වෙනත් රටවලත් සැලසුම් කර ඇති අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සුබසාධන සේවාවන් පුද්ගලිකරණයට සහ කප්පාදු කිරීමට එරෙහිව නැගී සිටින ලෙස අපි කම්කරුවන්, ගොවීන්, තරුණයින් ඇතුලූ 99%ක් වන අති බහුතරයෙන් අයැද සිටිමු. 1%ක් වන මහ ධනපති සුළුතරය වෙතින් අපේ ජීවන තත්වයන්ට එල්ල වන විවිධාකාර ප‍්‍රහාරයන්ට මුහුණදීමට සියයට 99ක් වන අප එක්සත්ව නැගී සිටියහොත් හැකිවනු ඇත.

චෝගම් සමුළුව වෙනුවෙන් කරන අතිමහත් නාස්තිකාර වියදම් හේතුවෙන් මතු වෙමින් එන ආර්ථික අර්බුදය මේ සමුළුවෙන් පසුව තවදුරටත් උත්සන්න වනු ඇත. අනෙක් අතට පසුගිය දිනවලදී අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ කි‍්‍රයාකාරිනියන් දෙදෙනෙකු පිටුවහල් කිරීමට ගත් තීරණයෙන් පෙන්නුම් කරනුයේ මාධ්‍ය කෙරෙහි මේ රජයෙහි පවත්නා සතුරු ආකල්පයයි. එමෙන්ම පසුගියදා ඕස්ෙටී‍්‍රලියානු සහ නවසිලන්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් දෙදෙනෙකු පිටුවහල් කිරීම තුළින් මේ රටේ අදහස් පළ කිරීමේ සැබෑ නිදහසක් නැති බවද නැවත වරක් රාජපඏ පාලනය විසින් ලෝකයාට ප‍්‍රදර්ශණය කර ඇත.

රතුපස් වල ජනතාවගේ අයිතීන් ඇතුලූ සමස්ථ දකුණේ ජනතාවගේ අයිතීන්ද දෙමළ ජනයාගේ ජාතික අයිතීන් ඇතුළුව සියලූ ප‍්‍රජාතන්ත‍්‍රීක අයිතීන් දිනාගැනීම ඇතුළු සියලූ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් දිනාගැනීම සඳහා අපි අත්වැල් බැඳගත යුතු වෙමු. ධනපති 1%කගේ යහපැවැත්ම උදෙසා සූරාකෑම සහ අසමානතාව මත රදාපවතින ධනවාදය අපි ප‍්‍රතිෙඏ්ප කරමු. එය ජනතාව අතර බෙදීම් ඇති කරන ක‍්‍රමයකි. එ් වෙනුවට අප යෝජනා කරන්නේ කම්කරු පන්තිය ඇතුලූ සාමාන්‍ය ජනතාවගේ ස්වාධින සංවිධාන ගොඩනැගිම හරහා සියලූ පීඩිත ජනයා සමඟ බද්ධ වූ බහුජන කි‍්‍රයාකාරීත්වයක් ගොඩනැගීමයි.

සීමිත පිරිසක් වන සුපිරි ධනපති සූරාකන්නන්ගේ ලාභය වෙනුවට සමස්ථ පීඩිත ජනයාගේ උවමනාවන් පෙරට ගන්නා නව සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් අපි එක්ව සටන් කරමු. එම අරගලය විශම ධනපති ක‍්‍රමය අහෝසි කරන සමාජවාදී විකල්පයක් සඳහා විය යුතුයයි අපි විශ්වාස කරමු.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.