26 April, 2024

Blog

අධ්‍යක්ෂවරයෙක්, අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ සභාපතිවරයෙක් නැති ජ’පුර රෝහලේ හෙන්චය්යෝ රාජිත සමග කා බී නටති!

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ව්‍යාජ අධක්ෂක සුසිත සේනාරත්න විසින් 2019 ජනවාරි 11 වනදා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ සහභාගීත්වයෙන් “රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, ජ්‍යෙෂඨ​ කාර්ය මණ්ඩලය සහ ඒකක ප්‍රධානීන්ගේ කාර්සාධනය විශ්ලේෂණය කිරීමේ” අරමුණින් තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලද බවට කලම්බු ටෙලිග්‍රාෆ් වෙත වාර්තා වෙයි. ව්‍යාජ අධක්ෂක වරයා විසින් මෙයට ආරාධනා කරමින් යවන ලද ඊමේල් ලිපියෙහි සඳහන් වන්නේ මෙම භෝජන සංග්‍රහය ඔහු විසින් පැවැත්වීමට හේතුව “2018 වසරේ රෝහලේ සිදු වූ සැලකිය යුතු රෝහල් සේවා වර්ධනයයි”.

පුර රෝහලේ ලජ්ජා සහගතම වසර 2018 වසරයි

2018 වසර වන විට රජයේ විගණකාධිපතිට​ පිළිගත හැකි විගණනයන් වසර තුනක් පුරා ඉදිරිපත් කිරීමට ජ’පුර පාලනය 2015 සිට අසමත්ව ඇත. මෙම රෝහලේ දිනක මුල්‍ය පාඩුව රුපියල් මිලියන් 4ක් බවට  ගණන් බලා ඇත. 

2018 ජනවාරි මාසයේ 600 ක් වූ හෙද කාර්යමණ්ඩලය සහ වෙනත් සේවකයන් දින 10ක් රෝහල අඩපණ කරමින් වැඩ වර්ජනයක් සිදු කලේ මෙම රෝහලට රාජිත සේනාරත්නගේ තක්කඩි දේශපාලන හෙන්චය්යෙකු වෙනුවට සුදුසුකම් ලත් අධ්‍යක්ෂක වරයකු පත් කරන ලෙස ඉල්ලමිනි. කලක් කීර්තිමත් රෝහලක්ව තිබු ජ’පුර රෝහලේ 36 වසරක ඉතිහාසයේ රෝහල මෙසේ අඩපණ වුණු එකම අවස්ථාව මෙය විය. 

සුසිත සේනාරත්නගේ මෙම කුප්‍රකට “පත්වීම” අධිකරණයේදී අභියෝගයට ලක්ව ඇති අතර ඔහුට රෝහල් මණ්ඩල රැස්වීමේ අසුන් ගැනීම පවා අධිකරණයෙන් තහනම් කර ඇත. දැනට රෝහල පාලනය කිරීමට රෝහල් මණ්ඩලයක් පත් කර නොමැති අතර එහි වැඩ බලන සභාපති ලෙස කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ය. 

මෙසේ  අශිෂ්ටත්වයෙන් පාලනය වන මෙම රෝහලේ අකටයුතුකම් වල උච්චස්ථානය එළඹුණේ සුසිත සේනාරත්න විසින් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ඌරෙකු ලෙස හඳුන්වා දෙමින් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් පළ කිරීමෙනි. සුසිත සේනාරත්න තවදුරටත් මෙම සටහනේ ලියා තිබුනේ ජ’පුර රෝහල එහි ප්‍රතිකාර ලබන කුඩා දරුවන්ගේ ජීවිතය අනතුරේ බවය. මෙම තීති විරෝධී ප්‍රකාශ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ජ’පුර සියලු ශ්‍රේණි වල සේවකයන් හිටපු සභාපති කහඳලියන්ගේ වෙත ලිඛිත ඉල්ලීම් කළද කහඳලියනගේ වීසින් සිදු කරනු ලැබුවේ ඒ සියලු ලිපි වහා යට ගැසීමය. 

මෙම නීතිවිරෝධී තක්කඩි කම් හමුවේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරය කහඳලියනගේ සහ සුසිත සේනාරත්නට එරෙහිව විශ්වාසභංගය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දුන්හ. 

මෙසේ පෙර නොවූ විරු ලෙස මුල්‍යමය පාඩු සිදු වූ, නීති විරෝධී තක්කඩි කම් වලින් අපිරිසිදු වූ රෝහල් ඉතිහාසයේ දුර්දාන්ත ම වසර වූ 2018 වසරය මෙම දේශපාලන හෙන්චය්යන් “සැලකිය යුතු ලෙස රෝහල් සේවාවන් වර්ධනය වූ වසර” ලෙස හඳුන්වන්නේ. 

අනිල්  ජාසිංහ ගේ නිහැඬියාව 

දින කිහිපයකට පෙර කලම්බු ටෙලිග්‍රාෆ් විසින් ජ’පුර රෝහලේ වැඩ බලන සභාපති වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ජෙනරාල් අනිල් ජාසිංහ වෙතින් කරුණු 4ක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින ලදී. 

එනම් :

1. මෙවැනි උත්සවයක් පවත්වීමට සහ එහි වියදම් සඳහා වැඩ බලන සභාපතිවරයා ලෙස ඔබ අනුමැතිය දුන්නාද? 

2. ජ’පුර රෝහලේ සැපයුම්කරුවන්ගේ සහ කොන්තරාත්කරුවන්ගේ අනුග්‍රහයෙන් මෙවැනි උත්සව සඳහා වියදම් කිරීමට නීත්‍යානුකුල පදනමක් තිබේද? 

3. දිනකට රුපියල් මිලියන් 4ක් පාඩු ලබන ජ’පුර රෝහල ට විඝනකාධිපතිවරයාට පිළිගත හැකි මුල්‍ය විගණනයක් අඛණ්ඩව ඉදිරිපත් කළ නොහැකි වූ තුන් වෙනි වසර 2018 වසරයි. එවැනි වසරක් “රෝහල් සේවාව සැලකිය යුතු ලෙස වැඩි වූ වසරක්” ලෙස ඔබ හඳුන්වා දෙනවාද? 

4. රෝහල් මණ්ඩල රැස්වීමක අසුන් ගැනීම පවා අධිකරණයෙන් තහනම් කළ ව්‍යාජ අධ්‍යක්ෂක වරයෙකුට, රෝහල් මණ්ඩලයක් නැති අවස්ථාවේ මෙසේ උත්සව පැවැත්වීමට තීරණය කළ හැකිද? 

මේවන තුරුද අනිල් ජාසිංහ කලම්බු ටෙලිග්‍රාෆ් වෙත ප්‍රතිචාර දක්වා නැත. එසේම අනිල් ජාසිංහ ඉහත උත්සවයට සහභාගී වුයේද නැත. ජ’පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 45 දෙනෙකු අතරින් එයට  සහභාගී වී ඇත්තේ 10 දෙනෙකු පමණි. 250 කට  අධික රෝහලේ වෛද්‍ය නිලධාරීන් අතරින් එයට සහභාගී වී ඇත්තේ 7 දෙනෙකු පමණි. මෙහි කැපී පෙනෙන දෙයක් වුයේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ජ’පුර ශාඛාවේ සභාපති ඇතුළු නිලධාරී මඩුල්ල මෙයට සහභාගී වී සුසිත සේනාරත්න සමග මත්පැන් බොමින් විනෝද වීමය. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ගේ සභාපතිත්වයෙන් යුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මවු සංගමය රාජිත සේනාරත්නට විරුද්ධව ඉදිරිපත් කරන ලද චෝදනා වල එක්  මුලික චෝදනාවක් වුයේ සුසිත සේනාරත්නගේ නීති විරෝධී පත් වීමය. 

සුසිත සේනාරත්න ගේ අරලිය ගහ මැදුරේ රඟපෑම 

රාජිත සේනාරත්නගේ මැර හෙන්චය්යෙකු වන සුසිත සේනාරත්නට මෙම ව්‍යාජ පත්වීම දැරීමට කිසිදු අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසු කමක් නැත. 2018 ඔක්තෝම්බර් ව්‍යවස්ථා කුමන්ත්‍රණ කාලය පුරාවටම අරලිය ගහ මන්දිරයේ එහෙ මෙහෙ ගැවසෙමින් සිටි මොහු දේශපාලකයන් පසු පස ගමන් කරමින් තමා එහි සිටින බව ඒත්තු ගැනීමේ මෙහෙයුමක් දියත් කළේය. එහි රැස්ව සිටි දේශපාලකයන් සහ අගමැතිවරයාගේ රුධිර පීඩනය මැනීමට ඔවුන් පසු පස ගමන් කරමින් ද සිටියේය. 

රාජ්‍ය සේවකයකු වශයෙන් සක්‍රීය දේශපාලනයේ යෙදීම සපුරා නීති වීරෝධී එන අතර එය ආයතන සංග්‍රහය බලවත් ලෙස උල්ලංඝනය කිරීමකි. මොහු ටී එන් එල් රුපවාහිනී නාලිකාවේ වැඩසටහනකට සහභාගී වෙමින් දේශපාලනයේ යෙදුනු අතර ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කළේය. 

2018 ඔක්තෝම්බර් ව්‍යවස්ථා කුමන්ත්‍රණ පුරාවටම සුසිත සේනාරත්න සිය ෆේස්බුක් පිටුව තුලින් මෛත්‍රිපාල සිරිසේනට දැඩි ලෙස අපහාස වන පොස්ටු පල කරමින් සිටියේය. මෙම ව්‍යවස්ථා කුමන්ත්‍රණය පිලිබඳ කිසිවුගේ පෞද්ගලික මතය කෙසේ වුවද රාජ්‍ය සේවකයකන්ට රටේ ජනාධිපතිවරයාට අවමන් කිරීමට නීති ප්‍රතිපාදන නොමැත. ජනාධිපති සිරිසේනට බය්යා ලෙස හැඳින්වූ සුසිත සේනාරත්න දැන් රාජිත සේනාරත්න කොටු කරගනිමින් සිටිනී එම “බය්යා” ජනාධිපතිවරයා ලවා ජ’පුර සභාපති ධූරයට පත්වීමක් ලබා ගැනීමටය. 

මැක්කන් සමග නැගිටීම: අතුල කහඳලියනගේ 

වෛද්‍ය අතුල කහඳලියනගේ ගේ සභාපතිතත්වයෙන් යුතු වූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය කෝප් කමිටුව, විගණකාධිපති සහ අධිකරණයේ ඇස් වලට වැලි ගසමින් ව්‍යාජ අධ්‍යක්ෂක සුසිත සේනාරත්නගේ “නැති පත්වීම” ආරක්ෂාකිරීමට වගකිව යුතුය. 

කෝප් කමිටුව, අධිකරණය, විගණකාධිපති සහ සෞඛ්‍ය අමාත්යංශය ව්‍යාජ අධ්‍යක්ෂක සුසිත සේනාරත්නව ඉවත් කර සුදුසුකම් සපිරූ අයෙකු පත් කරන ලෙසට සිදු කල සියලු නියෝග කල් මැරීම සහ එතනින් මෙතනට උපදෙස් පතමින් ලියුම් ලිවීම තුලින් මග හැරි කහඳලියනගේ වසර හතරක් පුරාවට සිදු කලේ සුසිත සේනාරත්නව රැකීමය. මෙය කහඳලියනගේ කෙතරම් උනන්දුවෙන් කලේද යත් ඔහු සුසිත සේනාරත්න වෙනුවෙන්ම නිර්මාණය කල අධ්‍යක්ෂකවරයා සඳහා වන ඉල්ලුම් පතක් පුවත්පතක පල කළේ නීත්‍යානුකූල පුවත්පත් දැන්වීම නිශේධ කරමිනි. මින් අධිකරණය දුන් නියෝගයට පටහැනි වූ අතර ඔහු දේශපාලන බලයට කෙතරම් අවනතද යත් එම අවදානම පවා ගත්තේය. කෙටියෙන් කියතොත් කහඳලියනගේ නොවන්නට අද වන විට ජ’පුර ව්‍යාජ අධ්‍යක්ෂකවරාකු නැත. 

කෙසේ වුවද කලම්බු ටෙලිග්‍රාෆ් වෙත වාර්තා වන අන්දමට 2018 ඔක්තොම්බර් ව්‍යවස්ථා  කුමන්ත්‍රණයෙන් පසුව සුසිත සේනාරත්න රාජිත සේනාරත්න පිටුපස යමින් තමාව ජ’පුර සභාපති ධූරයට පත් කරන ලෙස ආයාචනා කරමින් සිටී. මෙයට ආසන්නතම හේතුව නම් ඔහුගේ ව්‍යාජ පත්වීම අභියෝගයට ලක්කරන නඩුව විභාගයට​ ගැනීම ජනවාරි මස අගට යෙදී තිබීම හේතුවෙනි. ජ’පුර පාර්ලිමේන්තු පනතද උල්ලංඝනය, රටේ සෑම පිළිගත් නීතියක්මද උල්ලංඝනය කරමින් සිදු කර ඇති එම පත් වීම නීති විරෝධී බවට අධිකරණය පිලිගත හොත් යන එන මං නැති වීමට නියමිත සුසිත සේනාරත්න සිදු කරමින් සිටින්නේ තමාව මෙතුවක් ආරක්ෂා කල ඔහුගේ සිතු පතු දේ ලබා දුන් ඉටු දෙවියාව අතුරුදහන් කිරීමය. 

කලම්බු ටෙලිග්‍රාෆ් සිදු කළ විමසීමකදී එයට සහභාගී වූ ඒකක ප්‍රධානීන් කිහිප දෙනෙකු පැවසුවේ මෙම උත්සවයට සහභාගී වන ලෙස ව්‍යාජ අධ්‍යක්ෂකවරයාගේ හෙන්චය්යන් වන මේට්‍රන්වරියන් තිදෙනා බල කළ බවයි. “සැත්කම් ලැයිස්තු වෙනස් කරමින් අධ්‍යක්ෂකවරයා අංශ ප්‍රධානීන්ව මුදා හරිමින් මෙයට සහභාගී වීමට බල කළා. අපව සහභාගී කලේ බලහත්කාරයෙන්. මෙහි පිරී සිටියේ ජාතික සේවක සංගමයේ හෙන්චය්යන්. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අඩුම වශයෙන් එක වරක් හෝ සොරකම්, වංචා, බීමත් කම නිසා වැඩ තහනම් වුවන්. ඔවුන් තමන්ගේ පැවැත්ම සඳහා පාවිච්ච්චි කිරීමට බේරා ගත්තේ මෙම අධ්‍යක්ෂක වරයා. මුළු රෑ පුරාම අධ්‍යක්ෂකවරයා ඔවුන් සමග බීමතින් නැටුවේ මත්පැන් වීදුරුව අතේ තියාගෙන. අපි මේ රෝහලේ පැරණි සේවකයෝ. මේවගේ ලජ්ජා නැති කාලයක් මීට පෙර තිබුනේ නැහැ. ෆේස්බුක් එකේ ඒ පින්තූර බැලුවොත් ඇත්ත තත්ත්වය තේරෙයි.” 

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    In January 2018, there was a massive strike of the nurses of SJGH. Many other workers of other categories joined the strike. They were all demanding that a qualified director should be appointed. Finally the Priest of the SL Nurses union intervened and got the nurses off the hook. Two workers who are not nurses were interdicted. Kahandaliyange and the board did nothing to implement the recommendations of the disciplinary inquiry. The Ministry of Health inquiry also proved that the two workers were not guilty. They were interdicted on the 11th of January 2018. This party also happened on the 11th of January 2109. How can these nurses drink and dance with this man. Those two workers are suffering for one year because they fought for the nurses. These women have no shame. These nurses are dancing on the first year anniversary of the interdiction of the 2 people who fought for them. How can they prostitute themselves like this? How can they sleep at night?

  • 2
    0

    2018 ජනරි මාසයේ මෙම මර ව්‍යාජ අධ්‍යක්ෂක වෙනුවට සුදුසුකම් ඇති අධ්‍යක්ෂකයු පත් කර ගන්නා ලෙස ඉල්ලා හෙදියන් වැඩ වර්ජනය කළා. එයට අන් කාර්ය මණ්ඩලය එකතු වුනා. හෙදියන්ගේ හාමුදුරුවන් පැමිණ හෙදියන්ව බේරා ගත්තා . අවසානයේ හෙදියනට සහය දැක්වූ රෝහල සේවකයන දෙදෙනෙකුගේ වැඩ තහනම් කළා. 2018 ජනවාරි 11 දින. 2019 ජනවාරි 11 දින මෙම හෙදියන් මෙම බීමත් අධක්ෂකවරයා සමග නටනවා. ඔවූන් වෙනුවෙන් ඉදිරිපත් වූ සහෝදර සේවකයන් දෙදෙනා ගේ වැඩ තහනම් කල දින පලවෙනි සංවස්තරය හෙදියන් සමරුවේ මෙහෙමයි. මේ ගැහැනුන් කෙතරම් අකෘතඥ ද? තමාගේ වෘත්තීය මෙසේ ගණිකා වෘත්තියේ යෙදවීමට ඔවුන්ට ලජ්ජා නැද්ද? මොවුන් අකමැත්තෙන් මෙම උත්සවයට ගිය බවක් පෙනෙනවාද? අපට නම් පෙනෙන්නේ ඉතා කැමැත්තෙන් ඔවුන් සිටින බවයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.