24 April, 2024

Blog

පොදු අපේක්ෂකයාවීමට මම සූදානම්; ජනාධිපති වශයෙන් කටයුතු කළ හැක්කේ මාස හයක් පමණි – මාදුළුවාවේ සෝභිත නාහිමි

“මා පොදු අපේක්ෂකයා වශයෙන් තර`ග කිරීමට සූදානම්. අප විසින් ස`දහන් කරන ලද කොන්දේසිවලට අනුව ජනතාව ඡන්දය දිය යුතුය. ඕනෑම පුද්ගලයෙකුට පොදු අපේක්ෂකයා වශයෙන් තර`ග කළ හැකි ය. එයට කිසිම බාධාවක් නොමැත. එය හිටපු අගවිනිසුරුවරිය හෝ හිටපු ජනාධිපතිවරිය හෝ විය හැකිය.

maduluwawe-sobitha-theroශ‍්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයටකට මම එකඟ වෙමි. වැරදි සිදුකර නොමැති නමි සාක්ෂි මගින් එය සනාථසනාථ කළ යුතුය යන්න මාගේ ස්ථාවරයයි. ශ‍්‍රීලංකාව තිබෙන්නේ ජාත්‍යන්තරය තුළ මිස ජාත්‍යන්තරය තිබෙන්නේ ශ‍්‍රීලංකාව තුළ නොවන බව තේරුමි ගෙන රජය ක‍්‍රියා කළ යුතුය.

ජනාධිපති වශයෙන් තෝරාපත් කරනු ලබන තැනැත්තා පොදු අපේක්ෂකයාගෙන් තේරීපත්වනු ඇත. ඔහුට හෝ ඇයට ජනාධිපති වශයෙන් සිටිය හැක්කේ මාස හයක් පමණි. ඉන් පසු ඔහු හෝ ඇය වෙනත් කෙනෙකුට එම අවස්ථාව ලබාදිය යුතුය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පවරා අගමැතිවරයෙක් පත්කළ යුතුය. ස්වාධීන කොමිසමක් පත් කර 17වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කළ යුතුය.” යනුවෙන් කෝටිටේ නාග විහාරයේ විහාරාධිපති මාදුළුුවාවේ සෝභිත නාහිමියෝ තිනක්කුරල් ”පුවත්පත සමග කළ පුවත්පත් සාකචිඡාවකදී පැවසූහ.

තවදුරටත් උන්වහන්සේ පවසන ලද අදහස් පහත දැක්වෙන පරිදි ගොනු කරනු ලැබ ඇත.

ප‍්‍රශ්නය:— විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කළ යුතු යැයි ඔබවහන්සේ තවමත් පවසා සිටින්නෙහිද?

පිළිතුර: අද වනතුරු ක‍්‍රියාත්මක වන්නේ 1978 ජේ.ආර් ජයවර්ධන විසින් හ`දුන්වා දෙනු ලැබූ ව්‍යවස්ථාවයි. එදා ජේ.ආර්. ජයවර්ධනට හයෙන් පහක බහුතර බලයක් හිමිව තිබිණි. ඔහු විධායක ජනාධිපති ක‍්‍රමය හ`දුන්වා දුන්නේ මේ බලය ප‍්‍රයෝජනයට ගනිමින් ය. විධායක ජනාධිපති ක‍්‍රමය නිසා ඒකාධිපතිවාදයක් ඇතිවන බව එදා සිරිමාවෝ බණ්ඩාරනායක පවසා සිටි අතර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු යැයි ඇය හ`ඩ නගා කියා සිටියා ය. ඒ අයුරින්ම ආචාර්ය එන්.එමි. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ වැනි වාමාංශික නායකයින් එක්වී විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධව කොළඹ හයිඩි පිටියේදී දැවැන්ත උද්ඝෝෂණයක් සහ ජනරැුළියක් පැවැත්වූහ. එදා පටන් අද දක්වා විරෝධතාවයන් ඇතිවෙමින් පවතී.

එසේම චන්ද‍්‍රිකා බණ්ඩාරනායක බලයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට පවරන බව පවසා එයට දිනයක්ද නියම කළ නමුත් ඇය එසේ නොකළාය. ජ.වි.පෙ සන්ධානයෙන් ඉවත්වූයේද මෙය මූල්කර ගෙනය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙි බලයක් චන්ද‍්‍රිකාට නොතිබුණි. ඉන් පසුව එදා සිටම මහින්ද රාජපක්ෂ කතරගමට පාගමනකින් ගොස් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝස කළ යුතු යැයි පවසා සිටියේ ය. මෙම පා ගමනේ අරමුණවූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි.

මහින්ද රාජපක්ෂ සහ අනුර බණ්ඩාරනායක වැනි අයගෙන් සමන්විත කණ්ඩායමක්ද තිබිණ. තවද තමා බලයට පත්වූවහොත් විධායක ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට පවරා අගමැතිවරයෙක් පත් කරන බව මහින්ද චින්තනයේ ස`දහන් වී තිබෙි. නමුත් එසේ නොකරන ලදී . පාර්ලිමේන්තුවේ ඔහුට තුනෙන් දෙකක බහුතරයක් තිබේ.

ජේ.ආර් ජයවර්ධන විධායක බලතල ප‍්‍රයෝජනයට ගෙන අධිකරණයට බලපෑමි එල්ල කළේය. එම නිසා අගවිනිසුරු නෙවිල් සමරකෝන් තනතුරෙන් ඉල්ලා අස් වූයේය. අද නීතිය පස`දළීම සහ මුදල් වැනි සෑම කෙෂ්ත‍්‍රයකම ජනාධිපතිවරයා බලපෑම ඇති කරයි. 1978 ව්‍යවස්ථාවට එරෙහිව මතයක් ගොඩනැගී ඇත්තේ මේ හේතුව නිසා ය. විධායක ජනාධිපති ක‍්‍රමය හ`දුන්වා දුන් එක්සත් ජාතික පක්ෂය පවා එයට විරුද්ධත්වය ප‍්‍රකාශ කරයි. දැන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය මතුව ඇත. අද  මේ ක‍්‍රමය අනුමත කරන කිසියමි හෝ පක්ෂයක් තිබේ දැයි මම ප‍්‍රශ්න කරමි. ඒ පිළිබ`දව විවිධ පක්ෂ සමග සාකචිඡා කර ඇත්තෙමි. හැකි ඉක්මනින් මෙගැන තීරණයක් ගනිමි.

ප‍්‍රශ්නය: — විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු යැයි පවසන ඔබවහන්සේ, ඒ සමිබන්ධයෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග කවරේද?

පිළිතුර: විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පෙර මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ යුතු ය. මුලදී ආසන මටිටමින් අපි වෙනුවෙන් නියෝජිතයෙක් සිටියේ ය. නමුත් අද නියෝජිතයෙකු සිටින්නේ දිස්ත‍්‍රික් මටිටමින් ය. දිස්ත‍්‍රික් නියෝජිතයා වෙත විශාල වගකීමක් පැවරේ. නමුත් දිස්ත‍්‍රික්කයක් ලෙස ගත්විට විශාල භූමි ප‍්‍රමාණයක විශාල ජන කොටිඨාශයක් ඇතුළත් කර තිබීම නිසා වගකීමි දැරීම දුෂ්කර කාර්යයකි. ඔහුට ඇත්තේ නායකයා නමැති නමිබු නාමය පමණි. දිස්ත‍්‍රික්කය වෙනුවෙන් කෝටි ගණන් මුදල් වැය කරයි. එයින් අදාළ දිස්ත‍්‍රික්කයට වියදමි කරන මුදල නිශ්චිතව කිව නොහැකි ය. සාමාන්‍ය පවුලකට අයත් කෙනෙකුට පාර්ලිමේන්තුවට යා නොහැකි ය. පළාත් සභාවට පවා තේරී පත්වීමට නොහැකි ය. එම නිසා අල්ලස් හා දූෂණය ඉහළ යයි. බලයට පත්වීමෙන් අනතුරුව ඔවුහු මැතිවරණය ස`දහා වියදමි කළ මුදල නැවත ලබාගැනීමට වෙර දරති. මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ යුතු යැයි පවසා දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක්ද පිහිටවනු ලැබී ය. එම කමිටු  තීරණය ප‍්‍රකාශයට පත් වූ නමුත් ඒ සමිබන්ධයෙන් කිසිම ක‍්‍රියාමාර්ගයක් නොගන්නා ලදී. සු`එජාතිකයන්ටද මැතිවරණය ජයග‍්‍රහණය කළ හැකි යැයි රජයේ එම වාර්තාවෙහි ස`දහන් කර තිබුණි.

තවද මහජනතාව විසින් තේරීපත්වූ නියෝජිතයෝ මහජනතාවට නොකියා පක්ෂ මාරු කරති. මහජනතාව ලබාදුන් වරම අක‍්‍රමවත් ලෙස භාවිතා කරති. අද පාර්ලිමේන්තු මන්ත‍්‍රීකම යනු මිළදී ගත හැකි වෙළ`ද භාණ්ඩයක් බවට පත්ව ඇත. මෙය වෙළ`ද භාණ්ඩයක් බව සියලු දෙනා දනිති. මෙම ක‍්‍රමය වෙනස් කළ යුතුය. පක්ෂය මාරු කරන්නේ නමි පක්ෂයෙන් ඉල්ලා අස්විය යුතු ය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව සීමා කළ යුතු ය. ලලිත් ඇතුලත් මුදලිගේ කාලයේදී ඔහු පාර්ලිමේන්තුවට මන්තී‍්‍රවරුන් 25 දෙනෙක් ප‍්‍රමාණවත් යැයි පැවසී ය. නමුත් අද පවුලේ සාමාජිකයින්ට තනතුරු ලබාදී පාර්ලිමේන්තුව පුරවා ඇත.

මැතිවරණ කොමසාරිස්වරයාට වැඩි බලතල ලබාදිය යුතු ය. පසුගිය මැතිවරණවලදී ප‍්‍රචණ්ඩත්වය සිදුකළ වැරදිකරුවන් සොයා ගත හැකිවිය. නමුත් අද වැරදිකරුවන් කවුරුන් දැයි දැනගත හැකිව තිබෙන නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවන ආකාරයේ බලයක් නොමැති තත්ත්වයකට මැතිවරණ කොමසාරිස්වරයා පත්ව ඇත. ඉන් පසු අධිකරණයට ඇ`ගිළි ගැසීමට තිබෙන බලතල අවම කළ යුතු ය. සාධාරණ ස්වාධීන කොමිසමක් ස්ථාපිත කළ යුතු ය. මැතිවරණයක් පැවැත්වීමෙිදී මාධ්‍යවෙිදීන්, මහජනතාව, වැරදිකරුවන්, අධිකරණය සහ පොලීසිය යන සියල්ල තම පාලනයට යටත් කර මෙහෙයවති. මේ නිසා සාධාරණය යන වචනයට අර්ථයක් නැතීවී යනු ඇත.

බලයක් ඇති වංචා හා දූෂණ විමර්ෂණ කොමිසමක් ස්ථාපිත කළ යුතු ය. නිදහස ලැබීමෙන් අනතුරුව සිදුව ඇති දූෂණ ක‍්‍රියා මෙි කොමිසම හෙළිදරවි කළ යුතු ය. වර්තමාන ඇමතිවරයෙකුගේ වියදම රුපියල් කෝටි 4000 ක් යැයි පැවසේ. බයිසිකලයකින් ගමන් කළ අයෙකුගේ වියදමි මෙලෙස ඉහළ ගියේ කුමන හේතුවක් නිසාද? තවද තොරතුරු දැන ගැනීමේ පනතක් ගෙන ආ යුතුය. වියදමි කරතියි යනුවෙන් පවසන විට කොපමණ මුදලක් වියදමි කරනවාද යන්න මහජනතාව දැන ගත යුතුය. එයට තොරතුරු දැන ගැනීමෙි පනත අවශ්‍ය වේ.

වැරදි සිදුකළ පුද්ගලයා ප‍්‍රශ්න ඇසීමේ තත්ත්වයක් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සිද්ධියේදී අපි දුටුවෙමු. ස්වාධීන අධිකරණයක් මෙහි නොමැත. වර්තමාන අගවිනිසුරුවරයා ජනාධිපතිගේ උපදේශකවරයෙක් ය. ඔහු ජනාධිපතිට එරෙහිව තීන්දුවක් ප‍්‍රකාශ කරන්නේ කෙසේද? දිසා විනිසුරුවරුන්, ශ්‍රේශ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් ය. ඔහු විසින් පිරිනමන ලද එම පත්වීමිවලට අනුව එම පත්වීම ශ‍්‍රී ලංකා රජයට යටත්වූවක් බව සනාථ කෙරේ. නීතිපති දෙපාර්තමෙින්තුවද පවතින්නේ ජනාධිපතිවරයා යටතේ ය.

මේ සමිබන්ධයෙන් ජාති ආගමි සහ භාෂාවලින් ඔබිබට ගොස් ජනවර්ග තුනටම අයත් කොටස් ඒකාබද්ධවී වැඩපිළිවෙලක් අප විසින් ආරමිභ කර ඇත. එහි ජනාධිපති වශයෙන් තෝරා පත්කර ගැනීමට නියමිත පුද්ගලයා පොදු අපේක්ෂකයාගෙන් තෝරා ගැනේ. ඔහුට ජනාධිපති ධූරයේ රැු`දී සිටිය හැක්කේ මාස හයක් පමණි. ඉන්පසු එම අවස්ථාව ඔහු වෙනත් කෙනෙකුට පැවරිය යුකුය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමෙින්තුවට බලය පවරා අගමැතිවරයෙක් පත්කළ යුතුය. ස්වාධීන කොමිසමක් ස්ථාපිත කර 17වන ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කළ යුතුය. කෙනෙක් අසීමිත වාර ගනණකට ජනාධිපති වශයෙන් තෝරා පත්කර ගැනීමට තිබෙන අවකාශය වෙනස් විය යුතුය. ඊට අදාළ සියලු කටයුතු සිදුවෙමින් පවතී.

ප‍්‍රශ්නය: ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් හිටපු ජනාධිපති චන්ද‍්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් කිරීමට යටුතු යොදා ඇති බව පැවසේ. ඒ පිළිබ`ද ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර: කවුරු ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කෙරුණද අපට ගැටලුවක් නැත. නමුත් ඔහු තනතුර දැරිය යුත්තේ මාස හයක් පමණි. හිටපු ජනාධිපති චන්ද‍්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමේ උත්සාහයක් පවතින බව මාහටද තොරතුරු ලැබී ඇත. එයට තවමත් ඇයගෙන් පැහැදිළි පිළිතුරක් ලැබී නොමැත. යමි කෙනෙක් අපගේ ප‍්‍රතිපත්තිවලට එක`ගවී තර`ග කිරීමට ඉදිරිපත් වන්නේ නමි අපි ඔහුව පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්නෙමු. මෙහි වැදගත් වනුයේ පොදු අපේක්ෂකයා නොවේ. වැදගත් වනුයේ ඔහු ඉටු කිරීමට යන ක‍්‍රියා මාර්ගයයි. චන්ද‍්‍රිකා කැමැත්ත දක්වන්නේ නම් ඇය පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට අප සූදානම්.

ප‍්‍රශ්නය: ඔබ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වන බවට ප‍්‍රවෘත්ති පළවී තිබුණි. ඒ පිළිබ`ද ඔබගේ අදහස කවරේද?

පිළිතුර: මම පොදු අපේක්ෂකයා වශයෙන් තර`ග කිරීමට සූදානම්. අප විසින් ස`දහන් කරන ලද කොන්දේසිවලට අනුව ජනතාව ඡන්දය දිය යුතුය. ඕනෑම පුද්ගලයෙකුට පොදු අපේක්ෂකයා වශයෙන් තර`ග කළ හැකිය. එයට කිසිම බාධාවක් නොමැත. එය හිටපු අගවිනිසුරුවරිය හෝ හිටපු ජනාධිපතිවරිය හෝ විය හැකිය.

ප‍්‍රශ්නය: උතුරු පළාත් සභාවට ස්වාධීනව කටයුතු කළ නොහැකිවී තිබෙන බව උතුරු පළාත් මහ ඇමතිවරයා ප‍්‍රකාශ කර සිටී.  මේපිළිබ`ද ඔබවහන්සේගේ අදහස කුමක්ද?

පිළිතුර: ස්වාධීනව කටයුතු කළ නොහැකිවීමට හේතුව ස්වාධීන කොමිසම් නොමැතිවීමයි. ස්වාධීන පොලිස් කොමිසම සහ ස්වාධීන ඉඩමි කොමිසම වැනි කොමිසමි ක‍්‍රියාත්මක වන්නේ නමි පළාත් සභාවටද ස්වාධීනව කටයුතු කළ හැකි වේ. දිස්ත‍්‍රික් පාලන ක‍්‍රමයක් බලපවත්වන්නේ නමි පළාත් සභා ක‍්‍රමය අහෝසි වනු ඇත. රජය පළාත් සභාවන් විශාල භූමි ප‍්‍රදේශයක් ලෙස බලනවා දැයි මා දන්නේ නැහැ. නමුත් පළාත් සභා පාලන ක‍්‍රමයක් විධිමත්ව පවත්වාගෙන යෑම ස`දහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කිරීමම ප‍්‍රමාණවත් වනු ඇත.

ප‍්‍රශ්නය: බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය ස`දහා අපේක්ෂකයන් ලෙස න`එ නිළියන් ඉදිරිපත් කිරීම පිළිබ`ද ඔබවහන්සේගේ අදහස කුමක්ද?

පිළිතුර: ඕනෑම වෘත්තියකට වෘත්තිය පළපුරුද්ධ සහ වෘත්තිය සුදුදුකමි තිබෙනවා. අසවල් රැුකියාව කළ යුත්තේ අසවල් පුද්ගලයා බවට නියමයක් නොමැත. සුදුසුකමි තිබෙන්නේ නමි එය ඉටු කළ හැකි ය. නමුත් දේශපාලනය යනු රැුකියාවක් නොවේ. එය මහජනතාවගේ යහපත වෙනුවෙන් ඉටු කරනු ලබන සේවයකි. මුලු රටම පාලනය කළ යුතුය. එම කටයුත්ත ඕනෑම කෙනෙකුට ඉටු කළ නොහැකි ය. මෙය ජනතාව මුලා කර ඡන්දය සුනුවිසුනු කරන ක‍්‍රියාවකි. න`එ නිළියන් සහ ගායකයන්ගේ මුහුණ බලා කතිරය නොගසන්න. ඕනෑම පක්ෂයක හෝ වේවා ඔබට ඔහුගෙන් යමිකිිසි ප‍්‍රයෝජනයක් තිබේ දැයි කල්පනා කර ඡන්දය පාවිචිචි කළ යුතු ය.

ප‍්‍රශ්නය: ආණ්ඩුව පෙරලා දැමීමේ හැකියාක් පවතීද?

පිළිතුර: ආණ්ඩුව පෙරලා දැමීමේ අවශ්‍යතාවයක් පැන නොනගී. අද ආණ්ඩුව තුලම අර්බුද පැන නගී ඇත. මෙම අර්බුද ආණ්ඩුව පෙරලීමේ සාධක වනු ඇත. සාර්ථක ලෙස ක‍්‍රියා කරන්නේ නමි එළඹෙන ජනාධිපතිරවණයේදී මෙම පාලනය වෙනස් කළ හැකි වනු ඇත. අගමැතිවරයාට එරෙහිව රජය තුලින්ම විරෝධතා එල්ලවී තිබේ. අද අගමැතිවරයා හෙට දිනයේදී ජනාධිපති විය හැකිය. වෙනත් යමිකිසි රටක ජනාධිපතිවරයාගේ පාලනය යටතේ මෙවන් මහා පරිමාණයේ මත් ද‍්‍රව්‍ය තොගයක් ආනයනය කළේ නමි ජනාධිපතිවරයාම තම ධූරයෙන් ඉල්ලා අස්වන්නේය. නමුත් එවැනි තත්ත්වයක් මෙහි දක්නට නොමැත. එම නිසා මේ තත්ත්වය වෙනස් කිරීමට කල්පනා කළ යුත්තේ මහජනතාවයි.

ප‍්‍රශ්නය: 2014 මාර්තු මාසයේදී ජිනීවා හි ශ‍්‍රීලංකාවට එරෙහි යෝජනාව ගෙන එනු ලබන බව පැවසේ. මේ අභියෝගයට රජය කෙසේ මුහුණ දේවිද?

පිළිතුර: ජිනීවා යනු අපගේම වරදකි. ජාත්‍යන්තරයේ ඉල්ලීම වී ඇත්තේ ශ‍්‍රී ලංකා රජය ඉදිරිපත් කළ උගත් පාඩමි සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතු බවයි. ශ‍්‍රී ලංකාවට පැමිණි නියෝජිතයින් වෙත විවිධ පොරොන්දු ලබා දී ඇත. එම පොරොන්දු ඉටුවන බව නොපෙනේ. 17 වන ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමත් ප‍්‍රතිසන්ධාන කොමිස මේ එක් නිර්දේශයකි. ශ‍්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් මෙරටට ගෙන්වා ගැනී මේ දොරටු විවර කර ඇත. රජය කුමන ක‍්‍රියාමාර්ග අනුගමනය කළත්, මම යුක්තිය වෙනුවෙන් පෙනී සිටිමි. රජය පත්කළ කොමිසමෙි නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතුය. ජාත්‍යන්තරයට දෙන ලද පොරොන්දු ඉටු කිරීම සාධාරණ ඉල්ලීමකි. ශ‍්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණය මම අනුමත කරමි. වැරදි සිදුකර නොමැති නමි සාක්ෂි මගින් එය ඔප්පු කළ යුතුය යන්න මාගේ ස්ථාවරයයි. ශ‍්‍රීලංකාව තිබෙන්නේ ජාත්‍යන්තරය තුළ මිස ජාත්‍යන්තරය තිබෙන්නේ ශ‍්‍රීලංකාව තුළ නොවන බව තේරුමි ගෙන රජය ක‍්‍රියා කළ යුතුය.

ප‍්‍රශ්නය: උතුරු පළාත් සභාව ස්වාධීනව කටයුතු කිරීම ස`දහා ඔබවහන්සේ ඉදිරිපත් කරන යෝජනාව කුමක්ද?

පිළිතුර: උතුරු පළාත් සභාවේ ඉල්ලීම වන්නේ ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමත් ඉඩමි සහ පොලිස් බලතල ලබා දීමත් ය. ඇත්ත වශයෙන්ම ආණ්ඩුකාරවරයා පත්කළ යුත්තේ සුදුසුකමි අනුව ය. ග‍්‍රීසිය වැනි රටවල ආණ්ඩුකාරවරයෙකු පත් කිරීමේ දී බොහෝ විධිවිධාන දක්නට තිබෙන බව මම නිරීක්ෂණය කළෙමි. කෙනෙකු ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කෙරෙන්නේ පරිපාලන සේවයේ වසර පහළොවක පළපුරුද්ද සහ විභාගවලින් සමත් වන්නේ නමි පමණි. නමුත් මෙහි එවැන්නක් සිදු නොවේ. එම නිසා සිවිල් සමාජ තුළ ප‍්‍රශ්න මතුව ඇත. එසේම උතුරු පළාත් සභාව පවසන ඉඩමි සහ පොලිස් බලතල 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ලබාදුන්නත් දිස්ත‍්‍රික් පාලන ක‍්‍රමයක් ස්ථාපිත කළ යුතු ය.

*2014. 02. 02 වැනි ඉරුදින ර්‍තිනක්කුරල් ” පුවත්පතේ 3වැනි පිටුවේ පළවූ ලිපියේ අනුවාදය

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    mema lipiya sanvadayata gatayutuya.

  • 2
    0

    All right thinking, law bound ones should help this great thero who is the only hope for all of us today.

    Jay niyathai, if we would listen to him. I will visit Rev. next time travelling to the region.

  • 0
    0

    I fully agree with the position taken by Rev.Sobitha Thero with regard to the international investigation in to the war crimes alleged to have committed in the last days of civil war in May 2009. As Rev priest declares why should Sri Lanka government should be fear of such an investigation if armed forces in Sri Lanka have not done anything wrong under the international humanitarian laws during the period under review. Sri Lankan government could then justify its assertion of “zero casualties” with evidence before the international Tribunal. This is so, firstly, the law abiding people of Sri Lanka will always stand by for rule of law and equality before the law. There is no issue that no one who has committed a crime ,under the domestic law or under the international law should be spared in meeting the appropriate punishment under the law as no one including MR or his brother Gotta is above the law. Secondly we welcome international investigation since under the despotic rule of MR the people have no faith in the judicial independence in Sri Lanka.The mockery of justice in Sri Lanka has been demonstrated in no uncertain terms in the recently orchestered trials against General Fonseka and the impeachment of Chief Justice. Thirdly, the international order does not permit civilized countries to use terrorism even to quell terrorism. A terrorist organization like LTTE, as UN experts in their report to UN Chief proclaimed, inescapably will indulge in brutality, violence and hideous crimes on the people but a lawful government is not expected to act in the similar manner in the guise of protecting the people from the terrorists. The stooges of MR regime should understand this stark reality and face the same instead of being fools before the international community.

  • 2
    1

    ඔබ වහන්සේගේ නිර්භය පුවත් සාකච්චාව ඉතා අගය කරමි.අප රටේ සිටින ජනතාව ඉතා නිවට තත්වයට පත්වී ඇත. මෙම ඒකාධිපති රජය කරන ඕනෑම දෙයක් ඉවසා සිටින තත්වයට ඔවුන්ගේ මානසිකත්වය පහල වැටි ඇත.අවාසනාවට රජයට එරෙහි මතයක් දැරීම් රටට එරෙහි වීමක් සේ ඔවුන් සලකන තත්වයක් බිහිවී ඇත.ාජ්‍ය මාධ්‍ය ඔහුන්ගේ නිවහල් චින්තනය මොට කර දමා ඇත.රජයට විරුද්ද වීමට සහ විරුද්ද අදහස් පල කිරීමට අපට ව්‍යවස්ථාවේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ඇත. නිවහල් රටක ජනතා අයිතීන් සුරැකෙන්නේ එලෙසිනි.අද අපට සිදුවී ඇත්තේ ළදරු පාසලක සිසුන් මෙන් රාජපක්ෂ සොයුරන්ගේ සුරංගනා කතා වලට අත්පොලසන් දීම පමණි.ඔවුන්ට එරෙහි වීම සුදු වෑන් රථයක නොමිලේ සව්රියක් යාම හා සම කරන යුගයක අපේ සහෝදර දෙමල පුවත් පතකට මෙවන් සාකච්චාවක් ලබාදීම පැසසිය යුතුය.ැන්ඩෙලා තුමා එතුමාගේ පාක්ෂිකයන්ගේ විරෝදය නොතකා රටේ අභිවෘද්දිය වෙනුවෙන් එඩිතර පියවර ගත කෙනෙකි. අපටද අවශ්‍ය එවන් නායකත්වයකි.ඔබට නිහඬව සහය පල කරන විශාල පිරිසක් දිවයින තුල සහ ඉන් පිටත සිටින බව සිතන්න .

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.