19 April, 2024

Blog

නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියන්න එපා

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධීර

කොටි සංවිධානය නැවත හිස එසවීමට උත්සාහයක් ගන්නා බවට මෑතදී පළවූ පුවත, ජාති හා වර්ග භේද වලින් තොරව, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි අවධානය යොමු විය යුත්තකි.

රජයේ මෙම අනතුරු ඇඟවීම, ජීවන වියදම ඉහළ යාම, දුෂණය සහ අකාර්යක්ෂම පාලනය නිසා නැගී එන කළකිරීම යටපත් කිරීමට රජය කරන රැවටිල්ලකැයි  පවසමින් ආණ්ඩු පක්ෂයට විරුද්ධ පිරිස් මෙය විහිළුවට ලක් කොට සෑහීමට පත්ව සිටින බවක් පෙනේ. ගර්ජන හා කපටි කතා හැරෙන්නට ප්‍රමාදවී හෝ මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට බලධාරීන් උත්සහ කරන බවක් නම් නො පෙනේ.

ප්‍රභාකරන්ගේ පරාජයෙන් පසු අවුරුදු පහක් පමණ ගත වන තෙක් කිසිදු ත්‍රස්ත ක්‍රියාවකින් තොරව රට පාලනය කර ගෙන යාමට හැකි වීම ප්‍රශස්ත ජයග්‍රහණයකි. මේ සඳහා ගෞරවය රජයේ ආරක්ෂක අංශයට හිමි විය යුතු ය. නමුත් අර්බුදයට පාදක වන හේතු මුලිනුපුටා දමන තෙක් කොතරම් බලවත් හෝ දක්ෂ ආරක්ෂක සංවිධානයකට වුවත් එය සදහට ම යටපත් කර තබා ගත නො හැකිය. මෙහි හේතුව වුයේ නිදහස දිනා ගත් අවධියේ සිට දිග්ගැස්සෙමින් තිබුණ විවිධ ජන කොට්ඨාස වල අරමුණු අතර ගැටුම් ය. මේ සම්බන්ධයෙන් අන්‍යොන්‍යව පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කිරීමට  කලින් කල බලයට පත් කණ්ඩායම් අසමත් වීම නිසා දෙපක්ෂයට ම අසීමිත දුක්ගැහැට ඇති කළ තිස් අවුරුදු සන්නද්ධ අරගලයකින් කෙළවර විය.

සන්නද්ධ අරගලයක් මගින් සුළුතර අයිතිවාසිකම් ලබාගැනීමට තැත් කළ ව්‍යාපාරය විනාශ කිරීමෙන් පසු යුද බිමේ ජයග්‍රහණය මීට පස් වසරකට පෙර රජය විසින් උත්සවාකාරයෙන් සමරන ලදී. යුදබිමේ ජයග්‍රහණය ජාතියට සාමකාමී අනාගතයක් ලබාදීමට සමත් වෙතැයි ජයග්‍රාහකයෝ විශ්වාස කළහ. මෙම තත්වයට ජාත්‍යන්තර අවධානය යොමුවීමෙන් පසුව ද, රට භේද කරන ප්‍රශ්න වලට ස්ථාවර විසදුමක් අවශ්‍ය බවට හා එසේ නොකළොත්  යුද්ධයක්  නැවත ඇවිලිය හැකි බව පැවසූ ප්‍රබුද්ධ මතධාරීන්ගේ හඬට ඔවුන් කන් දුන්නේ නැත.

colombotelegraph mahinda rajapaksaපාලකයන්ගේ ප්‍රකාශයන් අනුවම ත්‍රස්තවාදය නැවත හිස ඔසවන බවට කියවෙන අනාවැකි, ප්‍රත්‍යක්ෂව පෙනෙන හෙයින් මේ අවස්ථාවේදීවත් වඩා කල්පනාකාරීව සලකා බලා සාර්ථක සංහිඳියා ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම ප්‍රමාද නො කළ යුතු ය. එසේ කරනු වෙනුවට බලධාරීන් නිරත වී ඇත්තේ ඔවුන්ගේ ම අතපසු වීම් ආයුධයක් කර ගෙන  අවුල් ඇතිකරන්නන් පසුපස හඹා යෑම ය. මෙම තීරණාත්මක මොහොතේ නිවැරදි දැක්මක් ඇති සියලු පුරවැසියන්ගේ යුතුකම වන්නේ දේශපාලන වාසි තකා කෙස් පැලෙන තර්කවල නො යෙදී ප්‍රායෝගික විසඳුමක් කරා යාම සඳහා රජය සමග සංවාදයක යෙදීම ය.

මගේ යුතුකම වශයෙන්, සන්නද්ධ අරගලයට පසු ගත වූ අවුරුදු පහ තුළ මා විසින් ඉදිරිපත් කළ යෝජනා කිහිපයක් මෙහි සඳහන් කරනු කැමැත්තෙමි. මෙවැනි ක්‍රියා මාර්ගයක් මගින් සීසීකඩ යන වාර්ගිකයන් ඒකීය රාජ්‍යයක් තළ රඳවා ගෙන බාහිර ලෝකය තුළ රටේ කීර්ති නාමය නැවත ගොඩනැගිය හැකි ය යි මම දැඩි සේ විශ්වාස කරමි.

1. ජාතික සංහිඳියාව සඳහා ස්ථාවර ජනාධිපති  කොමිෂන් සභාවක් (සන්ඩේ අයිලන්ඩ්, 2010 ඔක්තෝබර් 24)

ජාතික සංහිඳියාවට අදාළ කරුණු සම්බන්ධීකරණය කිරීම සඳහා බලතල සහ හැකියාව ඇති කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇත.   මේ සඳහා ඉතාම් යෝග්‍ය ව්‍යුහය ස්ථාවර ජනාධිපති කොමිසමකි. එවැනි ආයතනයකට බලකේන්ද්‍රයට අප්‍රමාදව සම්බන්ධවීමට මෙන්ම මුළු රාජ්‍ය යාන්ත්‍රණයම හසුරුවීමට හා සම්බන්ධීකරණය කිරීමට ශක්තිය ඇත.  අන්‍යොන්‍ය එකඟත්වය ලැබ පිළිගත් ප්‍රතිපත්ති අනලස්ව ක්‍රියාත්මක කිරීමට වගකීම හා බලතල මෙම කොමිසමට තිබිය යුතු අතර පහත සඳහන් පියවර ගැනීමට එය වගකිව යුතුය.

  • කාලානුබද්ධ  ක්‍රියා සැලැස්මක් යොදා ගැනීම
  • අපේක්ෂිත ප්‍රතිසංස්කරණ සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රමෝපාය සකස් කිරීම
  • සුළුතර කොටස්වල ආරක්ෂාව සඳහා දැනටමත් පනවා ඇති නීතිමය ප්‍රතිපාදන කඩකිරීම් හඳුනාගැනීම
  • එවැනි කඩකිරීම් සම්බන්ධයෙන් දඬුවම් ලබාදීම සහ ව්‍යුහාත්මක සංස්කරණ වශයෙන් පියවර ගැනීම
  • ඒකාබද්ධතා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන අතර තුර අවශ්‍ය යයි පෙනී යන නීති ප්‍රතිපාදන සකස් කිරීම
  • පාර්ශව නායකයන්ට තම ප්‍රශ්න සාකච්ඡා කොට එකඟත්වයකට එළඹීමට උචිත සංවාද අවස්ථා සැලැස්වීම

2. `දරුස්මාන්ට සාධනීය ප්‍රවේශයක් (ද අයිලන්ඩ්, 2011 අගෝස්තු 18)

දරුස්මාන් වාර්තාවේ අඩුලුහුඩුකම් කවරක් වුවත් රටට එරෙහි විෂම ප්‍රතිරූපයක් රට ඇතුළතත් පිටතත්  ගොඩනැගීමට එය සමත් වී ඇත. මේ තත්වය අනුව ශ්‍රී ලංකා රජය තමන් `නිවැරදිකරු’ යයි කියා සිටීම නිසා චෝදනාව ඔප්පු නො වූයේය යන පදනම මත චෝදනාවෙන් නිදහස් කරනු ලැබීමට බලාපොරොත්තු විය නො හැක. නිර්දෝෂී බව ඔප්පු නො කළහොත් වරදකරු ලෙස සැලකෙන පුර්ව නිගමනය බලපවත්නා, කටකතා පරිසරයක අපරාධ නීති මුලධර්ම ක්‍රියාත්මක නොවේ. ශ්‍රී ලංකා රජයට එරෙහිව දරුස්මාන් විසින් චෝදනාවක් ඉදිරිපත් කර ඇති නිසා  ශ්‍රී ලංකා රජය තම නිර්දෝෂ භාවය ඔප්පු කළ යුතුව ඇත.

ඉදිරියේ එන ජන සංගණනය, `දරුස්මාන්’ වාර්තාවේ ඇතුළත් තවත් චෝදනාවක් විමර්ශනයට ලක් කිරීමට කදිම අවස්ථාවකි. එනම්, යුද්ධයේ අවසාන අවධියේ 40,000 ක් පමණ මරණයට පත්වූ බවට ඇති උපකල්පනයයි. අවතැන් වුවන් ඔවුන්ගේ මුල් වාස භූමිවල දැන් පදිංචි වී ඇති හෙයින් යුද්ධයෙන් හානි වූ ප්‍රදේශවල  අදාළ පවුල්වල මිය ගිය හා තුවාල ලත් අයගේ  විස්තර හා ඊට හේතු අදාළ ජන සංගණන වාර්තාවල පෙන්නුම් කෙරෙණු ඇත. සම්පුර්ණ පවුල් විනාශ වී ගිය අවස්ථාවල, අසල් වැසියන්ද විමසා ලබාගත හැකි විශ්වාසදායක තොරතුරු රැස්කර ගන්නා ලෙස ග්‍රාම සේවා නිලධාරීන්ට පැවරිය හැකිය.

3. සංහිඳියාව සඳහා ද්විපාක්ෂික ප්‍රවේශයක් (ද අයිලන්ඩ්, 2011 ඔක්තෝබර් 19)

සංහිඳියා ක්‍රියාවලියේ බලවත් දුර්වලකමක්ව පවතින්නේ දෙමළ ජාතිකයන්ගේ දුක්ගැනවිලි සහ රජයේ ප්‍රකාශන විමර්ශනය කිරීමට සහ සනාථ කිරීමට අධීක්ෂණ යාන්ත්‍රණයක් නොමැති කමය. මේ හේතුවෙන් අසත්‍ය ප්‍රචාරවලට රුකුලක් ලැබෙන අතර කළකිරීමක් ද ඇති වේ. පැහැදිලිවම, දැනට ක්‍රියාත්මක වන ප්‍රවීන රාජ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණ කමිටුව තුළ පවත්නා එකිනෙකට වෙනස් අපේක්ෂාවන් නිසා ඔවුන්ට මේ කාර්යය පිළිගත හැකි ආකාරයකට ඉටු කළ නොහැකිය. රජයට විරුද්ධ කරුණු ඉදිරිපත් කිරීම් මත ඔවුන් දෙනු ලබන තීරණ නිවැරදි වුවත් ඒවාට  නියම පිළිගැනීමක් නො ලැබේ. මේ කාර්යය සඳහා උපරිම මට්ටමේ  ස්වාධීනත්වයත්, අවංක භාවයත් අවශ්‍ය වේ. මේ කාර්යය සඳහා ජනාධිපති කොමිෂන් සභාවක අවශ්‍යතාවය පුන පුනා පෙන්වා දුන්නත් ඉන් ප්‍රතිඵලයක් වී නැත.

4.  විශ්වාසය සහ සහභාගිත්වය සංහිඳීයාව ළඟා කර ගැනීම  (දඅයිලන්ඩ්, 2012 ජනවාරි 22/24)

ආණ්ඩුවට ඇති අභියෝගය සමාජයේ ජන ජීවිතයට, ඔවුන්ගේ අභිමානයට හා ආත්ම ගරුත්වයට අවම බලපෑමක් සහිතව උපරිම ආරක්ෂාව පවත්වා ගෙන යාම ය. මෙය, උතුරේ ආරක්ෂක තත්වයට වගකීම උසුලන බලධාරීන්ගේ අප්‍රමාද අවධානය යොමු විය යුතු විෂයකි. වාර්තා වන අන්දමට ආරක්ෂක පරීක්ෂා කිරීම් හා සන්නද්ධ මුර සේවා පසුගිය වර්ෂය තුළ බොහෝ දුරට අඩුවී ඇත. ආරක්ෂක අවශ්‍යතාවන්ට හානියක් නො වන සේ යාපනයේ ජන ජීවිතය රටේ වෙනත් ප්‍රදේශ වල ජන ජීවිතයට සමාන වන  තත්වයක් කරා මේ ප්‍රවණතාව තව දුර වර්ධනය කළ හැකි ද? මේ සඳහා සංවේදී බවක් හා ක්‍රමෝපාය සහිත සැලසුම් පිළියෙළ කිරීම අවශ්‍ය ය.

5.   ජාතික සංහිදියාව සඳහා ස්ථාවර ජනාධිපති කොමිසමක් (දඅයිලන්ඩ්, 2012 පෙබරවාරි 08)

ජිනීවා තක්සේරුව භෞතික ප්‍රගතියට සීමා වූයේ නම් අප ඉතා ඉහල මට්ටමේ ජයග්‍රහනයක හිමිකරුවන් වන බව පැහැදිලි ය. එහෙත් සදාචාරාත්මක සහ ව්‍යවස්ථාමය අංශවල අප ලත් පසුබෑම් නිසා මේ ලංසුව  අවපාත විය. අන්තර් වාර්ගික සම්බන්ධතා වල පරිවර්තනයක් ඇතිවන අන්දමේ ප්‍රතිපත්ති සම්පදනය කිරීම සඳහා අවශ්‍ය වන අවම උපකරණය, කැපී පෙනෙන මට්ටමේ ක්‍රියාශීලී පුද්ගලයින්ගෙන් සමන්විත, ජනාධිපති කොමිසමකි.

දැනටමත් එකඟත්වයකට පැමිණ ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේ කාර්යයට නායකත්වය දීමට සුදුසු යාන්ත්‍රණයක් අප අත ළඟම තිබේ. ඒ, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවයි. සර්ව සම්පුර්ණ විසඳුමක් සෙවීම අරමුණු කරගෙන ඇත්තේ හිතාමතාම කල් මැරීමේ උපායක් නොවේ නම්, එවැනි විසඳුමක් සොයමින් කල් ගත නො කරමු.  ප්‍රතිපත්ති පැහැදිලිව පිළිගැනීමත් සමගම ඒවා ක්‍රියාවට නැගීම සුපරීක්ෂනය කිරිම සඳහා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ සාමාජිකයන් වහාම ජනාධිපති කොමිෂන් සභාවකට පත් කළ හොත් නිර්ව්‍යාජ මෙන්ම කුළි විවේචකයන්ගේ ප්‍රහාරවල වේගය අවම වී යනු ඇත.

6. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ පල නෙලා ගනිමු (ද අයිලන්ඩ්, 2012 මැයි 07)

සියලු අංශවල උද්වේග ලිහිල් කිරීමට හොඳම ප්‍රතිකර්මය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ අවංකව හා කඩිනමින් ක්‍රියාවට නැගීම ය. එම නිර්දේශ සඳහා එක්සත් ජාතික පක්ෂයේ එකඟත්වය ලැබී ඇත. ඒවා ක්‍රියාත්මක කරන ලෙස දෙමල ජාතික සන්ධානය ඉල්ලා ඇත. ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව යෝජනාවලට සතුට පළ කර ඇත. අවුරුදු දෙකක් ඇතුළත එම යෝජනා ක්‍රියාවට නගන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉල්ලා ඇත. ප්‍රථම වතාවට සංහිදියාව සඳහා ජය නියත ක්‍රියා මාර්ගයකි.

7. `කන්ද සහ හුඹස’ ( අයිලන්ඩ්, 2012 ජුනි 16)

ජන සංගණනයේදී ගෙන් ගෙට ගොස් කරන ලද සංගණනයට විශාල ශ්‍රමයක් හා වියදමක් දැරීමට සිදුවන්නට ඇත. එහෙත්, ප්‍රශ්නයේ කෙළවරක් දකින්නට නම්, සිදුවූ බවට පිළිගත් මරණ වලට හේතුව සොයා බැලීමට රජය තව පියවරක් ඉදිරියට තැබිය යුතුය. මේ සඳහා, විශාල කර්තව්‍යයක් වන පොලිස් පරීක්ෂණ  අවශ්‍ය වේ. එසේ වුවත්, ඉදිරි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ රැස්වීමට පෙර මරණ වල තත්වය තහවුරු කර දෙපාර්ශවයේම, වරද කරුවන් වන අයට එරෙහි  ක්‍රියා මාර්ග ආරම්භ කළ හොත්, කොමිසමේ න්‍යාය පත්‍රයේ ඉතාම බැරෑරුම් ශීර්ෂය ශුන්‍ය තත්වයට පත්වේ රජයට උවමනා කළේ පරීක්ෂණ පැවැත්වීමට හමුදා අධිකරණයක් පත් කිරීමටය. ස්වභාවික යුක්තිය ධර්මයේ  මුලික ප්‍රතිපත්තියක් වන `තමන්ගේ නඩුව තමන් විසින් ඇසීම නොකළ යුතුය’ යන සිද්ධාන්තය අනුව දෝ එවැනි පරීක්ෂණයක ප්‍රතිඵල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පිළිගැනීමට සුදානම් බවක් නො පෙනේ. එවැනි පරීක්ෂණ මණ්ඩලයක සාමාජිකයන් අවංක හා කීර්තිමත් පුද්ගලයන් වන්නට හැකි නමුත් ඔවුන් සැකකරුවන් සමග ඇති සේවා සම්බන්ධ කම් නිසා, පොදු මතයේ සහ විශේෂයෙන්, ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ, සැකයක් ඇතිවේ.

8.   කොට කොට යන පාලනය    ( අයිලන්ඩ්, 2012 ඔක්තෝබර් 28)

ප්‍රගතිශීලී රටවල රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක්‍රියාත්මක කිරීමේදී, ඔවුන් විසින් හෝ ඔවුන්ගේ පුර්වගාමිකයන් විසින් පත් කෙරුණු `උපදේශකයන්ගේ’ සීමාවෙන් ඔබ්බට ගිය  විශේෂඥ කුසලතා අවශ්‍ය වේ. රජයේ ප්‍රමුඛත්වය විය යුත්තේ ඉහලම මට්ටමේ දේශීය විද්වතුන්ගෙන් හා ලබාගත හැකි ඉහලම මට්ටමේ නුතන ශිල්පීය සහාය උපයෝගී කරගනිමින් පර්යේෂණ හා විශ්ලේෂණ ඒකකයක් පිහිටුවීම ය.

ආරම්භයේදීම ද්‍රවිඩ ජාතික සන්ධානය සාකච්ඡා මේසයට කැඳවා ගැනීමට සහ සියළු අංශ අතර සුහද වාතාවරණයක් කිරීමට රජයට කළ හැකි දෙයක් ඇත. එනම්  කැබිනට් මණ්ඩලය විසින් 2011 දී අනුමත කරන ලදුව, ජාතික මානව හිමිකම් පිළිබඳ ක්‍රියාත්මක සැලැස්ම මගින් නියම කරන ලැබ, ආපදා කළමනාකරණය හා මානව හිමිකම්  පිළිබඳ අමාත්‍යාංශය  විසින් සකස් කළ අයිතිවාසිකම් පනත් කෙටුම්පත වහාම ක්‍රියාවට නැගීමයි. මෙම කෙටුම් පත මාස ගණනක් තිස්සේ යට පත් කර තිබීමට සිදු වුයේ සුළු ජන කොට්ඨාස වලට සහන දීම පිළිබඳ පවතින හුඹස් බිය වන්නට පුළුවන. එය නීති පොතට ඇතුළත් කිරීමෙන් ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමේ නව පරිච්ඡේදයක් වනු ඇත.

9. ජාතික ඒකාබද්ධතා කොමිසමක්  ( අයිලන්ඩ්, 2013 අප්‍රේල් 1)

දිළිඳු කොටස් වල හෘද සාක්ෂිය මුදලට ගැනීමේ අරමුණින් කටයුතු කරන, නොමග ගිය අනුග්‍රාහකයන්ගේ මුල්‍ය ආධාර යොදා ගනිමින් ගෙන යන බව පෙනෙන, ව්‍යාපාරවලට විරුද්ධව, ආගමේ සහ ජාතියේ නාමයෙන් ගෙන යන බව කියන නීති විරෝධී ප්‍රහාර  මර්දනය කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් පිහිටුවීමට, රජය මෙතෙක් සමත් වී නැත.  මෙම සිද්ධීන් රජය අප්‍රසාදයට පත්කිරීමේ කුමන්ත්‍රණයක පියවරක් බව ප්‍රකාශ කිරීමෙන් හෝ කලබල ඇතිකරන්නගේ දුෂිත පසුබිම ගැන සඳහන් කිරීමෙන් හෝ ප්‍රසිද්ධ රැස්වීම් වලදී ඔවුන්ගේ දඩබ්බර ක්‍රියා කලාපය හෙළා දැකීමෙන් දිගු කලක් සැබෑ ප්‍රශ්නය යටපත් කළ නො හැකිය.

පළමු ප්‍රමුඛතාව නම්,  සදාචාර විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට නිශ්චිත ස්ථානයක් තිබීමය.  දැන් පවතින ක්‍රමයේ දුර්වල කමක් නම් කඩාකප්පල් කළ ව්‍යාපෘතිය ගැන පැමිණිලි කළේ කාට දැයි පසුව දැන ගැනීමට පිළිවෙලක් නැති කම ය.  පැමිණිලි කිරීම සඳහා විශේෂිත ස්ථානයක් තිබිය යුතු අතර එය ජාතික මට්ටමෙන් හඳුනා ගත හැකි සහ පිළිගැනෙන  එකක් විය යුතුය. එය බියෙන් හෝ පක්ෂපාතිත්වයෙන් තොරව ක්‍රියා කළ හැකි හා නියෝජිතත්වයක් ඇති විශිෂ්ට ගණයේ පුද්ගලයන්ගෙන් සමන්විත යුතු ය. ඒ ආයතනය ජාතික ඒකාබද්ධතා කොමිසම වශයෙන් හැඳින්විය හැකි අතර කෙලින්ම ජනාධිපතිවරයා යටතේ පිහිට විය යුතු ය. මෙම ආයතනයට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව සඳහා පුද්ගලිකව තෝරාගනු ගනු ලැබූ මට්ටමේ කොමසාරිස් වරුන් ය.

10.  කෝකියන් රාශියක් සිටියත් කෑ දෙයක් නැත (ද සන්ඩේඅයිලන්ඩ්, 2013 අප්‍රේල් 12)

ජාතික ඒකාබද්ධතාවය දිනා ගන්නේ කෙසේද යන්න ගැන ඒකමතිකත්වයක් නැත. කීනියානු ජාතික සුහදතා සහ ඒකාබද්ධතා කොමිසමට පවරනු ලැබූ හා සමාන කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිසමක් පිහිටුවීම ගැන කිසිවෙකු විරුද්ධ නොවනු ඇත. අන්‍යොන්‍ය එකඟත්වය ඇතිව කළ හැකි කටයුතු නිම කිරීමෙන් පසුව, සංකීර්ණ ප්‍රශ්න වඩා පහසුවෙන් විසඳිය හැකි වනු ඇත.  කීනියානු ජාතික සුහදතා සහ ඒකාබද්ධතා කොමිසම වැනි යාන්ත්‍රන ක්‍රියාත්මක නො කිරීම දෙගෙඩියාවේ සහ කල්මැරීමේ ප්‍රතිඵලයකි. මෑතදී ජිනීවාහිදී මුහුණ දෙන්නට වූ දුෂ්කර තත්වයට හේතුව කේන්ද්‍රාපසාරී බලවේගයන්ට ආයතනික ප්‍රතිචාර දැක්වීමට මන්දගාමී වීමයි.

11.  ගොනා fඟන්ම අල්ලා ගනිමු   ( අයිලන්ඩ්, 2013 ජූනි 4 )

නන්දිකඩාල් ක්‍රියාන්විතයේ විවාදාත්මක කරුණු ගැන අපක්‍ෂපාතව විමසා බලා සංඛ්‍යාත්මකව හා කරුණු සහිතව රටේ ස්ථාවරය පැහැදිලි කර දීමට `මාර්ග’ ආයතනයේ විමසුම මගින් ස්වර්ණමය අවස්ථාවක් උදාවී තිබේ. ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය ප්‍රශ්නයට කෙළින්ම මුහුණ දීම ය.  යුද්ධයේ අවසාන භාගයේ කොටින්ගේ උපක්‍රම වලට සන්නද්ධ හමුදා දැක්වූ ප්‍රතිචාර ගැන විවේචන ඉදිරිපත් කරන ප්‍රමුඛයන්ට අරාධනා කොට චෝදනාව සාකච්ඡාවට භාජනය කිරීමට ජාත්‍යන්තර සම්මේලනයක් කැඳවීම ගත යුතු යෝග්‍යතම පියවර යි. ආරක්ෂාව සඳහා බලවත්ම ආයුධය, ප්‍රහාරයයි.  ආරාධිතයන්, සාකච්ඡාවේදී විවිධ බලවේග ඉදිරියේ තම චෝදනා තහවුරු කිරීමට  අසමත් වුව හොත් ඉන් පසු අපට අවුරුදු පතා ජිනීවාහි විත්ති කුඩුවේ අසරණව ලගින්නට සිදු නොචනවා ඇත.

12. සිවිල් පශ්චාත් මරණ පරීක්ෂණයක්  (ද අයිලන්ඩ්, 2013 සැප්තැම්බර් 30) 

අපි නැවත ඉනිමගේ පහළම හිනිපෙත්තට වැටී සිටිමු.   අප විසින් හය මාසයක් ඇතුලත `විස්වාසනීය’ විභාගයක් පවත්වන ලෙස `ස්‌වයංස්ථාපිත ගෝලීය පොලීසිය’ අපට බල කරමින් සිටී. නැතහොත් ඔවුන්ගේම පරීක්ෂණයක් පවත්වන බවට තර්ජනයක් ඇත. අධිකාරීන් නිසි අවස්ථාවේ ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වීමට තරම් ප්‍රඥාවන්ත වී නම් අපේම සුපුරුදු සිවිල් නිලධාරීන්ට නිවී සැනසිල්ලේ කළ හැකිව තිබුණු පරීක්ෂණයක් සඳහා ජාත්‍යන්තර විශේෂඥයන් යොදවන්නට අවශ්‍ය නො වනු  ඇත.

යමක් වලක්වා ගැනීම එය සිදුවූ පසු ප්‍රතිකාර කරනවාට වඩා වටී. ජනසන්ගනනේයේදී වාර්තා වුනු මරණ ගැන දැන්වත් ප්‍රසිද්ධ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවත්වීමෙන් බාහිර මැදිහත් වීමකින් වන අවමානය රජය විසින් වලක්වා ගත යුතු ය. `ස්‌වයංස්ථාපිත ගෝලීය පොලීසිය’ට මැදිහත් වීමට ඇති බලය අභියෝගයට ලක් කළ හැකිය. නමුත් එවැනි අභියෝග  කළවුන් තමන්ගේ  කථාව කීමට මෙතෙක් ජිවත් නො වූ බව සිහි තබා ගැනීම වටී.

13.  උතුරට ආණ්ඩුකාරවරයෙක් (ද අයිලන්ඩ්, ඔක්තෝබර 10, 2013)

වැටුණු ජනතාවක් නගා සිටු විය යුත්තේ ඔවුන්ගේම සහභාගීත්වයෙන් හා මුලිකත්වයෙනි. බාහිර බලපෑම්වලින් එය ඔවුන් මත පැටවීම වරදකි. අද උතුරත් නැගෙනහිරත් ප්‍රත්‍යක්ෂවම පාලනය වන්නේ යුද්ධහමුදාව නියෝජනය කරන්නන් විසිනි. පළාත් දෙකේම හමුදා පාලකයන් හා ආණ්ඩුකාරයන් දෙදෙනාම සොල්දාදුවන් පමණක් නොව සිංහලයෝ ය. මේ තනතුරු දරන්නෝ නිසැකයෙන්ම, භාරදූර කාර්යයක් කාර්යක්ෂමව කැපවීමෙන් කරති. එහෙත් ඔවුන්ගේ සේවය, ඔවුන්ගේ නිල හා වාර්ගික සම්බන්ධතාවන් නිසා, ඔවුන් විසින් පාලනය කරනු ලබන්නන් තුළ ජනිත වන පිට්ත්තර හැඟීමෙන් වැසී ඇත.

යළිත් හිස එසවිය නො හැකි තැනට ත්‍රස්තවාදය තුරන් කරන තුරු උතුරත්, නැගෙනහිරත්, උසස් හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පැවතීම ආරක්ෂක අවශ්‍යතාවක්  බවට සැකයක් නැත. එහෙත් උතුරේ ආණ්ඩුකාරයා පළාතේ වෙසෙන බහුතරයේ නියෝජිතයෙකු විය යුතු නො වේද?රජය දන්නා යම් හේතුවක් නිසා දමිළයෙකු පත් කළ නො හැකි වුවත්, ජාතිවාදී චෝදනාවක් වැළැක්වීම සඳහා දකුණේ පළාතකට දමිළ ආණ්ඩුකාරයෙකු පත් කොට, උතුරට වෙනත් වර්ගයක සිවිල් නිලධාරියෙකු පත් කළ නො හැක්කේ අයි

14.  හිතුවක්කාර ගුරාගේ ඉරණම (ද අයිලන්ඩ්, 2014 ජනවාරි 6)

වාසනාවට, උතුරෙන් ලැබුණ හොඳ හිතට ප්‍රතිචාරයක් දැක්වීමට ජනාධ්පතිවරයාට තවත් වාරයක් ලැබී තිබේ. තමන්ට ඇතිවූ කළකිරීම් නො සලකා, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හොඳ හිත දැක්වීම් වස් නව අවුරුද්දේ ජනාධිපතිවරයා  හමු වීමට පැමිණි දෙවන අවස්ථාව මෙය යි. විචක්ෂණ රජයක් මෙම හමුවීමේ උපරිම ඵල ලබාගැනීමට පසුබට නොවනු ඇත. එය විධිමත් පාර්ලිමේන්තු කමිටු වලින්  කළ හැකි දෙයක් නොවේ. පළමු වතාවේදී උණුසුම් ප්‍රතිචාරයක් නො ලැබීම නො සලකා, ප්‍රධාන ඇමතිවරයා දෙවැනි වරට මුහුණට මුහුණ ලා හමුවීම මත සාධනීයව කටයුතු කිරීම ප්‍රජ්නාගෝචර ය.

අපගේ විදේශ සම්බන්ධතා මෙහෙයවන්නේ පසුගිය ශත වර්ෂයේ යල්පැනපු ප්‍රබන්ධවල අතුළත් සිද්ධාන්ත මතය. රාජ්‍ය පරමාධිපත්‍යය හා රෝම ප්‍රඥප්තිය යටතේ ලැබෙන මුක්තිය ගැන  විශ්වාසය තබමින් ව්‍යාජ සුරක්ෂිත බවක් පදනම් කරගනිමින් අපගේ කටයුතු මෙහෙයවමින් සිටිමු. ඒ අතර බටහිර රටවල්, තුන්වැනි ලෝකයේ රටවල් මත තම අභිප්‍රායයන් ආරෝපණය කිරීමට නව උපක්‍රම සොයාගෙන ඇත. ඔවුන්ට මැදිහත් වීමට අවශ්‍යතාවක් ඇතැයි ඔවුන් විසින් ම තීරණය කළ විට උපයෝගී කර ගැනීමට `ආරක්ෂා කිරීමේ වගකීමක්’ සොයා ගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය පසුබිම ඔවුන් විසින් ම නිර්මාණය කරනු ලැබේ.

අපගේ නායකයන් මේ වර්ධනයන් ගැන සැලකිලිමත් විය යුතු අතර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මත නිදා නො සිටිය යුතුය. මෙම තත්වය අනුව අලුතෙන් පැන නගින අන්තරායන් ගැන ඔවුන් දැනුවත් වී ඒවාට මුහුණ දීමට සුදානම්ව සිටීම වැදගත් ය.. වර්ධනය වෙමින් පවත්නා අනතුරුදායක තත්වය ගැන අපේ ජනාධිපතිතුමා දැඩි අවධානය යොමු කොට උද්යෝගිමත්ව හා දුරදර්ෂිව ක්‍රියා කළ යුතුව ඇත.

`නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියන්න එපා’ යනු අපේ මුතුන්මිත්තන් අපට දායාද කළ මහඟු උපදේශයකි.

*CT උදෙසා පරිවර්තනය කළේ හේමකිර්ති දිසානායක

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියන්න එපා

    Aettha.

    1.Para-Sinhalayao Lanka Veddage Rata Kawa.

    2. Para Mahanama Pacha and Boru Ahagena Rata Kewa,

    3. Para-Sinhala and Para-Tamils Palayaw Dakunu Indiyawata, Nubalage DNA Thamai Sakki.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.